Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2801-2900 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-1-2:326.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:326.17
53. ස. පු: අතීතවිඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද, අතීතවිඥානය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:326.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:326.19
ස. අනු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො පියා ද, නිර්‍වාණය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:326.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:326.21
කාල සංසන්‍දනය යි.
ap-kvu-1-2:328.1
54. ස. පු: අතීතය ‘නාස්ති’ වේ ද?
ap-kvu-1-2:328.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:328.3
අනු. ආ: ඉදින් ‘අතීතය නාස්ති’ වේ නම් ‘අතීතය අස්ති වෙයි’ යනු මිථ්‍යා යැ. නොහොත් ඉදින් ‘අස්ති’ අතීත නො වේ නම් ‘අස්ති’ ‘අතීත වෙයි’ යනු මිථ්‍යා යි.
ap-kvu-1-2:328.4
55. ස. පු: අනාගතය ‘නාස්ති’ වේ ද?
ap-kvu-1-2:328.5
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:328.6
අනු. ආ: ඉදින් අනාගතය ‘නාස්ති’ වේ නම් ‘අනාගතය අස්ති’ වෙයි යනු මිථ්‍යා යැ. නොහොත් ඉදින් ‘අස්ති’ අනාගත නො වේ නම් ‘අස්ති අනාගත වෙයි’ යනු මිථ්‍යා යි.
ap-kvu-1-2:328.7
56. ස. පු: අනාගත වැ ප්‍රත්‍යුත්පන්න වේ ද?
ap-kvu-1-2:328.8
ප. පටිඤ්ඤා: (උත්පත්තියට පෙර අනාගත වී උත්පන්නකාලයෙහි ප්‍රත්‍යුත්පන්න වේ යැයි ගෙන කරන පිළින) එසේ යැ.
ap-kvu-1-2:328.9
ස. අනු: එ මැ අනාගත එ මැ ප්‍රත්‍යුත්පන්න වේ ද?
ap-kvu-1-2:328.10
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:328.11
ස. පු: එ මැ අනාගත එ මැ ප්‍රත්‍යුත්පන්න වේ ද?
ap-kvu-1-2:328.12
ප. පටිඤ්ඤා: (උපතට පෙර අනාගතයත් උපන් කල්හි ප්‍රත්‍යුත්පන්නයත් ගෙන කරන පිළින) එසේ යැ.
ap-kvu-1-2:328.13
ස. පු: (අනාගත) වී (ප්‍රත්‍යුත්පන්න) වෙයි, (එ ප්‍රත්‍යුත්පන්න ය ද අනාගත) වී (ප්‍රත්‍යුත්පන්න) වේ ද?
ap-kvu-1-2:328.14
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ … (වූවහු වටාලා නො වන බැවින් ප්‍රතික්‍ෂිප්ත යි.)
ap-kvu-1-2:328.15
ස. පු: අනාගත වැ තිබී ප්‍රත්‍යුත්පන්න වේ ද?
ap-kvu-1-2:328.16
ප. පටිඤ්ඤා: එසේ යැ. (‘අනාගත වැ සිටියහු ප්‍රත්‍යුත්පන්නයෙහි වේ’ යන ලබ්ධි විසින් පිළින යි)
ap-kvu-1-2:328.17
ස. පු: (ශශවිශාණ සෙයින්) අවිද්‍යමාන වැ තිබී අවිද්‍යමාන වේ ද? (එ ද යළි) අවිද්‍යමාන වැ තිබී අවිද්‍යාමාන නො වේ ද?
ap-kvu-1-2:328.18
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:328.19
ස. පු: ප්‍රත්‍යුත්පන්න වැ අතීත වේ ද?
ap-kvu-1-2:328.20
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:328.21
ස. අනු: එ මැ ප්‍රත්‍යුත්පන්න එ මැ අතීත වේ ද?
ap-kvu-1-2:328.22
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:330.1
ස. අනු: එ මැ ප්‍රත්‍යුත්පන්න එ මැ අතීත වේ ද?
ap-kvu-1-2:330.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:330.3
ස. පු: ප්‍රත්‍යුත්පන්න වැ අතීත වේ ද, (එ ද යළි) ප්‍රත්‍යුත්පන්න වැ අතීත වේ ද?
ap-kvu-1-2:330.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:330.5
ස. පු: ප්‍රත්‍යුත්පන්න වැ අතීත වෙයි. එ ද ප්‍රත්‍යුත්පන්න ව අතීත වේ ද?
ap-kvu-1-2:330.6
ප. පටි: එසේ යැ. (‘ප්‍රත්‍යුත්පන්න වැ සිටියහු අතීත වෙයි’ යන ලබ්ධි විසින් කළ පිළින යි).
ap-kvu-1-2:330.7
ස. පු: (ශශවිෂාණ සෙයින් ප්‍රත්‍යුත්පන්නයෙහි) අවිද්‍යමාන වැ තිබී (අතීතයෙහි) අවිද්‍යමාන වේ ද? (එ ද යළි) අවිද්‍යමාන වැ තිබී අවිද්‍යමාන වේ ද?
ap-kvu-1-2:330.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:330.9
ස. පු: අනාගත වැ ප්‍රත්‍යුත්පන්න වේ ද, ප්‍රත්‍යුත්පන්න වැ අතීත වේ ද?
ap-kvu-1-2:330.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:330.11
ස. අනු: එ මැ අනාගත එ මැ ප්‍රත්‍යුත්පන්න එ මැ අතීත වේ ද?
ap-kvu-1-2:330.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:330.13
ස. පු: එ මැ අනාගත එ මැ ප්‍රත්‍යුත්පන්න එ මැ අතීත වේ ද?
ap-kvu-1-2:330.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:330.15
ස. පු: අනාගත ප්‍රත්‍යුත්පන්න වැ සිට අතීත වේ ද, එ ද අනාගත ප්‍රත්‍යුත්පන්න වැ සිට අතීත වේ ද?
ap-kvu-1-2:330.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:330.17
ස. පු: අනාගත ප්‍රත්‍යුත්පන්න වැ සිට අතීත වේ ද? එ ද යළි අනාගත ප්‍රත්‍යුත්පන්න වැ සිට අතීත වේ ද?
ap-kvu-1-2:330.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:330.19
ස. පු: අවිද්‍යමාන වැ සිට අවිද්‍යමාන වේ ද? (එ ද යළි) අවිද්‍යමාන වේ ද?
ap-kvu-1-2:330.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:330.21
වචනසෝධනා නිමි.
ap-kvu-1-2:332.1
57. ස. පු: අතීත වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද? මනසිකාරය ඇද්ද?
ap-kvu-1-2:332.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:332.3
ස. අනු: අතීතචක්‍ෂුසින් අතීතරූපය දකී ද?
ap-kvu-1-2:332.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:332.5
58. ස. පු: අතීත වූ ශ්‍රෝත්‍රය ඇද්ද, ශබ්දයෝ ඇද්ද, ශ්‍රෝත්‍රවිඥානය ඇද්ද, ආකාශය ඇද්ද, මනසිකාරය ඇද්ද?
ap-kvu-1-2:332.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:332.7
ස. අනු: අතීතශ්‍රොත්‍රයෙන් අතීතශබ්දය අසා ද?
ap-kvu-1-2:332.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:332.9
59. ස. පු: අතීත වූ ඝ්‍රාණය ඇද්ද, ගන්‍ධයෝ ඇද්ද, ඝ්‍රාණවිඥානය ඇද්ද, වායුව ඇද්ද, මනසිකාරය ඇද්ද?
ap-kvu-1-2:332.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:332.11
ස. අනු: අතීතඝ්‍රාණයෙන් අතීත ගන්‍ධය ආඝ්‍රාණ කෙරේ ද?
ap-kvu-1-2:332.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:332.13
60. ස. පු: අතීත වූ ජිහ්වාව ඇත්ද, රසයෝ ඇත්ද, ජිහ්වාවිඥානය ඇද්ද, අප් ඇද්ද, මනසිකාරය ඇද්ද?
ap-kvu-1-2:332.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:332.15
ස. අනු: අතීතජිහ්වායෙන් අතීතරසය විඳුනේ ද?
