Pali BJT3. ස. පු: අත්ථී අරූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත්තනා පාලනා, අත්ථී අරූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJT3. ස. පු: අරූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත. අරූපජීවිතෙන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී රූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත්තනා පාලනා, අත්ථී රූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: ඉදින් රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත. රූපජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: අත්ථී රූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත්තනා පාලනා, නත්ථී රූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJT4. ස. පු: රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත. රූපජීවිතේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත්තනා පාලනා, නත්ථී අරූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අරූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත. අරූපජීවිතෙන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: අරූපීනං ධම්මානං ආයු අරූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJT5. ස. පු: අරූපී ධර්‍මයන්ගේ ආයු අරූප ජීවිතේන්‍ද්‍රිය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපීනං ධම්මානං ආයු රූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: රූපීධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: රූපීනං ධම්මානං ආයු න වත්තබ්බං රූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJT6. ස. පු: රූපීධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරූපීනං ධම්මානං ආයු න වත්තබ්බං අරූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අරූපීධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: රූපීනං ධම්මානං ආයු අරූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJT7. ස. පු: රූපීධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරූපීනං ධම්මානං ආයු අරූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අරූපීධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: අරූපීනං ධම්මානං ආයු න වත්තබ්බං රූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJT8. ස. පු: අරූපීධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය යයි නො කියැ යුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපීනං ධම්මානං ආයු න වත්තබ්බං අරූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: රූපීධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: රූපීනඤ්ච අරූපීනඤ්ච ධම්මානං ආයු අරූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJT9. ස. පු: රූපී වූත් අරූපී වූත් ධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපීනඤ්ච අරූපීනඤ්ච ධම්මානං ආයු රූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: රූපී වූත් අරූපී වූත් ධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: රූපීනඤ්ච අරූපීනඤ්ච ධම්මානං ආයු න වත්තබ්බං රූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJT10. ස. පු: රූපී වූත් අරූපී වූත් ධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපීනඤ්ච අරූපීනඤ්ච ධම්මානං ආයු න වත්තබ්බං අරූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: රූපී වූත් අරූපී වූත් ධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: නත්ථී රූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJT11. ස. පු: රූපජීවිතේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිරොධං සමාපන්නස්ස නත්ථී ජීවිතින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: නිරෝධයට සමවන්නහුට ජීවිතේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: නිරොධං සමාපන්නස්ස අත්ථී ජීවිතින්ද්රියන්ති.
Sinhala BJT12. ස. පු: නිරෝධයට සමවන්නහුට ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නිරොධං සමාපන්නස්ස අත්ථී ජීවිතින්ද්රියන්ති.
Sinhala BJTඅනු. ඨ: ඉදින් නිරෝධයට සමවන්නහුට ජීවිතේන්‍ද්‍රිය ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: නත්ථී රූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJTඅනු. පා: භවත ‘රූපජීවිතේන්‍ද්‍රිය නැති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT13. ස. පු: නිරොධං සමාපන්නස්ස අත්ථී ජීවිතින්ද්රියන්ති.
Sinhala BJT13. ස. පු: නිරෝධයට සමවන්නහුට ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: කතමක්ඛන්ධපරියාපන්නන්ති.
Sinhala BJTස. පු: කිනම් ස්කන්‍ධයෙක ඇතුළත් වේ ද?
Pali BJTප. වි: සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නන්ති.
Sinhala BJTප. වි: සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි.
Pali BJTස. අනු: නිරොධං සමාපන්නස්ස අත්ථී සඞ්ඛාරක්ඛන්ධො’ති.
Sinhala BJTස. අනු: නිරෝධයට සමවන්නහුට සංස්කාරස්කන්‍ධ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: නිරොධං සමාපන්නස්ස අත්ථී සඞ්ඛාරක්ඛන්ධො’ති.
Sinhala BJT14. ස. පු: නිරෝධයට සමවන්නහුට සංස්කාරස්කන්‍ධ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිරොධං සමාපන්නස්ස අත්ථී වෙදනාක්ඛන්ධො -පෙ- සඤ්ඤාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො’ති.
Sinhala BJTස. අනු: නිරෝධයට සමවන්නහුට වේදනාස්කන්‍ධ ඇද්ද? … සංඥාස්කන්‍ධ ඇද්ද? … විඥානස්කන්‍ධ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: නිරොධං සමාපන්නස්ස අත්ථී වෙදනාක්ඛන්ධො -පෙ- සඤ්ඤාක්ඛන්ධා -පෙ- විඤ්ඤාණක්ඛන්ධො’ති.
Sinhala BJT15. ස. පු: නිරෝධයට සමවන්නහුට වේදනාස්කන්‍ධ ඇද්ද? … සංඥාස්කන්‍ධ ඇද්ද? … විඥානස්කන්‍ධ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: න නිරොධං සමාපන්නො’ති.
Sinhala BJTස. අනු: නිරෝධ සමාපන්න නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ස. පු: නත්ථී රූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJT16. ස. පු: රූප ජීවිතේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඤ්ඤසත්තානං නත්ථී ජීවිතින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අසංඥසත්ත්‍වයනට ජීවිතේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT17. ස. පු: අසඤ්ඤසත්තානං අත්ථී ජීවිතින්ද්රියන්ති.
Sinhala BJT17. ස. පු: අසංඥසත්ත්‍වයනට ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අසඤ්ඤසත්තානං අත්ථී ජීවිතින්ද්රියං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අසංඥසත්ත්‍වයන්ට ජීවිතේන්‍ද්‍රිය ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: නත්ථී රූපජීවිතින්ද්රියන්ති.
Sinhala BJTඅනු. පා: භවත ‘රූපජීවිතේන්‍ද්‍රිය නැති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT18. ස. පු: අසඤ්ඤසත්තානං අත්ථී ජීවිතින්ද්රියන්ති.
Sinhala BJT18. ස. පු: අසංඥසත්ත්‍වයනට ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: කතමක්ඛන්ධපරියාපන්නන්ති.
Sinhala BJTස. පු: කවර ස්කන්‍ධයෙක පර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. වි: සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නන්ති.
Sinhala BJTප. වි: සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි.
Pali BJTස. අනු: අසඤ්ඤසත්තානං නත්ථී සඞ්ඛාරක්ඛන්ධො’ති.
Sinhala BJTස. අනු: අසංඥසත්ත්‍වයනට සංස්කාරස්කන්‍ධ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
Pali BJT19. ස. පු: අසඤ්ඤසත්තානං අත්ථී සඞ්ඛාරක්ඛන්ධො’ති.
Sinhala BJT19. ස. පු: අසංඥසත්ත්‍වයනට සංස්කාරස්කන්‍ධ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඤ්ඤසත්තානං අත්ථී වෙදනාක්ඛන්ධො -පෙ- සඤ්ඤාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො’ති.
Sinhala BJTස. අනු: අසංඥසත්ත්‍වයනට වේදනාස්කන්‍ධ ඇද්ද? … සංඥාස්කන්‍ධ ඇද්ද? … විඥානස්කන්‍ධ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT20. ස. පු: අසඤ්ඤසත්තානං අත්ථී වෙදනාක්ඛන්ධො -පෙ- සඤ්ඤාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො’ති.
Sinhala BJT20. ස. පු: අසංඥසත්ත්‍වයනට වේදනාස්කන්‍ධ ඇද්ද? … සංඥාස්කන්‍ධ ඇද්ද? … විඥානස්කන්‍ධ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඤ්චවොකාරභවො’ති.
Sinhala BJTස. අනු: පඤ්චවෝකාරභව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ජීවිතේන්‍ද්‍රිය නම් චිත්තවිප්‍රයුක්ත අරූපධර්‍මයෙකැයි ද, එයින් ‘රූපජීවිතේන්‍ද්‍රිය නැත’ යනු ද පූර්‍වශෛලීය සමමිතීය නිකායවාසින්ගේ ලබ්ධියෙකි. උන්ගේ වාද බිඳුනට ජීවිතින්‍ද්‍රිය කථා එයි.]
Pali BJT21. ස. පු උපපත්තෙසියෙන චිත්තෙන සමුට්ඨිතං ජීවිතින්ද්රියං උපපත්තෙසියෙ චිත්තෙ භිජ්ජමානෙ එකදෙසං භිජ්ජතී’ති.
Sinhala BJT21. ස. පු: උපපත්තෙසියචිත්තයෙන් සමුත්‍ථිත ජීවිතේන්‍ද්‍රිය උපපත්තෙසියචිත්තය භිද්‍යාමාන වත් මැ ඒකදේශ වැ බිඳේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: උපපත්තෙසියෙන චිත්තෙන සමුට්ඨිතො ඵස්සො උප්පත්තෙසියෙ චිත්තෙ භිජ්ජමානෙ එකදෙසො භිජ්ජතී’ති.
Sinhala BJTස. අනු: උපපත්තෙසියචිත්තයෙන් සමුත්‍ථිත ස්පර්‍ශය උපපත්තෙසියචිත්තය භිද්‍යාමානවත් මැ ඒකදේශ වැ බිඳේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT22. ස. පු උපපත්තෙසියෙන චිත්තෙන සමුට්ඨිතො ඵස්සො උප්පත්තෙසියෙ චිත්තෙ භිජ්ජමානෙ අවසෙසො භිජ්ජතී’ති.
Sinhala BJT22. ස. පු: උපපත්තෙසිය චිත්තයෙන් සමුත්‍ථිත ස්පර්‍ශය එ සිත භිද්‍යාමාන වත් මැ අනවශේෂ වැ බිඳේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: උපපත්තෙසියෙන චිත්තෙන සමුට්ඨිතො ජීවිතින්ද්රියං උප්පත්තෙසියෙ චිත්තෙ භිජ්ජමානෙ අනවසෙසං භිජ්ජතී’ති.
Sinhala BJTස. අනු: උපපත්තෙසිය චිත්තයෙන් නැඟි ජීවිතේන්‍ද්‍රිය එ සිත භිද්‍යාමාන වත් මැ අනවශේෂ වැ බිඳේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT23. ප. පු: ද්වෙ ජීවිතින්ද්රියානී’ති.
Sinhala BJT23. ප. පු: ජීවිතේන්‍ද්‍රියයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ද්වීහි ජීවිතෙහි ජීවති, ද්වීහි මරණෙහි මීයතී’ති.
Sinhala BJTප. අනු: ජීවිත දෙකෙකින් ජීවත් වේ ද? මරණ දෙකෙකින් මැරේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා{1}
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTජීවිතින්ද්රියකථා නිට්ඨිතා.
Sinhala BJTජීවිතෙන්‍ද්‍රියකථා නිමි.
Pali BJT8. 11.
Sinhala BJT8. 11.
Pali BJTකම්මහෙතුකථා.
Sinhala BJTකම්මහේතු කථා
Pali BJT1. ස. පු: කම්මහෙතු අරහා අරහත්තා පරිහායතී’ති.
Sinhala BJT1. ස. පු: කර්‍මහේතුයෙන් රහත් රහත් බැවින් පිරිහී යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කම්මහෙතු සොතාපන්නො සොතාපත්තිඵලා පරිහායතී’ති.
Sinhala BJTස. අනු: කර්‍මහේතුයෙන් සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහී යේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: කම්මහෙතු අරහා අරහත්තා පරිහායතී’ති.
Sinhala BJT2. ස. පු: කර්‍මහේතුයෙන් රහත් රහත් බැවින් පිරිහී යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කම්මහෙතු සකදාගාමී -පෙ- අනාගාමී අනාගාමිඵලා පරිහායතී’ති.
Sinhala BJTස. අනු: කර්‍මහේතුයෙන් සෙදගැමි පුඟුල් … අනගැමි පුඟුල් අනගැමි ඵලයෙන් පිරිහී යේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …