Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5901-6000 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅනු. ඨ: හඤ්චි අසඤ්ඤභාවො අසඤ්ඤගති අසඤ්ඤසත්තාවාසො අසඤ්ඤසංසාරො අසඤ්ඤයොනි අසඤ්ඤත්තභාවපටිලාභො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අසංඥභවයෙක් අසංඥගතියෙක් අසංඥසත්ත්‍වාවාසයෙක් අසංඥසංසාරයෙක් අසංඥයෝනියෙක් අසංඥාත්මභාවප්‍රතිලාභයෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත{2} රෙ වත්තබ්බෙ ‘අසඤ්ඤසත්තෙසු සඤ්ඤා අත්ථි’ති.
Sinhala BJTඅනු. පා: භවත,’අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: අසඤ්ඤසත්තෙසු සඤ්ඤා අත්ථි’ති.
Sinhala BJT2. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඤ්චවොකාරභවො ගති සත්තාවාසො සංසාරො යොනි අත්තභාවපටිලාභොති.
Sinhala BJTස. අනු: පඤ්චවෝකාරභවය ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු එකවොකාරභවො ගති සත්තාවාසො සංසාරො යොනි අත්තභාවපටිලාභොති.
Sinhala BJTස. අනු: එකවෝකාරභවය ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි එකවොකාරභවො ගති සත්තාවාසො සංසාරො යොනි අත්තභාවපටිලාභො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් එකවෝකාරභවය ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අසඤ්ඤසත්තෙසු සඤ්ඤා අත්ථි’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අසඤ්ඤසත්තෙසු සඤ්ඤා අත්ථි’ති.
Sinhala BJT3. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තාය සඤ්ඤාය සඤ්ඤාකරණීයං කරොතීති.
Sinhala BJTස. අනු: ඒ සංඥායෙන් සන්කරණී කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: මනුස්සෙසු සඤ්ඤා අත්ථි, සො ච සඤ්ඤාභවො සඤ්ඤාගති සඤ්ඤාසත්තාවාසො සඤ්ඤාසංසාරො සඤ්ඤායොනි සඤ්ඤත්තභාවපටිලාභොති.
Sinhala BJT4. ස. පු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥාභව වේ ද? සංඥාගති, සංඥාසත්ත්‍වාවාස, සංඥාසංසාර, සංඥායෝනි, සංඥාආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඤ්ඤසත්තෙසු සඤ්ඤා අත්ථි, සො ච සඤ්ඤාභවො සඤ්ඤාගති සඤ්ඤාසත්තාවාසො සඤ්ඤාසංසාරො සඤ්ඤායොනි සඤ්ඤත්තභාවපටිලාභොති.
Sinhala BJTස. අනු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥාභවත් වේ ද? සංඥාගති, සංඥාසත්ත්‍වාවාස, සංඥාසංසාර, සංඥායෝනි, සංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: මනුස්සෙසු සඤ්ඤා අත්ථි, සො ච පඤ්චවොකාරභවො ගති සත්තාවාසො සංසාරො යොනි අත්තභාවපටිලාභොති.
Sinhala BJT5. ස. පු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ පඤ්චවෝකාරභවත් වේ ද? ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඤ්ඤසත්තෙසු සඤ්ඤා අත්ථි, සො ච පඤ්චවොකාරභවො ගති සත්තාවාසො සංසාරො යොනි අත්තභාවපටිලාභොති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ පඤ්චවෝකාරභවත් වේ ද? ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: මනුස්සෙසු සඤ්ඤා අත්ථි, තාය සඤ්ඤාය සඤ්ඤාකරණීයං කරොතීති.
Sinhala BJT6. ස. පු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥායෙන් සන්කරණී කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඤ්ඤසත්තෙසු සඤ්ඤා අත්ථි, තාය සඤ්ඤාය සඤ්ඤාකරණීයං කරොතීති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥායෙන් සන්කරණී කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: අසඤ්ඤසත්තෙසු සඤ්ඤා අත්ථි, සො ච අසඤ්ඤභවො අසඤ්ඤගති අසඤ්ඤසත්තාවාසො අසඤ්ඤසංසාරො අසඤ්ඤයොනි අසඤ්ඤත්තභාවපටිලාභොති.
Sinhala BJT7. ස. පු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ අසංඥභවත් වේ ද? අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයෝනි, අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මනුස්සෙසු සඤ්ඤා අත්ථි, සො ච අසඤ්ඤභවො අසඤ්ඤගති -පෙ- අසඤ්ඤත්තභාවපටිලාභොති.
Sinhala BJTස. අනු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ අසංඥභවත් වේ ද? අසංඥගති, … අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘අසංඥසත්ත්‍වයනට ද, ච්‍යුතිප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි සංඥායෙක් ඇති යි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධකනිකායවාසීන් සෙයිනි. උන් සඳහා අසංඥකථා එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: අසඤ්ඤසත්තෙසු සඤ්ඤා අත්ථි, සො ච එකවොකාරභවො ගති සත්තාවාසො සංසාරො යොනි අත්තභාවපටිලාභො’ති.
Sinhala BJT8. ස. පු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ ඒකවෝකාරභවත් වේ ද? ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මනුස්සෙසු සඤ්ඤා අත්ථි, සො ච එකවොකාරභවො ගති -පෙ- අත්තභාවපටිලාභොති.
Sinhala BJTස. අනු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ ඒකවෝකාරභවත් වේ ද? ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: අසඤ්ඤසත්තෙසු සඤ්ඤා අත්ථි, න ච තාය සඤ්ඤාය සඤ්ඤාකරණීයං කරොතීති.
Sinhala BJT9. ස. පු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥායෙන් සන්කරණී නො කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මනුස්සෙසු සඤ්ඤා අත්ථි, න ච තාය සඤ්ඤාය සඤ්ඤාකරණීයං කරොතීති.
Sinhala BJTස. අනු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥායෙන් සන්කරණී නො කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ප. පු: න වත්තබ්බං ‘අසඤ්ඤසත්තෙසු සඤ්ඤා අත්ථි’ති.
Sinhala BJT10. ප. පු: ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “සන්ති භික්ඛවෙ, අසඤ්ඤසත්තා නාම දෙවා, සඤ්ඤුප්පාදා ච පන තෙ දෙවා තම්හා කායා චවන්ති”ති{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, අසංඥසත්ත්‍ව නම් දෙවි කෙනෙක් ඇත. සංඥෝත්පාදයෙන් ඒ දෙවියෝ ඒ දෙවකායයෙන් සැව යෙති”යි වදාරන ලද්දේ නො වේ ද? සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි අසඤ්ඤසත්තෙසු සඤ්ඤා අත්ථීති.
Sinhala BJTප. නිග: එ කරුණින් අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත.
Pali BJT11. ස. පු: අසඤ්ඤසත්තෙසු සඤ්ඤා අත්ථීති.
Sinhala BJT11. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇද්ද?
Pali BJTප. වි: කඤ්චි කාලෙ{1} අත්ථි, කඤ්චි කාලෙ{1} නත්ථීති.
Sinhala BJTප. වි: කිසි කලෙක ඇත. කිසි කලෙක නැත.
Pali BJTස. අනු: කඤ්චි කාලෙ සඤ්ඤසත්තා කඤ්චි කාලෙ අසඤ්ඤසත්තා, කඤ්චි කාලෙ සඤ්ඤාභවො.{2} කඤ්චි කාලෙ අසඤ්ඤභවො, කඤ්චි කාලෙ පඤ්චවොකාරභවො කඤ්චි කාලෙ එකවොකාරභවොති.
Sinhala BJTස. අනු: කිසි කලෙක සංඥසත්ත්‍වයෝ කිසි කලෙක අසංඥසත්ත්‍ව වෙත් ද, කිසි කලෙක සංඥාභවය කිසි කලෙක අසංඥභව වේ ද, කිසි කලෙක පඤ්චවෝකාරභවය කිසි කලෙක ඒකවෝකාරභව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: අසඤ්ඤසත්තෙසු සඤ්ඤා කඤ්චි කාලෙ අත්ථි, කඤ්චි කාලෙ නත්ථීති.
Sinhala BJT12. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥාව කිසි කලෙක ඇද්ද, කිසි කලෙක නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කං කාලං අත්ථි, කං කාලං නත්ථීති.
Sinhala BJTස. අනු: කවර කලෙක ඇද්ද, කවර කලෙක නැද්ද?
Pali BJTප. වි: චුතිකාලෙ උපපත්තිකාලෙ අත්ථි, ඨිතිකාලෙ නත්ථීති.
Sinhala BJTප. වි: ච්‍යුතිකාලයෙහිත් උපපාතකාලයෙහිත් ඇත. ස්ථිතිකාලයෙහි නැත.
Pali BJTස. අනු: චුතිකාලෙ උපපත්තිකාලෙ සඤ්ඤසත්තා. ඨිතිකාලෙ අසඤ්ඤසත්තා. චුතිකාලෙ උපපත්තිකාලෙ සඤ්ඤාභවො ඨිතිකාලෙ අසඤ්ඤභවො, චුතිකාලෙ උපපත්තිකාලෙ පඤ්ච වොකාරභවො, ඨිතිකාලෙ එකවොකාරභවොති.
Sinhala BJTස. අනු: ච්‍යුතිකාලයෙහිත් උපපාතකාලයෙහිත් සංඥසත්ත්‍වයෝ ස්ථිතිකාලයෙහි අසංඥසත්ත්‍ව වෙත් ද, ච්‍යුතිකාලයෙහිත් උපපාතකාලයෙහිත් සංඥාභවය ස්ථිතිකාලයෙහි අසංඥභව වේ ද, ච්‍යුතිකාලයෙහිත් උපපාතකාලයෙහිත් පඤ්චවෝකාරභවය ස්ථිතිකාලයෙහි ඒකවෝකාරභව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTඅසඤ්ඤකථා නිට්ඨිතා.
Sinhala BJTඅසඤ්ඤකථා නිමි.
Pali BJT3. 12.
Sinhala BJT3. 12.
Pali BJTනෙවසඤ්ඤානාසඤ්ඤායතන කථා.
Sinhala BJTනේවසඤ්ඤානාසඤ්ඤායතන කථා
Pali BJT1. ස. පු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ න වත්තබ්බං සඤ්ඤා අත්ථීති.
Sinhala BJT1. ස. පු: ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඤ්ඤභවො අසඤ්ඤගති අසඤ්ඤසත්තාවාසො අසඤ්ඤසංසාරො අසඤ්ඤයොනි අසඤ්ඤත්තභාව පටිලාභො’ති.
Sinhala BJTස. අනු: අසංඥභවය, අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයෝනි, අසංඥාත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු සඤ්ඤාභවො සඤ්ඤාගති සඤ්ඤාසත්තාවාසො සඤ්ඤාසංසාරො සඤ්ඤායොනි සඤ්ඤත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: සංඥාභවය, සංඥාගති, සංඥාසත්ත්‍වාවාස, සංඥාසංසාර, සංඥායෝනි, සංඥාත්මභාවප්‍රතිලාභ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.{*}
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සඤ්ඤාභවො{1} සඤ්ඤාගති -පෙ- සඤ්ඤත්තභාවපටිලාභො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සංඥාභවය සංඥාගති ... සංඥාත්මභාවප්‍රතිලාභ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ{2} වත්තබ්බෙ ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ න වත්තබ්බං සඤ්ඤා අත්ථි’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’ යි නො කියැයුතු යැ, යනු නො කියැයුතු යැ.
Pali BJT2. ස. පු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ න වත්තබ්බං සඤ්ඤා අත්ථී’ති.
Sinhala BJT2. ස. පු: ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: එකවොකාරභවො ගති -පෙ- අත්තභාවපටිලාභොති.
Sinhala BJTස. අනු: එකවෝකාරභවය ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු චතුවොකාරභවො ගති -පෙ- අත්තභාවපටිලාභොති.
Sinhala BJTස. අනු: චතුවෝකාරභවය ගති … ආත්මභාවප්‍රතිලාභ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි චතුවොකාරභවො ගති -පෙ- අත්තභාවපටිලාභො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් චතුවෝකාරභවය ගති … ආත්මභාවප්‍රතිලාභ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ න වත්තබ්බං සඤ්ඤා අත්ථී’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති යි නො කියැයුතු යැ’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අසඤ්ඤසත්තෙසු න වත්තබ්බං සඤ්ඤා අත්ථි, සො ච අසඤ්ඤභවො අසඤ්ඤගති අසඤ්ඤසත්තාවාසො අසඤ්ඤසංසාරො අසඤ්ඤයොනි අසඤ්ඤත්තභාවපටිලාභො’ති.
Sinhala BJT3. ස. පු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ අසංඥභවයත්, අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයෝනි, අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ න වත්තබ්බං සඤ්ඤා අත්ථි, සො ච අසඤ්ඤභවො අසඤ්ඤගති අසඤ්ඤසත්තාවාසො අසඤ්ඤසංසාරො අසඤ්ඤයොනි අසඤ්ඤසංසාරො අසඤ්ඤයොනි අසඤ්ඤත්තභාවපටිලාභොති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ අසංඥභවයත්, අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයෝනි, අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: අසඤ්ඤසත්තෙසු න වත්තබ්බං සඤ්ඤා අත්ථි, සො ච එකවොකාරභවො ගති -පෙ- අත්තභාවපටිලාභො’ති.
Sinhala BJT4. ස. පු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’ යි නො කියැයුතු යැ. ඒ ඒකවෝකාරභවයත් ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ න වත්තබ්බං සඤ්ඤා අත්ථි, සො ච එකවොකාරභවො ගති සත්තාවාසො සංසාරො යොනි අත්තභාවපටිලාභොති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ ඒකවෝකාරභවයත්, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ න වත්තබ්බං සඤ්ඤා අත්ථි, සො ච සඤ්ඤාභවො{1} සඤ්ඤාගති -පෙ- සඤ්ඤත්තභාවපටිලාභොති.
Sinhala BJT5. ස. පු: (තොප මතයෙහි) ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ සංඥාභවයත් සංඥාගති … සංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඤ්ඤසත්තෙසු න වත්තබ්බං සඤ්ඤා අත්ථි, සො ච සඤ්ඤාභවො{1} සඤ්ඤාගති -පෙ- සඤ්ඤත්තභාවපටිලාභොති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ සංඥාභවයත් සංඥාගති … සංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනනෙ න වත්තබ්බං සඤ්ඤා අත්ථි, සො ච චතුවොකාරභවො ගති -පෙ- අත්තභාවපටිලාභො’ති.
Sinhala BJT6. ස. පු: (තොප මතයෙහි) ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ චතුවෝකාරභවයත් ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඤ්ඤසත්තෙසු න වත්තබ්බං සඤ්ඤා අත්ථි, සො ච චතුවොකාරභවො ගති -පෙ- අත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ චතුවෝකාරභවයත් ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ න වත්තබ්බං සඤ්ඤා අත්ථිති.
Sinhala BJT7. ස. පු: ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු නෙවසඤ්ඤානාසඤ්ඤායතනං චතුවොකාරභවො’ති.
Sinhala BJTස. අනු: ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘නේවසඤ්ඤානාසඤ්ඤායතන, යන වචන වශයෙන් ඒ භවයෙහි සංඥායෙක් නැති යි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධක නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට නේවසඤ්ඤානාසඤ්ඤායතනකථා එයි.]
Pali BJTඅනු. ඨ: හඤ්චි නෙවසඤ්ඤානාසඤ්ඤායතනං චතුවොකාරභවො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ න වත්තබ්බං සඤ්ඤා අත්ථි’ති.
Sinhala BJTඅනු. පා: භවත,’නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇත යනු නො කියැයුතු යැ’යි නො කියැයුතු යැ.
Pali BJT8. ස. පු: නෙවසසඤ්ඤානාසඤ්ඤායතනං චතුවොකාරභවො, නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ න වත්තබ්බං ‘සඤ්ඤා අත්ථි’ති
Sinhala BJT8. ස. පු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ආකාසානඤ්චායතනං චතුවොකාරභවො, අකාසානඤ්චායතනෙ න වත්තබ්බං ‘සඤ්ඤා අත්ථි’ති.
Sinhala BJTස. අනු: ආකාසානඤ්චායතනය චතුවෝකාරභව වෙයි. ආකාසානඤ්චායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …