Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8101-8200 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT10. ස. පු: සබ්බෙ සත්තා පඨවිං පරිභුඤ්ජන්තී’ති.
Sinhala BJT10. ස. පු: හැම සත්ත්‍වයෝ පෘථිවිය පරිභෝග කෙරෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කෙචි පඨවිං අපරිභුඤ්ජිත්වා පරිනිබ්බායන්තී’ති.
Sinhala BJTස. අනු: පෘථිවිය පරිභෝග නො කොට පිරිනිවෙන කිසි කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කෙචි කම්මවිපාකං අඛෙපෙත්වා පරිනිබ්බායන්තී’ති.
Sinhala BJTස. අනු: කර්‍මවිපාක නො ගෙවා පිරිනිවෙන කිසි කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: පඨවී චක්කවත්තිසත්තස්ස කම්මවිපාකො’ති.
Sinhala BJT11. ස. පු: පෘථිවිය චක්‍රවර්තිසත්ත්‍වහට කර්‍මවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤෙ සත්තා පඨවිං පරිභුඤ්ජන්තී’ති.
Sinhala BJTස. අනු: අන්‍ය සත්ත්‍වයෝ පෘථිවිය පරිභෝග කෙරෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්කවත්තිසත්තස්ස කම්මවිපාකං අඤ්ඤෙ සත්තා පරිභුඤ්ජන්තී’ති.
Sinhala BJTස. අනු: චක්‍රවර්තිසත්ත්‍වයාගේ කර්‍මවිපාකය අන්‍ය සත්ත්‍වයෝ පරිභෝග කෙරෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: චක්කවත්තිසත්තස්ස කම්මවිපාකං අඤ්ඤෙ සත්තා පරිභුඤ්ජන්තී’ති.
Sinhala BJT12. ස. පු: චක්‍රවර්තිසත්ත්‍වයාගේ කර්‍මවිපාකය අන්‍යසත්ත්‍වයෝ පරිභෝග කෙරෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්කවත්තිසත්තස්ස ඵස්සං වෙදනං සඤ්ඤං චෙතනං චිත්තං සද්ධං විරියං සතිං සමාධිං පඤ්ඤං අඤ්ඤෙ සත්තා පරිභුඤ්ජන්තී’ති.
Sinhala BJTස. අනු: චක්‍රවර්තිසත්ත්‍වයාගේ ස්පර්‍ශය වේදනාව සංඥාව චේතනාව චිත්තය ශ්‍රද්ධාව වීර්‍ය්‍යය ස්මෘතිය සමාධිය ප්‍රඥාව අන්‍යසත්ත්‍වයෝ පරිභෝග කෙරෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ප. පු: න වත්තබ්බං ‘පඨවී කම්මවිපාකො’ති.
Sinhala BJT13. ප. පු: ‘පෘථිවිය කර්‍මවිපාක යැ’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අත්ථී ඉස්සරියසංවත්තනියං{1} කම්මං ආධිපච්චසංවත්තනියං{2} කම්මන්ති.
Sinhala BJTප. අනු: ඉසුරුබව පිණිස පවත්නා කර්‍ම අධිපතිබව පිණිස පවත්නා කර්‍ම ඇත් නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි{3} අත්ථී ඉස්සරියසංවත්තනියං කම්මං ආධිපච්චසංවත්තනියං කම්මං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ඉසුරුබව පිණිස පවත්නා කර්‍ම අධිපතිබව පිණිස පවත්නා කර්‍ම ඇත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘පඨවී කම්මවිපාකො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘පෘථිවිය කර්‍මවිපාක යැ’ යි කියැයුතු මැ යැ.
Pali BJTපඨවී කම්මවිපාකොතිකථා නිට්ඨිතා.
Sinhala BJTපඨවී කම්මවිපාකොතිකථා නිමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘පෘථිවිය කර්‍මවිපාකයකැ’ අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පඨවී කම්මවිපාකො’ ති කථා එයි.]
Pali BJT7. 8.
Sinhala BJT7. 8.
Pali BJTජරාමරණං විපාකොති කථා.
Sinhala BJTජරාමරණං විපාකොති කථා
Pali BJT1. ස. පු: ජරාමරණං විපාකො’ති.
Sinhala BJT1. ස. පු: ජරාමරණ විපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සුඛවෙදනියං දුක්ඛවෙදනියං අදුක්ඛමසුඛවෙදනියං, සුඛාය වෙදනාය සම්පයුත්තං, දුක්ඛාය වෙදනාය සම්පයුත්තං, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං, ඵස්සෙන සම්පයුත්තං, වෙදනාය සම්පයුත්තං, සඤ්ඤාය සම්පයුත්තං, චෙතනාය සම්පයුත්තං, චිත්තෙන සම්පයුත්තං, සාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා ආභොගො සමන්නාහාරො මනසිකාරො චෙතනා පත්ථනා පණිධී’ති.
Sinhala BJTස. අනු: (ජරාමරණ) සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, උපේක්‍ෂාවේදනාවට නිසි වේ ද, සුඛවේදනාවෙන් සම්ප්‍රයුක්ත වේ ද, දුඃඛවෙදනාවෙන් සම්ප්‍රයුක්ත වේ ද, උපේක්‍ෂා වේදනාවෙන් සම්ප්‍රයුක්ත වේ ද, ස්පර්‍ශයෙන් සම්ප්‍රයුක්ත වේ ද, වේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, සංඥායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චේතනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද, සාරම්මණ වේ ද, එයට ආවර්‍තනා, ආභෝග, සමන්‍වාහාර, මනසිකාර, චේතනා, ප්‍රාර්‍ත්‍ථනා, ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු න සුඛවෙදනියං, න දුක්ඛවෙදනියං, -පෙ- අනාරම්මණං, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: සුඛවේදනාට නිසි නො වනු වේ ද, දුඃඛ වේදනාවට නිසි නො වනු වේ ද, ... අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි න සුඛවෙදනියං, න දුක්ඛවෙදනියං -පෙ- අනාරම්මණං, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සුඛවේදනාවට නිසි නො වනු වේ නම්, දුඃඛවෙදනාවට නිසි නො වනු වේ නම් … අනාරම්මණ වේ නම්, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ{1} ‘ජරාමරණං විපාකො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ජරාමරණ විපාකයහ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: ඵස්සො විපාකො. ඵස්සො සුඛවෙදනියො, දුක්ඛවෙදනියො -පෙ- සාරම්මණො, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT2. ස. පු: ස්පර්‍ශය විපාක වෙයි. ස්පර්‍ශය සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද … සාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ජරාමරණං විපාකො. ජරාමරණං සුඛවෙදනියං දුක්ඛවෙදනියං -පෙ- සාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) ජරාමරණ විපාක වෙයි. ජරාමරණ සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, … සාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: ජරාමරණං විපාකො. ජරාමරණං න සුඛවෙදනියං, න දුක්ඛවෙදනියං -පෙ- අනාරම්මණං, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT3. ස. පු: (තොප මතයෙහි) ජරාමරණ විපාක වෙයි. ජරාමරණ සුඛවේදනාවට නිසි නො වේ ද, දුඃඛවෙදනාවට නිසි නො වේ ද … අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඵස්සො විපාකො. ඵස්සො න සුඛවෙදනියො, න දුක්ඛවෙදනියො -පෙ- අනාරම්මණො, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශය විපාක වෙයි. ස්පර්‍ශය සුඛවේදනාවට නිසි නො වේ ද, දුඃඛවෙදනාවට නිසි නො වේ ද, අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: අකුසලානං ධම්මානං ජරාමරණං අකුසලානං ධම්මානං විපාකො’ති.
Sinhala BJT4. ස. පු: අකුශලධර්‍මයන්ගේ ජරාමරණ අකුශලධර්‍මයන්ගේ විපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලානං ධම්මානං ජරාමරණං කුසලානං ධම්මානං විපාකො’ති.
Sinhala BJTස. අනු: කුශලධර්‍මයන්ගේ ජරාමරණ කුශලධර්‍මයන්ගේ විපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: කුසලානං ධම්මානං ජරාමරණං වත්තබ්බං ‘කුසලානං ධම්මානං විපාකො’ති.
Sinhala BJT5. ස. පු: කුශලධර්‍මයන්ගේ ජරාමරණ ‘කුශලධර්‍මයන්ගේ විපාක’ යැයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලානං ධම්මානං ජරාමරණං න වත්තබ්බං ‘අකුසලානං ධම්මානං විපාකො’ති.
Sinhala BJTස. අනු: අකුශලධර්‍මයන්ගේ ජරාමරණ ‘අකුශලධර්‍මයන්ගේ විපාක’ යැයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: කුසලානං ධම්මානං ජරාමරණං අකුසලානං ධම්මානං විපාකො’ති.
Sinhala BJT6. ස. පු: කුශලධර්‍මයන්ගේ ජරාමරණ අකුශලධර්‍මයන්ගේ විපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලානං ධම්මානං ජරාමරණං කුසලානං ධම්මානං විපාකො’ති.
Sinhala BJTස. අනු: අකුශලධර්‍මයන්ගේ ජරාමරණ කුශලධර්‍මයන්ගේ විපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: අකුසලානං ධම්මානං ජරාමරණං න වත්තබ්බං ‘කුසලානං ධම්මානං විපාකො’ති.
Sinhala BJT7. ස. පු: අකුශලධර්‍මයන්ගේ ජරාමරණ ‘කුශලධර්‍මයන්ගේ විපාක’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලානං ධම්මානං ජරාමරණං න වත්තබ්බං ‘අකුසලානං ධම්මානං විපාකො’ති.
Sinhala BJTස. අනු: කුශලධර්‍මයන්ගේ ජරාමරණ ‘අකුශලධර්‍මයන්ගේ විපාක’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: කුසලානඤ්ච අකුසලානඤ්ච ධම්මානං ජරාමරණං අකුසලානං ධම්මානං විපාකො’ති.
Sinhala BJT8. ස. පු: කුශල වූත් අකුශල වූත් ධර්‍මයන්ගේ ජරාමරණ අකුශලධර්‍මයන්ගේ විපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලානඤ්ච අකුසලානඤ්ච ධම්මානං ජරාමරණං කුසලානං ධම්මානං විපාකො’ති.
Sinhala BJTස. අනු: කුශල වූත් අකුශල වූත් ධර්‍මයන්ගේ ජරාමරණ කුශලධර්‍මයන්ගේ විපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: කුසලානඤ්ච අකුසලානඤ්ච ධම්මානං ජරාමරණං න වත්තබ්බං කුසලානං ධම්මං විපාකො’ති.
Sinhala BJT9. ස. පු: කුශල වූත් අකුශල වූත් ධර්‍මයන්ගේ ජරාමරණ ‘කුශලධර්‍මයන්ගේ විපාක’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලානඤ්ච අකුසලානඤ්ච ධම්මානං ජරාමරණං න වත්තබ්බං ‘අකුසලානං ධම්මානං විපාකො’ති.
Sinhala BJTස. අනු: කුශල වූත් අකුශල වූත් ධර්‍මයන්ගේ ජරාමරණ ‘අකුශලධර්‍මයන්ගේ විපාක’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: න වත්තබ්බං “ජරාමරණං විපාකො’ති.
Sinhala BJT10. ප. පු: ‘ජරාමරණ විපාකය’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අත්ථී දුබ්බණ්ණසංවත්තනියං කම්මං, අප්පායුකසංවත්තනියං කම්මන්ති.
Sinhala BJTප. අනු: දුර්‍වර්‍ණසංවර්‍තනිකකර්‍ම, අල්පායුෂසංවර්‍තනිකකර්‍ම ඇත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී දුබ්බණ්ණසංවත්තනියං කම්මං, අප්පායුකසංවත්තනියං කම්මං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් දුර්‍වර්‍ණය පිණිස පවත්නා කර්‍ම, අල්පායුෂ පිණිස පවත්නා කර්‍ම ඇත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘ජරාමරණං විපාකො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘ජරාමරණ කර්‍මවිපාකයහ’ යි කියැයුතු මැ යැ.
Pali BJTජරාමරණං විපාකොතිකථා නිට්ඨිතා.
Sinhala BJTජරාමරණං විපාකොතිකථා නිමි.
Pali BJT7. 9.
Sinhala BJT7. 9.
Pali BJTඅරියධම්මවිපාකකථා
Sinhala BJTඅරියධම්මවිපාක කථා
Pali BJT1. ස. පු: නත්ථී අරියධම්මවිපාකො’ති.
Sinhala BJT1. ස. පු: (මාර්‍ග සඞ්ඛ්‍යාත) ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු මහප්ඵලං සාමඤ්ඤං, මහප්ඵලං බ්රහ්මඤ්ඤන්ති.
Sinhala BJTස. අනු: (මාර්‍ග සඞ්ඛ්‍යාත) ශ්‍රාමණ්‍යය මහත්ඵල නො වේ ද? (මාර්‍ග සඞ්ඛ්‍යාත) බ්‍රාහ්මණ්‍යය මහත්ඵල නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි මහප්ඵලං සාමඤ්ඤං, මහප්ඵලං, බ්රහ්මඤ්ඤං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ශ්‍රාමණ්‍යය මහත්ඵල වේ නම්, බ්‍රාහ්මණ්‍යය මහත්ඵල වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘නත්ථී අරියධම්මවිපාකො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: නත්ථී අරියධම්මවිපාකො’ති.
Sinhala BJT2. ස. පු: ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථී සොතාපත්තිඵලන්ති.
Sinhala BJTස. අනු: සෝවත්ඵල ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී සොතාපත්තිඵලං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සෝවත්ඵල ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘නත්ථී අරියධම්මවිපාකො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTස. අනු: නනු අත්ථී සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තඵලන්ති.
Sinhala BJTස. අනු: සෙදගැමිඵල … අනගැමිඵල … රහත්ඵල ඇත් නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී අරහත්තඵලං.
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්ඵල ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘නත්ථී අරියධම්මවිපාකො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: සොතාපත්තිඵලං න විපාකො’ති.
Sinhala BJT3. ස. පු: සෝවත්ඵල විපාක නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දානඵලං න විපාකො’ති.
Sinhala BJTස. අනු: දානඵල විපාක නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: සොතාපත්තිඵලං න විපාකො’ති.
Sinhala BJT4. ස. පු: සෝවත්ඵල විපාක නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සීලඵලං -පෙ- භාවනාඵලං න විපාකො’ති.
Sinhala BJTස. අනු: සීලඵලය … භාවනාඵලය විපාක නො වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[අන්‍ධකනිකායවාසීන් සෙයින් ‘ජරාමරණ දෙක කර්‍මවිපාක වෙති’ යි ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ජරා මරණං විපාකො’ ති කථා එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …