Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7001-7100 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. අනු: අත්ථී අරහතො සඤ්ඤාවිපරියෙසො, චිත්තවිපරියෙසො, දිට්ඨිවිපරියෙසො’ති.
Sinhala BJTස. අනු: රහත්හට සංඥාවිපර්‍ය්‍යාස චිත්තවිපර්‍ය්‍යාස දෘෂ්ටිවිපර්‍ය්‍යාස ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: නත්ථී අරහතො සඤ්ඤාවිපරියෙසො, චිත්තවිපරියෙසො, දිට්ඨිවිපරියෙසො’ති.
Sinhala BJT9. ස. පු: රහත්හට සංඥාවිපර්‍ය්‍යාස චිත්තවිපර්‍ය්‍යාස දෘෂ්ටිවිපර්‍ය්‍යාස ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නත්ථි අරහතො සඤ්ඤාවිපරියෙසො, චිත්තවිපරියෙසො, දිට්ඨිවිපරියෙසො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට සංඥාවිපර්‍ය්‍යාස චිත්තවිපර්‍ය්‍යාස දෘෂ්ටිවිපර්‍ය්‍යාස නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථී අරහතො විපරියෙසො”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට විපර්‍ය්‍යාස ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT10. ප. පු: න වත්තබ්බං ‘පඨවීකසිණසමාපත්තිං සමාපන්නස්ස විපරීතෙ ඤාණ’න්ති.
Sinhala BJT10. ප. පු: ‘පඨවීකසිණ සමවත් සමවන්නහුට විපරීතඥාන ඇති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘පඨවීකසිණයෙහි පඨවීසංඥා ඇති වැ සමවන්නවුන්ගේ ඥානය විපරීතඥානයෙකැ’ යි අන්‍ධනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට විපරීතකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පඨවීකසිණසමාපත්තිං සමාපජ්ජන්තස්ස{1} සබ්බෙ’ව පඨවී’ති.
Sinhala BJTප. අනු: පඨවීකසිණ සමවත් සමවන්නහුට හැම ම පොළෝ වේ ද? (එ හැම පඨවීකසිණ ලක්‍ෂණපෘථිවිය මැ වේ දැ’ යි අසයි.)
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. නිග: තෙන හි පඨවීකසිණසමාපත්තිං සමාපන්නස්ස විපරීතෙ ඤාණන්ති.
Sinhala BJTප. නිග: එකරුණින් පඨවීකසිණ සමවත් සමවන්නහුට විපරීතඥාන ඇත.
Pali BJT11. ස. පු: පඨවීකසිණසමාපත්තිං සමාපන්නස්ස විපරීතෙ ඤාණන්ති.
Sinhala BJT11. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුට විපරීතඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු පඨවී අත්ථී, අත්ථී ච කොචි පඨවිං පඨවිතෙසමාපජ්ජතී’ති
Sinhala BJTස. අනු: පොළොව ඇත්තේ නො වේ ද? පඨවිය පඨවීභාවයෙන් සමවදනා යමෙකුත් ඇත්තේ නො වේ ද? (නිමිත්තපෘථිවී ඇත්තේ නො වේ ද? පෘථිවිය පෘථිවිභාවයෙන් මැ වත් මුත් ආපෝභාවයෙන් තෙජොභාවයෙන් සම නො වදනා යමෙකුත් ඇත්තේ නො වේ ද? යනු අර්‍ත්‍ථ යි.)
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පඨවී අත්ථී, අත්ථී ච කොචි පඨවිං පඨවිතො සමාපජ්ජති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් පෘථිවී ඇත් නම් පෘථිවිය පෘථවීභාවයෙන් සමවදනා යමෙකුත් ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “පඨවීකසිණා සමාපත්තිං සමාපන්නස්ස විපරීතෙ ඤාණන්ති.”
Sinhala BJTඅනු. පා: භවත, ‘පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT12. ස. පු: පඨවී අත්ථී, පඨවිං පඨවිතො සමාපජ්ජන්තස්ස විපරීතං හොතී”ති.
Sinhala BJT12. ස. පු: පෘථිවිය ඇත, පෘථිවිය පෘථවීභාවයෙන් සමවදනහුට විපරීත ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං අත්ථී, නිබ්බානං නිබ්බානතො සමාපජ්ජන්තස්ස විපරීතං හොතී’ති.
Sinhala BJTස. අනු: නිවන් ඇත, නිවන නිවන් විසින් සමවදනහුට විපරීත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං “පඨවීකසිණසමාපත්තිං සමාපන්නස්ස විපරීතෙ ඤාණන්ති.”
Sinhala BJTස. නිග: එකරුණින් ‘පඨවීකසිණ සමවත් සමවන්නහුට විපරීතඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJTවිපරීතකථා නිට්ඨිතා.
Sinhala BJTවිපරීතකථා නිමි.
Pali BJT5. 4.
Sinhala BJT5. 4.
Pali BJTනියාමකථා
Sinhala BJTනියාමකථා
Pali BJT1. ස. පු: අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණන්ති.
Sinhala BJT1. ස. පු: අනියත වූ පෘථග්ජනයාහට නියාමගමනය පිණිස (මාර්‍ගගමනය පිණිස) ඥානයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: නියතස්ස අනියාමගමනාය අත්ථී ඤාණන්ති.
Sinhala BJTස. අනු: නියත වූ පුද්ගලයාහට අනියාමගමනය පිණිස ඥානයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: නියතස්ස අනියාමගමනාය නත්ථී ඤාණන්ති.
Sinhala BJT2. ස. පු: නියත පුද්ගලයාහට අනියාමගමනය පිණිස ඥානය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනියතස්ස නියාමගමනාය නත්ථී ඤාණන්ති.
Sinhala BJTස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණන්ති.
Sinhala BJT3. ස. පු: අනියත පුද්ගලයාට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නියතස්ස නියාමගමනාය අත්ථී ඤාණන්ති.
Sinhala BJTස. අනු: නියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: නියතස්ස නියාමගමනාය නත්ථී ඤාණන්ති.
Sinhala BJT4. ස. පු: නියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනියතස්ස නියාමගමනාය නත්ථී ඤාණන්ති.
Sinhala BJTස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණන්ති.
Sinhala BJT5. ස. පු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනියතස්ස අනියාමගමනාය අත්ථී ඤාණන්ති.
Sinhala BJTස. අනු: අනියත පුද්ගලයාහට අනියාමගමනය පිණිස ඥානය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: අනියතස්ස අනියාමගමනාය නත්ථී ඤාණන්ති.
Sinhala BJT6. ස. පු: අනියත පුද්ගලයාහට අනියාමගමනය පිණිස ඥානය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනියතස්ස නියාමගමනාය නත්ථී ඤාණන්ති.
Sinhala BJTස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණන්ති.
Sinhala BJT7. ස. පු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනියතස්ස නියාමගමනාය අත්ථී නියාමො’ති.
Sinhala BJTස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස නියාමයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණන්ති.
Sinhala BJT8. ස. පු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනියතස්ස නියාමගමනාය අත්ථී සතිපට්ඨානා -පෙ- සම්මප්පධානා -පෙ- ඉද්ධිපාදා -පෙ- ඉන්ද්රියා -පෙ- බලා -පෙ- බොජ්ඣඞ්ගා’ති.
Sinhala BJTස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස සීවටන්හු … සම්‍යක් ප්‍රධානයෝ … ඍද්ධිපාදයෝ … ඉන්‍ද්‍රියයෝ … බලයෝ … බෝධ්‍යඞ්ගයෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. අනු: අනියතස්ස නියාමගමනාය නත්ථී නියාමො’ති.
Sinhala BJT9. ස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනයට නියාමයෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනියතස්ස නියාමගමනාය නත්ථී නියාමො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස නියාමයෙක් නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අනියතස්ස නියාගමනාය අත්ථී ඤාණන්ති.”
Sinhala BJTඅනු. පා: භවත, ‘අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානයෙක් ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT10. ස. අනු: අනියතස්ස නියාමගමනාය නත්ථී සතිපට්ඨානා -පෙ- බොජ්ඣඞ්ගා’ති.
Sinhala BJT10. ස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස සීවටන්හු … බෝධ්‍යඞ්ගයෝ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනියතස්ස නියාමගමනාය නත්ථී බොජ්ඣඞ්ගා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස බෝධ්‍යඞ්ගයෝ නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අනියතස්ස නියාගමනාය අත්ථී ඤාණන්ති”
Sinhala BJTඅනු. පා: භවත, ‘අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT11. ස. පු: අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණන්ති.
Sinhala BJT11. ස. පු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ගොත්රභුනො පුග්ගලස්ස සොතාපත්තිමග්ගෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJTස. අනු: ගෝත්‍රභූපුද්ගලයාහට සොවත්මඟෙහි ඥානය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJTස. අනු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාහට සෝවත්ඵලයෙහි ඥානය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: සකදාගාමිඵලසච්ඡිකිරියාය -පෙ- අනාගාමිඵලසච්ඡිකිරියාය -පෙ- අරහත්තසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස අරහත්තෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට … අනගැමිඵල පසක් කරන්නට … රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාහට අර්‍හත්ත්‍වයෙහි ඥානය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ප. පු: න වත්තබ්බං ‘අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණන්ති.
Sinhala BJT12. ප. පු: ‘අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇති’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යම් පුද්ගලයෙක් සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නේ වේ ද, එයින් භාග්‍යවතුන් වහන්සේ ‘මෙතෙම ධර්‍මාභිසමයට භව්‍යයෙකැ’ යි දන්නා සේක් ද, එහෙයින් අනියත වූ පෘථග්ජන පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානයෙක් ඇති යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට නියාමකථා එයි.]
Pali BJTප. අනු: නනු භගවා ජානාති ‘අයං පුග්ගලො සම්මත්තනියාමං ඔක්කමිස්සති, භබ්බො අයං පුග්ගලො ධම්මං අභිසමෙතුන්ති.
Sinhala BJTප. අනු: ‘මේ පුද්ගල සම්‍යක්ත්‍ව නියාමයට බැසගන්නේ යැ, මේ පුද්ගල ධර්‍මාභිසමය පිණිස භව්‍ය වෙති’ යි භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක් නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි භගවා ජානාති ‘අයං පුග්ගලො සම්මත්තනියාමං ඔක්කමිස්සති, භබ්බො අයං පුග්ගලො ධම්මං අභිසමෙතු’න්ති,{1}
Sinhala BJTඅනු. ඨ: ඉදින් ‘මේ පුද්ගල සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නේ යැ. මේ පුද්ගල ධර්‍මාභිසමය පිණිස භව්‍ය වෙති’ යි භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණ’න්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇති’යි කියැයුතු මැ යැ.
Pali BJTනියාමකථා නිට්ඨිතා.
Sinhala BJTනියාමකථා නිමි.
Pali BJT5. 5.
Sinhala BJT5. 5.
Pali BJTපටිසම්භිදාකථා.
Sinhala BJTපටිසම්භිදාකථා
Pali BJT1. ස. පු: සබ්බං ඤාණං පටිසම්භිදා’ති.
Sinhala BJT1. ස. පු: හැම ඥානය පටිසම්භිදාඤාණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මුතිඤාණං පටිසම්භිදා’ති.
Sinhala BJTස. අනු: සම්මුතිඥානය පටිසම්භිදාඤාණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (පඨවීකසිණ සම්මුතියෙහි සමවත් නැණ සඳහා ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT2. ස. පු: සම්මුතිඤාණං පටිසම්භිදා’ති.
Sinhala BJT2. ස. පු: සම්මුතිඥානය පටිසම්භිදාඤාණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යෙ කෙචි සම්මුතිං ජානන්ති, සබ්බෙ තෙ පටිසම්භිදා පත්තා’ති.
Sinhala BJTස. අනු: යම් කෙනෙක් සම්මුතිය දනිත් ද, ඔහු හැම පිළිසිඹියා පැමිණියාහු වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (පුහුදුන් සඳහා ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT3. ස. පු: සබ්බං ඤාණං පටිසම්භිදා’ති.
Sinhala BJT3. ස. පු: හැම ඥානය පටිසම්භිදාඤාණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (ආර්‍ය්‍යන්ගේ ඥානය සඳහා පිළින යි.)
Pali BJTස. අනු: චෙතොපරියායෙ ඤාණං පටිසම්භිදා’ති.
Sinhala BJTස. අනු: චේතෝපරියායඥානය පටිසම්භිදාඤාණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (පුහුදුන් සඳහා ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT4. ස. පු: චෙතොපරියායෙ ඤාණං පටිසම්භිදා’ති.
Sinhala BJT4. ස. පු: චේතෝපරියායඥානය පටිසම්භිදාඤාණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (ආර්‍ය්‍යයන්ගේ ඥානය සඳහා පිළින යි.)
Pali BJTස. අනු: යෙ කෙචි පරචිත්තං ජානන්ති, සබ්බෙ තෙ පටිසම්භිදාපත්තා’ති.
Sinhala BJTස. අනු: යම් කෙනෙක් පරචිත්තය දනිත් ද, ඔහු හැම පිළිසිඹියා පැමිණියාහු වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …