Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: මාතුඝාතකා{2} -පෙ- පිතුඝාතකා -පෙ- අරහන්තඝාතකා -පෙ- රුහිරුප්පාදකා -පෙ- සඞ්ඝභෙදකා බුද්ධස්ස භගවතො වොහාරං සුණන්ති. සඞ්ඝභෙදකා මග්ගං භාවෙන්තී’ති{3}.
Sinhala BJTස. අනු: මාතෘඝාතකයෝ ... පිතෘඝාතකයෝ ... අර්‍හත්ඝාතකයෝ ... රුධිරොත්පාදකයෝ ... සඞ්ඝභෙදකයෝ භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය අසත්. සඞ්ඝභෙදකයෝ මාර්‍ගය වඩත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT16. ප. පු: ලබ්භා සොවණ්ණමයාය ලට්ඨියා ධඤ්ඤපුඤ්ජො’පි සුවණ්ණපුඤ්ජො’පි ආචික්ඛිතුන්ති.
Sinhala BJT16. ප. පු: රුවන්මුවා යටින් ධාන්‍යපුඤ්ජයත් ස්වර්‍ණපුඤ්ජයත් දක්වා කියන්නට ලැබිය හේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: එවමෙවං භගවා ලොකුත්තරෙන වොහාරෙන ලොකියම්පි ලොකුත්තරම්පි ධම්මං වොහරතී’ති.
Sinhala BJTඅනු. පා: එ පරිදි මැ භාග්‍යවතුන් වහන්සේ ලෝකෝත්තර ව්‍යවහාරයෙන් ලෞකික වූත් ලෝකෝත්තර වූත් ධර්‍මය ව්‍යවහාර කෙරෙති.
Pali BJT17. ස. පු: ලබ්භා එළණ්ඩියාය ලට්ඨියා ධඤ්ඤපුඤ්ජො’පි සුවණ්ණපුඤ්ජා’පි අචික්ඛිතුන්ති.
Sinhala BJT17. ස. පු: එරඬු යටින් ධාන්‍යපුඤ්ජයත් ස්වර්‍ණපුඤ්ජයත් කියාදෙන්නට හැකි වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: එවමෙවං භගවා ලොකියෙන වොහාරෙන ලොකියම්පි ලොකුත්තරම්පි ධම්මං වොහරති’ති.
Sinhala BJTඅනු. පා: එ පරිදි මැ භාග්‍යවතුන් වහන්සේ ලෞකික ව්‍යවහාරයෙන් ලෞකික වූ ලෝකෝත්තර වූත් ධර්‍මය ව්‍යවහාර කෙරෙත්.
Pali BJT18. ස. පු: බුද්ධස්ස භගවතො වොහාරො ලොකියං වොහරන්තස්ස ලොකියා හොති, ලොකුත්තරං වොහරන්තස්ස ලොකුත්තරො හොතී’ති.
Sinhala BJT18. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකිකාර්‍ත්‍ථය ව්‍යවහාර කරනුවන්හට ලෞකික වේ ද? ලෝකෝත්තරාර්‍ත්‍ථය ව්‍යවහාර කරනුවන්හට ලෝකෝත්තර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකියං වොහරන්තස්ස ලොකියෙ සොතෙ පටිහඤ්ඤති, ලොකුත්තරං වොහරන්තස්ස ලොකුත්තරෙ සොතෙ පටිහඤ්ඤති, ලොකියං වොහරන්තස්ස ලොකියෙන විඤ්ඤාණෙන පටිවිජානන්ති, ලොකුත්තරං වොහරන්තස්ස ලොකුත්තරෙන විඤ්ඤාණෙන පටිවිජානන්ති, ලොකියං වොහරන්තස්ස පුථුජ්ජනා පටිවිජානන්ති, ලොකුත්තරං වොහරන්තස්ස සාවකා පටිවිජානන්තී’ති.
Sinhala BJTස. අනු: ලෞකිකාර්‍ත්‍ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාරය ලෞකිකශ්‍රෝතයෙහි ගැටේ ද, ලෝකෝත්තරාර්‍ත්‍ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර ශ්‍රෝතයෙහි ගැටේ ද, ලෞකිකාර්‍ත්‍ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාර ලෞකිකවිඥානයෙන් දනිත් ද, ලෝකෝත්තරාර්‍ත්‍ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තරවිඥානයෙන් දනිත් ද, ලෞකිකාර්‍ත්‍ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාරය පුහුදුන්හු දනිත් ද, ලෝකෝත්තරාර්‍ත්‍ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාරය ආර්‍ය්‍යශ්‍රාවකයෝ දනිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT19. ප. පු: න වත්තබ්බං බුද්ධස්ස භගවතො වොහාරො ලොකියං වොහරන්තස්ස ලොකියො හොති, ලොකුත්තරං වොහරන්තස්ස ලොකුත්තරො හොතී’ති.
Sinhala BJT19. ප. පු: ‘ලෞකිකාර්‍ත්‍ථය ව්‍යවහාර කරන භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික වෙයි, ලෝකෝත්තරාර්‍ත්‍ථය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’ යනු නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු භගවා ලොකියම්පි ලොකුත්තරම්පි ධම්මං වොහරතී’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූත් ලෝකෝත්තර වූත් ධර්‍මය දේසනා කරන්නාහු නො ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි භගවා ලොකියම්පි ලොකුත්තරම්පි ධම්මං වොහරති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූත් ලෝකෝත්තර වූත් ධර්‍මය ව්‍යවහාර කෙරෙත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: බුද්ධස්ස භගවතො වොහාරො ලොකියං වොහරන්තස්ස ලොකියො හොති, ලොකුත්තරං වොහරන්තස්ස ලොකුත්තරො හොතී’ති.
Sinhala BJTඅනු. පා: එ කරුණින් භවත, ‘ලෞකිකධර්‍මය ව්‍යවහාර කරන භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික වෙයි. ලෝකෝත්තරධර්‍මය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වෙයි.
Pali BJT20. ස. පු: බුද්ධස්ස භගවතො වොහාරො ලොකියං වොහරන්තස්ස ලොකියො හොති, ලොකුත්තරං වොහරන්තස්ස ලොකුත්තරො හොතී’ති.
Sinhala BJT20. ස. පු: ලෞකිකධර්‍මය ව්‍යවහාර කරන භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික වේ ද, ලෝකෝත්තරධර්‍මය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගං වොහරන්තස්ස මග්ගෙ හොති, අමග්ගං වොහරන්තස්ස අමග්ගො හොති, ඵලං වොහරන්තස්ස ඵලං හොති, අඵලං වොහරන්තස්ස අඵලං හොති, නිබ්බානං වොහරන්තස්ස නිබ්බානං හොති, අනිබ්බානං වොහරන්තස්ස අනිබ්බානං හොති, සඞ්ඛතං වොහරන්තස්ස සඞ්ඛතං හොති, අසඞ්ඛතං වොහරන්තස්ස අසඞ්ඛතං හොති, රූපං වොහරන්තස්ස රූපං හොති, අරූපං වොහරන්තස්ස අරූපං හොති, වෙදනං වොහරන්තස්ස වෙදනා හොති, අවෙදනං වොහරන්තස්ස අවෙදනා හොති, සඤ්ඤං වොහරන්තස්ස සඤ්ඤා හොති, අසඤ්ඤං වොහරන්තස්ස අසඤ්ඤා හොති, සඞ්ඛාරෙ වොහරන්තස්ස සඞ්ඛාරා හොන්ති, අසඞ්ඛාරෙ වොහරන්තස්ස අසඞ්ඛාරා හොන්ති, විඤ්ඤාණං වොහරන්තස්ස විඤ්ඤාණං හොති, අවිඤ්ඤාණං වොහරන්තස්ස අවිඤ්ඤාණං හොතීති.
Sinhala BJTස. අනු: මාර්‍ගය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය මාර්‍ග වේ ද, අමාර්‍ගය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අමාර්‍ග වේ ද, ඵලය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය ඵල වේ ද, අඵලය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අඵල වේ ද, නිර්‍වාණය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය නිර්‍වාණ වේ ද, අනිර්‍වාණය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අනිර්‍වාණ වේ ද, සංඛතය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය සංඛත වේ ද, අසංඛතය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අසංඛත වේ ද, රූපය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය රූප වේ ද, අරූපය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අරූප වේ ද, වේදනාව ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය වේදනා වේ ද, අවේදනාව ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අවේදනා වේ ද, සංඥාව ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය සංඥා වේ ද, අසංඥාව ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අසංඥා වේ ද, සංස්කාර ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය සංස්කාර වේ ද, අසංස්කාර ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අසංස්කාර වේ ද, විඥානය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය විඥාන වේ ද, අවිඥානය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අවිඥාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTවොහාරකථා නිට්ඨිතා.
Sinhala BJTවෝහාරකථා නිමි.
Pali BJT2. 11.
Sinhala BJT2. 11.
Pali BJTනිරොධකථා
Sinhala BJTනිරෝධකථා
Pali BJT1. ස. පු: ද්වෙ නිරොධා’ති.
Sinhala BJT1. ස. පු: නිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ දුක්ඛනිරොධාති.
Sinhala BJTස. අනු: දුඃඛනිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT2. ස. පු: ද්වෙ දුක්ඛනිරොධාති.
Sinhala BJT2. ස. පු: දුඃඛනිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (දෙඅයුරෙකින් දුඃඛනිරෝධ වන හෙයිනි.)
Pali BJTස. අනු: ද්වෙ නිරොධසච්චානීති.
Sinhala BJTස. අනු: නිරෝධසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT3. ස. පු: ද්වෙ නිරොධසච්චානීති.
Sinhala BJT3. ස. පු: නිරෝධසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ දුක්ඛසච්චානීති.
Sinhala BJTස. අනු: දුඃඛසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT4. ස. පු: ද්වෙ නිරොධසච්චානීති.
Sinhala BJT4. ස. පු: නිරෝධසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ සමුදයසච්චානීති.
Sinhala BJTස. අනු: සමුදයසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT5. ස. පු: ද්වෙ නිරොධසච්චානීති.
Sinhala BJT5. ස. පු: නිරෝධසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ මග්ගසච්චානීති.
Sinhala BJTස. අනු: මාර්‍ගසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT6. ස. පු: ද්වෙ නිරොධසච්චානීති.
Sinhala BJT6. ස. පු: නිරෝධසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ තාණානි -පෙ- ද්වෙ ලෙණානි -පෙ- ද්වෙ සරණානි -පෙ- ද්වෙ පරායනානි -පෙ- ද්වෙ අච්චුතානි -පෙ- ද්වෙ අමතානි -පෙ- ද්වෙ නිබ්බානානීති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් ඇද්ද ... නිලීයනස්ථානයෝ දෙදෙනෙක් ඇද්ද ... සරණයෝ දෙදෙනෙක් ඇද්ද ... පරායණයෝ දෙදෙනෙක් ඇද්ද ... අච්‍යුතයෝ දෙදෙනෙක් ඇද්ද ... අමෘතයෝ දෙදෙනෙක් ඇද්ද ... නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘අප්පටිසංඛානිරෝධය’ හා ‘පටිසංඛානිරොධය’ හා දෙක එක් කොට ගෙන ‘නිරෝධසත්‍යය නම් මේ’ යයි ගත් ලබ්ධියෙක් ඇත. මහිංසාසක අන්‍ධක නිකායවාසීන්ගේ සෙයිනි. ඒ වාද බිඳුනට නිරෝධකථා එයි.]
Pali BJT7. ස. පු: ද්වෙ නිබ්බානානී’ති.
Sinhala BJT7. ස. පු: නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී ද්වින්නං නිබ්බානානං උච්චනීචතා, හීනප්පණීතතා, උක්කංසාවකංසො, සීමා වා භෙදො වා, රාජී වා අන්තරිකා වාති.
Sinhala BJTස. අනු: නිර්‍වාණයන් දෙදෙනාගේ උච්චනීචතායෙක් හෝ හීනප්‍රණීතතායෙක් හෝ උත්කර්‍ෂාවකර්‍ෂයෙක් හෝ සීමායෙක් හෝ භෙදයෙක් හෝ රාජියෙක් හෝ අන්තරිකායෙක් හෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT8. ස. පු: ද්වෙ නිරොධාති.
Sinhala BJT8. ස. පු: නිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අප්පටිසඞ්ඛානිරුද්ධෙ සඞ්ඛාරෙ පටිසඞ්ඛා නිරොධෙන්තී’ති.
Sinhala BJTස. අනු: අප්‍රතිසංඛ්‍යානයෙන් නිරුද්ධ වූ (සමුදාචරණ නැති පමණින් නිරුද්ධ යයි ගන්නා) සංස්කාරයන් ප්‍රතිසංඛ්‍යාන සඞ්ඛ්‍යාත ලෝකෝත්තර ඥානයෙන් (ඒකාන්තයෙන්) නිරුද්ධ කෙරෙත් (අනුත්පත්තියට පමුණුවත්) නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අප්පටිසඞ්ඛානිරුද්ධෙ සඞ්ඛාරෙ පටිසඞ්ඛා නිරොධෙන්ති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අප්‍රතිසංඛ්‍යාන නිරුද්ධ සංස්කාරයන් ප්‍රතිසංඛ්‍යානයෙන් මැ නිරුද්ධ කෙරෙත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘ද්වෙ නිරොධා’ති.
Sinhala BJTඅනු. පා: භවත, නිරෝධයෝ දෙදෙනෙකැ යි නො කියැයුතු මැ යැ.
Pali BJT9. ප. පු: න වත්තබ්බං ද්වෙ නිරොධාති.
Sinhala BJT9. ප. පු: නිරෝධයෝ දෙදෙනෙකැයි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අප්පටිසඞ්ඛානිරුද්ධාපි සඞ්ඛාරා අච්චන්තභග්ගා, පටිසඞ්ඛානිරුද්ධාපි සඞ්ඛාරා අච්චන්තභග්ගාති.
Sinhala BJTප. අනු: අප්‍රතිසංඛ්‍යාන නිරුද්ධ වූත් සංස්කාරයෝ අත්‍යන්ත භග්න වූවාහු නො ද? ප්‍රතිසංඛ්‍යාන නිරුද්ධ වූත් සංස්කාරයෝ අත්‍යන්ත භග්න වූවාහු නො ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අප්පටිසඞ්ඛානිරුද්ධාපි සඞ්ඛාරා අච්චන්තභග්ගා, පටිසඞ්ඛානිරුද්ධාපි සඞ්ඛාරා අච්චන්තභග්ගා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අප්‍රතිසංඛ්‍යානනිරුද්ධ වූත් සංස්කාරයෝ අත්‍යන්තභග්න වෙත් නම්, ප්‍රතිසංඛ්‍යාන නිරුද්ධ වූත් සංස්කාරයෝ අත්‍යන්තභග්න වෙත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘ද්වෙ නිරොධා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එ කරුණින් ‘නිරෝධයෝ දෙදෙනෙකි’ යි කියැයුතු මැ යැ.
Pali BJT10. ස. පු: ද්වෙව නිරොධාති.
Sinhala BJT10. ස. පු: නිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පටිසඞ්ඛානිරුද්ධාපි සඞ්ඛාරා අරියමග්ගං ආගම්ම නිරුද්ධාති.
Sinhala BJTස. අනු: ප්‍රතිසංඛානනිරුද්ධ වූත් සංස්කාරයෝ අරීමඟට පැමිණ නිරුද්ධ වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අප්පටිසඞ්ඛානිරුද්ධාපි සඞ්ඛාරා අරියමග්ගං ආගම්ම නිරුද්ධාති.
Sinhala BJTස. අනු: අප්‍රතිසංඛානනිරුද්ධ සංස්කාරයෝ ආර්‍ය්‍යමාර්‍ගයට පැමිණ නිරුද්ධ වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT11. ස. පු: ද්වෙ නිරොධාති.
Sinhala BJT11. ස. පු: නිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පටිසඞ්ඛානිරුද්ධා සඞ්ඛාරා න පුන උප්පජ්ජන්තීති.
Sinhala BJTස. අනු: ප්‍රතිසංඛාන නිරුද්ධ සංස්කාරයෝ යළි නූපදනාහු වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අප්පටිසඞ්ඛානිරුද්ධා සඞ්ඛාරා න පුන උප්පජ්ජන්තීති.
Sinhala BJTස. අනු: අප්‍රතිසංඛානනිරුද්ධ සංස්කාරයෝ යළි නූපදනාහු වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං: ද්වෙ නිරොධාති.
Sinhala BJTඅනු. පා: එ කරුණින් ‘නිරෝධයෝ දෙදෙනෙකි’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTනිරොධකථා නිට්ඨිතා.
Sinhala BJTනිරෝධකථා නිමි.
Pali BJTදුතියො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTද්විතීයවර්‍ගය නිමි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑයට උද්දාන:
Pali BJTපරූපහාරො අඤ්ඤාණං කඞ්ඛා පරවිතරණා වචීභෙදො දුක්ඛාහාරො චිත්තට්ඨිති ච කුක්කුළා එකාභිසමයො චෙව වොහාරො ච නිරොධකොති.
Sinhala BJTපරූපහාරකථා යැ, අඤ්ඤාණකථා යැ, කඞ්ඛාකථා යැ, පරවිතරණකථා යැ, වචීභේදකථා යැ, දුක්ඛාහාරකථා යැ, චිත්තට්ඨිතිකථා යැ, කුක්කුළකථා යැ, ඒකාභිසමයකථා යැ, වෝහාරකථා යැ, නිරෝධකථා යැ යි එකදසකථායෙකි.
Pali BJTඅභිධම්මපිටකෙ
Sinhala BJTඅභිධර්‍මපිටකයෙහි
Pali BJTකථාවත්ථුප්පකරණං
Sinhala BJTකථාවස්තුප්‍රකරණය
Pali BJTදුතියො භාගො
Sinhala BJTද්විතීය භාගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJTතතියො වග්ගො
Sinhala BJTතෘතීය වර්‍ගය
Pali BJT3. 1.
Sinhala BJT3. 1.
Pali BJTබලකථා
Sinhala BJTබලකථා
Pali BJT1. ස. පු. තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJT1. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තථාගතබලං සාවකබලං, සාවකබලං තථාගත බලන්ති.
Sinhala BJTස. අනු: තථාගතබල ශ්‍රාවකබල වේ ද, ශ්‍රාවකබල තථාගතබල වේ ද?
Pali BJTප පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: තථාගතබලං සාවකසාධාරණන්ති.
Sinhala BJT2. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙව තථාගතබලං තං සාවකබලං, තඤ්ඤෙව සාවකබලං තං තථාගතබලන්ති.
Sinhala BJTස. අනු: ඒ තථාගතබලය මැ ඒ ශ්‍රාවකබල වේ ද, ඒ ශ්‍රාවක බලය මැ ඒ තථාගතබල වේ ද?
Pali BJTප පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: තථාගතබලං සාවකසාධාරණන්ති
Sinhala BJT3. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?