Pali BJTස. පු: අත්ථි කොචි බ්රාහ්මණො හුත්වා වෙස්සො හොති, සුද්දො හොති, ඛත්තියො හොතීති.
Sinhala BJTස. පු: බ්‍රාහ්මණ වැ සිට වෛශ්‍ය වන, ශුද්‍ර වන, ක්‍ෂත්‍රිය වන කිසිවෙක් ඇද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. ප්‍රතිඥා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙව බ්රාහ්මණො සො ඛත්තියොති.
Sinhala BJTස. අනු: ඒ බ්‍රාහ්මණ මැ ඒ ක්‍ෂත්‍රිය වේ ද?
Pali BJTප. පටික්ඛෙපො: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. ප්‍රතික්‍ෂේප: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: අත්ථි කොචි වෙස්සො හුත්වා සුද්දො හොති, ඛත්තියො හොති, බ්රාහ්මණො හොතීති.
Sinhala BJTස. පු: වෛශ්‍ය වැ සිට ශුද්‍ර වන, ක්‍ෂත්‍රිය වන, බ්‍රාහ්මණ වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. ප්‍රතිඥා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙව වෙස්සො සො බ්රාහ්මණො’ති.
Sinhala BJTස. අනු: ඒ වෛශ්‍ය මැ ඒ බ්‍රාහ්මණ වේ ද?
Pali BJTප. පටික්ඛෙපො: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. ප්‍රතික්‍ෂේප: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: අත්ථි කොචි සුද්දො හුත්වා ඛත්තියො හොති, බ්රාහ්මණො හොති, වෙස්සො හොතීති.
Sinhala BJTප. පු: ශුද්‍ර වැ සිට ක්‍ෂත්‍රිය වන, බ්‍රාහ්මණ වන, වෛශ්‍ය වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. ප්‍රතිඥා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙව සුද්දො සො වෙස්සොති.
Sinhala BJTස. අනු: ඒ ශුද්‍ර මැ ඒ වෛශ්‍ය වේ ද?
Pali BJTප. පටික්ඛෙපො: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. ප්‍රතික්‍ෂේප: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJT172. ස. පු: ස්වෙව පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJT172. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: හත්ථච්ඡින්නො හත්ථච්ඡින්නො’ච හොති, පාදච්ඡින්නො පාදච්ඡින්නො’ව හොති, හත්ථපාදච්ඡින්නො හත්ථපාදච්ඡින්නො’ච හොති. කණ්ණච්ඡින්නො -පෙ- නාසච්ඡින්නො -පෙ- කණ්ණනාසච්ඡින්නො -පෙ- අඞ්ගුලිච්ඡින්නො -පෙ- අළච්ඡින්නො -පෙ- කණ්ඩරච්ඡින්නො -පෙ- කුණිහත්ථකො -පෙ- ඵණහත්ථකො -පෙ- කුට්ඨියො -පෙ- ගණ්ඩියො -පෙ- කිලාසියො -පෙ- සොසියො -පෙ- අපමාරියො -පෙ- ඔට්ඨො -පෙ- ගොණො -පෙ- ගද්රභො -පෙ- සූකරො -පෙ- මහිසො මහිසොව හොතීති.
Sinhala BJTස. අනු: හත්සුන් පුද්ගල හත්සුන් මැ වේ ද? පාසුන් පුද්ගල පාසුන් මැ වේ ද? අත්පාසුන් පුද්ගල අත්පාසුන් මැ වේ ද? කන්සුන් පුද්ගල ... නැහැසුන් පුද්ගල ... කන්නැහැසුන් පුද්ගල ... ඇඟිලිසුන් පුද්ගල ... අළසුන් පුද්ගල ... නහරසුන් පුද්ගල වකත් පුද්ගල ... පණහත් පුද්ගල ... කුෂ්ඨි පුද්ගල ... ගඬුමත් පුද්ගල ... කිලාසවත් පුද්ගල ... ශොෂවත් පුද්ගල ... අපස්මාරවත් පුද්ගල ... ඔටු ... ගොන් ... ගදුබු ... හූරු ... මහිෂ මහිෂ මැ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT173. ප. පු: න වත්තබ්බං ස්වෙව පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJT173. ප. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ යයි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: නනු සොතාපන්නො පුග්ගලො මනුස්සලොකා චුතො දෙවලොකං උපපන්නො තත්ථ’පි සොතාපන්නො’ව හොතීති.
Sinhala BJTප. පු: සෝවන් පුඟුල් මිනිස්ලොවින් ච්‍යුත වැ දෙව්ලොවට පැමිණියේ එහිදු සෝවන් වැ මැ සිටුනේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි සොතාපාන්නො පුග්ගලො මනුස්සලොකා චුතො දෙවලොකං උපපන්නො තත්ථපි සොතාපන්නො’ව හොති,
Sinhala BJTප. ඨ: ඉදින් සෝවන් පුඟුල් මිනිස්ලොවින් ච්‍යුත වැ දෙව්ලොව පැමිණියේ එහිදු සෝවන් වැ මැ සිටුනේ නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ ස්වෙව පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJTප. පා: භවත, එකරුණින් ‘ඒ පුඟුල් මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ය’යි කියැයුතු මැ යැ.
Pali BJTස. අනු: සොතාපන්නො පුග්ගලො මනුස්සලොකා චුතො දෙවලොකං උපපන්නො තත්ථපි සොතාපන්නො’ව හොතීති කත්වා තෙන ච කාරණෙන ස්වෙව පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJTස. අනු: සෝවන් පුඟුල් මිනිස්ලොවින් ච්‍යුත වැ දෙව්ලොව පැමිණියේ එහි දු සෝවන් වැ මැ සිටුනේ යැ’ යනු කරුණු කොට ගෙන එ කරුණින් ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: සොතාපන්නො පුග්ගලො මනුස්සලොකා චුතො දෙවලොකං උපපන්නො තත්ථපි මනුස්සො හොතීති.
Sinhala BJTප. පු: සෝවන් පුද්ගල මිනිස්ලොවින් ච්‍යුත වැ දෙව් ලොව පැමිණියේ එහි දු මනුෂ්‍ය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT174. ස. පු: ස්වෙව පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJT174. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: අනඤ්ඤො අවිගතො සන්ධාවතීති.
Sinhala BJTස. පු: අනන්‍ය වැ අවිගත වැ සංධාවන කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: අනඤ්ඤො අවිගතො සන්ධාවතීති.
Sinhala BJTස. පු: අනන්‍ය වැ අවිගත වැ සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: හත්ථච්ඡින්නො හත්ථච්ඡින්නොව හොති, පාදාච්ඡින්නො පාදච්ඡින්නොව හොති, හත්ථපාදච්ඡින්නො හත්ථපාදච්ඡින්නොව හොති. කණ්ණච්ඡින්නො -පෙ- නාසච්ඡින්නො -පෙ- කණ්ණනාසච්ඡින්නො -පෙ- අඞ්ගුලිච්ඡින්නො -පෙ- අළච්ඡින්නො -පෙ- කණ්ඩරච්ඡින්නො -පෙ- කුණිහත්ථකො -පෙ- ඵණහත්ථකො -පෙ- කුට්ඨියො -පෙ- ගණ්ඩියො -පෙ- කිලාසියො -පෙ- සොසියො -පෙ- අපමාරියො -පෙ- ඔට්ඨො -පෙ- ගොණො -පෙ- ගද්රභො -පෙ- සූකරො -පෙ- මහිසො මහිසොව හොතීති.
Sinhala BJTස. පු: හත්සුන් පුද්ගල හත්සුන් පුද්ගල මැ වේ ද? පාසුන් පුද්ගල පාසුන් මැ වේ ද? අත්පාසුන් පුද්ගල අත්පාසුන් මැ වේ ද? කන්සුන් පුද්ගල ... නැහැසුන් පුද්ගල ... කන්නැහැසුන් පුද්ගල ... ඇඟිලිසුන් පුද්ගල ... අළසුන් පුද්ගල ... නහරසුන් පුද්ගල ... වකත් පුද්ගල ... පණහත් පුද්ගල ... කුෂ්ඨවත් පුද්ගල ... ගණ්ඩවත් පුද්ගල ... කිලාසවත් පුද්ගල ... ශොෂවත් පුද්ගල ... අපස්මාරවත් පුද්ගල ... ඔටු ... ගොන් ... ගදුබු ... හූරු ... මහිෂ මහිෂ මැ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT175. ස. පු: ස්වෙව පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං, පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJT175. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: සරූපො සන්ධාවතීති.
Sinhala BJTස. පු: සරූප (රූපකාය සහිත) වැ සංධාවන කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJTස. පු: සරූපො සන්ධාවතීති.
Sinhala BJTස. පු: සරූප වැ සංධාවන කෙරේ ද? (දෙවනවට ද පිළිවිසීමයි)
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: තං ජීවං තං සරීරන්ති.
Sinhala BJTස. පු: (රූපකාය හා සමග සංධාවන කරන) ජීවය හා ශරීර එකක් මැ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJTස. පු: සවෙදනො -පෙ- සසඤ්ඤො -පෙ- සසඞ්ඛාරො -පෙ- සවිඤ්ඤාණො සන්ධාවතීති.
Sinhala BJTස. පු: වේදනා සහිත වැ ... සංඥා සහිත වැ ... සංස්කාර සහිත වැ ... විඥාන සහිත වැ සංධාවන කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ. (අසංඥෝපපත්තිය සිහි කොට ප්‍රතික්‍ෂේප කෙරෙයි.)
Pali BJTස. පු: සවිඤ්ඤාණො සන්ධාවතීති.
Sinhala BJTස. පු: විඥාන සහිත වැ සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (අසංඥතලයෙන් අන්‍ය උපපත්ති සිහි කොට පිළින කෙරෙයි.)
Pali BJTස. පු: තං ජීවං තං සරීරන්ති.
Sinhala BJTස. පු: (වේදනාදි ශරීර හා ගමන් කරන) ජීවය හා ශරීර එකක් මැ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJT176. ස. පු: ස්වෙව පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං, පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJT176. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද, පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරූපො සන්ධාවතී’ති.
Sinhala BJTස. අනු: අරූප (රූපකාය රහිත) වැ සංධාවන කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ. (අන්තරාභවය ගෙන ප්‍රතික්‍ෂේප කෙරෙයි.)
Pali BJTස. පු: අරූපො සන්ධාවතී’ති.
Sinhala BJTස. පු: අරූප වැ සංධාවන කෙරේ ද? (දෙවනවට පිළිවිසීම යි.)
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (අරූතලය ගෙන පිළින කෙරෙයි.)
Pali BJTස. අනු: අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති.
Sinhala BJTස. අනු: (රූප සඞ්ඛ්‍යාත ශරීරය හැරපියා යන) ජීව අනෙකෙක් වේ ද? ශරීර අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: අවෙදනො -පෙ- අසඤ්ඤො -පෙ- අසඞ්ඛාරො -පෙ- අවිඤ්ඤාණො සන්ධාවතී’ති.
Sinhala BJTස. පු: වේදනා රහිත වැ සංඥා රහිත වැ සංස්කාර රහිත වැ ... විඥාන රහිත වැ සංධාවන කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පු: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: අවිඤ්ඤාණො සන්ධාවතී’ති.
Sinhala BJTස. පු: විඥාන රහිත වැ සංධාවන කෙරේ ද? (දෙවනවට පිළිවිසීම යි.)
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති.
Sinhala BJTස. අනු: (වේදනා’දී සඞ්ඛ්‍යාත ශරීර හැරපියා යන) ජීව අනෙකෙක් වේ ද? ශරීර අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT177. ස. පු: ස්වෙව පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං, පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJT177. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද, පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං සන්ධාවතී’ති.
Sinhala BJTස. අනු: (පුද්ගල සංධාවන කරත් මැ) රූපත් සංධාවන කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: රූපං සන්ධාවතී’ති.
Sinhala BJTස. පු: රූපත් සංධාවන කෙරේ ද? (දෙවනවට යි.)
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තං ජීවං තං සරීරන්ති.
Sinhala BJTස . අනු: (සංධාවන කරන) ජීව හා ශරීර හා එකෙක් මැ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ. -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං සන්ධාවතී’ති.
Sinhala BJTස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන සංධාවන කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJTස. පු: විඤ්ඤාණං සන්ධාවතී’ති.
Sinhala BJTස. පු: විඥාන සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තං ජීවං තං සරීරන්ති.
Sinhala BJTස. අනු: ජීව හා ශරීර එකෙක් මැ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT178. ස. පු: ස්වෙව පුග්ගලො සන්ධාවතී අස්මා ලොකා පරං ලොකං, පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJT178. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද, පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං න සන්ධාවතී’ති.
Sinhala BJTස. අනු: රූප සංධාවන නො කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: රූපං න සන්ධාවතී’ති.
Sinhala BJTස. පු: රූප සංධාවන නො කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති.
Sinhala BJTස. අනු: ජීව අනෙකෙක් වේ ද? ශරීර අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJTස. අනු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං න සන්ධාවතී’ති.
Sinhala BJTස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන සංධාවන නො කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: විඤ්ඤාණං න සන්ධාවතී’ති.
Sinhala BJTස. පු: විඥාන සංධාවන නො කෙරේ ද? (දෙවනවට යි)
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති.
Sinhala BJTස. අනු: ජීව අනෙකෙක් වේ ද? ශරීර අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT“ඛන්ධෙසු භිජ්ජමානෙසු සො චෙ භිජ්ජති පුග්ගලො උච්ඡෙදා භවති දිට්ඨි යා බුද්ධෙන විවජ්ජිතා.
Sinhala BJT“ස්කන්‍ධයන් භිද්‍යාමානවත් මැ ඉදින් (තොප ගත් ඒ පුද්ගල) භිද්‍යාමාන වේ නම් (බිඳේ නම්), බුදුන් විසින් බැහැර ලූ උච්ඡේද දෘෂ්ටි තොපට වේ.
Pali BJTඛන්ධෙසු භිජ්ජමානෙසු නො චෙ භිජ්ජති පුග්ගලො, පුග්ගලො සස්සතො හොති. නිබ්බානෙන සමසමො’ති.
Sinhala BJTස්කන්‍ධයන් භිද්‍යාමානවත් මැ ඉදින් තොප ගත් පුද්ගල නො බිඳේ නම්, පුද්ගල (අභිද්‍යමානාර්‍ත්‍ථයෙන්) නිවන හා සමසම වූයේ ශාශ්වත වේ.”
Pali BJTගති අනුයොගො.
Sinhala BJTශති අනුයෝග යි.
Pali BJT179. ස. පු: රූපං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT179. ස. පු: රූපය නිසා පුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: රූපං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං විපරිණාමධම්මන්ති.
Sinhala BJTස. පු: රූප අනිත්‍ය වූයේ ප්‍රත්‍යයන් විසින් කරන ලදුයේ ප්‍රතීත්‍යසමුත්පන්න වූයේ ක්‍ෂයස්වභාව ඇතියේ ව්‍යයස්වභාව ඇතියේ විරාගස්වභාව ඇතියේ නිරෝධස්වභාව ඇතියේ පෙරළෙන සැහැවි ඇතියේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුග්ගලො’පි අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො ඛයධම්මො වයධම්මො විරාගධම්මො නිරොධධම්මො විපරිණාමධම්මො’ති.
Sinhala BJTස. අනු: පුද්ගල ද අනිත්‍ය වූයේ ප්‍රත්‍යයන් විසින් කරන ලදුයේ ප්‍රතීත්‍යසමුත්පන්න වූයේ ක්‍ෂයස්වභාව ඇතියේ ව්‍යයස්වභාව ඇතියේ විරාගස්වභාව ඇතියේ නිරෝධස්වභාව ඇතියේ පෙරළෙන සැහැවි ඇතියේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT180. වෙදනං උපාදාය -පෙ- සඤ්ඤං උපාදාය -පෙ- සඞ්ඛාරෙ උපාදාය -පෙ- විඤ්ඤාණං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT180. ස. පු: වේදනා නිසා ... සංඥා නිසා ... සංස්කාර නිසා ... විඥාන නිසා පුද්ගලප්‍රඥප්ති වේ ද?