Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 501-600 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපී පුග්ගලො උපච්ඡින්නො,{1} අරූපී පුග්ගලො ජාතො’ති.
Sinhala BJTස. අනු: රූපී පුද්ගල සිඳුණේ අරූපී පුද්ගල වී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT158. ස. පු. රූපධාතුයා රූපිනො සත්තා, අරූපධාතුයා අරූපිනො සත්තා. අත්ථි ච කොචි රූපධාතුයා චුතො අරූපධාතුං උප්පජ්ජතී’ති.
Sinhala BJT158. ස. පු: රූපධාතුයෙහි රූපවත්හු සත්ත්‍ව වෙති. අරූපධාතුයෙහි අරූපවත්හු සත්ත්‍ව වෙති. (එසේ පිළිගත් තොප මතයෙහි දී) රූපධාතුයෙන් චුත වැ අරූපධාතුවට වදනා කිසිවෙක් ඇද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. ප්‍රතිඥා: එසේ යැ.
Pali BJTස. අනු: රූපී සත්තො උපච්ඡින්නො{1}, අරූපී සත්තො ජාතො’ති.
Sinhala BJTස. අනු: රූපී සත්ත්‍ව සිඳුණේ අරූපී සත්ත්‍ව වී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. ප්‍රතික්‍ෂේප: එසේ නො කියැ යුතු යැ ...
Pali BJT159. ස. පු. කායො’ති වා සරීරන්ති වා, සරීරන්ති වා කායො’ති වා, කායං අප්පියං කරිත්වා එසෙ සෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJT159. ස. පු: කය හෝ ශරීර හෝ යැ, ශරීර හෝ කය හෝ යයි (මෙසේ) කය සිරුරින් නො වෙන් කොට ගෙන තෙල මැ හෙ වේ ද? ඒකාර්‍ත්‍ථ සම සමභාගතජ්ජාතික වේ ද? (ඒ කය මැ තෙල ශරීර වේ ද? යනු පිළිවිසීම යි.)
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. ප්‍රතිඥා: එසේ යැ. (නානාත්‍වය නො දක්නේ පිළින කෙරෙයි,)
Pali BJTස. පු: පුග්ගලො’ති වා ජීවො’ති වා, ජීවො’ති වා පුග්ගලො’ති වා පුග්ගලං අප්පියං කරිත්වා එසෙ සෙ{2} එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJTස. පු: පුද්ගල හෝ ජීව හෝ යැ, ජීව හෝ පුද්ගල හෝ යයි පුද්ගල (ජීවයා කෙරෙන්) නො වෙන් කොට ගෙන තෙල ඒ ජීව මැ පුද්ගල වේ ද, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. ප්‍රතිඥා: එසේ යැ.
Pali BJTස. පු: අඤ්ඤො කායො අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTස. පු: කය අනෙකෙක් වේ ද? පුද්ගල අනෙකෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. ප්‍රතිඥා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති.
Sinhala BJTස. අනු: ජීව අනෙකෙක් වේ ද? ශරීර අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි. න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. ප්‍රතික්‍ෂේප: එසේ නො කියැයුතු යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නිග්‍රහ: නිග්‍රහ පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි කායො’ති වා සරීරන්ති වා, සරීරන්ති වා කායො’ති වා, කායං අප්පියං කරිත්වා එසෙ සෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ. පුග්ගලො’ති වා ජීවො’ති වා, ජීවො’ති පුග්ගලො’ති වා පුග්ගලං අප්පියං කරිත්වා එසෙ සෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ අඤ්ඤො කායො අඤ්ඤො පුග්ගලො.
Sinhala BJTඅනු. ඨ: ඉදින් කය හෝ ශරීර හෝ යැ, ශරීර හෝ කය හෝ යයි කය (සිරුරින්) නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වෙයි, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යයි ද, පුද්ගල හෝ ජීව හෝ යැ, ජීව හෝ පුද්ගල හෝ යයි පුද්ගල (ජීවයා කෙරෙන්) නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වෙයි, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යයි ද, කියා නම් කය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එයින් ‘ජීව අනෙකෙකැ, ශරීර අනෙකෙකැ’යි කියැයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො කායො’ති වා සරීරන්ති වා, සරීරන්ති වා කායො’ති වා කායං අප්පියං කරිත්වා එසෙ සෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ, පුග්ගලො’ති වා ජීවො’ති වා, ජීවො’ති වා පුග්ගලො’ති වා පුග්ගලං අප්පියං කරිත්වා එසෙ සෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ, අඤ්ඤො කායො අඤ්ඤො පුග්ගලො, නො ච වත්තබ්බෙ අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: “කය හෝ ශරීරය හෝ යැ, ශරීර හෝ කය හෝ යයි කය නො වෙන් කොට ගෙන තෙලෙ හේ වෙයි, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යයි ද, පුද්ගල හෝ ජීව හෝ යැ, ජීව හෝ පුද්ගල හෝ යයි පුද්ගල නො වෙන් කොට ගෙන තෙලෙ හේ වෙයි, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යයි ද, කය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ යි කියැයුතු යයි ද, ජීව අනෙකෙකැ ශරීර අනෙකෙකැ යි නො කියැයුතු යයි” ද යමක් එහි ලා කියෙහි නම් ඒ මිථ්‍යා යැ.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති.
Sinhala BJTපටි. ඨ: ජීව අනෙකෙකැ, ශරීර අනෙකෙකැ යි ඉදින් නො කියැයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ කායො’ති වා සරීරන්ති වා, සරීරන්ති වා කායො’ති වා කායං අප්පියං කරිත්වා එසෙ සෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ, පුග්ගලො’ති වා ජීවො’ති වා, ජීවො’ති වා, පුග්ගලො’ති වා පුග්ගලං අප්පියං කරිත්වා එසෙ සෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ, අඤ්ඤො කායො අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTපටි. පා: කය හෝ ශරීරය හෝ යැ, ශරීර හෝ කය හෝ ය යි කය නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වෙයි, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යයි ද, පුද්ගල හෝ ජීව හෝ යැ, ජීව හෝ පුද්ගල හෝ යැ යි පුද්ගල නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වෙයි, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යැ යි ද, කය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ යි ද, භවත, නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො කායොති’වා සරීරන්ති වා, සරීරන්ති වා කායො’ති වා කායං අප්පියං කරිත්වා එසෙ සෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ, පුග්ගලො’ති වා ජීවො’ති වා, ජීවො’ති වා පුග්ගලො’ති වා පුග්ගලං අප්පියං කරිත්වා එසෙ සෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ, අඤ්ඤො කායො අඤ්ඤො පුග්ගලො, නො ච වත්තබ්බෙ අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති මිච්ඡා -පෙ-
Sinhala BJTපටි. ආ: “කය හෝ ශරීර හෝ යැ, ශරීර හෝ කය හෝ යැ යි කය නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වෙයි, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යැ යි ද, පුද්ගල හෝ ජීව හෝ යැ, ජීව හෝ පුද්ගල හෝ යැ යි පුද්ගල නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වෙයි; ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යැ යි ද, කය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ යි ද, ජීව අනෙකෙකැ, ශරීර අනෙකෙකැ යි නො කියැයුතු යැ යි” (මෙසේ) යමක් එහි ලා කියෙහි නම් ඒ මිථ්‍යා යැ ...
Pali BJT160. ප. පු: කායො’ති වා සරීරන්ති වා, සරීරන්ති වා කායො’ති වා කායං අප්පියං කරිත්වා එසෙ සෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙති.
Sinhala BJT160. ප. පු: කය හෝ සරීර හෝ යැ, සරීර හෝ කය හෝ යයි කය නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වේ ද? ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: වුත්තං භගවතා ‘අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො’ති.
Sinhala BJTප. පු: ‘ආත්මහිතයට පිළිපන් පුඟුලෙක් ඇති’යි භගවත්හු විසින් වදාරන ලද නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: අඤ්ඤො කායො අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTප. පු: කය අනෙකෙක් වේ ද, පුද්ගල අනෙකෙක් වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියයුතු යැ.
Pali BJTප. පටිකම්මං: ආජානාහි පටිකම්මං.
Sinhala BJTප. පටිකම්ම: ප්‍රතිකර්‍ම පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි කායො’ති වා සරීරන්ති වා, සරීරන්ති වා කායො’ති වා කායං අප්පියං කරිත්වා එසෙ සෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ, වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො.
Sinhala BJTඅනු. ඨ: ඉදින් කය හෝ ශරීර හෝ යැ, ශරීර හෝ කය හෝ යයි කය නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වේ යයි ද, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යයි ද, ‘ආත්මහිතයට පිළිපන් පුඟුලෙක් ඇති’යි භගවත්හු විසින් වදාරන ලදැයි ද කියා නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ අඤ්ඤො කායො අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එයින් ‘කය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ’යි කියැයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො කායො’ති වා සරීරන්ති වා, සරීරන්ති වා කායො’ති වා කායං අප්පියං කරිත්වා එසෙ සෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ, වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, නො ච වත්තබ්බෙ අඤ්ඤො කායො අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: කය හෝ ශරීර හෝ යැ, ශරීර හෝ කය හෝ යයි කය නො වෙන් කොට ගෙන ‘තෙලෙ හෙ වේ යයි ද, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යයි ද, ‘ආත්මහිතයට පිළිපන් පුඟුලෙක් ඇති’යි භගවත්හු විසින් වදාරන ලදැයි ද, කය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි දැයි මෙසේ කියැයුතු යැයි එහි ලා යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යැ.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ අඤ්ඤො කායො අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTපටි. ඨ: ඉදින් ‘කය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ’යි නො කියැයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ කායො’ති වා සරීරන්ති වා, සරීරන්ති වා කායො’ති වා කායං අප්පියං කරිත්වා එසෙ සෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ, වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො’ති.
Sinhala BJTපටි. පා: භවත, ‘කය හෝ ශරීර හෝ යැ, ශරීර හෝ කය හෝ යයි කය නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වේ යයි ද, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ’ යයි ද, ‘ආත්මහිතයට පිළිපන් පුඟුලෙක් ඇති’යි භගවත්හු විසින් වදාරන ලදැයි ද නො කියැයුතු වේ මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො කායො’ති වා සරීරන්ති වා, සරීරන්ති වා කායො’ති වා කායං අප්පියං කරිත්වා එසෙ සෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ, වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, නො ච වත්තබ්බෙ අඤ්ඤො කායො අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා -පෙ-
Sinhala BJTපටි. ආ: “කය හෝ ශරීර හෝ යැ, ශරීර හෝ කය හෝ යයි කය නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වේ යයි ද, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යයි ද, ‘ආත්මහිතයට පිළිපන් පුඟුලෙක් ඇති’යි භගවත්හු විසින් වදාරන ලදැයි ද, කය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ යි කියැයුතු යැයි ද මෙසේ කියැයුතු” යයි එහි ලා යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යැ ...
Pali BJTපඤ්ඤත්තානුයොගො.
Sinhala BJTපඤ්ඤත්තානුයෝග යි.
Pali BJT161. ස. පු: පුග්ගලො සන්ධාවති අස්මා ලොකං පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJT161. ස. පු: පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද (ගතිපරිවර්‍තනයෙන්) දුවනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සො පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJTස. අනු: (ශාශ්වත වශයෙන්) මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද ඒ පුද්ගල මැ සංධාවනය කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ(ශාශ්වතදෘෂ්ටි භයෙන් ප්‍රතික්‍ෂේප කෙරෙයි) ...
Pali BJTස. පු: පුග්ගලො සන්ධාවති අස්මා ලොකං පරං ලොකං පරස්මා ලොකං ඉමං ලොකන්ති.
Sinhala BJTස. පු: පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද (ගමනාගමන විසින්) සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤො පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJTස. අනු: අන්‍ය පුද්ගලයෙක් මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැ යුතු යැ (උච්ඡේදදෘෂ්ටි භයෙන් ප්‍රතික්‍ෂේප කෙරෙයි) ...
Pali BJT162. ස. පු: පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJT162. ස. පු: පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද දුවනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සො ච අඤ්ඤො ච සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJTස. අනු: හෙ පුද්ගල ද අනෙක් පුද්ගලවනුයෙක් ද මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ (ඒකත්‍යශාශ්වතදෘෂ්ටි භයෙන් ප්‍රතික්‍ෂේප කෙරෙයි) ...
Pali BJT163. ස. පු: පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJT163. ස. පු: පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නෙව සො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJTස. අනු: හෙ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද නො මැ සංධාවන කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT164. ස. පු: පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJT164. ස. පු: පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සො පුග්ගලො සන්ධාවති, අඤ්ඤො පුග්ගලො සන්ධාවති, සො ච අඤ්ඤො ච සන්ධාවති, නෙව සො සන්ධාවති, න අඤ්ඤො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJTස. අනු: මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද ඒ පුද්ගල සංධාවන කෙරේ ද? අන්‍ය පුද්ගලයෙක් සංධාවන කෙරේ ද? ඒ පුද්ගල ද අන්‍ය පුද්ගල වනුයෙක් ද සංධාවන කෙරේ ද? ඒ පුද්ගල නො මැ සංධාවන කෙරේ ද? අන්‍ය පුද්ගලයෙක් සංධාවන නො කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT165. ප. පු: න වත්තබ්බං පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්තී.
Sinhala BJT165. ප. පු: මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද පුද්ගල සංධාවන කෙරේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: නනු වුත්තං භගවතා: “සත්තක්ඛත්තු පරමං සන්ධාවිත්වාන පුග්ගලො දුක්ඛස්සන්තකරො හොති සබ්බසඤ්ඤොජනක්ඛයා” ති. අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. පු: භගවත්හු විසින් තෙල වදාරන ලද්දේ මැ නු? “පුද්ගල සත්යලක් පරම කොට සංධාවන විසින් දිවැ සර්‍වසංයෝජනක්‍ෂයෙන් දුක් කෙළවර කරන්නේ වේ”යයි. සූත්‍රාන්ත ඇත් මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නි. තෙන හි පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJTප. නි: එකරුණින් පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරෙයි.
Pali BJT166. ප. පුච්ඡා: න වත්තබ්බං පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJT166. ස. පු: ‘පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ’ යයි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පුච්ඡා: නනු වුත්තං භගවතා: “අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො, පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසඤ්ඤොජනානං සන්ධාවතං සංසරතන්ති.” අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. පු: “මහණෙනි, මෙ සසර නො පිරිසුන් අක් ඇතියේ යැ. අවිද්‍යායෙන් ඇවිරුණු තෘෂ්ණාසංයෝජනයෙන් බැඳුණු සංධාවන සංසරණ කරන සත්ත්‍වයන්ගේ පූර්‍වකොටි නො පැනේ” යයි භගවත්හු විසින් වදාරන ලද්දේ මැ නු? සූත්‍රාන්ත ඇත් මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නි: තෙන හි පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති?
Sinhala BJTප. නි: ඒ කරුණින් පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරෙයි.
Pali BJT167. ස. පු: පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJT167. ස. පු: පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අ: ස්වෙව පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJTස. අනු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
Pali BJTප. පටි: නහෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT168. ස. පු: ස්වෙව පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති?
Sinhala BJT168. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ ය. (‘සෝ පුග්ගලො ව, න අඤ්ඤා’ යනාදි සූත්‍රාන්ත ඇතියෙන් දෙවන වට පිළින කෙරෙයි.)
Pali BJTස. පු: අත්ථි කොචි මනුස්සො හුත්වා දෙවො හොතී’ති.
Sinhala BJTස. පු: පළමු මිනිස් වැ සිට දෙවනු දෙවි වන කිසි මිනිසෙක් ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙව මනුස්සො සො දෙවො’ති.
Sinhala BJTස. අනු: ඒ මිනිස් මැ ඒ දෙවි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT169. ස. පු: ස්වෙව මනුස්සො සො දෙවො’ති.
Sinhala BJT169. ස. පු: ඒ මිනිස් මැ ඒ දෙවි වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (“අහං තෙන සමයෙන සුනෙත්තො නාම සත්‍ථා අහෝසි” යනාදි සූත්‍ර විසින් දෙවන වට පිළින කෙරෙයි.)
Pali BJTස. ආ: මනුස්සො හුත්වා දෙවො හොති, දෙවො හුත්වා මනුස්සො හොති, මනුස්සභූතො අඤ්ඤො, දෙවො අඤ්ඤො, මනුස්සභූතො ස්වායං ස්වායං සන්ධාවතී’ති මිච්ඡා -පෙ-
Sinhala BJTස. ආ: මිනිස් වැ සිට දෙවි වෙයි. දෙවි වැ සිට මිනිස් වෙයි. මිනිස් වූයේ අනෙකෙකැ, දෙවි වූයේ අනෙකෙකැ. මිනිස් වූ ඒ මේ පුද්ගල සංධාවන කෙරේ යැ යනු මිථ්‍යා යැ ...
Pali BJTස. නි: සචෙ හි සන්ධාවති ස්වෙව පුග්ගලො ඉතො චුතො පරං ලොකං අනඤ්ඤො, හෙවං{1} මරණං න හෙහිති. පාණාතිපාතො’පි නූපලබ්භති. කම්මං අත්ථි, කම්මවිපාකො අත්ථි, කතානං කම්මානං විපාකො අත්ථි, කුසලාකුසලෙ විපච්චමානෙ ස්වෙවායං සන්ධාවතීති මිච්ඡා.
Sinhala BJTස. නි: ඉදින් එ මැ පුද්ගල මෙලොවින් ච්‍යුත වැ පරලොව දිවෙයි. අනෙකෙක් නො දිවෙයි යනු වත් මැ මෙසේ මරණ නො වෙයි. ප්‍රාණාතිපාත ද නො ලැබෙයි. කර්‍මයෙක් ඇත, කර්‍ම විපාකයෙක් ඇත, කළ කර්‍මයන්ගේ විපාකයෙක් ඇත, ‘පින් පව් පැසෙන කළ ඒ මේ පුඟුල් මැ දිවේ’ යනු මිථ්‍යා යැ.
Pali BJT170. ස. පු: ස්වෙව පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරං ලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති?
Sinhala BJT170. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. ප්‍රතිඥා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කොචි මනුස්සො හුත්වා යක්ඛො හොති -පෙ- පෙතො හොති -පෙ- නෙරයිකො හොති -පෙ- තිරච්ඡානගතො හොති -පෙ- ඔට්ඨො හොති -පෙ- ගොණො හොති -පෙ- ගද්රභො හොති -පෙ- සූකරො හොති -පෙ- මහිසො{2} හොතීති?
Sinhala BJTස. අනු: මිනිස් වැ සිට යක් වන ... ප්‍රේත වැ සිට නේරයික වන ... තිරිසන්ගිය වන ... ඔටු වන ... ගොන් වන ... ගදුබු වන ... හූරු වන ... මහිෂ වන ... කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. ප්‍රතිඥා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙව මනුස්සො සො මහිසො’ති.
Sinhala BJTස. අනු: ඒ මිනිස් මැ ඒ මහිෂ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. ප්‍රති: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: ස්වෙව මනුස්සො සො මහිසො’ති.
Sinhala BJTස. අනු: ඒ මිනිස් මැ ඒ මහිෂ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. ප්‍රතිඥා: එසේ යැ.
Pali BJTසක. ආ. මනුස්සො හුත්වා මහිසො{2} හොති, මහිසො හුත්වා මනුස්සො හොති, මනුස්සභූතො අඤ්ඤො, මහිසො අඤ්ඤො, මනුස්සභූතො ස්වෙවායං සන්ධාවතීති මිච්ඡා -පෙ-
Sinhala BJTසක. ආ: මිනිස් වැ සිට මහිෂ වෙයි, මහිෂ වැ සිට මිනිස් වෙයි, මිනිස් වූයේ අනෙකෙකැ, මහිෂ වූයේ අනෙකෙකැ, මිනිස් වූ ඒ මේ පුද්ගල මැ සංධාවන කෙරේ, යනු මිථ්‍යායෙකි ...
Pali BJTස. නිග: සචෙ හි සන්ධාවති ස්වෙව පුග්ගලො ඉතො චුතො පරං ලොකං අනඤ්ඤො, හෙවං මරණං න හෙහිති. පාණාතිපාතො’පි නූපලබ්භති. කම්මං අත්ථි, කම්මවිපොකො අත්ථි, කතානං කම්මානං විපාකො අත්ථි, කුසලාකුසලෙ විපච්චමානෙ ස්වෙවායං සන්ධාවතීති මිච්ඡා.
Sinhala BJTස. නි: ඉදින් ඒ පුද්ගල මැ මෙයින් ච්‍යුත වැ පරලොවට සංධාවන කෙරේ නම්, අනෙකෙක් සංධාවන නො කෙරේ නම්, මෙසේ මරණ නො වන්නේ යැ. ප්‍රාණාතිපාත ද නො වන්නේ යැ, කර්‍ම ද ලැබෙයි, කර්‍මවිපාක ඇතියි ද, කළ කර්‍මයන්ගේ විපාක ඇතියි ද, පින්පව් විවස්නා කළ ඒ මේ පුඟුල් මැ සංධාවන කෙරේ යනු මිථ්‍යායෙකි.
Pali BJT171. ස. පු: ස්වෙව පුග්ගලො සන්ධාවති අස්මා ලොකා පරලොකං පරස්මා ලොකා ඉමං ලොකන්ති.
Sinhala BJT171. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. ප්‍රතිඥා: එසේ යැ.
Pali BJTස. පු: අත්ථි කොචි ඛත්තියො හුත්වා බ්රාහ්මණො හොතීති.
Sinhala BJTස. පු: ක්‍ෂත්‍රිය වැ සිට බමුණු වන කිසිවෙක් ඇද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. ප්‍රතිඥා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙව ඛත්තියො සො බ්රාහ්මණො’ති.
Sinhala BJTස. අනු: ඒ ක්‍ෂත්‍රිය මැ ඒ බ්‍රාහ්මණ වෙ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: අත්ථි කොචි ඛත්තියො හුත්වා වෙස්සො හොති -පෙ- සුද්දො හොතීති.
Sinhala BJTස. පු: ක්‍ෂත්‍රිය වැ සිට වෛශ්‍ය වන ... ශුද්‍ර වන කිසිවෙක් ඇද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. ප්‍රතිඥා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙව ඛත්තියො සො සුද්දො’ති.
Sinhala BJTස. අනු: ඒ ක්‍ෂත්‍රිය මැ ඒ ශුද්‍ර වේ ද?
Pali BJTප. පටික්ඛෙපො: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. ප්‍රතික්‍ෂේප: එසේ නො කියැයුතු මැ යැ.