Pali BJT2. ස. පු: අනාගතෙන සමන්නාගතො’ති.
Sinhala BJT2. ස. පු: අනාගතය හා සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අනාගතං අජාතං අභූතං අසඤ්ජාතං අනිබ්බත්තං අනභිනිබ්බත්තං අපාතුභූතන්ති.
Sinhala BJTස. අනු: අනාගතය නූපන්නේ, නො වූයේ, නො හටගත්තේ, නො නිපන්නේ, වෙසෙසින් නො නිපන්නේ, නො පහළ වූයේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගතං. අජාතං අභූතං අසඤ්ජාතං අනිබ්බත්තං අනභිනිබ්බත්තං අපාතුභූතං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනාගතය නූපන්නේ නො වූයේ නො හැටුනේ නො නිපන්නේ වෙසෙසින් නො නිපන්නේ, නො පහළ වූයේ වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “අනාගතෙන සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අනාගතය හා සමන්‍වාගත වෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අතීතෙන රූපක්ඛන්ධෙන සමන්නාගතො අනාගතෙන රූපක්ඛන්ධෙන සමන්නාගතො පච්චුප්පන්නෙන රූපක්ඛන්ධෙන සමන්නාගතො’ති.
Sinhala BJT3. ස. පු: අතීත රූපස්කන්‍ධය හා සමන්‍වාගත වේ ද, අනාගත රූපස්කන්‍ධය හා සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න රූපස්කන්‍ධය හා සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තීහි රූපක්ඛන්ධෙහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: තුන් රූපස්කන්‍ධයෙකින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යම් හෙයෙකින් යමෙක් ‘අනෙකක් කියමි’ යි අනෙකක් කියා ද, එහෙයින් ‘යථාචිත්තයාගේ වචන හෙවත් චිත්තානුගතික ව්‍යවහාර නො වේ යයි ද, චිත්තයෙන් තොර වචන ඇති’ යි ද ලබ්ධි ගත් පූර්‍වශෛලියනිකායවාසීන්ගේ වාද බිඳුනට ‘න යථාචිත්තස්ස වාචානි කථා’ එයි.]
Pali BJT4. ස. පු: අතීතෙහි පඤ්චහි ඛන්ධෙහි සමන්නාගතො අනාගතෙහි පඤ්චහි ඛන්ධෙහි සමන්නාගතො පච්චුප්පන්නෙහි පඤ්චහි ඛන්ධෙහි සමන්නාගතො’ති.
Sinhala BJT4. ස. පු: අතීත පඤ්චස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ ද, අනාගත පඤ්චස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පණ්ණරසහි ඛන්ධෙහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: පසළොස් ස්කන්‍ධයෙකින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: අතීතෙන චක්ඛායතනෙන සමන්නාගතො, අනාගතෙන චක්ඛායතනෙන සමන්නාගතො, පච්චුප්පන්නෙන චක්ඛායතනෙන සමන්නාගතො’ති.
Sinhala BJT5. ස. පු: අතීත චක්‍ෂුරායතනයෙන් සමන්‍වාගත වේ ද, අනාගත චක්‍ෂුරායතනයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුරායතනයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තීහි චක්ඛායතනෙහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: තුන් චක්‍ෂුරායතනයෙකින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: අතීතෙහි ද්වාදසහි ආයතනෙහි සමන්නාගතො, අනාගතෙහි ද්වාදසහි ආයතනෙහි සමන්නාගතො, පච්චුප්පන්නෙහි ද්වාදසහි ආයතනෙහි සමන්නාගතො’ති.
Sinhala BJT6. ස. පු: අතීත ද්වාදශායතනයෙන් සමන්‍වාගත වේ ද, අනාගත ද්වාදශායතනයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න ද්වාදශායතනයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඡත්තිංසායතනෙහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: සතිස් ආයතනයෙකින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: අතීතාය චක්ඛුධාතුයා සමන්නාගතො, අනාගතාය චක්ඛුධාතුයා සමන්නාගතො, පච්චුප්පන්නාය චක්ඛුධාතුයා සමන්නාගතො’ති.
Sinhala BJT7. ස. පු: අතීත චක්‍ෂුර්ධාතුයෙන් සමන්‍වාගත වේ ද, අනාගත චක්‍ෂුර්ධාතුයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුර්ධාතුයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තීහි චක්ඛුධාතූහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: තුන් චක්‍ෂුර්ධාතුයෙකින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: අතීතාහි අට්ඨාරසහි ධාතූහි සමන්නාගතො, අනාගතාහි අට්ඨාරසහි ධාතූහි සමන්නාගතො, පච්චුප්පන්නාහි අට්ඨාරසහි ධාතූහි සමන්නාගතො’ති.
Sinhala BJT8. ස. පු: අතීත අටළොස් ධාතුයෙන් සමන්‍වාගත වේ ද, අනාගත අටළොස් ධාතුයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න අටළොස් ධාතුයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චතුපඤ්ඤාසධාතූහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: සියුපනස් ධාතුයෙකින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: අතීතෙන චක්ඛුන්ද්රියෙන සමන්නාගතො, අනාගතෙන චක්ඛුන්ද්රියෙන සමන්නාගතො, පච්චුප්පන්නෙන චක්ඛුන්ද්රියෙන සමන්නාගතො’ති.
Sinhala BJT9. ස. පු: අතීත චක්‍ෂුරින්‍ද්‍රියයෙන් සමන්‍වාගත වේ ද, අනාගත චක්‍ෂුරින්‍ද්‍රියයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුරින්‍ද්‍රියයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තීහි චක්ඛුන්ද්රියෙහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: තුන් චක්‍ෂුරින්‍ද්‍රියයෙකින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: අතීතෙහි බාවීසතින්ද්රියෙහි සමන්නාගතො, අනාගතෙහි බාවීසතින්ද්රියෙහි සමන්නාගතො, පච්චුප්පන්නෙහි බාවීසතින්ද්රියෙහි සමන්නාගතො’ති.
Sinhala BJT10. ස. පු: අතීත දෙවිසි, ඉන්‍ද්‍රියයෙන් සමන්‍වාගත වේ ද, අනාගත දෙවිසි ඉන්‍ද්‍රියයෙන් සමන්‍වාගත වේ ද? ප්‍රත්‍යුත්පන්න දෙවිසි ඉන්‍ද්‍රියයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඡසට්ඨින්ද්රියෙහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: සසැට ඉන්‍ද්‍රියයෙකින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ප. පු: න වත්තබ්බං අතීතානාගතෙහි සමන්නාගතො’ති.
Sinhala BJT11. ප. පු: ‘අතීතානාගතයෙන් සමන්‍වාගත වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අත්ථී අට්ඨවිමොක්ඛඣායී, චතුන්නං ඣානානං නිකාමලාභී, නවන්නං{1} අනුපුබ්බවිහාරසමාපත්තීනං ලාභී’ති.
Sinhala BJTප. අනු: අෂ්ටවිමෝක්‍ෂධ්‍යාන කරනුයෙක්, සතර ධ්‍යානයන් කැමැතිසේ ලබනුයෙක්, නව අනුපූර්‍වවිහාරසමාපත්ති ලබනුයෙක් ඇත්තේ මැ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි, අත්ථී අට්ඨවිමොක්ඛඣායී, චතුන්නං ඣානානං නිකාමලාභී, නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනං ලාභී,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අෂ්ටවිමෝක්‍ෂධ්‍යාන කරනුයෙක්, සතර දැහැන් කැමැති සේ ලබනුයෙක්, නව අනුපූර්‍වවිහාරසමාපත්තින් ලබනුයෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: “අතීතානාගතෙහි සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘අතීතානාගතයන් හා සමන්‍වාගත වෙති’ යි කියැයුතු මැ යැ.
Pali BJTඅතීතානාගතෙහි සමන්නාගතකථා නිට්ඨිතා.
Sinhala BJTඅතීතානාගතෙහි සමන්නාගතකථා නිමි.
Pali BJTනවමො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTනව වැනි වර්‍ගය නිමි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTආනිසංසදස්සාවිස්ස සඤ්ඤොජනානං පහානං, අමතාරම්මණං සඤ්ඤොජනං, රූපං සාරම්මණං, අනුසයා අනාරම්මණා, එවමෙවං ඤාණං, අතීතානාගතාරම්මණං චිත්තං, සබ්බං චිත්තං විතක්කානුපතිතං, සබ්බසො විතක්කයතො විචාරයතො විතක්කවිප්ඵාරසද්දො, න යථාචිත්තස්ස වාචා, තථෙව කායකම්මං, අතීතානාගතෙහි සමන්නාගතො’ති.
Sinhala BJTආනිසංසකථා යැ, අමතාරම්මණකථා යැ, රූපං සරම්මණන්ති කථා යැ, අනුසයා අනාරම්මණා’ති කථා යැ, ඤාණං අනාරම්මණන්තිකථා යැ, අතීතානාගතාරම්මණකථා යැ, විතක්කානුපතිතකථා යැ, විතක්කවිප්ඵාරසද්දකථා යැ, න යථාචිත්තස්ස වාචාති කථා යැ, න යථාචිත්තස්ස කායකම්මන්ති කථා යැ, අතීතානාගතෙහි සමන්නාගත කථා යි.
Pali BJTදසමො වග්ගො.
Sinhala BJTදසම වර්‍ගය
Pali BJT10. 1.
Sinhala BJT10. 1.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යම් හෙයෙකින් අන් තැනෙක යමියි අන් තැනෙක යන යම් මැ කෙනෙක් ඇත්තාහු වෙත් ද, එහෙයින් කායකර්‍ම චිත්තානුගතික නො වෙයි, චිත්තයෙන් වෙන් වැ ද පවත්නේ’ යයි ලබ්ධි ගත් පූර්‍වශෛලියයන්ගේ වාද බිඳුනට ‘න යථාචිත්තස්ස කායකම්මන්ති කථා’ එයි.]
Pali BJTනිරොධකථා.
Sinhala BJTනිරෝධකථා
Pali BJT1. ස. පු: උපපත්තෙසියෙ පඤ්චක්ඛන්ධෙ අනිරුද්ධෙ කිරියා පඤ්චක්ඛන්ධා උප්පජ්ජන්තී’ති.
Sinhala BJT1. ස. පු: උපපත්තෙසිය වූ පඤ්චස්කන්‍ධයන් නිරුද්ධ නො වත් මැ ක්‍රියා පඤ්චස්කන්‍ධයෝ උපදිත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දසන්නං ඛන්ධානං සමොධානං හොති, දස ඛන්ධා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. අනු: උපපත්තෙසිය ස්කන්‍ධයන්ගේ ද ක්‍රියාස්කන්‍ධයන්ගේ දැ’ යි දශ ස්කන්‍ධයන්ගේ සමවධාන වේ ද, දශ ස්කන්‍ධයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: දසන්නං ඛන්ධානං සමොධානං හොති, දස ඛන්ධා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. අනු: දශ ස්කන්‍ධයන්ගේ සමවධාන වේ ද, දශ ස්කන්‍ධයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (පුරිමපශ්චිම වශයෙනුදු උපපත්තෙසිය හා ක්‍රියා වශයෙනුදු නානාත්‍වය සඳහා පිළින කෙරෙයි.)
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශයන් දෙදෙනෙකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: උපපත්තෙසියෙ පඤ්චක්ඛන්ධෙ අනිරුද්ධෙ කිරියා චත්තාරො ඛන්ධා උප්පජ්ජන්තී’ති.
Sinhala BJT2. ස. පු: උපපත්තෙසිය සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයන් නිරුද්ධ නො වත් මැ ක්‍රියා සඞ්ඛ්‍යාත සතර ස්කන්‍ධයෝ උපදිත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නවන්නං ඛන්ධානං සමොධානං හොති, නව ඛන්ධා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. අනු: ස්කන්‍ධයන් නව දෙනකුන්ගේ සමවධාන වේ ද? ස්කන්‍ධයෝ නව දෙනෙක් සම්මුඛීභාවයට පැමිණෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නවන්නං ඛන්ධානං සමොධානං හොති, නව ඛන්ධා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. අනු: ස්කන්‍ධයන් නව දෙනකුන්ගේ සමවධාන වේ ද, ස්කන්‍ධයෝ නව දෙනෙක් සම්මුඛීභාවයට පැමිණෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: උපපත්තෙසියෙ පඤ්චක්ඛන්ධෙ අනිරුද්ධෙ කිරියා ඤාණං උප්පජ්ජන්තී’ති.
Sinhala BJT3. ස. පු: උපපත්තෙසිය සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයන් නිරුද්ධ නො වත් මැ (අනාලම්බනඥාන සඞ්ඛ්‍යාත) ක්‍රියාඥානය උපදී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඡන්නං ඛන්ධානං සමොධානං හොති, ඡ ඛන්ධා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. අනු: ස්කන්‍ධයන් සදෙනකුන් සමවධාන වේ ද, ස්කන්‍ධයෝ සදෙනෙක් සම්මුඛීභාවයට පැමිණෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: ඡන්නං ඛන්ධානං සමොධානං හොති, ඡ ඛන්ධා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. අනු: ස්කන්‍ධයන් සදෙනකුන් සමවධාන වේ ද, ස්කන්‍ධයෝ සදෙනෙක් සම්මුඛීභාවයට පැමිණෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ප. පු: උපපත්තෙසියෙ පඤ්චක්ඛන්ධෙ අනිරුද්ධෙ මග්ගෙ උප්පජ්ජන්තී’ති.
Sinhala BJT4. ප. පු: උපපත්තෙසිය සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයන් නිරුද්ධ වත් මැ මාර්‍ගය උපදනේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ. (නිරුද්ධ නො වත් මැ නූපදනා හෙයින් ප්‍රතිඥා යි.)
Pali BJTප. අනු: මතො මග්ගං භාවෙති, කාලං කතො මග්ගා භාවෙතී’ති.
Sinhala BJTප. අනු: මළේ මාර්‍ගභාවනා කෙරේ ද, කලුරිය කෙළේ මාර්‍ගභාවනා කෙරේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTනිරොධකථා නිට්ඨිතා.
Sinhala BJTනිරෝධකථා නිමි.
Pali BJT10. 2.
Sinhala BJT10. 2.
Pali BJTරූපං මග්ගොතිකථා.
Sinhala BJTරූපං මග්ගෝ’ති කථා
Pali BJT1. ස. පු: මග්ගසමඞ්ගිස්ස රූපං මග්ගො’ති.
Sinhala BJT1. ස. පු: මාර්‍ගසමඞ්ගී පුද්ගලයාගේ රූපය මාර්‍ග වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාරම්මණං, අත්ථී තස්ස ආවජ්ජනා{1} ආභොගො සමන්නාහාරො මනසිකාරො චෙතනා පත්ථනා පණිධී’ති.
Sinhala BJTස. අනු: සාලම්බන වේ ද, ඊට ආවර්‍ජනා, අභෝග, සමන්‍වාහාර, මනසිකාර, චේතනා, ප්‍රාර්‍ත්‍ථනා, ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අනාරම්මණං, නත්ථී තස්ස ආවජ්ජනා{1} -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අනාලම්බන නො? ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත්තේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාරම්මණං, නත්ථී තස්ස ආවජ්ජනා{1} -පෙ- පණිධි,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “මග්ගසමඞ්ගිස්ස රූපං මග්ගො”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘මාර්‍ගසමඞ්ගීහුගේ රූපය මාර්‍ග යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[අෂ්ටසමාපත්තිලාභීහුගේ සමවත්හු ඒකක්‍ෂණයෙහි නො පවත්නාහු නමුදු අතීත වශයෙනුදු අනාගත වශයෙනුදු ප්‍රත්‍යුත්පන්න වශයෙනුදු පවතිත්. ප්‍රතිවේධ කොට අපරිහීන වන හෙයින් ‘සමාපත්ති ලාභීහ’ යි කියනු ලැබේ. යම් කෙනෙක් විභාගවශයෙන් මෙසේ නො ගෙන ‘ධ්‍යානලාභීන්ගේ අතීතානාගත ධ්‍යානයෝ ද ඇත් නු යි ඔහු අතීතානාගත ධ්‍යානයෙනුදු සමන්‍වාගතයහ’ යි ලබ්ධි ගනිත් ද, ඒ අන්‍ධකනිකාය ආදීන්ගේ වාද බිඳුනට ‘අතීතානාගතෙහි සමන්නාගත කථා’ එයි.]
Pali BJT2. ස. පු: සම්මා වාචා මග්ගො’ති.
Sinhala BJT2. ස. පු: සම්මාවාචාව මාර්‍ග වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාරම්මණා, අත්ථී තාය ආවජ්ජනා{1} -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: සාලම්බන වේ ද, ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අනාරම්මණං, නත්ථී තාය ආවජ්ජනා{1} -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අනාලම්බන නො? ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත්තේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාරම්මණා, නත්ථී තාය ආවජ්ජනා{1} -පෙ- පණිධි,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත් නම්,