Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8001-8100 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅනු. ඨ: හඤ්චි දායකො දානං දෙති, පටිග්ගාහකො පටිග්ගහෙත්වා න පරිභුඤ්ජති ජඩ්ඪෙති විස්සජ්ජෙති. හොති පුඤ්ඤං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් දායකයා දන් දේ නම්, ප්‍රතිග්‍රාහක පිළිගෙන නො වළඳා නම්, හැරපියා නම්, ඉවත ලයි නම්, එ ද පුණ්‍ය වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පරිභොගමයං පුඤ්ඤං වඩ්ඩතී’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘පරිභෝගමය පුණ්‍ය වැඩේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT10. ස. පු: පරිභොගමයං පුඤ්ඤං වඩ්ඪතී’ති.
Sinhala BJT10. ස. පු: පරිභෝගමය පුණ්‍ය වැඩේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දායකො දානං දෙති, පටිග්ගාහකෙ පටිග්ගහිතෙ රාජානො වා හරන්ති, චොරා වා හරන්ති, අග්ගි වා දහති, උදකං වා වහති, අප්පියා වා දායාදා හරන්ති. හොති පුඤ්ඤන්ති.
Sinhala BJTස. අනු: දායකයා දන් දෙයි. ප්‍රතිග්‍රාහකයා පිළිගත් කල්හි රජහු හෝ පැහැර ගනිති. සොරු හෝ පැහැර ගනිති. ගිනි හෝ දවයි. දිය හෝ උසුලා යෙයි. අප්‍රිය දායාදයෝ හෝ පැහැර ගනිති. එ ද පුණ්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි දායකො දානං දෙති, පටිග්ගාහකෙ පටිග්ගහිතෙ රාජානො වා හරන්ති, චොරා වා හරන්ති, අග්ගි වා දහති, උදකං වා වහති, අප්පියා ව දායාදා හරන්ති, හොති පුඤ්ඤං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් දායකයා දන් දෙයි, ප්‍රතිග්‍රාහක පිළිගත් කල්හි රජහු හෝ පැහැර ගනිති, සොරහු හෝ පැහැර ගනිති, ගිනි හෝ දවයි, දිය හෝ උසුලාගෙන යයි, අප්‍රිය දායාදයෝ හෝ පැහැර ගනිති, එ ද පුණ්‍ය වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පරිභොගමයං පුඤ්ඤං වඩ්ඩතී’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘පරිභෝගමය පුණ්‍ය වැඩේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJTපරිභොගමයපුඤ්ඤකථා නිට්ඨිතා.
Sinhala BJTපරිභෝගමය පුඤ්ඤකථා නිමි.
Pali BJT7. 6.
Sinhala BJT7. 6.
Pali BJTඉතොදින්නකථා.
Sinhala BJTඉතො දින්නකථා
Pali BJT1. ඉතො දින්නෙන තත්ථ යාපෙන්තී’ති.
Sinhala BJT1. ස. පු: මෙලොවින් දුන් දැයින් එලොව යැපෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඉතො චීවරං දෙන්ති, තං චීවරං තත්ථ පරිභුඤ්ජන්තී”ති.
Sinhala BJTස. අනු: මෙලොව සිවුරු දෙති, ඒ සිවුර එලොව පරිභෝග කෙරෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“තෙසං දිවා ච රත්තො ච සදා පුඤ්ඤං පවඩ්ඪති” ආදි සූත්‍ර නුනුවණින් ගෙන ‘පරිභෝගමය’ නම් පුණ්‍යයෙක් ඇතැයි රාජගිරික සිද්ධත්‍ථික සම්මිතිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට පරිභෝගමය පුණ්‍යකථා එයි.]
Pali BJTස. අනු: ඉතො පිණ්ඩපාතං දෙන්ති -පෙ- ඉතො සෙනාසනං දෙන්ති -පෙ- ඉතො ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං දෙන්ති -පෙ- ඉතො ඛාදනීයං දෙන්ති -පෙ- ඉතො පානීයං දෙන්ති, තං පානීයං තත්ථ පරිභුඤ්ජන්තී’ති.
Sinhala BJTස. අනු: මෙලොව පිඬුවා දෙති … මෙලොව සෙනසුන් දෙති … මෙලොව ගිලන්පස බෙහෙත් පිරිකර දෙති … මෙලොව ඛාද්‍ය දෙති … මෙලොව පැන් දෙති. ඒ පැන් එලොව පරිභෝග කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ඉතො දින්නෙන තත්ථ යාපෙන්තී’ති.
Sinhala BJT2. ස. පු: මෙලොව දුන් දැයින් එලොව යැපෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤො අඤ්ඤස්ස කාරකො, පරකතං සුඛදුක්ඛං, අඤ්ඤො කරොති, අඤ්ඤො පටිසංවෙදෙතී’ති.
Sinhala BJTස. අනු: අනෙකක්හට (විපාකකාරක කරුණු පිළිබඳ වැ) අනෙකෙක් කාරක වේ ද, සුඛදුඃඛ පරකෘත වේ ද? අන්‍යයෙක් කෙරේ ද, අන්‍යයෙක් විපාක විඳුනේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ප. පු: න වත්තබ්බං ඉතො දින්නෙන තත්ථ යාපෙන්ති’ති.
Sinhala BJT3. ප. පු: ‘මෙහි දුන් දැයින් එහි යැපෙති’ යනු නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු පෙතා අත්තනො අත්ථාය දානං දෙන්තං අනුමොදෙන්ති, චිත්තං පසාදෙන්ති, පීතිං උප්පාදෙන්ති, සොමනස්සං පටිලභන්තී’ති.
Sinhala BJTප. අනු: ප්‍රෙතයෝ තමන් සඳහා දෙන දන අනුමෙවෙනි කරන්නාහු සිත පහදවන්නාහු ප්‍රීතිය උපදවන්නාහු සොම්නස් ලබන්නාහු නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පෙතා අත්තනො අත්ථාය දානං දෙන්තං අනුමොදෙන්ති, චිත්තං පසාදෙන්ති, පීතිං උප්පාදෙන්ති, සොමනස්සං පටිලභන්ති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ප්‍රෙතයෝ තමන් සඳහා දෙන දන අනුමෙවෙනි කරන්නාහු (එයින්) සිත පහදවන්නාහු ප්‍රීතිය උපදවන්නාහු සොම්නස් ලබන්නාහු වෙත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘ඉතො දින්නෙන තත්ථ යාපෙන්ති’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘මෙහි දුන් දැයින් එයි යැපෙති’ යනු කියැයුතු මැ යැ.
Pali BJT4. ප. පු: න වත්තබ්බං ‘ඉතො දින්නෙන තත්ථ යාපෙන්තී’ති.
Sinhala BJT4. ප. පු: ‘මෙලොවින් දුන් දැයින් එලොව යැපෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
Pali BJT“උන්නමෙ උදකං වුට්ඨං යථා නින්නං පවත්තති එවමෙව ඉතො දින්නං පෙතානං උපකප්පති.
Sinhala BJT“උස්බිම්හි වට දිය යම් සේ නිම්නස්ථානයට ගලා සේ ද, එ පරිදි මැ මෙලොවින් දුන් දැය ප්‍රේතයනට එළවයි.
Pali BJTයථා වාරිවහා පූරා පරිපූරෙන්ති සාගරං එවමෙව ඉතො දින්නං පෙතානං උපකප්පති.
Sinhala BJTයම් සේ වතුරුගත් නදීහු සයුර පුරත් ද, එ පරිදි මැ මෙලොවින් දුන් දැය ප්‍රේතයනට එළවයි.
Pali BJTන හි තත්ථ කසී අත්ථී ගොරක්ඛෙත්ථ න විජ්ජති වණිජ්ජා තාදිසී නත්ථී හිරඤ්ඤෙන කයාකයං{1} ඉතො දින්නෙන යාපෙන්ති පෙතා කාලකතා{2}තහි”න්ති.{a}
Sinhala BJTඑහි කෘෂිකර්‍ම නැත් මැ යැ. ගෝරක්‍ෂා නො පැනෙයි. එබඳු වණික්කර්‍ම ද නැත. හිරණ්‍යයෙන් ගනුදෙනු ද නැති. කලුරිය කළ ප්‍රෙතයෝ මෙලොවින් දුන් දැයින් එලොව යැපෙති”යි
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි ‘ඉතො දින්නෙන තත්ථ යාපෙන්තී’ති.
