Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 901-1000 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu:122.13
206. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
ap-kvu:122.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:122.15
ස. පු: යමෙක් නො අසන්නේ ... යමෙක් ආඝ්‍රාණ නො කරන්නේ ... යමෙක් ආස්වාද නො කරන්නේ ... යමෙක් ස්පර්‍ශ නො කරන්නේ යමෙක් විජානනා නො කරන්නේ යමක් විජානනා නො කරන්නේ යමෙකින් විජානනා නො කරන්නේ වේ ද, හෙ විජානනා නො කරන්නේ ඒ ධර්‍ම විජානනා නො කරන්නේ ඒ විඤ්ඤාණයෙන් විජානනා නො කරන්නේ නො වේ ද?
ap-kvu:122.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:124.1
අනු. ඨ: ඉදින් යමෙක් විජානනා නො කරන්නේ යම් ධර්‍මයක් විජානනා නො කරන්නේ යම් විඤ්ඤාණයෙකින් විජානනා නො කරන්නේ වේ නම්, හෙ විජානනා නො කරන්නේ ඒ ධර්‍ම විජානනා නො කරන්නේ ඒ විඤ්ඤාණයෙන් විජානනා නො කරන්නේ වෙයි.
ap-kvu:124.2
අනු. පා: භවත, එයින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ’ යයි නො කියැයුතු මැ යැ.
ap-kvu:124.3
207. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ’ යයි නො කියැයුතු ද?
ap-kvu:124.4
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:124.5
ප. පු: “මහණෙනි, මම විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන, උපදනා, හීන, ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ, සුගතිප්‍රාප්ත, දුර්‍ගතිප්‍රාප්ත, සත්ත්‍වයන් දක්මි, දන්මි” යි භගවත්හු විසින් වදාරන ලද්දේ නො වේ ද? සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ap-kvu:124.6
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:124.7
ප. නිග: එයින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ මැ යැ.
ap-kvu:124.8
208. ස. පු: “මහණෙනි, මම විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින්: ච්‍යුත වන, උපදනා, හීන, ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ, සුගතිප්‍රාප්ත, දුර්‍ගතිප්‍රාප්ත, යථාකර්මෝපග සත්ත්‍වයන් දක්මි දන්මි” යි භගවත්හු විසින් වදාරන ලදැ යි ගෙන එකරුණින් ම සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ap-kvu:124.9
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:124.10
ස. පු: ‘භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු මිනිසැස ඉක්මැ සිටි දිවැසින් රූපය දක්නා සේක් ද? පුද්ගල දන්නා සේක් ද?
ap-kvu:124.11
ප. පටිඤ්ඤා: රූපය දක්නා සේක.
ap-kvu:124.12
ස. අනු: රූප පුද්ගල වේ ද, රූප ච්‍යුත වේ ද, රූප උපදනේ ද, රූප යථා කර්මෝපග වේ ද?
ap-kvu:124.13
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:124.14
209. ස. පු: භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් රූප දක්නා සේක් ද? පුද්ගල දක්නා සේක් ද?
ap-kvu:124.15
ප. පටිඤ්ඤා: පුද්ගල දක්නා සේක. (‘සත්තෙ පස්සාමි’ යන සූත්‍රප්‍රදේශ ගෙන පිළින කෙරෙයි.)
ap-kvu:126.1
ස. අනු: පුද්ගල රූප වේ ද? රූපායතන, රූපධාතු, නීල, පීත, ලෝහිතක, අවදාත, චක්‍ෂුර්විඥේය වේ ද? ඇස්හි ගැටේ ද? ඇස් හමුවට ඒ ද?
ap-kvu:126.2
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ...
ap-kvu:126.3
ස. පු: භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් රූප දක්නා සේක් ද? පුද්ගල දක්නා සේක් ද?
ap-kvu:126.4
ප. පටිඤ්ඤා: රූප – පුද්ගල දෙක මැ දක්නා සේක.
ap-kvu:126.5
ස. අනු: දෙක මැ රූප, රූපායතන, රූපධාතු වේ ද? දෙක මැ නිල් වේ ද? දෙක මැ පීතක වේ ද? දෙක මැ ලෝහිතක වේ ද? දෙක මැ අවදාත වේ ද? දෙක මැ චක්‍ෂුර්විඥේය වේ ද? දෙක මැ ඇස්හි ගැටේ ද? දෙක මැ ඇස් හමුවට පැමිණේ ද? දෙක මැ ච්‍යුත වේ ද? දෙක මැ උපදනේ වේ ද? දෙක මැ යථාකර්මෝපග වේ ද?
ap-kvu:126.6
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
ap-kvu:126.7
උපාදාපඤ්ඤත්තානුයෝග යි.
ap-kvu:126.8
210. ප. පු: කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයෝ දක්නා ලැබෙත් ද?
ap-kvu:126.9
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:126.10
ප. අනු: කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
ap-kvu:126.11
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:126.12
ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
ap-kvu:126.13
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:126.14
ස. අනු: (එසේ වී නම්) ඒ කර්‍ම කරන්නහු කරවන්නහු පිළිබඳ වත් කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
ap-kvu:126.15
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
ap-kvu:126.16
ස. පු: (නැවත ද) ඒ කර්‍ම කරන්නහු කරවන්නහු පිළිබඳ වත් කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
ap-kvu:126.17
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:126.18
ස. පු: (තොප මතය අනුව කර්‍මය කර්‍මමාත්‍ර නො වේ. එය කරන පුද්ගලයෙක් ඇත. ඒ පුද්ගලයා නිපදවන වෙනත් පුද්ගලයෙක් ඇත. ඔහුදු නිපදවන වෙනත් පුද්ගලයෙක් ඇත. මෙසේ පුද්ගල පරම්පරායෙක් ඇත. එසේ වත් මැ) ඒ ඒ දුඃඛයාගේ අවසන් කිරීමෙක් නැද්ද? සසර වට සිඳලීමෙක් නැද්ද? අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
ap-kvu:126.19
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
ap-kvu:128.1
211. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
ap-kvu:128.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:128.3
ස. අනු: ‘පුද්ගල ඇත් නු’යි පුද්ගලයා පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
ap-kvu:128.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:128.5
212. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
ap-kvu:128.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:128.7
ස. අනු: (එසේ වී නම්) ‘නිවන දක්නා ලැබේ නු’යි නිවන පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
ap-kvu:128.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:128.9
213. ස. පු: කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
ap-kvu:128.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:128.11
ස. අනු: ‘මහපොළොව දක්නා ලැබේ නු’යි මහපොළොව පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
ap-kvu:128.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:128.13
214. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
ap-kvu:128.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:128.15
ස. අනු: ‘මහමුහුද ඇත් නු’යි මහමුහුද පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
ap-kvu:128.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:128.17
215. ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
ap-kvu:128.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:128.19
ස. අනු: ‘සිනේරු පර්‍වත රාජයා ඇත් නු’යි සිනේරු පර්‍වත රාජයා පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
ap-kvu:128.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:130.1
216. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
ap-kvu:130.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:130.3
ස. අනු: ‘අබ්ධාතු ඇත් නු’යි අබ්ධාතු පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
ap-kvu:130.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:130.5
217. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් දන්නා ලැබේ ද?
ap-kvu:130.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:130.7
ස. අනු: ‘තෙජොධාතු ඇත් නු’යි තෙජොධාතු පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
ap-kvu:130.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:130.9
218. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
ap-kvu:130.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:130.11
ස. අනු: ‘වායෝධාතු ඇත් නු’යි වායෝධාතු පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
ap-kvu:130.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:130.13
219. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත්නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
ap-kvu:130.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:130.15
ස. අනු: ‘තෘණකාෂ්ටවනස්පතීහු ඇත් නු’යි තෘණකාෂ්ටවනස්පතීන් පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් දන්නා ලැබේ ද?
ap-kvu:130.16
ප. පටි: එසේ නො කියයුතු මැ යැ.
ap-kvu:130.17
220. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් දන්නා ලැබේ ද?
ap-kvu:130.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:130.19
ස. අනු: කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයෝ අන්‍ය වෙත් ද? කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නේ කරවන්නේ අනෙකෙක් වේ ද?
ap-kvu:130.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:132.1
221. ස. පු: කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාකයෙක් ඇද්ද?
ap-kvu:132.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:132.3
ස. අනු: කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාක පටිසංවේදකයෙක් (විවා විඳගනුයෙක්) ඇද්ද?
ap-kvu:132.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:132.5
222. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාක ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාක පටිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ap-kvu:132.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:132.7
ස. අනු: ඒ විපාක පටිසංවේදීහු පිළිබඳ පටිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ap-kvu:132.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:132.9
223. ස. පු: ඒ විපාක පටිසංවෙදකයා පිළිබඳ පටිසංවේදකයෙක් ඇද්ද?
ap-kvu:132.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:132.11
ස. අනු: (තොප මතය අනුව විපාකය විපාකමාත්‍ර නො වෙයි. ඒ විඳුනා පුද්ගලයෙක් ඇත. ඔහු පිළිබඳ වත් විඳුනා පුද්ගලයෙක් ඇත. මෙසේ පුද්ගල පරම්පරායෙක් ඇත. එසේ වත් මැ) ඒ ඒ දුක් අවසන් කිරීමෙක් නැද්ද? සසර වට සිඳලීමෙක් නැද්ද? අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
ap-kvu:132.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
ap-kvu:132.13
224. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාක ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාක පටිසංවේදකයෙක් ඇද් ද?
ap-kvu:132.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:132.15
ස. අනු: ‘පුද්ගල ඇත් නු’යි පුද්ගලයා පිළිබඳ ප්‍රතිසංවේදකයෙක් ඇද් ද?
ap-kvu:132.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:132.17
225. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාක ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන් පිළිබඳ විපාක ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ap-kvu:132.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:132.19
ස. අනු: ‘නිර්‍වාණය ඇත් නු’යි නිර්‍වාණය පිළිබඳ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ap-kvu:132.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:134.1
226. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන් පිළිබඳ විපාක ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන් පිළිබඳ විපාක ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ap-kvu:134.2
ප. පටිඤ්ඤා: එසේ යැ.