Pali BJT5. ස. පු: සබ්බං ඤාණං පටිසම්භිදා’ති.
Sinhala BJT5. ස. පු: හැම ඤාණ පටිසම්භිදාඤාණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බා පඤ්ඤා පටිසම්භිදා’ති.
Sinhala BJTස. අනු: හැම ප්‍රඥා පටිසම්භිදාඤාණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (කසිණසමාපත්ති ප්‍රඥාව සඳහා ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT6. ස. පු: සබ්බං පඤ්ඤා පටිසම්භිදා’ති.
Sinhala BJT6. ස. පු: හැම ප්‍රඥා පටිසම්භිදාඤාණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඨවීකසිණසමාපත්තිං සමාපන්නස්ස අත්ථී පඤ්ඤා පටිසම්භිදා’ති.
Sinhala BJTස. අනු: පඨවීකසිණ සමාපත්තියට සමවන්නහුට ප්‍රඥා ඇත පටිසම්භිදාඤාණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: අපොකසිණං -පෙ- තෙජොකසිණං -පෙ- වායොකසිණං -පෙ- නීලකසිණං -පෙ- පීතකසිණං -පෙ- ලොහිතකසිණං -පෙ- ඔදාතකසිණං -පෙ- ආකාසානඤ්චායතනං -පෙ- විඤ්ඤාණඤ්චායතනං -පෙ- ආකිඤ්චඤ්ඤායතනං -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස -පෙ- දානං දදන්තස්ස -පෙ- චීවරං දදන්තස්ස -පෙ- පිණ්ඩපාතං දදන්තස්ස -පෙ- සෙනාසනං දදන්තස්ස -පෙ- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං දදනන්තස්ස අත්ථී පඤ්ඤා සා පටිසම්භිදා’ති.
Sinhala BJTස. අනු: ආපෝකසිණයට … තෙජොකසිණයට … වායෝකසිණයට … නීලකසිණයට … පීතකසිණයට … ලෝහිතකසිණයට … ඔදාතකසිණයට … ආකාසානඤ්චායතනයට … විඤ්ඤාණඤ්චායතනයට … ආකිඤ්චඤ්ඤායතනයට … නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට දන් දෙන්නහුට … සිවුරු දෙන්නහුට … පිඬුවා දෙන්නහුට … සෙනසුන් දෙන්නහුට … ගිලන්පස බෙහෙත්පිරිකර දෙන්නහුට ප්‍රඥා ඇත. ඒ ප්‍රඥා පටිසම්භිදාඥාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ප. පු: න වත්තබ්බං සබ්බං ඤාණං පටිසම්භිදා’ති.
Sinhala BJT7. ප. පු: ‘හැම ඥාන පටිසම්භිදාඤාණ’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අත්ථී ලොකුත්තරා පඤ්ඤා, සාපඤ්ඤා න පටිසම්භිදා’ති.
Sinhala BJTප. අනු: ලෝකෝත්තර ප්‍රඥායෙක් ඇත. ඒ ප්‍රඥාව පටිසම්භිදාඤාණ නො වේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTඅනු. පා: තෙන හි සබ්බං ඤාණං පටිසම්භිදා’ති.
Sinhala BJTඅනු. පා: එ කරුණින් හැම ඥාන පටිසම්භිදාඤාණ නම් වෙයි.
Pali BJTපටිසම්භිදාකථා නිට්ඨිතා.
Sinhala BJTපටිසම්භිදාකථා නිමි.
Pali BJT5. 6.
Sinhala BJT5. 6.
Pali BJTසම්මුතිඤාණකථා.
Sinhala BJTසම්මුතිඤාණකථා
Pali BJT1. ස. පු: න වත්තබ්බං: සම්මුතිඤාණං සච්චාරම්මණඤ්ඤෙව න අඤ්ඤාරම්මණන්ති.
Sinhala BJT1. ප. පු: ‘සම්මුතිඤාණය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු පඨවීකසිණසමාපත්තිං සමාපන්නස්ස අත්ථී ඤාණං, පඨවීකසිණඤ්ච සම්මුතිසච්චම්හි’ති.
Sinhala BJTප. අනු: පඨවීකසිණ සමවත් සමවන්නහුට ඥාන ඇත්තේ නො වේ ද? පඨවීකසිණයත් සංවෘතිසත්‍යයෙහි වැටෙන්නේ නො වේ ද? නොහොත් සංවෘති සත්‍යය මැ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පඨවීකසිණසමාපත්තිං සමාපන්නස්ස අත්ථී ඤාණං ‘පඨවීකසිණඤ්ච සම්මුතිසච්චම්හි,
Sinhala BJTඅනු. ඨ: ඉදින් පඨවීකසිණ සමවත් සමවන්නහුට ඥානය ඇත් නම්, පඨවීකසිණයත් සංවෘතිසත්‍යයෙහි වැටේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: සම්මුතිඤාණං සච්චාරම්මණඤ්ඤෙ’ව න අඤ්ඤාරම්මණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘සංවෘතිඥානය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි කියැයුතු මැ යැ.
Pali BJT2. ප. පු: න වත්තබ්බං: සම්මුතිඤාණං සච්චාරම්මණඤ්ඤෙ’ව න අඤ්ඤාරම්මණන්ති.
Sinhala BJT2. ප. පු: ‘සංවෘතිඥානය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු ආපොකසිණං -පෙ- තෙජොකසිණං -පෙ- ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරං දදන්තස්ස අත්ථී ඤාණං, ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරො ච සම්මුතිසච්චම්හි’ති.
Sinhala BJTප. අනු: ආපෝකසිණය … තේජෝකසිණය … ගිලන්පස බෙහෙත්පිරිකර දෙන්නහුට ඥානය ඇත, ගිලන්පස බෙහෙත්පිරිකරත් සංවෘතිසත්‍යය නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං දදන්තස්ස අත්ථී ඤාණං, ගිලානපච්චයභෙසජ්ජ පරික්ඛාරො ච සම්මුතිසච්චම්හි,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ගිලන්පස බෙහෙත්පිරිකර දෙන්නහුට ඥානය ඇත් නම්, ගිලන්පස බෙහෙත්පිරිකරත් සංවෘතිසත්‍යය වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: සම්මුතිඤාණං සච්චාරම්මණඤ්ඤෙ’ව න අඤ්ඤාරම්මණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘සංවෘතිඥානය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: සම්මුතිඤාණං සච්චාරම්මණඤ්ඤෙ’ව න අඤ්ඤාරම්මණන්ති.
Sinhala BJT3. ස. පු: සංවෘතිඥානය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තෙන ඤාණෙන දුක්ඛං පරිජානාති. සමුදයං පජහති, නිරොධං සච්ඡිකරොතී, මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: ඒ ඥානයෙන් දුඃඛය පිරිසිඳ දන්නේ සමුදය දුරු කරන්නේ නිරෝධ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ මාර්‍ගය වඩන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTසම්මුතිඤාණකථා නිට්ඨිතා.
Sinhala BJTසම්මුතිඤාණකථා නිමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘ආර්‍ය්‍යයන්ගේ යම් මැ ඥානයෙක් ඇද්ද, එ හැම ලෝකෝත්තර මැ වෙති’ යි ගෙනැ හැම ඥානය මැ පටිසම්භිදායෙහි වැටෙතියි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට පටිසම්භිදාකථා එයි.]
Pali BJT5. 7.
Sinhala BJT5. 7.
Pali BJTචිත්තාරම්මණකථා.
Sinhala BJTචිත්තාරම්මණකථා
Pali BJT1. ස. පු: චෙතොපරියායෙ ඤාණං චිත්තාරම්මණඤ්ඤෙ’ව න අඤ්ඤාරම්මණන්ති.
Sinhala BJT1. ස. පු: චේතෝපරියායඤාණය චිත්තාරම්මණ මැ වත් මුත් අන්‍යාලම්බන නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථී කොචි සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාතී’ති.
Sinhala BJTස. අනු: සරාග චිත්තය ‘සරාග චිත්ත’ යයි දන්නා කිසිවෙක් ඇත්තේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී කොචි සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සරාගචිත්තය ‘සරාගචිත්ත’ යයි දන්නා කිසිවෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: චෙතොපරියායෙ ඤාණං චිත්තාරම්මණඤ්ඤෙ’ව න අඤ්ඤාරම්මණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘චේතෝපරියායඤාණය චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJTස. අනු: නනු අත්ථී කොචි වීතරාගං චිත්තං -පෙ- සදොසං චිත්තං -පෙ- වීතදොසං චිත්තං -පෙ- සමොහං චිත්තං -පෙ- වීතමොහං චිත්තං -පෙ- සඞ්ඛිත්තං චිත්තං -පෙ- වික්ඛිත්තං චිත්තං -පෙ- මහග්ගතං චිත්තං -පෙ- අමග්ගහතං චිත්තං -පෙ- සඋත්තරං චිත්තං -පෙ- අනුත්තරං චිත්තං -පෙ- සමාහිතං චිත්තං -පෙ- අසමාහිතං චිත්තං -පෙ- විමුත්තං චිත්තං -පෙ- අවිමුත්තං චිත්තං අවිමුත්තං චිත්තංන්ති පජානාතී’ති.
Sinhala BJTස. අනු: වීතරාගචිත්තය … සදෝසචිත්තය … වීතදොසචිත්තය … සමෝහචිත්තය … වීතමෝහචිත්තය … සංක්‍ෂිප්තචිත්තය … වික්‍ෂිප්තචිත්තය … මහද්ගතචිත්තය … අමහද්ගතචිත්තය … සඋත්තරචිත්තය … අනුත්තරචිත්තය … සමාහිතචිත්තය … අසමාහිතචිත්තය … විමුක්තචිත්තය … අවිමුක්තචිත්තය … ‘අවිමුක්තචිත්ත’ යයි දන්නා කිසිවෙක් ඇත්තේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී කොචි අවිමුත්තං චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අවිමුක්තචිත්තය ‘අවිමුක්තචිත්ත’ යයි දන්නා කිසිවෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: චෙතොපරියායෙ ඤාණං චිත්තාරම්මණඤ්ඤෙ’ව න අඤ්ඤාරම්මණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘චේතෝපරියායඤාණය චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: ඵස්සාරම්මණෙ ඤාණං වත්තබ්බං: චෙතොපරියායෙ ඤාණන්ති.
Sinhala BJT2. ස. පු: ස්පර්‍ශාලම්බනඥානය ‘චෙතොපරියායඤාණ’ යයි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ඵස්සාරම්මණෙ ඤාණං වත්තබ්බං: චෙතොපරියායෙ ඤාණං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ස්පර්‍ශාලම්බනඥානය ‘චෙතොපරියායඤාණ’ යයි කියැයුතු වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: චෙතොපරියායෙ ඤාණං චිත්තාරම්මණඤ්ඤෙ’ව අඤ්ඤාරම්මණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘චේතෝපරියායඤාණය චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: වෙදනාරම්මණෙ ඤාණං -පෙ- සඤ්ඤාරම්මණෙ ඤාණං - චෙතනාරම්මණෙ ඤාණං - චිත්තාරම්මණෙ ඤාණං - සද්ධාරම්මණෙ ඤාණං - විරියාරම්මණෙ ඤාණං - සතාරම්මණෙ ඤාණං - සමාධාරම්මණෙ ඤාණං - පඤ්ඤාරම්මණෙ ඤාණං - රාගාරම්මණෙ ඤාණං - දොසාරම්මණෙ ඤාණං - මොහාරම්මණෙ ඤාණං -පෙ- අනොත්තප්පාරම්මණෙ ඤාණං වත්තබ්බං: චොතොපරියායෙ ඤාණන්ති.
Sinhala BJT3. ස. පු: වේදනාලම්බනඥානය … සංඥාලම්බනඥානය … චේතනාලම්බනඥානය … චිත්තාලම්බනඥානය … ශ්‍රද්ධාලම්බනඥානය … වීර්‍ය්‍යාලම්බනඥානය … ස්මෘත්‍යාලම්බන ඥානය … සමාධ්‍යාලම්බනඥානය … ප්‍රඥාලම්බනඥානය … රාගාලම්බනඥානය … ද්වේෂාලම්බනඥානය … මොහාලම්බනඥානය … අනපත්‍රපාලම්බනඥානය ‘චේතෝ පරියායඤාණ’ යයි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනොත්තප්පාරම්මණෙ ඤාණං වත්තබ්බං: චෙතොපරියායෙ ඤාණං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනපත්‍රපාලම්බනඥානය ‘චෙතොපරියායඤාණ’ යයි කියැයුතු වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: චෙතොපරියායෙ ඤාණං චිත්තාරම්මණඤ්ඤෙ’ව න අඤ්ඤාරම්මණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘චේතෝපරියායඤාණය චිත්තාලම්බන වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT4. ස. පු: ඵස්සාරම්මණෙ ඤාණං න වත්තබ්බං: චෙතොපරියායෙ ඤාණ’න්ති.
Sinhala BJT4. ස. පු: ස්පර්‍ශාලම්බනඥානය ‘චෙතොපරියායඤාණ’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඵස්සපරියායෙ ඤාණන්ති.
Sinhala BJTස. අනු: (තෙල) ස්පර්‍ශපර්‍ය්‍යායඥාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (එබඳු සූත්‍රපදයක් නැතියෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT5. ස. පු: වෙදනාරම්මණෙ ඤාණං -පෙ- සඤ්ඤාරම්මණෙ ඤාණං -පෙ- අනොත්තප්පාරම්මණෙ ඤාණං න වත්තබ්බං: චෙතොපරියායෙ ඤාණන්ති.
Sinhala BJT5. ස. පු: වේදනාලම්බනඥානය … සංඥාලම්බනඥානය … අනපත්‍රපාලම්බනඥානය ‘චිත්තපර්‍ය්‍යායඥාන’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු අනොත්තප්පපරියායෙ ඤාණන්ති.
Sinhala BJTස. අනු: (තෙල) අනපත්‍රපාපර්‍ය්‍යායඥාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ප. පු: න වත්තබ්බං: චෙතොපරියායෙ ඤාණං චිත්තාරම්මණඤ්ඤෙව න අඤ්ඤාරම්මණන්ති.
Sinhala BJT6. ප. පු: ‘චිත්තපර්‍ය්‍යායඥානය චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නොවෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු චෙතොපරියායෙ ඤාණ’න්ති.
Sinhala BJTප. අනු: (තෙල) චිත්තපර්‍ය්‍යායඥාන නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි චෙතොපරියායෙ ඤාණං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් චිත්තපර්‍ය්‍යායඥාන වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: චෙතොපරියායෙ ඤාණං චිත්තාරම්මණඤ්ඤෙව න අඤ්ඤාරම්මණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් චිත්තපර්‍ය්‍යායඥාන චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි කියැයුතු මැ යැ.
Pali BJTචිත්තාරම්මණ කථා නිට්ඨිතා.
Sinhala BJTචිත්තාලම්බනකථා නිමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘සංවෘතිසත්‍ය යැ පරමාර්‍ත්‍ථසත්‍ය යැ යි සත්‍යයෝ දෙදෙනෙකි. යම් කෙනෙක් මෙසේ විභාග නො කොට ‘සත්‍ය’ යන වචන සාමාන්‍යයෙන් සංවෘතිඥානය ද සත්‍යාලම්බන මැ යයි බෙණෙත් ද, ඔහු ‘අයුක්තවාදීහු’ යයි උන්ගේ වාදවිශෝධනය පිණිස සම්මුතිකථා එයි.]
Pali BJT5. 8.
Sinhala BJT5. 8.
Pali BJTඅනාගතඤාණකථා.
Sinhala BJTඅනාගතඤාණකථා
Pali BJT1. ස. පු: අනාගතෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJT1. ස. පු: අනාගතයෙහි ඥානයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතං මූලතො ජානාති, හෙතුතො ජානාති, නිදානතො ජානාති, සම්භවතො ජානාති, පභවතො ජානාති, සමුට්ඨානතො ජානාති, ආහාරතො ජානාති, ආරම්මණතො ජානාති, පච්චයතො ජානාති, සමුදයතො ජානාතී’ති.
Sinhala BJTස. අනු: (තොප ගත් අනාගත ඥානයෙන් අනන්තර අනාගතය මූලාදි වශයෙන් දත හෙන්නේ දැ යි සොයන්නට ප්‍රශ්න නඟයි.) ඒ අනාගතය මූල වශයෙන් දන්නේ ද, නිදාන වශයෙන් දන්නේ ද, සම්භව වශයෙන් දන්නේ ද, ප්‍රභව වශයෙන් දන්නේ ද, සමුත්‍ථාන වශයෙන් දන්නේ ද, ආහාර වශයෙන් දන්නේ ද, ආරම්මණ වශයෙන් දන්නේ ද, ප්‍රත්‍යය වශයෙන් දන්නේ ද, සමුදය වශයෙන් දන්නේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: අනාගතෙ ඤාණං අත්ථීති.
Sinhala BJT2. ස. පු: අනාගතයෙහි ඥානයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතං හෙතුපච්චයතං ජානාති, ආරම්මණපච්චයතං ජානාති, අධිපතිපච්චයතං ජානාති, අනන්තරපච්චයතං ජානාති, සමනන්තරපච්චයතං ජානාතී’ති.
Sinhala BJTස. අනු: අනන්තරානාගත චිත්තය ඇසුරු කළ හේතුප්‍රත්‍යයතාව දන්නේ ද, ආලම්බනප්‍රත්‍යයතාව දන්නේ ද, අධිපතිප්‍රත්‍යයතාව දන්නේ ද, අනන්තරප්‍රත්‍යයතාව දන්නේ ද, සමනන්තරප්‍රත්‍යයතාව දන්නේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: අනාගතෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJT3. ස. පු: අනාගතයෙහි ඥානයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ගොත්රභුනො පුග්ගලස්ස සොතාපත්තිමග්ගෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJTස. අනු: ගෝත්‍රභූපුද්ගලයාට සොවත්මගෙහි ඥානයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJTස. අනු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාට සෝවත්ඵලයෙහි ඥානය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: සකදාගාමී -පෙ- අනාගාමී -පෙ- අරහත්තසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස අරහත්තෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJTස. අනු: සෙදගැමි … අනගැමි … රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාට රහත්ඵලයෙහි ඥානය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ප. පු: න වත්තබ්බං අනාගතෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJT4. ප. පු: ‘අනාගතයෙහි ඥානය ඇති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘චෙතොපරියායඤාණ යන වචනමාත්‍රය මැ ගෙන ඒ ඥානය චිත්තාරම්මණ මැ වෙයි’ යන අන්‍ධකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට චිත්තාරම්මණකථා එයි.]
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “පාටලීපුත්තස්ස ඛො ආනන්ද තයො අන්තරායා භවිස්සන්ති: අග්ගිතො වා උදකතො වා මිථුභෙදා වා”ති{a} අත්ථෙ’ව සුත්තන්තො”ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “ආනන්‍දය පැළලුප්නුවරට අන්තරායයෝ තිදෙනෙක් වෙති: වහ්නියෙන් හෝ උදකයෙන් හෝ මිථුභේදයෙන් හෝ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි අනාගතෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJTප. නිග: එ කරුණින් ‘අනාගතයෙහි ඥානය ඇත’ යි (දෙසූ සූත්‍රය හැම තන්හි අනාගතඥානයට සාධක නො වනුයෙන් මෙහි අසාධක යි.)
Pali BJTඅනාගතඤාණකථා නිට්ඨිතා.
Sinhala BJTඅනාගතඤාණකථා නිමි.
Pali BJT5. 9.
Sinhala BJT5. 9.
Pali BJTපච්චුප්පන්නඤාණකථා.
Sinhala BJTපච්චුප්පන්නඤාණකථා
Pali BJT1. ස. පු: පච්චුප්පන්නෙ{1} ඤාණං අත්ථී’ති.
Sinhala BJT1. ස. පු: ප්‍රත්‍යුත්පන්නයෙහි ඥානය ඇද්ද?