Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6501-6600 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සත්තං සමිතං අබ්බොකිණ්ණං තීහි බොධීහි සමන්නාගතො සමොහිතො, තිස්සො බොධියො පච්චුපට්ඨිතා’ති.
Sinhala BJTස. අනු: නිරතුරු අනවරතයෙන් නුබුන් කොට තුන් බෝධියෙන් සමන්‍වාගත වූයේ සමවහිත වූයේ ද, තුන් බොධීහු එළැඹසිටියාහු ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT18. ප. පු: න වත්තබ්බං බොධියා බුද්ධො’ති.
Sinhala BJT18. ප. පු: බෝධියෙන් බුද්ධ වේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු බොධිපටිලාභා බුද්ධො’ති.
Sinhala BJTප. අනු: බොධිප්‍රතිලාභයෙන් බුද්ධ වෙයි නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි බොධිපටිලාභා බුද්ධො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් බොධිප්‍රතිලාභයෙන් බුද්ධ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: බොධියා බුද්ධො’ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් භවත, ‘බෝධියෙන් බුද්ධ වෙයී’ කියැයුතුයැ.
Pali BJT19. ස. පු: බොධිපටිලාභා බුද්ධො’ති බොධියා බුද්ධො’ති.
Sinhala BJT19. ස. පු: ‘බොධිප්‍රතිලාභයෙන් බුද්ධ වෙතී’ යනු කරුණු කොටගෙන බෝධියෙන් බුද්ධ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: බොධිපටිලාභා බොධී’ති.
Sinhala BJTස. අනු: බොධිප්‍රතිලාභයෙන් බෝධි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTබොධියාබුද්ධො’තිකථා නිට්ඨිතා.
Sinhala BJTබෝධියාබුද්ධෝ’ති කථා නිමි.
Pali BJT4. 7.
Sinhala BJT4. 7.
Pali BJTලක්ඛණකථා
Sinhala BJTලක්ඛණකථා
Pali BJT1. ස. පු: ලක්ඛණසමන්නාගතො බොධිසත්තො’ති.
Sinhala BJT1. ස. පු: ලක්‍ෂණ සමන්‍වාගත වූයේ බෝධිසත්ත්‍ව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පදෙසලක්ඛණෙහි සමන්නාගතො පදෙසබොධිසත්තො’ති.
Sinhala BJTස. අනු: ප්‍රදේශ (සීමාසහිත) ලක්‍ෂණයෙන් සමන්‍වාගත වූයේ ප්‍රදේශබෝධිසත්ත්‍ව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: ලක්ඛණසමන්නාගතො බොධිසත්තො’ති.
Sinhala BJT2. ස. පු: ලක්‍ෂණසමන්‍වාගත වූයේ බෝධිසත්ත්‍ව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තිභාගලක්ඛණෙහි සමන්නාගතො තිභාගබොධිසත්තො’ති.
Sinhala BJTස. අනු: ත්‍රිභාග (තුන් කොටසක්) ලක්‍ෂණයෙන් සමන්‍වාගත වූයේ ත්‍රිභාගබෝධිසත්ත්‍ව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: ලක්ඛණසමන්නාගතො බොධිසත්තො’ති.
Sinhala BJT3. ස. පු: ලක්‍ෂණසමන්‍වාගත වූයේ බෝධිසත්ත්‍ව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: උපඩ්ඪලක්ඛණෙහි සමන්නාගතො උපඩ්ඪබොධිසත්තො’ති.
Sinhala BJTස. අනු: අර්‍ධ (දෙකෙන් කොටසක්) ලක්‍ෂණයෙන් සමන්‍වාගත වූයේ අර්‍ධබොධිසත්ත්‍ව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: ලක්ඛණසමන්නාගතො බොධිසත්තො’ති.
Sinhala BJT4. ස. පු: ලක්‍ෂණසමන්‍වාගත වූයේ බෝධිසත්ත්‍ව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්කවත්තිසත්තො ලක්ඛණසමන්නාගතො. චක්කවත්තිසත්තො බොධිසත්තො’ති.
Sinhala BJTස. අනු: චක්‍රවර්තිසත්ත්‍වයා ද ලක්‍ෂණසමන්‍වාගත වෙයි. චක්‍රවර්ති සත්ත්‍වයා බෝධිසත්ත්‍ව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (බෝසත් නො වන සක්විති ගෙන කළ ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT5. ස. පු: චක්කවත්තිසත්තො ලක්ඛණසමන්නාගතො. චක්කවත්තිසත්තො බොධිසත්තො’ති.
Sinhala BJT5. ස. පු: චක්‍රවර්තිසත්ත්‍වයා ලක්‍ෂණසමන්‍වාගත වෙයි. චක්‍රවර්තිසත්ත්‍වයා බෝධිසත්ත්‍ව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (බෝසත් වන සක්විති ගෙන කළ ප්‍රතිඥා යි.)
Pali BJTස. අනු: යාදිසො බොධිසත්තස්ස පුබ්බයොගො පුබ්බචරියා ධම්මක්ඛානං ධම්මදෙසනා, තාදිසො චක්කවත්තිසත්තස්ස පුබ්බයොගො පුබ්බචරියා ධම්මක්ඛානං ධම්මදෙසනා’ති.
Sinhala BJTස. අනු: බෝසතුන්ගේ යම්බඳු පූර්‍වයෝගයෙක් පූර්‍වචර්‍ය්‍යායෙක් ධර්‍මාඛ්‍යානයෙක් ධර්‍මදේශනායෙක් ඇද්ද, චක්‍රවර්තිහුගේත් එබඳු පූර්‍වයෝගයෙක් පූර්‍වචර්‍ය්‍යායෙක් ධර්‍මාඛ්‍යානයෙක් ධර්‍මදේශනායෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: යථා බොධිසත්තස්ස ජායමානස්ස දෙවා පඨමං පටිගණ්හන්ති{1} පච්ඡා මනුස්සා, එවමෙවං චක්කවත්තිසත්තස්ස ජායමානස්ස දෙවා පඨමං පටිගණ්හන්ති{1} පච්ඡා මනුස්සා’ති.
Sinhala BJTස. අනු: යම් පරිදි උපදනා බෝසතුන් දෙවියෝ පළමු කොට පිළිගනිත් ද, මිනිස්සු පසුව පිළිගනිත් ද, එපරිදි මැ උපදනා චක්‍රවර්තිසත්ත්‍වයා දෙවියෝ පළමු කොට පිළිගනිත් ද, මිනිස්සු පසුව පිළිගනිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: යථා බොධිසත්තස්ස ජායමානස්ස චත්තාරො නං දෙවපුත්තා{2} පටිග්ගහෙත්වා මාතු පුරතො ඨපෙන්ති ‘අත්තමනා දෙවි{3} හොහි, මහෙසක්ඛො තව පුත්තො උප්පන්නො’ති, එවමෙවං චක්කවත්ති සත්තස්ස ජායමානස්ස චත්තාරො නං දෙවපුත්තා, පටිග්ගහෙත්වා මාතු පුරතො ඨපෙන්ති ‘අත්තමනා දෙවි හොහි මහෙසක්ඛො තව{4} පුත්තො උප්පන්නො’ති.
Sinhala BJT6. ස. පු: යම් සේ උපදනා බෝසත් සතරවරම් දෙව්රජහු පිළිගෙන මව පෙරට තබත් ද, ‘දේවී සොම්නස්වා, තොපට මහානුභාව සම්පන්න පුතෙක් උපන’ යි කියත් ද, එසේ ම උපදනා චක්‍රවර්තිසත්ත්‍වයා සතරවරම් දෙව්රජහු පිළිගෙන මව පෙරට තබත් ද, ‘දේවී සොම්නස්වා, තොපට මහානුභාව සම්පන්න පුතෙක් උපන’ යි කියත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: යථා බොධිසත්තස්ස ජායමානස්ස ද්වෙ උදකධාරා{5} අන්තලික්ඛා පාතුභවන්ති: එකා සීතස්ස එකා උණ්හස්ස, යෙන බොධිසත්තස්ස උදකකිච්චං කරොන්ති මාතු ච, එවමෙවං චක්කවත්තිස්ස ජායමානස්ස ද්වෙ උදකධාරා අන්තලික්ඛා පාතුභවන්ති: එකා සීතස්ස එකා උණ්හස්ස, යෙන චක්කවත්තිසත්තස්ස උදකකිච්චං කරොන්ති මාතු චාති.
Sinhala BJTස. අනු: යම් පරිදි උපදනා බෝසත්හට බෝසතුන් හා මවට දියකිස කරන සිහිල් වූත් උෂ්ණ වූත් දෙදියදහරෙක් අහසින් වෙන වෙන පහළ වේ ද, එ පරිදි මැ උපදනා චක්‍රවර්තිසත්ත්‍වයාට සක්විතිදරු හා මවට දියකිස කරන සිහිල් වූත් උණු වූත් දෙදියදහරෙක් අහසින් වෙන වෙන පහළ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: යථා සම්පතිජාතො බොධිසත්තො සමෙහි පාදෙහි පතිට්ඨහිත්වා උත්තරෙන අභිමුඛො සත්තපදවීතිහාරෙන{6} ගච්ඡති, සෙතම්හි ඡත්තෙ අනුධාරියමානෙ සබ්බා ච දිසා විලොකෙති, ආසභිඤ්ච වාචං භාසති: අග්ගොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, සොට්ඨොහමස්මි ලොකස්ස, අයමන්තිමාජාති, නත්ථී දානි පුනබ්භවො’ති, එවමෙවං සම්පතිජාතො චක්කවත්තිසත්තො සමෙහි පාදෙහි පතිට්ඨහිත්වා උත්තරෙන අභිමුඛො සත්තපදවීතිහාරෙන ගච්ඡති, සෙතම්හි ඡත්තෙ අනුධාරියමානෙ සබ්බා ච දිසා විලොකෙති, ආසභිඤ්ච වාචං භාසති. අග්ගොසහස්මි -පෙ- පුනබ්භවො’ති.
Sinhala BJTස. අනු: යම් සේ උපන් කෙණෙහි බෝසත් සම්පාදයෙන් සිට උත්තරාභිමුඛ වැ සප්තපදව්‍යතීහාරයෙන් යේ ද, ශ්වේතච්ඡත්‍ර ධරත් මැ ඔබ මොබ හැමදික් බලා ද, ‘මම ලොවට අග්‍රයෙමි, මම ලොවට ජ්‍යේෂ්ඨයෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨයෙමි, මේ අන්තිමජාති යැ, දැන් පුනර්‍භවයෙක්, නැති’ යි සිංහනාද කෙරේ ද, එ පරිදි මැ එකෙණෙහි උපන් චක්‍රවර්තිසත්ත්‍වයා සම්පාදයෙන් සිට උත්තරාභිමුඛ වැ සප්තපදව්‍යතීහාරයෙන් යේ ද, සේසත් ධරත් මැ හැමදික් ඔබ මොබ බලා ද, ‘මම ලෝකයට අග්‍රයෙමි … පුනර්‍භවයෙක් නැති’යි සිංහනාදත් කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: යථා බොධිසත්තස්ස ජායමානස්ස මහතො ආලොකස්ස මහතො ඔභාසස්ස මහතො භූමිචාලස්ස පාතුභාවො හොති, එවමෙවං චක්කවත්තිස්ස ජායමානස්ස මහතො ආලොකස්ස මහතො ඔභාසස්ස මහතො භූමිචාලස්ස පාතුභාවො හොතී’ති.
Sinhala BJTස. අනු: යම්සේ උපදනා බෝසත්හු පිළිබඳ වැ මහත් ආලෝකයක්හුගේ මහත් අවභාසයක්හුගේ මහත් භූමිචලනයක්හුගේ පහළ වීමෙක් ඇද්ද, එපරිදි මැ උපදනා චක්‍රවර්තිසත්ත්‍වයා පිළිබඳ වැ මහත් ආලෝකයක්හුගේ මහත් අවභාසයක්හුගේ මහත් භූමිචලනයක්හුගේ පහළ වීමෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: යථා බොධිසත්තස්ස පකතිකායො සමන්තා ව්යාමං ඔභාසති, එවමෙවං චක්කවත්තිසත්තස්ස පකතිකායො සමන්තා ව්යාමං ඔභාසතී’ති.
Sinhala BJTස. අනු: යම් පරිදි බෝසත්හුගේ පියවි කය හාත්පස බඹයක් එළිය කෙරේ ද, එපරිදි මැ සක්විතිහුගේ පියවිකය හාත්පස බඹයක් එළිය කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: යථා බොධිසත්තො මහාසුපිනං පස්සති, එවමෙවං චක්කවත්තිසත්තො මහාසුපිනං පස්සතී’ති.
Sinhala BJTස. අනු: යම් පරිදි බෝසත් මහාසුපින දක්නේ වේ ද, එපරිදි මැ සක්විතිසත් මහාසුපින දක්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ප. පු: න වත්තබ්බං ලක්ඛණසමන්නාගතො බොධිසත්තො’ති.
Sinhala BJT7. ප. පු: ලක්‍ෂණ සමන්‍වාගත වූයේ බෝධිසත්ත්‍ව වෙති’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “ද්වත්තිංසිමානි භික්ඛවෙ මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙ’ව ගතියො භවන්ති අනඤ්ඤා, සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්ති ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතන සමන්නාගතො. තස්සිමානි සත්තරතනානි භවන්ති. සෙය්යථීදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායක රතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති. සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවටච්ඡදො”ති{a} අත්ථෙව සුත්තන්තො”ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරනලද නො වේ ද? “මහණෙනි, මහාපුරුෂයාගේ මේ මහාපුරුෂලක්‍ෂණයෝ දෙතිසෙකි: යම් ලකුණකින් සමන්‍වාගත මහාපුරුෂයාහට ගතීහු දෙදෙනෙක් මුත් අන්‍යගතීහු නැද්ද, (එ බඳු මහපුරිස් ලකුණු ය.) ඉදින් ගිහිගෙහි වෙසේ නම් ධාර්මික වූ ධර්‍මරාජන් වූ සියුසයුරු දිනූ පරසතුරන් දිනූ දනවුයෙහි තහවුරු බවට පත් සත්රුවනින් යුත් සක්විති රජ වෙයි. මොහු ඔහුගේ සත්රුවන්හු වෙති: කෙසේ යැ යත්: චක්‍රරත්න යැ හස්තිරත්න යැ අශ්වරත්න යැ මණිරත්න යැ ස්ත්‍රීරත්න යැ ගෘහපතිරත්න යැ සත් වැනි පුත්‍රරත්න යි. ඔහුට ශූර වූ වීරාඞ්ගරූප වූ පරසෙන් මඩනට පොහොසත් දහසින් වැඩි පුත්හු වෙති. හේ සාගරපර්‍ය්‍යන්ත මේ පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් ධර්‍මයෙන් මොනවට දිනා වෙසෙයි. ඉදින් ගිහිගෙන් නික්ම පැවිද්දට වදනේ නම් ලෝකයෙහි පෙරළු කෙලෙස්සියන් ඇති අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි ලක්ඛණසමන්නාගතො බොධිසත්තො’ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘ලක්‍ෂණ සමන්‍වාගත වූයේ බෝධිසත්ත්‍ව’ වෙයි.
Pali BJTලක්ඛණකථා නිට්ඨිතා.
Sinhala BJTලක්ඛණකථා නිමි.
Pali BJT4. 8.
Sinhala BJT4. 8.
Pali BJTනියාමොක්කන්තිකථා
Sinhala BJTනියාමොක්කන්තිකථා
Pali BJT1. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
Sinhala BJT1. ස. පු: බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ පිරූ බ්‍රම්සරවස් ඇතියේ වී ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වේව ගතියො භවන්ති” යි වදාළ සුත්‍රප්‍රදේශ නුනුවණින් ගෙන මහා පුරුෂ ‘ලක්‍ෂණසමන්‍වාගත වූයේ බෝධිසත්ත්‍ව මැ වේ ය’යි ලබ්ධි ගත් විරුද්ධවාදී කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ලක්ඛණකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (ලබ්ධියෙහි සිට කළ ප්‍රතිඥා යි.)
Pali BJTස. අනු: බොධිසත්තො කස්සපස්ස භගවතො සාවකො’ති.
Sinhala BJTස. අනු: බෝසත් කසුප් බුදුන්ගේ සව්වෙක් වී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො සාවකො’ති.
Sinhala BJT2. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සව්වෙක් වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාවකො හුත්වා බුද්ධො හොතී’ති.
Sinhala BJTස. අනු: සවු වැ සිට බුදු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (බෝසත්හුගේ පශ්චිමභවය සඳහා කළ ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT3. ස. පු: සාවකො හුත්වා බුද්ධො හොතී’ති.
Sinhala BJT3. ස. පු: සවු වැ සිට බුදු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (ජෝතිපාල කාලය සඳහා කළ ප්‍රතිඥා යි.)
Pali BJTස. අනු: අනුස්සවියො’ති.{1}
Sinhala BJTස. අනු: අනුශ්‍රවයෙන් (ශ්‍රාවක වශයෙන්) ප්‍රතිවේධ කළ ධර්‍ම ඇතියේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (පශ්චිමභවය සඳහා ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT4. ස. පු: අනුස්සවියො’ති.
Sinhala BJT4. ස. පු: අනුශ්‍රවයෙන් ප්‍රතිවේධ කළ ධර්‍ම ඇතියේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (ජෝතිපාල කාලයෙහි අනුශ්‍රව සඳහා කළ පිළින යි.)
Pali BJTස. අනු: නනු භගවා සයම්භූති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ ස්වයම්භූ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සයම්භූ,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ස්වයම්භූ වෙත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අනුස්සවියො’ති.
Sinhala BJTඅනු. පා: අනුශ්‍රවික යැ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
Sinhala BJT5. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරූ බඹසරවස් ඇතියේ වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: භගවතා බොධියා මූලෙ තීණෙව සාමඤ්ඤඵලානි අභිසම්බුද්ධානී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් බෝධිමූලයෙහි (විදුරසුන්හි දී) ත්‍රිවිධ ශ්‍රාමණ්‍යඵලයෝ මැ ප්‍රතිවේධ කරන ලද්දාහු වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු භගවතා බොධියා මූලෙ චත්තාරි සාමඤ්ඤඵලානි අභිසම්බුද්ධානී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් බෝධිමූලයෙහි දී සතර ශ්‍රාමණ්‍යඵලයෝ අවබෝධ කරන ලද්දාහු නො ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි භගවතා බොධියා මූලෙ චත්තාරි සාමඤ්ඤඵලානි අභිසම්බුද්ධානි,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් බෝධිමූලයෙහි දී සතර ශ්‍රාමණ්‍යඵලයෝ අවබෝධ කරන ලද්දාහු වෙත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරූ බඹසරවස් ඇතියේ වී’ යයි නො කියැයුතු මැ යැ …
Pali BJT6. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
Sinhala BJT6. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරූ බඹසරවස් ඇතියේ වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: බොධිසත්තො දුක්කරකාරිකං{1} අකාසී’ති.
Sinhala BJTස. අනු: බෝසත් දුෂ්කරක්‍රියා කෙළේ වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දස්සනසම්පන්නො පුග්ගලො දුක්කරකාරිකං{1} කරෙය්යා’ති.
Sinhala BJTස. අනු: දර්‍ශනසම්පන්න පුද්ගල දුෂ්කරක්‍රියා කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: බොධිසත්තො අපරන්තපං අකාසි, අඤ්ඤං සත්ථාරං උද්දිසී’ති
Sinhala BJT7. ස. පු: බෝසත් පරපරිතාපනානුයෝග නො කෙළේ අන් ශාස්තෘවක්හු උදෙසා විසී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (ආලාර – රාමපුත්‍රයන් සඳහා පිළින යි.)
Pali BJTස. අනු: දස්සනසම්පන්නො පුග්ගලො අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්යා’ති.
Sinhala BJTස. අනු: දර්‍ශනසම්පන්න පුද්ගල අන් ශාස්තෘවක්හු උදෙසා වසන්නට නිසි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: ආයස්මා ආනන්දො භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො. ආයස්මා ආනන්දො භගවතො සාවකො’ති.
Sinhala BJT8. ස. පු: ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අප බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇත්තාහු සැරු බඹසරවස් ඇත්තාහු වෙති. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අප බුදුන්ගේ ශ්‍රාවක වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො. බොධිසත්තො කස්සපස්ස භගවතො සාවකො’ති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසර ඇතියේ වී. බෝසත් කසුප් බුදුන්ගේ ශ්‍රාවකයෙක් වී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: චිත්තො ගහපති, හත්ථකො ආළවකො භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො. චිත්තො ගහපති, හත්ථකො අළවකො භගවතො සාවකො’ති.
Sinhala BJT9. ස. පු: චිත්ත ගැහැවි, හත්‍ථක ආළවක යන මොහු අප බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇත්තාහු පිරූ බ්‍රහ්මචර්‍ය්‍ය ඇත්තාහු වෙති. චිත්ත ගැහැවි හත්‍ථක ආළවක යන මොහු අප බුදුන්ගේ ශ්‍රාවක වෙත් ද?