Pali BJTස. අනු: සබ්බසො ඵුසයතො ඵස්සවිප්ඵාරො සද්දො, සබ්බසො වෙදයතො වෙදනාවිප්ඵාරො සද්දො, සබ්බසො සඤ්ජානතො සඤ්ඤාවිප්ඵාරො සද්දො, සබ්බසො චෙතයතො චෙතනාවිප්ඵාරො සද්දො, සබ්බසො චින්තයතො චිත්තවිප්ඵාරො සද්දො, සබ්බසො සරතො සතිවිප්ඵාරො සද්දො, සබ්බසො පජානතො පඤ්ඤාවිප්ඵාරො සද්දො’ති.
Sinhala BJTස. අනු: සර්‍වප්‍රකාරයෙන් ස්පර්‍ශ කරන්නහුගේ ස්පර්‍ශවිස්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් වේදනා විඳුනහුගේ වේදනාවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් සඤ්ජානන කරන්නහුගේ සඤ්ඤාවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් චේතනා කරන්නහුගේ චේතනාවිප්ඵාරය ශබ්ද වේ ද? සර්‍වප්‍රකාරයෙන් චින්තන කරන්නහුගේ චිත්තවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් ස්මරණය කරන්නහුගේ සතිවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් ප්‍රජානන කරන්නහුගේ පඤ්ඤාවිප්ඵාරය ශබ්ද වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: සබ්බසො විතක්කයතො විචාරයතො විතක්කවිප්ඵාරො සද්දො’ති.
Sinhala BJT2. ස. පු: සර්‍වප්‍රකාරයෙන් විතර්‍කවිචාර කරන්නහුගේ විතර්‍කවිස්ඵාරය ශබ්ද වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: විතක්කවිප්ඵාරො සද්දො සොතවිඤ්ඤෙය්යො, සොතස්මිං පටිහඤ්ඤති, සොතස්ස ආපාථං ආගච්ඡතී’ති.
Sinhala BJTස. අනු: විතර්‍කවිස්ඵාර ශබ්දය ශ්‍රෝත්‍රවිඥේය වේ ද, ශ්‍රෝත්‍රයෙහි ගැටේ ද, ශ්‍රෝත්‍රයාගේ ආපාථයට පැමිණේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: නනු විතක්කවිප්ඵාරො සද්දො න සොතවිඤ්ඤෙය්යො, න සොතස්මිං පටිහඤ්ඤති, න සොතස්ස ආපාථං ආගච්ඡතී’ති.
Sinhala BJT3. ස. පු: විතර්‍කවිස්ඵාරශබ්දය ශ්‍රෝත්‍රවිඥේය නො වූයේ ශ්‍රෝත්‍රයෙහි නො හැනෙන්නේ ශ්‍රෝත්‍රයාගේ ආපාථයට නො පැමිණෙන්නේ නො?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යම් හෙයෙකින් අතීත අනාගත ආරම්මණ නැද්ද, එහෙයින් අතීතාරාම්මණ චිත්තයෙන් වේවයි අනාගතාරම්මණ චිත්තයෙන් වේවයි ගත් ආරම්මණයෙක් නැත් නුයි ‘අතීතානාගතාරම්මණ චිත්තය අනාරම්මණ වියයුතු යැ’ යන උත්තරාපථකයන්ගේ වාද බිඳුනට ‘අතීතානාගතාරම්මණකථා’ එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි විතක්කවිප්ඵාරො සද්දො න සොතවිඤ්ඤෙය්යො, න සොතස්මිං පටිහඤ්ඤති, න සොතස්ස ආපාථං ආගච්ඡති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් විතර්‍කවිස්ඵාරශබ්දය ශ්‍රෝත්‍රවිඥේය නො වේ නම්, ශ්‍රෝත්‍රයෙහි නො හැනෙන්නේ නම්, ශ්‍රෝත්‍රයාගේ ආපාථයට නො පැමිණෙන්නේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සබ්බසො විතක්කයතො විචාරයතො විතක්කවිප්ඵාරො සද්දො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘සර්‍වප්‍රකාරයෙන් විතර්‍කවිචාර කරන්නහුගේ විතර්‍කවිස්ඵාරය ශබ්දයෙකි’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTවිතක්කවිප්ඵාරසද්දකථා නිට්ඨිතා.
