Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5701-5800 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT10. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
Sinhala BJT10. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දිබ්බචක්ඛුං ධම්මූපත්ථද්ධං පඤ්ඤාචක්ඛුං හොතීති.
Sinhala BJTස. අනු: ධර්‍මයෙන් උපස්තබ්ධ දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
Sinhala BJT11. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දිබ්බචක්ඛුං ධම්මූපත්ථද්ධං මංසචක්ඛුං හොතීති.
Sinhala BJTස. අනු: ධර්‍මයෙන් උපස්තබ්ධ වූ දිව්‍යචක්‍ෂුස මාංසචක්‍ෂුස වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
Sinhala BJT12. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙව චක්ඛූනීති.
Sinhala BJTස. අනු: චක්‍ෂුසයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: ද්වෙ’ව චක්ඛූනී’ති.
Sinhala BJT13. ස. පු: චක්‍ෂුසයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු තීණි චක්ඛූනි වුත්තානි භගවතා: මංසචක්ඛුං දිබ්බචක්ඛුං පඤ්ඤාචක්ඛුන්ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මාංසචක්‍ෂුස, දිව්‍යචක්‍ෂුස, ප්‍රඥාචක්‍ෂුසැ’යි චක්‍ෂුස්හු තුන්දෙනෙක් වදාරන ලද්දාහු නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි තීණි චක්ඛූනි වුත්තානි භගවතා: මංසචක්ඛුං දිබ්බචක්ඛුං පඤ්ඤාචක්ඛුං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මාංසචක්‍ෂුස, දිව්‍යචක්‍ෂුස, ප්‍රඥාචක්‍ෂුසැ’යි චක්‍ෂූස්හු තුන්දෙනෙක් වදාරන ලද්දාහු නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘ද්වෙ’ව චක්ඛූනී’ති.
Sinhala BJTඅනු. පා: භවත, චක්‍ෂුස්හු දෙදෙනෙක් මැ යයි නො කියැයුතු යි.
Pali BJT14. ස. පු: ද්වෙ’ව චක්ඛූනී’ති.
Sinhala BJT14. ස. පු: චක්‍ෂුස්හු දෙදෙනෙක් මැ වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: තීණිමානි භික්ඛවෙ, චක්ඛූනි. කතමානි තීණි: මංසචක්ඛුං. දිබ්බචක්ඛුං පඤ්ඤාචක්ඛුන්ති. ඉමානි ඛො භික්ඛවෙ, තීණි චක්ඛූනී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, මේ චක්‍ෂුස්හු තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක යත්: මාංසචක්‍ෂුස, දිව්‍යචක්‍ෂුස, ප්‍රඥාචක්‍ෂුසැයි මහණෙනි, මොහු තුන් චක්‍ෂුස්හු වෙති” යි.
Pali BJT“මංසචක්ඛුං දිබ්බචක්ඛුං පඤ්ඤාචක්ඛුං අනුත්තරං, එතානි තීණි චක්ඛූනි අක්ඛාසි පුරිසුත්තමො, මංසචක්ඛුස්ස උප්පාදො මග්ගො දිබ්බස්ස චක්ඛුනො.
Sinhala BJT“මාංසචක්‍ෂුස, දිව්‍යචක්‍ෂුස, අනුත්තර වූ ප්‍රඥාචක්‍ෂුස යන මේ තුන් චක්‍ෂුසයන් පුරුෂෝත්තමයෝ වදාළහ. මාංසචක්‍ෂුස්හුගේ උත්පාදය දිව්‍යචක්‍ෂුසට මාර්‍ග වෙයි.
Pali BJTයදා ච ඤාණං උදාපාදි පඤ්ඤාචක්ඛුං අනුත්තරං, තස්ස චක්ඛුස්ස පටිලාභා සබ්බදුක්ඛා පමුච්චතී”ති.{a}
Sinhala BJTයම් කලෙකැ අනුත්තර ප්‍රඥාචක්‍ෂුස වූ ඥානය පහළ වී ද, ඒ චක්‍ෂුස්හුගේ ප්‍රතිලාභයෙන් හැම දුකින් මිදේ” යයි
Pali BJTඅත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං. ද්වෙ’ව චක්ඛූනී’ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘චක්‍ෂුස්හු දෙදෙනෙක් මැ’ යයි නො කියැයුතු යැ.
Pali BJTදිබ්බචක්ඛුකතා නිට්ඨිතා.
Sinhala BJTදිබ්බචක්ඛුකථා නිමි.
Pali BJT3. 8.
Sinhala BJT3. 8.
Pali BJTදිබ්බසොතකථා.
Sinhala BJTදිබ්බසොතකථා
Pali BJT1. ස. පු: මංසසොතං ධම්මූපත්ථද්ධං දිබ්බසොතං හොතීති.
Sinhala BJT1. ස. පු: ධ්‍යානධර්‍මයෙන් වහල ලද මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මංසසොතං දිබ්බසොතං, දිබ්බසොතං මංසසොතන්ති.
Sinhala BJTස. අනු: මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද, දිව්‍යශ්‍රෝත්‍රය මාංසශ්‍රෝත්‍ර වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: මංසසොතං ධම්මූපත්ථද්ධං දිබ්බසොතං හොතීති.
Sinhala BJT2. ස. පු: ධර්‍මොපස්තබ්ධ වූ මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යාදිසං මංසසොතං තාදිසං දිබ්බසොතං, යාදිසං දිබ්බසොතං තාදිසං මංසසොතන්ති.
Sinhala BJTස. අනු: යම්බඳු මාංසශ්‍රොත්‍රයෙක් වේ නම් එබඳු දිව්‍යශ්‍රෝත්‍රයෙක් ඇද්ද, යම්බඳු දිව්‍යශ්‍රෝත්‍රයෙක් වේ නම් එබඳු මාංසශ්‍රොත්‍රයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: මංසසොතං ධම්මූපත්ථද්ධං දිබ්බසොතං හොතීති.
Sinhala BJT3. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ වූ මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙව මංසසොතං තං දිබ්බසොතං, තං දිබ්බසොතං තං මංසසොතන්ති.
Sinhala BJTස. අනු: එ මාංසශ්‍රෝත්‍රය මැ ඒ දිව්‍යශ්‍රෝත්‍ර වේ ද, ඒ දිව්‍යශ්‍රෝත්‍රය ඒ මාංසශ්‍රෝත්‍ර වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: මංසසොතං ධම්මූපත්ථද්ධං දිබ්බසොතං හොතීති.
Sinhala BJT4. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යාදිසො මංසසොතස්ස විසයො, අනුභවො ගොචරො, තාදිසො දිබ්බස්ස සොතස්ස විසයො අනුභවො ගොචරොති.
Sinhala BJTස. අනු: මාංසශ්‍රෝත්‍රයාගේ යම්බඳු වූ විෂයයෙක් අනුභවයෙක් ගෝචරයෙක් ඇද්ද, දිව්‍යශ්‍රොත්‍රයාගේත් එබඳු විෂය අනුභව ගෝචර ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: මංසසොතං ධම්මූපත්ථද්ධං දිබ්බසොතං හොතීති.
Sinhala BJT5. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: උපාදින්නං හුත්වා අනුපාදින්නං හොතීති.
Sinhala BJTස. අනු: උපාදින්න වී අනුපාදින්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: උපාදින්නං හුත්වා අනුපාදින්නං හොතීති.
Sinhala BJT6. ස. පු: උපාදින්න වී අනුපාදින්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමාචරං හුත්වා රූපාවචරං හොතීති.
Sinhala BJTස. අනු: කාමාවාචර වී රූපාවචර වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: කාමාවචරං හුත්වා රූපාවචරං හොතීති.
Sinhala BJT7. ස. පු: කාමාවාචර වී රූපාවචර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපාවචරං හුත්වා අරූපාවචරං හොතීති.
Sinhala BJTස. අනු: රූපාවචර වී අරූපාවචර වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: රූපාවචරං හුත්වා අරූපාවචරං හොතීති.
Sinhala BJT8. ස. පු: රූපාවචර වී අරූපාවචර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරියාපන්නං හුත්වා අපරියාපන්නං හොතීති.
Sinhala BJTස. අනු: පර්‍ය්‍යාපන්න වී අපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මෙහි ද නිදාන දිබ්බචක්ඛුකථායෙහි වැන්න.]
Pali BJT9. ස. පු: මංසසොතං ධම්මූපත්ථද්ධං දිබ්බසොතං හොතීති.
Sinhala BJT9. ස. පු: දැහැන්දහමින් වහල් ලද මාංසශ්‍රෝත්‍රය දිවකන් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දිබ්බසොතං ධම්මූපත්ථද්ධං මංසසොතං හොතීති.
Sinhala BJTස. අනු: දැහැන්දහමින් වහල් ලද දිවකන මස්කන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: මංසසොතං ධම්මූපත්ථද්ධං දිබ්බසොතං හොතීති.
Sinhala BJT10. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ වූ මස්කන දිවකන් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: එකංයෙව සොතන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝත්‍රය එකෙක් මැ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: එකංයෙව සොතන්ති.
Sinhala BJT11. ස. පු: ශ්‍රෝත්‍රය එකෙක් මැ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු ද්වෙ සොතානි වුත්තානි භගවතා: මංසසොතං දිබ්බසොතන්ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “මස්කනැ, දිවකනැයි” කන්හු දෙදෙනෙක් වදාරන ලද්දාහු නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ද්වෙ සොතානි වුත්තානි භගවතා: මංසසොතං දිබ්බසොතං.
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මස්කනැ, දිවකනැ’යි කන්හු දෙදෙනෙක් වදාරන ලද්දාහු නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘එකඤ්ඤෙව සොත’න්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ශ්‍රෝත්‍රය එකෙක් මැ යැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJTදිබ්බසොතකථා නිට්ඨිතා.
Sinhala BJTදිබ්බසොතකථා නිමි.
Pali BJT3. 9.
Sinhala BJT3. 9.
Pali BJTයථාකම්මූපගතඤාණකථා.
Sinhala BJTයථාකම්මූපගතඤාණකථා
Pali BJT1. ස. පු. යථාකම්මූපගතං ඤාණං{1}. දිබ්බචක්ඛුන්ති.
Sinhala BJT1. ස. පු: යථාකර්‍මොපගත ඥානය දිව්‍යචක්‍ෂුස් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යථාකම්මූපගතඤ්ච මනසි කරොති, දිබ්බෙන චක්ඛුනා රූපං පස්සතීති.
Sinhala BJTස. අනු: යථාකර්මෝපගතයත් මෙනෙහි කෙරේ ද? දිව්‍යචක්‍ෂුසින් රූපයත් දක්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: යථාකම්මූපගතඤ්ච මනසි කරොති, දිබ්බෙන චක්ඛුනා රූපං පස්සතීති.
Sinhala BJT2. ස. පු: යථාකර්මෝපගතයත් මෙනෙහි කෙරේ ද? දිව්‍යචක්‍ෂුසින් රූපයත් දක්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං ද්වින්නං චිත්තානං සමොධානං හොතීති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ, චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: යථාකම්මූපගතං ඤාණං දිබ්බචක්ඛුන්ති.
Sinhala BJT3. ස. පු: යථාකර්‍මොපගත ඥානය දිව්‍ය චක්‍ෂුස් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ‘ඉමෙ වත භොන්තො සත්තා’ති ච මනසි කරොති, ‘කායදුච්චරිතෙන සමන්නාගතා’ති ච මනසි කරොති, ‘වචීදුච්චරිතෙන සමන්නාගතා’ති ච මනසි කරොති, ‘මනොදුච්චරිතෙන සමන්නාගතා’ති ච මනසි කරොති, ‘අරියානං උපවාදකා’ති මනසි කරොති, ‘මිච්ඡාදිට්ඨිකා’ති ච මනසි කරොති, ‘මිච්ඡාදිට්ඨිකම්මසමාදානා’ති ච මනසි කරොති, ‘තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා’ති ච මනසි කරොති, ‘ඉමෙ වා පන භොන්තො සත්තා’ති ච මනසි කරොති. ‘කායසුචරිතෙන සමන්නාගතා’ති ච මනසි කරොති, වචීසුචරිතෙන සමන්නාගතා’ති ච මනසි කරොති, ‘මනොසුචරිතෙන සමන්නාගතා’ති ච මනසි කරොති, ‘අරියානං අනුපවාදකා’ති ච මනසි කරොති, ‘සම්මාදිට්ඨිකා’ති ච මනසි කරොති, ‘සම්මාදිට්ඨිකම්මසමාදානා’ති ච මනසි කරොති, ‘තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පන්නා’ති ච මනසි කරොති, දිබ්බෙන චක්ඛුනා රූපං පස්සතීති.
Sinhala BJTස. අනු: ‘ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘වාග්දුශ්චරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘ආර්‍ය්‍යයනට උපවාද කරනුවහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘මිථ්‍යාදෘෂ්ටි ඇතියහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට පැමිණියාහ’යි ද මෙනෙහි කෙරෙයි, යළි ‘මේ භවත් සත්ත්‍වයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘කායසුචරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘වාක්සුචරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘මනස්සුචරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘ආර්‍ය්‍යයනට උපවාද නො කරනුවහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘සම්‍යග්දෘෂ්ටි ඇතියහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘ඔහු කාබුන් මරණින් මතුයෙහි සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයට වන්හ’යි ද මෙනෙහි කෙරෙයි, දිව්‍යචක්‍ෂුසින් රූප දක්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: {*}යථාකම්මූපගතං ඤාණං{1} දිබ්බචක්ඛුන්ති.
Sinhala BJT4. ස. පු: යථාකර්‍මොපගත ඥානය දිව්‍යචක්‍ෂුස් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ‘ඉමෙ වත භොන්තො සත්තා’ති ච මනසිකරොති -පෙ-{*} ‘තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති ච මනසි කරොති, දිබ්බෙන චක්ඛුනා රූපං පස්සතීති.
Sinhala BJTස. අනු: ‘ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයහ’යි ද මෙනෙහි කෙරෙයි …. ‘ඔහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට වන්හ’යි ද මෙනෙහි කෙරෙයි, දිවැසින් රූප දක්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං ද්වින්නං චිත්තානං සමොධානං හොතීති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: යථාකම්මූපගතං ඤාණං දිබ්බචක්ඛුන්ති.
Sinhala BJT5. ස. පු: යථාකර්‍මොපගත ඥානය දිව්‍යචක්‍ෂුස් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කොචි අදිබ්බචක්ඛුකො දිබ්බචක්ඛුං අප්පටිලද්ධො අනධිගතො අසච්ඡිකතො යථාකම්මූපගතං ජානාතීති.
Sinhala BJTස. අනු: දිව්‍යචක්‍ෂුස නැති දිව්‍යචක්‍ෂුස නො ලත් අධිගම නො කළ ප්‍රත්‍යක්‍ෂ නො කළ යථාකර්මෝපගතය දන්නා කිසිවෙක් ඇද්ද?