ap-kvu-1-2:332.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:332.17
61. ස. පු: අතීත වූ කාය ඇද්ද, ස්පර්‍ශයෝ ඇද්ද, කාය විඥානය ඇද්ද, පෘථිවි ඇද්ද, මනසිකාර ඇද්ද?
ap-kvu-1-2:332.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:332.19
ස. අනු: අතීත කයින් අතීත ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කෙරේ ද?
ap-kvu-1-2:332.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:332.21
62. ස. පු: අතීත වූ මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද?
ap-kvu-1-2:332.22
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:332.23
ස. අනු: අතීත මනසින් අතීත ධර්‍මය දැනගනී ද?
ap-kvu-1-2:332.24
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:334.1
63. ස. පු: අනාගත වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද? මනසිකාර ඇද්ද?
ap-kvu-1-2:334.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:334.3
ස. අනු: අනාගත චක්‍ෂුසින් අනාගත රූපය දක්නේ වේ ද?
ap-kvu-1-2:334.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:334.5
64. ස. පු: අනාගත වූ ශ්‍රෝත්‍රය ඇද්ද … ඝ්‍රාණය ඇද්ද … ජිහ්වාව ඇද්ද … කාය ඇද්ද … මනස ඇද්ද, ධර්‍මාලම්බනයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද?
ap-kvu-1-2:334.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:334.7
ස. අනු: අනාගතමනසින් අනාගත ධර්‍මාලම්බනය දැනගනී ද?
ap-kvu-1-2:334.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:334.9
65. ස. පු: ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද, මනසිකාරය ඇද්ද, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුසින් ප්‍රත්‍යුත්පන්න රූපය දකී ද?
ap-kvu-1-2:334.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:334.11
ස. අනු: අතීත වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද, මනසිකාර ඇද්ද, අතීතචක්‍ෂුසින් අතීතරූපය දකී ද?
ap-kvu-1-2:334.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:334.13
66. ස. පු: ප්‍රත්‍යුත්පන්න ශ්‍රෝත්‍රය ඇද්ද … ඝ්‍රාණය ඇද්ද … ජිහ්වා ඇද්ද … කාය ඇද්ද … මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද, ප්‍රත්‍යුත්පන්න මනසින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මය දැනගනී ද?
ap-kvu-1-2:334.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:334.15
ස. අනු: අතීත මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද, අතීත මනසින් අතීත ධර්‍මය දැනගනී ද?
ap-kvu-1-2:334.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:334.17
67. ස. පු: ප්‍රත්‍යුත්පන්න වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද, මනසිකාර ඇද්ද, ප්‍රත්‍යුත්පන්නචක්‍ෂුසින් ප්‍රත්‍යුත්පන්නරූපය දකී ද?
ap-kvu-1-2:334.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:336.1
ස. අනු: අනාගත වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, මනසිකාර ඇද්ද, අනාගත චක්‍ෂුසින් අනාගත රූපය දකී ද?
ap-kvu-1-2:336.2
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:336.3
68. ස. පු: ප්‍රත්‍යුත්පන්න වූ ශ්‍රෝත්‍රය ඇද්ද … ඝ්‍රාණය ඇද්ද … ජිහ්වා ඇද්ද … කාය ඇද්ද … මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද, ප්‍රත්‍යුත්පන්න මනසින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මය දැනගනී ද?
ap-kvu-1-2:336.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:336.5
ස. අනු: අනාගත වූ මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද, අනාගත මනසින් අනාගත ධර්‍මය දැනගනී ද?
ap-kvu-1-2:336.6
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:336.7
69. ස. පු: අතීත වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද, මනසිකාර ඇද්ද, අතීත චක්‍ෂුසින් රූපය නො දක්නේත් වේ ද?
ap-kvu-1-2:336.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:336.9
ස. අනු: ප්‍රත්‍යුත්පන්න වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද, මනසිකාර ඇද්ද, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුසින් ප්‍රත්‍යුත්පන්න රූපය නො දක්නේත් වේ ද?