Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: ‘චෙතසිකො ධම්මො දාන’න්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘චෛතසිකධර්‍ම දාන වේ’ යයි කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: දානං ඉට්ඨඵලං වුත්තං භගවතා. චීවරං දානන්ති.
Sinhala BJT3. ප. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් දානය ඉෂ්ටඵල යයි වදාරන ලදි. චීවරය දානයෙක් වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: චීවරං ඉට්ඨඵලං කන්තඵලං මනුඤ්ඤඵලං අසෙචනකඵලං සුඛුද්රයං සුඛවිපාකන්ති.
Sinhala BJTප. අනු: චීවරය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. පු: දානං ඉට්ඨඵලං වුත්තං භගවතා. පිණ්ඩපාතො -පෙ- සෙනාසනං{1} -පෙ- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො දානන්ති.
Sinhala BJTප. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘දානය ඉෂ්ටඵල’ යයි වදාරන ලදි. පිණ්ඩපාත … ශයනාසන … ගිලන්පස බෙහෙත් පිරිකර යන මේ දාන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො ඉට්ඨඵලො කන්තඵලො මනුඤ්ඤඵලො අසෙචනකඵලො සුඛුද්රයො{2} සුඛවිපාකො’ති.
Sinhala BJTප. අනු: ගිලන්පස බෙහෙත්පිරිකර ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ ද?
Pali BJTස පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ප. පු: න වත්තබ්බං ‘චෙතසිකො ධම්මො දාන’න්ති.
Sinhala BJT4. ප. පු: ‘චෛතසිකධර්‍මය දාන’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
Pali BJT“සද්ධා හිරියං කුසලං ච දානං ධම්මා එතෙ සප්පුරිසානුයාතා, එතං හි දානං දිබ්බං වදන්ති එතෙන හි ගච්ඡති දෙවලොකන්ති”
Sinhala BJT“ශ්‍රද්ධා යැ, හ්‍රී යැ, කුශල වූ චේතනා යැ යන තෙල ධර්‍මයෝ සත්පුරුෂානුගත ධර්‍මයෝ යැ. තෙල ත්‍යාගචේතනාඛ්‍ය දානය වනාහි දිව්‍ය කොට කියත්. තෙල ත්‍යාගචේතනා දානයෙන් දෙව්ලෝ යෙයි.”
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘චෛතසිකධර්‍ම නැති’ යි රාජගිරික සිද්ධත්‍ථික නිකායවාසීන් සෙයින් වාද ගත්තවුන්ගේ වාද බිඳුනට චෛතසික කථා එයි.]
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි ‘චෙතසිකො ධම්මො දාන’න්ති.
Sinhala BJTප. නිග: එකරුණින් චෛතසිකධර්‍ම දාන වෙයි.
Pali BJT5. ප. පු: න වත්තබ්බං: චෙතසිකො ධම්මො දාන’න්ති.
Sinhala BJT5. ප. පු: චෛතසිකධර්‍මය ‘දාන’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “පඤ්චිමානි භික්ඛවෙ දානානි මහාදානානි අග්ගඤ්ඤානි රත්තඤ්ඤානි වංසඤ්ඤානි පොරාණානි අසංකිණ්ණානි අසංකිණ්ණපුබ්බානි න සඞ්කීයන්ති න සඞ්කීයිස්සන්ති අප්පතිකුට්ඨානි{3} සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. කතමානි පඤ්ච:
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, අග්‍ර යයි දතයුතු, බොහෝ කල් පැවැත්තහ යි දතයුතු, වංශයහ යි දතයුතු, පෞරාණ වූ, පෙර සිට නො හරනලද, (පෙර බුදුවරුන් විසිනුදු ‘මින් කිමැ’ යි) අනපනීත වූ, දැනුදු අනපනීත වූ, මතුයෙහිදු අනපනීත වන, ශ්‍රමණ බ්‍රාහ්මණ විඥයන් විසින් අනින්‍දිත වූ මේ මහාදානයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ අරියසාවකො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. පාණාතිපාතා පටිවිරතො භික්ඛවෙ අරියසාවකො අපරිමාණානං සත්තානං අභයං දෙති, අවෙරං දෙති, අබ්යාපජ්ඣං දෙති. අපරිමාණානං සත්තානං අභයං දත්වා අවෙරං දත්වා අබ්යාපජ්ඣං දත්වා අපරිමාණස්ස අභයස්ස අවෙරස්ස අබ්යාපජ්ඣස්ස භාගී හොති. ඉදං භික්ඛවෙ පඨමං දානං මහාදානං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසංකිණ්ණං අසංකිණ්ණපුබ්බං න සඞ්කීයති න සඞ්කීයිස්සති, අප්පතිකුට්ඨං සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි අරීසවු පණිවා පියා පණිවායෙන් වැළැකුණේ වෙයි. මහණෙනි, පණිවායෙන් වැළැකුණු ආර්‍ය්‍ය ශ්‍රාවක අප්‍රමාණ සත්ත්‍වයනට අභයදාන දෙයි. අවෛරය දෙයි. අව්‍යාපාදය දෙයි. අප්‍රමාණ සත්ත්‍වයනට අභය අවෛර අව්‍යාපාද දී අප්‍රමාණ අභයට අවෛරයට අව්‍යාපාදයට භාගී වෙයි. මහණෙනි, අග්‍ර යයි දතයුතු, චිරකල් පැවැත්තහ යි දතයුතු, වංශාගතයහ යි දතයුතු, පොරාණ වූ, නො හරනාලද, (පෙර බුදුන් විසිනුදු) නො හරන ලද, මෙක ලද නො හරන, මතුයෙහිදු නො හරනු ලබන, විඥ මහණ බමුණන් විසින් අගර්හිත වූ මේ පළමු වන මහාදාන යයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ අරියසාවකො අදින්නාදානං පහාය -පෙ- කාමෙසු මිච්ඡාචාරං පහාය -පෙ- මුසාවාදං පහාය -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො භික්ඛවෙ අරියසාවකො අපරිමාණානං සත්තානං අභයං දෙති, අවෙරං දෙති, අබ්යාපජ්ඣං දෙති. අපරිමාණානං සත්තානා අභයං දත්වා අවෙරං දත්වා අබ්යාපජ්ඣං දත්වා අපරිමාණස්ස අභයස්ස අවෙරස්ස අබ්යාපජ්ඣස්ස භාගී හොති. ඉදං භික්ඛවෙ පඤ්චමං දානං මහාදානං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසංකිණ්ණං අසංකිණ්ණපුබ්බං න සංකීයති සංකීයිස්සති, අප්පතිකුට්ඨං{1} සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච දානානි මහාදානානි අග්ගඤ්ඤානි රත්තඤ්ඤානි වංසඤ්ඤානි පොරාණානි අසංකිණ්ණානි අසංකිණ්ණපුබ්බානි න සඞ්කීයන්ති න සඞ්කීයිස්සන්ති, අප්පතිකුට්ඨානි සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහී”ති.{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTතවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක අයිනාදන් හැර … කාමයෙහි මිසහසර හැර … මුසවාහැර … මදපමා දෙකට කරුණු වූ රහමෙර හැර මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි. මහණෙනි, මදපමා දෙකට කරුණු වු රහමෙරින් වැළැකුණු ආර්‍ය්‍යශ්‍රාවක අප්‍රමාණ සත්ත්‍වයනට අභය දෙයි. අවෛර දෙයි. අව්‍යාපාද දෙයි. අප්‍රමාණ සත්ත්‍වයනට අභය දී අවෛර දී අව්‍යාපාද දී අප්‍රමාණ අභයට අවෛරයට අව්‍යාපාදයට භාගී වෙයි. මහණෙනි, අග්‍ර යයි දතයුතු, බොහෝකල් පැවැත්තහ යි දතයුතු, වංශාගතයහ යි දතයුතු, පැරැණි වූ, අනපනීත වූ, පෙර බුදුන්විසිනුදු නො හරනලද, දැනුදු නො හරන, මතුයෙහිදු නො හරනු ලබන, විඥ මහණ බමුණන් විසින් අගර්හිත වූ මේ පස්වන මහාදාන යි. මහණෙනි, ‘අග්‍රයහ’ යි දතයුතු ‘චිරකල් පැවැත්තහ’ යි දතයුතු, ‘වංශාගතයහ’ යි දතයුතු, පැරැණි, අපනීත නො වූ, පෙර බුදුවරුන් විසිනුදු නො හරනලද, දැනුදු නො හරන, මතුයෙහිදු නො හරන, විඥ මහණ බමුණන් විසින් අගර්හිත මේ මහාදානයෝ පස්දෙනෙකි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි ‘චෙතසිකො ධම්මො දාන’න්ති.
