Pali BJTස. අනු: නනු අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා -පෙ- දොසප්පහානාය -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා’ති.
Sinhala BJTස. අනු: රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ග භාවිත නො වේ ද ... ද්වේෂප්‍රහාණය පිණිස ... අනපත්‍රපා ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ග භාවිත නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො රාගප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට රාගප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ග භාවිත වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT10. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJT10. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතන්ති.
Sinhala BJTස. අනු: රහත් වනාහි වීතරාග වීතද්වේෂ වීතමෝහ නො වේ ද ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වේ නම් ... සාක්‍ෂාත්කර්‍තව්‍ය සාක්‍ෂාත්කෘත වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT11. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJT11. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
Pali BJTප. වි: සධම්මකුසලස්ස අරහතො අත්ථී පරවිතරණා. පරධම්මකුසලස්ස අරහතො නත්ථී පරවිතරණා’ති.
Sinhala BJTප. වි: ස්වධර්‍මකුශල රහත්හට පරවිතරණ ඇත. පරධර්‍මකුශල රහත්හට පරවිතරණ නැත.
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො අත්ථී පරවිතරණා’ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො නත්ථී පරවිතරණා’ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට පරවිතරණ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලස්ස අරහතො නත්ථී පරවිතරණා’ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත්හට පරවිතරණ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT12. ස. පු: සධම්මකුසලස්ස අරහතො රාගො පහීනො අත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJT12. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො රාගො පහීනො අත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT13. ස. පු: සධම්මකුසලස්ස අරහතො දොසො පහීනො, මොහො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං. අත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJT13. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ, මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො අනොත්තප්පං පහීනං. අත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ..
Pali BJT14. ස. පු: සධම්මකුසලස්ස අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා. අත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJT14. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ග භාවිත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා. අත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ග භාවිත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT15. ස. පු: සධම්මකුසලස්ස අරහතො දොසප්පහානාය -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා. අත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJT15. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂප්‍රහාණය පිණිස ... අනපත්‍රපා ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ග භාවිත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො අනොත්තප්පප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා. අත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ග භාවිත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT16. ස. පු: සධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං. අත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJT16. ස. පු: ස්වධර්‍මකුශල රහත් වීතරාග යැ, වීතද්වේෂ යැ, වීතමෝහ යැ ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං නත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත් වීතරාග යැ, වීතද්වේෂ යැ, වීතමෝහ යැ ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT17. ස. පු: පරධම්මකුසලස්ස අරහතො රාගො පහීනො. නත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJT17. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලස්ස අරහතො රාගො පහීනො. නත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT18. ස. පු: පරධම්මකුසලස්ස අරහතො දොසො පහීනො, -පෙ- අනොත්තප්පං පහීනං. නත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJT18. ස. පු: පරධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ. මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලස්ස අරහතො දොසො පහීනො, මොහො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං. නත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT19. ස. පු: පරධම්මකුසලස්ස අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා -පෙ- දොසප්පහානාය -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා නත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJT19. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වේෂප්‍රහාණය පිණිස ... අනපත්‍රපා ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට පරවිතරණ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලස්ස අරහතො අනොත්තප්පප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා. නත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට පරවිතරණ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT20. ස. පු: පරධම්මකුසලො අරහා වීතරාගො, වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං. නත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJT20. ස. පු: පරධර්‍මකුශල රහත් වීතරාග යැ, වීතද්වේෂ යැ, වීතමෝහ යැ ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට පරවිතරණ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලො අරහා වීතරාගො, වීතදොසො, වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං. නත්ථී තස්ස පරවිතරණා’ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත් වීතරාග යැ, වීතද්වේෂ යැ, වීතමෝහ යැ ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට පරවිතරණ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT21. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJT21. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “ජානතො’හං{1} භික්ඛවෙ පස්සතො ආසවානං ඛයං වදාමි, නො අජානතො නො අපස්සතො. කිඤ්ච භික්ඛවෙ ජානතො කිං පස්සතො ආසවානං ඛයො හොති ‘ඉති රූපං -පෙ- ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො’ති. එවං ඛො භික්ඛවෙ ජානතො එවං පස්සතො ආසවානං ඛයො හොතී”ති.{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද මැ නු “මහණෙනි, මම (නුවණින්) දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද යත්: මහණෙනි, ‘රූපය මෙසේ යැ ... විඥානයාගේ අස්තඞ්ගමය මෙසේ යැ’යි මෙසේ දන්නාහට මෙසේ දක්නාහට ආස්‍රවක්‍ෂය වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං ‘අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJTඅනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT22. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJT22. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “ජානතො’හං භික්ඛවෙ පස්සතො ආසවානං ඛයං වදාමි, නො අජානතො නො අපස්සතො. කිඤ්ච භික්ඛවෙ ජානතො කිං පස්සතො ආසවානං ඛයො හොති ‘ඉදං දුක්ඛන්ති භික්ඛවෙ ජානතො පස්සතො ආසවානං ඛයො හොති, අයං දුක්ඛසමුදයො’ති -පෙ- අයං දුක්ඛනිරොධො’ති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති ජානතො පස්සතො ආසවානං ඛයො හොතී”ති.{b} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද මැ නු “මහණෙනි, මම දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද යත්: මහණෙනි, ‘මේ දුඃඛ යැ’යි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය වෙයි. ‘මේ දුඃඛසමුදයැ’යි ... ‘මේ දුඃඛනිරෝධ යැ’යි ... ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා යැ’යි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය වේ’යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං “අත්ථී අරහතො පරවිතරණා”ති.
Sinhala BJTඅනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT23. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJT23. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “සබ්බං භික්ඛවෙ අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය -පෙ- ඉදං ඛො භික්ඛවෙ{1} අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො. දුක්ඛක්ඛයායා”ති.{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද මැ නො “මහණෙනි, සියල්ල අභිඥා නො කරනුයේ පරිඥා නො කරනුයේ විරාග වශයෙන් දුරු නො කරනුයේ නො හැරපියනුයේ දුඃඛක්‍ෂයට අභව්‍ය වෙයි ... මහණෙනි, මෙසියල්ල අභිඥා කරනුයේ පරිඥා කරනුයේ විරාග වශයෙන් දුරු කරනුයේ හැරපියනුයේ දුඃඛක්‍ෂයට භව්‍ය වේ ය”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJTඅනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT24. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJT24. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු
Pali BJT“සහාවස්ස දස්සනසම්පදාය -පෙ- ඡ චාභිඨානානි අභබ්බො කාතුන්ති”.
Sinhala BJT“ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාහට දර්‍ශනසම්පත් පහළ වන්නා හා මැ ... අභිස්ථාන සදෙන කරන්නට අභව්‍ය වෙයි”
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJTඅනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT25. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJT25. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “යස්මිං භික්ඛවෙ සමයෙ අරියසාවකස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති. සහදස්සනුප්පාදා භික්ඛවෙ අරියසාවකස්ස තීණි සඤ්ඤොජනානි පහීයන්ති: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසොති අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු “මහණෙනි යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාහට ‘යම් කිසිවක් සමුදයස්වභාවය ඇද්ද, එ හැම නිරෝධස්වභාවය ඇති’යි වීතරජස්ක වූ වීතමල වූ ධර්‍මචක්‍ෂුස පහළ වේ ද, මහණෙනි, ඒ දර්‍ශනෝත්පත්තිය පහළ වන්නා හා මැ ආර්‍ය්‍යශ්‍රාවකයාහට තුන් වැදෑරුම් සංයෝජන කෙනෙක් ප්‍රහීණ වෙති: සත්කායදෘෂ්ටි යැ, විචිකිත්සා යැ, ශීලව්‍රතපරාමර්‍ශ යැ”යි මෙසේ වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJTඅනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT26. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJT26. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
Pali BJT“නාහං සහිස්සාමි{1} පමොචනාය කථාකථිං{2} ධොතක කඤ්චි ලොකෙ, ධම්මඤ්ච සෙට්ඨං අභිජානමානො එවං තුවං ඔඝමිමං තරෙසී”ති.{a}
Sinhala BJT“ධෝතකය, ලෝකයෙහි කෙසේ කෙසේදැ’යි සැක සහගිය යම් මැ පුද්ගලයකු මුදන්නට මම අසමර්‍ත්‍ථයෙමි. උතුම් දහම නුවණින් දන්මින් තෝ මෙසේ මේ ඕඝය තරණය කරව”යි
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං ‘අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJTඅනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT27. ප. පු: න වත්තබ්බං ‘අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJT27. ප. පු: ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අරහතො ඉත්ථිපුරිසානං නාමගොත්තං පරෙ විතරෙය්යුං{3}, මග්ගාමග්ගං පරෙ විතරෙය්යුං,{3} තිණකට්ඨවනප්පතීනං නාමං පරෙ විතරෙය්යුන්ති.{3}
Sinhala BJTප. අනු: රහත්හට අන්‍යයෝ ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත් කියන්නාහු නො වෙත් ද, අන්‍යයෝ මාර්‍ගාමාර්‍ග කියන්නාහු නො වෙත් ද, අන්‍යයෝ තෘණකෘෂ්ටවනස්පතීන්ගේ නම් කියන්නාහු නො වෙත් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො ඉත්ථී පුරිසානං නාමගොත්තං පරෙ විතරෙය්යුං, මග්ගාමග්ගං පරෙ විතරෙය්යුං, තිණකට්ඨවනප්පතීනං නාමං පරෙ විතරෙය්යුං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට අන්‍යයෝ ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත් කියත් නම්, අන්‍යයෝ මාර්‍ගාමාර්‍ග කියත් නම්, අන්‍යයෝ තෘණකෘෂ්ටවනස්පතීන්ගේ නම් කියත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි කියැයුතු මැ යැ.
Pali BJT28. ස. පු: ‘අරහතො ඉත්ථීපුරිසානං නාමගොත්තං පරෙ විතරෙය්යුං, මග්ගාමග්ගං පරෙ විතරෙය්යුං, තිණකට්ඨවනප්පතීනං නාමං පරෙ විතරෙය්යුන්ති’ අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJT28. ස. පු: “රහත්හට අන්‍යයෝ ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත් කියති. අන්‍යයෝ මාර්‍ගාමාර්‍ග කියති. අන්‍යයෝ තෘණකෘෂ්ටවනස්පතීන්ගේ නම් කියති” යනු ප්‍රමාණ කොට රහත්හට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං{4} වා පරෙ විතරෙය්යුන්ති.
Sinhala BJTස. අනු: රහත්හට අන්‍යයෝ සෝවත්ඵල හෝ සෙදගැමිඵල හෝ අනගැමිඵල හෝ රහත්ඵල හෝ කියත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTපරවිතරණකථා නිට්ඨිතා.
Sinhala BJTපරවිතරණකථා නිමි.
Pali BJT2. 5.
Sinhala BJT2. 5.