Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 13701-13800 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ප. ඨ: ඉදින් ‘ප්‍රථමධ්‍යානය ශබ්දකණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද වී නම්,
ප. පා: භවත, එකරුණින් ‘සමවන්නේ ශබ්දශ්‍රවණ කෙරෙයි’ නො කියැයුතු මැ යැ.
6. ස. පු: “ප්‍රථමධ්‍යානය ශබ්දකණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදැ’ යි කරුණු කොට සමාපන්න පුද්ගල ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘ද්විතීයධ්‍යානය විතර්‍කවිචාරකණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද වෙයි. එයට (ද්විතීයධ්‍යානයට) විතර්‍කවිචාර ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: ‘ප්‍රථමධ්‍යානයට ශබ්ද කණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරනලදැ’ යි කරුණු කොට සමවන් පුඟුල් ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තෘතීයධ්‍යානය ප්‍රීතිකණ්ටක යැ … චතුර්‍ත්‍ථධ්‍යානය ආශ්වාසප්‍රාශ්වාස කණ්ටක යැ … ආකාසානඤ්චායතන සමවත් සමවන් පුඟුල්හට රූපසංඥා කණ්ටක යැ … විඤ්ඤාණඤ්චායතන සමවන් පුඟුල්හට ආකාසානඤ්චායතනසංඥා කණ්ටක යැ … ආකිඤ්චඤ්ඤායතන සමවන් පුඟුල්හට විඤ්ඤාණඤ්චායතනසංඥා කණ්ටක යැ … නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන් පුඟුල්හට ආකිඤ්චඤ්ඤායතනසංඥා කණ්ටක යැ … සඤ්ඤාවේදයිතනිරෝධ සමවත් සමවන් පුඟුල්හට සංඥා හා වේදනා හා කණ්ටක යැ’යි භාග්‍යවතුන් විසින් වදාරනලද වෙයි. ඔහට සංඥාත් වේදනාත් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
සමාපන්නෝ සද්දං සුණාතී’ති කථා නිමි.
චක්ඛුනා රූපං පස්සතීති කථා
[“චක්ඛුනා රූපං පස්සතී - ඇසින් රූ දකී” යන වචන නිසා ‘ප්‍රසාද චක්‍ෂුස ම රූප දක්නේ යැ’ යි මහාසඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘චක්ඛුනා රූපං පස්සතීති කථා’ එයි.]
1. ස. පු: ප්‍රසාද ඇසින් රූ දක්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රුවින් රූ දක්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රුවින් රූ දක්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ. (චක්‍ෂුස් රූපය ගැන කළ ප්‍රතිඥා යි.)
ස. අනු: රුවින් රූ ප්‍රතිවිජානන කරන්නේ (දන්නේ) වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රුවින් රූ දන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූ මනෝවිඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ඇසින් රූප දක්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුස්හුගේ ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: චක්‍ෂුස්හුගේ ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් නැත් නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් චක්‍ෂුස්හුගේ ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් නැත් නම්,
ස. පා: භවත, ‘ඇසින් රූප දක්නේ යැ’ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: කනින් හඬ අසන්නේ වේ ද? … නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කරන්නේ වේ ද? … දිවින් රස විඳින්නේ වේ ද? … කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කරන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපයෙන් රූපය ස්පර්‍ශ කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: රුවින් රූ පහස්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රුවින් රූ දන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: රුවින් රූ දන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය මනෝවිඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: කයින් පැහැසි පහස්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කයට ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කයට ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් නැත් නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් කයට ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් නැත් නම්,
ස. පා: භවත, ‘කයින් පැහැසි පහස්නේ වේ’ යයි නො කියැයුතු මැ යැ.
9. ප. පු: චක්‍ෂුසින් රූප දක්නේ යැ … කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කරන්නේ යැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නො: “මහණෙනි, මේ සස්නෙහි මහණ ඇසින් රූ දකී … කයින් පැහැසි පහසි” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් ‘ඇසින් රූ දකී … … කයින් පැහැසි පහසි’.
චක්ඛුනා රූපං පස්සතීති කථා නිමි.
අටළොස්වැනි වග නිමි.
එහි උද්දානය:
මනුස්සලෝක කථා යැ ධම්මදේසනා කථා යැ කරුණාකථා යැ ගන්‍ධජාත කථා යැ ඒකමග්ග කථා යැ ඣානසඞ්කන්ති කථා යැ ඣානන්තරිකකථා යැ සමාපන්නෝ සද්දං සුණාතී’ති කථා යැ චක්ඛුනා රූපං පස්සතී’ති කථා යි.
එකුන් විසි වැනි වර්‍ගය
කිලේසජහන කථා
[‘ප්‍රහීණ ක්ලේශ ඇතියාහට අතීතක්ලේශයෝත් අනාගතක්ලේශයෝත් ප්‍රත්‍යුත්පන්නක්ලේශයෝත් ප්‍රහීණ වූවාහු මැ වෙති. එහෙයින් අතීතයෙහි දු අනාගතයෙහි දු ප්‍රත්‍යුත්පන්නයෙහිදු ක්ලේශත්‍යාග කෙරෙති’ යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධිගත්තවුන්ගේ වාද බිඳුනට ‘කිලේසජහන කථා’ එයි.]
1. ස. පු: අතීත කෙලෙසුන් දුරු කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිරුද්ධ කෙලෙස් නිරුද්ධ කෙරේ ද, විගත කෙලෙස් විගමන කෙරේ ද, ක්‍ෂීණ කෙලෙස් ක්‍ෂය කෙරේ ද, අස්තඞ්ගත කෙලෙස් අස්තඞ්ගමන කෙරේ ද, අභ්‍යස්තඞ්ගත කෙලෙස් අභ්‍යස්තඞ්ගමන කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අතීත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අතීතය නිරුද්ධ වූයේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අතීතය නිරුද්ධ වී නම්,
ස. පා: භවත, ‘අතීත කෙලෙසුන් හැරපියතී’ නො කියැයුතු මැ යැ.
3. ස. පු: අතීත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අතීතය නැත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අතීතය නැත් නම්,
ස. පා: භවත, “අතීත කෙලෙසුන් හැරපියතී” නො කියැයුතු මැ යැ.
4. ස. පු: අනාගත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නූපන්නේ නූපදනේ වේ ද, නො හටගත්තේ නො හටගන්නේ වේ ද? නො නිපන්නේ නිපන් නොවන්නේ වේ ද? නො පහළ වූයේ නො පහළ වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: අනාගත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනාගතය අජාත නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනාගතය අජාත වී නම්,
ස. පා: භවත, “අනාගත කෙලෙසුන් හැරපියතී” නො කියැයුතු මැ යැ.
6. ස. පු: අනාගත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනාගතය නැත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනාගතය නැත් නම්,
ස. පා: භවත, “අනාගත කෙලෙසුන් හැරපියතී” නො කියැයුතු මැ යැ.
7. ස. පු: ප්‍රත්‍යුත්පන්න කෙලෙසුන් හැරපියන්නේ වේ ද?