Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 3801-3900 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-2:426.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:426.15
ස. අනු: මාරකායික දෙවියෝ තමන්ගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද? මෙරමාගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද? ඔහුගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද?
ap-kvu-2:426.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:426.17
7. ස. පු: මාරකායික දෙවියෝ තමන්ගේ ශුක්‍රවිසෘෂ්ටි නො එළවාලත් ද? මෙරමාගේ ශුක්‍රවිසෘෂ්ටි නො එළවාලත් ද? ඔහුගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි නො එළවාලත් ද?
ap-kvu-2:426.18
ප. පටිඤ්ඤා: එසේ යැ. (නිර්‍මාණ කොට එළවතී යනු සිත තබා පිළින කෙරෙති.)
ap-kvu-2:426.19
අනු. ඨ: ඉදින් මාරකායික දෙවියෝ තමන්ගේ ශුක්‍ර නො එළවත් නම් මෙරමාගේ ශුක්‍ර නො එළවත් නම් ඔහුගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි නො එළවත් නම්,
ap-kvu-2:426.20
අනු. පා: භවත, ‘මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලති’ යනු නො කියැයුතු මැ යැ.
ap-kvu-2:428.1
8. ස. පූ: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද?
ap-kvu-2:428.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:428.3
ස. අනු: ලෝමකූපයෙන් එළවාලත් ද?
ap-kvu-2:428.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:428.5
9. ස. පු: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද?
ap-kvu-2:428.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:428.7
ස. පු: කවර කරුණින.
ap-kvu-2:428.8
ප. වි: ‘විමති ගන්වම්හ’ යි.
ap-kvu-2:428.9
ස. අනු: රහත්හට විමති ඇද්ද?
ap-kvu-2:428.10
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:428.11
10. ස. පු: රහත්හට විමති ඇද්ද?
ap-kvu-2:428.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:428.13
ස. අනු: රහත්හට ශාස්තෲන් කෙරෙහි විමති ඇද්ද? දහමෙහි විමති ඇද්ද? සඟුන් කෙරෙහි විමති ඇද්ද? ශික්‍ෂායෙහි විමති ඇද්ද? පූර්‍වාන්තයෙහි විමති ඇද්ද? අපරාන්තයෙහි විමති ඇද්ද? පූර්‍වාන්තාපරාන්තයෙහි විමති ඇද්ද? ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි විමති ඇද්ද?
ap-kvu-2:428.14
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:428.15
11. ස. පු: රහත්හට ශාස්තෲන් කෙරෙහි විමති නැද්ද? දහමෙහි විමති නැද්ද? සඟුන් කෙරෙහි විමති නැද්ද? ශික්‍ෂායෙහි විමති නැද්ද? පූර්‍වාන්තයෙහි විමති නැද්ද? අපරාන්තයෙහි විමති නැද්ද? පූර්‍වාන්තාපරාන්තයෙහි විමති නැද්ද? ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි විමති නැද්ද?
ap-kvu-2:428.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:428.17
අනු. ඨ: ඉදින් රහත්හට ශාස්තෲන් කෙරෙහි විමති නැත් නම් … ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි විමති නැත් නම්,
ap-kvu-2:428.18
අනු. පා: භවත, ‘රහත්හට විමති ඇත’ යනු නො කියැයුතු මැ යැ.
ap-kvu-2:428.19
12. ස. පු: පුහුදුනට විමති ඇද්ද? ඔහුට ශාස්තෲන් කෙරෙහි විමති ඇද්ද? ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි විමති ඇද්ද?
ap-kvu-2:428.20
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:430.1
ස. අනු: රහත්හට විමති ඇද්ද? ඔහුට ශාස්තෲන් කෙරෙහි විමති ඇද්ද? … ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි විමති ඇද්ද?
ap-kvu-2:430.2
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:430.3
13. ස. පු: රහත්හට විමති ඇද්ද? ඔහුට ශාස්තෲන් කෙරෙහි විමති නැද්ද? … ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි විමති නැද්ද?
ap-kvu-2:430.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:430.5
ස. අනු: පුහුදුනට විමති ඇද්ද? ඔහුට ශාස්තෲන් කෙරෙහි විමති නැද්ද? … ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි විමති නැද්ද?
ap-kvu-2:430.6
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:430.7
14. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ap-kvu-2:430.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:430.9
ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි කුමක්හුගේ විපාකයෙක් වේ ද?
ap-kvu-2:430.10
ප. වි: අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක යැ.
ap-kvu-2:430.11
ස. පු: රහත්හට වන අශුචි ශුක්‍රවිසෘෂ්ටි අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වේ ද?
ap-kvu-2:430.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:430.13
ස. අනු: යම් කෙනෙක් භෝජ්‍ය විසින් වළඳත් ද, පෙය විසින් බොත් ද, ඛාද්‍ය විසින් කත් ද, ලෙය විසින් ආස්වාද කෙරෙත් ද, එ හැමට මැ අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ap-kvu-2:430.14
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:430.15
15. ස. පු: යම් කෙනෙක් අසන පිවන ඛාදන සායන කෙරෙත් ද, එ හැමට මැ අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ap-kvu-2:430.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:430.17
ස. අනු: දරුවෝ අසන පිවන ඛාදන සායන කෙරෙති, ඒ දරුවනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ap-kvu-2:430.18
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:430.19
ස. අනු: පණ්ඩකයෝ අසන පිවන ඛාදන සායන කෙරෙති, ඒ පණ්ඩකයනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ap-kvu-2:430.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:430.21
ස. අනු: දෙවියෝ අසන පිවන ඛාදන සායන කෙරෙත්. ඒ දෙවියනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ap-kvu-2:430.22
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:432.1
16. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වේ ද?
ap-kvu-2:432.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:432.3
ස. අනු: ඒ ශුක්‍රයාගේ ආශයස්ථාන ඇද්ද?
ap-kvu-2:432.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:432.5
17. ස. පු: රහත්හට අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වූ අස්පස් වෙයි. ඒ මලමූත්‍ර දෙදෙනාගේ ආශයස්ථාන ඇද්ද?
ap-kvu-2:432.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:432.7
ස. අනු: රහත්හට අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වූ අශුචි ශුක්‍රවිසෘෂ්ටි වෙයි. ඒ ශුක්‍රයාගේ ආශයස්ථාන ඇද්ද?
ap-kvu-2:432.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:432.9
18. ස. පු: රහත්හට අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වූ අශුචි ශුක්‍රවිසෘෂ්ටි වෙයි. ශුක්‍රයාගේ ආශයස්ථාන නැද්ද?
ap-kvu-2:432.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:432.11
ස. අනු: රහත්හට අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වූ අස්පස් වෙයි. ඒ මලමූත්‍ර දෙදෙනාගේ ආශයස්ථාන නැද්ද?
ap-kvu-2:432.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:432.13
19. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ap-kvu-2:432.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:432.15
ස. අනු: රහත් මෙවුන්දම් සෙවුනේ වේ ද? මෙවුන්දම් උපදවනු වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස කෙරේ ද, කසීසඳුන් වළඳ කෙරේ ද, මල්ගඳවිලෙවුන් දරා ද, රන්රිදී ඉවසා ද?
ap-kvu-2:432.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:432.17
20. ස. පු: පුහුදුනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත, පුහුදුන් මෙවුන්දම් සෙවුනේ වේ ද, මෙවුන්දම් උපදවනු වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස කෙරේ ද, කසීසඳුන් වළඳ කෙරේ ද, මල්ගඳවිලෙවුන් දරා ද, රන්රිදී පිළිගනී ද?
ap-kvu-2:432.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:432.19
ස. අනු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත. රහත් මෙවුන් දම් සෙවුනේ වේ ද, මෙවුන්දම් උපදවනු වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස කෙරේ ද, කසීසඳුන් වළඳ කෙරේ ද, මල්ගඳවිලෙවුන් දරා ද, රන්රිදී පිළිගනීද?
ap-kvu-2:432.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:434.1
21. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත, රහත් මෙවුන්දම් නො සෙවුනේ වේ ද, මෙවුන්දම් නො උපදවනු වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස නො කරනු වේ ද, කසීසඳුන් වළඳ නො කරනු වේ ද, මල්ගඳවිලෙවුන් නො ධරනු වේ ද, රන්රිදී නො පිළිගනු වේ ද?
ap-kvu-2:434.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:434.3
ස. අනු: පුහුදුනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත, පුහුදුන් මෙවුන්දම් නො සෙවුනේ වේ ද, මෙවුන්දම් නො උපදවනු වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස නො කෙරේ ද, කසීසඳුන් වළඳ නො කරනු වේ ද, මල්ගඳවිලෙවුන් නො දරනු වේ ද, රන්රිදී නො පිළිගනු වේ ද?
ap-kvu-2:434.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:434.5
22. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ap-kvu-2:434.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:434.7
ස. අනු: රහත්හට රාගය ප්‍රහීණ නො වේ ද, උසුන්මුල් නො වේ ද, මුදුන්සුන් තලක් සෙයින් කළ අවස්තුකභාව ඇති නො වේ ද, කළ අභාව ඇති නො වේ ද, මතු නූපදනා සැහැවි ඇති නො වේ ද?
ap-kvu-2:434.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:434.9
අනු ඨ: ඉදින් රහත්හට රාගය ප්‍රහීණ වේ නම්, තාලවස්තු කෘත වේ නම්, අභාවකෘත වේ නම්, මතුයෙහි අනුත්පාදධර්‍ම වේ නම්,
ap-kvu-2:434.10
අනු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇති’ යනු නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:434.11
23. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ap-kvu-2:434.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:434.13
ස. අනු: රහත්හට ද්වේෂය ප්‍රහීණ නො වේ ද ... මෝහය ප්‍රහීණ නො වේ ද ... මානය ප්‍රහීණ නො වේ ද ... දෘෂ්ටි ප්‍රහීණ නො වේ ද ... විචිකිත්සා ප්‍රහීණ නො වේ ද ... සත්‍යාන ප්‍රහීණ නො වේ ද ... මිද්ධය ප්‍රහීණ නො වේ ද ... ඖද්ධත්‍ය ප්‍රහීණ නො වේ ද ... අහ්‍රීක ප්‍රහීණ නො වේ ද ... අනපත්‍රපා ප්‍රහීණ නො වේ ද උසුන්මුල් නො වේ ද, තාලාවස්තුකෘත නො වේ ද, අභාවකෘත නො වේ ද, මතුයෙහි අනුත්පාදධර්‍ම නො වේ ද?
ap-kvu-2:434.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:436.1
අනු. ඨ: ඉදින් රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වේ නම්, උසුන්මුල් වේ නම්, මුදුන්සුන් තලක් සෙයින් කළ අවස්තුකභාව ඇත් නම්, පුනපුනා කළ අභාව ඇත් නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇත් නම්,
ap-kvu-2:436.2
අනු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇති’යි නො කියැයුතු යැ.
ap-kvu-2:436.3
24. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය ඇද්ද?
ap-kvu-2:436.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:436.5
ස. අනු: රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත නො වේ ද?
ap-kvu-2:436.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:436.7
අනු. ඨ: ඉදින් රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වේ නම්,
ap-kvu-2:436.8
අනු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය ඇති’ යනු නො කියැයුතු මැ යැ.
ap-kvu-2:436.9
25. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය ඇද්ද?
ap-kvu-2:436.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:436.11
ස. අනු: රහත්හට රාගප්‍රහාණය පිණිස සීවටන්හු භාවිත නො? ... සම්‍යක්ප්‍රධානයෝ භාවිත නො? ... ඍද්ධිපාදයෝ භාවිත නො? ... ඉන්‍ද්‍රියයෝ භාවිත නො? ... බල භාවිත නො? ... බෝධ්‍යඞ්ගයෝ භාවිත නො?
ap-kvu-2:436.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:436.13
අනු. ඨ: ඉදින් රහත්හට රාගප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙත් නම්,
ap-kvu-2:436.14
අනු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත’ යනු නො කියැයුතු මැ යැ.
ap-kvu-2:436.15
26. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ap-kvu-2:436.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:436.17
ස. අනු: රහත්හට ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස ... අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ග භාවිත නො වේ ද?