Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7301-7400 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තමග්ගො අසඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: රහත්මඟ අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: අරහත්තමග්ගො සඞ්ඛතො’ති.
Sinhala BJT11. ස. පු: රහත්මඟ සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තනියාමො සඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: රහත්නියාමය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: සොතාපත්තිනියාමො අසඞ්ඛතො -පෙ- අරහත්තනියාමො අසඞ්ඛතො. නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT12. ස. පු: සෝවත් නියාමය අසංස්කෘත යැ … රහත්නියාමය අසංස්කෘත යැ. නිවන අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඤ්ච අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ පස්දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: පඤ්ච අසඞ්ඛතානී’ති.
Sinhala BJT13. ස. පු: අසංස්කෘතයෝ පස්දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ. (චතුර්විධ සම්‍යක්ත්‍වනියාමයන් පිළිබඳ ‘නියාමවචන’ ඇතියෙනුදු නිවන අසංස්කෘත බැවිනුදු කළ පිළින යි.)
Pali BJTස. අනු: පඤ්ච තාණානි -පෙ- අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ පස් දෙනෙක් … අන්තරිකාවෝ පස් දෙනෙක් හෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: නියාමො අසඞ්ඛතො’ති.
Sinhala BJT14. ස. පු: නියාමය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මිච්ඡත්තනියාමො අසඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: මිච්ඡත්තනියාමය අසංස්කෘත වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘නියාමගමනය පිණිස අනියතපෘථග්ජනයාට ඥානය ඇති’ යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට නියාමකථා එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: මිච්ඡත්තනියාමො අසඞ්ඛතො’ති.
Sinhala BJT15. ස. පු: මිච්ඡත්තනියාමය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මත්තනියාමො සඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: සම්මත්තනියාමය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ප. පු: න වත්තබ්බං ‘නියාමො අසඞ්ඛතො’ති.
Sinhala BJT16. ප. පු: ‘නියාමය අසංස්කෘත වේ යැ’ යි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පු: එසේ යැ.
Pali BJTස. අනු: නියාමෙ උප්පජ්ජ නිරුද්ධෙ අනියතෙ හොතී’ති.
Sinhala BJTප. අනු: නියාමය ඉපද නිරුද්ධ වූ කලැ අනියත වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. නිග: තෙන හි නියාමො අසඞ්ඛතො’ති.
Sinhala BJTප. නිග: එකරුණින් නියාමය අසංස්කෘත වෙයි.
Pali BJTප. අනු: මිච්ඡත්තනියාමෙ උප්පජ්ජ නිරුද්ධෙ අනියතො හොතී’ති.
Sinhala BJTප. අනු: මිච්ඡත්තනියාමය ඉපැද නිරුද්ධ වූ කල අනියත වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. නිග: තෙන හි ‘මිච්ඡත්තනියාමො අසඞ්ඛතො’ති.
Sinhala BJTප. නිග: එකරුණින් මිච්ඡත්තනියාමය අසංස්කෘත වෙයි.
Pali BJTනියාමකථා නිට්ඨිතා.
Sinhala BJTනියාමකථා නිමි.
Pali BJT6. 2.
Sinhala BJT6. 2.
Pali BJTපටිච්චසමුප්පාදකථා.
Sinhala BJTපටිච්චසමුප්පාදකථා
Pali BJT1. ස. පු: පටිච්චසමුප්පාදො අසඞ්ඛතො’ති.
Sinhala BJT1. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං තාණං ලෙණං සරණං පරායනං අච්චුතං අමතන්ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණය, ත්‍රාණ ලෙණ, සරණ, පරායණ, අච්‍යුත අමෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: පටිච්චසමුප්පාදො සඞ්ඛතො නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT2. ස. පු: (තොප මතයෙහි) ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වෙයි. නිවන අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJT3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ තාණානි ද්වෙ ලෙණානි ද්වෙ සරණානි ද්වෙ පරායනානි ද්වෙ අච්චුතානි ද්වෙ අමතානි ද්වෙ නිබ්බානාතී’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් ලෙණයෝ දෙදෙනෙක් සරණයෝ දෙදෙනෙක්, පරායණයෝ දෙදෙනෙක් අච්‍යුතයෝ දෙදෙනෙක් අමෘතයෝ දෙදෙනෙක් නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: ද්වෙ නිබ්බානානී’ති.
Sinhala BJT4. ස. පු: නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී ද්වින්නං නිබ්බානානං උච්චනීචතා හීනප්පණීතතා{1} උක්කංසාවකංසො සීමා වා භොදො වා රාජී වා{2} අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: උභයනිර්‍වාණයන්ගේ උච්චනීචතායෙක් හීනප්‍රණීතතායෙක් උත්කර්‍ෂාවකර්‍ෂයෙක් හෝ සීමායෙක් හෝ භෙදයෙක් හෝ රාජියෙක් හෝ අන්තරිකායෙක් හෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: පටිච්චසමුප්පාදො අසඞ්ඛතො’ති.
Sinhala BJT5. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිජ්ජා අසඞ්ඛතා’ති.
Sinhala BJTස. අනු: අවිද්‍යාව අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: අවිජ්ජා සඞ්ඛතා’ති.
Sinhala BJT6. ස. පු: අවිද්‍යා සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පටිච්චසමුප්පාදො සඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: ප්‍රතීත්‍යසමුත්පාද සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: පටිච්චසමුප්පාදො අසඞ්ඛතො’ති.
Sinhala BJT7. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිජ්ජාපච්චයා සඞ්ඛාරා අසඞ්ඛතා’ති.
Sinhala BJTස. අනු: අවිද්‍යාප්‍රත්‍යයෙන් වන සංස්කාරයෝ අසංස්කෘත වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: අවිජ්ජාපච්චයා සඞ්ඛාරා සඞ්ඛතා’ති.
Sinhala BJT8. ස. පු: අවිද්‍යාප්‍රත්‍යයෙන් වන සංස්කාරයෝ සංස්කෘත වෙද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පටිච්චසමුප්පාදො සඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: ප්‍රතීත්‍යසමුත්පාදය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: පටිච්චසමුප්පාදො අසඞ්ඛතො’ති.
Sinhala BJT9. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං අසඞ්ඛතන්ති.
Sinhala BJTස. අනු: සංස්කාරප්‍රත්‍යයෙන් වන විඥානය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛතන්’ති.
Sinhala BJT10. ස. පු: සංස්කාරප්‍රත්‍යයෙන් වන විඥානය සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පටිච්චසමුප්පාදො සඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: ප්‍රතීත්‍යසමුත්පාදය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: පටිච්චසමුප්පාදො අසඞ්ඛතො’ති.
Sinhala BJT11. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: විඤ්ඤාණපච්චයා නාමරූපං අසඞ්ඛතන්ති.
Sinhala BJTස. අනු: විඥානප්‍රත්‍යයෙන් වන නාමරූප අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: විඤ්ඤාණපච්චයා නාමරූපං සඞ්ඛතන්ති.
Sinhala BJT12. ස. පු: විඥානප්‍රත්‍යයෙන් වන නාමරූප සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පටිච්චසමුප්පාදො සඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: ප්‍රතීත්‍යසමුත්පාදය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: පටිච්චසමුප්පාදො අසඞ්ඛතො’ති.
Sinhala BJT13. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: ජාතිපච්චයා ජරාමරණං අසඞ්ඛතන්ති.
Sinhala BJTස. අනු: ජාතිප්‍රත්‍යයෙන් වන ජරාමරණ අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: ජාතිපච්චයා ජරාමරණං සඞ්ඛතන්ති.
Sinhala BJT14. ස. පු: ජාතිප්‍රත්‍යයෙන් වන ජරාමරණ සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පටිච්චසමුප්පාදො සඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: ප්‍රතීත්‍යසමුත්පාදය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: න වත්තබ්බං: පටිච්චසමුප්පාදො අසඞ්ඛතො’ති.
Sinhala BJT15. ප. පු: ‘ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“උප්පාදා වා තථාගතානං -පෙ- ඨිතා’ ව සා ධාතු, ධම්මට්ඨිතතා, ධම්මනියාමතා” යි වදාළහෙයින් ‘ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වෙති’ යි පූර්‍වශෛලියයන් හා මහීශාසකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට පටිච්චසමුප්පාදකථා එයි.]
