Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. යාදිසං තථාගතබලං තාදිසං සාවකබලං, යාදිසං සාවකබලං තාදිසං තථාගතබලන්ති.
Sinhala BJTස. අනු: තථාගතබල යම් බඳු වේ නම් ශ්‍රාවකබල එබඳු වේ ද, ශ්‍රාවකබල යම් බඳු වේ නම් තථාගතබල එබඳු වේ ද?
Pali BJTප පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJT4. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යාදිසො තථාගතස්ස පුබ්බයොගො පුබ්බචරියා, ධම්මක්ඛානං ධම්මදෙසනා, තාදිසො සාවකස්ස පුබ්බයොගො පුබ්බචරියා, ධම්මක්ඛානං ධම්මදෙසනාති.
Sinhala BJTස. අනු: තථාගතයන් වහන්සේගේ පූර්‍වයෝග සඞ්ඛ්‍යාත පූර්‍වචර්‍ය්‍යාව, ධර්‍මාඛ්‍යාන සඞ්ඛ්‍යාත ධර්‍මදේශනාව යම් බඳු වේ නම්, ශ්‍රාවකයාගේ පූර්‍වයෝග සඞ්ඛ්‍යාත පූර්‍වචර්‍ය්‍යාව, ධර්‍මාඛ්‍යාන සංඛ්‍යාත ධර්‍මදේශනාව එබඳු වේ ද?
Pali BJTප පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: තථාගතබලං සාවකසාධාරණන්ති
Sinhala BJT5. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස අනු: තථාගතො ජිනො සත්ථා සම්මාසම්බුද්ධො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී ධම්මස්සාමී{1} ධම්මපටිසරණොති.{2}
Sinhala BJTස. අනු: තථාගත තෙම ජින වේ ද, ශාස්තෘ වේ ද, සම්‍යක්සම්බුද්ධ වේ ද, සර්‍වදර්ශී වේ ද, ධර්‍මස්වාමී වේ ද, ධර්‍මප්‍රතිසරණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාවකො ජිනො සත්ථා සම්මාසම්බුද්ධො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී ධම්මස්සාමී ධම්මපටිසරණොති.{2}
Sinhala BJTස. අනු: ශ්‍රාවක තෙමේ ජින වේ ද, ශාස්තෘ වේ ද, සම්‍යක්සම්බුද්ධ වේ ද, සර්‍වඥ වේ ද, සර්‍වදර්ශී වේ ද, ධර්‍මස්වාමී වේ ද, ධර්‍මප්‍රතිසරණ වේ ද?
Pali BJTප පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT6. ස. පු: තථාගතබලං සාවකසාධාරණන්ති
Sinhala BJT6. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. තථාගතො අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා{3} අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා, මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදොති.
Sinhala BJTස. අනු: තථාගත තෙමේ අනුත්පන්නමාර්‍ගයාගේ උත්පාදයිතෘ වේ ද, අසඤ්ජාත මාර්‍ගයාගේ සඤ්ජනයිතෘ වේ ද, අනාඛ්‍යාතමාර්‍ගයාගේ ආඛ්‍යාතෘ වේ ද, මාර්‍ගඥ, මාර්‍ගවිත්, මාර්‍ගකෝවිද වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[අනුරුද්ධ සංයුක්තයෙහි එන “ඉමෙසඤ්ච පනාහං ආවුසො චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාමි” යනාදි සූත්‍ර ප්‍රදේශ නුනුවණින් ගෙන ‘ තථාගතබලය ශ්‍රාවක සාධාරණ යැ’ යි ලබ්ධි ගත් වාදී කෙනෙක් ඇත. අන්‍ධකනිකාය වාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට බලකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාවකො අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා, අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදොති.
Sinhala BJTස. අනු: ශ්‍රාවක තෙමේ අනුත්පන්නමාර්‍ගයාගේ උත්පාදයිතෘ වේ ද, අසඤ්ජාත මාර්‍ගයාගේ සඤ්ජනයිතෘ වේ ද, අනාඛ්‍යාත මාර්‍ගයාගේ ආඛ්‍යාතෘ වේ ද, මාර්‍ගඥ, මාර්‍ගවිත්, මාර්‍ගකෝවිද වේ ද?
Pali BJTප පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJT7. ස. පු: ඉන්‍ද්‍රියපරාවරතා (ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියන්ගේ වෘද්ධිහානි පිළිබඳ) යථාභූතඥාන සඞ්ඛ්‍යාත තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාවකො සබ්බඤ්ඤූ සබ්බදස්සාවීති.
Sinhala BJTස. අනු: ශ්‍රාවක තෙමේ සර්‍වඥ, සර්‍වදර්ශී වේ ද?
Pali BJTප පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ප. පු: සාවකො ඨානාඨානං ජානාතීති.
Sinhala BJT8. ප. පු: ශ්‍රාවක තෙමේ ස්ථානාස්ථාන (ඒ ඒ ධර්‍මයන්ට හේතුප්‍රත්‍යය වන නොවන කරුණු) දන්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සාවකො ඨානාඨානං ජානාති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ ස්ථානාස්ථාන දන්නේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ඨානාඨානං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණ’න්ති.
Sinhala BJTඅනු. පා: භවත, එ කරුණින් ‘ස්ථානාස්ථාන පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ යැ’යි කියැයුතු මැ යැ.
Pali BJT9. සාවකො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං ජානාතීති.
Sinhala BJT9. ප. පු: ශ්‍රාවක තෙමේ අතීතානාගතප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ ස්ථාන (ප්‍රත්‍යය) වශයෙන් හේතු වශයෙන් විපාක දන්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සාවකො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං ජානාති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ ස්ථාන විසින් හේතු විසින් විපාක දන්නේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එ කරුණින් ‘අතීතානාගතප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ ස්ථාන විසින් හේතු විසින් විපාක පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වෙයි’ යනු කියැයුතු මැ යැ.
Pali BJT10. ප. පු: සාවකො සබ්බත්ථගාමිනීපටිපදං{1} ජානාතී’ති
Sinhala BJT10. ප. පු: ශ්‍රාවක තෙමේ සර්‍වත්‍ර (සර්‍වගති) ගාමිනීප්‍රතිපත් දන්නේ වේ ද?
Pali BJTස. සටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනූ. ඨ: හඤ්චි සාවකො සබ්බත්ථගාමිනීපටිපදං ජානාති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ සර්‍වත්‍රගාමිනීප්‍රතිපත් දන්නේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: සබ්බත්ථගාමිනීපටිපදං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘සර්‍වත්‍රගාමිනීප්‍රතිපත් පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වෙයි’ යනු කියැයුතු මැ යැ.
Pali BJT11. ප. පු: සාවකො අනෙකධාතුං නානාධාතුං ලොකං ජානාතී’ති.
Sinhala BJT11. ප. පු: ශ්‍රාවක තෙමේ අනේකධාතු නානාධාතුලෝකය දන්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සාවකො අනෙකධාතුං නානාධාතුං ලොකං ජානාති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ අනේකධාතු නානාධාතු ලෝකය දන්නේ වේ නම්,
Pali BJTඅනු, පා: තෙන වත රෙ වත්තබ්බෙ: අනෙකධාතුං නානාධාතුං ලොකං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘අනේකධාතු නානාධාතු ලෝකය පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වෙයි’ යනු කියැයුතු මැ යැ.
Pali BJT12. ප. පු: සාවකො සත්තානං නානාධිමුත්තිකතං ජානාතී’ති
Sinhala BJT12. ප. පු: ශ්‍රාවක තෙමේ සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකතාව දන්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සාවකො සත්තානං නානාධිමුත්තිකතා ජානාති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකතාව දන්නේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘සත්ත්‍වයන්ගේ නානාධි මුක්තිකතා පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවක සාධාරණ වෙයි’ යනු කියැයුතු මැ යැ.
Pali BJT13. ප. පු: සාවකො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සඞ්කිලෙසං වොදානං වුට්ඨානං ජානාතී’ති.
Sinhala BJT13. ප. පු: ශ්‍රාවක තෙමේ ධ්‍යාන විමෝක්‍ෂ සමාධිසමාපත්ති පිළිබඳ සංක්ලේශ ව්‍යවදාන ව්‍යුත්‍ථාන දන්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සාවකො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සඞ්කිලෙසං වොදානං වුට්ඨානං ජානාති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ ධ්‍යාන විමෝක්‍ෂ සමාධිසමාපත්ති පිළිබඳ සංක්ලේශ ව්‍යවදාන ව්‍යුත්‍ථාන දන්නේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සඞ්කිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එ කරුණින් ‘ධ්‍යාන – විමෝක්‍ෂ – සමාධි – සමාපත්ති පිළිබඳ සංක්ලේශ ව්‍යවදාන ව්‍යුත්‍ථාන පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ යැ’ යනු කියැයුතු මැ වෙයි.
Pali BJT14. ප. පු: සාවකො පුබ්බෙනිවාසානුස්සතිං ජානාතී’ති
Sinhala BJT14. ප. පු: ශ්‍රාවක තෙමේ අතීතජන්මස්මරණය දන්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සාවකො පුබ්බෙනිවාසානුස්සතිං ජානාති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ පූර්වේනිවාසානුස්මෘතිය දන්නේ වේ නම්,
Pali BJTඅනු. ප: තෙන වත රෙ වත්තබ්බෙ: පුබ්බෙනිවාසානුස්සතිං{1} යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එ කරුණින් ‘අතීතජන්මස්මරණ පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ යැ’ යනු කියැයුතු මැ යැ.
Pali BJT15. ප. පු: සාවකො සත්තානං චුතූපපාතං ජානාතී’ති.
Sinhala BJT15. ප. පු: ශ්‍රාවක තෙමේ සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාත දන්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සාවකො සත්තානං චුතූපපාතං ජානාති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාත දන්නේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: සත්තානං චුතූපපාතං යාථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එ කරුණින් ‘සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාත පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ යැ’ යනු කියැයුතු මැ යැ.
Pali BJT16. ප. පු: නනු තථාගතස්සාපි ආසවා ඛීණා, සාවකස්සාපි ආසවා ඛීණා’ති.
Sinhala BJT16. ප. පු: තථාගතයන් වහන්සේගේ ආස්‍රවයෝ ක්‍ෂීණ වූවාහු නො ද, ශ්‍රාවකයාගේත් ආස්‍රවයෝ ක්‍ෂීණ වූවාහු නො ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: අත්ථි කිඤ්චි නානාකරණං{1} තථාගතස්ස වා සාවකස්ස වා ආසවක්ඛයෙන වා ආසවක්ඛයං, විමුත්තියා වා විමුත්තීති.
Sinhala BJTප. පු: තථාගතයන් වහන්සේගේ වේවයි ශ්‍රාවකයාගේ වේවයි ආස්‍රවක්‍ෂය සමග ආස්‍රවක්‍ෂය හෝ විමුක්තිය සමග විමුක්තිය හෝ කිසි වෙනසෙක් ඇද්ද?
Pali BJTස. වි: නත්ථි.
Sinhala BJTස. වි: නැත.
Pali BJTඅනු. ඨ: හඤ්චි නත්ථි කිඤ්චි නානාකරණං.{1} තථාගතස්ස වා සාවකස්ස වා ආසවක්ඛයෙන වා ආසවක්ඛයං, විමුත්තියා වා විමුත්ති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් තථාගතයන් වහන්සේගේ වේවයි ශ්‍රාවකයාගේ වේවයි ආස්‍රවක්‍ෂය සමග ආස්‍රවක්‍ෂය හෝ විමුක්තිය සමග විමුක්තිය හෝ කිසි වෙනසෙක් නැත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ යැ’ යනු කියැයුතු මැ යැ.
Pali BJT17. ප. පු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJT17. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු. ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJTප. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT18. ප. පු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJT18. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු. සත්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJTප. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT19. ප. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන්ති.
Sinhala BJT19. ප. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන්ති.
Sinhala BJTප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT20. ප. පු: සත්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන්ති.
Sinhala BJT20. ප. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන්ති.
Sinhala BJTප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT21. ප. පු: ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන්ති.
Sinhala BJT21. ප. පු: ඉන්‍ද්‍රියපරාවරතා පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන්ති.
Sinhala BJTප. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවක අසාධාරණ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
Pali BJT22. ප. පු: ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන්ති.
Sinhala BJT22. ප. පු: ඉන්‍ද්‍රියපරාවරතා පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවක අසාධාරණ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන්ති.
Sinhala BJTප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවක අසාධාරණ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT23. ප. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන්ති.
Sinhala BJT23. ප. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන්ති.
Sinhala BJTප. අනු: ඉන්‍ද්‍රියපරාවරතා පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගත බලය ශ්‍රාවක අසාධාරණ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT24. ප. පු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJT24. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJTප. අනු: ඉන්‍ද්‍රියපරාවරතා පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පු: එසේ නො කියැයුතු යැ …
Pali BJTබලකථා නිට්ඨිතා.
Sinhala BJTබලකථා නිමි.
Pali BJT3. 2.
Sinhala BJT3. 2.
Pali BJTඅරියන්තිකථා.
Sinhala BJTඅරියන්තිකථා
Pali BJT1. ස. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන්ති.
Sinhala BJT1. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගො ඵලං නිබ්බානං සොතාපත්තිමග්ගො සොතාපත්තිඵලං සකදාගාමිමග්ගො සකදාගාමිඵලං අනාගාමිමග්ගො අනාගාමිඵලං අරහත්තමග්ගො අරහත්තඵලං සතිපට්ඨානං සම්මප්පධානං ඉද්ධිපාදො ඉන්ද්රියං බලං බොජ්ඣඞ්ගොති.
Sinhala BJTස. අනු: මඟ යැ, ඵල යැ, නිවනැ, සෝවන්මඟ යැ, සෝවත්ඵල යැ, සෙදගැමිමඟ යැ, සෙදගැමිඵල යැ, අනගැමිමඟ යැ, අනගැමිඵල යැ, රහත්මඟ යැ, රහත්ඵල යැ, සීවටන, සම්‍යක්ප්‍රධාන යැ, ඍද්ධිපාද යැ, ඉන්‍ද්‍රිය යැ, බල යැ, බෝධ්‍යඞ්ග යැ යන මේ ආර්‍ය්‍ය වේ ද?