Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT15. ස. පු: අත්ථී අරහතො කඞ්ඛා’ති.
Sinhala BJT15. ස. පු: රහත්හට සැක ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “ජානතො’හං{1} භික්ඛවෙ පස්සතො ආසවානං ඛයං වදාමි, නො අජානතො නො අපස්සතො. කිඤ්ච භික්ඛවෙ ජානතො කිං පස්සතො ඛයො හොති: ‘ඉතිරූපං -පෙ- ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො’ති. එවං ඛො භික්ඛවෙ ජානතො එවං පස්සතො ආසවානං ඛයො හොතී”ති.{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු. “මහණෙනි, මම දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො කියමි. නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද: රූපය මෙසේ යැ ... විඥානයාගේ අස්තඞ්ගමය මෙසේ යැ’යි. මහණෙනි, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට ආස්‍රවක්‍ෂය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං ‘අත්ථී අරහතො කඞ්ඛා’ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘රහත්හට සැක ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT16. ස. පු: අත්ථී අරහතො කඞ්ඛා’ති.
Sinhala BJT16. ස. පු: රහත්හට සැක ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “ජානතො’හං” භික්ඛවෙ පස්සතො ආසවානං ඛයං වදාමි, නො අජානතො නො අපස්සතො, කිඤ්ච භික්ඛවෙ ජානතො කිං පස්සතො ආසවානං ඛයො හොති. “ඉදං දුක්ඛන්ති භික්ඛවෙ -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති ජානතො පස්සතො ආසවානං ඛයො හොති. එවං ඛො භික්ඛවෙ ජානතො එවං පස්සතො ආසවානං ඛයො හොතී”ති.{b} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මම දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො කියමි. නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද? මහණෙනි, ‘මේ දුකැ’යි ... ‘මේ දුඃඛනිරෝධගාමිනී පිළිවෙතැ’යි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. මහණෙනි, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට ආස්‍රවක්‍ෂය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: තෙන හි න වත්තං “අත්ථී අරහතො කඞ්ඛා”ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘රහත්හට සැක ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT17. ස. පු: අත්ථී අරහතො කඞ්ඛා’ති.
Sinhala BJT17. ස. පු: රහත්හට සැක ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. නනු වුත්තං භගවතා: “සබ්බං භික්ඛවෙ අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය -පෙ- ඉදං ඛො භික්ඛවෙ{1} අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයා යා’ති.{a} අත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, හැම සකසා අභිඥා වශයෙන් නො දන්නේ පරිඥා වශයෙන් නොදන්නේ විරාග වශයෙන් නො හරනේ ප්‍රහාණ වශයෙන් නො හරනේ දුඃඛක්‍ෂයට අභව්‍ය වෙයි ... මහණෙනි, මෙ හැම අභිඥාන වශයෙන් දන්නේ පරිඥාන වශයෙන් දන්නේ විරාග වශයෙන් හරනේ ප්‍රහාණ වශයෙන් හරනේ දුඃඛක්‍ෂයට භව්‍ය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං “අත්ථි අරහතො කඞ්ඛා”ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT18. ස. පු: අත්ථි අරහතො කඞ්ඛා’ති.
Sinhala BJT18. ස. පු: රහත්හට සැක ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
Pali BJT“සහාවස්ස දස්සනසම්පදාය -පෙ- ඡ චාභිඨානානි අභබ්බො කාතුන්ති”
Sinhala BJT“ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ දර්‍ශනසම්පත් පහළ වන්නා හා මැ ... අභිස්ථාන සදෙනකුදු කරන්නට අභව්‍ය වෙති”යි
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJT(වදාළ) සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං “අත්ථි අරහතො කඞ්ඛා”ති.
Sinhala BJTඅනු. පා: එ කරුණින් ‘රහත්හට සැක ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT19. ස. පු: අත්ථි අරහතො කඞ්ඛා”ති.
Sinhala BJT19. ස. පටි: රහත්හට සැක ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා. “යස්මිං භික්ඛවෙ සමයෙ අරියසාවකස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති’ සහදස්සනුප්පාදා භික්ඛවෙ අරියසාවකස්ස තීණි සඤ්ඤොජනානි පහීයන්ති: ‘සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො’ති” අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, යම් සමයෙක ආර්‍ය්‍යශ්‍රාවකයාහට ‘යම් කිසි සමුදයධර්‍මයෙක් ඇද්ද, එ හැම නිරෝධස්වභාව යැ’යි විරජ වීතමල ධර්‍මචක්‍ෂුස පහළ වී ද, මහණෙනි, ඒ දර්‍ශන සම්පත් පහළ වන්නා හා මැ ත්‍රිවිධ සංයෝජන කෙනෙක් ප්‍රහීණ වෙත්: (එනම්) සත්කායදෘෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමර්‍ශයැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං “අත්ථි අරහතො කඞ්ඛා”ති.
Sinhala BJTඅනු. ප: එ කරුණින් ‘රහත්හට සැක ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT20. ස. පු: අත්ථි අරහතො කඞ්ඛා’ති.
Sinhala BJT20. ස. පු: රහත්හට සැක ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො:
Pali BJT“යදා හවෙ පාතුභවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස, අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා යතො පජානාති සහෙතුධම්මන්ති.
Sinhala BJT“යම් කලෙකැ කෙලෙස් තවන වැර ඇති ධ්‍යාන කරන බාහිතපාපී වූ රහත්හට (අනුලෝම ප්‍රත්‍යයාකාරප්‍රතිවේධක වූ) බෝපැකි දහම්හු උපදිත් ද, එකල ඔහුට හැම සැකයෝ පහව යෙති. යම් හෙයෙකින් සහේතුක වූ දුඃඛස්කන්‍ධධර්‍මය දන්නේ වේ ද, එහෙයිනි.
Pali BJTයදා හවෙ පාතු භවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස, අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා. යතො ඛයං පච්චයානං අවෙදී’ති.
Sinhala BJTයම් කලෙකැ කෙලෙස් තවන වැර ඇති ධ්‍යාන කරන බාහිතපාපී වූ ක්‍ෂීණාස්‍රවයාහට එකැතින් බෝධිපාක්‍ෂිකධර්‍මයෝ උපදිත් ද එසඳ ඔහුට හැම සැකයෝ නිරුද්ධ වෙති. යම්හෙයෙකින් අවිද්‍යාදි ධර්‍මයන්ගේ (අනුත්පාදනිරෝධ සඞ්ඛ්‍යාත වූ) ක්‍ෂය දන්නේ වේ ද, එහෙයිනි.
Pali BJTයදා හවෙ පාතුභවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස, විධූපයං තිට්ඨති මාරසෙනං සුරියො’ව ඔභාසයමන්තළික්ඛන්ති.{a}
Sinhala BJTයම් කලෙකැ කෙලෙස් තවන වැර ඇති ධ්‍යාන කරන බාහිතපාප ක්‍ෂීණස්‍රවයාහට එකැතින් බෝපැකිදහම්හු උපදිත් ද, (ඒ බෝධිපාක්‍ෂිකධර්‍මමාර්‍ගයෙන්) මරසෙන් නස්මින් හිරු අහස බබුළුවන්නාක් සෙයින් සිටුනේ යැ.”
Pali BJTයා කාචි කඞ්ඛා ඉධ වා හුරං වා සකවෙදියා වා පරවෙදියා වා, ඣායිනො තා පජහන්ති සබ්බා ආතාපිනො බ්රහ්මචරියං චරන්තා’ති.{b}
Sinhala BJTස්වකීය ආත්මභාවයෙහි ලා (ආලම්බන වශයෙන්) දතයුතු වූ හෝ පරාත්මභාවයෙහි ලා දතයුතු වූ හෝ මේ ප්‍රත්‍යුත්පන්න ආත්මභාවයෙහි වැටෙන හෝ අතීතානාගත ආත්මභාවයෙහි වැටෙන හෝ යම් කිසි විචිකිත්සා කෙනෙක් ඇද්ද, කෙලෙස් තවන වැර ඇති බ්‍රහ්මචර්‍ය්‍යය පුරන ධ්‍යායීහු එ හැම සැක හැරපියත්.
Pali BJTයෙ කඞ්ඛා සමතික්කන්තා කඞ්ඛා භූතෙසු පාණිසු, අසංසයා විසංයුත්තා තෙසු දින්නං මහප්ඵලන්ති.
Sinhala BJTඋපන් සැක ඇති ප්‍රාණීන් කෙරෙහි යම් කෙනෙක් සැක ඉක්මැසිටියාහු ද, එහෙයින් සංශය රහිත වූවාහු රාගාදීන් හා විසංයුක්ත වූවාහු වෙත් ද, ඔවුන් විෂයෙහි දුන් දැය මහත්ඵල යි.
Pali BJTඑතාදිසී ධම්මපකාසනෙත්ථ න තත්ථ කිං{1} කඞ්ඛති කොචි සාවකො, නිත්තිණ්ණඔඝං{2} විචිකිච්ඡඡින්නං, බුද්ධං නමස්සාම ජිනං ජනින්දන්ති.{3}{c}
Sinhala BJTමෙහි මෙ බඳු ධර්‍මප්‍රකාශ වෙයි. එහිලා කිසිදු ආර්‍ය්‍යශ්‍රාවකයෙක් කිමැයි සැක නො කෙරෙයි. තරණය කළ ඕඝ ඇති, සිඳැලූ විචිකිත්සා ඇති, ජනෙන්‍ද්‍ර වූ ජිතපඤ්චමාර බුදුන් වඳනම්හ.
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං “අත්ථී අරහතො කඞ්ඛා”ති.
Sinhala BJTඅනු. පා: එ කරුණින් ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT21. ප. පු: න වත්තබ්බං අත්ථී අරහතො කඞ්ඛා’ති.
Sinhala BJT21. ප. පු: ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අරහා ඉත්ථීපුරිසානං නාමගොත්තෙ කඞ්ඛෙය්ය, මග්ගාමග්ගෙ කඞ්ඛෙය්ය, තිණකට්ඨවනප්පතීනං නාමෙ කඞ්ඛෙය්යා’ති.
Sinhala BJTප. අනු: රහත් වනාහි ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත්හි සැක කරන්නේ නො වේ ද? මාර්‍ගාමාර්‍ගයෙහි සැක කරන්නේ නො වේ ද? තෘණකාෂ්ටවනස්පතීන්ගේ නම්හි සැක කරන්නේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා ඉත්ථීපුරිසානං නාමගොත්තෙ කඞ්ඛෙය්ය, මග්ගාමග්ගෙ කඞ්ඛෙය්ය, තිණකට්ඨවනප්පතීනං නාමෙ කඞ්ඛෙය්ය,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත් ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත්හි සැක කරන්නේ වේ නම්, මාර්‍ගාමාර්‍ගයෙහි සැක කරන්නේ වේ නම්, තෘණකාෂ්ටවනස්පතීන්ගේ නම්හි සැක කරන්නේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අත්ථී අරහතො කඞ්ඛා”ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘රහත්හට සැක ඇති’යි කියැයුතු මැ යැ.
Pali BJT22. ස. පු: අරහා ඉත්ථීපුරිසානං නාමගොත්තෙ කඞ්ඛෙය්ය, මග්ගාමග්ගෙ කඞ්ඛෙය්ය, තිණකට්ඨවනප්පතීනං නාමෙ කඞ්ඛ්යො’ති අත්ථී අරහතො කඞ්ඛෙය්යා’ති.
Sinhala BJT22. ස. පු: රහත් ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත්හි සැක කරන්නේ යැ, මාර්‍ගාමාර්‍ගයෙහි සැක කරන්නේ යැ, තෘණකාෂ්ටවනස්පතීන්ගේ නම්හි සැක කරන්නේ යැ’යි ගෙන රහත්හට සැක ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා සොතාපත්තිඵලෙ වා සකදාගාමිඵලෙ වා අනාගාමිඵලෙ වා අරහත්තෙ වා කඞ්ඛෙය්යා’ති.
Sinhala BJTස. අනු: රහත් වනාහි සෝවත්ඵලයෙහි හෝ සෙදගැමිඵලයෙහි හෝ අනගැමිඵලයෙහි හෝ අර්‍හත්ත්‍වයෙහි හෝ සැක කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJTකඞ්ඛාකථා නිට්ඨිතා.
Sinhala BJTකඞ්ඛාකථා නිමි.
Pali BJT2. 4.
Sinhala BJT2. 4.
Pali BJTපරවිතරණකථා{1}
Sinhala BJTපරවිතරණකථා
Pali BJT1. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.{2}
Sinhala BJT1. ස. පු: රහත්හට පරවිතරණය (පරා බසින් දැන් මැ) ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා පරනෙය්යො පරපත්තියො පරපච්චයො පරපටිබද්ධභූ න ජානාති න පස්සති සම්මූළ්හො අසම්පජානො’ති.
Sinhala BJTස. අනු: රහත් වනාහි පරනෙය වූයේ මෙරමා නිසා ප්‍රාප්තව්‍ය (දතයුතු) වූයේ පරප්‍රත්‍යය (අනුන්බස් පිහිට කොට ඇති) වූයේ පරප්‍රතිබද්ධ වූයේ සම්මූඪ වූයේ සම්ප්‍රඥාන නැතියේ නො දන්නේ වේ ද, නො දක්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: නනු අරහා න පරනෙය්යො න පරපත්තියො න පරපටිබද්ධිභූ ජානාති පස්සති අසම්මූළ්හො සම්පජානො’ති.
