Pali BJTවචීභෙදකථා.
Sinhala BJTවචීභේදකථා
Pali BJT1. ස. පු: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT1. ස. පු: දැහැන් සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බත්ථ සමාපන්නානං අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: හැම භවයෙහි මැ සමවන්නවුනට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: (අරූපභවය පියනු පිණිස පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT2. ස. පු: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT2. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බදා සමාපන්නානං අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: හැම සමාපත්තිකාලයෙහි මැ සමවන්නවුනට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: (ප්‍රථමමාර්‍ගක්‍ෂණයෙහි ප්‍රථමධ්‍යානිකසමාපත්තිකාලය තබා තදන්‍ය සමාපත්තිකාල සඳහා පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT3. ස. පු: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT3. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බෙසං සමාපන්නානං අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: හැම සමවත් සමවන්නවුනට මැ වාග්භේද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: (ලොවීසමවත් සමවන්නවුන් සඳහා පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT4. ස. පු: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT4. ස. පු: සමවන්නවුනට වාග්භේද ඇද්ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි දී පළමු දැහැන් සමවන් අරීපුඟුල් ‘දුකැයි කියා වාග්භේද කෙරෙති’යි පූර්‍වශෛලීය නිකායාදීන් සෙයින් ලබ්ධිගත් වාදී කෙනෙකුන්ගේ විරුද්ධවාද බිඳුනට වචීභේදකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බසමාපත්තීසු අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: හැම සමවත්හි වාග්භේද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: (ලෝකෝත්තර ද්විතීයධ්‍යානාදිය හා හැම ලොවී සමවත් සඳහා පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT5. ස. පු: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT5. ස. පු: සමවන්නවුනට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමාපන්නස්ස අත්ථී කායභෙදො’ති.
Sinhala BJTස. අනු: සමවන්නහුට කායභෙද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT6. ස. පු: සමාපන්නස්ස නත්ථී කායභෙදො’ති.
Sinhala BJT6. ස. පු: සමවන්නවුනට කායභෙද නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමාපන්නස්ස නත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: සමවන්නහුට වාග්භේද නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT7. ස. පු: සමාපන්නස්ස අත්ථී වාචා, අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT7. ස. පු: සමවන්නවුනට වාචා ඇත. වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමාපන්නස්ස අත්ථී කායො, අත්ථී කායභෙදො’ති.
Sinhala BJTස. අනු: සමවන්නහුට කාය ඇත. කායභෙද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT8. ස. පු: සමාපන්නස්ස අත්ථී කායො, නත්ථී කායභෙදො’ති.
Sinhala BJT8. ස. පු: සමවන්නහුට කාය ඇත. කායභෙද නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමාපන්නස්ස අත්ථී වාචා, නත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: සමවන්නහුට වාචා ඇත. වාග්භේද නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT9. ස. පු: දුක්ඛන්ති ජානන්තො දුක්ඛන්ති වාචං භාසතී’ති.
Sinhala BJT9. ස. පු: (ඉදින් හේ දුඃඛ යැ’යි බෙණේ නම් ‘සමුදය’ ආදියද බණන්නේ යැ. එ ද නො බෙණේ නම්, අනෙකක් ද නො බණන්නේ යැ’යි චෝදනා කරන පිණිස) ‘දුකැ’ යි දන්නේ දුක යන බස බෙණේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමුදයො’ති ජානන්තො සමුදයො’ති වාචං භාසතී’ති.
Sinhala BJTස. අනු: ‘සමුදයැ’යි දන්මින් ‘සමුදයැ’ යි බස් බෙණේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT10. ස. පු: දුක්ඛන්ති ජානන්තො දුක්ඛන්ති වාචං භාසතී’ති.
Sinhala BJT10. ස. පු: ‘දුකැ’ යි දන්මින් ‘දුකැ’ යි බස් බෙණේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිරොධො’ති ජානන්තො නිරොධො’ති වාචං භාසතී’ති.
Sinhala BJTස. අනු: ‘නිරෝධ යැ’ යි දන්මින් ‘නිරෝධ යැ’ යි බස් බෙණේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT11. ස. පු: දුක්ඛන්ති ජානන්තො දුක්ඛන්ති වාචං භාසතී’ති.
Sinhala BJT11. ස. පු: ‘දුඃඛ යැ’ යි දන්මින් ‘දුඃඛ’ යයි බස් බෙණේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගො’ති ජානන්තො මග්ගො’ති වාචං භාසතී’ති.
Sinhala BJTස. අනු: ‘මාර්‍ග’ යයි දන්මින් ‘මාර්‍ග’ යයි බස් බෙණේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT12. ස. පු: සමුදයො’ති ජානන්තො න ච සමුදයො’ති වාචං භාසතී’ති.
Sinhala BJT12. ස. පු: ‘සමුදය ’ යි දන්මින් ‘සමුදය’යි බස් නො බෙණේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුක්ඛන්ති ජානන්තො න ච දුක්ඛන්ති වාචං භාසතී’ති.
Sinhala BJTස. අනු: ‘දුඃඛ’ යයි දන්මින් ‘දුඃඛ’ යයි බස් නො බෙණේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT13. ස. පු: නිරොධො’ති ජානන්තො න ච නිරොධො’ති වාචං භාසතී’ති.
Sinhala BJT13. ස. පු: ‘නිරෝධ’ යයි දන්මින් ‘නිරෝධ’ යයි බස් නො බෙණේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුක්ඛන්ති ජානන්තො න ච දුක්ඛන්ති වාචං භාසතී’ති.
Sinhala BJTස. අනු: ‘දුඃඛ’ යයි දන්මින් ‘දුඃඛ’ යයි බස් නො බෙණේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT14. ස. පු: මග්ගො’ති ජානන්තො න ච මග්ගො’ති වාචං භාසතී’ති.
Sinhala BJT14. ස. පු: ‘මාර්‍ග’ යයි දන්මින් ‘මාර්‍ග’ යයි බස් නො බෙණේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුක්ඛන්ති ජානන්තො න ච දුක්ඛන්ති වාචං භාසතී’ති.
Sinhala BJTස. අනු: ‘දුඃඛ’ යයි දන්මින් ‘දුඃඛ’ යයි බස් නො බෙණේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT15. ස. පු. සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT15. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඤාණං කිං ගොචරන්ති.
Sinhala BJTස. අනු: ඥානය කුමක් ගෝචර කොට ඇද්ද?
Pali BJTප. වි: ඤාණං සච්චගොචරන්ති.
Sinhala BJTප. වි: ඥානය සත්‍යගෝචර වෙයි.
Pali BJTස. අනු: සොතං සච්චගොචරන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝත්‍රවිඥානය සත්‍යගෝචර වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
Pali BJT16. ස. පු: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT16. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතං කිං ගොචරන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝත්‍රය කුමක් ගෝචර කොට ඇද්ද?
Pali BJTප. වි: සොතං සද්දගොචරන්ති.
Sinhala BJTප. වි: ශ්‍රෝත්‍රය ශබ්දගෝචර වෙයි.
Pali BJTස. අනු: ඤාණං සද්දගොචරන්ති.
Sinhala BJTස. අනු: ඥානය ශබ්දගෝචර වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බො -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
Pali BJT17. ස. පු: සමාපන්නස්ස අත්ථී වචීභෙදො, ඤාණං සච්චගොචරං, සොතං සද්දගොචරන්ති.
Sinhala BJT17. ස. පු: සමවන්නහුට වාග්භේද ඇත. ඥානය සත්‍යගෝචර වේ. ශ්‍රෝත්‍රවිඥානය ශබ්දගෝචර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ඤාණං සච්චගොචරං, සොතං සද්දගොචරං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ඥානය සත්‍යගෝචර වේ නම්, ශ්‍රෝත්‍රවිඥානය ශබ්දගෝචර වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT18. ස. පු: සමාපන්නස්ස අත්ථී වචීභෙදො, ඤාණං සච්චගොචරං, සොතං සද්දගොචරන්ති.
Sinhala BJT18. ස. පු: සමවන්නහුට වාග්භේද ඇත. ඥානය සත්‍යගෝචර වේ. ශ්‍රෝත්‍රවිඥානය ශබ්දගෝචර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං ද්වින්නං වෙදනානං ද්වින්නං සඤ්ඤානං ද්වින්නං චෙතනානං ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශ දෙදෙනකුන්ගේ, වේදනා දෙදෙනකුන්ගේ, සංඥා දෙදෙනකුන්ගේ, චේතනා දෙදෙනකුන්ගේ, චිත්ත දෙදෙනකුන්ගේ සමෝධානය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
Pali BJT19. ස. පු: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT19. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඨවීකසිණං{1} සමාපත්තිං සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: පඨවිකසිණ සමාපත්ති සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
Pali BJT20. ස. පු: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT20. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ආපොකසිණං -පෙ- තෙජොකසිණං -පෙ- වායොකසිණං -පෙ- නීලකසිණං -පෙ- පීත කසිණං -පෙ- ලොහිතකසිණං -පෙ- ඔදාතකසිණං -පෙ- ආකාසානඤ්චායතනං -පෙ- විඤ්ඤාණඤ්චායතනං -පෙ- ආකිඤ්චඤ්ඤායතනං -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: ආපෝකසිණයට ... තෙජොකසිණයට ... වායෝකසිණයට ... නීලකසිණයට ... පීතකසිණයට ... ලෝහිතකසිණයට ... ඔදාතකසිණයට ... ආකාසානඤ්චායතනයට ... විඤ්ඤාණඤ්චායතනයට ... ආකිඤ්චඤ්ඤායතනයට ... නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
Pali BJT21. ස. පු: පඨවීකසිණං සමාපත්තිං සමාපන්නස්ස නත්ථී වචීභෙදො’ති.
Sinhala BJT21. ස. පු: පඨවිකසිනසමාපත්තියට සමවන්නහුට වාග්භේද නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පඨවීකසිණං{1} සමාපත්තිං සමාපන්නස්ස නත්ථී වචීභෙදො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් පඨවිකසිණසමාපත්තියට සමවන්නහුට වාග්භේද නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සමාපන්නස්ස අත්ථී වචීභෙදො”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT22. ස. පු: ආපොකසිණං -පෙ- තෙජොකසිණං -පෙ- වායොකසිණං -පෙ- නීලකසිණං -පෙ- පීතකසිණං -පෙ- ලොහිතකසිණං -පෙ- ඔදාතකසිණං -පෙ- ආකාසානඤ්චායතනං -පෙ- විඤ්ඤාණඤ්චායතනං -පෙ- ආකිඤ්චඤ්ඤායතනං -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස නත්ථී වචීභෙදො’ති.
Sinhala BJT22. ස. පු: ආපෝකසිණ ... තෙජොකසිණ ... වායොකසිණ ... නීලකසිණ ... පීතකසිණ ... ලෝහිතකසිණ ... ඔදාතකසිණ ... ආකාසානඤ්චායතන ... විඤ්ඤාණඤ්චායතන ... ආකිඤ්චඤ්ඤායතන ... නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන්නහුට වාග්භේද නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා’ ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස නත්ථී වචීභෙදො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන්නහුට වාග්භේද නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT23. ස. පු: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT23. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකියසමාපත්තිං සමාපන්නස්ස අත්ථි වචීභෙදො’ති.
Sinhala BJTස. අනු: ලොවී සමවත් සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT24. ස. පු: සමාපන්නස්ස අත්ථී වචීභෙදො’ති.
Sinhala BJT24. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.