Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6101-6200 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅනු. ඨ: හඤ්චි සහ උපපත්තියා සොතාපන්නො න හොති.
Sinhala BJTඅනු. ඨ: ඉදින් උපප්‍රාප්ති චිත්තය සමග සෝවන් නො වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සහ උපපත්තියා අරහා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘උපප්‍රාප්ති චිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: සහ උපපත්තියා සකදාගාමී න හොතී’ති.
Sinhala BJT5. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග සෙදගැමි නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සහ උපපත්තියා සකදාගාමී න හොතී.
Sinhala BJTඅනු. ඨ: ඉදින් උපප්‍රාප්ති චිත්තය සමග සෙදගැමි නො වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සහ උපපත්තියා අරහා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘උපප්‍රාප්ති චිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT6. ස. පු: සහ උපපත්තියා අනාගාමී න හොති’ති.
Sinhala BJT6. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග අනගැමි නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සහ උපපත්තියා අනාගාමී න හොති.
Sinhala BJTඅනු. ඨ: ඉදින් උපප්‍රාප්තිචිත්තය සමග අනගැමි නො වන්නේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සහ උපපත්තියා අරහා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘උපප්‍රාප්තිචිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: සහ උපපත්තියා අරහා’ති.
Sinhala BJT7. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාරිපුත්තො ථෙරො සහ උපපත්තියා අරහා’ති.
Sinhala BJTස. අනු: සැරියුත් තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් වී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: මහාමොග්ගල්ලානො ථෙරො -පෙ- මහා කස්සපො ථෙරො -පෙ- මහාකච්චානො ථෙරො -පෙ- මහාකොට්ඨිතො{1} ථෙරො -පෙ- මහාපන්ථකො ථෙරො සහ උපපත්තියා අරහා’ති.
Sinhala BJTස. අනු: මහමුගලන් තෙර … මහකසුබු තෙර … මහකසයින් තෙර … මහාකොට්ඨිත තෙර … මහපතු තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් වී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: සාරිපුත්තො ථෙරො න සහ උපපත්තියා අරහා’ති.
Sinhala BJT8. ස. පු: සැරියුත් තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් නො වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සාරිපුත්තො ථෙරො න සහ උපපත්තියා අරහා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සැරියුත් තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් නො වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සහ උප්පත්තියා අරහා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘උපප්‍රාප්තිචිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT9. ස. පු: මහාමොග්ගල්ලානො ථෙරො -පෙ- මහාකස්සපො ථෙරො -පෙ- මහාකච්චානො ථෙරො -පෙ- මහාකොට්ඨිතො1 ථෙරො -පෙ- මහාපන්ථකො ථෙරො න සහ උප්පත්තියා අරහා’ති.
Sinhala BJT9. ස. පු: මහමුගලන් තෙර … මහකසුබු තෙර … මහකසයින් තෙර … මහාකොට්ඨිත තෙර … මහපතු තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් නො වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි මහාපන්ථකො ථෙරො න සහ උපපත්තියා අරහා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් මහපතු තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් නො වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සහ උපපත්තියා අරහා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘උපප්‍රාප්තිචිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘ඕපපාතිකො හොති තත්‍ථ පරිනිබ්බායී’ යන ආදි පෙළ නුනුවණින් ගෙන ‘ශුද්ධාවාසයෙහි දී උපප්‍රාප්තියෙන් රහත් වෙති’යි ලබ්ධි ගත් කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. ඔවුන්ගේ වාද බිඳුනට උපපත්තිකථා එයි.]
Pali BJT10. ස. පු: සහ උපපත්තියා අරහා’ති.
Sinhala BJT10. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: උපපත්තෙසියෙන චිත්තෙන අරහත්තං සච්ඡිකරොති ලොකියෙන සාසවෙන -පෙ- සංකිලෙසියෙනා’ති.
Sinhala BJTස. අනු: ලෞකික වූ සාස්‍රව වූ … සාංක්ලේශික වූ උපප්‍රාප්ති ඉස්නා (ප්‍රතිසන්‍ධි සොයන) සිතින් රහත්බව පසක් කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: සහඋපපත්තියා අරහා’ති.
Sinhala BJT11. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: උපපත්තෙසියං චිත්තං නිය්යානිකං ඛයගාමි බොධගාමි අපචයගාමි{1} අනාසවං -පෙ- අසංකිලෙසියන්ති.
Sinhala BJTස. අනු: උපපත්තෙසිය සිත නෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී වේ ද, බෝධගාමී වේ ද, අපචයගාමී වේ ද, අනාස්‍රව වේ ද, … අසාංක්ලේශික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු උපපත්තෙසියං චිත්තං අනිය්යානිකං න ඛයගාමි න බොධගාමි න අපචයගාමි සාසවං -පෙ- සංකිලෙසියන්ති.
Sinhala BJTස. අනු: උපපත්තෙසිය චිත්තය අනෛර්‍ය්‍යාණික වූයේ ක්‍ෂයගාමී නො වූයේ බෝධගාමී නො වූයේ අපචයගාමී නො වූයේ සාස්‍රව වූයේ … සාංක්ලේශික වූයේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි උපපත්තෙසියං චිත්තං අනිය්යානිකං න ඛයගාමි න බොධගාමි න අපචයගාමි සාසවං -පෙ- සංකිලෙසියං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් උපපත්තෙසිය චිත්තය නෛර්‍ය්‍යාණික නො වූයේ ක්‍ෂයගාමී නො වූයේ බෝධගාමී නො වූයේ අපචයගාමී නො වූයේ සාස්‍රව වූයේ … සාංක්ලේශික වූයේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සහඋපපත්තියා අරහා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘උපප්‍රාප්තිචිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT12. ස. පු: සහඋපපත්තියා අරහා’ති.
Sinhala BJT12. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: උපපත්තෙසියෙන චිත්තෙන රාගං පජහති, දොසං පජහති, මොහං පජහති, අනොත්තප්පං පජහතී’ති.
Sinhala BJTස. අනු: උපපත්තෙසියචිත්තයෙන් රාගය දුරු කෙරේ ද, ද්වේෂය දුරු කෙරේ ද, මෝහය දුරු කෙරේ ද, අනපත්‍රපා දුරු කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: සහඋපපත්තියා අරහා’ති.
Sinhala BJT13. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: උපපත්තෙසියං චිත්තං මග්ගො -පෙ- සතිපට්ඨානං -පෙ- සම්මප්පධානං -පෙ- ඉද්ධිපාදො -පෙ- ඉන්ද්රියං -පෙ- බලං -පෙ- බොජ්ඣඞ්ගො’ති.
Sinhala BJTස. අනු: උපපත්තෙසියචිත්තය මාර්‍ග වේ ද ස්මෘතිප්‍රස්ථාන වේ ද … සම්‍යක්ප්‍රධාන වේ ද … ඍද්ධිපාද වේ ද … ඉන්‍ද්‍රිය වේ ද … බල වේ ද … බෝධ්‍යඞ්ග වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: සහඋපපත්තියා අරහා’ති.
Sinhala BJT14. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: උපපත්තෙසියෙන චිත්තෙන දුක්ඛං පටිජානාති, සමුදයං පජහති, නිරොධං සච්ඡිකරොති, මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: උපපත්තෙසියචිත්තයෙන් දුඃඛසත්‍යය පරිඥාන වශයෙන් දනී ද, සමුදයසත්‍යය දුරු කෙරේ ද, නිරෝධසත්‍යය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, මාර්‍ගසත්‍යය භවා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: සහ උපපත්තියා අරහා’ති.
Sinhala BJT15. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චුතිචිත්තං මග්ගචිත්තං උපපත්තෙසියං චිත්තං ඵලචිත්තන්ති.
Sinhala BJTස. අනු: ච්‍යුතිචිත්තය මාර්‍ගචිත්ත, උපපත්තෙසියචිත්ත, ඵලචිත්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTඋපපත්තිකථා නිට්ඨිතා
Sinhala BJTඋපපත්තිකථා නිමි.
Pali BJT4. 3.
Sinhala BJT4. 3.
Pali BJTඅනාසවකථා.
Sinhala BJTඅනාසවකථා
Pali BJT1. ස. පු: අරහතො සබ්බෙ ධම්මා අනාසවා’ති.
Sinhala BJT1. ස. පු: රහත්හුගේ හැම දහම්හු අනාස්‍රව වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගො ඵලං නිබ්බානං සොතාපත්තිමග්ගො සොතාපත්තිඵලං සකදාගාමිමග්ගො සකදාගාමිඵලං අනාගාමිමග්ගො අනාගාමිඵලං අරහත්තමග්ගො අරහත්තඵලං සතිපට්ඨානං සම්මප්පධානං ඉද්ධිපාදො ඉන්ද්රියං බලං බොජ්ඣඞ්ගො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගය ඵලය නිර්‍වාණය ශ්‍රෝතාපත්තිමාර්‍ගය ශ්‍රෝතාපත්තිඵලය සකෘදාගාමිමාර්‍ගය සකෘදාගාමිඵලය අනාගාමිමාර්‍ගය අනාගාමිඵලය අර්‍හත්ත්‍වමාර්‍ගය අර්‍හත්ත්‍වඵලය සමෘතිප්‍රස්ථානය සම්‍යක්ප්‍රධානය ඍද්ධිපාදය ඉන්‍ද්‍රියය බලය බෝධ්‍යඞ්ගය යන මොහු අනාස්‍රවධර්‍මයෝ වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: අරහතො සබ්බෙ ධම්මා අනාසවා’ති.
Sinhala BJT2. ස. පු: රහත්හුගේ හැම දහම්හු අනාස්‍රව වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො චක්ඛුං අනාසවන්ති.
Sinhala BJTස. අනු: රහත්හුගේ ඇස අනාස්‍රව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: අරහතො චක්ඛුං අනාසවන්ති.
Sinhala BJT3. ස. පු: රහත්හුගේ ඇස අනාස්‍රව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (අනාස්‍රවයා අයත් හෙයින් පිළින කෙරෙයි.)
Pali BJTස. අනු: මග්ගො ඵලං නිබ්බානං සොතාපත්තිමග්ගො සොතාපත්තිඵලං -පෙ- බොජ්ඣඞ්ගො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගය, ඵලය, නිර්‍වාණය, ශ්‍රෝතාපත්තිමාර්‍ගය, ශ්‍රෝතාපත්තිඵලය … බෝධ්‍යඞ්ගය අනාස්‍රව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: අරහතො සොතං -පෙ- අරහතො ඝානං -පෙ- අරහතො ජිව්හා -පෙ- අරහතො කායො අනාසවො’ති.
Sinhala BJTස. අනු: රහත්හුගේ ශ්‍රෝත්‍රය … රහත්හුගේ ඝ්‍රාණය … රහත්හුගේ ජිහ්වාව … රහත්හුගේ කාය අනාස්‍රව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: අරහතො කායො අනාසවො’ති.
Sinhala BJT4. ස. පු: රහත්හුගේ කය අනාස්‍රව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගො ඵලං නිබ්බානං සොතාපත්තිමග්ගො සොතාපත්තිඵලං -පෙ- බොජ්ඣඞ්ගො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගය, ඵලය, නිර්‍වාණය, ශ්‍රෝතාපත්තිමාර්‍ගය, ශ්‍රෝතාපත්තිඵලය, … බෝධ්‍යඞ්ගය අනාස්‍රව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: අරහතො කායො අනාසවො’ති.
Sinhala BJT5. ස. පු: රහත්හුගේ කය අනාස්‍රව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො කායො පග්ගහනිග්ගහූපගො ඡෙදනභෙදනූපගො කාකෙහි ගිජ්ඣෙහි කුලලෙහි සාධාරණො’ති.
Sinhala BJTස. අනු: රහත්හුගේ කය ප්‍රග්‍රහ නිග්‍රහ දෙකට පැමිණියේ ඡේදන භේදන දෙකට පැමිණියේ කවුඩන් හා ගිජුලිහිණියන් හා උකුසුවන් හා සාධාරණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාසවො ධම්මො පග්ගහනිග්ගහූපගො ඡෙදනභෙදනූපගො කාකෙහි ගිජ්ඣෙහි කුලලෙහි සාධාරණො’ති.
Sinhala BJTස. අනු: අනාස්‍රවධර්‍මය ප්‍රග්‍රහනිග්‍රහ දෙකට පැමිණියේ ඡේදන භේදන දෙකට පැමිණියේ කවුඩන් හා ගිජුලිහිණියන් හා උකුසුවන් හා සාධාරණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: අරහතො කායෙ විසං කමෙය්ය, සත්ථං කමෙය්ය, අග්ගිං{1} කමෙය්යා’ති.
