Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 801-900 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඤ්චන්නං ඛන්ධානං උපාදාය පඤ්චන්නං පුග්ගලානං පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: පඤ්චස්කන්‍ධයන් නිසා ‘පඤ්චපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT192. ස. පු: චක්ඛායතනං උපාදාය, සොතායතනං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT192. ස. පු: චක්‍ෂුරායතන නිසා ... ශ්‍රෝත්‍රායතන නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ආයතනානං උපාදාය ද්වින්නං පුග්ගලානං පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: ආයතනයන් දෙදෙනකුන් නිසා ‘ද්වීපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: චක්ඛායතනං උපාදාය -පෙ- සොතායතනං උපාදාය -පෙ- ධම්මායතනං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. පු: චක්‍ෂුරායතන නිසා ... ශ්‍රෝත්‍රායතන නිසා ... ධර්‍මායතන නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වාදසන්නං ආයතනානං උපාදාය ද්වාදසන්නං පුග්ගලානං පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: දොළොස් ආයතනයන් නිසා ‘ද්වාදශපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT193. ස. පු: චක්ඛුධාතුං උපාදාය, සොතධාතුං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT193. ස. පු: චක්‍ෂුර්ධාතු නිසා ... ශ්‍රෝත්‍රධාතු නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ධාතූනං උපාදාය ද්වින්නං පුග්ගලානං පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: ධාතූන් දෙදෙනකුන් නිසා ‘ද්වීපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: චක්ඛුධාතුං උපාදාය -පෙ- සොතධාතුං උපාදාය -පෙමනොවිඤ්ඤාණධාතුං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. පු: චක්‍ෂුර්ධාතු නිසා ... ශ්‍රෝත්‍රධාතු නිසා ... මනෝවිඥාන ධාතු නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨාරසන්නං ධාතූනං උපාදාය අට්ඨාරසන්නං පුග්ගලානං පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: අටළොස්ධාතූන් නිසා ‘අෂ්ටාදශපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT194. ස. පු: චක්ඛුන්ද්රියං උපාදාය, සොතින්ද්රියං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT194. ස. පු: චක්‍ෂුරින්‍ද්‍රිය නිසා ... ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඉන්ද්රියානං උපාදාය ද්වින්නං පුග්ගලානං පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: ඉන්‍ද්‍රියන් දෙදෙනකුන් නිසා ‘ද්වීපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: චක්ඛුන්ද්රියං උපාදාය -පෙ- සොතින්ද්රියං උපාදාය -පෙ- අඤ්ඤාතාවින්ද්රියං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. පු: චක්‍ෂුරින්‍ද්‍රිය නිසා ... ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නිසා ... අඤ්ඤාතාවින්‍ද්‍රිය නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: බාවීසතියා{2} ඉන්ද්රියානං උපාදාය බාවීසතියා{2} පුග්ගලානං පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: දෙවිසි ඉන්‍ද්‍රියයන් නිසා ‘ද්වාවිංශත්පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT195. ස. පු: එකවොකාරභවං උපාදාය එකස්ස පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT195. ස. පු: ඒකවෝකාරභව නිසා ‘ඒකපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චතුවොකාරභවං උපාදාය චතුන්නං පුග්ගලානං පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: චතුවෝකාරභව නිසා ‘චතුෂ්පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: එකවොකාරභවං උපාදාය එකස්ස පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. පු: ඒකවෝකාරභව නිසා ‘ඒකපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඤ්චවොකාරභවං උපාදාය පඤ්චන්නං පුග්ගලානං පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: පඤ්චවෝකාරභව නිසා ‘පඤ්චපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT196. ස. පු: එකවොකාරභවෙ එකො’ච පුග්ගලො’ති.
Sinhala BJT196. ස. පු: ඒකවෝකාරභවයෙහි එක් මැ පුද්ගලයෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චතුවොකාරභවෙ චත්තාරො’ච පුග්ගලා’ති.
Sinhala BJTස. අනු: චතුවෝකාරභවයෙහි සතර පුද්ගල කෙනෙක් මැ වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: එකවොකාරභවෙ එකො’ච පුග්ගලො’ති.
Sinhala BJTස. පු: ඒකවෝකාරභවයෙහි එක් මැ පුද්ගලයෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පඤ්චවොකාරභවෙ පඤ්චෙ’ව පුග්ගලා’ති.
Sinhala BJTස. අනු: පඤ්චවෝකාරභවයෙහි පස් පුද්ගල කෙනෙක් මැ වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT197. ස. පු: යථා රුක්ඛං උපාදාය ඡායාය පඤ්ඤත්ති, එවමෙවං රූපං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT197. ස. පු: යම් පරිදි වෘක්‍ෂය නිසා ‘ඡායාප්‍රඥප්ති’ වේ ද, එපරිදි මැ රූපය නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTයථා රුක්ඛං උපාදාය ඡායාය පඤ්ඤත්ති, රුක්ඛො’පි අනිච්චො, ඡායා’පි අනිච්චා, එවමෙවං රූපං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්ති, රූපම්පි අනිච්චං, පුග්ගලො’පි අනිච්චො’ති.
Sinhala BJTයම් පරිදි වෘක්‍ෂය නිසා ‘ඡායාප්‍රඥප්ති’ වේ ද; වෘක්‍ෂය ද අනිත්‍ය වේ ද, ඡායාවත් අනිත්‍ය වේ ද, එපරිදි මැ රූපය නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද, රූපත් අනිත්‍ය වේ ද, පුද්ගලත් අනිත්‍ය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: යථා රුක්ඛං උපාදාය ඡායාය පඤ්ඤත්ති, අඤ්ඤො රුක්ඛො, අඤ්ඤා ඡායා, එවමෙවං රූපං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්ති, අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTස. පු: යම් පරිදි වෘක්‍ෂය නිසා ‘ඡායාප්‍රඥප්ති’ වේ ද, වෘක්‍ෂය අනෙකෙක් වේ ද, ඡායා අනෙකක් වේ ද, එපරිදි මැ රූපය නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද, රූප අනෙකෙක් වේ ද, පුද්ගල අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT198. ස. පු: යථා ගාමං උපාදාය ගමිකස්ස පඤ්ඤත්ති, එවමෙවං රූපං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT198. ස. පු: යම් පරිදි ගම නිසා ‘ගමිකප්‍රඥප්ති’ වේ ද, එපරිදි මැ රූප නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTයථා ගාමං උපාදාය ගමිකස්ස පඤ්ඤත්ති, අඤ්ඤො ගාමො, අඤ්ඤො ගමිකො, එවමෙවං රූපං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්ති, අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTයම් පරිදි ගම නිසා ‘ගමිකප්‍රඥප්ති’ වේ ද, ‘ගම’ අනෙකෙක් වේ ද, ‘ගමික’ අනෙකෙක් වේ ද, එපරිදි මැ රූප නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද, රූප අනෙකෙක් වේ ද, පුද්ගල අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT199. ස. පු: යථා රට්ඨං උපාදාය රඤ්ඤො පඤ්ඤත්ති, එවමෙවං රූපං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති. යථා රට්ඨං උපාදාය රඤ්ඤො පඤ්ඤත්ති, අඤ්ඤං රට්ඨං, අඤ්ඤො රාජා, එවමෙවං රූපං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්ති, අඤ්ඤං රූපං අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJT199. ස. පු: යම් පරිදි රට නිසා ‘රාජප්‍රඥප්ති’ වේ ද, එපරිදි මැ රූප නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද, යම් පරිදි රට නිසා ‘රාජප්‍රඥප්ති’ වේ ද, රට අනෙකෙක් වේ ද, රජ අනෙකෙක් වේ ද, එපරිදි මැ රූප නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද, රූප අනෙකෙක් වේ ද, පුද්ගල අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJT200. ස. පු: යථා න නිගළො නෙගළිකො, යස්ස නිගළො සො නෙගළිකො, එවමෙවං න රූපං රූපවා, යස්ස රූපං සො රූපවා’ති.
Sinhala BJT200. ස. පු: යම් පරිදි නිගළ ‘නෙගළික’ නො වේ ද, යමක්හට හැකිළි බැමි ඇත් ද, හෙ ‘නෙගළික’ වේ ද, එපරිදි මැ රූප ‘රූපවත්’ නො වේ ද, යමක්හට රූප ඇත් ද හෙ ‘රූපවත්’ වේ ද?
Pali BJTයථා න නිගළො නෙගළිකො, යස්ස නිගළො සො නෙගළිකො, අඤ්ඤො නිගළො, අඤ්ඤො නෙගළිකො, එවමෙවං න රූපං රූපවා, යස්ස රූපා සො රූපවා, අඤ්ඤං රූපං, අඤ්ඤො රූපවා’ති.
Sinhala BJTයම් පරිදි නිගළ ‘නෙගළික’ නො වේ ද, යමක්හට හැකිළි බැමි ඇත් ද, හෙ ‘නෙගළික’ වේ ද; නිගළ අනෙකෙක් වේ ද, නෙගළික අනෙකෙක් වේ ද, එපරිදි මැ රූප ‘රූපවත්’ නො වේ ද, යමක්හට රූප ඇත් ද, හෙ ‘රූපවත්’ වේ ද, රූප අනෙකෙක් වේ ද, රූපවත් අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT201. ස. පු: චිත්තෙ චිත්තෙ පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT201. ස. පු: සිතක් සිතක් වත් මැ ‘පුද්ගල ප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. වනු: චිත්තෙ චිත්තෙ පුග්ගලො ජායති ජීයති මීයති චවති උපපජ්ජතී’ති.
Sinhala BJTස. අනු: සිතක් සිතක් වත් මැ පුද්ගල දෙනුයේ දිරනුයේ මියනුයේ සවනුයේ උපදනුයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJTස. පු: දුතියෙ චිත්තෙ උප්පන්නෙ න වත්තබ්බො සො’ති වා අඤ්ඤො’ති වා’ති.
Sinhala BJTස. පු: දෙවන සිත උපන් කලැ හෙ යැ හෝ අනෙකෙක් හෝ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුතියෙ චිත්තෙ උප්පන්නෙ න වත්තබ්බං කුමාරකො’ති වා කුමාරිකා’ති වා’ති.
Sinhala BJTස. අනු: දෙවන සිත උපන් කලැ ‘කුමාරක’ යයි හෝ ‘කුමාරිකා’ යයි හෝ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: වත්තබ්බං.
Sinhala BJTප. පටිඤ්ඤා: කියැයුතු යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: නිග්‍රහ පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි දුතියෙ චිත්තෙ උප්පන්නෙ න වත්තබ්බං සො’ති වා අඤ්ඤො’ති වා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් දෙවන සිත උපන් කලැ ‘හේ මැ යැ’ හෝ ‘අනෙකෙක් මැ යැ’ හෝ යි නො කියැයුතු යැ යි කියැයුතු වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ දුතියෙ චිත්තෙ උප්පන්නෙ න වත්තබ්බං කුමාරකො’ති වා කුමාරිකා’ති වා’ති,
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් තොප විසින් දෙ වැනි සිත උපන් කලැ ‘කුමාරයෙකැ’ යි හෝ ‘කුමාරියකැ’යි හෝ නො කියැයුතු යැ යි කියැයුතු යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො දුතියෙ චිත්තෙ උප්පන්නෙ න වත්තබ්බං සො’ති වා අඤ්ඤො’ති වා, දුතියෙ චිත්තෙ උප්පන්නෙ වත්තබ්බං කුමාරකො’ති වා කුමාරිකා’ති වා’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: දෙ වැනි සිත උපන් කලැ ‘හේ මැ යැ’ හෝ ‘අනෙකෙක් මැ යැ’ හෝ යි නො කියැයුතු යැයි ද, දෙ වැනි සිත උපන් කලැ ‘ කුමාරයෙකැ’යි හෝ ‘කුමාරියකැ’යි හෝ කියැයුතු යැ යි ද, යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යා යැ.
Pali BJTපටි. ඨ: හඤ්චි වා පන දුතියෙ චිත්තෙ උප්පන්නෙ වත්තබ්බං කුමාරකො’ති වා කුමාරිකා’ති වා,
Sinhala BJTපටි. ඨ: ඉදින් දෙ වැනි සිත උපන් කලැ ‘කුමාරයෙකැ’යි හෝ ‘කුමාරියකැ’යි හෝ කියැයුතු වේ නම්,
Pali BJTපටි. පා: තෙන වත රෙ වත්තබ්බෙ දුතියෙ චිත්තෙ උප්පන්නෙ වත්තබ්බං සො’ති වා අඤ්ඤො’ති වා.
Sinhala BJTපටි. පා: භවත, එහෙයින් දෙ වන සිත උපන් කලැ ‘හේ මැ යැ’ හෝ ‘අනෙකෙක් මැ යැ’ හෝයි කියැයුතු යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො දුතියෙ චිත්තෙ උප්පන්නෙ වත්තබ්බං සො’ති වා අඤ්ඤො’ති වා, දුතියෙ චිත්තෙ උප්පන්නෙ වත්තබ්බං කුමාරකො’ති වා කුමාරිකා’ති මිච්ඡා.
Sinhala BJTපටි. ආ: දෙවන සිත උපන් කලැ ‘කුමාරයෙකැ’යි හෝ ‘කුමාරියකැ’යි හෝ කියැයුතු යැයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යා යැ.
Pali BJT202. ස. පු: දුතියෙ චිත්තෙ උප්පන්නෙ න වත්තබ්බං සො’ති වා අඤ්ඤො’ති වා’ති.
Sinhala BJT202. ස. පු: දෙවන සිත උපන් කලැ ‘හේ මැ ය’ හෝ ‘අනෙකෙක් මැ යැ’ හෝ ය නො කියැයුතු යැයි ද, දෙවන සිත උපන් කලැ ‘හේ මැ යැ’ හෝ ‘අනෙකෙක් මැ යැ’ හෝ යි නො කියැයුතු ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුතියෙ චිත්තෙ උප්පන්නෙ න වත්තබ්බං ඉත්ථි’ති වා පුරිසො’ති වා ගහට්ඨො’ති වා පබ්බජිතො’ති වා දෙවො’ති වා මනුස්සො’ති වා’ති.
Sinhala BJTස. අනු: දෙවන සිත උපන් කලැ ‘ස්ත්‍රියකැ’ යි හෝ ‘පුරුෂයෙකැ’ යි හෝ ‘ගෘහස්ථයෙකැ’යි හෝ ‘ප්‍රව්‍රජිතයෙකැ’යි හෝ ‘දේවයෙකැ’යි හෝ ‘මනුෂ්‍යයෙකැ’යි හෝ නො කියැ යුතු ද?
Pali BJTප. පටිඤ්ඤා: වත්තබ්බං.
Sinhala BJTප. පටිඤ්ඤා: කියැයුතු යි.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි දුතියෙ චිත්තෙ උප්පන්නෙ න වත්තබ්බංසො’ති වා අඤ්ඤො’ති වා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් දෙවන සිත උපන් කලැ ‘හේ මැ යැ’ හෝ ‘අනෙකෙක් ම යැ’ හෝ යි නො කියැයුතු නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ දුතියෙ චිත්තෙ උප්පන්නෙ න වත්තබ්බං දෙවො’ති වා මනුස්සො’ති වා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එයින් දෙවන සිත උපන් කලැ ‘දේවයෙකැ’ යි හෝ ‘මනුෂ්‍යයෙකැ’යි නො කියැයුතු යැයි කියැයුතු යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො දුතියෙ චිත්තෙ උප්පන්නෙ න වත්තබ්බං සො’ති වා අඤ්ඤො’ති වා, දුතියෙ චිත්තෙ උප්පන්නෙ වත්තබ්බං දෙවො’ති වා මනුස්සො’ති වා’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: දෙවන සිත උපන් කලැ ‘හේ මැ යැ’ හෝ ‘අනෙකෙක් මැ යැ’ හෝ යි නො කියැයුතු යැයි ද, දෙවන සිත උපන් කලැ ‘දේවයෙකැ’යි හෝ ‘මනුෂ්‍යයෙකැ’යි හෝයි කියැයුතු යැ යනු කියැයුතු යයි ද යමක් එහි ලා කියෙහි නම්, ඒ මිථ්‍යා යැ.
Pali BJTපටි. ඨ: හඤ්චි වා පන දුතියෙ චිත්තෙ උප්පන්නෙ වත්තබ්බං දෙවො’ති වා මනුස්සො’ති වා,
Sinhala BJTපටි. ඨ: ඉදින් දෙවන සිත උපන් කලැ ‘දේවයෙකැ’ යි හෝ ‘මනුෂ්‍යයෙකැ’යි හෝ කියැයුතු වේ නම්,
Pali BJTපටි. පා: තෙන වත රෙ වත්තබ්බෙ දුතියෙ චිත්තෙ උප්පන්නෙ වත්තබ්බං සො’ති වා අඤ්ඤො’ති වා’ති.
Sinhala BJTපටි. පා: එයින් භවත, දෙවන සිත උපන් කලැ ‘හේ මැ යැ’ හෝ ‘අනෙකෙක් මැ යැ’ හෝයි කියැයුතු යයි කියැයුතු යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො දුතියෙ චිත්තෙ උප්පන්නෙ න වත්තබ්බං සො’ති වා අඤ්ඤො’ති වා, දුතියෙ චිත්තෙ උප්පන්නෙ වත්තබ්බං දෙවො’ති වා මනුස්සො’ති වා’ති මිච්ඡා -පෙ-
Sinhala BJTපටි. ආ: දෙවන සිත උපන් කලැ ‘හේ මැ යැ’ හෝ ‘අනෙකෙක් මැ යැ’ හෝයි නො කියැයුතු යයි ද දෙවන සිත උපන් කලැ ‘දේවයෙකැ’යි හෝ ‘මනුෂ්‍යයෙකැ’යි හෝ කියැයුතු යනු කියැයුතු යයි යමක් එහි ලා කියෙහි නම් ඒ මිථ්‍යා යැ.
Pali BJT203. ප. පු: න වත්තබ්බං ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT203. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ’ යයි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: නනු යො පස්සති, යං පස්සති, යෙන පස්සති, සො පස්සති, තං පස්සති, තෙන පස්සතී’ති.
Sinhala BJTප. පු: යම් පුද්ගලයෙක් දක්නේ වේ ද, යම් රූපයක් දක්නේ වේ ද, යම් ඇසෙකින් දක්නේ වේ ද, ඒ පුද්ගල දක්නේ, ඒ රූප දක්නේ, ඒ ඇසින් දක්නේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි යො පස්සති යං පස්සති, යෙන පස්සති, සො පස්සති තං පස්සති තෙන පස්සති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් යම් පුද්ගලයෙක් යම් රූපයක් යම් ඇසෙකින් දක්නේ වේ ද, ඒ පුද්ගල ඒ රූප ඒ ඇසින් දක්නේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එයින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ’ යයි කියයුතු යැ.
Pali BJT204. ප. පු: න වත්තබ්බං ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT204. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ’ යයි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: නනු යො සුණාති -පෙ- යො ඝායති -පෙ- යො සායති -පෙ- යො ඵුසති -පෙ- යො විජානාති යං විජානාති යෙන විජානාති, සො විජානාති තං විජානාති තෙන විජානාතී’ති.
Sinhala BJTප. පු: යම් පුද්ගලයෙක් අසන්නේ වේ නම් ... යම් පුද්ගලයෙක් ආඝ්‍රාණ කරන්නේ වේ නම් ... යම් පුද්ගලයෙක් ආස්වාද කරන්නේ වේ නම් ... යම් පුද්ගලයෙක් ස්පර්‍ශ කරන්නේ වේ නම් ... යම් පුද්ගලයෙක් යම් ධර්‍මයක් යම් විඤ්ඤාණයකින් විජානනා කරන්නේ වේ නම්, ඒ පුද්ගල ඒ ධර්‍මය ඒ විඤ්ඤාණයෙන් විජානනා කරන්නේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි යො විජානාති යං විජානාති යෙන විජානාති, සො විජානාති තං විජානාති තෙන විජානාති.
Sinhala BJTඅනු. ඨ: ඉදින්, යම් පුද්ගලයෙක් යම් ධර්‍මයක් යම් විඤ්ඤාණයෙකින් විජානනා කෙරේ ද, ඒ පුද්ගල ඒ ධර්‍මය ඒ විඤ්ඤාණයෙන් විජානනා කරන්නේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ’ යයි කියැයුතු මැ යැ.
Pali BJT205. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT205. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: නනු යො න පස්සති, යං න පස්සති, යෙන න පස්සති, සො න පස්සති, තං න පස්සති, තෙන න පස්සතී’ති.
Sinhala BJTස. පු: (අන්‍ධාදී) යමෙක් නො දක්නේ වී නම්, යම් රූපයක් නො දක්නේ වී නම්, යමෙකින් නො දක්නේ වී නම්, හේ නො දක්නේ, එය නො දක්නේ, එයින් නො දක්නේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි යො න පස්සති යං න පස්සති යෙන න පස්සති, සො න පස්සති තං න පස්සති තෙන පස්සති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් යමෙක් නො දක්නේ යමක් නො දක්නේ යමෙකින් නො දක්නේ වේ නම්, හෙ නො දක්නේ එය නො දක්නේ එයින් නො දක්නේ වෙයි.
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එයින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දක්නා ලැබේ යයි නො කියැයුතු මැ යැ.