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “ජාතිපච්චයා භික්ඛවෙ ජරාමරණං උප්පාදා වා තථාගතානං අනුප්පාදා වා තථාගතානං ඨිතා’ව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා ඉදපච්චයතා. තං තථාගතො අභිසම්බුජ්ඣති, අභිසමෙති. අභිසම්බුජ්ඣිත්වා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති{1} ‘පස්සථා’ති චාහ. ජාතිපච්චයා භික්ඛවෙ ජරාමරණං භවපච්චයා භික්ඛවෙ ජාති -පෙ- අවිජ්ජාපච්චයා භික්ඛවෙ සඞ්ඛාරා උප්පාදා වා තථාගතානං අනුප්පාදා වා තථාගතානං ඨිතා’ව සා ධාතු -පෙ- ‘පස්සථා’ති චාහ. අවිජ්ජාපච්චයා භික්ඛවෙ සඞ්ඛාරා ඉති ඛො භික්ඛවෙ යා තත්ර තථතා අවිතථතා අනඤ්ඤථතා ඉදපච්චයතා, අයං වුච්චති භික්ඛවෙ පටිච්චසමුප්පාදො”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. තථාගතයන් වහන්සේගේ උත්පාදයෙන් වේවයි ඔබගේ අනුත්පාදයෙන් වේවයි (ජරාමරණධර්‍මයනට කාරණාර්‍ත්‍ථයෙන්) ධර්‍මස්ථිතතා වූ, (ජරාමරණධර්‍මයනට කාරණාර්‍ත්‍ථයෙන් මැ) ධර්‍මනියාමතා වූ, ධර්‍මස්ථිති, ධර්‍මනියාම වශයෙන් මේ ජරාමරණාදිධර්‍මයනට ප්‍රත්‍යාර්‍ත්‍ථයෙන් ඉදම්ප්‍රත්‍යතා (ප්‍රත්‍යයවන ස්වභාව) වූ ඒ ධාතු තොමෝ සිටියා (පවතී) මැ යැ. තථාගතයන් වහන්සේ එය මොනොවට අවබෝධ කරනසේක. අභිසම කරනසේක. මොනොවට අවබෝධ කොට අභිසම කොට කියනසේක, දෙසනසේක, දන්වනසේක, පිහිටුවනසේක, විවරණ කරනසේක, බෙදනසේක, හෙළි කරනසේක, ‘බලව’යිදු බණනසේක: මහණෙනි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මහණෙනි, භවප්‍රත්‍යයෙන් ජාති වෙයි කියා යි. මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. තථාගතයන් වහන්සේගේ උත්පාදයෙන් වේවයි ඔබගේ අනුත්පාදයෙන් වේවයි ඒ ධර්‍මධාතු සිටියා මැ යැ … ‘බලව’යිදු බණනසේක: ‘මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරය වෙති’ යි කියා යි. මහණෙනි, මෙසේ එහිලා යම් තථතායෙක් (ස්වභායෙක්) අවිතථතායෙක් (නොසිස් බවෙක්) අනන්‍යථාභාවයෙක් (නොවෙනස් බවෙක්), ඉදම්ප්‍රත්‍යතායෙක් ඇද්ද? මහණෙනි, මේ ප්‍රතීත්‍යසමුත්පාද යැයි කියනු ලැබේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි පටිච්චසමුප්පාදො අසඞ්ඛතො’ති.
Sinhala BJTප. නිග: එකරුණින් ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වෙයි.
Pali BJT16. ස. පු: “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා”ති යා තත්ථ ධම්මට්ඨිතතා ධම්මනියාමතා අසඞ්ඛතා. නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT16. ස. පු: ‘අවිජ්ජාපච්වයා සඞ්ඛාරා’ යන එහි සංස්කාරධර්‍මයනට කාරණාර්‍ත්‍ථයෙන් ධර්‍මස්ථිතතාවූ, සංස්කාරධර්‍මයනට කාරණාර්‍ත්‍ථයෙන් (ඇති කල්හි මැ සම්භවය වන) ධර්‍මනියාමතා වූ යම් අවිද්‍යායෙක් ඇද්ද, ඕ (තොපමතයෙහි) අසංස්කෘත යැ. නිර්‍වාණයත් අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?