Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ චක්ඛායතනං, අත්ථී රූපායතනං, න ච තෙන චක්ඛුනා තං රූපං පස්සතී’ති.
Sinhala BJTස. අනු: එහි චක්‍ෂුරායතන ඇත, රූපායතන ඇත, ඒ චක්‍ෂුසින් ඒ රූපාලම්බනය නො දක්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT22. ස. පු: අත්ථී තත්ථ කායායතනං, අත්ථී ඵොට්ඨබ්බායතනං, න ච තෙන කායෙන තං ඵොට්ඨබ්බං ඵුස්සතී’ති.
Sinhala BJT22. ස. පු: එහි කායායතන ඇත, ඵොට්ඨබ්බායතන ඇත, ඒ කයින් ඒ ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ නො කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ සොතායතනං, අත්ථී සද්දායතනං, -පෙ- අත්ථ තත්ථ මනායතනං, අත්ථී ධම්මායතනං, න ච තෙන මනෙන තං ධම්මං විජානාතී’ති.
Sinhala BJTස. අනු: එහි සෝතායතන ඇත, සද්දායතන ඇත … එහි මනායතන ඇත, එහි ධර්‍මායතන ඇත, ඒ මනසින් ඒ ධර්‍මය නො දන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT23. ස. පු: අත්ථී තත්ථ ඝානායතනං, අත්ථී ගන්ධායතනං, තෙන ඝානෙන තං ගන්ධං ඝායතී’ති.
Sinhala BJT23. ස. පු: එහි ඝ්‍රාණායතන ඇත, ගන්‍ධායතන ඇත. ඒ ඝ්‍රාණයෙන් ඒ ගන්‍ධය ආඝ්‍රාණ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ මූලගන්ධො සාරගන්ධො තචගන්ධො පත්තගන්ධො පුප්ඵගන්ධො ඵලගන්ධො ආමගන්ධො විස්සගන්ධො සුගන්ධො දුග්ගන්ධො’ති.
Sinhala BJTස. අනු: එහි මූලගන්‍ධ සාරගන්‍ධ ත්‍වග්ගන්‍ධ පත්‍රගන්‍ධ පුෂ්පගන්‍ධ ඵලගන්‍ධ ආමගන්‍ධ, (පූතිමාංසාදි) විස්‍රගන්‍ධ සුගන්‍ධ දුර්‍ගන්‍ධ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT24. ස. පු: අත්ථී තත්ථ ජිව්හායතනං, අත්ථී රසායතනං, තාය ජිව්හාය තං රසං සායතී’ති.
Sinhala BJT24. ස. පු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇත, ඒ දිවින් ඒ රස ආස්වාද කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ මූලරසො ඛන්ධරසො තචරසො පත්තරසො පුප්ඵරසො ඵලරසො අම්බිලං මධුරං තිත්තකං කටුකං ලොණියං ඛාරියං ලම්බිලං{*} කසාවො සාදු අසාදූ’ති.
Sinhala BJTස. අනු: එහි මූලරස ස්කන්‍ධරස ත්‍වග්රස පත්‍රරස පුෂ්පරස ඵලරස ආම්ල, මධුර තික්ත කටුක ලවණ ක්‍ෂාර, (ගිවුළු ආදි) ලපිලක කසට ස්වාදු අස්වාදු රස ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT25. ස. පු: අත්ථී තත්ථ කායායතනං, අත්ථී ඵොට්ඨබ්බායතනං, තෙන කායෙන තං ඵොට්ඨබ්බං ඵුස්සතී’ති.
Sinhala BJT25. ස. පු: එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇත, ඒ කයින් ඒ ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ කක්ඛලං මුදුකං සණ්හං{1} ඵරුසං සුඛසම්ඵස්සං දුක්ඛසම්ඵස්සං ගරුකං ලහුකන්ති.
Sinhala BJTස. අනු: එහි කර්‍කශ, මෘදු, ශ්ලක්‍ෂණ, පරුෂ සුඛසංස්පර්‍ශ, දුඃඛසංස්පර්‍ශ ගරුක ලඝුක ස්පර්‍ශ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT26. ස. පු: න වත්තබ්බං, ‘සළායතනිකො අත්තභාවො රූපධාතුයා’ති.
Sinhala BJT26. ප. පු: රූපධාතුයෙහි “ෂඩායතනික ආත්මභාවය” යනු නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අත්ථී තත්ථ ඝානනිමිත්තං ජිව්හානිමිත්තං කායනිමිත්තන්ති.
Sinhala BJTප. අනු: එහි ඝ්‍රාණනිමිත්ත ජිහ්වානිමිත්ත කායනිමිත්ත ඇත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී තත්ථ ඝානනිමිත්තං ජිව්හානිමිත්තං කායනිමිත්තං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් එහි ඝ්‍රාණනිමිත්ත ජිහ්වානිමිත්ත කායනිමිත්ත ඇත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: ‘සළායතනිකො අත්තභාවො රූපධාතුයා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘රූපධාතුයෙහි ආත්මභාවය ෂඩායතනික’ යයි කියැයුතු මැ යැ …
Pali BJTරූපධාතුයා ආයතනකථා නිට්ඨිතා.
Sinhala BJTරූපධාතුයා ආයතනකථා නිමි.
Pali BJT8. 8.
Sinhala BJT8. 8.
Pali BJTඅරූපෙ රූපකථා
Sinhala BJTඅරූපෙ රූපකථා
Pali BJT1. ස. පු: අත්ථී රූපං අරූපෙසූ’ති.
Sinhala BJT1. ස. පු: අරූපභවයෙහි රූප ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ, (ඕළාරිකරූපයෙන් වෙන් වූ සියුම්රූප ඇත යන ලබ්ධියෙන් කළ ප්‍රතිඥා යි.)
Pali BJTස. අනු: රූපභවො රූපගති රූපසත්තාවාසො රූපසංසාරො රූපයොනි රූපඅත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: රූපභව, රූපගති, රූපසත්ත්‍වාවාස, රූපසංසාර, රූපයෝනි, රූපආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: නනු අරූපභවො අරූපගති අරූපසත්තාවසො අරූපසංසාරො අරූපයොනි අරූපඅත්තභාවපටිලාභො’ති.
Sinhala BJT2. ස. පු: අරූපභව, අරූපගති, අරූපසත්ත්‍වාවාස, අරූපසංසාර, අරූපයෝනි, අරූපආත්මභාවප්‍රතිලාභ වන්නේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරූපභවො -පෙ- අරූපඅත්තභාව පටිලාභො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අරූපභව … අරූප ආත්මභාවප්‍රතිලාභ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී රූපං අරූපෙසු’ති.
Sinhala BJTඅනු. පා: භවත,‘අරූපභවයෙහි රූප ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අත්ථී රූපං අරූපෙසූ’ති.
Sinhala BJT3. ස. පු: අරූපභවයෙහි රූප ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඤ්චවොකාරභවො ගති සත්තාවාසො සංසාරො යොනි විඤ්ඤාණට්ඨිති අත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: පඤ්චවෝකාරභව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: නනු චතුවොකාර භවො -පෙ- අත්තභාවපටිලාභො’ති.
Sinhala BJT4. ස. පු: චතුවෝකාරභව … ආත්මභාවප්‍රතිලාභ වන්නේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි චතුවොකාරභවො ගති -පෙ- අත්තභාව පටිලාභො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් චතුවෝකාරභව, ගති, … ආත්මභාවප්‍රතිලාභ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: ‘අත්ථී රූපං අරූපෙසූ’ති.
Sinhala BJTඅනු. පා: භවත,‘අරූපභවයෙහි රූප ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: අත්ථී රූපං රූපධාතුයා. සො ච රූපභවො රූපගති. රූපසත්තාවාසො රූපසංසාරො රූපයොනි රූපඅත්තභාවපටිලාභො’ති.
Sinhala BJT5. ස. පු: රූපධාතුයෙහි රූප ඇත. එ ද රූපභව, රූපගති, රූපසත්ත්‍වාවාස, රූපසංසාර, රූපයෝනි, රූපආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී රූපං අරූපෙසු. සො ච රූපභවො රූපගති -පෙ- රූපත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) අරූපභවයෙහි රූප ඇත. එ ද රූපභව, රූපගති … රූපාත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: අත්ථී රූපං රූපධාතුයා. සො ච පඤ්චවොකාරභවො ගති -පෙ- අත්තභාවපටිලාභො’ති.
Sinhala BJT6. ස. පු: රූපධාතුයෙහි රූප ඇත. එ ද පඤ්චවෝකාරභව, ගති ... ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. අත්ථී රූපං අරූපෙසු. සො ච පඤ්චවොකාරභවො ගති -පෙ- අත්තභාව පටිලාභො’ති.
Sinhala BJTස. අනු: අරූපභවයෙහි රූප ඇත. එ ද පඤ්චවෝකාරභව, ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: අත්ථී රූපං අරූපෙසු. සො ච අරූපභවො අරූපගති අරූපසත්තාවාසො අරූපසංසාරො අරූපයොනි අරූපත්තභාවපටිලාභො’ති.
Sinhala BJT7. ස. පු: අරූපභවයෙහි රූප ඇත. එ ද අරූපභව, අරූපගති, අරූපසත්ත්‍වාවාස, අරූපසංසාර, අරූපයෝනි, අරූපආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී රූපං අරූපධාතුයා. සො ච අරූපභවො අරූපගති -පෙ- අරූපත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: අරූපධාතුයෙහි රූප ඇත. එ ද අරූපභව, අරූපගති … අරූපආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: අත්ථී රූපං අරූපෙසු. සො ච චතුවොකාරභවො ගති -පෙ- අත්තභාවපටිලාභො’ති.
Sinhala BJT8. ස. පු: අරූපභවයෙහි රූප ඇත. එ ද චතුවෝකාරභව, ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. අත්ථී රූපං අරූපධාතුයා. සො ච චතුවොකාරභාවො ගති -පෙ- අත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: අරූපධාතුයෙහි රූප ඇත. එ ද චතුවෝකාරභව, ගති, … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: අත්ථී රූපං අරූපෙසූ’ති.
Sinhala BJT9. ස. පු: අරූපභවයෙහි රූප ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු රූපානං නිස්සරණං අරූපං වුත්තං භගවතා’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රූපයන්ගේ නිස්සරණය (බැහැර කිරීම) අරූප’ යයි වදාරන ලද්දේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි රූපානං නිස්සරණං අරූපං වුත්තං භගවතා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රූපයන්ගේ නිස්සරණය අරූප’ යයි වදාරන ලද්දේ වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: ‘අත්ථී රූපං අරූපෙසූ’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අරූපභවයෙහි රූප ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT10. ස. පු: රූපානං නිස්සරණං අරූපං වුත්තං භගවතා. අත්ථී රූපං අරූපෙසූ’ති.
Sinhala BJT10. ස. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රූපයන්ගේ නිස්සරණය අරූප’ යයි වදාරන ලදි. අරූපභවයෙහි රූප ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමානං නිස්සරණං නෙක්ඛම්මං වුත්තං භගවතා. අත්ථී නෙක්ඛම්මෙසු කාමා, අත්ථී අනාසවෙසු ආසවා, අත්ථී අපරියාපන්නෙසු පරියාපන්නා’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයන්ගේ නිස්සරණය නෙක්ඛම්ම’ යයි වදාරන ලදි. නෙක්ඛම්මයෙහි කාමයෝ ඇද්ද? අනාස්‍රවයෙහි ආස්‍රවයෝ ඇද්ද? අපර්‍ය්‍යාපන්නයෙහි පර්‍ය්‍යාපන්නයෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTඅරූපෙ රූපකථා නිට්ඨිතා.
Sinhala BJTඅරූපෙ රූපකථා නිමි.
Pali BJT8. 9.
Sinhala BJT8. 9.
Pali BJTරූපං කම්මන්තිකථා.
Sinhala BJTරූපං කම්මන්ති කථා
Pali BJT1. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං කුසලන්ති.
Sinhala BJT1. ස. පු: කුශල චිත්තයා විසින් සමුත්‍ථිත (නගන ලද) කායකර්‍මරූප කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා ආභොගො සමන්නාහාරො මනසිකාරො චෙතනා පත්ථනා පණිධී’ති.
Sinhala BJTස. අනු: සාරම්මණ වේ ද? ඒ කුශලරූපයට ආවර්‍තනා, ආභෝග, සමන්‍වාහාර, මනසිකාර, ප්‍රාර්‍ත්‍ථනා - ප්‍රණිධි සඞ්ඛ්‍යාත චේතනා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. අනු: නනු අනාරම්මණං, නත්ථී තස්ස ආවට්ටනා ආභොගො සමන්නාහාරො මනසිකාරො චෙතනා පත්ථනා පණිධී’ති.
Sinhala BJT2. ස. පු: අනාරම්මණ නො වේ ද? ඒ කුශල රූපයට ආවර්‍තනා, ආභෝග, සමන්‍වාහාර, මනසිකාර, ප්‍රාර්‍ත්‍ථනා-ප්‍රණිධි සඞ්ඛ්‍යාත චේතනා නැත්තේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාරම්මණං, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනාරම්මණ වේ නම්, ඒ කුශලරූපයට ආවර්‍තනා, … ප්‍රාර්‍ත්‍ථනා - ප්‍රණිධි සඞ්ඛ්‍යාත චේතනා නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: ‘කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං කුසල’න්ති.
Sinhala BJTඅනු. පා: භවත,’කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප කුශල වේ ය’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතො ඵස්සො කුසලො සාරම්මණො, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT3. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශ කුශල වේ ද? සාරම්මණ වේ ද? එයට ආවර්‍තනා, … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං කුසලං සාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප සාරම්මණකුසල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතා වෙදනා -පෙ- සඤ්ඤා - චෙතනා - සද්ධා - විරියං - සති - සමාධි -පෙ- පඤ්ඤා කුසලා සාරම්මණා, අත්ථී තාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT4. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා - චේතනා- ශ්‍රද්ධා - වීර්‍ය්‍ය - ස්මෘති - සමාධි … ප්‍රඥා - සාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං කුසලං සාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප සාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං කුසලං අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT5. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප අනාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා, … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතො ඵස්සො කුසලො අනාරම්මණො, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශ අනාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං කුසලං අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT6. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප අනාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතා වෙදනා -පෙ- සඤ්ඤා - චෙතනා - සද්ධා - විරියං - සති - සමාධි -පෙ- පඤ්ඤා කුසලා අනාරම්මණා, නත්ථී තාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා - චේතනා … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා අනාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං කුසලන්ති.
Sinhala BJT7. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යං කිඤ්චි කුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපං සබ්බං තං කුසලන්ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත යම් මැ රූපයෙක් ඇත් නම්, ඒ හැම කුශල වේ ද?