Sinhala BJTප. නිග: එකරුණින් ‘චෛතසිකධර්‍ම දාන’ වෙයි.
Pali BJT6. ස. පු: න වත්තබ්බං: දෙය්යධම්මො දාන’න්ති.
Sinhala BJT6. ස. පු: ‘දේයධර්‍ම දාන වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “ඉධෙකච්චො අන්නං දෙති, පානං දෙති, වත්ථං දෙති, යානං දෙති, මාලං දෙති, ගන්ධං දෙති, විලෙපනං දෙති, සෙය්යං දෙති, ආවසථං දෙති, පදීපෙය්යං දෙතී”ති. අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නො: “මෙලොව ඇතැමෙක් ආහාර දෙයි, පාන දෙයි, වස්ත්‍ර දෙයි, යාන දෙයි, මාලා දෙයි, ගන්‍ධ දෙයි, විලෙවුන් දෙයි, යහන් දෙයි, ආවාස දෙයි, පහනට තෙල් දෙයි” යනුවෙන් වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි ‘දෙය්යධම්මො දාන’න්ති.
Sinhala BJTස. නිග: එකරුණින් ‘දේයධර්‍ම දාන’ වෙයි.
Pali BJT7. ප. පු: දෙය්යධම්මො දාන’න්ති.
Sinhala BJT7. ප. පු: දේයධර්‍ම දාන වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: දෙය්යධම්මො ඉට්ඨඵලො කන්තඵලො මනුඤ්ඤඵලො අසෙචනකඵලො සුඛුද්රයො සුඛවිපාකො’ති.
Sinhala BJTප. අනු: දේයධර්‍මය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසෙචනක (පියවිරස) ඵල, සුඛුද්‍රය (සුව උදාදෙන), සුඛවිපාක ඇත්තේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: දානං ඉට්ඨඵලං වුත්තං භගවතා: චීවරං දානන්ති.
Sinhala BJT8. ප. පු: ‘දානය ඉෂ්ටඵල ඇතැ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද යැ. චීවරය ‘දාන’ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: චීවරං ඉට්ඨඵලං කන්තඵලං මනුඤ්ඤඵලං අසෙචනකඵලං සුඛුද්රයං{1} සුඛවිපාකන්ති.
Sinhala BJTප. අනු: චීවරය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක ඇත්තේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: දානං ඉට්ඨඵලං වුත්තං භගවතා: පිණ්ඩපාතො දානං -පෙ- සෙනාසනං දානං -පෙ- ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරො දානන්ති.
Sinhala BJT9. ප. පු: ‘දානය ඉෂ්ටඵල වෙති’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද යැ. පිණ්ඩපාතය දාන වේ ද, … ශයනාසන දාන වේ ද, … ගිලන්පස බෙහෙත්පිරිකර දාන වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො ඉට්ඨඵලො කන්තඵලො මනුඤ්ඤඵලො අසෙචනකඵලො සුඛුද්රයො{1} සුඛවිපාකො’ති.
Sinhala BJTප. අනු: ගිලන්පසබෙහෙත්පිරිකර ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක ඇත්තේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. නිග: තෙන හි න වත්තබ්බං: දෙය්යධම්මො දානන්ති.
Sinhala BJTප. නිග: එකරුණින් ‘දේයධර්‍ම දාන වෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTදානකථා නිට්ඨිතා.
Sinhala BJTදානකථා නිමි.
Pali BJT7. 5.
Sinhala BJT7. 5.
Pali BJTපරිභොගමයපුඤ්ඤකථා.
Sinhala BJTපරිභෝගමයපුඤ්ඤකථා
Pali BJT1. ස. පු: පරිභොගමයං පුඤ්ඤං වඩ්ඪතී’ති.
Sinhala BJT1. ස. පු: පරිභෝගමය පුණ්‍යය (තෙමේම) වැඩේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිභොගමයො ඵස්සො වඩ්ඪති, වෙදනා වඩ්ඪති, සඤ්ඤා වඩ්ඪති, චෙතනා වඩ්ඪති, චිත්තං වඩ්ඪති, සද්ධා වඩ්ඪති, විරියං වඩ්ඪති, සති වඩ්ඪති, සමාධි වඩ්ඪති, පඤ්ඤා වඩ්ඪතී’ති.
Sinhala BJTස. අනු: පරිභෝගමය ස්පර්‍ශය වැඩේ ද, වේදනා වැඩේ ද, සංඥා වැඩේ ද, චේතනා වැඩේ ද, චිත්තය වැඩේ ද, ශ්‍රද්ධා වැඩේ ද, වීර්‍ය්‍ය වැඩේ ද, ස්මෘති වැඩේ ද, සමාධි වැඩේ ද, ප්‍රඥා වැඩේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස පු: පරිභොගමයං පුඤ්ඤං වඩ්ඪතී’ති.
Sinhala BJT2. ස. පු: පරිභෝගමය පුණ්‍යය වැඩේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලතා විය වඩ්ඪති, මාලුවා විය වඩ්ඪති, රුක්ඛො විය වඩ්ඪති, තිණං විය වඩ්ඪති, මුඤ්ජපුඤ්ජො{1} විය වඩ්ඪතී’ති.
Sinhala BJTස. අනු: ලතාවක් සෙයින් වැඩේ ද, මාලුවා ලතාවක් සෙයින් වැඩේ ද, වෘක්‍ෂයක් මෙන් වැඩේ ද, තෘණ සෙයින් වැඩේ ද, මෘදුතෘණ පුඤ්ජයක් සෙයින් වැඩේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ත්‍යාගචේතනා යැ විරති යැ දේයධර්‍ම යැ යි දානයෝ තුන් දෙනෙකි. තුලුහු අර්‍ත්‍ථවශයෙන් චෛතසිකධර්‍ම යැ දේයධර්‍ම යැ යි දෙපරිදි වෙති. රාජගිරික සිද්ධත්‍ථික නිකායවාසීහු චෛතසිකධර්‍මය මැ දාන විසින් ගනිති, දේයධර්‍මය නො ගනිති. උන්ගේ වාද බිඳුනට දානකථා එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස පු: පරිභොගමයං පුඤ්ඤං වඩ්ඪතී’ති.
Sinhala BJT3. ස. පු: පරිභෝගමය පුණ්‍යය වැඩේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දායකො දාං දත්වා න සමන්නාහරති හොති පුඤ්ඤන්ති.
Sinhala BJTස. අනු: දායකයා දන් දී ආවර්‍ජනා නො කෙරෙයි. පුණ්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාවට්ටන්තස්ස{2} හොති, අනාභොගස්ස හොති, අසමන්නාහරන්තස්ස හොති, අමනසිකරොන්තස්ස හොති, අචෙතයන්තස්ස හොති, අපත්ථයන්තස්ස හොති, අපණිදහන්තස්ස හොතීති.
Sinhala BJTස. අනු: (දන් දී, දානචේතනායෙහි භවාඞ්ග සිත) නො පෙරළනුවහට වේ ද, ආභෝග නො කරනුවහට වේ ද, ආවර්‍ජන නො කරනුවහට වේ ද, මනසිකාර නො කරනුවහට වේ ද, නො සිතනුවහට වේ ද, නො පතනුවහට වේ ද, ප්‍රණිධාන නො කරනුවහට වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු ආවට්ටන්තස්ස හොති, ආභොගස්ස හොති සමන්නාහරන්තස්ස හොති, මනසිකරොන්තස්ස හොති, චෙතයන්තස්ස හොති, පත්ථයන්තස්ස හොති, පණිදහන්තස්ස හොතී’ති.
Sinhala BJTස. අනු: (දානචේතනායෙහි භවාඞ්ග සිත) ආවර්‍තන කරනුවහට, ආභෝග කරනුවහට, ආවර්‍ජන කරනුවහට, මෙනෙහි කරනුවහට, සිතනුවහට, පතනුවහට සිත පිහිටුවනුවහට, (පුණ්‍ය) වේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ආවට්ටන්තස්ස හොති, ආභොගස්ස හොති, සමන්නාහරන්තස්ස හොති, මනසිකරොන්තස්ස හොති, චෙතයන්තස්ස හොති, පත්ථයන්තස්ස හොති, පණිදහන්තස්ස හොති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ආවර්‍තන කරනුවහට, ආභෝග කරනුවහට, ආවර්‍ජන කරනුවහට, මෙනෙහි කරනුවහට, සිතනුවහට, පතනුවහට, සිත පිහිටුවනුවහට, (පුණ්‍ය) වේ නම්,
Pali BJTඅනු පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පරිභොගමයං වඩ්ඪතී’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘පරිභෝගමය පුණ්‍ය වැඩේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT4. ස පු: පරිභොගමයං පුඤ්ඤං වඩ්ඪතී’ති.
Sinhala BJT4. ස. පු: පරිභෝගමය පුණ්‍ය වැඩේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දායකො දානං දත්වා කාමවිතක්කං විතක්කෙති, ව්යාපාද විතක්කං විතක්කෙති, විහිංසාවිතක්කං විතක්කෙති. හොති පුඤ්ඤන්ති.
Sinhala BJTස. අනු: දායකයා දන් දී කාමවිතර්‍ක කෙරෙයි, ව්‍යාපාද විතර්‍ක කෙරෙයි, විහිංසාවිතර්‍ක කෙරෙයි. පුණ්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ … චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස පු: ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJT5. ස. පු: චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා{1} කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්ති’ති.
Sinhala BJTස. අනු: කුශලාකුශල, සාවද්‍යානවද්‍යා, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාගධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJT6. ස. පු: කුශලාකුශල, සාවද්‍යානවද්‍යා, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාගධර්‍මයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “චත්තාරි’මානි භික්ඛවෙ සුවිදූරවිදූරානි. කතමානි චත්තාරි: නභඤ්ච භික්ඛවෙ පඨවී ච, ඉදං පඨමං සුවිදූරදූරං. ඔරිමඤ්ච භික්ඛවෙ තීරං සුමද්දස්ස පාරිමං තීරං, ඉදං දුතියං සුවිදූරවිදූරං. යතො ච භික්ඛවෙ වෙරොචනො අබ්භුදෙති, යත්ථ ච අත්ථමෙති, ඉදං තතියං සුවිදූරවිදූරං. සතඤ්ච භික්ඛවෙ ධම්මො,{2} අසතඤ්ච ධම්මො,2 ඉදං චතුත්ථං සුවිදූරවිදූරානී’ති. ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි සුවිදූරවිදූරානී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො? “මහණෙනි, මේ සුවිදූරවිදූරස්ථානයෝ සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මෙදෙක පළමු සුවිදූරවිදූරස්ථාන යැ. මහණෙනි, සමුද්‍රයාගේ මෙතෙර හා එතෙර හා මෙදෙක දෙවැනි සුවිදූරවිදූරස්ථාන යැ. මහණෙනි, යම් තැනෙකින් හිරු උදාවේ ද, යම් තැනෙක්හි අස්තයට යේ ද, මේ තුන් වැනි සුවිදූරවිදූරස්ථාන යැ. මහණෙනි, සත්පුරුෂයන්ගේ ධර්‍ම හා අසත්පුරුෂයන්ගේ ධර්‍ම හා මෙදෙක සතර වැනි සුවිදූරවිදූරස්ථාන යැ. මහණෙනි, මොහු සතර දෙන සුවිදූරවිදූරස්ථානයෝ යි.
Pali BJTනභඤ්ච දූරෙ පඨවී ච දූරෙ පාරං සමුද්දස්ස තදාහු දූරෙ, යතො ච වෙරොචනො අබ්භුදෙති පභඞ්කරො යත්ථ ච අත්ථමෙති,
Sinhala BJT“අහස හා පොළොව හා දෙක දූරයෙහි වෙයි. සමුද්‍රයාගේ යම් පාරයෙක් ඇද්ද, එ ද දූරයෙහි යයි කියත්. ප්‍රභාකර වූ සූර්‍ය්‍යයා යම් උදාගලෙකින් නැගේ ද, යම් හත්ගිරිතෙලෙක අස්තයට යේ ද, එ ද දුර වෙයි.
Pali BJTතතො හවෙ{1} දූරතරං වදන්ති සතඤ්ච ධම්මං අසතඤ්ච ධම්මං. අබ්යායිකො හොති සතං සමාගමො යාවම්පි තිට්ඨෙය්ය තථෙ’ව හොති, ඛිප්පං හි වෙති{2} අසතං සමාගමො තස්මා සතං ධම්මො අසබ්භි ආරකා’ති.{a}
Sinhala BJTඑයට ද වඩා සත්පුරුෂයධර්‍ම හා අසත්පුරුෂධර්‍ම හා දෙක ඒකාන්තයෙන් දූරතර කොට කියත්. සත් සමාගමය ස්ථිර වෙයි. යම් තාක් සිටුනේ ද, ඒ තාක් එසේ මැ සිටුනේ යැ. අසත්සමාගමය වහා නැඟී යෙයි. එයින් සත්පුරුෂධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වෙයි.”
Pali BJTඅත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. නිග: එකරුණින් ‘කුශලාකුශල, සාවද්‍යානවද්‍යා, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාග ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT7. ප. පු: න වත්තබ්බං ‘පරිභොගමයං සුඤ්ඤං වඩ්ඪතී’ති.
Sinhala BJT7. ප. පු: ‘පරිභෝගමය පුණ්‍යය වැඩෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො:
Pali BJT“ආරාමරොපා{3} වනරොපා යෙ ජනා සෙතුකාරකා, පපඤ්ච උදපානඤ්ච යෙ දදන්ති උපස්සයං,
Sinhala BJT“යම් ජන කෙනෙක් ආරාම රෝපණ කරන්නාහු වන රෝපණ කරන්නාහු සෙතු කරන්නාහු පැන්හල් ළින් කරන්නාහු වෙත් ද, යම් කෙනෙක් ආවාස දෙත් ද,
Pali BJTතෙසං දිවා ච රත්තො ච සදා පුඤ්ඤං පවඩ්ඪති, ධම්මට්ඨා සීලසම්පන්නා තෙ ජනා සග්ගගාමිනො’ති.{b}
Sinhala BJTඋනට දවරැය හැම කල්හි පින් වැඩෙයි. දහම්හි සිටි සිල්සපන් ඒ ජනයෝ ස්වර්‍ගයට යන්නාහු වෙති” යි
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි පරිභොගමයං පුඤ්ඤං වඩ්ඪතී’ති.
Sinhala BJTප. නිග: එකරුණින් ‘පරිභෝගමය පුණ්‍යය වැඩෙයි.
Pali BJT8. ප. පු: න වත්තබ්බං ‘පරිභොගමයං පුඤ්ඤං වඩ්ඪතී’ති.
Sinhala BJT8. ප. පු: ‘පරිභෝගමය පුණ්‍යය වැඩෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “චත්තාරො මෙ භික්ඛවෙ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සොවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. කතමෙ චත්තාරො:
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො: “මහණෙනි, සුව එළවන මනා වූ අග්‍රරූපාදිය දෙන සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා මේ පුණ්‍යප්‍රවාහයේ කුශලප්‍රවාහයෝ සතර දෙනෙක් ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන හිතසුව පිණිස පවතිත්. කවර සතර දෙනෙක යත්:
Pali BJTයස්ස භික්ඛවෙ භික්ඛු චීවරං පරිභුඤ්ජමානො අප්පමාණං චෙතො සමාධිං උපසම්පජ්ජ විහරති, අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති. යස්ස භික්ඛවෙ භික්ඛු පිණ්ඩපාතං පරිභුඤ්ජමානො -පෙ- සෙනාසනං පරිභුඤ්ජමානො -පෙ- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජමානො අප්පමාණං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති, අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සොවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්තී”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTමහණෙනි, මහණ යම් දායකයක්හුගේ සිවුර වළඳ කෙරෙමින් අප්‍රමාණ වූ චිත්තසමාධි උපයා වාස කෙරේ ද, ඔහට සුව එළවන මනා වූ අග්‍ර රූපාදිය දෙන, සුඛවිපාක ඇති සවර්‍ගසංවත්තනික වූ අප්‍රමාණ වූ පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන හිතසුව පිණිස පවති. මහණෙනි, මහණ තෙම යම් දායකයක්හුගේ පිණ්ඩපාත වළඳ කෙරෙමින් … ශයනාසන වළඳ කෙරෙමින් … ගිලන්පස බෙහෙත් පිරිකර වළඳ කෙරෙමින් අප්‍රමාණ වූ චිත්තසමාධි උපයා වාස කෙරේ ද, ඔහට සුව එළවන මනා වූ අග්‍රරූපාදිය දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගසංවත්තනික වූ අප්‍රමාණ වූ පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන හිත සුව පිණිස පවති. මහණෙනි, සුව එළවන මනා වූ අග්‍ර රූපාදිය දෙන සුඛවිපාක ඇති සවර්‍ගසංවත්තනික වූ පුණ්‍යප්‍රවාහයෝ කුශලප්‍රවාහයෝ සතර දෙන ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතිත්” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි පරිභොගමයං සුඤ්ඤං වඩ්ඪතී’ති.
Sinhala BJTප. නිග: එකරුණින් ‘පරිභෝගමය පුණ්‍යය වැඩෙයි.
Pali BJT9. ස. පු: පරිභොගමයං සුඤ්ඤං වඩ්ඪතී’ති.
Sinhala BJT9. ස. පු: පරිභෝගමය පුණ්‍ය වැඩේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දායකො දානං දෙති, පටිග්ගාහකො පටිග්ගහෙත්වා න පරිභුඤ්ජති ඡඩ්ඩෙති විස්සජ්ජෙති. හොති පුඤ්ඤන්ති.
Sinhala BJTස. අනු: දායකයා දන් දෙයි. ප්‍රතිග්‍රාහකයා පිළිගෙන වළඳ නො කෙරෙයි, හැරපියයි, ඉවතලයි. ඒ පුණ්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.