Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6301-6400 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: සොතාපත්තිඵලෙන සමන්නාගතො ‘සොතාපන්නො’ති වත්තබ්බො’ති.
Sinhala BJT13. ස. පු: ශ්‍රෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘ශ්‍රෝතාපන්නයහ’ යි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: අනාගාමී සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. පු: අනගැමි ශ්‍රෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව අනාගාමී සො සොතාපන්නො’ති.
Sinhala BJTස. අනු: ඒ අනගැමි මැ ඒ ශ්‍රෝතාපන්නයා වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: සකදාගාමිඵලෙන සමන්නාගතො ‘සකදාගාමී’ති වත්තබ්බොති.
Sinhala BJT14. ස. පු: සකෘදාගාමිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සකෘදාගාමීහ’ යි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: අනාගාමී සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. පු: අනගැමි සකෘදාගාමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව අනාගාමී සො සකදාගාමී’ති.
Sinhala BJTස. අනු: ඒ අනගැමි මැ ඒ සකෘදාගාමී වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: සොතාපත්තිඵලෙන සමන්නාගතො සොතාපන්නො’ති වත්තබ්බො’ති.
Sinhala BJT15. ස. පු: ශ්‍රෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘ශ්‍රෝතාපන්නයහ’ යි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: සකදාගාමී සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. පු: සෙදගැමි සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව සකදාගාමී සො සොතාපන්නො’ති.
Sinhala BJTස. අනු: ඒ සෙදගැමි මැ ඒ සෝතාපන්නයා වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ස. පු: අරහා සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT16. ස. පු: රහත් සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: නනු අරහා සොතාපත්තිඵලං වීතිවත්තො’ති.
Sinhala BJTස. පු: රහත් සෝතාපත්තිඵලය (නැවත අනුත්පත්ති විසින්) ඉක්මසිටියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා සොතාපත්තිඵලං වීතිවත්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත් සෝතාපත්තිඵලය ඉක්මසිටියේ වේ නම්,
Pali BJTඅනු: පා: නො ච වත රෙ වත්තබ්බෙ: අරහා සොතාපත්තිඵලෙන සමන්නාගතොති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත් සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගතයහ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT17. ස. පු: අරහා සොතාපත්තිඵලං වීතිවත්තො තෙන සමන්නාගතොති.
Sinhala BJT17. ස. පු: රහත් සෝතාපත්තිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා සොතාපත්තිමග්ගං වීතිවත්තො, සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං අපායගමනීයං රාගං අපායගමනීයං දොසං අපායගමනීයං මොහං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: රහත් සෝතාපත්තිමාර්‍ගය ඉක්මසිටියේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස හා අපායගමනයට හිත වූ රාගය, අපායගමනයට හිත වූ ද්වේෂය, අපායගමනයට හිත වූ මෝහය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT18. ස. පු: අරහා සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT18. ස. පු: රහත් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහා සකදාගාමිඵලං වීතිවත්තො’ති.
Sinhala BJTස. අනු: රහත් සෙදගැමිඵලය ඉක්මසිටියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා සකදාගාමිඵලං වීතිවත්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත් සෙදගැමිඵලය ඉක්මසිටියේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අරහා සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත් සෙදගැමිඵලයෙන් සමන්‍වාගතයහ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT19. ස. පු: අරහා සකදාගාමිඵලං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
Sinhala BJT19. ස. පු: රහත් සෙදගැමිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා සකදාගාමිමග්ගං වීතිවත්තො ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්යාපාදං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: රහත් සෙදගැමිමඟ ඉක්මසිටියේ ඕළාරිකකාමරාග ඔළාරිකව්‍යාපාද ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT20. ස. පු: අරහා අනාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT20. ස. පු: රහත් අනාගාමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහා අනාගාමිඵලෙන වීතිවත්තො’ති.
Sinhala BJTස. පු: රහත් අනාගාමිඵලය ඉක්මසිටියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා අනාගාමිඵලං වීතිවත්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත් අනාගාමිඵලය ඉක්මසිටියේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අරහා අනාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත් අනාගාමිඵලයෙන් සමන්‍වාගතයහ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT21. ස. පු: අරහා අනාගාමිඵලං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
Sinhala BJT21. ස. පු: රහත් අනාගාමිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා අනාගාමිමග්ගං වීතිවත්තො අණුසහගතං කාමරාගං අණුසහගතං බ්යාපාදං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: රහත් අනාගාමිමාර්‍ගය ඉක්මසිටියේ අණුසහගත කාමරාගය අණුසහගත ව්‍යාපාදය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT22. ස. පු: අනාගාමී සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති
Sinhala BJT22. ස. පු: අනගැමි සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අනාගාමී සොතාපත්තිඵලං වීතිවත්තො’ති.
Sinhala BJTස. අනු: අනගැමි සෝතාපත්තිඵලය ඉක්මසිටියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගාමී සොතාපත්තිඵලං වීතිවත්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනගැමි සෝතාපත්තිඵලය ඉක්මසිටියේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අනාගාමී සොතාපත්තිඵලෙන සමන්නාගතොති.
Sinhala BJTඅනු. පා: භවත, අනගැමි සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගතයහ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT23. ස. පු: අනාගාමී සොතාපත්තිඵලං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
Sinhala BJT23. ස. පු: අනගැමි ශ්‍රෝතාපත්තිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමී සොතාපත්තිමග්ගං වීතිවත්තො සක්කායදිට්ඨිං -පෙ- අපායගමනීයං මොහං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: අනගැමි ශ්‍රෝතාපත්තිමාර්‍ගය ඉක්මසිටියේ සක්කායදිට්ඨි … අපායගමනයට හිත වූ මෝහය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT24. ස. පු: අනාගාමී සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT24. ස. පු: අනගැමි සකෘදාගාමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අනාගාමී සකදාගාමිඵලං වීතිවත්තො’ති.
Sinhala BJTස. අනු: අනගැමි සකෘදාගාමිඵලය ඉක්මසිටියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගාමී සකදාගාමිඵලං වීතිවත්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනගැමි සකෘදාගාමිඵලය ඉක්මසිටියේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අනාගාමී සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අනගැමි සකෘදාගාමිඵලයෙන් සමන්‍වාගතයහ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT25. ස. පු: අනාගාමී සකදාගාමිඵලං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
Sinhala BJT25. ස. පු: අනගැමි සකෘදාගාමිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමී සකදාගාමිමග්ගං වීතිවත්තො ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්යාපාදං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: අනගැමි සකෘදාගාමිමාර්‍ගය ඉක්මසිටියේ ඕළාරික කාමරාගය ඕළාරික ව්‍යාපාදය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT26. ස. පු: සකදාගාමී සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT26. ස. පු: සෙදගැමි ශ්‍රෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු සකදාගාමී සොතාපත්තිඵලං වීතිවත්තො’ති.
Sinhala BJTස. අනු: සෙදගැමි ශ්‍රෝතාපත්තිඵලය ඉක්මසිටියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සකදාගාමී සොතාපත්තිඵලං වීතිවත්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සෙදගැමි ශ්‍රෝතාපත්තිඵලය ඉක්මසිටියේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සකදාගාමී සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘සෙදගැමි ශ්‍රෝතාපත්තිඵලයෙන් සමන්‍වාගතයහ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT27. ස. පු: සකදාගාමී සොතාපත්තිඵලං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
Sinhala BJT27. ස. පු: සෙදගැමි ශ්‍රෝතාපත්තිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමී සොතාපත්තිමග්ගං වීතිවත්තො සක්කායදිට්ඨිං -පෙ- අපායගමනීයං මොහං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: සෙදගැමි ශ්‍රෝතාපත්තිමාර්‍ගය ඉක්මසිටියේ සක්කායදිට්ඨි … අපායගමනයට හිත වූ මෝහය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT28. ප. පු: න වත්තබ්බං: අරහා චතූහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT28. ප. පු: ‘රහත් චතුර්විධඵලයෙන් සමන්‍වාගතයහ’යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අරහතා චත්තාරි ඵලානි පටිලද්ධානි තෙහි ච අපරිහීනො’ති.
Sinhala BJTප. අනු: රහතුන් වහන්සේ විසින් චතුර්විධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණාහු නො වෙද් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතා චත්තාරි ඵලානි පටිලද්ධානි තෙහි ච අපරිහීනො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහතුන් වහන්සේ විසින් චතුර්විධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණාහු වී නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: අරහා චතූහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘රහත් චතුර්විධඵලයෙන් සමන්‍වාගතයහ’ යි කියැයුතු මැ යැ.
Pali BJT29. ප. පු: න වත්තබ්බං: ‘අනාගාමී තීහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT29. ප. පු: ‘අනගැමි ත්‍රිවිධ ඵලයෙන් සමන්‍වාගතයහ’යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අනාගාමිනා තීහි ඵලානි පටිලද්ධානි තෙහි ච අපරිහීනො’ති
Sinhala BJTප. අනු: අනගැමිහු විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගාමිනා තීහි ඵලානි පටිලද්ධානි තෙහි ච අපරිහීනො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනගැමිහු විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණේ වී නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: ‘අනාගාමී තීහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘අනගැමි ත්‍රිවිධ ඵලයෙන් සමන්‍වාගතයහ’යි කියැයුතු මැ යැ.
Pali BJT30. ප. පු: න වත්තබ්බං ‘සකදාගාමී ද්වීහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT30. ප. පු: ‘සෙදගැමි ද්විවිධ ඵලයෙන් සමන්‍වාගතයහ’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු සකදාගාමිනා ද්වෙ ඵලානි පටිලද්ධානි තෙහි ච අපරිහීනො’ති.
Sinhala BJTප. අනු: සෙදගැමිහු විසින් ද්විවිධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සකදාගාමිනා ද්වෙ ඵලානි පටිලද්ධානි තෙහි ච අපරිහීනො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සෙදගැමිහු විසින් ද්විවිධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණේ වී නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: සකදාගාමී ද්වීහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘සෙදගැමි ද්විවිධ ඵලයෙන් සමන්‍වාගතයහ’යි කියැයුතු මැ යැ …
Pali BJT31. ස. පු: අරහතා චත්තාරි ඵලානි පටිලද්ධානි තෙහි ච අපරිහීනො’ති අරහා චතූහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT31. ස. පු: රහතුන් වහන්සේ විසින් චතුර්විධ ඵලයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන රහත් චතුර්විධ ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතා චත්තාරො මග්ගා පටිලද්ධා තෙහි ච අපරිහීනො’ති අරහා චතූහි මග්ගෙහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: රහතුන් වහන්සේ විසින් චතුර්විධ මාර්‍ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන රහත් චතුර්විධ මාර්‍ගයෙන් සමන්‍වාගත වේ ද?