Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4101-4200 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “සබ්බං භික්ඛවෙ අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය -පෙ- ඉදං ඛො භික්ඛවෙ.{1} අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය”ති{b} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, හැම නුවණින් නො දන්නේ වෙසෙසින් නො දන්නේ විරාග විසින් නො පියන්නේ නුවණින් නො දුරු කරන්නේ දුඃඛක්‍ෂය පිණිස අභව්‍ය වෙයි. මහණෙනි, මේ හැම නුවණින් දන්නේ වෙසෙසින් දන්නේ විරාග විසින් පියන්නේ දුරුකරන්නේ දුඃඛක්‍ෂය පිණිස භව්‍ය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT30. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJT30. ස. පු: රහත්ට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
Pali BJT“සහාවස්ස දස්සනසම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති: සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච සීලබ්බතං වා’පි යදත්ථි කිඤ්චි, චතූහපායෙහි ච විප්පමුත්තො, ඡචාභිඨානානි අභබ්බො කාතුන්ති.”{c}
Sinhala BJT“ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ දර්‍ශනසම්පත් (සෝවත් මගනුවණ) පහළ වන්නා හා මැ ධර්‍මයෝ තුන් දෙනෙක් ප්‍රහීණ වූවාහු වෙති: සත්කායදෘෂ්ටිය, විචිකිත්සාය, යම් මැ ශීලව්‍රතයෙක් හෝ ඇද්ද, මොහු යි. සතර අපායයෙන්ද විප්‍රමුක්ත වූයේ, (පඤ්චානන්තර්‍ය්‍ය, මිථ්‍යාදෘෂ්ටි යන) ෂට් අභිස්ථාන – (මහාසාවද්‍යකර්‍ම) යනුදු කරන්නට අභව්‍ය වෙති”යි
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT31. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJT31. ස. පු: රහත්ට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “යස්මිං භික්ඛවෙ සමයෙ අරියසාවකස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදිං: යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති, සහ දස්සනුප්පාදා භික්ඛවෙ අරියසාවකස්ස තීණි සඤ්ඤොජනානි පහීයන්ති: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො”ති. අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, යම් කලෙකැ ආර්‍ය්‍යශ්‍රාවකයාහට රාගාදි රජස් රහිත පැහූ මල ඇති ධර්‍මචක්‍ෂුස පහළ වී ද: ‘යම් මැ සමුදයධර්‍මයෙක් වේ නම් එ හැම නිරෝධස්වභාව වෙති’යි. මහණෙනි, ඒ දර්‍ශනෝත්පත්ති හා මැ ආර්‍ය්‍යශ්‍රාවකයාහට සත්කායදෘෂ්ටි, විචිකිත්සා, ශීලව්‍රතපරාමර්‍ශ යන ත්‍රිවිධ සංයෝජනයෝ ප්‍රහීණ වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT32. ප. පු: න වත්තබ්බං: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJT32. ප. පු: ‘රහත්ට අඥාන ඇති’යි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අරහා ඉත්ථීපුරිසානං නාමගොත්තං න ජානෙය්ය, මග්ගාමග්ගං න ජානෙය්ය, තිණකට්ඨවනප්පතීනං නාමං න ජානෙය්යා’ති.
Sinhala BJTප. අනු: රහත් වනාහි ස්ත්‍රීපුරුෂයන්ගේ නාමගෝත්‍ර නො දන්නේ නො? මාර්‍ගාමාර්‍ග නො දන්නේ නො? තෘණකාෂ්ටවනස්පතීන්ගේ නම් නො දන්නේ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා ඉත්ථීපුරිසානං නාමගොත්තං න ජානෙය්ය, මග්ගාමග්ගං න ජානෙය්ය, තිණකට්ඨවනප්පතීනං නාමං න ජානෙය්ය,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත් වනාහි ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත් නො දන්නේ වේ නම්, මග නො මග නො දන්නේ වේ නම්, තෘණකාෂ්ට වනස්පතීන්ගේ නම් නො දන්නේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි කියැයුතු මැ යැ.
Pali BJT33. ස. පු: “අරහා ඉත්ථීපුරිසානං නාමගොත්තං න ජානෙය්ය, මග්ගාමග්ගං න ජානෙය්ය, තිණකට්ඨවනප්පතීනං නාමං න ජානෙය්යා”ති අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJT33. ස. පු: රහත් වනාහි ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත් නො දන්නේ යැ, මඟ නො මඟ නො දන්නේ යැ, තෘණකාෂ්ටවනස්පතීන්ගේ නම් නො දන්නේ යැයි ගෙන රහත්හට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා න ජානෙය්යා’ති.
Sinhala BJTස. අනු: රහත් සෝවත්ඵල හෝ සෙදගැමිඵල හෝ අනගැමිඵල හෝ රහත්ඵල හෝ නො දන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැතු මැ යැ ...
Pali BJTඅඤ්ඤාණකථා නිට්ඨිතා.
Sinhala BJTඅඤ්ඤාණකථා නිමි.
Pali BJT2. 3.
Sinhala BJT2. 3.
Pali BJTකඞ්ඛාකථා
Sinhala BJTකඞ්ඛාකථා
Pali BJT1. ස. පු: අත්ථී අරහතො කඞ්ඛා’ති.
Sinhala BJT1. ස. පු: රහත්හට සැක ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො විචිකිච්ඡා, විචිකිච්ඡාපරියුට්ඨානං, විචිකිච්ඡාසඤ්ඤොජනං, විචිකිච්ඡානීවරණන්ති.
Sinhala BJTස. අනු: රහත්හට විචිකිත්සා ඇද්ද? විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සා සංයෝජන විචිකිත්සානීවරණ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT2. ස. පු: නත්ථී අරහතො විචිකිච්ඡා, විචිකිච්ඡාපරියුට්ඨානං, විචිකිච්ඡාසඤ්ඤොජනං, විචිකිච්ඡානීවරණන්ති.
Sinhala BJT2. ස. පු: රහත්හට විචිකිත්සා නැද්ද? විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සා සංයෝජන විචිකිත්සානීවරණ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නත්ථී අරහතො විචිකිච්ඡා, විචිකිච්ඡාපරියුට්ඨානං, විචිකිච්ඡාසඤ්ඤොජනං, විචිකිච්ඡානීවරණං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට විචිකිත්සා නැත්නම් විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සාසංයෝජන විචිකිත්සානීවරණ නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථී අරහතො කඞ්ඛා”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අත්ථී පුථුජ්ජනස්ස කඞ්ඛා, අත්ථී තස්ස විචිකිච්ඡා, විචිකිච්ඡාපරියුට්ඨානං, විචිකිච්ඡා සඤ්ඤොජනං, විචිකිච්ඡානීවරණන්ති.
Sinhala BJT3. ස. පු: පුහුදුන්හට සැක ඇද්ද? ඔහුට විචිකිත්සා ඇද්ද? විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සාසංයෝජන විචිකිත්සානීවරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො කඞ්ඛා, අත්ථී තස්ස විචිකිච්ඡා, විචිකිච්ඡාපරියුට්ඨානං, විචිකිච්ඡාසඤ්ඤොජනං, විචිකිච්ඡානීවරණන්ති.
Sinhala BJTස. අනු: රහත්හට සැක (තොප මතයෙහි) ඇත. ඔහුට විචිකිත්සා ඇද්ද, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සාසංයෝජන විචිකිත්සානීවරණ ඇද්ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[අඤ්ඤාණකථායෙහි නිදානය මෙනි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT4. ස. පු: අත්ථී අරහතො කඞ්ඛා. නත්ථී තස්ස විචිකිච්ඡා, විචිකිච්ඡාපරියුට්ඨානං, විචිකිච්ඡාසඤ්ඤොජනං, විචිකිච්ඡානීවරණන්ති.
Sinhala BJT4. ස. පු: රහත්හට සැක ඇද්ද? ඔහුට විචිකිත්සා නැද්ද? විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සාසංයෝජනා විචිකිත්සානීවරණ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී පුථුජ්ජනස්ස කඞ්ඛා. නත්ථී තස්ස විචිකිච්ඡා, විචිකිච්ඡාපරියුට්ඨානං, විචිකිච්ඡාසඤ්ඤොජනං, විචිකිච්ඡානීවරණන්ති.
Sinhala BJTස. අනු: පුහුදුන්හට සැක ඇද්ද? ඔහුට විචිකිත්සා නැද්ද? විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සාසංයෝජනා විචිකිත්සානීවරණ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT5. ස. පු: අත්ථී අරහතො කඞ්ඛා’ති.
