Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙන පුග්ගලෙන ද්වෙ මග්ගා පටිලද්ධා, තෙහි ච අපරිහීනොති සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො ද්වීහි මග්ගෙහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: ‘සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් දෙවැදෑරුම් මාර්‍ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දෙමගින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTඅපරාපි සමන්නාගතකථා නිට්ඨිතා.
Sinhala BJTඅපරාපි සමන්නාගතකථා නිමි.
Pali BJT4. 10.
Sinhala BJT4. 10.
Pali BJTසඤ්ඤොජනප්පහාන කථා.
Sinhala BJTසඤ්ඤොජනප්පහානකථා
Pali BJT1. ස. පු: සබ්බසඤ්ඤොජනානං පහානං අරහත්තන්තී.
Sinhala BJT1. ස. පු: සර්‍වසංයෝජනයන්ගේ ප්‍රහාණය අර්‍හත්ත්‍වය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තමග්ගෙන සබ්බෙ සඤ්ඤොජනා පහියන්තී’ති.
Sinhala BJTස. පු: රහත්මඟින් හැම සංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: අරහත්තමග්ගෙන සබ්බෙ සඤ්ඤොජනා පහීයන්ති’ති.
Sinhala BJT2. ස. පු: රහත්මඟින් හැම සංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (රහත්මඟින් අප්‍රහීණ සංයොජනයක් නැතියෙන් කළ ප්‍රතිඥා යි.)
Pali BJTස. අනු: අරහත්තමග්ගෙන සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං පජහතීති.
Sinhala BJTස. අනු: රහත්මඟින් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස දුරු කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (ප්‍රථමමාර්‍ගයෙන් ප්‍රහීණභාවය ගෙන කළ ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT3. ස. පු: අරහත්තමග්ගෙන සක්කායදිට්ඨිං විචිකිච්ඡා සීලබ්බතපරාමාසං පජහතීති.
Sinhala BJT3. ස. පු: රහත්මඟින් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස දුරු කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (චතුර්‍ත්‍ථමාර්‍ගයෙන් අනවශේෂප්‍රහාණය සඳහා කළ ප්‍රතිඥා යි.)
Pali BJTස. අනු: නනු තිණ්ණං සඤ්ඤොජනානං පහානං සොතාපත්තිඵලං වුත්තං භගවතා’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ත්‍රිවිධ සංයෝජනයන්ගේ ප්‍රහාණය ශ්‍රෝතාපත්තිඵල යැ’යි වදාරන ලද්දේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි තිණ්ණං සඤ්ඤොජනානං පහානං සොතාපත්තිඵලං වුත්තං භගවතා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ත්‍රිවිධ සංයෝජනයන්ගේ ප්‍රහාණය ශ්‍රෝතාපත්තිඵල යැ’යි වදාරන ලද්දේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අරහත්තමග්ගෙන සබ්බෙ සඤ්ඤොජනා පහීයන්තී’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්මඟින් සියලු සංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT4. ස. පු: අරහත්තමග්ගෙන සබ්බෙ සඤ්ඤොජනා පහීයන්තීති.
Sinhala BJT4. ස. පු: රහත්මඟින් සියලු සංයෝජනයන්ගේ ප්‍රහීණ කරනු ලැබෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තමග්ගෙන ඔළාරිකං කාමරාගං ඔළාරිකං ව්යාපාදං පජහතීති.
Sinhala BJTස. අනු: රහත්මඟින් ඕළාරිකකාමරාග ඔළාරිකව්‍යාපාද දුරු කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: අරහත්තමග්ගෙන ඔළාරිකං කාමරාගං ඔළාරිකං ව්යාපාදං පජහතීති.
Sinhala BJT5. ස. පු: රහත්මඟින් ඕළාරිකකාමරාග ඔළාරිකව්‍යාපාද දුරු කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු කාමරාගව්යාපාදානං තනුභාවං සකදාගාමිඵලං වුත්තං භගවතා’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ තනුභාවය සකෘදාගාමිඵල යැ’ යි වදාරන ලද්දේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි කාමරාගව්යාපාදානං තනුභාවං සකදාගාමිඵලං වුත්තං භගවතා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ තනුභාවය සකෘදාගාමිඵල යැ’ යි වදාරන ලද්දේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අරහත්තමග්ගෙන සබ්බෙ සඤ්ඤොජනා පහීයන්තී’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්මඟින් සර්‍වසංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT6. ස. පු: අරහත්තමග්ගෙන සබ්බෙ සඤ්ඤොජනා පහීයන්තීති.
Sinhala BJT6. ස. පු: රහත්මඟින් සර්‍වසංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තමග්ගෙන අණුසහගතං කාමරාගං අණුසහගතං ව්යාපාදං පජහතී’ති.
Sinhala BJTස. අනු: රහත්මඟින් අණුසහගතකාමරාගය අණුසහගතව්‍යාපාදය දුරු කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: අරහත්තමග්ගෙන අණුසහගතං කාමරාගං අණුසහගතං ව්යාපාදං පජහතී’ති.
Sinhala BJT7. ස. පු: රහත්මඟින් අණුසහගතකාමරාගය අණුසහගතව්‍යාපාදය දුරු කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු කාමරාගව්යාපාදානං අනවසෙසප්පහානං අනාගාමිඵලං වුත්තං භගවතා’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ අනවශේෂප්‍රහාණය අනාගාමිඵලය යැ’ යි වදාරන ලද්දේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි කාමරාගව්යාපාදානං අනවසෙසප්පහානං අනාගාමිඵලං වුත්තං භගවතා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ අනවශේෂප්‍රහාණය අනාගාමිඵලය යැ’ යි වදාරන ලද්දේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අරහත්තමග්ගෙන සබ්බෙ සඤ්ඤොජනා පහීයන්තී”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්මඟින් සර්‍වසංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT8. ස. පු: අරහත්තමග්ගෙන සබ්බෙ සංයොජනා පහීයන්තී’ති. .
Sinhala BJT8. ස. පු: රහත්මඟින් සර්‍වසංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු රූපරාගඅරූපරාගමානඋද්ධච්චඅවිජ්ජාය අනවසෙසප්පහානං අරහත්තං වුත්තං භගවතා’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන මොවුන්ගේ අනවශේෂප්‍රහාණය අර්‍හත්ත්‍ව යැ’ යි වදාරන ලද්දේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු: ඨ: හඤ්චි රූපරාගඅරූපරාගමානඋද්ධච්චඅවිජ්ජාය අනවසෙසප්පහානං අරහත්තං වුත්තං භගවතා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන මොවුන්ගේ අනවශේෂප්‍රහාණය අර්‍හත්ත්‍ව යැ’ යි වදාරන ලද්දේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අරහත්තමග්ගෙන සබ්බෙ සඤ්ඤොජනා පහීයන්තී”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්මඟින් සර්‍වසංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT9. ස. පු: න වත්තබ්බං සබ්බසංයොජනානං පහානං අරහත්තන්ති.
Sinhala BJT9. ප. පු: ‘සර්‍වසංයෝජනයන්ගේ ප්‍රහාණය අර්‍හත්ත්‍ව යැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අරහතො සබ්බෙ සඤ්ඤොජනා පහීනා’ති.
Sinhala BJTප. අනු: රහත්හට සර්‍වසංයෝජනයෝ ප්‍රහීණ වූවාහු නො වෙද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු: ඨ: හඤ්චි අරහතො සබ්බෙ සඤ්ඤොජනා පහීනා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට සර්‍වසංයෝජනයෝ ප්‍රහීණ වෙත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සබ්බසඤ්ඤොජනානං පහානං අරහත්ත”න්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘සර්‍වසංයෝජනයන්ගේ ප්‍රහාණය අර්‍හත්ත්‍ව යැ’ යි කියැයුතු මැ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘නිෂ්පර්‍ය්‍යාය වශයෙන් මැ සර්‍වසංයෝජන ප්‍රහාණය අර්‍හත්ත්‍වය වෙති’ යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට සංයොජනප්පහාන කථා එයි.]
Pali BJTසඤ්ඤොජනප්පහානකථා නිට්ඨිතා.
Sinhala BJTසඤ්ඤොජනප්පහානකථා නිමි.
Pali BJTචතුත්ථො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTසතරවැනි වර්‍ගය නිමි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTගිහිස්ස අරහා, සහ උපපත්තියා අරහා, අරහතො සබ්බෙ ධම්මා අනාසවා. අරහා චතූහි ඵලෙහි සමන්නාගතො, එවමෙවං{1} ජහි උපෙක්ඛාහි, බොධියා බුද්ධො, ලක්ඛණ{2} සමන්නාගතො බොධිසත්තො,{3} ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො, පටිපන්නකො ඵලෙන සමන්නාගතො, සබ්බසඤ්ඤොජනානං පහානං අරහත්තන්ති.
Sinhala BJTගිහිස්ස අරහාතිකථා යැ උපපත්තිකථා යැ අනාසවකථා යැ සමන්නාගතකථා යැ උපෙක්ඛාසමන්නාගතකථා යැ බෝධියාබුද්ධෝතිකථා යැ ලක්ඛණකථා යැ නියාමොක්කන්තිකථා යැ අපරාපි සමන්නාගතකථා යැ සඤ්ඤොජනප්පහානකථා යැ යි චතුර්‍ත්‍ථවර්‍ගයෙහි කථා දසයෙකි.
Pali BJTපඤ්චමො වග්ගො
Sinhala BJTපඤ්චම වර්‍ගය
Pali BJT5. 1.
Sinhala BJT5. 1.
Pali BJTවිමුත්තිකථා
Sinhala BJTවිමුත්තිකථා
Pali BJT1. ස. පු: විමුත්තිඤාණං විමුත්තන්ති.
Sinhala BJT1. ස. පු: විමුක්තිඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යං කිඤ්චි විමුත්තිඤාණං සබ්බං තං විමුත්තන්ති.
Sinhala BJTස. අනු: යම් කිසි විමුක්තිඥානයෙක් ඇද්ද, එහැම විමුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: විමුත්තිඤාණං විමුත්තන්ති.
Sinhala BJT2. ස. පු: විමුක්තිඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චවෙක්ඛණඤාණං විමුත්තන්ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යවේක්‍ෂණඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: විමුත්තිඤාණං විමුත්තන්ති.
Sinhala BJT3. ස. පු: විමුක්තිඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ගොත්රභුනො පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තන්ති.
Sinhala BJTස. අනු: ගෝත්‍රභූපුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තන්ති.
Sinhala BJT4. ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල්හට විමුක්තිඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපන්නස්ස ඤාණං සොතාපත්තිඵලං පත්තස්ස පටිලද්ධස්ස අධිගතස්ස සච්ඡිකතස්ස ඤාණන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රොතාපන්නයාගේ ඥානය ශ්‍රෝතාපත්තිඵලයට පැමිණියහුගේ ප්‍රතිලබ්ධයාගේ අධිගතයාගේ සාක්‍ෂාත්කෘතයාගේ ඥාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තන්ති.
Sinhala BJT5. ස. පු: සකෘදාගාමිඵලය පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමිස්ස ඤාණං සකදාගාමිඵලං පත්තස්ස පටිලද්ධස්ස අධිගතස්ස සච්ඡිකතස්ස ඤාණන්ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමිහුගේ ඥානය සකෘදාගාමිඵලප්‍රාප්තයාගේ ප්‍රතිලබ්ධයාගේ අධිගතයාගේ සාක්‍ෂාත්කෘතයාගේ ඥාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තන්ති.
Sinhala BJT6. ස. පු: අනගැමිඵලය පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිස්ස ඤාණං අනාගාමිඵලං පත්තස්ස පටිලද්ධස්ස අධිගතස්ස සච්ඡිකතස්ස ඤාණන්ති.
Sinhala BJTස. අනු: අනගැමිහුගේ ඥානය අනගැමිඵලයට පැමිණි, ප්‍රතිලබ්ධ, අධිගත, පසක් කළහුගේ ඥාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තන්ති.
Sinhala BJT7. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො ඤාණං අරහත්තං පත්තස්ස පටිලද්ධස්ස අධිගතස්ස සච්ඡිකතස්ස ඤාණන්ති.
Sinhala BJTස. අනු: රහත්හුගේ ඥානය රහත් බවට පැමිණියහුගේ රහත්බව පිළිලැබු, අධිගත, පසක් කළහුගේ ඥානය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: සොතාපත්තිඵලසමඞ්ගිස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තන්ති.
Sinhala BJT8. ස. පු: සෝවත්ඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තන්ති.
Sinhala BJTස. අනු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: සකදාගාමිඵලසමඞ්ගිස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තන්ති.
Sinhala BJT9. ස. පු: සෙදගැමිඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තන්ති.
Sinhala BJTස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: අනාගාමිඵලසමඞ්ගිස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තන්ති.
Sinhala BJT10. ස. පු: අනගැමිඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තන්ති.
Sinhala BJTස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …