Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2601-2700 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-1-2:308.2
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:308.3
11. ස. පු: ප්‍රත්‍යුත්පන්නයෙක් ඇත් ද? ප්‍රත්‍යුත්පන්නය ජාත භූත සඤ්ජාත නිර්‍වෘත්ත අභිනිර්‍වෘත්ත ප්‍රාදුර්භූත වේ ද?
ap-kvu-1-2:308.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:308.5
ස. අනු: අනාගතයෙක් ඇද්ද? අනාගතය ජාත භූත සඤ්ජාත නිර්‍වෘත්ත අභිනිර්‍වෘත්ත ප්‍රාදුර්භූත වේ ද?
ap-kvu-1-2:308.6
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:308.7
12. ස. පු: අතීතය ඇත් ද? අතීතය නිරුද්ධ වේ ද? විගත වේ ද? පෙරළී යේ ද? අස්තඞ්ගත වේ ද? නිශ්ශේෂයෙන් අස්තඞ්ගත වේ ද?
ap-kvu-1-2:308.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:308.9
ස. අනු: ප්‍රත්‍යුත්පන්නය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නය නිරුද්ධ වේ ද? විගත වේ ද? පෙරැළි යේ ද? අස්තඞ්ගත වේ ද? නිශ්ශේෂයෙන් අස්තඞ්ගත වේ ද?
ap-kvu-1-2:308.10
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:308.11
13. ස. පු: අනාගතය ඇත් ද? අනාගතය නො දිනි ද? නොවී ද? නො හටගැනි ද? නො නිපනි ද? සාකල්‍යයෙන් නො නිපනි ද? නො පහළ වී ද?
ap-kvu-1-2:308.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:308.13
ස. අනු: ප්‍රත්‍යුත්පන්නය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නය නො දිනි ද? නො වී ද? නො හටගැනි ද? නො නිපනි ද? සාකල්‍යයෙන් නො නිපනි ද? නො පාළ වී ද?
ap-kvu-1-2:308.14
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:308.15
14. ස. පු: අතීත වූ රූප ඇත් ද?
ap-kvu-1-2:308.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:308.17
ස. අනු: අතීත රූප නිරුද්ධ වූයේ නො වේ ද? විගත වූයේ විපරිණත වූයේ අස්තඞ්ගත වූයේ සාකල්‍යයෙන් අස්තඞ්ගත වූයේ නො වේ ද?
ap-kvu-1-2:308.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:308.19
අනු. ඨ: ඉදින් අතීතරූපය නිරුද්ධ වේ නම් … සාකල්‍යයෙන් අස්තඞ්ගත වේ නම්,
ap-kvu-1-2:308.20
අනු. පා: භවත, ‘අතීතරූප ඇති’ යි නො කියැයුතු මැ යැ.
ap-kvu-1-2:310.1
15. ස. පු: අනාගතරූප ඇත් ද?
ap-kvu-1-2:310.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:310.3
ස. අනු: අනාගතරූපය, අජාත වූයේ අභූත වූයේ අසඤ්ජාත වූයේ නිර්‍වෘත නො වූයේ සාකල්‍යයෙන් නිර්‍වෘත නො වූයේ ප්‍රාදුර්භූත නො වූයේ නො වේ ද?
ap-kvu-1-2:310.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:310.5
අනු. ඨ: ඉදින් අනාගතරූපය, අජාත වූයේ … ප්‍රාදුර්භූත නො වූයේ වේ නම්,
ap-kvu-1-2:310.6
අනු. පා: භවත, ‘අනාගතරූප ඇති’ යි නො කියැයුතු මැ යැ.
ap-kvu-1-2:310.7
16. ස. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නරූපය නිරුද්ධ නො වී ද? විගත නො වී ද? නො පෙරැළිණි ද? අස්තඞ්ගත නො වී ද? සාකල්‍යයෙන් අස්තඞ්ගත නො වී ද?
ap-kvu-1-2:310.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:310.9
ස. අනු: අතීතරූපය ඇත් ද? අතීතරූපය නිරුද්ධ නො වී ද? විගත නො වී ද? විපරිණත නො වී ද? අස්තඞ්ගත නො වී ද? සාකල්‍යයෙන් අස්තඞ්ගත නො වී ද?
ap-kvu-1-2:310.10
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:310.11
17. ස. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නරූපය දිනි ද? වී ද? හටගැනි ද? නිපනි ද? සාකල්‍යයෙන් නිපනි ද? පාළ වී ද?
ap-kvu-1-2:310.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:310.13
ස. අනු: අනාගතරූපය ඇත් ද? අනාගතරූපය දිනි ද? වී ද? හටගැනි ද? නිපනි ද? සාකල්‍යයෙන් නිපනි ද? පහළ වී ද?
ap-kvu-1-2:310.14
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:310.15
18. ස. පු: අතීතරූපය ඇත් ද? අතීතරූපය නිරුද්ධ වී ද? විගත වී ද? පෙරැළිණි ද? අස්තඞ්ගත වී ද? සාකල්‍යයෙන් අස්තඞ්ගත වී ද?
ap-kvu-1-2:310.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:310.17
ස. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නරූපය නිරුද්ධ වී ද? විගත වී ද? විපරිණත වී ද? අස්තයට ගියේ ද? සාකල්‍යයෙන් අස්තයට ගියේ ද?
ap-kvu-1-2:310.18
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:312.1
19. ස. පු: අනාගතරූපය ඇත් ද? අනාගතරූපය නො දිනි ද? නො වී ද? නො හටගැනි ද? නො නිපනි ද? සාකල්‍යයෙන් නො නිපනි ද? නො පහළ වී ද?
ap-kvu-1-2:312.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:312.3
ස. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නරූපය නො දිනි ද? නො වී ද? නො හැටී ද? නො නිපනි ද? සාකල්‍යයෙන් නො නිපනි ද? නො පහළ වී ද?
ap-kvu-1-2:312.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:312.5
20. ස. පු: අතීතවේදනා ඇත් ද? … සංඥා ඇත් ද? … සංස්කාරයෝ ඇත් ද? … විඥානය ඇත් ද?
ap-kvu-1-2:312.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:312.7
ස. අනු: අතීතවිඥානය නිරුද්ධ වී නො? විගත වී නො? විපරිණත වී නො? අස්තඞ්ගත වී නො? නිශ්ශේෂයෙන් අස්තඞ්ගත වී නො වේ ද?
ap-kvu-1-2:312.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:312.9
අනු. ඨ: ඉදින් අතීත විඥානය නිරුද්ධ වී නම් … නිශ්ශේෂයෙන් අස්තඞ්ගත වී නම්,
ap-kvu-1-2:312.10
අනු. පා: භවත, ‘අතීතවිඥානය ඇතියි නො කියැයුතු යැ.
ap-kvu-1-2:312.11
21. ස. පු: අනාගත විඥානය ඇත් ද?
ap-kvu-1-2:312.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:312.13
ස. අනු: අනාගතවිඥානය නො දිනි නො? නො වී නො? නො හටගැනි නො? නො නිපනි නො? නිශ්ශේෂයෙන් නො නිපනි නො? නො පහළ වී නො වේ ද?
ap-kvu-1-2:312.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:312.15
අනු. ඨ: ඉදින් අනාගතවිඥානය නො දිනි නම් … නො පහළ වී නම්,
ap-kvu-1-2:312.16
අනු. පා: භවත, අනාගතවිඥානය ඇතියි නො කියැයුතු යැ.
ap-kvu-1-2:312.17
22. ස. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නවිඥානය නිරුද්ධ නො වී ද? ... සාකල්‍යයෙන් අස්තඞ්ගත නො වී ද?
ap-kvu-1-2:312.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:312.19
ස. අනු: අතීතවිඥානය ඇත් ද? අතීතවිඥානය නිරුද්ධ නො වී ද? … නිශ්ශේෂයෙන් අස්තඞ්ගත නො වී ද?
ap-kvu-1-2:312.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:314.1
23. ස. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නවිඥානය දිනි ද? … පහළ වී ද?
ap-kvu-1-2:314.2
ප. පටි: එසේ යැ.
ap-kvu-1-2:314.3
ස. අනු: අනාගතවිඥානය ඇත් ද? අනාගතවිඥානය දිනි ද? … පහළ වී ද?
ap-kvu-1-2:314.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:314.5
24. ස. පු: අතීතවිඥාන ඇත් ද? අතීතවිඥානය නිරුද්ධ වී ද … නිශ්ශේෂයෙන් අස්තඞ්ගත වී ද?
ap-kvu-1-2:314.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:314.7
ස. අනු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නවිඥානය නිරුද්ධ වී ද? … නිශ්ශේෂයෙන් අස්තඞ්ගත වී ද?
ap-kvu-1-2:314.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:314.9
25. ස. පු: අනාගතවිඥානය ඇත් ද? අනාගතවිඥානය නො දිනි ද? … නො වී ද? නො පහළ වී ද?
ap-kvu-1-2:314.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:314.11
ස. අනු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නවිඥානය නො දිනි ද? … නො පහළ වී ද?
ap-kvu-1-2:314.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
ap-kvu-1-2:314.13
26. ස. පු: ‘ප්‍රත්‍යුත්පන්න’ යයි හෝ ‘රූප’ යයි හෝ, ‘රූප’ යයි හෝ ‘ප්‍රත්‍යුත්පන්න’ යයි හෝ ප්‍රත්‍යුත්පන්න වූ රූපය අර්‍පණ කළයුතු (නො බෙදියයුතු) කොට තෙල හෙ මැ වේ ද? ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාත වේ ද?
ap-kvu-1-2:314.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:314.15
ස. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය නිරුද්ධ වනුයේ ප්‍රත්‍යුත්පන්නභාවය හැරපියන්නේ වේ ද?
ap-kvu-1-2:314.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:314.17
ස. අනු: රූපභාවය හැරපියා ද?
ap-kvu-1-2:314.18
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:314.19
27. ස. පු: ‘ප්‍රත්‍යුත්පන්න’ යයි හෝ ‘රූප’ යයි හෝ, ‘රූප’ යයි හෝ ‘ප්‍රත්‍යුත්පන්න’ යයි හෝ ප්‍රත්‍යුත්පන්නරූපය අර්‍පණ කළයුතු කොට තෙල හෙ මැ වේ ද? ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාත (එයින් උපන්නේ) වේ ද?
ap-kvu-1-2:314.20
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:316.1
ස. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය නිරුද්ධ වනුයේ රූපභාවය නො හැරපියා ද?
ap-kvu-1-2:316.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:316.3
ස. අනු: ප්‍රත්‍යුත්පන්නභාවය නො හැරපියා ද?
ap-kvu-1-2:316.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:316.5
28. ප. පු: ‘අවදාත’ (සුදුපැහැ) යයි හෝ ‘වස්ත්‍ර’ යයි හෝ, ‘වස්ත්‍ර’ යයි හෝ ‘අවදාත’ යයි හෝ අවදාතවස්ත්‍රය නො බෙදියයුතු කොට තෙල හෙ මැ වේ ද? ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාත වේ ද?
ap-kvu-1-2:316.6
ස. පු: එසේ යැ.
ap-kvu-1-2:316.7
ප. අනු: අවදාත වස්ත්‍රය රඳනු ලබන්නේ අවදාතභාවය හැරපියා ද?
ap-kvu-1-2:316.8
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:316.9
ප. අනු: වස්ත්‍රභාවය හැරපියා ද?
ap-kvu-1-2:316.10
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:316.11
29. ප. පු: ‘අවදාත’ යයි හෝ ‘වස්ත්‍ර’ යයි හෝ, ‘වස්ත්‍ර’ යයි හෝ ‘අවදාත’ යයි හෝ අවදාතවස්ත්‍රය නො බෙදියයුතු කොට තෙල හෙ මැ වේ ද? ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාත වේ ද?
ap-kvu-1-2:316.12
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:316.13
ප. අනු: අවදාතවස්ත්‍රය රඳනු ලබන්නේ වස්ත්‍රභාවය නො හැරපියා ද?
ap-kvu-1-2:316.14
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:316.15
ප. අනු: අවදාත භාවය නො හැරපියා ද?
ap-kvu-1-2:316.16
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:316.17
30. ස. පු: රූපය රූපභාවය නො හැරපියා ද?
ap-kvu-1-2:316.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:316.19
ස. අනු: රූපය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:316.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:316.21
ස. අනු: රූපය රූපභාවය නො හැරපියන්නේ නො වේ ද? රූපය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාම ස්වභාව ඇත්තේ නො වේ ද?
ap-kvu-1-2:316.22
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:318.1
අනු. ඨ: ඉදින් රූපය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇති වේ නම්,