Sinhala BJTස. අනු: රහත් වනාහි පරනෙය නො වූයේ මෙරමා නිසා ප්‍රාප්තව්‍ය නො වූයේ පරප්‍රත්‍යය නො වූයේ පරප්‍රතිබද්ධ නො වූයේ සම්මූඪ නො වූයේ සම්ප්‍රඥාන ඇතියේ දන්නේ වේ ද, දක්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා න පරනෙය්යො න පරපත්තියො න පරපච්චයො න පරපටිබද්ධභූ ජානාති පස්සති අසම්මූළ්හො සම්පජානො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත් වනාහි පරනෙය නො වූයේ මෙරමා නිසා ප්‍රාප්තව්‍ය නො වූයේ පරප්‍රත්‍යය නො වූයේ පරප්‍රතිබද්ධ නො වූයේ සම්මූඪ නො වූයේ සම්ප්‍රඥාන ඇතියේ දන්නේ වේ නම්, දක්නේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJTඅනු. පා: භවත, රහත්හට පරවිතරණා ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: අත්ථී පුථුජනස්ස පරවිතරණා, සො ච පරනෙය්යො පරපත්තියො පරපච්චයො පරපටිබද්ධභූ, න ජානාති න පස්සතී සම්මූළ්හො අසම්පජානො’ති.
Sinhala BJT2. ස. පු: පෘථග්ජනයාහට පරවිතරණා ඇත. ඒ පෘථග්ජනත් පරනෙය වූයේ පරා නිසා ප්‍රාප්තව්‍ය වූයේ පරා හේතු කොට ඇතියේ පරා අයත් කොට ඇතියේ සම්මූඪ වූයේ සම්ප්‍රඥාන නැතියේ නො දන්නේ වේ ද, නො දක්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො පරවිතරණා, සො ච පරනෙය්යා පරපත්තියො පරපච්චයො පරපටිබද්ධභූ න ජානාති න පස්සති සම්මූළ්හො අසම්පජානො’ති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) රහත්හට පරවිතරණා ඇත. ඒ රහත් ද පරනෙය වූයේ පරා මගින් ප්‍රාප්තව්‍ය වූයේ පරප්‍රත්‍යය වූයේ පරප්‍රතිබද්ධ වූයේ සම්මූඪ වූයේ සම්ප්‍රඥාන නැතියේ නො දන්නේ වේ ද, නො දක්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මෙ ද අඤ්ඤාණකථායෙහි නිදානය මෙනි]
Pali BJT3. ස. පු: අත්ථී අරහතො පරවිතරණා. සො ච න පරනෙය්යො න පරපත්තියො න පරපච්චයො න පරපටිපද්ධභූ ජානාති පස්සති අසම්මූළ්හො සම්පජානො’ති.
Sinhala BJT3. ස. පු: (තොප මතයෙහි) රහත්හට පරවිතරණා ඇත. ඒ රහත් ද පරනෙය නො වූයේ පරා මගින් ප්‍රාප්තව්‍ය නො වූයේ පරප්‍රත්‍යය නො වූයේ පරප්‍රතිබද්ධ නො වූයේ සම්මූඪ නො වූයේ සම්ප්‍රඥාන ඇතියේ දන්නේ වේ ද, දක්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී පුථුජ්ජනස්ස පරවිතරණා සො ච න පරනෙය්යො න පරපත්තියො න පරපටිබද්ධභූ ජානාති පස්සති අසම්මූළ්හො සම්පජානො’ති.
Sinhala BJTස. අනු: පෘථග්ජනයාහට පරවිතරණා ඇත. ඒ පුහුදුනුත් පරනෙය නො වූයේ පරා මගින් ප්‍රාප්තව්‍ය නො වූයේ පරහේතු නැතියේ පරප්‍රතිබද්ධ නො වූයේ සම්මූඪ නො වූයේ සම්ප්‍රඥාන ඇතියේ දන්නේ වේ ද, දක්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT4. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJT4. ස. පු: රහත්හට පරවිතරණා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො සත්ථරි පරවිතරණා. ධම්මෙ පරවිතරණා සඞ්ඝෙ පරවිතරණා සික්ඛාය පරවිතරණා පුබ්බන්තෙ පරවිතරණා අපරන්තෙ පරවිතරණා පුබ්බන්තාපරන්තෙ පරවිතරණා ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු පරවිතරණා’ති.
Sinhala BJTස. අනු: රහත්හට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ ඇද්ද, ධර්‍මයෙහි පරවිතරණ ඇද්ද, සඟුන් කෙරෙහි පරවිතරණ ඇද්ද, ශික්‍ෂායෙහි පරවිතරණ ඇද්ද, පූර්‍වාන්තයෙහි පරවිතරණ ඇද්ද, අපරාන්තයෙහි පරවිතරණ ඇද්ද, පූර්‍වාන්තාපරාන්තයෙහි පරවිතරණ ඇද්ද, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: නත්ථී අරහතො සත්ථරි පරවිතරණා ධම්මෙ පරවිතරණා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු පරවිතරණා’ති.
Sinhala BJTස. අනු: රහත්හට ශාස්තෲන්වහන්සේ කෙරෙහි පරවිතරණ නැද්ද, ධර්‍මයෙහි පරවිතරණ නැද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නත්ථී අරහතො සත්ථරි පරවිතරණා ධම්මෙ පරවිතරණා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු පරවිතරණා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ නැත් නම්, ධර්‍මයෙහි පරවිතරණ නැත් නම් ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට පරවිතරණා ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: අත්ථී පුථුජ්ජනස්ස පරවිතරණා. අත්ථී තස්ස සත්ථරි පරවිතරණා ධම්මෙ පරවිතරණා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු පරවිතරණා’ති.
Sinhala BJT5. ස. පු: පුහුදුන්හට පරවිතරණ ඇත. ඔහුට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ ඇද්ද, ධර්‍මයෙහි පරවිතරණ ඇද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො පරවිතරණා. අත්ථී තස්ස සත්ථරි පරවිතරණා, ධම්මෙ පරවිතරණා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු පරවිතරණා’ති.
Sinhala BJTස. අනු: රහත්හට පරවිතරණ ඇත. ඔහුට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ ඇද්ද, ධර්‍මයෙහි පරවිතරණ ඇද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT6. ස. පු: අත්ථී අරහතො පරවිතරණා. නත්ථී තස්ස සත්ථරි පරවිතරණා, ධම්මෙ පරවිතරණා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු පරවිතරණා’ති.
Sinhala BJT6. ස. පු: රහත්හට පරවිතරණ ඇත. ඔහුට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ නැද්ද, ධර්‍මය කෙරෙහි පරවිතරණ නැද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී පුථුජ්ජනස්ස පරවිතරණා. නත්ථී තස්ස සත්ථරි පරවිතරණා ධම්මෙ පරවිතරණා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු පරවිතරණා’ති.
Sinhala BJTස. අනු: පුහුදුන්හට පරවිතරණ ඇත. ඔහුට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ නැද්ද, ධර්‍මයෙහි පරවිතරණ නැද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT7. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJT7. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො රාගො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො’ති.
Sinhala BJTස. අනු: රහත්හට රාගය පුහුන් නො වේ ද, උසුන්මුල් නො වේ ද, මුදුන්සුන් තලක් සෙයින් කළ අවස්තුකභාව ඇතියේ නො වේ ද, ප්‍රඥායෙන් කළ අභාව ඇතියේ නො වේ ද? මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො රාගො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො,
Sinhala BJTඅනු ඨ: ඉදින් රහත්හට රාගය ප්‍රහීණ වේ නම්, උසුන්මුල් වේ නම්, තාලාවස්තුකෘත වේ නම්, කළ අභාව ඇතියේ වේ නම්, මතු නූපදනා සැහැවි ඇතියේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථී අරහතො පරවිතරණා”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT8. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJT8. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මන්ති.
Sinhala BJTස. අනු: රහත්හට ද්වේෂය ප්‍රහීණ නො වේ ද ... මෝහය ප්‍රහීණ නො වේ ද ... අනපත්‍රපා ප්‍රහීණ නො වේ ද, උසුන්මුල් නො වේ ද, තාලාවස්තුකෘත නො වේ ද, කළ අභාව ඇතියේ නො වේ ද, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො අනොත්තප්පං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වේ නම්, උසුන්මුල් වේ නම්, තාලාවස්තුකෘත වේ නම්, කළ අභාව ඇතියේ වේ නම්, මතු නූපදනා සැහැවි ඇතියේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT9. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
Sinhala BJT9. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.