Sinhala BJTප. නිග: එකරුණින් මෙලොවින් දුන් දැයින් එලොව යැපෙති.
Pali BJT5. ප. පු: න වත්තබ්බං ‘ඉතො දින්නෙන තත්ථ යාපෙන්තී’ති.
Sinhala BJT5. ප. පු: ‘මෙලොවින් දුන් දැයින් එලොව යැපෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “පඤ්චිමානි භික්ඛවෙ ඨානානි සම්පස්සන්තා මාතාපිතරො පුත්තං ඉච්ඡන්ති කුලෙ ජායමානං. කතමානි පඤ්ච: භතො වා නො භරිස්සති, කිච්චං වා නො කරිස්සති, කුලවංසො චිරං ඨස්සති, දායජ්ජං{3} පටිපජ්ජිස්සති,{4} අථවා පන පෙතානං කාලකතානං දක්ඛිණං අනුප්පදස්සති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්චඨානානි සම්පස්සන්තා මාතාපිතරො පුත්තං ඉච්ඡන්ති කුලෙ ජායමානන්ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නු: “මහණෙනි, මේ කරුණු පසක් දක්මින් මව්පියෝ කුලයෙහි උපදනා දරුවා කැමැති වෙති. කවර පසෙක යත්: පුස්නාලද එදරු අප ද පුස්නේ යැ, අපගේ කෘත්‍ය ද කරන්නේ යැ, කුලවංශය චිරකල් තබන්නේ යැ, දායාද පිළිපදනේ යැ, තව ද කලුරිය කළ ප්‍රේතයනට (අපට) දක්‍ෂිණා දෙන්නේ යි. මහණෙනි, මෙ කරුණු පස දක්මින් මව්පියෝ කුලෙහි උපදනා දරුවා කැමැති වෙති.
Pali BJTපඤ්චඨානානිසම්පස්සං පුත්තං ඉච්ඡන්ති පණ්ඩිතා භතො වා නො භරිස්සති කිච්චං වා නො කරිස්සති.
Sinhala BJTපණ්ඩිත වූ දෙමාපියෝ කරුණු පසක් දක්මින් පුතු කැමැති වෙති. කවර පසෙක යත්: පුස්නාලද පුත් අප ද පුස්නේ යැ. අප ගේ කිස ද කරන්නේ යැ.
Pali BJTකුලවංසො චිරං තිට්ඨෙ දායජ්ජං පටිපජ්ජිස්සති අථවා පන පෙතානං දක්ඛිණානුප්පදස්සති{1}
Sinhala BJTකුලවංශය බොහෝ කල් සිටුනේ යැ, දායාද්‍යය පිළිපදනේ යැ. වැළිත් පරලෝ ගිය අපට දක්‍ෂිණාමය පුණ්‍යය දෙන්නේ යැ.
Pali BJTඨානානෙතානි සම්පස්සං පුත්තං ඉච්ඡන්ති පණ්ඩිතා තස්මා සන්තො සප්පුරිසා කතඤ්ඤූ කතවෙදිනො
Sinhala BJTපණ්ඩිත වූ දෙමාපියෝ තෙල කරුණු දක්මින් පුතු (දරු) කැමැති වෙති. එහෙයින් කෘතඥ කෘතවේදී ශාන්ත සත්පුරුෂ පුත්‍රයෝ (දරුවෝ),
Pali BJTභරන්ති මාතාපිතරො පුබ්බෙකතතමනුස්සරං{2} කරොන්ති තෙසං කිච්චානි යථා තං පුබ්බකාරිනං
Sinhala BJTපෙර දෙමාපියන් කළ උපකාර සිහි කරන්නාහු මාපියන් පුස්නාහ. යම් පරිදි පෙර උපකාර කළාවුනට ප්‍රත්‍යුපකාර කළයුතු වේ ද, එපරිදි ඔවුන්ගේ කිස කරන්නාහ.
Pali BJTඔවාදකාරී භතපොසී කුලවංසං අහාපයං සද්ධො සීලෙන සම්පන්නො පුත්තො හොති පසංසියො’ති.{a}
Sinhala BJTමවුපියන් ඔවා කරනසුලු යම් කෙනකුන් විසින් තමා පුස්නාලද ද, පෙරළා ඔවුන් පුස්නා සුලු කුලවංශය නො පිරිහෙළන සැදැහැති සිල්සපන් පුත් (දරු) ප්‍රශංසාර්‍හ වෙයි”.
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තොති.
Sinhala BJTමෙසේ වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු:
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි ‘ඉතො දින්නෙන තත්ථ යාපෙන්තී’ති.
Sinhala BJTප. නිග: එ කරුණින් මෙහි දුන් දැයින් එහි යැපෙති.
Pali BJTඉතො දින්නකථා නිට්ඨිතා.
Sinhala BJTඉතොදින්නකථා නිමි.
Pali BJT7. 7.
Sinhala BJT7. 7.
Pali BJTපඨවී කම්මවිපාකොතිකථා.
Sinhala BJTපඨවීකම්මවිපාකොති කථා
Pali BJT1. ස. පු: පඨවී කම්මවිපාකො’ති.
Sinhala BJT1. ස. පු: පෘථිවිය කර්‍මවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සුඛවෙදනියා, දුක්ඛවෙදනියා, අදුක්ඛමසුඛවෙදනියා, සුඛාය වෙදනාය සම්පයුත්තා, දුක්ඛාය වෙදනාය සම්පයුත්තා, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා, ඵස්සෙන සම්පයුත්තා, වෙදනාය සම්පයුත්තා, සඤ්ඤාය සම්පයුත්තා, චෙතනාය සම්පයුත්තා, චිත්තෙන සම්පයුත්තා, සාරම්මණා, අත්ථී තාය ආවට්ටනා ආභොගො සමන්නාහාරො මනසිකාරො චෙතනා පත්ථනා පණිධී’ති.
Sinhala BJTස. අනු: (පෘථිවිය) සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, උපේක්‍ෂාවේදනාවට නිසි වේ ද, සුඛවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, දුඃඛවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, උපේක්‍ෂා වේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, ස්පර්‍ශයෙන් සම්ප්‍රයුක්ත වේ ද, වේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, සංඥායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චේතනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද, සාරම්මණ වේ ද, එයට පුරේචාරික ආවර්‍තන සඞ්ඛ්‍යාත ආවර්‍ජනා ඇද්ද, ආභෝග ඇද්ද, සමන්‍වාහාර ඇද්ද, මනසිකාර ඇද්ද, කර්‍මප්‍රත්‍යයභුත චේතනා ඇද්ද, ඉෂ්ටවිපාක ප්‍රාර්‍ත්‍ථනා ඇද්ද, ප්‍රණිධි වශයෙන් පැවැති මූලතෘෂ්ණා ඇද්ද, (කිම, තොප ගත් පෘථිවිය මෙ බඳු වේ ද?)
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු න සුඛවෙදනියා, න දුක්ඛවෙදනියා, න අදුක්ඛමසුඛවෙදනියා, න සුඛාය වෙදනාය සම්පයුත්තා, න දුක්ඛාය වෙදනාය සම්පයුත්තා, න අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා, න ඵස්සෙන සම්පයුත්තා, න වෙදනාය සම්පයුත්තා, න සඤ්ඤාය සම්පයුත්තා, න චෙතනාය සම්පයුත්තා, න චිත්තෙන සම්පයුත්තා, අනාරම්මණා, නත්ථී තාය අවට්ටනා ආභොගො සමන්නාහාරො මනසිකාරො චෙතනා පත්ථනා පණිධී’ති.
Sinhala BJTස. අනු: සුඛවේදනීය නො වනු වේ ද, දුක්ඛවෙදනිය නො වනු වේ ද, උපේක්‍ෂාවේදනාවට නිසි නො වනු වේ ද, සුඛවේදනායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, දුඃඛවේදනායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, උපේක්‍ෂාවේදනායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, ස්පර්‍ශයෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, වේදනායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, සංඥායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, චේතනායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, චිත්තයෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද,අනාරම්මණ නො වේ ද, එයට ආවර්‍තනායෙක් ආභෝගයෙක් සමන්‍වාහාරයෙක් මනසිකාරයෙක් නැත්තේ වේ ද, චේතනායෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් ප්‍රණිධියෙක් නැත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි න සුඛවෙදනියා න දුක්ඛවෙදනියා -පෙ- අනාරම්මණා, නත්ථී තාය ආවට්ටනා -පෙ- පණිධී,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සුඛවේදනාවට නිසි නොවේ නම්, දුඃඛවෙදනාවට නිසි නොවේ නම් … අනාරම්මණ වේ නම්, එයින් ආවර්‍තනායෙක් නැත් නම් … ප්‍රණිධියෙක් නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: ‘පඨවී කම්මවිපාකොති.’
Sinhala BJTඅනු. පා: භවත, ‘පෘථිවිය කර්‍මවිපාක’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: ඵස්සො කම්මවිපාකො. ඵස්සො සුඛවෙදනියො දුක්ඛවෙදනියො අදුක්ඛමසුඛවෙදනියො, සුඛාය වෙදනාය සම්පයුත්තො, දුක්ඛාය -පෙ- අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො, ඵස්සෙන සම්පයුත්තො, වෙදනාය සම්පයුත්තො, සඤ්ඤාය සම්පයුත්තො, චෙතනාය සම්පයුත්තො, චිත්තෙන සම්පයුත්තො සාරම්මණො{1}, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT2. ස. පු: ස්පර්‍ශය කර්‍මවිපාක යැ. ස්පර්‍ශය සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, උපේක්‍ෂාවේදනාවට නිසි වේ ද, සුඛවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, … උපේක්‍ෂාවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, ස්පර්‍ශයෙන් සම්ප්‍රයුක්ත වේ ද, වේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, සංඥායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චේතනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද, සාරම්මණ වේ ද, ඒ ස්පර්‍ශයට ආවර්‍තනායෙක් ඇද්ද … ප්‍රණිධියෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඨවී කම්මවිපාකො. පඨවී සුඛවෙදනියා දුක්ඛවෙදනියා අදුක්ඛමසුඛවෙදනියා, සුඛාය වෙදනාය සම්පයුත්තා, දුක්ඛාය වෙදනාය සම්පයුත්තා, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා, ඵස්සෙන සම්පයුත්තා, වෙදනාය සම්පයුත්තා, සඤ්ඤාය සම්පයුත්තා, චෙතනාය සම්පයුත්තා, චිත්තෙන සම්පයුත්තා, සාරම්මණා. අත්ථී තාය ආවට්ටනා ආභොගො සමන්නාහාරො මනසිකාරො චෙතනා පත්ථනා පණිධී’ති.
Sinhala BJTස. අනු: පෘථිවිය කර්‍මවිපාක යැ. පෘථිවිය සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, උපේක්‍ෂාවේදනාවට නිසි වේ ද, සුඛවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, දුඃඛවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, උපේක්‍ෂාවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, ස්පර්‍ශයෙන් සම්ප්‍රයුක්ත වේ ද, වේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, සංඥායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චේතනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද, සාරම්මණ වේ ද, එයට ආවර්‍තනායෙක් ආභෝගයෙක් සමන්‍වාහාරයෙක් මනසිකාරයෙක් චේතනායෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් ප්‍රණිධියෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: පඨවී කම්මවිපාකො, පඨවී න සුඛවෙදනියා, න දුක්ඛවෙදනියා -පෙ- අනාරම්මණා, නත්ථී තාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT3. ස. පු: (තොප මතයෙහි) පෘථිවිය කර්‍මවිපාක වෙයි. පෘථිවිය සුඛවේදනීය නො වේ ද, දුක්ඛවෙදනිය නො වේ ද … අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා නැද්ද … ප්‍රණිධි නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඵස්සො කම්මවිපාකො, ඵස්සො න සුඛවෙදනියො, න දුක්ඛවෙදනියො -පෙ- අනාරම්මණො, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශය කර්‍මවිපාක යැ. ස්පර්‍ශය සුඛවේදනීය නො වේ ද, දුක්ඛවෙදනිය නො වේ ද … අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා නැද්ද … ප්‍රණිධියෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: පඨවී කම්මවිපාකො’ති.
