Pali BJTස. අනු: ලොකියං පඨමං ඣානං සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: ලෞකික ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT25. ස. පු: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT25. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකියං දුතියං ඣානං{1} -පෙ- තතියං ඣානං{2} -පෙ- චතුත්ථං ඣානං{3} සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: ලෞකික ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT26. ස. පු: ලොකියං සමාපත්තිං සමාපන්නස්ස නත්ථී වචීභෙදො’ති.
Sinhala BJT26. ස. පු: ලොවී සමවත් සමවන්නහුට වාග්භේද නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ලොකියං සමාපත්තිං සමාපන්නස්ස නත්ථී වචීභෙදො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ලොවී සමවත් සමවන්නහුට වාග්භේද නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT27. ස. පු: ලොකියං පඨමං ඣානං{4} සමාපන්නස්ස නත්ථී වචීභෙදො’ති.
Sinhala BJT27. ස. පු: ලෞකික ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ලොකියං පඨමං ඣානං සමාපන්නස්ස නත්ථී වචීභෙදො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ලෞකික ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT28. ස. පු: ලොකියං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං සමාපන්නස්ස නත්ථී වචීභෙදො’ති.
Sinhala BJT28. ස. පු: ලෞකික ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ලොකියං චතුත්ථං ඣානං සමාපන්නස්ස නත්ථී වචීභෙදො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ලෞකික චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT29. ස. පු: ලොකුත්තරං පඨමං ඣානං සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT29. ස. පු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකියං පඨමං ඣානං සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: ලෞකික ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT30. ස. පු: ලොකුත්තරං පඨමං ඣානං සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT30. ස. පු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකියං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: ලෞකික ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT31. ස. පු: ලොකියං පඨමං ඣානං සමාපන්නස්ස නත්ථී වචීභෙදො’ති.
Sinhala BJT31. ස. පු: ලෞකික ප්‍රථමධ්‍යාන සමවන්හුට වාග්භේද නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකුත්තරං පඨමං ඣානං සමාපන්නස්ස නත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT32. ස. පු: ලොකියං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං සමාපන්නස්ස නත්ථී වචීභෙදො’ති.
Sinhala BJT32. ස. පු: ලෞකික ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකුත්තරං පඨමං ඣානං සමාපන්නස්ස නත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT33. ස. පු: ලොකුත්තරං පඨමං ඣානං සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT33. ස. පු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකුත්තරං දුතියං ඣානං සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: ලෝකෝත්තර ද්විතීයධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT34. ස. පු: ලොකුත්තරං පඨමං ඣානං සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT34. ස. පු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකුත්තරං තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: ලෝකෝත්තර තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT35. ස. පු: ලොකුත්තරං දුතියං ඣානං සමාපන්නස්ස නත්ථී වචීභෙදො’ති.
Sinhala BJT35. ස. පු: ලෝකෝත්තර ද්විතීයධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකුත්තරං පඨමං ඣානං සමාපන්නස්ස නත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT36. ස. පු: ලොකුත්තරං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං සමාපන්නස්ස නත්ථී වචීභෙදො’ති
Sinhala BJT36. ස. පු: ලෝකෝත්තර ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකුත්තරං පඨමං ඣානං සමාපන්නස්ස නත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT37. ප. පු: න වත්තබ්බං: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT37. ප. පු: ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු විතක්කවිචාරා වචීසඞ්ඛාරා වුත්තා භගවතා, පඨමං ඣානං සමාපන්නස්ස අත්ථී විතක්කවිචාරා’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “විතර්‍කවිචාරයෝ වාක්සංස්කාරයහ (=වචනෝප්තත්ති හේතු)”යි වදාරනලද නො වේ ද? ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාර ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි විතක්කවිචාරා වචීසඞ්ඛාරා වුත්තා භගවතා, පඨමං ඣානං සමාපන්නස්ස අත්ථී විතක්කවිචාරා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් “විතර්‍කවිචාරයෝ වාක්සංස්කාරයහ”යි වදාරනලද නම් ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි කියැයුතු මැ යැ.
Pali BJT38. ස. පු: ‘විතක්කවිචාරා වචීසඞ්ඛාරා වුත්තා භගවතා, පඨමං ඣානං සමාපන්නස්ස අත්ථී විතක්කවිචාරා’ති අත්ථී තස්ස වචීභෙදො’ති.
Sinhala BJT38. ස. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විතර්‍කවිචාරයෝ වාක්සංස්කාරයහ’ යි වදාරන ලදි. ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාර ඇති’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඨවීකසිණං පඨමං ඣානං සමාපන්නස්ස අත්ථී විතක්කවිචාරා, අත්ථී තස්ස වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: පඨවීකසිණ ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇත. ඔහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT39. ස. පු: ‘විතක්කවිචාරා වචීසඞ්ඛාරා වුත්තා භගවතා, පඨමං ඣානං සමාපන්නස්ස අත්ථී විතක්කවිචාරා’ති අත්ථී තස්ස වචීභෙදො’ති.
Sinhala BJT39. ස. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විතර්‍කවිචාරයෝ වාක්සංස්කාරයහ’ යි වදාරන ලදි. ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාර ඇති’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ආපොකසිණං -පෙ- තෙජො කසිණං -පෙ- වායොකසිණං -පෙ- නීලකසිණං -පෙ- පීතකසිණං -පෙ- ලොහිතකසිණං -පෙ- ඔදාතකසිණං පඨමං ඣානං සමාපන්නස්ස අත්ථී විතක්කවිචාරා, අත්ථී තස්ස වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: ‘ආපෝකසිණ ... තෙජොකසිණ ... වායොකසිණ ... නීලකසිණ ... පීතකසිණ ... ලෝහිතකසිණ ... ඔදාතකසිණ ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇති’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT40. ප. පු: න වත්තබ්බං: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT40. ප. පු: ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු විතක්කසමුට්ඨානා වාචා වුත්තා භගවතා, පඨමං ඣානං සමාපන්නස්ස අත්ථී විතක්කවිචාරා’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වාක් තොමෝ විතර්‍කසමුත්‍ථානය’යි වදාරන ලද නො වේ ද? ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇත.
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි විතක්කසමුට්ඨානා වාචා වුත්තා භගවතා, පඨමං ඣානං සමාපන්නස්ස අත්ථී විතක්කවිචාරා,
Sinhala BJTඅනු. ඨ: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වාක් තොමෝ විතර්‍කසමුත්‍ථානය’යි වදාරන ලද නම්, ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි කියැයුතු මැ යැ.
Pali BJT41. ස. පු: විතක්කසමුට්ඨානා වාචා වුත්තා භගවතා, පඨමං ඣානං සමාපන්නස්ස අත්ථී විතක්කවිචාරාති. අත්ථී තස්ස වචීභෙදො’ති.
Sinhala BJT41. ස. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් වාක් තොමෝ විතර්‍කසමුත්‍ථානයයි වදාරන ලදි. ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාර ඇති’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඤ්ඤාසමුට්ඨානා වාචා වුත්තා භගවතා, දුතියං ඣානං සමාපන්නස්ස අත්ථී සඤ්ඤා. අත්ථී තස්ස විතක්කවිචාරා’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වාක් තොමෝ සංඥාසමුත්‍ථානය’යි වදාරන ලදි. ‘ද්විතීයධ්‍යාන සමවන්නහුට සංඥා ඇත. ඔහුට විතර්‍කවිචාරයෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT42. ස. පු: විතක්කසමුට්ඨානං වාචා වුත්තා භගවතා, පඨමං ඣානං සමාපන්නස්ස අත්ථී විතක්කවිචාරා’ති අත්ථී තස්ස වචීභෙදො’ති.
Sinhala BJT42. ස. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වචනය විතර්‍කසමුත්‍ථානය’යි වදාරන ලදි. ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇති’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඤ්ඤාසමුට්ඨානා වාචා වුත්තා භගවතා, තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- ආකාසානඤ්චායතනං -පෙ- විඤ්ඤාණඤ්චායතනං -පෙ- ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස අත්ථී සඤ්ඤා. අත්ථී තස්ස විතක්කවිචාරා’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වචනය සංඥා සමුත්‍ථානය’යි වදාරන ලදි. තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන ... ආකාසානඤ්චායතන ... විඤ්ඤාණඤ්චායතන ... ආකිඤ්චඤ්ඤායතන සමවන්නහුට සංඥා ඇත. ඔහුට විතර්‍කවිචාරයෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT43. ස. පු: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT43. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු “පඨමං ඣානං සමාපන්නස්ස වාචා නිරුද්ධා හොතී”ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට වචන නිරුද්ධ වෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි “පඨමං ඣානං සමාපන්නස්ස වාචා නිරුද්ධා හොතී”ති අත්ථෙ’ව සුත්තන්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට වචන නිරුද්ධ වෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සමාපන්නස්ස අත්ථී වචීභෙදො”ති.
Sinhala BJTඅනු. පා: භවත, සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT44. ස. පු: “පඨමං ඣානං සමාපන්නස්ස වාචා නිරුද්ධා හොතී”ති අත්ථෙ’ව සුත්තන්තො’ති අත්ථී තස්ස වචීභෙදො’ති.
Sinhala BJT44. ස. පු: ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට වචන නිරුද්ධ වෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: “දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා නිරුද්ධා හොන්තී”ති අත්ථෙ’ව සුත්තන්තො’ති අත්ථී තස්ස විතක්කවිචාරා’ති.
Sinhala BJTස. අනු: ‘ද්විතීයධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාර නිරුද්ධයහ’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු’යි ගෙන ඔහුට විතර්‍කවිචාරයෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT45. ස. පු: “පඨමං ඣානං සමාපන්නස්ස වාචා නිරුද්ධා හොතී”ති අත්ථෙ’ව සුත්තන්තො’ති අත්ථී තස්ස වචීභෙදො’ති.
Sinhala BJT45. ස. පු: ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට වචන නිරුද්ධ වෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: “තතියං ඣානං සමාපන්නස්ස පීති නිරුද්ධා හොති -පෙ- චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා නිරුද්ධා හොන්ති -පෙ- ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා නිරුද්ධා හොති -පෙ- ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හොති -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා නිරුද්ධා හොති -පෙ- සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච නිරුද්ධා හොන්තී”ති අත්ථෙ’ව සුත්තන්තො’ති අත්ථී තස්ස සඤ්ඤා ච වෙදනා චාති.
Sinhala BJTස. අනු: “තෘතීයධ්‍යාන සමවන්නහුට ප්‍රීති නිරුද්ධ වෙති’යි ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස නිරුද්ධ වෙති’යි ... ‘ආකාසානඤ්චායතන සමවන්නහුට රූපසංඥා නිරුද්ධ වෙති’යි ... ‘ආකිඤ්චඤ්ඤායතන සමවන්නහුට විඤ්ඤාණඤ්චායතනසංඥා නිරුද්ධ වෙති’යි ... ‘නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතනසංඥා නිරුද්ධ වෙති’යි ... සඤ්ඤාවේදයිතනිරෝධ සමවන්නහුට සංඥාවේදනා දෙදෙන නිරුද්ධ වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු’යි ගෙන ඔහුට සංඥාත් වේදනාත් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT46. ප. පු: න වත්තබ්බං සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT46. ප. පු: ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු පඨමස්ස ඣානස්ස සද්දො කණ්ටකො වුත්තො භගවතා’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ප්‍රථමධ්‍යානයට ශබ්දය කණ්ටකය’යි වදාරනලද්දේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පඨමස්ස ඣානස්ස සද්දා කණ්ටකො වුත්තො භගවතා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ප්‍රථමධ්‍යානයට ශබ්දය කණ්ටකය’යි වදාරනලද නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත, සමවන්නහුට වාග්භේද ඇති’යි කියැයුතු මැ යැ.
Pali BJT47. ස. පු: “පඨමස්ස ඣානස්ස සද්දො කණ්ටකො වුත්තො භගවතා”ති සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT47. ස. පු: “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ප්‍රථමධ්‍යානයට ශබ්දය කණ්ටකය’යි වදාරනලදැ”යි ගෙන සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.