Pali BJT29. ප. පු: න වත්තබ්බං අනුපුබ්බාභිසමයො’ති.
Sinhala BJT29. ප. පු: අනුපූර්‍වාභිසමය (අභිසමය අනුපූර්‍ව යයි) නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “සෙය්යථාපි භික්ඛවෙ මහාසමුද්දො අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො න ආයතකෙනෙ’ව පපාතො, එවමෙව ඛො භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා න ආයතකෙනෙව අඤ්ඤාපටිවෙධො”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, යම්සේ මහාසමුද්‍රය අනුපූර්‍වනිමන වේ ද, අනුපූර්‍වප්‍රවණ වේ ද, අනුපූර්‍වප්‍රාග්භාර වේ ද, ආයතමාර්‍ගයෙන් (එකඑල්ලේ) මැ ප්‍රපාත නො වේ ද, මහණෙනි, එසේ මැ මේ ධර්‍මවිනයෙහි අනුපූර්‍වශික්‍ෂා අනුපූර්‍වක්‍රියා අනුපූර්‍වප්‍රතිපත් ඇත. ආයතමාර්‍ගයෙන් මැ අර්‍හත්ත්‍වප්‍රතිවේධ නො වෙතියි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි අනුපුබ්බාභිසමයො’ති
Sinhala BJTඅනු. පා: එකරුණින් අනුපූර්‍වාභිසමය ඇත.
Pali BJT30. ප. පු: න වත්තබ්බං අනුපුබ්බාභිසමයො’ති.
Sinhala BJT30. ප. පු: අනුපූර්‍වාභිසමය නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
Pali BJT“අනුපුබ්බෙන මෙධාවී ථොකථොකං ඛණෙ ඛණෙ කම්මාරො රජතස්සෙ’ව නිද්ධමෙ මලමත්තනො”ති{a}
Sinhala BJT“කඹුරා ස්වර්‍ණයාගේ මල හරනාක් සෙයින් ප්‍රශස්තබුද්ධි ඇති ශ්‍රාවක පිළිවෙළින් කෙණෙහි කෙණෙහි මඳ මඳ කොට තමාගේ කෙලෙස්මල නඟාපියන්නේය” යි
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි අනුපුබ්බාභිසමයො’ති.{1}
Sinhala BJTඅනු. පා: එකරුණින් අනුපූර්‍වාභිසමය ඇත.
Pali BJT31. ස. පු: අනුපුබ්බාභිසමයො’ති.
Sinhala BJT31. ස. පු: අනුපූර්‍වාභිසමය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නන්වායස්මා ගවම්පතී ථෙරො භික්ඛූ එතදවොච: “සම්මුඛා මෙතං ආවුසො භගවතො සුතං, සම්මුඛා පටිග්ගහීතං: යො භික්ඛවෙ දුක්ඛං පස්සති දුක්ඛසමුදයම්පි සො පස්සති දුක්ඛනිරොධම්පි පස්සති දුක්ඛනිරොධගාමිනිං පටිපදම්පි පස්සති. යො දුක්ඛසමුදයං පස්සති දුක්ඛම්පි සො පස්සති දුක්ඛනිරොධම්පි පස්සති දුක්ඛනිරොධගාමිනිං පටිපදම්පි පස්සති. යො දුක්ඛනිරොධං පස්සති දුක්ඛම්පි සො පස්සති දුක්ඛසමුදයම්පි පස්සති දුක්ඛනිරොධගාමිනිං පටිපදම්පි පස්සති. යො දුක්ඛනිරොධගාමිනිං පටිපදං පස්සති දුක්ඛම්පි සො පස්සති දුක්ඛසමුදයම්පි පස්සති දුක්ඛනිරොධම්පි පස්සතී”ති{b} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: ආයුෂ්‍මත් ගවම්‍පති තෙරණුවෝ භික්‍ෂූන්ට තෙල කීවාහු නො වේ ද: “ඇවැත්නි, බුදුන් හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: මහණෙනි, යම් සව්වෙක් දුක් දක්නේ වේ නම්, හේ දුඃඛසමුදයත් දක්නේ යැ, දුඃඛනිරෝධයත් දක්නේ යැ, දුඃඛනිරොධගාමිනීප්‍රතිපත්ති දු දක්නේ යැ. යම් සව්වෙක් දුඃඛසමුදය දක්නේ වේ නම්, හේ දුඃඛයත් දක්නේ යැ, දුඃඛනිරෝධයත් දක්නේ යැ, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්ති දු දක්නේ යැ. යම් සව්වෙක් දුඃඛනිරෝධය දක්නේ වේ නම්, හේ දුඃඛය ද දක්නේ යැ, දුඃඛසමුදය ද දක්නේ යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් ද දක්නේ යැ. යම් සව්වෙක් දුඃඛනිරොධගාමිනීප්‍රතිපත්ති දක්නේ වේ නම්, හේ දුඃඛය ද දක්නේ යැ, දුඃඛසමුදය ද දක්නේ යැ, දුඃඛනිරෝධය ද දක්නේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං “අනුපුබ්බාභිසමයො”ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් අනුපූර්‍වාභිසමය නො කියැයුතු යැ.
Pali BJT32. ස. පු: අනුපුබ්බාභිසමයො’ති.
Sinhala BJT32. ස. පු: අනුපූර්‍වාභිසමය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
Pali BJT“සහාවස්සදස්සනසම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති: සක්කායදිට්ඨිවිචිකිච්ඡිතඤ්ච සීලබ්බතං වා’පි යදත්ථි කිඤ්චි, චතූහපායෙහි ච විප්පමුත්තො ඡ චාභිඨානානි අභබ්බො කාතුන්ති.{a}
Sinhala BJT“උහුට දර්‍ශනසම්පත් උදා වන්නා හා මැ ධර්‍මයෝ තුන් දෙනෙක් හරන ලද වෙත්: සත්කායදෘෂ්‍ටි යැ විචිකිත්‍සා යැ, යම් ශීලව්‍රතයෙක් හෝ ඇද්ද, එ ද වෙයි. සිව් අවායෙන් විප්‍රමුක්ත ද වූයේ ෂට්අභිස්ථාන කරන්නට ද හේ නො නිසි වේ ය” යි
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං ‘අනුපුබ්බාභිසමයො’ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් අනුපූර්‍වාභිසමය නො කියැයුතු යැ.
Pali BJT33. ස. පු: අනුපුබ්බාභිසමයො’ති.
Sinhala BJT33. ස. පු: අනුපූර්‍වාභිසමය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “යස්මිං භික්ඛවෙ සමයෙ අරියසාවකස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති’. සහදස්සනුප්පාදා භික්ඛවෙ අරියසාවකස්ස තීණි සඤ්ඤොජනානි පහීයන්ති: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො”ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයකු හට පහ කළ ක්ලේශරජස් ඇති පහවැ ගිය ක්ලේශමල ඇති ධර්‍මචක්‍ෂුස උදා දින් ද, කෙසේ යැ යත්: ‘යම්කිසි සමුදය ස්වභාවයෙක් ඇත් නම් එ හැම නිරෝධස්වභාව ඇති’ යි කියා යි. මහණෙනි, ඒ දර්‍ශනෝත්පාද උදාපත් වන්නා හා මැ ආර්‍ය්‍යශ්‍රාවකයාහට ත්‍රිවිධ සංයෝජනයෝ ප්‍රහීණ වැ යෙති: සක්කායදෘෂ්ටි යැ විචිකිත්‍සා යැ ශීලව්‍රතපරාමර්‍ශ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං “අනුපුබ්බාභිසමයො”ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘අනුපූර්‍වාභිසමය ඇති’ යි නො කියැයුතු යි.
Pali BJTඅනුපුබ්බාභිසමයකථා නිට්ඨිතා.
Sinhala BJTඅනුපූර්‍වාභිසමයකථා නිමි.
Pali BJT2. 10.
Sinhala BJT2. 10.
Pali BJTවොහාරකථා
Sinhala BJTවෝහාරකථා
Pali BJT1. ස. පු: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
Sinhala BJT1. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකුත්තරෙ සොතෙ පටිහඤ්ඤති නො ලොකියො, ලොකුත්තරෙන විඤ්ඤාණෙන පටිවිජානන්ති නො ලොකියෙන, සාවකා පටිවිජානන්ති නො පුථුජ්ජනා’ති.
Sinhala BJTස. අනු: ලෝකෝත්තර ශ්‍රෝත්‍රයෙහි ව්‍යවහාරය ගැටේ ද, ලෞකික ශ්‍රෝත්‍රයෙහි නො ගැටේ ද, ලෝකෝත්තර විඥානයෙන් ව්‍යවහාරය දනිත් ද, ලෞකික විඥානයෙන් නො දනිත් ද, ආර්‍ය්‍යශ්‍රාවකයෝ ව්‍යවහාරය දනිත් ද, පුහුදුන්හු නො දනිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT2. ස. පු: නනු බුද්ධස්ස භගවතො වොහාරො ලොකියෙ සොතෙ පටිහඤ්ඤතී’ති.
Sinhala BJT2. ස. පු: භාග්‍යවත් බුදුරදුන් ගේ ව්‍යවහාරය ලෞකික ශ්‍රෝත්‍රයෙහි ගැටෙන්නේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි බුද්ධස්ස භගවතො වොහාරෙ ලොකියෙ සොතෙ පටිහඤ්ඤති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකිකශ්‍රෝතයෙහි ගැටේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු යැ.
Pali BJT3. ස. පු: නනු බුද්ධස්ස භගවතො වොහාරං ලොකියෙන විඤ්ඤාණෙන පටිවිජානන්තී’ති.
Sinhala BJT3. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික විඥානයෙන් දනිත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි බුද්ධස්ස භගවතො වොහාරං ලොකියෙන විඤ්ඤාණෙන පටිවිජානන්ති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික විඥානයෙන් දනිත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
Pali BJT4. ස. පු: නනු බුද්ධස්ස භගවතො වොහාරං පුථුජ්ජනා පටිවිජානන්තී’ති.
Sinhala BJT4. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය පුහුදුන්හු දන්නාහු නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි බුද්ධස්ස භගවතො වොහාරං පුථුජ්ජනා පටිවිජානන්ති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය පුහුදුන්හු දනිත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: ‘බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
Sinhala BJT5. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගෙ ඵලං නිබ්බානං සොතාපත්තිමග්ගො සොතාපත්තිඵලං සකදාගාමිමග්ගො සකදාගාමිඵලං අනාගාමිමග්ගො අනාගාමිඵලං අරහත්තමග්ගො අරහත්තඵලං සතිපට්ඨානං සම්මප්පධානං ඉද්ධිපාදො ඉන්ද්රියං බලං බොජ්ඣඞ්ගො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ග යැ ඵල යැ නිර්‍වාණ යැ ශ්‍රෝතාපත්තිමාර්‍ග යැ ශ්‍රෝතාපත්තිඵල යැ සකෘදාගාමීමාර්‍ග යැ සකෘදාගාමිඵල යැ අනාගාමීමාර්‍ග යැ අනාගාමීඵල යැ අර්‍හත්ත්‍වමාර්‍ග යැ අර්‍හත්ත්‍වඵල යැ සීවටනැ සම්‍යක්ප්‍රධාන යැ ඍද්ධිපාදයෝ යැ ඉන්‍ද්‍රිය යැ බල යැ බෝධ්‍යඞ්ගයෝ යැ යනු ව්‍යවහාර වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT6. ස. පු: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
Sinhala BJT6. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කෙචි බුද්ධස්ස භගවතො වොහාරං සුණන්තී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාර අසන යම් මැ කෙනෙක් ඇද්ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[භාග්‍යවතුන් වහන්සේ ලෝකෝත්තර ව්‍යවහාරයෙන් ව්‍යවහාර කෙරෙති’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත් වාදීන්ගේ වාද බිඳුනට වෝහාරකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකුත්තරො ධම්මො සොතවිඤ්ඤෙය්යො සොතස්මිං පටිහඤ්ඤති, සොතස්ස ආපාථං ආගච්ඡතී’ති.
Sinhala BJTස. අනු: ලෝකෝත්තරධර්‍මය ශ්‍රෝතවිඥේය වේ ද, ශ්‍රෝතයෙහි ගැටේ ද, ශ්‍රෝතයට අපාථගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.. ...
Pali BJT7. ස. පු: නනු ලොකුත්තරො ධම්මෙ න සොතවිඤ්ඤෙය්යො න සොතස්මිං පටිහඤ්ඤති, න සොතස්ස ආපාථං ආගච්ඡතී’ති.
Sinhala BJT7. ස. පු: ලෝකෝත්තරධර්‍මය ශ්‍රෝතවිඥේය නො වන්නේ මැ වේ ද, ශ්‍රෝතයෙහි නො ගැටෙන්නේ නො වේ ද, ශ්‍රෝතයට අපාථ වැ නො එන්නේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ලොකුත්තරො ධම්මො න සොතවිඤ්ඤෙය්යො න සොතස්මිං පටිහඤ්ඤති න සොතස්ස ආපාථං ආගච්ඡති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ලෝකෝත්තරධර්‍මය ශ්‍රෝතවිඥේය නො වේ නම්, ශ්‍රෝතයෙහි නො ගැටේ නම්, ශ්‍රෝතයට අපාථ වැ නො පැමිණේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරොති.
Sinhala BJTඅනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
Pali BJT8. ස. පු: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
Sinhala BJT8. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කෙචි බුද්ධස්ස භගවතො වොහාරෙ රජ්ජෙය්යුන්ති.
Sinhala BJTස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරයෙහි ඇලෙන යම් මැ කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකුත්තරො ධම්මො රාගට්ඨානියො රජනීයො කමනීයො මදනීයො බන්ධනීයො මුච්ඡනීයො’ති.
Sinhala BJTස. අනු: ලෝකෝත්තරධර්‍මය රාගස්ථානයට යෝග්‍ය වේ ද, රජනයට යෝග්‍ය වේ ද, කමනයට හිත වේ ද, මදනයට හිත වේ ද, බන්‍ධනයට හිත වේ ද, මූචර්‍ඡනයට හිත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT9. ස. පු: නනු ලොකුත්තරො ධම්මො න රාගට්ඨානියො න රජනීයො න කමනීයො න මදනීයො න බන්ධනීයො න මුච්ඡනීයො’ති.
Sinhala BJT9. ස. පු: ලෝකෝත්තරධර්‍මය රාගස්ථානයට හිත නො වන්නේ රජනයට හිත නො වන්නේ කමනයට හිත නො වන්නේ මදනයට හිත නො වන්නේ බන්‍ධනයට හිත නො වන්නේ මූචර්‍ඡනයට හිත නො වන්නේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ලොකුත්තරො ධම්මො න රාගට්ඨානියො න රජනීයො න කමනීයො න මදනීයො න බන්ධනීයො න මුච්ඡනීයො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ලෝකෝත්තරධර්‍මය රාගස්ථානයට හිත නො වේ නම්, රජනයට හිත නො වේ නම්, කමනයට හිත නො වේ නම්, මදනයට හිත නො වේ නම්, බන්‍ධනයට හිත නො වේ නම්, මූචර්‍ඡනයට හිත නො වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
Pali BJT10. ස. පු: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
Sinhala BJT10. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කෙචි බුද්ධස්ස භගවතො වොහාරෙ දුස්සෙය්යුන්ති.
Sinhala BJTස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරයෙහි අප්‍රීති-ද්වේෂ කරන යම් මැ කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකුත්තරො ධම්මො දොසට්ඨානීයො කොපට්ඨානීයො පටිඝට්ඨානීයො’ති.
Sinhala BJTස. අනු: ලෝකෝත්තරධර්‍මය ද්වේෂ කරනුවට නිසි වේ ද, කෝප කරනුවට නිසි වේ ද, ප්‍රතිඝ කරනුවට නිසි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT11. ස. පු: නනු ලොකුත්තරො ධම්මෙ න දොසට්ඨානීයො න කොපට්ඨානීයො න පටිඝට්ඨානීයො’ති.
Sinhala BJT11. ස. පු: ලෝකෝත්තරධර්‍මය ද්වේෂ කරනුවට නිසි නො වන්නේ කෝප කරනුවට නිසි නො වන්නේ ප්‍රතිඝ කරනුවට නිසි නො වන්නේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ලොකුත්තරො ධම්මො න දොසට්ඨානීයො න කොපට්ඨානීයො න පටිඝට්ඨානීයො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ලෝකෝත්තරධර්‍මය ද්වේෂ කරනුවට නිසි නො වේ නම්, කෝප කරනුවට නිසි නො වේ නම්, ප්‍රතිඝ කරනුවට නිසි නො වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු යැ.
Pali BJT12. ස. පු: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
Sinhala BJT12. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කෙචි බුද්ධස්ස භගවතො වොහාරෙ මුය්හෙය්යුන්ති.
Sinhala BJTස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරයෙහි මුළා වන යම් මැ කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකුත්තරො ධම්මො මොහට්ඨානියො අඤ්ඤාණකරණො අචක්ඛුකරණො පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකො’ති.
Sinhala BJTස. අනු: ලෝකෝත්තරධර්‍මය මෝහයට හිත වේ ද, නුනුවණ කරනු වේ ද, අචක්‍ෂුස කරනු වේ ද, ප්‍රඥා නිරෝධ ඇති කරනු වේ ද, විඝාතපක්‍ෂයෙහි වූයේ වේ ද, නිවන් පිණිස නො පැවැතුම් ඇති වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT13. ස. පු: නනු ලොකුත්තරො ධම්මො න මොහට්ඨානියො න අඤ්ඤාණකරණො න අචක්ඛුකරණො පඤ්ඤාවුද්ධිකො{1} අවිඝාතපක්ඛිකො නිබ්බානසංවත්තනිකො’ති.
Sinhala BJT13. ස. පු: ලෝකෝත්තරධර්‍මය මෝහයට යෝග්‍ය නො වන්නේ නුනුවණ කරනු නො වන්නේ අචක්‍ෂුස කරනු නො වන්නේ ප්‍රඥාවෘද්ධික වන්නේ විඝාතපක්‍ෂ ඇති නොවන්නේ නිවන් පිණිස පවත්නේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ලොකුත්තරො ධම්මො න මොහට්ඨානියො න අඤ්ඤාණකරණො න අචක්ඛුකරණො පඤ්ඤාවුද්ධිකො{1} අවිඝාතපක්ඛිකො නිබ්බානසංවත්තනිකො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ලෝකෝත්තරධර්‍මය මෝහයට නිසි නො වේ නම්, නුනුවණ කරනු නො වේ නම්, අචක්‍ෂුස කරනු නො වේ නම්, ප්‍රඥාවෘද්ධික වේ නම්, විඝාතපක්‍ෂ ඇති නො වේ නම්, නිවන් පිණිස පවත්නේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
Pali BJT14. ස. පු: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
Sinhala BJT14. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යෙ කෙචි බුද්ධස්ස භගවතො වොහාරං සුණන්ති, සබ්බෙ තෙ මග්ගං භාවෙන්තී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරයෙහි අසන යම් මැ කෙනෙක් ඇද්ද, එ හැම මාර්‍ගය වඩත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT15. ස. පු: යෙ කෙචි බුද්ධස්ස භගවතො වොහාරං සුණන්ති, සබ්බෙ තෙ මග්ගං භාවෙන්තී’ති
Sinhala BJT15. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය අසන යම් මැ කෙනෙක් ඇද්ද, ඒ හැම මාර්‍ගය වඩත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: බාලපුථුජ්ජනා බුද්ධස්ස භගවතො වොහාරං සුණන්ති, බාලපුථුජ්ජනා මග්ගං භාවෙන්තී’ති.
Sinhala BJTස. අනු: බල් පුහුදුන්හු භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය අසත් ද, බල් පුහුදුන්හු මාර්‍ගය වඩත් ද?