Sinhala BJT4. ස. පු: පෘථිවිය කර්‍මවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඨවී පග්ගහනිග්ගහූපගා ඡෙදනභෙදනූපගා’ති.
Sinhala BJTස. අනු: පෘථිවිය ප්‍රග්‍රහ නිග්‍රහ දෙකට පැමිණියා ඡෙදනභෙදනගත වූවා වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කම්මවිපාකො පග්ගහනිග්ගහූපගො ඡෙදනභෙදනූපගො’ති.
Sinhala BJTස. අනු: කර්‍මවිපාකය ප්‍රග්‍රහ නිග්‍රහයට පැමිණියේ ඡේදනභේදනයට පැමිණියේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: ලබ්භා පඨවී කෙතුං වික්කෙතුං ආඨපෙතුං ඔචිනිතුං විචිනිතු’න්ති.
Sinhala BJT5. ස. පු: පෘථිවිය විනිමය කරන්නට විකොට ගන්නට එළවා තබන්නට රැස්කොට ගන්නට සොයා තබන්නට හැකි වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලබ්භා කම්මවිපාකො කෙතුං වික්කෙතුං ආඨපෙතුං ඔචිනිතුං විචිනිතුන්ති.
Sinhala BJTස. අනු: කර්‍මවිපාකය විනිමය කරන්නට විකොට ගන්නට එළවා තබන්නට රැස් කොට ගන්නට සොයා තබන්නට හැකි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: පඨවී පරෙසං සාධාරණා’ති.
Sinhala BJT6. ස. පු: පෘථිවිය මෙරමාහට සාධාරණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කම්මවිපාකො පරෙසං සාධාරණො’ති.
Sinhala BJTස. අනු: කර්‍මවිපාකය මෙරමාහට සාධාරණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: කම්මවිපාකො පරෙසං සාධාරණො’ති.
Sinhala BJT7. ස. පු: කර්‍මවිපාකය මෙරමාහට සාධාරණ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“ඉතො දින්නෙන යාපෙන්ති” යි වදාළ වචන නිසා මෙලොව දුන් චීවරාදි දැයින් මැ පරලොව ප්‍රෙතයෝ යැපෙති’ යි රාජගිරිකාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඉතොදින්නකථා’ එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
Pali BJT“අසාධාරණමඤ්ඤෙසං අචොරාහරණො නිධි
Sinhala BJT“පුණ්‍යකර්‍මය මෙරමාහට අසාධාරණ වෙයි. සොරුන් විසින් නො ගතහෙහ නිධි වෙයි.
Pali BJTකයිරාථ මච්චො පුඤ්ඤානි සචෙ සුචරිතං චරෙ”තිං.
Sinhala BJTඉදින් සුචරිත කරන්නේ නම් මිනිස් තෙම පුණ්‍යකර්‍ම කරන්නේ යැ.”
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTමෙසේ වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං ‘කම්මවිපාකො පරෙසං සාධාරණො’ති.
Sinhala BJTස. නිග: එකරුණින් ‘කර්‍මවිපාකය මෙරමාහට සාධාරණ යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT8. ස. පු: පඨවී කම්මවිපාකො’ති.
Sinhala BJT8. ස. පු: පෘථිවිය කර්‍මවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඨමං පඨවී සණ්ඨාති, පච්ඡා සත්තා උප්පජ්ජන්තී’ති.
Sinhala BJTස. අනු: පළමුව පොළොව පිහිටා ද? පසුවලා සත්ත්‍වයෝ උපදිත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඨමං විපාකො උප්පජ්ජති, පච්ඡා විපාකපටිලාභාය කම්මං කරොන්තී’ති.
Sinhala BJTස. අනු: පළමුවැ විපාකය උපදී ද, පසුවැ විපාකප්‍රතිලාභය පිණිස කර්‍මය කෙරෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: පඨවී සබ්බසත්තානං කම්මවිපාකො’ති.
Sinhala BJT9. ස. පු: පෘථිවිය හැම සත්ත්‍වයනට කර්‍මවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බෙ සත්තා පඨවිං පරිභුඤ්ජන්තී’ති.
Sinhala BJTස. අනු: හැම සත්ත්‍වයෝ පෘථිවිය පරිභෝග කෙරෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …