Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7801-7900 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: සඤ්ඤාක්ඛන්ධගණනං ගච්ඡතී’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: සංඥාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJTඅනු. ඨ: හඤ්චි චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා සඤ්ඤාක්ඛන්ධගණනං ගච්ඡති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥාව සංඥාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
Pali BJTඅනු පා: තෙන වත රෙ වත්තබ්බෙ: චක්ඛුසම්ඵස්සජා සඤ්ඤාක්ඛන්ධෙන සඞ්ගහිතා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එ කරුණින් ‘චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥාව සංඥාස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
Pali BJTස. පු: සොතාසම්ඵස්සජා සඤ්ඤා -පෙ- මනොසම්ඵස්සජා සඤ්ඤා කතමං ඛන්ධගණනං ගච්ඡතී’ති.
Sinhala BJTස. පු: සෝතසම්ඵස්සයෙන් උපන් සංඥාව … මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: සඤ්ඤාක්ඛන්ධගණනං ගච්ඡතී’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: සංඥාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJTඅනු. ඨ: හඤ්චි මනොසම්ඵස්සජා සඤ්ඤා සඤ්ඤාක්ඛන්ධගණනං ගච්ඡති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව සංඥාස්කන්‍ධ සඞ්ඛ්‍යාවට යේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: මනොසම්ඵස්සජා සඤ්ඤා සඤ්ඤාක්ඛන්ධෙන සඞ්ගහිතා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව සංඥාස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
Pali BJT6. ස. පු: චක්ඛුසම්ඵස්සජා චෙතනා -පෙ- මනොසම්ඵස්සජා චෙතනා කතමං ඛන්ධගණනං ගච්ඡතී’ති.
Sinhala BJT6. ස. පු: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනාව … මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: සඞ්ඛාරක්ඛන්ධගණනං ගච්ඡතී’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: සංස්කාරස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJTඅනු. ඨ: හඤ්චි මනොසම්ඵස්සජා චෙතනා සඞ්ඛාරක්ඛන්ධගණනං ගච්ඡති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව සංස්කාරස්කන්‍ධ සඞ්ඛ්‍යාවට යේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: මනොසම්ඵස්සජා චෙතනා සඞ්ඛාරක්ඛන්ධෙන සඞ්ගහිතා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එ කරුණින් ‘මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව සංස්කාරස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: චක්ඛුවිඤ්ඤාණං -පෙ- මනොවිඤ්ඤාණං කතමං ඛන්ධගණනං ගච්ඡතී’ති.
Sinhala BJT7. ස. පු: චක්ඛුවිඤ්ඤාණය … මනෝවිඤ්ඤාණය කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: විඤ්ඤාණක්ඛන්ධගණනං ගච්ඡතී’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: විඤ්ඤාණස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJTඅනු. ඨ: හඤ්චි මනොවිඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධගණනං ගච්ඡති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් මනෝවිඥානය විඥානස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: මනොවිඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධෙන සඞ්ගහිත’න්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘මනෝවිඥානය විඥානස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
Pali BJT8. ප. පු: යථා දාමෙන වා යොත්තෙන වා ද්වෙ බලිවද්දා{1} සඞ්ගහිතා, සික්කාය පිණ්ඩපාතො සඞ්ගහිතො, සා ගද්දුලෙන සඞ්ගහිතො{2} එවමෙව තෙ ධම්මා තෙහි ධම්මෙහි සඞ්ගහිතා’ති.{*}
Sinhala BJT8. ප. පු: යම්සේ දමින් හෝ යොතින් හෝ බලිවර්‍දයෝ දෙදෙනෙක් සඞ්ගෘහීත වෙත් ද, සහල්ලෙන් පිණ්ඩපාතය සඞ්ගෘහීත වේ ද, සුනඛයෙක් ගර්දුලබන්‍ධයෙන් (බලුදමින්) සඞ්ගෘහීත වේ ද, එසෙයින් මැ ඒ ධර්‍මයෝ ඒ ධර්‍මයන් විසින් සඞ්ගෘහීත වෙත් ද?
Pali BJTපටි. ඨ: හඤ්චි දාමෙන වා යොත්තෙන වා ද්වෙ බලිව්දදා සඞ්ගහිතා, සික්කාය පිණ්ඩපාතො සඞ්ගහිතො, සා ගද්දුලෙන සඞ්ගහිතො,
Sinhala BJTපටි. ඨ: ඉදින් දමින් හෝ යොතින් හෝ බලිවර්‍දයෝ දෙදෙනෙක් සඞ්ගෘහීත වෙත් නම්, සහල්ලෙන් පිණ්ඩපාතය සඞ්ගෘහීත වේ නම්, සුනඛයා ගර්දුලබන්‍ධයෙන් සඞ්ගෘහීත වේ නම්,
Pali BJTපටි. පා: තෙන වත රෙ වත්තබ්බෙ: “අත්ථී කෙචි ධම්මා කෙහිචි ධම්මෙහි සඞ්ගහිතා”ති.
Sinhala BJTපටි. පා: භවත, එකරුණින් ‘කිසි ධර්‍ම කෙනකුන් විසින් සඞ්ගෘහීත කිසි ධර්‍ම කෙනෙක් ඇතැ’ යි කියැයුතු මැ යැ.
Pali BJTසඞ්ගහිතකථා නිට්ඨිතා.
Sinhala BJTසඞ්ගහිතකථා නිමි.
Pali BJT7. 2.
Sinhala BJT7. 2.
Pali BJTසම්පයුත්තකථා.
Sinhala BJTසම්පයුත්තකථා
Pali BJT1. ස. පු: නත්ථී කෙචි ධම්මා කෙහිචි ධම්මෙහි සම්පයුත්තා’ති.
Sinhala BJT1. ස. පු: කිසි ධර්‍ම කෙනෙකුන් සම්ප්‍රයුක්ත වූ කිසි ධර්‍ම කෙනෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථී කෙචි ධම්මා කෙහිචි ධම්මෙහි සහගතා සහජාතා සංසට්ඨා එකුප්පාදා එකනිරොධා එකවත්ථුකා එකාරම්මණා’ති.
Sinhala BJTස. අනු: කිසි ධර්‍ම කෙනකුන් හා සහගත, සහජාත, සසට, ඒකෝත්පාද, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන කිසි ධර්‍ම කෙනෙක් ඇත්තාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී කෙචි ධම්මා කෙහිචි ධම්මෙහි සහගතා සහජාතා සංසට්ඨා එකුප්පාදා එකනිරොධා එකවත්ථුකා එකාරම්මණා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් කිසි ධර්‍ම කෙනෙකුන් හා සහගත, සහජාත, සංසෘෂ්ට, ඒකෝත්පාද, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන සැහැවි ඇති කිසි ධර්‍ම කෙනෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: නත්ථී කෙචි ධම්මා කෙහිචි ධම්මෙහි සම්පයුත්තා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූ කිසි ධර්‍ම කෙනෙක් නැති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධෙන සහජාතො’ති.
Sinhala BJT2. ස. පු: වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය හා සහජාත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධෙන සහජාතො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය හා සහජාත වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධෙන සම්පයුත්තො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය හා සම්ප්‍රයුක්ත වේ’ යයි කියැයුතු මැ යැ.
Pali BJTස. අනු: වෙදනාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධෙන විඤ්ඤාණක්ඛන්ධෙන සහජාතො’ති.
Sinhala BJTස. අනු: වේදනාස්කන්‍ධය සංස්කාරස්කන්‍ධ විඥානස්කන්‍ධ දෙක හා සහජාත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි වෙදනාක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධෙන සහජාතො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් වේදනාස්කන්‍ධය විඥානස්කන්‍ධය හා සහජාත වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: වෙදනාක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධෙන සම්පයුත්තො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘වේදනාස්කන්‍ධය විඥානස්කන්‍ධය හා සම්ප්‍රයුක්ත වේ’ යයි කියැයුතු මැ යැ.
Pali BJTස. අනු: සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො වෙදනාක්ඛන්ධෙන සඤ්ඤාක්ඛන්ධෙන සඞ්ඛාරක්ඛන්ධෙන සහජාතො’ති.
Sinhala BJTස. අනු: සංඥා සංස්කාර විඥානස්කන්‍ධ තුන වේදනා සංඥා සංස්කාරස්කන්‍ධයන් හා සහජාත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි විඤ්ඤාණක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධෙන සහජාතො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් විඥානස්කන්‍ධය සංස්කාරස්කන්‍ධය හා සහජාත වේ නම්,
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[දාමාදියෙන් බලවර්‍දයන් සෙයින් කිසි ධර්‍ම කෙනෙකුන් විසින් සඞ්ගෘහීත වූ කිසි ධර්‍ම කෙනෙක් නැත. එසේ වත් මැ ‘ඒකවිධෙන රූපසඞ්ගහො’ යනාදිය නිරර්‍ත්‍ථක යැ යි රාජගිරිකයන් සිද්ධාර්ත්‍ථිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට සඞ්ගහිතකථා එයි.]
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: විඤ්ඤාණක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධෙන සම්පයුත්තො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘විඥානස්කන්‍ධය සංස්කාරස්කන්‍ධය හා සම්ප්‍රයුක්ත වේ’ යයි කියැයුතු මැ යැ.
Pali BJTප. පු: යථා තීලම්හි තෙලං අනුගතං අනුපවිට්ඨං, උච්ඡුම්හි රසො අනුගතො අනුපවිට්ඨො, එවමෙව තෙ ධම්මා තෙහි ධම්මෙහි අනුගතා අනුපවිට්ඨා’ති.
Sinhala BJTප. පු: යම්සේ තලයෙහි තෙල අනුගත වැ අනුප්‍රවිෂ්ට වැ ඇද්ද, උගුයෙහි රස අනුගත වැ අනුප්‍රවිෂ්ට වැ ඇද්ද, එපරිදි මැ ඒ දහම්හු ඒ දහමුන් හා අනුගත වැ අනුප්‍රවිෂ්ට වැ ඇත්තාහු වෙත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTසම්පයුත්තකථා නිට්ඨිතා.
Sinhala BJTසම්පයුත්තකථා නිමි.
Pali BJT7. 3.
Sinhala BJT7. 3.
Pali BJTචෙතසිකකථා.
Sinhala BJTචේතසිකකථා
Pali BJT1. ස. පු: නත්ථී චෙතසිකො ධම්මො’ති.
Sinhala BJT1. ස. පු: චෛතසිකධර්‍ම නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථී කෙචි ධම්මා චිත්තෙන සහගතා සහජාතා සංසට්ඨා සම්පයුත්තා එකුප්පාදා එකනිරොධා එකවත්ථුකා එකාරම්මණා’ති.
Sinhala BJTස. අනු: චිත්තයා හා සහගත, සහජාත, හැනීගිය, සම්ප්‍රයුක්ත, එක්ව උපත් ඇති, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන සැහැවි ඇති, කිසි ධර්‍ම කෙනෙක් ඇත්තාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී කෙචි ධම්මා චිත්තෙන සහගතා සහජාතා සංසට්ඨා සම්පයුත්තා එකුප්පාදා එකනිරොධා එකවත්ථුකා එකාරම්මණා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් චිත්තයා හා සහගත, සහජාත, සංසෘෂ්ට, සම්ප්‍රයුක්ත, ඒකෝත්පාද, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන සැහැවි ඇති, කිසි ධර්‍ම කෙනෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: නත්ථී චෙතසිකො ධම්මො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘චෛතසික ධර්‍ම නැති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: ඵස්සො චිත්තෙන සහජාතො’ති.
Sinhala BJT2. ස. පු: ස්පර්‍ශය චිත්තය හා සහජාත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු ඨ: හඤ්චි ඵස්සො චිත්තෙන සහජාතො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ස්පර්‍ශය චිත්තය හා සහජාත වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: ඵස්සො චෙතසිකො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘ස්පර්‍ශය චෛතසික යැ’යි කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- සද්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- අනොත්තප්පං චිත්තෙන සහජාතන්ති.
Sinhala BJT3. ස. පු: වේදනා … සංඥා … චේතනා … ශ්‍රද්ධා වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා … රාග … ද්වේෂ … මෝහ … අනපත්‍රපා චිත්තය හා සහජාත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු ඨ: හඤ්චි අනොත්තප්පං චිත්තෙන සහජාතං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනපත්‍රපා චිත්තය හා සහජාත වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: අනොත්තප්පං චෙතසිකන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘අනපත්‍රපා චෛතසික යැ’ යි කියැයුතු මැ යැ.
Pali BJT4. ප. පු: ‘චිත්තෙන සහජාතා’ති කත්වා චෙතසිකා’ති.
Sinhala BJT4. ප. පු: ‘චිත්තය හා සහජාතයහ’ යි හේතු කොට ගෙන චෛතසිකයෝ වෙත් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ‘ඵස්සෙන සහජාතා’ති කත්වා ඵස්සිකා’ති.{1}
Sinhala BJTප. අනු: ‘ස්පර්‍ශය හා සහජාතයහ’ යි හේතු කොට ගෙන ස්පාර්ශිකයෝ වෙත් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: ‘චිත්තෙන සහජාතා’ති කත්වා චෙතසිකා’ති.
Sinhala BJTප. පු: ‘චිත්තය හා සහජාතයහ’ යි හේතු කොට ගෙන චෛතසිකයෝ වෙත් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- සද්ධාය -පෙ- විරියෙන -පෙ- සතියා -පෙ- සමාධිනා{1} -පෙ- පඤ්ඤාය -පෙ- රාගෙන -පෙ- දොසෙන -පෙ- මොහෙන -පෙ- අනොත්තප්පෙන සහජාතා’ති කත්වා අනොත්තප්පිකා’ති.{2}
Sinhala BJTප. අනු: ‘වේදනාව හා … සංඥාව හා … චේතනාව හා … ශ්‍රද්ධාව හා … වීර්‍ය්‍යය හා … ස්මෘතිය හා … සමාධිය හා … ප්‍රඥාව හා … රාගය හා … ද්වේෂය හා … මෝහය හා … අනපත්‍රපාව හා … සම්ප්‍රයුක්ත වශයෙන් සහජාතයහ’ යි හේතු කොට ගෙන ‘අනොත්තප්පිකාවෝ’ වෙත් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJT5. ස. පු: නත්ථී චෙතසිකො ධම්මො’ති.
Sinhala BJT5. ස. පු: චෛතසිකධර්‍ම නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු
Pali BJT“චිත්තං හිදං චෙතසිකා ච ධම්මා අනත්තතො සංවිදිතස්ස හොන්ති. හීනප්පණීතං තදුභයෙ විදිත්වා සම්මද්දසො වෙදි පලොකධම්මන්ති”
Sinhala BJT“චිත්තචෛතසිකධර්‍මයෝ චතුස්සත්‍යාවබෝධය කළ මහණහට අනාත්ම හෙයින් වෙති. ඒ චිත්තචෛතසිකයන් හීනප්‍රණීත කොට දැන විදර්‍ශනා ප්‍රඥායෙන් මොනොවට දක්නා මහණ අනිත්‍ය ධර්‍මය දන්නේ යැ” යි
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි අත්ථී ‘චෙතසිකො ධම්මො’ති.
Sinhala BJTස. නිග: එකරුණින් චෛතසිකධර්‍ම ඇත.
Pali BJT6. ස. පු: නත්ථී චෙතසිකො ධම්මො’ති.
Sinhala BJT6. ස. පු: චෛතසිකධර්‍ම නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “ඉධ කෙවට්ට භික්ඛු පරසත්තානං පරපුග්ගලානං චිත්තම්පි ආදිසති, චෙතසිකම්පි ආදිසති, විතක්කිතම්පි ආදිසති, විචාරිතම්පි{3} ආදිසති: එවම්පි තෙ මනො. ඉත්ථම්පි තෙ මනො. ඉතිපි තෙ චිත්ත’න්ති”{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො: “කෙවට්ටය, මෙ සස්නෙහි මහණ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත ද කියයි, චෛතසිකය ද කියයි, විතර්‍කණා ද කියයි, විචාරණා ද කියයි: තාගේ සිත මෙසේත් වෙයි, තාගේ සිත ඉත්‍ථමප්‍රකාරත් වෙයි, තාගේ සිත මෙපරිදි දු වේ” යි ප්‍රකට කොට කියා යි. මෙසේ වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි ‘අත්ථී චෙතසිකො ධම්මො’ති.
Sinhala BJTස. නිග: එ කරුණින් චෛතසික ධර්‍ම ඇත.
Pali BJTචෙතසිකකථා නිට්ඨිතා.
Sinhala BJTචෛතසිකකථා නිමි.
Pali BJT7. 4.
Sinhala BJT7. 4.
Pali BJTදානකථා.
Sinhala BJTදානකථා
Pali BJT1. ස. පු: චෙතසිකො ධම්මො දානන්ති.
Sinhala BJT1. ස. පු: ‘දාන’ යනු චෛතසිකධර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලබ්භා චෙතසිකො ධම්මො පරෙසං දාතුන්ති.
Sinhala BJTස. අනු: චෛතසිකධර්‍මය මෙරමාහට දෙන්නට හැකි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. පු: ලබ්භා චෙතසිකො ධම්මො පරෙසං දාතුන්ති.
Sinhala BJTස. පු: චෛතසිකධර්‍මය මෙරමාහට දෙන්නට හැකි වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (ප්‍රාණවධ පරිත්‍යාගයෙන් වන විරතිය මෙරමාහට අභයදාන වේ නු යි කළ පිළින යි.)
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යම් හෙයකින් තලයෙහි පැතිර සිටුනා තෙල සෙයින් වේදනාදි ධර්‍මයෝ සංඥාදි ධර්‍මයෙහි අනුප්‍රවිෂ්ට වූවාහු නො වෙත් ද, එහෙයින් කිසි ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්ත වූ කිසි ධර්‍ම කෙනෙක් නැත. එසේ වත් මැ ‘ඥාන සම්ප්‍රයුක්ත යනාදිය නිරර්‍ත්‍ථක වෙති’යි රාජගිරික සිද්ධත්‍ථික ආදි නිකායවාසීන් සෙයින් වාද ගත්තවුන්ගේ වාද බිඳුනට සම්ප්‍රයුක්තකථා එයි.]
Pali BJTස. අනු: ලබ්භා ඵස්සො පරෙසං දාතුන්ති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශය මෙරමාහට දෙන්නට හැකි වේ ද?
Pali BJTප පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: ලබ්භා වෙදනා -පෙ- සඤ්ඤා - චෙතනා - සද්ධා - විරියං - සති - සමාධි -පෙ- පඤ්ඤා පරෙසං දාතුන්ති.
Sinhala BJTස. අනු: වේදනා … සංඥා … චේතනා … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥාචෛතසික මෙරමාහට දෙන්නට හැකි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ප. පු: න වත්තබ්බං: චෙතසිකො ධම්මො දාන’න්ති.
Sinhala BJT2. ප. පු: ‘චෛතසිකධර්‍මය දාන’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: දානං අනිට්ඨඵලං අකන්තඵලං අමනුඤ්ඤඵලං සෙචනකඵලං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති.
Sinhala BJTප. අනු: දානය අනිටුඵල, අමිහිරිඵල, නොමනාඵල, සේචනකඵල, දුක් උදා දෙනු, දුක්විවා දෙනු වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ{2} -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. අනු: නනු දානං ඉට්ඨඵලං කන්තඵලං මනුඤ්ඤඵලං අසෙචනකඵලං සුඛුද්රයං{3} සුඛවිපාකන්ති.
Sinhala BJTප. අනු: දානය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය සුඛවිපාක වන්නේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි දානං ඉට්ඨඵලං කන්තඵලං මනුඤ්ඤඵලං අසෙචනකඵලං සුඛුද්රයං{3} සුඛවිපාකං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් දානය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ නම්,