Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථී සුඛා වෙදනා: කායිකං සුඛං චෙතසිකං සුඛං දිබ්බං සුඛං මානුසකං සුඛං ලාභසුඛං{2} සක්කාරසුඛං යානසුඛං සයනසුඛං ඉස්සරියසුඛං ආධිපච්චසුඛං{3} ගිහීසුඛං සාමඤ්ඤසුඛං සාසවං සුඛං අනාසවං සුඛං උපධිසුඛං නිරුපධිසුඛං සාමිසං සුඛං නිරාමිසං සුඛං සප්පීතිකං සුඛං නිප්පීතිකං සුඛං ඣානසුඛං විමුත්තිසුඛං කාමසුඛං නෙක්ඛම්මසුඛං පවිවෙකසුඛං{4} උපසමසුඛං සම්බොධසුඛන්ති.{5}
Sinhala BJTස. අනු: සුඛවේදනා ඇත්තේ මැ නු: කායිකසුඛ යැ චෛතසිකසුඛ යැ දිව්‍යසුඛ යැ මානුෂසුඛ යැ ලාභසුඛ යැ සත්කාරසුඛ යැ යානසුඛ යැ ශයනසුඛ යැ ඓශ්චර්‍ය්‍යසුඛ යැ ආධිපත්‍යසුඛ යැ ගෘහීසුඛ යැ ශ්‍රාමණ්‍යසුඛ යැ සාස්‍රවසුඛ යැ අනාස්‍රවසුඛ යැ උපධිසුඛ යැ නිරුපධිසුඛ යැ සාමිෂසුඛ යැ නිරාමිෂසුඛ යැ සප්‍රීතිකසුඛ යැ නිෂ්ප්‍රීතිකසුඛ යැ ධ්‍යානසුඛ යැ විමුක්තිසුඛ යැ කාමසුඛ යැ නෛෂ්ක්‍රම්‍යසුඛ යැ ප්‍රවිවේකසුඛ යැ උපශමසුඛ යැ සම්බෝධසුඛ යැ කියා යි.
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී සුඛා වෙදනා කායිකං සුඛං -පෙ- සම්බොධසුඛං,{5}
Sinhala BJTඅනු. ඨ: ඉදින් කායිකසුඛ යැ ... සම්බෝධසුඛ යැ’යි සුඛවේදනා ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ සබ්බෙ සඞ්ඛාරා අනොධිං කත්වා කුක්කුළාති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් සර්‍වසංස්කාරයෝ අවධි නො කොට උෂ්ණභෂ්මසදෘශයහයි නො කියැයුතු.
Pali BJT2. ස. පු: සබ්බෙ සංඛාරා අනොධිං කත්වා{1} කුක්කුළාති.
Sinhala BJT2. ස. පු: සර්‍වසංස්කාරයෝ අනවධි කොට උෂ්ණභෂ්මසදෘශ වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා වෙදනා කායිකං දුක්ඛං චෙතසිකං දුක්ඛං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති.
Sinhala BJTස. අනු: ‘කායිකදුඃඛ යැ චෛතසිකදුඃඛ යැ ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයහ’යි මෙසේ සර්‍වසංස්කාරයෝ දුඃඛවේදනා සහගත වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT3. ස. පු: න වත්තබ්බං සබ්බෙ සඞ්ඛාරා අනොධිං කත්වා කුක්කුළාති.
Sinhala BJT3. ස. පු: ‘සර්‍වසංස්කාරයෝ අවධි නො කොට කුක්කුල සදෘශයහ’යි නො කියැයුතු ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “සබ්බං භික්ඛවෙ ආදිත්තං. කිඤ්ච භික්ඛවෙ, සබ්බං ආදිත්තං: චක්ඛුං භික්ඛවෙ ආදිත්තං, රූපා ආදිත්තා, චක්ඛුවිඤ්ඤාණං ආදිත්තං, චක්ඛුසම්ඵස්සො ආදිත්තො, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ආදිත්තං. කෙන ආදිත්තං: රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා ආදිත්තං: ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්තන්ති වදාමි. සොතං ආදිත්තං, සද්දා ආදිත්තා -පෙ- ඝානං ආදිත්තං, ගන්ධා ආදිත්තා -පෙ- ජිව්හා ආදිත්තා. රසා ආදිත්තා -පෙ- කායො ආදිත්තො, ඵොට්ඨබ්බා ආදිත්තා -පෙ- මනො ආදිත්තො, ධම්මා ආදිත්තා -පෙ- මනො විඤ්ඤාණං ආදිත්තං, මනොසම්ඵස්සො ආදිත්තො, යම්පිදං{1} මනොසම්ඵස්සප්පච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ආදිත්තං. කෙන ආදිත්තං: රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා ආදිත්තං, ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්තන්ති වදාමී”{a} ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: “මහණෙනි, හැම ආදීප්ත යැ. මහණෙනි, කිනම් හැම ආදීප්ත ද? මහණෙනි, චක්‍ෂුස ආදීප්ත යැ. රූපයෝ ආදීප්තයහ. චක්‍ෂුර්විඥානය ආදීප්ත යැ. චක්‍ෂුඃසංස්පර්‍ශය ආදීප්ත යැ චක්‍ෂුඃසංස්පර්‍ශ හේතුයෙන් සුඛ වේවයි දුඃඛ වේවයි අදුඃඛාසුඛ වේවයි යම් මැ වේදයිතයෙක් උපදනේ වේ ද, එ ද ආදීප්ත යැ. කුමකින් ආදීප්ත වේ ද? රාගාග්නියෙන් ද්වේෂාග්නියෙන් මොහාග්නියෙන් ආදීප්ත යැ. ජාති ජරා මරණ ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෙන් ආදීප්ත යැ යි කියමි. ශ්‍රෝතය ආදීප්ත යැ ශබ්දයෝ ආදීප්තයහ ... ඝ්‍රාණය ආදීප්ත යැ ගන්‍ධයෝ ආදීප්තයහ ... ජිහ්වා ආදීප්ත යැ රසයෝ ආදීප්තයහ ... කාය ආදීප්ත යැ ස්පර්‍ශයෝ ආදීප්තයහ ... මනස ආදීප්ත යැ ධර්‍මයෝ ආදීප්තයහ ... මනෝවිඥාන ආදීප්ත යැ මනඃසංස්පර්‍ශ හේතුයෙන් සුඛ වේවයි දුඃඛ වේවයි අදුඃඛාසුඛ වේවයි යම් මැ වේදයිතයෙක් උපදනේ වේ ද, එ ද ආදීප්ත යි. කුමකින් ආදීප්ත වේ ද, රාගාග්නියෙන් ද්වේෂාග්නියෙන් මොහාග්නියෙන් ආදීප්ත යැ. ජාති ජරා මරණ ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෙන් ආදීප්ත යැ යි කියමි” භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි ‘සබ්බෙ සඞ්ඛාරා අනොධිං කත්වා කුක්කුළා’ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘සර්‍වසංස්කාරයෝ අනවධි කොට හුණුබහස්ම වැනියහ’ යි කියමි.
Pali BJT4. ස. පු: සබ්බෙ සඞ්ඛාරා අනොධිං කත්වා කුක්කුළා’ති.
Sinhala BJT4. ස. පු: සර්‍වසංස්කාරයෝ අනවධි කොට උෂ්ණභස්ම සදෘශ වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “පඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛු විඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොත විඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්චකාමගුණා”ති{b} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො: “මහණෙනි, කාමගුණයෝ මොහු පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ චක්‍ෂුර්විඥේය රූපයෝ යැ, ශ්‍රෝතවිඥේය ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ යැ ... ජිහ්වාවිඥේය රසයෝ යැ ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ කායවිඥේය ස්පර්‍ශයෝ යි. මහණෙනි, මුහු පඤ්චකාමගුණයහ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං: සබ්බෙ සඞ්ඛාරා අනොධිං කත්වා කුක්කුළාති.
Sinhala BJTඅනු. පා: එ කරුණින් “සර්‍වසංස්කාරයෝ අවධි රහිත කොට උෂ්ණභස්ම සදෘශයහ යි නො කියැයුතු යැ.
Pali BJT5. ප. පු: න වත්තබ්බං: සබ්බෙ සඞ්ඛාරා අනොධිං කත්වා කුක්කුළාති.
Sinhala BJT5. ප. පු: ‘සර්‍වසංස්කාරයෝ මර්‍ය්‍යාදා රහිත කොට හුණුහළු වැනියහ’යි නො කියැයුතු ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“සබ්බං භික්ඛවේ ආදිත්තං, සබ්බේ සඞ්ඛාරා දුක්ඛා”යි - මහණෙනි, හැම ආදීප්ත යැ, සර්‍ව සංස්කාරයෝ දුඃඛයහයි වදාළ මේ ආදි සූත්‍රයන් නුනුවණින් ගෙන නිෂ්පර්‍ය්‍යායවශයෙන් “සර්‍වසංස්කාරයෝ සාළඟුරුමුසු හුණුඅළු වැනියහ”යි ලබ්ධි ගත් වාදීහු ඇත. ගොකුලිකයන් සෙයිනි. උන්ගේ වාද විවෙචන කරන්නට කුක්කුළ කථා එයි.]
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “ලාභා වො භික්ඛවෙ සුලද්ධං වො භික්ඛවෙ, ඛණො වො පටිලද්ධො{1} බ්රහ්මචරියවාසාය. දිට්ඨා මයා භික්ඛවෙ ඡ ඵස්සායතනිකා නාම නිරයා. තත්ථ යං කිඤ්චි චක්ඛුනා රූපං පස්සති අනිට්ඨරූපඤ්ඤෙ’ව පස්සති නො ඉට්ඨරූපං, අකන්තරූපඤ්ඤෙ’ව පස්සති නො කන්තරූපං, අමනාපරූපඤ්ඤෙ’ව පස්සති නො මනාපරූපං. යං කිඤ්චි සොතෙන සද්දං සුණාති -පෙ- ඝානෙන ගන්ධං ඝායති -පෙ- ජිව්හාය රසං සායති -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසති -පෙ- මනසා ධම්මං විජානාති, අනිට්ඨරූපඤ්ඤෙ’ව විජානාති නො ඉට්ඨරූපං, අකන්තරූපඤ්ඤෙ’ව විජානාති නො කන්තරූපං, අමනාපරූපඤ්ඤෙ’ව විජානාති නො මනාපරූපන්ති”{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු “මහණෙනි, තොපට ලාභයෙක. මහණෙනි, තොපට මනා ලැබීමෙක. බඹසරවස් පිණිස තොපට ක්‍ෂණයෙක් ලැබිණ. මහණෙනි, මා විසින් ඵස්සායතනික නිරයයෝ සදෙනෙක් දක්නා ලදහ. එහි ඇසින් යම් මැ රූපයක් දක්නේ ද, අනිෂ්ට රූපයක් (ස්වභාවයක්) මැ දක්නේ යැ. ඉෂ්ට රූපයක් නො දක්නේ යැ. අකාන්තරූපයක් මැ දක්නේ යැ. කාන්තරූපයක් නො දක්නේ යැ. අමනාපරූපයක් මැ දක්නේ යැ. මනාපරූපයක් නො දක්නේ යැ. කනින් යම් මැ ශබ්දයක් අසා ද ... නැහැයෙන් යම් මැ ගන්‍ධයක් අසා ද ... දිවින් යම් මැ රසයක් ආස්වාද කෙරේ ද ... කයින් යම් මැ ස්පර්‍ශයක් ස්පර්‍ශ කෙරේ ද ... සිතින් යම් මැ දන්නේ ද, අරමුණ අනිෂ්ටරූපයක් මැ දන්නේ යැ, ඉෂ්ටරූපයක් නො දන්නේ යැ. අකාන්තරූපයක් මැ දන්නේ යැ, කාන්තරූපයක් නො දන්නේ යැ. අමනාපරූපයක් මැ දන්නේ යැ, මනාපරූපයක් නො දන්නේ යැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි වත්තබ්බං: සබ්බෙ සඞ්ඛාරා අනොධිං කත්වා කුක්කුළාති.
Sinhala BJTඅනු. පා: එ කරුණින් ‘සර්‍වසංස්කාරයෝ නිෂ්පර්‍ය්‍යාය කොට හුණුඅළු වැනියහ’යි කියැයුතු යැ.
Pali BJT6. ස. පු: සබ්බෙ සඞ්ඛාරා අනොධිං කත්වා කුක්කුළා’ති.
Sinhala BJT6. ස. පු: සර්‍වසංස්කාරයෝ අවිශේෂ කොට කුකූල සදෘශ වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “ලාභා වො භික්ඛවෙ, සුලද්ධං වො භික්ඛවෙ, ඛණො වො පටිලද්ධො බ්රහ්මචරියවාසාය, දිට්ඨා මයා භික්ඛවෙ ඡ ඵස්සායතනිකා නාම සග්ගා. තත්ථ යං කිඤ්චි චක්ඛුනා රූපං පස්සති ඉට්ඨරූපඤ්ඤෙ’ව පස්සති නො අනිට්ඨරූපං, කන්තරූපඤ්ඤෙ’ව පස්සති නො අකන්තරූපං, මනාපරූපඤ්ඤෙ’ව පස්සති නො අමනාපරූපං. යං කිඤ්චි සොතෙන සද්දං සුණාති -පෙ- ඝානෙන ගන්ධං ඝායති -පෙ- ජිව්හාය රසං ඝායති -පෙ-
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, තොපට ලාභයෙක. මහණෙනි, තොපට මනා ලැබීමෙක. තොප විසින් බ්‍රහ්මචර්‍ය්‍යවාසය සඳහා ක්‍ෂණයෙක් ලැබිණ. මහණෙනි, මා විසින් ඵස්සායතනික නම් වූ ස්වර්‍ගයෝ සදෙනෙක් දක්නාලදහ. එහි දී ඇසින් යම් මැ රූපයක් දක්නේ නම් ඉෂ්ට රූපයක් (ස්වභාවයක්) මැ දක්නේ යැ, අනිෂ්ටරූපයක් නො දක්නේ යැ. කාන්තරූපයක් මැ දක්නේ යැ, අකාන්තරූපයක් නො දක්නේ යැ. මනාපරූපයක් මැ දක්නේ යැ, අමනාපරූපයක් නො දක්නේ යැ. කනින් යම් මැ ශබ්දයක් අසා නම් ... නැහැයෙන් යම් මැ ගන්‍ධයක් අසා නම් ... දිවින් යම් මැ රසයක් ආස්වාද කෙරේ නම් ...
Pali BJTකායෙන ඵොට්ඨබ්බං ඵුසති -පෙ- මනසා ධම්මං විජානාති, ඉට්ඨරූපඤ්ඤෙ’ව විජානාති නො අනිට්ඨරූපං, කන්තරූපඤ්ඤෙ’ව විජානාති නො අකන්තරූපං, මනාපරූපඤ්ඤෙ’ව විජානාති නො අමනාපරූපන්ති.”{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTකයින් යම් මැ ස්පර්‍ශයක් ස්පර්‍ශ කෙරේ නම් ... සිතින් යම් මැ දහමක් දන්නේ නම්, ඉෂ්ටරූපයක් මැ දන්නේ යැ, අනිෂ්ටරූපයක් නො දන්නේ යැ. කාන්තරූපයක් මැ දන්නේ යැ, අකාන්තරූපයක් නො දන්නේ යැ. මනාපරූපයක් මැ දන්නේ යැ, අමනාපරූපයක් නො දන්නේ යැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං: සබ්බෙ සඞ්ඛාරා අනොධිං කත්වා කුක්කුළාති.
Sinhala BJTඅනු. පා: එ කරුණින් සර්‍වසංස්කාරයෝ අවිශේෂ කොට හුණුහළු වැනියහයි නො කියැයුතු යැ.
Pali BJT7. ප. පු: න වත්තබ්බං: සබ්බෙ සඞ්ඛාරා අනොධි කත්වා කුක්කුළාති.
Sinhala BJT7. ප. පු: ‘සර්‍වසංස්කාරයෝ අනවධි කොට හුණුහළු, වැනියහ’යි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු “යදනිච්චං තං දුක්ඛං” වුත්තං භගවතා. සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති.
Sinhala BJTප. අනු: ‘යමක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ’ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො? සර්‍වසංස්කාරයෝ අනිත්‍ය වෙත් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි “යදනිච්චං තං දුක්ඛං” වුත්තං භගවතා, සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති,
Sinhala BJTඅනු. ඨ: භාග්‍යවතුන් වහන්සේ විසින් “යමක් අනිත්‍ය වේ නම් එය දුඃඛ යැ”යි වදාරන ලද වේ නම්, සර්‍වසංස්කාරයෝ අනිත්‍ය වෙත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: සබ්බෙ සඞ්ඛාරා අනොධිං කත්වා කුක්කුළාති.
Sinhala BJTඅනු. පා: භවත, සර්‍වසංස්කාරයෝ අනවධි කොට උණුහළු වැනියහ’යි කියැයුතු මැ යැ.
Pali BJT8. ස. පු: සබ්බෙ සඞ්ඛාරා අනොධිං කත්වා කුක්කුළාති.
Sinhala BJT8. ස. පු: සර්‍වසංස්කාරයෝ මර්‍ය්‍යාදා භේද කොට කුක්කුළ වැනි වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දානං අනිට්ඨඵලං අකන්තඵලං අමනුඤ්ඤඵලං සෙචනකඵලං දුක්ඛුද්රයං{1} දුක්ඛවිපාකන්ති.
Sinhala BJTස. අනු: දානය අනිෂ්ටඵල වේ ද, අකාන්තඵල වේ ද, අමනෝඥඵල වේ ද, සේචනකඵල වේ ද, දුක් වඩන්නේ වේ ද, දුඃඛවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: සීලං -පෙ- උපොසථො -පෙ- භාවනා -පෙ- බ්රහ්මචරියං අනිට්ඨඵලං අකන්තඵලං අමනුඤ්ඤඵලං සෙචනකඵලං දුක්ඛුද්රයන්ති.
Sinhala BJTස. අනු: සීලය ... උපෝෂථය ... භාවනාව ... බ්‍රහ්මචර්‍ය්‍යය අනිෂ්ටඵල වේ ද, අකාන්තඵල වේ ද, අමනෝඥඵල වේ ද, සේචනකඵල වේ ද, දුක් වඩන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: නනු දානං ඉට්ඨඵලං කන්තඵලං මනුඤ්ඤඵලං අසෙචනකඵලං සුඛුද්රයං{2} සුඛවිපාකන්ති.
Sinhala BJTස. අනු: දානය ඉෂ්ටඵල කාන්තඵල මනෝඥඵල අසේචනකඵල ඇත්තේ වේ ද, සුව වඩන්නේ වේ ද, සුඛවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි දානං ඉට්ඨඵලං කන්තඵලං මනුඤ්ඤඵලං අසෙචනකඵලං සුඛුද්රයං සුඛවිපාකං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් දානය ඉෂ්ටඵල කාන්තඵල මනෝඥඵල අසේචනකඵල ඇත්තේ වේ නම්, සුව වඩන්නේ වේ නම්, සුඛවිපාක වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සබ්බෙ සඞ්ඛාරා අනොධිං කත්වා කුක්කුළාති.
Sinhala BJTඅනු. පා: භවත, සියලු සංස්කාරයෝ මර්‍ය්‍යාදා නො කොට උණුහළු වැන්නහ’යි නො කියැයුතු යැ.
Pali BJTස. අනු: නනු සීලං -පෙ- උපොසථො -පෙ- භාවනා -පෙ- බ්රහ්මචරියං ඉට්ඨඵලං කන්තඵලං මනුඤ්ඤඵලං අසෙචනකඵලං සුඛුද්රයං සුඛවිපාකන්ති.
Sinhala BJTස. අනු: ශීලය ... උපෝසථය ... භාවනාව ... බ්‍රහ්මචර්‍ය්‍යය ඉෂ්ටඵල කාන්තඵල මනෝඥඵල අසේචනකඵල ඇත්තේ වේ ද, සුව වඩන්නේ වේ ද, සුඛවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි බ්රහ්මචරියං ඉට්ඨඵලං කන්තඵලං මනුඤ්ඤඵලං අසෙචනකඵලං සුඛුද්රයං සුඛවිපාකං.
Sinhala BJTඅනු. ඨ: ඉදින් බ්‍රහ්මචර්‍ය්‍යය ඉෂ්ටඵල කාන්තඵල මනෝඥඵල අසේචනකඵල ඇති නම්, සුව වඩන්නේ නම්, සුඛවිපාක වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සබ්බෙ සඞ්ඛාරා අනොධිං කත්වා කුක්කුළාති.
Sinhala BJTඅනු. ඨ: භවත, ‘සර්‍වසංස්කාරයෝ මර්‍ය්‍යාදා නො කොට උණුහළු වැනියහ’යි නො කියැයුතු යැ.
Pali BJT9. ස. පු: සබ්බෙ සඞ්ඛාරා අනොධිං කත්වා කුක්කුළාති.
Sinhala BJT9. ස. පු: සර්‍වසංස්කාරයෝ අනවධි කොට කුකූල සදෘශ වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො:
Pali BJT“සුඛො විවෙකො තුට්ඨස්ස සුතධම්මස්ස පස්සතො, අබ්යාපජ්ජං සුඛං ලොකෙ පාණභූතෙසු සංයමො.
Sinhala BJT“(චතුර්මාර්‍ගඥානසන්තෝෂයෙන්) තුෂ්ට වූ ප්‍රකාශිත ධර්‍ම ඇති (වීර්‍ය්‍යබලාධිගතඥාන චක්‍ෂුසින්) බලන්නහුට නිර්‍වාණ සඞ්ඛ්‍යාත උපධිවිවේකය සුඛ වෙයි. ලෝකයෙහි ප්‍රාණීන් කෙරෙහි සංයම යයි කියන ලද නො කිපෙන බව සුඛ වෙයි”.
Pali BJTසුඛා විරාගතා ලොකෙ කාමානං සමතික්කමො, අස්මිමානස්ස යො විනයො එතං වෙ පරමං සුඛං”{a}
Sinhala BJTකාමයන්ගේ සමතික්‍රම සඞ්ඛ්‍යාත විරාගතාව ලෝකයෙහි සුඛ වෙයි. අස්මිමානයාගේ යම් ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිනයෙක් ඇද්ද, තෙල ඒකාන්තයෙන් පරමසුඛ වෙයි”.
Pali BJT“තං සුඛෙන සුඛං පත්තං අච්චන්තසුඛමෙව තං, තිස්සො විජ්ජා අනුප්පත්තා එතං වෙ පරමං සුඛන්ති”
Sinhala BJT”එහෙයින් සුඛයෙන් සුඛයට පැමිණීමෙක් ඇද්ද, ඒ අත්‍යන්තසුඛ මැ වෙයි. ත්‍රිවිධ විද්‍යාවෝ ලබන ලදහු ද තෙල ඒකාන්තයෙන් පරමසුඛ වෙති”යි
Pali BJTඅත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTසූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං: සබ්බෙ සඞ්ඛාරා අනොධිං කත්වා කුක්කුළාති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘සර්‍වසංස්කාරයෝ අනවධි කොට උෂ්ණභස්ම සදෘශයහ’යි නො කියැයුතු යැ.
Pali BJTකුක්කුළකථා නිට්ඨිතා.
Sinhala BJTකුක්කුළකථා නිමි.
Pali BJT2. 9.
Sinhala BJT2. 9.
Pali BJTඅනුපුබ්බාභිසමයකථා.
Sinhala BJTඅනුපුබ්බාභිසමයකථා
Pali BJT1. ස. පු: අනුපුබ්බාභිසමයො’ති.
Sinhala BJT1. ස. පු: අනුපූර්‍වාභිසමයයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනුපුබ්බෙන සොතාපත්තිමග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: අනුපූර්‍ව වශයෙන් ශ්‍රෝතාපත්තිමාර්‍ගය භවා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: අනුපුබ්බෙන සොතාපත්තිමග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. පු: අනුපූර්‍ව වශයෙන් ශ්‍රෝතාපත්තිමාර්‍ගය භවා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනුපුබ්බෙන සොතාපත්තිඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJTස. අනු: අනුපූර්‍ව වශයෙන් ශ්‍රෝතාපත්තිඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT2. ස. පු: අනුපුබ්බාභිසමයො’ති.
Sinhala BJT2. ස. පු: අනුපූර්‍වාභිසමයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනුපුබ්බෙන සකදාගාමිමග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: අනුපූර්‍ව වශයෙන් සකෘදාගාමීමාර්‍ගය භවා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: අනුපුබ්බෙන සකදාගාමිමග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. පු: අනුපූර්‍ව වශයෙන් සකෘදාගාමීමාර්‍ගය භවා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනුපුබ්බෙන සකදාගාමිඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJTස. අනු: අනුපූර්‍ව වශයෙන් සකෘදාගාමීඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT3. ස. පු: අනුපුබ්බාභිසමයො’ති.
Sinhala BJT3. ස. පු: අනුපූර්‍වාභිසමයයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනුපුබ්බෙන අනාගාමිමග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: අනුපූර්‍ව වශයෙන් අනාගාමීමාර්‍ගය භවා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: අනුපුබ්බෙන අනාගාමිමග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. පු: අනුපූර්‍ව වශයෙන් අනාගාමීමාර්‍ගය භවා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල්හට දුඃඛදර්‍ශනයෙන් ද, සමුදය නිරෝධ මාර්‍ගදර්‍ශනයෙන් දැ යි මෙසේ සොළොස් කොටසෙකින් අනුක්‍රමයෙන් ක්ලේශප්‍රහාණ කොට අර්‍හත්ත්‍වප්‍රතිලාභ ඇති’ යි නානාභිසමය ලබ්‍ධි ගත් වාදීහු ඇත. අන්‍ධක සබ්‍බත්‍ථික සම්‍මිතිය භද්‍රයානිකයන් සෙයිනි. උන්ගේ ලබ්‍ධි විවෙචනයට අනුපුබ්බාභිසමයකථා එයි.]
Pali BJTස. අනු: අනුපුබ්බෙන අනාගාමිඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJTස. අනු: අනුපූර්‍ව වශයෙන් අනාගාමිඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT4. ස. පු: අනුපුබ්බාභිසමයො’ති.
Sinhala BJT4. ස. පු: අනුපූර්‍වාභිසමයයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනුපුබ්බෙන අරහත්තමග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: අනුපූර්‍ව වශයෙන් අර්‍හත්මාර්‍ගය භවා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: අනුපුබ්බෙන අරහත්තමග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. පු: අනුපූර්‍ව වශයෙන් අර්‍හත්මාර්‍ගය භවා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනුපුබ්බෙන අරහත්තඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJTස. අනු: අනුපූර්‍ව වශයෙන් අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT5. ස. පු: සොතාපත්තිඵලසච්ඡිකිරියායපටිපන්නො පුග්ගලො දුක්ඛදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT5. ස. පු: සෝවත්ඵල පසක් කරනු පිණිස පිළිපන් පුඟුල් දුඃඛ දර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
Pali BJTප. වි: සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං තදෙකට්ඨෙ ච කිලෙසෙ චතුභාගං ජහතී’ති.
Sinhala BJTප. වි: සත්‍කායදෘෂ්‍ටි විචිකිත්‍සා ශීලව්‍රතපරාමර්‍ශ තදෙකස්‍ථ ක්ලේශ දැ යි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
Pali BJTස. අනු: චතුභාගං සොතාපන්නො, චතුභාගං න සොතාපන්නො, චතුභාගං සොතාපත්තිඵලප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරති, චතුභාගං න කායෙන ඵුසිත්වා විහරති. චතුභාගං සත්තක්ඛත්තුපරමො කොලංකොලො එකබීජී, බුද්ධෙ අවෙච්චප්පසාදනෙ සමන්නාගතො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො, චතුභාගං න අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: චතුර්‍භාගයක් සෝවන් වූයේත් චතුර්‍භාගයක් සෝවන් නො වූයේත් චතුර්‍භාගයක් ශ්‍රොතාපත්තිඵලප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් උපයාගෙන වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් සත්තක්‍ඛත්තුපරම සෝතාපන්න වූයේත් කොලංකොල සෝතාපන්න වූයේත් ඒකබීජී සෝතාපන්න වූයේත්, බුද්ධරත්නයෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වූයේත්, ධර්‍මරත්නයෙහි ... සඞ්ඝරත්නයෙහි ... ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේත්, චතුර්‍භාගයක් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වූයේත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...