Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො. බොධිසත්තො කස්සපස්ස භගවතො සාවකො’ති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ පිරූ බ්‍රහ්මචර්‍ය්‍ය ඇතියේ වී. බෝසත් කසුප් බුදුන්ගේ ශ්‍රාවක වී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘නියාම’ යනුදු ‘බ්‍රහ්මචරිය’ යනුදු ආර්‍ය්‍යමාර්‍ගයට නමි. බෝධිසත්ත්‍වයනට පාරමී ඥානය මිස නියාමයෙක් නැත. ඉදින් ඇත් නම් බෝසත් සෝවන් සව්වෙක් වෙයි. තෙල එසේ නො වෙයි. එසේ වතුදු ජෝතිපාල මාණවකයාගේ පැවිද්ද ගෙන ‘අප මහසත් කසුප් බුදුන් දවස එසස්නෙහි බැසගත් නියාම ඇතියේ පිරූ බඹසර ඇතියේ වී’ යයි ලබ්ධි ගත් වාදී කෙනෙක් ඇත. අන්‍ධක නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට නියාමොක්කන්තිකථා එයි.]
Pali BJT10. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො න ච කස්සපස්ස භගවතො සාවකො’ති.
Sinhala BJT10. ස. පු: (තොප මතයෙහි) බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ භාවිත බ්‍රහ්මචර්‍ය්‍ය ඇතියේ වී. (එහෙත්) කසුප් බුදුන්ගේ සව්වෙක් නො ද වී යැ?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ආයස්මා ආනන්දො භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො න ච භගවතො සාවකො’ති.
Sinhala BJTස. අනු: ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ අප බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇත්තාහු පිරූ බ්‍රහ්මචර්‍ය්‍ය ඇත්තාහු වෙති. (එහෙත්) අප බුදුන්ගේ සව් නො ද වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJT11. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො, න ච කස්සපස්ස භගවතො සාවකො’ති.
Sinhala BJT11. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ විය. එහෙත් කසුප් බුදුන්ගේ ශ්‍රාවකයෙක් නොවන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චිත්තො ගහපති හත්ථකො ආළවකො භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො, න ච භගවතො සාවකො’ති.
Sinhala BJTස. අනු: චිත්ත ගැහැවි, හත්‍ථකආළවක අප බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ පිරූ බඹසරවස් ඇතියේ විය. එහෙත් අප බුදුන්ගේ ශ්‍රාවකයෙක් නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො න ච කස්සපස්ස භගවතො සාවකො’ති.
Sinhala BJT12. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ විය. එහෙත් කසුප් බුදුන්ගේ ශ්‍රාවකයෙක් නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාවකො ජාතිං{1} වීතිවත්තො අසාවකො හොතී’ති.
Sinhala BJTස. අනු: ශ්‍රාවක (යම් ජාතියෙක ආර්‍ය්‍යශ්‍රාවක වූයේ ඒ) ජාතිය ඉක්ම ගියේ (අන්‍ය ජාතියෙක දී) අශ්‍රාවක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ප. පු: න වත්තබ්බං බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
Sinhala BJT13. ප. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “කස්සපෙ අහං ආනන්ද භගවති බ්රහ්මචරියං අචරිං ආයතිං සම්බොධියා”ති. අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “ආනන්‍දය, මම මතු සම්‍යක්සම්බෝධිය පිණිස කසුප්බුදුන් කෙරෙහි බඹසරවස් සැරීමි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි වත්තබ්බං{2} බොධිසත්තො{3} කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් “බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී” යයි කියැයුතු යැ.
Pali BJT14. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
Sinhala BJT14. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
Pali BJT“සබ්බාභිභූ සබ්බවිදූහමස්මි සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො සබ්බං ජහො තණ්හක්ඛයෙ විමුත්තො සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්යං.
Sinhala BJT“මම සියල්ල මැඩ සිටියෙම් සියල්ල දතුයෙම් වෙමි. සර්‍වධර්‍මයෙහි අනපලිප්තයෙමි. හැම කෙලෙස් හළෙමි. නිවන් නිමිති කොට විමුක්තයෙමි. තමා මැ ස්වයම්භූඥානයෙන් මැනැවින් දැනගෙන ආචාර්‍ය්‍ය භාවයෙන් කවරකු උදෙසම් ද?
Pali BJTන මෙ ආචරියො අත්ථී සදිසො මෙ න විජ්ජති සදෙවකස්මිං ලොකස්මිං නත්ථී මෙ පටිපුග්ගලො.
Sinhala BJTමට ඇදුරෙක් නැත. මට සදෘශයෙක් නැත. සදේවක ලෝකයෙහි මට ප්‍රති (සමාන) පුද්ගලයෙක් නැත.
