Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6001-6100 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT9. ස. පු: නෙවසසඤ්ඤානාසඤ්ඤායතනං චතුවොකාරභවො. නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ න වත්තබ්බං ‘සඤ්ඤා අත්ථි’ති
Sinhala BJT9. ස. පු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: විඤ්ඤාණඤ්චායතනං -පෙ- ආකිඤ්චඤ්ඤායතනං චතුවොකාරභවො, ආකිඤ්චඤ්ඤායතනෙ න වත්තබ්බං ‘සඤ්ඤා අත්ථි’ති.
Sinhala BJTස. අනු: විඤ්ඤාණඤ්චායතනය … ආකිඤ්චඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. ආකිඤ්චඤ්ඤායතනයෙහි සංඥා ඇති යි නො කියැයුතු ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: ආකාසානඤ්චායතනං චතුවොකාරභවො, අත්ථි තත්ථ සඤ්ඤා’ති.
Sinhala BJT10. ස. පු: ‘ආකාසානඤ්චායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනං චතුවොකාරභවො, අත්ථි තත්ථ සඤ්ඤා’ති.
Sinhala BJTස. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: විඤ්ඤාණඤ්චායතනං -පෙ- ආකිඤ්චඤ්ඤායතනං චතුවොකාරභවො. අත්ථි තත්ථ සඤ්ඤා’ති.
Sinhala BJT11. ස. පු: විඤ්ඤාණඤ්චායතනය … ආකිඤ්චඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනං චතුවොකාරභවො, අත්ථි තත්ථ සඤ්ඤා’ති.
Sinhala BJTස. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ න වත්තබ්බං ‘සඤ්ඤා අත්ථිති වා නත්ථීති වා’ති.
Sinhala BJT12. ස. පු: නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ‘සංඥා ඇතියි හෝ නැතියි හෝ’යි නො කියැයුතු ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු නෙවසඤ්ඤානාසඤ්ඤායතනං චතුවොකාරභවො’ති.
Sinhala BJTස. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු ඨ: හඤ්චි නෙවසඤ්ඤානාසඤ්ඤායතනං චතුවොකාරභවො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ න වත්තබ්බං සඤ්ඤා අත්ථීති වා නත්ථීති වා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇතියි හෝ නැතියි හෝ නො කියැයුතු යැ’යි නො කියැයුතු යැ.
Pali BJT13. ස. පු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනං චතුවොකාරභවො, නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ න වත්තබ්බං ‘සඤ්ඤා අත්ථිති වා නත්ථීති වා’ති.
Sinhala BJT13. ස. පු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ‘සංඥා ඇතියි හෝ නැතියි හෝ’ යි නො කියැයුතු ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ආකාසානඤ්චායතනං -පෙ- විඤ්ඤාණඤ්චායතනං -පෙ- ආකිඤ්චඤ්ඤායතනං චතුවොකාරභවො, ආකිඤ්චඤ්ඤායතනෙ න වත්තබ්බං ‘සඤ්ඤා අත්ථීති වා නත්ථීති වා’ති.
Sinhala BJTස. අනු: ආකාසානඤ්චායතනය … විඤ්ඤාණඤ්චායතනය … ආකිඤ්චඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. ආකිඤ්චඤ්ඤායතනයෙහි ‘සංඥා ඇතියි හෝ නැතියි හෝ’යි නො කියැයුතු ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: ආකාසානඤ්චායතනං චතුවොකාරභවො, අත්ථි තත්ථ සඤ්ඤාති.
Sinhala BJT14. ස. පු: ආකාසානඤ්චායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනං චතුවොකාරභවො, අත්ථි තත්ථ සඤ්ඤාති.
Sinhala BJTස. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: විඤ්ඤාණඤ්චායතනං -පෙ- ආකිඤ්චඤ්ඤායතනං -පෙ- චතුවොකාරභවො, අත්ථි තත්ථ සඤ්ඤාති.
Sinhala BJT15. ස. පු: විඤ්ඤාණඤ්චායතනය … ආකිඤ්චඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනං චතුවොකාරභවො, අත්ථි තත්ථ සඤ්ඤාති.
Sinhala BJTස. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ප. පු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ වත්තබ්බං{1} ‘සඤ්ඤා අත්ථීති වා නත්ථීති වා’ති.
Sinhala BJT16. ප. පු: නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ‘සංඥා ඇති යි හෝ නැති යි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති.
Sinhala BJTප. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නෙවසඤ්ඤානාසඤ්ඤායතනං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ න වත්තබ්බං සඤ්ඤා අත්ථීති වා නත්ථීති වා’ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් භවත, ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇතියි හෝ නැතියි හෝ නො කියැයුතු යැ’ යනු කියැයුතු මැ යැ.
Pali BJT17. ස. පු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති කත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ න වත්තබ්බං ‘සඤ්ඤා අත්ථීති වා නත්ථීති වා’ති.
Sinhala BJT17. ස. පු: ‘ නේවසඤ්ඤානාසඤ්ඤායතන යැ’යි (වචනය ප්‍රමාණ) කොට ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති යි හෝ නැති යි හෝ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අදුක්ඛමසුඛාවෙදනාති කත්වා අදුක්ඛමසුඛාය වෙදනාය{2} න වත්තබ්බං ‘වෙදනාති වා අවෙදනාති වා’ති.
Sinhala BJTස. අනු: ‘අදුක්ඛමසුඛාවේදනා’ යන වචනය ප්‍රමාණ කොට අදුක්ඛමසුඛවෙදනායෙහි ‘වේදනා’ යයි හෝ ‘අවේදනා’ යයි හෝ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTනෙවසඤ්ඤානාසඤ්ඤායතනකථා නිට්ඨිතා.
Sinhala BJTනේවසඤ්ඤානාසඤ්ඤාකථා නිමි.
Pali BJTතතියො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTතෙවන වර්‍ගය නිමි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJT“බලං සාධාරණං අරියං සරාගං{3} චිත්තං විමුච්චති, විමුත්තං විමුච්චමානං අත්ථී චිත්තං විමුච්චමානං, අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානං පහීනං අට්ඨමකස්ස පුග්ගලස්ස නත්ථී පඤ්චින්ද්රියානි, චක්ඛුං සොතං ධම්මූපත්ථද්ධං යථාකම්මූපගතං ඤාණං දෙවෙසු සංවරො අසඤ්ඤසත්තෙසු සඤ්ඤා එවමෙතං භවග්ගන්ති.”
Sinhala BJTබලසාධාරණකථා යැ, අරියන්තිකථා යැ, විමුත්තිකථා යැ, විමුච්චමානකථා යැ, අට්ඨමකකථා යැ, අට්ඨමකඉන්‍ද්‍රියකථා යැ, දිබ්බචක්ඛුකථා යැ, දිබ්බසොතකථා යැ, යථාකම්මූපගතඤාණකථා යැ, සංවරකථා යැ, අසඤ්ඤකථා යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතනකථා යි මෙසේ තෙල වර්‍ගය නිමි.
Pali BJTචතුත්ථො වග්ගො
Sinhala BJTචතුර්‍ත්‍ථ වර්‍ගය
Pali BJT4. 1.
Sinhala BJT4. 1.
Pali BJTගිහිස්සඅරහාතිකථා.
Sinhala BJTගිහිස්සඅරහාතිකථා
Pali BJT1. ස. පු: ගිහිස්ස අරහා’ති
Sinhala BJT1. ස. පු: ගිහියෙක් රහත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො ගිහීසඤ්ඤොජනන්ති{1}.
Sinhala BJTස. අනු: රහත්හට ගිහී සංයෝජන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: නත්ථී අරහතො ගිහීසඤ්ඤොජනන්ති.
Sinhala BJT2. ස. පු: රහත්හට ගිහී සංයෝජන නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නත්ථී අරහතො ගිහීසඤ්ඤොජනං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට ගිහී සංයෝජන නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ගිහිස්ස අරහා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ගිහියා රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: ගිහිස්ස අරහා’ති.
Sinhala BJT3. ස. පු: ගිහියා රහත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො ගිහීසඤ්ඤොජනං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවං කතං ආයතිං අනුප්පාදධම්මන්ති.
Sinhala BJTස. අනු: රහත්හට ගිහී සංයෝජන පුහුන් වූයේ උසුන්මුල් වූයේ මුදුන්සුන් තලක් සේ අවස්තුක වූයේ ප්‍රඥායෙන් කළ අභාව ඇතියේ මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො ගිහීසඤ්ඤොජනං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවං කතං ආයතිං අනුප්පාදධම්මං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට ගෘහීසංයෝජන ප්‍රහීණ වී නම්, උසුන්මුල් වී නම් මුදුන්සුන් තලක් සේ අවස්තුක වී නම්, ප්‍රඥායෙන් කළ අභාව ඇති වී නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇති වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ගිහිස්ස අරහා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ගිහියා රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT4. ස. පු: ගිහිස්ස අරහා’ති.
Sinhala BJT4. ස. පු: ගිහියෙක් රහත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කොචි ගිහී ගිහීසඤ්ඤොජනං අප්පහාය දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො’ති.
Sinhala BJTස. අනු: ගෘහීසංයෝජන නො පියා දෘෂ්ටධර්‍මයෙහි මැ දුක් කෙළවර කරන කිසි ගිහියෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: නත්ථී.
Sinhala BJTප. පටිඤ්ඤා: නැත.
Pali BJTඅනු. ඨ: හඤ්චි නත්ථී කොචි ගිහී ගිහීසඤ්ඤොජනං අප්පහාය දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ගෘහීසංයෝජන නො පියා ඉහාත්මයෙහි මැ දුක් කෙළවර කරන කිසි ගිහියෙක් නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ගිහිස්ස අරහා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ගිහියෙක් රහත් වේ යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: ගිහිස්ස අරහාති.
Sinhala BJT5. ස. පු: ගිහියා රහත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච: “අත්ථී නු ඛො භො ගොතම, කොචි ගිහී ගිහීසඤ්ඤොජනං අප්පහාය කායස්ස භෙදා දුක්ඛස්සන්තකරො’ති. නත්ථී ඛො වච්ඡ, කොචි ගිහී ගිහීසඤ්ඤොජනං අප්පහාය කායස්ස භෙදා දුක්ඛස්සන්තකරො”ති{a} අත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTස. අනු: වච්ඡගොත්ත පරිව්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ නො වේ ද: “භවත් ගෞතමයන් වහන්ස! ගිහීසංයෝජන නො පියා කාබුන් මරණින් මතු දුක් කෙළවර කරන යම් මැ ගිහියෙක් ඇත්තේ වේ ද? වච්ඡය! ගිහීසංයෝජන නො පියා කායභේදයෙන් දුක් කෙළවර කරන යම් මැ ගිහියෙක් නැති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං ‘ගිහිස්ස අරහා’ති
Sinhala BJTඅනු. පා: එකරුණින්, ‘ගිහියා රහත් වෙති’ යි නො කියැයුතු යැ.
Pali BJT6. ස. පු: ගිහිස්ස අරහාති.
Sinhala BJT6. ස. පු: ගිහියා රහත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා මෙථුනං ධම්මං පතිසෙවෙය්ය, මෙථුනං ධම්මං උප්පාදෙය්ය{1}, පුත්තසම්බාධසයනං අජ්ඣාවසෙය්ය, කාසිකචන්දනං පච්චනුභවෙය්ය, මාලාගන්ධවිලෙපනං ධාරෙය්ය, ජාතරූපරජතං සාදියෙය්ය, අජෙළකං පටිගණ්හෙය්ය,{2} කුක්කුටසූකරං පටිගණ්හෙය්ය,2 හත්ථිගවාස්සවළවං{3} පටිගණ්හෙය්ය,2 තිත්තිරවට්ටකමොරකපිඤ්ජරං පටිගණ්හෙය්ය{2}, පීතවණ්ටවාලමොළිකං{4} ධාරෙය්ය, ඔදාතානි වත්ථානි දීඝදසානි ධාරෙය්ය, යාවජීවං අගාරියභූතො අස්සා’ති.
Sinhala BJTස. අනු: රහත් මෙවුන්දම් සෙවුනේ වේ ද, මෙවුන්දම් උපදවනුයේ වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස කෙරේ ද, කසීසඳුන් වළඳ කෙරේ ද, මල්ගඳවිලෙවුන් දරන්නේ වේ ද, රන්රිදී ඉවසන්නේ වේ ද, එළුබැටෙළු පිළිගන්නේ වේ ද, කුකුළුහූරු පිළිගන්නේ වේ ද, ඇත් ගව අස් වෙළෙඹ පිළිගන්නේ වේ ද, තිත්වටු වටු මොනර කපිඤ්ජරවටු පිළිගන්නේ වේ ද, කසාවන් විජිනි හා වාලමයමෞලි දරන්නේ වේ ද, දික්දහ ඇති සුදුවත් දරන්නේ වේ ද, දිවිහිම් කොට ගිහි වූයේ වේ දැ? යි.
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: න වත්තබ්බං ‘ගිහිස්ස අරහා’ති.
Sinhala BJT7. ප. පු: ‘ගිහියා රහත් වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු යසො කුලපුත්තො, උත්තියො ගහපති, සෙතුමාණවො ගිහීබ්යඤ්ජනෙන අරහත්තං පත්තො’ති.
Sinhala BJTප. අනු: යස කුලපුත්, උත්තිය ගැහැවි, සෙතුමාණව, ගෘහීව්‍යඤ්ජනයෙන් අර්‍හත්‍වයට පැමිණියේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි යසො කුලපුත්තො, උත්තියො ගහපති, සෙතුමාණවො ගිහීබ්යඤ්ජනෙන අරහත්තං පත්තො.
Sinhala BJTඅනු. ඨ: ඉදින් යස කුලපුත්, උත්තියගැහැවි, සෙතුමාණව, ගිහිලකුණින් මැ රහත්බවට පැමිණියේ වී නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබෙබ ‘ගිහිස්ස අරහා’ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් භවත, ‘ගිහියා රහත් වෙති’ යි කියැයුතු මැ යැ.
Pali BJTගිහිස්ස අරහාතිකථා නිට්ඨිතා.
Sinhala BJTගිහිස්ස අරහාතිකථා නිමි.
Pali BJT4. 2.
Sinhala BJT4. 2.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යසකුලපුත්‍රාදීන් ගෘහීව්‍යඤ්ජනයෙන් සිටියවුන්ගේ අර්‍හත්ත්‍වප්‍රාප්ති දැක ‘ගිහියා රහත් වෙති’ යි ගත් වාදී කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ‘ගිහිස්ස අරහාති’ කථා එයි.]
Pali BJTඋපපත්තිකථා
Sinhala BJTඋපපත්තිකථා
Pali BJT1. ස. පු: සහ උපපත්තියා අරහා’ති
Sinhala BJT1. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග මැ රහත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සහ උපපත්තියා සොතාපන්නො හොතී’ති.
Sinhala BJTස. අනු: උපප්‍රාප්ති චිත්තය සමග සෝවන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: සහ උපපත්තියා අරහා’ති.
Sinhala BJT2. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග රහත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සහ උපපත්තියා සකදාගාමී හොතී’ති.
Sinhala BJTස. අනු: උපප්‍රාප්ති චිත්තය සමග සෙදගැමි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: සහ උපපත්තියා අරහා’ති.
Sinhala BJT3. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග රහත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සහ උපපත්තියා අනාගාමී හොතී’ති.
Sinhala BJTස. අනු: උපප්‍රාප්ති චිත්තය සමග අනගැමි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: සහ උපපත්තියා සොතාපන්නො න හොතී’ති.
Sinhala BJT4. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග සෝවන් නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.