Sinhala BJT5. ස. පු: රහත්හට සැක ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො සත්ථරි කඞ්ඛා ධම්මෙ කඞ්ඛා සඞ්ඝෙ කඞ්ඛා සික්ඛාය කඞ්ඛා පුබ්බන්තෙ කඞ්ඛා අපරන්තෙ කඞ්ඛා පුබ්බාපරන්තෙ කඞ්ඛා ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛා’ති.
Sinhala BJTස. අනු: රහත්හට ශාස්තෲන් කෙරෙහි සැක ඇද්ද? ධර්‍මයෙහි සැක ඇද්ද, සඞ්ඝයා කෙරෙහි සැක ඇද්ද, ශික්‍ෂායෙහි සැක ඇද්ද, පූර්‍වාන්තයෙහි සැක ඇද්ද, අපරාන්තයෙහි සැක ඇද්ද, පූර්‍වාන්තාපරාන්තයෙහි සැක ඇද්ද, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි සැක ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: නත්ථී අරහතො සත්ථරි කඞ්ඛා ධම්මෙ කඞ්ඛා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛා’ති.
Sinhala BJTස. පු: රහත්හට ශාස්තෲන් කෙරෙහි සැක නැද්ද, ධර්‍මයෙහි සැක ... ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි සැක නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නත්ථී අරහතො සත්ථරි කඞ්ඛා ධම්මෙ කඞ්ඛා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට ශාස්තෲන් කෙරෙහි සැක නැත් නම්, ධර්‍මයෙහි සැක නැත්නම් ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි සැක නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො කඞ්ඛා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට සැක ඇතැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT6. ස. පු: අත්ථී පුථුජ්ජනස්ස කඞ්ඛා. අත්ථී තස්ස සත්ථරි කඞ්ඛා ධම්මෙ කඞ්ඛා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛා’ති.
Sinhala BJT6. ස. පු: පුහුදුන්හට සැක ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි සැක ඇද්ද? ධර්‍මයෙහි සැක ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍ය සමුත්පන්නධර්‍මයෙහි සැක ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො කඞ්ඛා. අත්ථී තස්ස සත්ථරි කඞ්ඛා ධම්මෙ කඞ්ඛා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛා’ති.
Sinhala BJTස. අනු: රහත්හට (තොප මතයෙහි) සැක ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි සැක ඇද්ද? ධර්‍මයෙහි සැක ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි සැක ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT7. ස. පු: අත්ථී අරහතො කඞ්ඛා. නත්ථී තස්ස සත්ථරි කඞ්ඛා ධම්මෙ කඞ්ඛා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛා’ති.
Sinhala BJT7. ස. පු: රහත්හට (තොප මතයෙහි) සැක ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි සැක නැද්ද? ධර්‍මයෙහි සැක ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි සැක නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී පුථුජ්ජනස්ස කඞ්ඛා. නත්ථී තස්ස සත්ථරි කඞ්ඛා ධම්මෙ කඞ්ඛා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛා’ති.
Sinhala BJTස. අනු: පුහුදුන්හට සැක ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි සැක නැද්ද? ධර්‍මයෙහි සැක ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි සැක නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT8. ස. පු: අත්ථී අරහතො කඞ්ඛා’ති.
Sinhala BJT8. ස. පු: රහත්හට සැක ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො රාගො පහීනො උච්ඡින්නමූලො, තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො’ති.
Sinhala BJTස. අනු: රහත්හට රාගය ප්‍රහීණ වූයේ උසුන්මුල් වූයේ මුදුන්සුන් තලක් සේ කළ අවස්තුකභාව ඇතියේ නුවණින් කළ අභාව ඇතියේ මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො රාගො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො,
Sinhala BJTඅනු ඨ: ඉදින් රහත්හට රාගය ප්‍රහීණ වේ නම්, උසුන්මුල් වේ නම්, මුදුන්සුන් තලක් සේ කළ අවස්තුකභාව ඇතියේ වේ නම්, නුවණින් කළ අභාව ඇතියේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො කඞ්ඛා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT9. ස. පු: අත්ථි අරහතො කඞ්ඛා’ති.
Sinhala BJT9. ස. පු: රහත්හට සැක ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොතප්පං පහීනං -පෙ- රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා -පෙ- දොසප්පහානාය -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා, නනු අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතන්ති.
Sinhala BJTස. අනු: රහත්හට ද්වේෂය ප්‍රහීණ වූයේ නො වේ ද ... මෝහය ප්‍රහීණ වූයේ නො වේ ද ... අනපත්‍රපා ප්‍රහීණ වූයේ නො වේ ද ... රාගප්‍රහාණයට මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ග භාවිත නො වේ ද ... ද්වෙෂප්‍රහාණයට ... අනපත්‍රපා ප්‍රහාණයට මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ග භාවිත නො වේ ද? රහත් ප්‍රහීණරාග ප්‍රහීණද්වේෂ ප්‍රහීණමොහ නො වේ ද ... (රහත්හු විසින්) පසක් කළයුතු දැය පසක් කරන ලද නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං.
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත් ප්‍රහතරාග වේ නම්, ප්‍රහතද්වේෂ වේ නම් ... සාක්‍ෂාත් කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො කඞ්ඛා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT10. ස. පු: අත්ථී අරහතො කඞ්ඛා’ති.
Sinhala BJT10. ස. පු: රහත්හට සැක ඇද්ද?
Pali BJTප. වි: සද්ධම්මකුසලස්ස අරහතො අත්ථී කඞ්ඛා, පරධම්මකුසලස්ස අරහතො නත්ථී කඞ්ඛා’ති.
Sinhala BJTප. වි: ප්‍රඥාවිමුක්ත රහත්හට සැක ඇත. උභතෝභාග විමුක්ත රහත්හට සැක නැත.
Pali BJTස. අනු: සධම්මකුසලස්ස අරහතො අත්ථී කඞ්ඛා’ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත්හට සැක ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො අත්ථී කඞ්ඛා’ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට සැක ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො නත්ථී කඞ්ඛා’ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට සැක නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලස්ස අරහතො නත්ථී කඞ්ඛා’ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත්හට සැක නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT11. ස. පු: සධම්මකුසලස්ස අරහතො රාගො පහීනො. අත්ථී තස්ස තස්ස කඞ්ඛා’ති.
Sinhala BJT11. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට සැක ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො රාගො පහීනො. අත්ථී තස්ස කඞ්ඛා’ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට සැක ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT12. ස. පු: සධම්මකුසලස්ස අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං -පෙ- රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා -පෙ- දොසප්පහානාය -පෙ- මොහප්පහානාය -පෙ- අනොත්තප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා -පෙ-
Sinhala BJT12. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ ... මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ ... රාගප්‍රහාණයට මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වෙෂප්‍රහාණයට ... මොහප්‍රහාණයට ... අනපත්‍රපාප්‍රහාණයට මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ...
Pali BJT13. ස. පු: සධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං. අත්ථී තස්ස කඞ්ඛා’ති.
Sinhala BJT13. ස. පු: ස්වධර්‍මකුශල රහත් වීතරාග වෙයි, වීතද්වේෂ වෙයි, වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට සැක ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං. අත්ථී තස්ස කඞ්ඛා’ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත් වීතරාග වෙයි, වීතද්වේෂ වෙයි, වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට සැක ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT14. ස. පු: පරධම්මකුසලස්ස අරහතො රාගො පහීනො. නත්ථී තස්ස කඞ්ඛා’ති.
Sinhala BJT14. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට සැක නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලස්ස අරහතො රාගො පහීනො. නත්ථී තස්ස කඞ්ඛා’ති
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට සැක නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: පරධම්මකුසලස්ස අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං -පෙ- රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා -පෙ- දොසප්පහානාය -පෙ- මොහප්පහානාය -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා -පෙ- පරධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං නත්ථී තස්ස නත්ථී තස්ස කඞ්ඛා’ති.
Sinhala BJTස. පු: පරධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ ... මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ ... රාගප්‍රහාණයට මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වෙෂප්‍රහාණයට ... මොහප්‍රහාණයට ... අනපත්‍රපාප්‍රහාණයට මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... පරධර්‍මකුශල රහත් වීතරාග වෙයි, වීතද්වේෂ වෙයි, වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට සැක නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං. නත්ථී තස්ස කඞ්ඛා’ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත් වීතරාග වෙයි, වීතද්වේෂ වෙයි, වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට සැක නැද්ද?