Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 3701-3800 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-1-2:416.22
ප. වි: අනාගතය අනාගත කොටගෙන මෙසෙයින් ඇත. අනාගතය අතීත කොටගෙන මෙසෙයින් නැත. අනාගතය ප්‍රත්‍යුත්‍පන්‍න කොටගෙන මෙසේ නැත.
ap-kvu-1-2:416.23
ස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
ap-kvu-1-2:416.24
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:418.1
10. ස. පු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
ap-kvu-1-2:418.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:418.3
ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද, නාස්‍ත්‍යත්‍ථිය අස්‍ත්‍යත්‍ථි වේ ද ... සම වේ ද, සමභාග වේ ද, එයින් මැ උපනු වේ ද?
ap-kvu-1-2:418.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:418.5
11. ස. පු: ප්‍රත්‍යුත්‍පන්‍නය මෙසේ ඇද්ද? මෙසේ නැද්ද?
ap-kvu-1-2:418.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:418.7
ස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?
ap-kvu-1-2:418.8
ප. වි: ප්‍රත්‍යුත්‍පන්‍නය ප්‍රත්‍යුත්‍පන්‍න කොටගෙන මෙසෙයින් ඇත. ප්‍රත්‍යුත්‍පන්‍නය අතීත කොටගෙන මෙසෙයින් නැත. ප්‍රත්‍යුත්‍පන්‍නය අනාගත කොටගෙන මෙසෙයින් නැත.
ap-kvu-1-2:418.9
ස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
ap-kvu-1-2:418.10
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:418.11
12. ස. පු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
ap-kvu-1-2:418.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:418.13
ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? ... සම වේ ද, සමභාග වේ ද, එයින් උපනු වේ ද?
ap-kvu-1-2:418.14
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:418.15
13. ප. පු: ‘අතීතය මෙසෙයින් ඇත, මෙසෙයින් නැතැයි ද, අනාගතය මෙසෙයින් ඇත, මෙසෙයින් නැතැයි ද, ප්‍රත්‍යුත්‍පන්‍නය මෙසෙයින් ඇත, මෙසෙයින් නැතැයි’දැ යි නො කියැයුතු වේ ද?
ap-kvu-1-2:418.16
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:418.17
ප. අනු: අතීතය අනාගත කොටගෙන මෙසේ ඇද්ද? අතීතය ප්‍රත්‍යුත්‍පන්‍න කොටගෙන මෙසේ ඇද්ද? අනාගතය අතීත කොටගෙන මෙසේ ඇද්ද? අනාගතය ප්‍රත්‍යුත්‍පන්‍න කොටගෙන මෙසේ ඇද්ද? ප්‍රත්‍යුත්‍පන්‍නය අතීත කොටගෙන මෙසේ ඇද්ද? ප්‍රත්‍යුත්‍පන්‍නය අනාගත කොටගෙන මෙසේ ඇද්ද?
ap-kvu-1-2:418.18
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ...
ap-kvu-1-2:418.19
අනු. පා: එයින් අතීතය මෙසේ ඇත, මෙසේ නැත. අනාගතය මෙසේ ඇත, මෙසේ නැත. ප්‍රත්‍යුත්‍පන්‍නය මෙසේ ඇත, මෙසේ නැත.
ap-kvu-1-2:420.1
14. ස. පු: රූප ඇද්ද?
ap-kvu-1-2:420.2
ප. වි: මෙසේ ඇත, මෙසේ නැත.
ap-kvu-1-2:420.3
ස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
ap-kvu-1-2:420.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:420.5
15. ස. පු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
ap-kvu-1-2:420.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:420.7
ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? නාස්‍ත්‍යත්‍ථිය අස්‍ත්‍යත්‍ථි වේ ද? අස්‍තිභාවය නාස්‍තිභාව වේ ද? නාස්‍තිභාවය අස්‍තිභාව වේ ද? අස්‍තිධර්‍ම හෝ නාස්‍තිධර්‍ම හෝ වේ ද? නාස්‍තිධර්‍ම හෝ අස්‍තිධර්‍ම හෝ වේ ද? තෙලෙ මැ හෙ වේ ද? (එයින් මැ) ඒකාත්‍ථි වේ ද? සම වේ ද? සමභාග වේ ද? එයින් මැ උපනු වේ ද?
ap-kvu-1-2:420.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:420.9
16. ස. පු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන ඇද්ද?
ap-kvu-1-2:420.10
ප. වි: මෙසේ ඇත, මෙසේ නැත.
ap-kvu-1-2:420.11
ස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
ap-kvu-1-2:420.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:420.13
17. ස. පු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
ap-kvu-1-2:420.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:420.15
ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? ... සම වේ ද? සමභාග වේ ද, එයින් උපනු වේ ද?
ap-kvu-1-2:420.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:420.17
18. ස. පු: රූපය (යට කී සෙයින්) මෙසේ ඇද්ද, මෙසේ නැද්ද?
ap-kvu-1-2:420.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:420.19
ස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?
ap-kvu-1-2:420.20
ප. වි: ‘රූපය රූප යැ’යි මෙසේ ඇත, ‘රූපය වේදනා යැ’යි මෙසේ නැත ... ‘රූපය සංඥා යැ’යි මෙසේ නැත ... ‘රූපය සංස්කාර යැ’යි මෙසේ නැත ... ‘රූපය විඥාන යැ’යි මෙසේ නැත.
ap-kvu-1-2:420.21
ස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
ap-kvu-1-2:420.22
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:420.23
19. ස. පු: එ මැ ඇද්ද, එ මැ නැද්ද?
ap-kvu-1-2:420.24
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:422.1
ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? ... සම වේ ද? සමභාග වේ ද, එයින් උපනු වේ ද?
ap-kvu-1-2:422.2
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:422.3
20. ස. පු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන මෙසේ ඇද්ද, මෙසේ නැද්ද?
ap-kvu-1-2:422.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:422.5
ස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?
ap-kvu-1-2:422.6
ප. වි: ‘විඥානය විඥාන යැ’යි මෙසේ ඇත. ‘විඥානය රූප යැ’යි මෙසේ නැත ... ‘විඥානය වේදනා යැ’යි මෙසේ නැත ... ‘විඥානය සංඥා යැ’යි මෙසේ නැත ... ‘විඥානය සංස්කාර යැ’යි මෙසේ නැත.
ap-kvu-1-2:422.7
ස. අනු: එ මැ ඇද්ද, එ මැ නැද්ද?
ap-kvu-1-2:422.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:422.9
21. ස. පු: එ මැ ඇද්ද, එ මැ නැද්ද?
ap-kvu-1-2:422.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:422.11
ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? ... සම වේ ද? සමභාග වේ ද, එයින් උපනු වේ ද?
ap-kvu-1-2:422.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:422.13
22. ප. පු: ‘රූපය මෙසේ ඇත, මෙසේ නැති’යි, වේදනා ... සංඥා ... සංස්කාර ... ‘විඥාන මෙසේ ඇත, මෙසේ නැති’යි නො කියැයුතු වේ ද?
ap-kvu-1-2:422.14
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:422.15
ප. අනු: ‘රූපය වේදනා යැ’යි මෙසේ ඇත ... ‘රූපය සංඥා යැ’යි මෙසේ ඇත ... ‘රූපය සංස්කාර යැ’යි මෙසේ ඇත ... ‘රූපය විඥාන යැ’යි මෙසේ ඇත ... වේදනා ... සංඥා ... සංස්කාර ... ‘විඥානය රූප යැ’යි මෙසේ ඇත ... ‘විඥානය වේදනා යැ’යි මෙසේ ඇත ... ‘විඥානය සංඥා යැ’යි මෙසේ ඇත ... ‘විඥානය සංස්කාර යැ’යි මෙසේ ඇති’යි කියැයුතු ද?
ap-kvu-1-2:422.16
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු මැ යැ.
ap-kvu-1-2:422.17
අනු. පා: එකරුණින් ‘රූපය මෙසේ ඇත, මෙසේ නැත. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන මෙසේ ඇත, මෙසේ නැත.
ap-kvu-1-2:422.18
හේවත්‍ථිකථා නිමි.
ap-kvu-1-2:422.19
මහාවර්‍ග යි.
ap-kvu-1-2:422.20
එහි උද්දානය:
ap-kvu-1-2:422.21
‘පුග්ගලො උපලබ්භති’ යනාදීන් ඇරැපෑ පුද්ගලකථා යැ, පරිහානිකථා යැ, බ්‍රහ්මචර්‍ය්‍යවාසකථා යැ, ඕධිසෝකථා යැ, ‘ජහති පුථුජ්ජනෝ කාමරාගව්‍යාපාදං’යි දැක්වූ ජහතිකථා යැ, සබ්බමත්‍ථිකථා යැ, ‘අතීතං ඛන්‍ධා ධාතු ආයතනං’ ආදීන් සඳහන් කළ අතීතඛන්‍ධාදිකථා යැ, ‘අතීතං අත්‍ථි’ති යනාදීන් අතීතානාගතයන් ගැන විභාග කළ ඒකච්චං අත්‍ථිකථා යැ, සතිපට්ඨානකථා යැ, හේවත්‍ථි හෙව නත්‍ථි කථා යි.
ap-kvu-2:424.1
දෙවැනි වර්‍ගය
ap-kvu-2:424.2
2. 1.
ap-kvu-2:424.3
පරූපහාරකථා
ap-kvu-2:424.4
[අර්‍හත්ඵලයට අප්‍රාප්ත වැ අර්‍හත්ස්වරූපය පානවුන් වෙත ශුක්‍ර මොචන දැක මාරකායික දෙවියන් රහත්නට සම්භවය එළවාලතීයි සිතන පූර්‍වශෛලාදි නිකායවාසීන්ගේ වාද බිඳුනට පරූපහාරකථා එයි.]
ap-kvu-2:424.5
1. ස. පු: රහත්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ap-kvu-2:424.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:424.7
ස. අනු: රහත්හට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්‍දනීවරණය ඇද්ද?
ap-kvu-2:424.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:424.9
2. ස. පු: රහත්හට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්‍දනීවරණය නැද්ද?
ap-kvu-2:424.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:424.11
අනු. ඨ. ඉදින් රහත්හට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්‍දනීවරණය නැත් නම්,
ap-kvu-2:424.12
අනු. පා: භවත, ‘රහත්හට ශුක්‍රවිසෘෂ්ටි ඇති’යි නො කියැයුතු මැ යැ.
ap-kvu-2:424.13
3. ස. පු: පුහුදුන් පුඟුල්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද? ඔහට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්‍දනීවරණය ඇද්ද?
ap-kvu-2:424.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:424.15
ස. අනු: රහත්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද? ඔබට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය ... කාමච්ඡන්‍දනීවරණය ඇද්ද?
ap-kvu-2:424.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:424.17
4. ස. පු: රහත්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද? ඔබට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය ... කාමච්ඡන්‍දනීවරණය නැද්ද?
ap-kvu-2:424.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:424.19
ස. අනු: පුහුදුන්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද? ඔහුට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය ... කාමච්ඡන්‍දනීවරණය නැද්ද?
ap-kvu-2:424.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:426.1
5. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ap-kvu-2:426.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:426.3
ස. පු: කිනම් අර්‍ත්‍ථයෙකින?
ap-kvu-2:426.4
ප. වි: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය එළවා ළති.
ap-kvu-2:426.5
ස. පු: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය එළවාලත් ද?
ap-kvu-2:426.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:426.7
ස. අනු: මාරකායික දෙවියනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ap-kvu-2:426.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:426.9
ස. පු: මාරකායික දෙවියනට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය නැද්ද?
ap-kvu-2:426.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:426.11
අනු. ඨ: ඉදින් මාරකායික දෙවියනට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය නැත් නම්,
ap-kvu-2:426.12
අනු. පා: භවත, ‘මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලති’ යනු නො කියැයුතු මැ යැ.
ap-kvu-2:426.13
6. ස. පු: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද?