Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9101-9200 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං ඵස්සවිප්පයුත්තං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT57. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අනාරම්මණං ඵස්සවිප්පයුත්තං අකුසලන්ති.
Sinhala BJT57. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපායතනං අනාරම්මණං ඵස්සවිප්පයුත්තං අකුසලන්ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT58. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අනාරම්මණං ඵස්සවිප්පයුත්තං අකුසලන්ති.
Sinhala BJT58. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො අනාරම්මණො ඵස්සවිප්පයුත්තො අකුසලො’ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතන … රසායතන … ස්ප්‍රෂ්ටව්‍යායතන … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු… අසුචි … අශ්‍රැ … ලෙහෙ … සෝදිය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT59. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපායතනං අනාරම්මණං ඵස්සවිප්පයුත්තං අබ්යාකතන්ති.
Sinhala BJT59. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අනාරම්මණං ඵස්සවිප්පයුත්තං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT60. ස. පු අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො අනාරම්මණො ඵස්සවිප්පයුත්තො අබ්යාකතො’ති.
Sinhala BJT60. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතන … රසායතන … ස්ප්‍රෂ්ටව්‍යායතන … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … අශ්‍රැ … ලෝහිත … ස්වේද අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අනාරම්මණං ඵස්සවිප්පයුත්තං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT61. ප. පු: න වත්තබ්බං රූපං කුසලම්පි අකුසලම්පි’ති.
Sinhala BJT61. ප. පු: රූපය ‘කුශල යැ’ යි ‘අකුශල යැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු කායකම්මං වචීකම්මං කුසලම්පි අකුසලම්පී’ති.
Sinhala BJTප. අනු: කායකර්‍ම වාක්කර්‍ම කුශලත් අකුශලත් වන්නේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි කායකම්මං වචීකම්මං කුසලම්පි, අකුසලම්පි,
Sinhala BJTඅනු. ඨ: ඉදින් කායකර්‍ම වාක්කර්‍ම කුශලත් අකුශලත් වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘රූපං කුසලම්පි අකුසලම්පී’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘රූපය කුශලත් අකුශලත් වේය’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT62. ස. පු: රූපං කුසලම්පි අකුසලම්පී’ති.
Sinhala BJT62. ස. පු: රූපය කුශලත් අකුශලත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛායතනං කුසලම්පි අකුසලම්පී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුරායතනය කුශලත් අකුශලත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT63. ස. පු: රූපං කුසලම්පි අකුසලම්පී’ති.
Sinhala BJT63. ස. පු: රූපය කුශලත් අකුශලත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව්හායතනං -පෙ- කායායතනං -පෙ- රූපායතනං -පෙ- සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවී ධාතු -පෙ- අපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො කුසලො’පි අකුසලොපී’ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝතායතනත … ඝ්‍රාණායතනය … ජිහ්වායතනය … කායායතනය … රූපායතනය … ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්පර්‍ශායතනය … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … අශ්‍රැ … රුධිර … ස්වේද කුශලත් අකුශලත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT64. ස. පු: කායො රූපං, කායකම්මං රූපන්ති.
Sinhala BJT64. ස. පු: කාය රූප වේ ද, කායකර්‍ම රූප වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මනො රූපං, මනොකම්මං රූපන්ති.
Sinhala BJTස. අනු: මනස රූප වේ ද, මනඃකර්‍ම රූප වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT65. ස. පු: මනො අරූපං, මනොකම්මං අරූපන්ති.
Sinhala BJT65. ස. පු: මනස අරූප වේ ද, මනඃකර්‍ම අරූප වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කායො අරූපං, කායකම්මං අරූපන්ති.
Sinhala BJTස. අනු: කාය අරූප වේ ද, කායකර්‍ම අරූප වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT66. ස. පු: කායො රූපං, කායකම්මං අරූපන්ති.
Sinhala BJT66. ස. පු: කාය රූප වෙයි, කාය කර්‍ම අරූප වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මනො රූපං, මනොකම්මං අරූපන්ති.
Sinhala BJTස. අනු: මනස රූප වේ ද, මනඃකර්‍ම අරූප වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT67. ස. පු: මනො අරූපං, මනොකම්මං අරූපන්ති.
Sinhala BJT67. ස. පු: මනස අරූප වෙයි, මනඃකර්‍ම අරූප වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කායො අරූපං, කායකම්මං අරූපන්ති.
Sinhala BJTස. අනු: කාය අරූප වේ ද, කායකර්‍ම අරූප වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT68. ස. පු: කායො රූපන්ති කායකම්මං රූපන්ති.
Sinhala BJT68. ස. පු: කාය රූප වේනුයි කායකර්‍ම රූප වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛායතනං රූපන්ති, චක්ඛුවිඤ්ඤාණං රූපන්ති.
Sinhala BJTස. අනු: චක්ඛායතනය රූප වේනුයි චක්‍ෂුර්විඥානය රූප වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT69. ස. පු: කායො රූපන්ති කායකම්මං රූපන්ති.
Sinhala BJT69. ස. පු: කය රූප වේනුයි කායකර්‍ම රූප වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතායතනං රූපන්ති, සොතවිඤ්ඤාණං රූපන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝත්‍රායතනය රූප වේනුයි ශ්‍රෝත්‍රවිඥානය රූප වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT70. ස. පු: කායො රූපන්ති කායකම්මං රූපන්ති.
Sinhala BJT70. ස. පු: කය රූප වේනුයි කායකර්‍ම රූප වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඝානායතනං රූපන්ති ඝානවිඤ්ඤාණං රූපන්ති.
Sinhala BJTස. අනු: ඝ්‍රාණායතන රූප වේනුයි ඝ්‍රාණවිඥානය රූප වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT71. ස. පු: කායො රූපන්ති කායකම්මං රූපන්ති.
Sinhala BJT71. ස. පු: කය රූප වේනුයි කායකර්‍ම රූප වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ජිව්හායතනං රූපන්ති ජිව්හාවිඤ්ඤාණං රූපන්ති.
Sinhala BJTස. අනු: ජිහ්වායතන රූප වේනුයි ජිහ්වාවිඥානය රූප වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT72. ස. පු: කායො රූපන්ති කායකම්මං රූපන්ති.
Sinhala BJT72. ස. පු: කය රූප වේනුයි කායකර්‍ම රූප වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කායායතනං රූපන්ති කායවිඤ්ඤාණං රූපන්ති.
Sinhala BJTස. අනු: කායායතන රූප වේනුයි කායවිඥාන රූප වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT73. ස. පු: රූපං කම්මන්ති.
Sinhala BJT73. ස. පු: රූපය කර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා”ති.{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නු: “මහණෙනි, මම චේතනාව කර්‍ම යැ යි කියමි. සිතා කයින් වචනයෙන් මනසින් කර්‍ම කෙරේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ආ: තෙන හි න වත්තබ්බං: ‘රූපං කම්ම’න්ති.
Sinhala BJTඅනු. ආ: එකරුණින් ‘රූපය කර්‍ම යැ’ යි නො කියැයුතු යැ.
Pali BJT74. ස. පු: රූපං කම්මන්ති.
Sinhala BJT74. ස. පු: රූපය කර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “කායෙ වා ආනන්ද සති කායසඤ්චෙතනා හෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, වාචාය වා ආනන්ද සති වචීසඤ්චෙතනා හෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, මනෙ වා ආනන්ද සති මනොසඤ්චෙතනා හෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛ”න්ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නු: “ආනන්‍දය, කය හෝ ඇති කල්හි කායසඤ්චේතනා හේතුයෙන් අධ්‍යාත්ම සුඛදුඃඛය උපදී. ආනන්‍දය, වචනය හෝ ඇති කල්හි වචීසඤ්චේතනා හේතුයෙන් අධ්‍යාත්ම සුඛදුඃඛ උපදී. මනස හෝ ඇති කල්හි මනෝසඤ්චේතනා හේතුයෙන් අධ්‍යාත්ම සුඛදුඃඛ උපදි” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ආ: තෙන හි න වත්තබ්බං රූපං කම්මන්ති.
Sinhala BJTඅනු. ආ: එකරුණින් ‘රූපය කර්‍ම යැ’ යි නො කියැයුතු යැ.
Pali BJT75. ස. පු: රූපං කම්මන්ති.
Sinhala BJT75. ස. පු: රූපය කර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “තිවිධා භික්ඛවෙ, කායසඤ්චෙත්තා අකුසලං කායකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකං, චතුබ්බිධා භික්ඛවෙ, වචීසඤ්චෙතනා අකුසලං වචීකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකං, තිවිධා භික්ඛවෙ, මනොසඤ්චෙතනා අකුසලං මනොකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකං. තිවිධා භික්ඛවෙ, කායසඤ්චෙතනා කුසලං කායකම්මං සුඛුද්රයං සුඛවිපාකං, චතුබ්බිධා භික්ඛවෙ, වචීසඤ්චෙතනා කුසලං වචීකම්මං සුඛුද්රයං සුඛවිපාකං, තිවිධා භික්ඛවෙ, මනොසඤ්චෙතනා කුසලං මනොකම්මං සුඛුද්රයං සුඛවිපාකන්ති” අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නු: “මහණෙනි, ත්‍රිවිධ කායසඤ්චේතනාව දුක් වූ දුඃඛවිපාක වූ අකුශල කායකර්‍ම වෙයි. මහණෙනි, චතුර්විධ වාක්සඤ්චෙතනාව දුක් වූ දුඃඛවිපාක වූ අකුශල වාක්කර්‍ම වෙයි. මහණෙනි, ත්‍රිවිධ මනඃසඤ්චේතනාව දුක් වූ දුඃඛවිපාක වූ අකුශල මනඃකර්‍ම වෙයි. මහණෙනි, ත්‍රිවිධ කායසඤ්චේතනාව සුඛ වූ සුඛවිපාක වූ කුශල කායකර්‍ම වෙයි. මහණෙනි, චතුර්විධ වාක්සඤ්චෙතනාව සුඛ වූ සුඛවිපාක වූ කුශලවාක්කර්‍ම වෙයි. මහණෙනි, ත්‍රිවිධ වූ මනඃසඤ්චේතනාව සුඛ වූ සුඛවිපාක වූ කුශලමනඃකර්‍ම වේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ආ: තෙන හි න වත්තබ්බං: ‘රූපං කම්ම’න්ති.
Sinhala BJTඅනු. ආ: එකරුණින් ‘රූපය කර්‍ම යැ’ යි නො කියැයුතු යැ.
Pali BJT76. ස. පු: රූපං කම්මන්ති.
Sinhala BJT76. ස. පු: රූපය කර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “සචායං ආනන්ද සමිද්ධි මොඝපුරිසො පාටලිපුත්තස්ස{1} පරිබ්බාජකස්ස එවං පුට්ඨො එවං බ්යාකරෙය්ය: සඤ්චෙතනියං ආවුසො පාටලිපුත්ත{1} කම්මං කත්වා කායෙන වාචාය මනසා සුඛවෙදනියං, සුඛං සො වෙදයති. සඤ්චෙතනියං ආවුසො පාටලිපුත්ත, කම්මං කත්වා කායෙන වාචාය මනසා දුක්ඛවෙදනියං, දුක්ඛං සො වෙදයති. සඤ්චෙතනියං ආවුසො පාටලිපුත්ත, කම්මං කත්වා කායෙන වාචාය මනසා අදුක්ඛමසුඛං වෙදනියං, අදුක්ඛමසුඛං සො වෙදයතී’ති. එවං බ්යාකරමානො ඛො ආනන්ද, සමිද්ධිමොඝපුරිසො පාටලිපුත්තස්ස පරිබ්බාජකස්ස සම්මාබ්යාකරමානො බ්යාකරෙය්යා”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නො: “ඉදින් ආනන්‍දය, මේ සමිද්ධි මෝඝපුරුෂපාටලීපුත්‍ර පරිව්‍රාජක විසින් මෙසේ පුළුවුස්නා ලද්දේ මෙසේ පවසන්නේ යැ. (කෙසේ යැ යත්:) ඇවැත්නි, පාටලීපුත්‍රය, කයින් වචසින් මනසින් සුඛවේදනාවට හිත සඤ්චේතනික කර්‍ම කොට හේ සුව විඳියි. ඇවැත්නි, පාටලීපුත්‍රය, කයින් වචසින් මනසින් දුඃඛවෙදනාවට හිත සඤ්චේතනික කර්‍ම කොට හේ දුක් විඳියි. ඇවැත්නි, පාටලීපුත්‍රය, කයින් වචසින් මනසින් උපේක්‍ෂා වේදනාවට හිත සඤ්චේතනික කර්‍ම කොට හේ නො දුක් නො සුව වේදනා විඳී යයි. ආනන්‍දය, මෙසේ පවසන සමිද්ධි මෝඝපුරුෂ පාටලීපුත්‍ර පරිව්‍රාජකහට මොනොවට පවසන්නේ වේ යයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTපටි. ආ: තෙන හි න වත්තබ්බං: රූපං කම්මන්ති.
Sinhala BJTප. අනු: එකරුණින් ‘රූපය කර්‍ම යැ’ යි නො කියැයුතු යැ.
Pali BJTරූපං කම්මන්තිකථා නිට්ඨිතා.
Sinhala BJTරූපං කම්මන්තිකථා නිමි.
Pali BJT8. 10.
Sinhala BJT8. 10.
Pali BJTජීවිතින්ද්රියකථා
Sinhala BJTජීවිතින්‍ද්‍රිය කථා
Pali BJT1. ස. පු: නත්ථී රූපං ජීවිතින්ද්රියන්ති.
Sinhala BJT1. ස. පු: රූපජීවිතේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නත්ථී රූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත්තනා පාලනාති.
Sinhala BJTස. අනු: රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: අත්ථී රූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත්තනා පාලනා’ති.
Sinhala BJT2. ස. පු: රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී රූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත්තනා පාලනා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘නත්ථී රූපං ජීවිතින්ද්රියන්ති.{1}
Sinhala BJTඅනු. පා: භවත,’රූපජීවිතේන්‍ද්‍රිය නැති’ යි නො කියැයුතු මැ යැ.