Pali BJTඅහං හි අරහා ලොකෙ අහං සත්ථා අනුත්තරො එකො’ම්හි සම්මාසම්බුද්ධො සීතිභූතොස්මි නිබ්බුතො ධම්මචක්කං පවත්තෙතුං ගච්ඡාමි කාසිනං පුරං අන්ධභූතස්මිං{4} ලොකස්මිං ආහඤ්ඡං{5} අමතදුන්දුභින්ති{6}
Sinhala BJTමම වනාහි ලෝකයෙහි රහත්මි. මම අනුත්තර ශාස්තෘයෙමි. කේවල සම්‍යක්සම්බුද්ධයෙමි. කෙලෙස් ගිනි නිවීමෙන් ශීතලීභූත වූයෙම් නිවුණේ වෙමි. දම්සක් පවත්වනුවට කසීපුර යෙමි. අන්‍ධභූතලෝකයෙහි අමෘත දුන්‍දුභිය ගසමි.
Pali BJTයථා ඛො ත්වං ආවුසො පටිජානාසි,{7} අරහසි{8} අනන්තජිනො’ති.
Sinhala BJTඇවැත්නි, යම් පරිදි තෙපි පිළින කරවු ද, අනන්තජින වන්නට නිසියාව. (උපකවචනයි.)
Pali BJTමා දිසා වෙ ජිනා හොන්ති යෙ පත්තා ආසවක්ඛයං, ජිතා මෙ පාපකා ධම්මා තස්මාහං උපකා ජිනො”ති{a}
Sinhala BJTයම් කෙනෙක් ආස්‍රවක්‍ෂයට පැමිණියාහු වෙත් නම් ඒකාන්තයෙන් ඒ මා වැන්නෝ ජින වෙති. උපකයෙනි, මා විසින් පාපක අකුශලධර්‍මයෝ දිනනලදහ. එයින් මම ජින වෙමි” යි
Pali BJTඅත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී’ යයි නො කියැයුතු යැ.
Pali BJT15. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
Sinhala BJT15. ස. පු: බෝසත් කසුප්බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු භගවා -”ඉදං දුක්ඛං අරියසච්චන්ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්යන්ති මෙ භික්ඛවෙ -පෙ- පරිඤ්ඤාතන්ති මෙ භික්ඛවෙ -පෙ- ආලොකො උදපාදි. ඉදං දුක්ඛසමුදයො අරියසච්චන්ති මෙ භික්ඛවෙ -පෙ- තං ඛො පනිදං දුක්ඛසමුදයො අරියසච්චං පහාතබ්බන්ති මෙ භික්ඛවෙ -පෙ- පහීනන්ති මෙ භික්ඛවෙ -පෙ- ඉදං දුක්ඛනිරොධො අරියසච්චන්ති මෙ භික්ඛවෙ -පෙ- තං ඛො පනිදං දුක්ඛනිරොධො අරියසච්චං සච්ඡිකාතබ්බන්ති මෙ භික්ඛවෙ -පෙ- සච්ඡිකතන්ති මෙ භික්ඛවෙ -පෙ- ඉදං දුක්ඛනිරොධගාමිනීපටිපදා අරියසච්චන්ති මෙ භික්ඛවෙ -පෙ- තං ඛො පනිදං දුක්ඛනිරොධගාමිනීපටිපදාඅරියසච්චං භාවෙතබ්බන්ති මෙ භික්ඛවෙ -පෙ- භාවිතන්ති මෙ භික්ඛවෙ -පෙ- ආලොකො උදපාදී”ති{b} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ වදාළාහු නො: “මහණෙනි: ‘මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ’ යි පෙර අනුශ්‍රැත නො වූ දහම්හි මට චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥා පහළ විය, විද්‍යා පහළ විය, ආලොකය පහළ විය. මහණෙනි, ‘ඒ දුඃඛාර්‍ය්‍යසත්‍ය පරිඥේය යැ’ යි මට … මහණෙනි, ‘ඒ දුඃඛාර්‍ය්‍යසත්‍ය පරිඥාත යැ’ යි මට … ආලොකය පහළ විය. මහණෙනි, ‘මේ දුඃඛසමුදය ආර්‍ය්‍යසත්‍ය යැ’ යි … මහණෙනි, ‘මේ දුඃඛසමුදය ආර්‍ය්‍යසත්‍යය ප්‍රහාතව්‍ය යැ’ යි මට … මහණෙනි, ‘දුඃඛසමුදය ආර්‍ය්‍යසත්‍යය ප්‍රහීණ යැ’ යි මට … මහණෙනි, ‘මේ දුඃඛනිරෝධ ආර්‍ය්‍යසත්‍ය යැ’ යි මට … මහණෙනි, ‘මේ දුඃඛනිරෝධ ආර්‍ය්‍යසත්‍යය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ’ යි මට … මහණෙනි, දුඃඛනිරෝධ ආර්‍ය්‍යසත්‍ය සාක්‍ෂාත්කෘත යැ’ යි මට … මහණෙනි, ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය යැ’ යි මට … මහණෙනි, ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය භාවිතව්‍ය යැ’ යි මට … මහණෙනි, ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය භාවිත යැ’ යි මට ... ආලොකය පහළ වී” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැනු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘බෝසත් කසුප්බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී’ යයි නො කියැයුතු යැ.
Pali BJTනියාමොක්කන්තිකථා නිට්ඨිතා.
Sinhala BJTනියාමොක්කන්තිකථා නිමි.
Pali BJT4. 9.
Sinhala BJT4. 9.
Pali BJTඅපරා’පි සමන්නාගතකථා.
Sinhala BJTඅපරාපි සමන්නාගතකථා
Pali BJT1. ස. පු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො තීහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT1. ස. පු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් තුන්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස අනු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො චතූහි ඵස්සෙහි චතූහි වෙදනාහි චතූහි සඤ්ඤාහි චතූහි චෙතනාහි චතූහි චිත්තෙහි චතූහි සද්ධාහි චතූහි විරියෙහි චතූහි සතීහි චතූහි සමාධීහි චතූහි පඤ්ඤාහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් චතුර්විධ ස්පර්‍ශයෙන් චතුර්විධ වේදනායෙන් චතුර්විධ සංඥායෙන් චතුර්විධ චේතනායෙන් චතුර්විධ චිත්තයෙන් චතුර්විධ ශ්‍රද්ධායෙන් චතුර්විධ වීර්‍ය්‍යයෙන් චතුර්විධ ස්මෘතීන් චතුර්විධ සමාධීන් චතුර්විධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො ද්වීහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT2. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දෙඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො තීහි ඵස්සෙහි -පෙ- තීහි පඤ්ඤාහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධ ස්පර්‍ශයෙන් … ත්‍රිවිධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT3. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො ද්වීහි ඵස්සෙහි -පෙ- ද්වීහි පඤ්ඤාහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් ද්විවිධ ස්පර්‍ශයෙන් … ද්විවිධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT4. ස. පු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සත්තක්ඛත්තුපරමො කොලංකොලො එකබීජී’ති.
Sinhala BJTස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝතාපන්න වූයේ සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT5. ස. පු: රහත් බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමි ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස අනු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමී’ති.
Sinhala BJTස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො අනාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT6. ස. පු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො අනාගාමී අන්තරාපරිනිබ්බායී උපහච්චපරිනිබ්බායී අසඞ්ඛාරපරිනිබ්බායී සසඞ්ඛාරපරිනිබ්බායී උද්ධංසොතො අකනිට්ඨගාමී’ති.
Sinhala BJTස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් අනාගාමී, අන්තරාපරිනිබ්බායී, උපහච්චපරිනිබ්බායී, අසඞ්ඛාරපරිනිබ්බායී, සසඞ්ඛාරපරිනිබ්බායී, උද්ධංසෝත අකනිට්ඨගාමී වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT7. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපන්නො සත්තක්ඛත්තුපරමො කොලංකොලො එකබීජී’ති.
Sinhala BJTස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝතාපන්න, සත්තක්ඛත්තුපරම, කොලංකොල, ඒකබීජී වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT8. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමී’ති.
Sinhala BJTස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT9. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපන්නො සත්තක්ඛත්තුපරමො කොලංකොලො එකබීජී’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝතාපන්න, සත්තක්ඛත්තුපරම, කොලංකොල, ඒකබීජී වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: සොතාපත්තිඵලෙන සමන්නාගතො සොතාපන්නො’ති වත්තබ්බො’ති.
Sinhala BJT10. ස. පු: සෝවත්ඵලයෙන් සමන්‍වාගත පුඟුල් ‘සෝතාපන්න’ යයි කියැයුතූ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සො සොතාපන්නො’ති.
Sinhala BJTස. අනු: හෙ මැ රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලත් හෙ මැ සෝතාපන්නත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: සකදාගාමිඵලෙන සමන්නාගතො සකදාගාමී’ති වත්තබ්බො’ති.
Sinhala BJT11. ස. පු: සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සෙදගැමි’ යයි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘චතුර්‍ත්‍ථමාර්‍ගස්ථ පුද්ගල ප්‍රාප්තිධර්‍ම වශයෙන් තුන් ඵලයෙන් සමන්‍වාගත වෙති’ යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අපරාපි සමන්නාගතකථා’ එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සො සකදාගාමී’ති.
Sinhala BJTස. අනු: හෙ මැ රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුලාත් හෙ මැ සෙදගැමිත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: අනාගාමිඵලෙන සමන්නාගතො අනාගාමී’ති වත්තබ්බො’ති.
Sinhala BJT12. ස. පු: අනගැමිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘අනගැමි’ යයි කියැයුතූ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො අනාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො සො අනාගාමී’ති.
Sinhala BJTස. අනු: හෙ මැ රහත්ඵල පසක් කරන්නට පිළිපන්නේත් හෙ මැ අනගැමිත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: සොතාපත්තිඵලෙන සමන්නාගතො සොතාපන්නො’ති වත්තබ්බො’ති.
Sinhala BJT13. ස. පු: සෝවත්ඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සෝතාපන්න’ යයි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සො සොතාපන්නො’ති.
Sinhala BJTස. අනු: හෙ මැ අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලත් හෙ මැ සෝතාපන්නත් වේ ද?