Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7501-7600 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT20. ස. පු: මග්ගසච්චං අසඞ්ඛතං, මග්ගො සඞ්ඛතො’ති.
Sinhala BJT20. ස. පු: මාර්‍ගසත්‍යය අසංස්කෘත වෙයි, මාර්‍ගය සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිරොධසච්චං අසඞ්ඛතං නිරොධො සඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: නිරෝධසත්‍යය අසංස්කෘත වෙයි, නිරෝධය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT21. ප. පු: න වත්තබ්බං ‘චත්තාරි සච්චානි අසඞ්ඛතානී’ති.
Sinhala BJT21. ප. පු: ‘සතර සත්‍යයෝ අසංස්කෘත වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “චත්තාරිමානි භික්ඛවෙ තථානි අවිතථානි අනඤ්ඤථානි. කතමානි චත්තාරි: ඉදං දුක්ඛන්ති භික්ඛවෙ තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං. අයං දුක්ඛසමුදයො’ති -පෙ- අයං දුක්ඛනිරොධො’ති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදා’ති තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං. ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි තථානි අවිතථානි අනඤ්ඤථානී”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නු: “මහණෙනි, මොහු සතර දෙනෙක් තථ අවිතථ අනඤ්ඤථ වෙති. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මේ (පඤ්චස්කන්‍ධය) දුක යැ යන තෙල කරුණ තථ අවිතථ අනඤ්ඤථ වෙයි. මේ (තෘෂ්ණාසමුදය) දුඃඛසමුදය යැ යන … මේ (තෘෂ්ණානිරෝධය) දුඃඛනිරෝධ යැ යන … මේ (ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය) දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා යැ යන තෙල කරුණ තථ අවිතථ අනඤ්ඤථ වෙයි. මහණෙනි, මොහු සතර දෙන තථ අවිතථ අනඤ්ඤ වෙති’ යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි චත්තාරි සච්චානි අසඞ්ඛතානී’ති.
Sinhala BJTප. නිග: එකරුණින් සතර සත්‍යයෝ අසංස්කෘත වෙති.
Pali BJTසච්චකථා නිට්ඨිතා.
Sinhala BJTසත්‍යකථා නිමි.
Pali BJT6. 4.
Sinhala BJT6. 4.
Pali BJTආරුප්පකථා
Sinhala BJTආරුප්පකථා
Pali BJT1. ස. පු: ආකාසානඤ්චායතනං අසඞ්ඛතන්ති.
Sinhala BJT1. ස. පු: ආකාසානඤ්චායතනය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං තාණං ලෙණං සරණං පරායනං අච්චුතං අමතන්ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණය ත්‍රාණ, ලෙණ, සරණ, පරායණ අච්‍යුත, අමෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: ආකාසානඤ්චායතනං අසඞ්ඛතන්ති.{1}
Sinhala BJT2. ස. පු: ආකාසානඤ්චායතනය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJT3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ තාණානි -පෙ- අන්තරිකාවා’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: ආකාසානඤ්චායතනං අසඞ්ඛතන්ති.
Sinhala BJT4. ස. පු: ආකාසානඤ්චායතනය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ආකාසානඤ්චායතනං භවො ගති සත්තාවාසො සංසාරො යොනි විඤ්ඤාණට්ඨිති අත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: ආකාසානඤ්චායතනය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඞ්ඛතං භවො ගති සත්තාවාසො සංසාරො යොනි විඤ්ඤාණට්ඨිති අත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: අත්ථී ආකාසානඤ්චායතනූපගං කම්මන්ති.
Sinhala BJT5. ස. පු: ආකාසානඤ්චායතනෝපග කර්‍ම ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අසඞ්ඛතූපගං කම්මන්ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතොපග කර්‍ම ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: අත්ථී ආකාසානඤ්චායතනූපගා සත්තා’ති.
Sinhala BJT6. ස. පු: ආකාසානඤ්චායතනෝපග සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි අසඞ්ඛතූපගා සත්තා’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතොපග සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: ආකාසානඤ්චායතනෙ සත්තා ජායන්ති, ජීයන්ති මීයන්ති, චවන්ති, උපපජ්ජන්තී’ති.
Sinhala BJT7. ස. පු: ආකාසානඤ්චායතනයෙහි සත්ත්‍වයෝ උපදිද්ද, දිරත් ද, මියෙත් ද, ච්‍යුත වෙත් ද, උපප්‍රාප්ත වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඞ්ඛතෙ සත්තා ජායන්ති, ජීයන්ති, මීයන්ති, චවන්ති, උප්පජ්ජන්තී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෙහි සත්ත්‍වයෝ උපදිද්ද, දිරත් ද, මියෙත් ද, ච්‍යුත වෙත් ද, උපප්‍රාප්ත වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: ආකාසානඤ්චායතනෙ අත්ථී වෙදනා සඤ්ඤා සංඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJT8. ස. පු: ආකාසානඤ්චායතනයෙහි වේදනා සංඥා සංස්කාර ද? විඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඞ්ඛතෙ අත්ථී වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෙහි වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: ආකාසානඤ්චායතනං චතුවොකාරභවො’ති.
Sinhala BJT9. ස. පු: ආකාසානඤ්චායතනය චතුවෝකාරභව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඞ්ඛතං චතුවොකාරභවො’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතය චතුවෝකාරභව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ප. පු: න වත්තබ්බං: ‘චත්තාරො ආරුප්පා අසඞ්ඛතා’ති.
Sinhala BJT10. ප. පු: ‘සතර ආරූප්‍යයෝ අසංස්කෘත වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු චත්තාරො ආරුප්පා අනෙජා වුත්තා භගවතා’ති.
Sinhala BJTප. අනු: ‘සතර ආරූප්‍යයෝ අනෙජයෝ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි චත්තාරො ආරුප්පා අනෙජා වුත්තා භගවතා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ‘සතර ආරූප්‍යයෝ අනෙජයෝ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: ‘චත්තාරො ආරුප්පා අසඞ්ඛතා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘සතර ආරූප්‍යයෝ අසංස්කෘත වෙති’ යි කියැයුතු මැ යැ.
Pali BJTඅරුප්පකථා නිට්ඨිතා.
Sinhala BJTආරුප්පකථා නිමි.
Pali BJT6. 5.
Sinhala BJT6. 5.
Pali BJTනිරොධසමාපත්තිකථා.
Sinhala BJTනිරෝධසමාපත්තිකථා
Pali BJT1. ස. පු: නිරොධසමාපත්ති අසඞ්ඛතා’ති.
Sinhala BJT1. ස. පු: නිරෝධසමාපත්ති අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං තාණං ලෙණං සරණං පරායනං අච්චුතං අමතන්ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණය ත්‍රාණ, ලෙණ, සරණ, පරායණ, අච්‍යුත, අමෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: නිරොධසමාපත්ති අසඞ්ඛතා. නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT2. ස. පු: නිරෝධසමාපත්ති අසංස්කෘත වෙයි. නිර්‍වාණය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJT3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ තාණානි -පෙ- අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් හෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: නිරොධසමාපත්ති අසඞ්ඛතා’ති.{1}
Sinhala BJT4. ස. පු: නිරෝධසමාපත්ති අසංස්කෘත වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘සතර ආරූප්‍යයෝ ආනෙඤ්ජ වෙති’ යි වදාළ වචන නිසා එහැම ධර්‍මයෝ අසංස්කෘත වෙති යි ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ආරුප්පකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.{1}
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කෙචි නිරොධං සමාපජ්ජන්ති පටිලභන්ති උප්පාදෙන්ති සමුප්පාදෙන්ති උට්ඨපෙන්ති සමුට්ඨපෙන්ති නිබ්බත්තෙන්ති අභිනිබ්බත්තෙන්ති ජනෙන්ති සඤ්ජනෙන්තී’ති.
Sinhala BJTස. අනු: නිරෝධයට සමවදනා, එය ප්‍රතිලාභ කරන උපදවන, මොනොවට උපදවන, උත්‍ථාපන කරන, සමුත්‍ථාපන කරන, නිපදවන වෙසෙසින් නිපදවන, දනවන, මොනොවට දනවන කිසි කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කෙචි අසඞ්ඛතං සමාපජ්ජන්ති පටිලභන්ති උප්පාදෙන්ති සමුප්පාදෙන්ති උට්ඨපෙන්ති සමුට්ඨපෙන්ති නිබ්බත්තෙන්ති අභිනිබ්බත්තෙන්ති ජනෙන්ති සඤ්ජනෙන්තී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයට සමවදනා, එය ප්‍රතිලාභ කරන, උපදවන, මොනොවට උපදවන, උත්‍ථාපන කරන, සමුත්‍ථාපන කරන නිපදවන, වෙසෙසින් නිපදවන, දනවන මොනොවට දනවන කිසි කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: නිරොධා{1} වොදානං වුට්ඨානං පඤ්ඤායතී’ති.
Sinhala BJT5. ස. පු: නිරෝධයෙන් ව්‍යවදානයෙක් ව්‍යුත්‍ථානයෙක් පැනේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඞ්ඛතා වොදානං වුට්ඨානං පඤ්ඤායතී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෙන් ව්‍යවදානයෙක් ව්‍යුත්‍ථානයෙක් පැනේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: නිරොධං සමාපජ්ජන්තස්ස පඨමං නිරුජ්ඣති වචීසඞ්ඛාරො තතො කායසඞ්ඛාරො තතො චිත්තසඞ්ඛාරො’ති.
Sinhala BJT6. ස. පු: නිරෝධසමවත් සමවදනාහට පළමු කොට වාක් සංස්කාර (විතර්‍ක - විචාර) නිරුද්ධ වේ ද, ඉක්බිති කායසංස්කාර (ආශ්වාස - ප්‍රශ්වාස) ඉක්බිති චිත්තසංස්කාර (සංඥා - වේදනා) නිරුද්ධ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඞ්ඛතං සමාපජ්ජන්තස්ස පඨමං නිරුජ්ඣති වචීසඞ්ඛාරො තතො කායසඞ්ඛාරො තතො චිත්තසඞ්ඛාරො’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයට සමවදනාහට වාක්සංස්කාර පළමු කොට නිරුද්ධ වේ ද, ඉක්බිති කායසංස්කාර, ඉක්බිති චිත්තසංස්කාර නිරුද්ධ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: නිරොධා වුට්ඨහන්තස්ස පඨමං උප්පජ්ජති චිත්තසඞ්ඛාරො තතො කායසඞ්ඛාරො තතො වචීසඞ්ඛාරො’ති.
Sinhala BJT7. ස. පු: නිරෝධයෙන් නැඟෙනුවහට පළමු කොට චිත්තසංස්කාර උපදනේ වේ ද, ඉක්බිති කායසංස්කාර, ඉක්බිති වාක්සංස්කාර උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඞ්ඛතා වුට්ඨහන්තස්ස පඨමං උප්පජ්ජති චිත්තසඞ්ඛාරො තතො කායසඞ්ඛාරො තතො වචීසඞ්ඛාරො’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෙන් නැඟෙනුවහට පළමු කොට චිත්තසංස්කාර උපදනේ වේ ද, ඉක්බිති කායසංස්කාර, ඉක්බිති වාක්සංස්කාර උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: නිරොධා වුට්ඨිතං තයො ඵස්සා ඵුසන්ති සුඤ්ඤතො ඵස්සො අනිමිත්තො ඵස්සො අප්පණිහිතො ඵස්සො’ති.
Sinhala BJT8. ස. පු: නිරෝධයෙන් නැඟීසිටියහු ශූන්‍යතස්පර්‍ශය, අනිමිත්තස්පර්‍ශය, අප්‍රණිහිතස්පර්‍ශය, යන තුන් ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඞ්ඛතා වුට්ඨිතං තයො ඵස්සා ඵුසන්ති සුඤ්ඤතො ඵස්සො අනිමිත්තො ඵස්සො අප්පණිහිතො ඵස්සො’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෙන් නැඟීසිටියහු ශූන්‍යතස්පර්‍ශය, අනිමිත්තස්පර්‍ශය අප්‍රණිහිතස්පර්‍ශය යන තුන් ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: නිරොධා වුට්ඨිතස්ස විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාරන්ති.
Sinhala BJT9. ස. පු: නිරෝධයෙන් නැඟීසිටියහුට විවෙක (නිර්‍වාණ) යට අවනත වූ, විවේකයට නැමුණු, විවේකයට බර වූ සිත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඞ්ඛතා වුට්ඨිතස්ස විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාරන්ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෙන් නැඟීසිටියහුට විවෙකනිම්න, විවේකප්‍රවණ, විවේකප්‍රාග්හාර සිත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ප. පු: න වත්තබ්බං ‘නිරොධසමාපත්ති අසඞ්ඛතා’ති.
Sinhala BJT10. ප. පු: ‘නිරෝධසමාපත්ති අසංස්කෘතයහ’ යි නො කියැයුතු වේ ද?