Sinhala BJTවිතක්කවිප්ඵාරසද්දකථා නිමි.
Pali BJT9. 9.
Sinhala BJT9. 9.
Pali BJTන යථාචිත්තස්ස වාචාතිකථා.
Sinhala BJTන යථාචිත්තස්ස වාචාතිකථා
Pali BJT1. ස. පු: න යථාචිත්තස්ස වාචා’ති.
Sinhala BJT1. ස. පු: වචන චිත්තානුගතික නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඵස්සකස්ස වාචා, අවෙදනකස්ස වාචා, අසඤ්ඤකස්ස වාචා, අචෙතනකස්ස වාචා, අචිත්තකස්ස වාචා’ති.
Sinhala BJTස. අනු: (එකෙණෙහි) ස්පර්‍ශ රහිතයක්හුගේ වචන, අවේදකයක්හුගේ වචන, අසංඥයක්හුගේ වචන, අචේතනයක්හුගේ වචන, අචිත්තකයක්හුගේ වචන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු සඵස්සකස්ස වාචා, සවෙදනකස්ස වාචා, සසඤ්ඤකස්ස වාචා, සචෙතනකස්ස වාචා සචිත්තකස්ස වාචා’ති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශ සහිතයක්හුගේ වාක්, වේදනා සහිතයක්හුගේ වාක්, සංඥා සහිතයක්හුගේ වාක්, චේතනා සහිතයක්හුගේ වාක්, චිත්ත සහිතයක්හුගේ වාක් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සඵස්සකස්ස වාචා -පෙ- සචිත්තකස්ස වාචා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ස්පර්‍ශ සහිතයක්හුගේ වාක් … සචිත්තයක්හුගේ වාක් වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: න යථාචිත්තස්ස වාචාති.
Sinhala BJTඅනු. පා: භවත, චිත්තානුගතික වාක් නො වෙතියි නො කියයුතු මැ යැ.
Pali BJT2. ස. පු: න යථාචිත්තස්ස වාචා’ති.
Sinhala BJT2. ස. පු: වචන චිත්තානුගතික නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාවජ්ජන්තස්ස{1} වාචා -පෙ- අනාභොගස්ස{2} වාචා -පෙ- අපණිදහන්තස්ස වාචා’ති.
Sinhala BJTස. අනු: ආවර්‍ජනා නො කරන්නහුගේ වාක් … ආභෝග නැතියහුගේ වාක් … ප්‍රණිධාන නැතියහුගේ වාක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු ආවජ්ජන්තස්ස වාචා ආභොගස්ස{3} වාචා -පෙ- පණිදහන්තස්ස වාචා’ති.
Sinhala BJTස. අනු: ආවර්‍ජනා කරන්නහුගේ වාක් … ආභෝග ඇතියහුගේ වාක් … ප්‍රණිධාන ඇතියහුගේ වාක් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ආවජ්ජන්තස්ස වාචා ආභොගස්ස{3} වාචා -පෙ- පණිදහන්තස්ස වාචා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ආවර්‍ජනා කරන්නහුගේ වාක් … ආභෝග ඇතියහුගේ වාක් … ප්‍රණිධාන කරන්නහුගේ වාක් වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: න යථාචිත්තස්ස වාචා’ති.
Sinhala BJTඅනු. පා: භවත, චිත්තානුරූප වාක් නො වෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: න යථාචිත්තස්ස වාචාති.
Sinhala BJT3. ස. පු: යථාචිත්ත වාක් නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වාචා චිත්තසමුට්ඨානා චිත්තෙන සහජාතා චිත්තෙන සහ එකුප්පාදා”ති.
Sinhala BJTස. අනු: වාචා තොමෝ චිත්තසමුත්‍ථාන වූවා චිත්තය හා සහජාත වූවා චිත්තය හා ඒකෝත්පාද ඇත්තී නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි වාචා චිත්තසමුට්ඨානා, චිත්තෙන සහජාතා, චිත්තෙන සහ එකුප්පාදා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් වාචා තොමෝ චිත්තසමුත්‍ථාන වූවා චිත්තය හා සහජාත වූවා චිත්තය හා ඒකෝත්පාද ඇත්තී වූ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: ‘න යථාචිත්තස්ස වාචා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘චිත්තානුගත වාක් නො වෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT4. ස. පු: න යථාචිත්තස්ස වාචා’ති.
Sinhala BJT4. ස. පු: යථාචිත්ත වාක් නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: න භණිතුකාමො භණති, න කථෙතුකාමො කථෙති, න ආලපිතුකාමො ආලපති, න වොහරිතුකාමො වොහරතී’ති.
Sinhala BJTස. අනු: බණනු කැමැති වැ නො බෙණේ ද, කියනු කැමැති වැ නො කියා ද, අමතනු කැමැති වැ නො අමතා ද, ව්‍යවහාර කරනු කැමැති වැ ව්‍යහාර නො කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු භණිතුකාමො භණති, කථෙතුකාමො කථෙති, ආලපිතුකාමො ආලපති, වොහරිතුකාමො වොහරතී’ති.
Sinhala BJTස. අනු: බණනු කැමැතිවැ බණන්නේ නො වේ ද, කියනු කැමැති වැ කියන්නේ නො වේ ද, අමතනු කැමැති වැ අමතන්නේ නො වේ ද, ව්‍යවහාර කරනු කැමැති වැ ව්‍යවහාර කරන්නේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි භණිතුකාමො භණති, කථෙතුකාමො කථෙති, ආලපිතුකාමො ආලපති, වොහරිතුකාමො වොහරති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් බණනු කැමැතිවැ බෙණේ නම්, කියනු කැමැති වැ කියා නම්, අමතනු කැමැති වැ අමතා නම්, වහරනු කැමැති වැ ව්‍යවහාර කෙරේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: න යථාචිත්තස්ස වාචා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘යථාචිත්ත වාක් නො වෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ප. පු: න වත්තබ්බං “න යථාචිත්තස්ස වාචා”ති.
Sinhala BJT5. ස. පු: ‘යථාචිත්ත වාක් නො වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථී කොචි අඤ්ඤං භණිස්සාමි’ති අඤ්ඤං භණති, අඤ්ඤං කථෙස්සාමී’ති අඤ්ඤං කථෙති, අඤ්ඤං ආලපිස්සාමී’ති අඤ්ඤං ආලපති, අඤ්ඤං වොහරිස්සාමී’ති අඤ්ඤං වොහරතී’ති.
Sinhala BJTස. අනු: ‘අනෙකක් කියමි’ අනෙකක් කියන, ‘අනෙකක් බෙණෙමි’ යි අනෙකක් බණන ‘අනෙකකු අමතමි’ යි අනෙකකු අමතන, ‘අනෙකක් වහරමි’ යි අනෙකක් වහරන කිසිවෙක් ඇත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී කොචි අඤ්ඤං භණිස්සාමීති අඤ්ඤං භණති -පෙ- අඤ්ඤං වොහරිස්සමී’ති අඤ්ඤං වොහරති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ‘අනෙකක් බෙණෙමි’ යි අනෙකක් බණන ‘අනෙකක් වහරමි’ යි අනෙකක් වහරන කිසිවෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “න යථාචිත්තස්ස වාචා”ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘වාක් චිත්තානුගතික නො වේ ය’ යි කියැයුතු වෙයි.
Pali BJTන යථාචිත්තස්ස වාචාති කථා නිට්ඨිතා.
Sinhala BJTන යථාචිත්තස්ස වාචාතිකථා නිමි.
Pali BJT9. 10.
Sinhala BJT9. 10.
Pali BJTන යථාචිත්තස්ස කායකම්මන්තිකථා.
Sinhala BJTන යථාචිත්තස්ස කායකම්මන්ති කථා
Pali BJT1. ස. පු: යථාචිත්තස්ස කායකම්මන්ති.
Sinhala BJT1. ස. පු: කායකර්‍ම චිත්තානුගතික නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඵස්සකස්ස කායකම්මං -පෙ- අචිත්තකස්ස කායකම්මන්ති.
Sinhala BJTස. අනු: අඵස්සකයාගේ කායකර්‍ම … අචිත්තකයාගේ කායකර්‍ම වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු සඵස්සකස්ස කායකම්මං -පෙ- සචිත්තකස්ස කායකම්මන්ති.
Sinhala BJTස. අනු: සඵස්සකයාගේ කායකර්‍ම නො? … සචිත්තකයාගේ කායකර්‍ම නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සඵස්සකස්ස කායකම්මං -පෙ- සචිත්තකස්ස කායකම්මං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සඵස්සකයාගේ කායකර්‍ම වේ නම් … සචිතයක්හුගේ කායකර්‍ම වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: න යථාචිත්තස්ස කායකම්මන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘යථාචිත්ත කායකර්‍ම නො වෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: න යථාචිත්තස්ස කායකම්මන්ති.
Sinhala BJT2. ස. පු: යථාචිත්ත කායකර්‍ම නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාවජ්ජන්තස්ස කායකම්මං -පෙ- අපණිදහන්තස්ස කායකම්මන්ති.
Sinhala BJTස. අනු: ආවර්‍ජනා නො කරන්නහුගේ කායකර්‍ම වේ ද? ප්‍රණිධාන නො කරන්නහුගේ කායකර්‍ම වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු ආවජ්ජන්තස්ස{1} කායකම්මං -පෙ- පණිදහන්තස්ස කායකම්මන්ති.
Sinhala BJTස. අනු: ආවර්‍ජනා කරන්නහුගේ කායකර්‍ම නො? ප්‍රණිධාන කරන්නහුගේ කායකර්‍ම නො?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘අවිශේෂයෙන් හැම සිත මැ විතර්‍කානුපතිත යැ’ යි ලබ්ධි ගත් උත්තරාපථකයන්ගේ වාද බිඳුනට ‘විතක්කානුපතිතකථා’ එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ආවජ්ජන්තස්ස කායකම්මං -පෙ- පණිදහන්තස්ස කායකම්මං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ආවර්‍ජනා කරන්නහුගේ කායකර්‍ම වේ නම් … ප්‍රණිධාන කරන්නහුගේ කායකර්‍ම වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: න යථාචිත්තස්ස කායකම්මන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘යථාචිත්ත කායකර්‍ම නො වෙති’යි නො කියැයුතු යැ.
Pali BJT3. ස. පු: න යථාචිත්තස්ස කායකම්මන්ති.
Sinhala BJT3. ස. පු: යථාචිත්ත කායකර්‍ම නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු කායකම්මං චිත්තසමුට්ඨානං චිත්තෙන සහජාතං චිත්තෙන සහජාතං සහ එකුප්පාදන්ති.
Sinhala BJTස. අනු: කායකර්‍මය චිත්තසමුත්‍ථාන, චිත්තසහජාත, චිත්තය හා ඒකෝත්පාද නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි කායකම්මං චිත්තසමුට්ඨානං චිත්තෙන සහජාතං චිත්තෙන සහ එකුප්පාදං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් කායකර්‍මය චිත්තසමුත්‍ථාන චිත්තසහජාත චිත්තය හා ඒකෝත්පාද වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: න යථාචිත්තස්ස කායකම්මන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘යථාචිත්ත කායකර්‍ම නො වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT4. ස. පු: න යථාචිත්තස්ස කායකම්මන්ති.
Sinhala BJT4. ස. පු: යථාචිත්ත කායකර්‍ම නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: න අභික්කමිතුකාමො අභික්කමති, න පටික්කමිතුකාමො පටික්කමති, න ආලොකෙතුකාමො ආලොකෙති, න විලොකෙතුකාමො විලොකෙති, න සම්මිඤ්ජිතුකාමො සම්මිඤ්ජෙති, න පසාරෙතුකාමො පසාරෙතී’ති.
Sinhala BJTස. අනු: පෙරට නො යනු කැමැත්තේ පෙරට යේ ද, පෙරළා නො එනු කැමැත්තේ පෙරළා ඒ ද, ඉදිරි නො බලනු කැමැත්තේ ඉදිරි බලා ද, අවට නො බලනු කැමැත්තේ අවට බලාද, අත්පා නො හකුළනු කැමැත්තේ අත්පා හකුළා ද, අත්පා දික් නො කරනු කැමැත්තේ අත්පා දික් කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු අභික්කමිතුකාමො අභික්කමති, පටික්කමිතුකාමො පටික්කමති, ආලොකෙතුකාමො අලොකෙති, විලොකෙතුකාමො විලොකෙති, සම්මිඤ්ජිතුකාමො සම්මිඤ්ජෙති, පසාරෙතුකාමො පාසාරෙතී’ති.
Sinhala BJTස. අනු: පෙරට යනු කැමැත්තේ පෙරට යන්නේ නො, පෙරළා එනු කැමැත්තේ පෙරළා යේ නො, ඉදිරි බලනු කැමැත්තේ ඉදිරි බලනුයේ නො, අවට බලනු කැමැත්තේ අවට බලා නො, අත්පා හකුළනු කැමැත්තේ අත්පා හකුළා නො, අත්පා දික් කරනු කැමැත්තේ අත්පා දික් කෙරේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අභික්කමිතුකාමො අභික්කමති, -පෙ- පසාරෙතුකාමො පසාරෙති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් පෙරට යනු කැමැත්තේ පෙරට යේ නම් … අත්පා දික් කරනු කැමැත්තේ අත්පා දික් කෙරේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: න යථාචිත්තස්ස කායකම්මන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘යථාචිත්ත කායකර්‍ම නො වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ප. පු: න වත්තබ්බං: න යථාචිත්තස්ස කායකම්මන්ති.
Sinhala BJT5. ස. පු: කායකර්‍ම චිත්තානුගතික නො වේ’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අත්ථී කොචි ‘අඤ්ඤත්ර ගච්ඡිස්සාමී’ති අඤ්ඤත්ර ගච්ඡති -පෙ- ‘අඤ්ඤං පසාරෙස්සාමී’ති අඤ්ඤං පසාරෙතී’ති.
Sinhala BJTප. අනු: ‘අන් තැනෙක යන්නෙමි’යි අන් තැනෙක යන කිසිවෙක් ඇත්තේ නො? … ‘අනෙකක් දික් කරන්නෙමි’ යි අනෙකක් දික් කරන කිසිවෙක් ඇත්තේ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී කොචි ‘අඤ්ඤත්ර ගච්ඡිස්සාමි’ති අඤ්ඤත්ර ගච්ඡති -පෙ- ‘අඤ්ඤං පසාරෙස්සාමී’ති අඤ්ඤං පසාරෙති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ‘අන් තැනෙක යන්නෙමි’යි අන් තැනෙක යන … ‘අනෙකක් දිගු කරන්නෙමි’ යි අනෙකක් දිගු කරන කිසිවෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: න යථාචිත්තස්ස කායකම්මන්ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් භවත, කායකර්‍ම චිත්තානුගතික නො වෙති’ යි කියැයුතු මැ යැ.
Pali BJTන යථාචිත්තස්ස කායකම්මන්තිකථා නිට්ඨිතා.
Sinhala BJTන යථාචිත්තස්ස කායකම්මන්තිකථා නිමි.
Pali BJT9. 11.
Sinhala BJT9. 11.
Pali BJTඅතීතානාගතෙහි සමන්නාගතකථා.
Sinhala BJTඅතීතානාගතෙහි සමන්නාගතකථා
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘විතර්‍කවිචාර වාක්සංස්කාරයහ’ යි වදාළෙන් විතර්‍කණය කරන්නහුගේ විතර්‍කවිස්ථාරය ශබ්ද වේ’ යයි ලබ්ධි ගත් පූර්‍වශෛලියයන්ගේ වාද බිඳුනට ‘විතක්කවිප්ඵාරසද්දකථා’ එයි.]
Pali BJT1. ස. පු: අතීතෙන සමන්නාගතො’ති.
Sinhala BJT1. ස. පු: අතීතය හා සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අතීතං නිරුද්ධං විගතං විපරිනතං අත්ථඞ්ගතං අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJTස. අනු: අතීතය නිරුද්ධ වූයේ පහව ගියේ විපරිණත වූයේ අස්තයට ගියේ මැනැවින් අස්තයට ගියේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අතීතං නිරුද්ධං විගතං විපරිනතං අත්ථඞ්ගතං අබ්භත්ථඞ්ගතං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අතීතය නිරුද්ධ වී නම්, විගත වී නම්, විපරිණත වී නම්, අස්තඞ්ගත වී නම්, අභ්‍යස්තඞ්ගත වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “අතීතෙන සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අතීතය හා සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු මැ යැ.