Sinhala BJT6. ස. පු: රහත්හුගේ කයෙහි විස වදනේ වේ ද, සැත් වදනේ වේ ද, ගිනි වදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ,
Pali BJTස. අනු: අනාසවෙ ධම්මෙ විසං කමෙය්ය, සත්ථං කමෙය්ය, අග්ගිං{1} කමෙය්යා’ති.
Sinhala BJTස. අනු: අනාස්‍රවධර්‍මයෙහි විස වදනේ වේ ද, සැත් වදනේ වේ ද, ගිනි වදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: ලබ්භා අරහතො කායො අන්දුබන්ධනෙන{2} බන්ධිතුං, රජ්ජුබන්ධනෙන බන්ධිතුං, සඞ්ඛලිකබන්ධනෙන බන්ධිතුං, ගාමබන්ධනෙන බන්ධිතුං, නිගමබන්ධනෙන බන්ධිතුං, නගරබන්ධනෙන බන්ධිතුං, ජනපදබන්ධනෙන බන්ධිතුං, කණ්ඨපඤ්චමෙහි බන්ධනෙහි බන්ධිතුන්ති.
Sinhala BJT7. ස. පු: රහත්හුගේ කය කාරාබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, රජ්ජුබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, හැකිළි බැම්මෙන් බඳනට ලැබේ ද, ග්‍රාමබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, නිගමබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, නගරබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, ජනපදබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, කණ්ඨපඤ්චම බන්‍ධනයෙන් බඳනට ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලබ්භා අනාසවො ධම්මො අන්දුබන්ධනෙන2 . බන්ධිතුං, රජ්ජුබන්ධනෙන බන්ධිතුං, සඞ්ඛලිකබන්ධනෙන බන්ධිතුං, ගාම -පෙ- නිගම -පෙ- නගර -පෙ- ජනපද -පෙ- කණ්ඨපඤ්චමෙන බන්ධනෙන බන්ධිතුන්ති.
Sinhala BJTස. අනු: අනාස්‍රවධර්‍මය අන්‍දුබන්‍ධනයෙන් බඳනට රජ්ජුබන්‍ධනයෙන් බඳනට ශෘඞ්ඛලිකාබන්‍ධනයෙන් බඳනට ග්‍රාම … නිගම … නගර … ජනපද … කණ්ඨපඤ්චමබන්‍ධනයෙන් බඳනට ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: යදි අරහා පුථුජ්ජනස්ස චීවරං දෙති, අනාසවං හුත්වා සාසවං හොතී’ති.
Sinhala BJT8. ස. පු: ඉදින් රහත් පෘථග්ජනහට සිවුරු දේ නම් අනාස්‍රව වැ සාස්‍රව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. පු: අනාසවං හුත්වා සාසවං හොතී’ති.
Sinhala BJTස. පු: (පළමු) අනාස්‍රව වැ (පසුව) සාස්‍රව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙව අනාසවං තං සාසවන්ති.
Sinhala BJTස. අනු: එ මැ අනාස්‍රවත් එ මැ සාස්‍රවත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: තඤ්ඤෙව අනාසවං තං සාසවන්ති.
Sinhala BJT9. ස. පු: එ මැ අනාස්‍රවත් එ මැ සාස්‍රවත් වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘අනාස්‍රව වූ රහත්හුගේ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, එහැම දහම්හු අනාස්‍රවයහ’යි ලබ්ධිගත් වාදී කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට අනාසවකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගො අනාසවො හුත්වා සාසවො හොතී’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගය අනාස්‍රව වැ සාස්‍රව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. පු: ඵලං සතිපට්ඨානං සම්මප්පධානං ඉද්ධිපාදො ඉන්ද්රියං බලං බොජ්ඣඞ්ගො අනාසවො හුත්වා සාසවො හොතී’ති.
Sinhala BJTස. පු.: ඵල ස්මෘතිප්‍රස්ථාන සම්‍යක්ප්‍රධාන ඍද්ධිපාද ඉන්‍ද්‍රිය බල බෝධ්‍යඞ්ග අනාස්‍රව වැ සාස්‍රව වේ ද?