Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො දොසප්පහානාය -පෙ- මොහප්පනාය -පෙ- අනොත්තප්පප්පහානාය -පෙ- මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා’ති.
Sinhala BJTස. අනු: රහත්හට ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස ... අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ග භාවිත නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො අනොත්තප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJTඅපු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය ඇත’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT27. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJT27. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහා වීතරාගො වීතදොසො වීතමොහො කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො උක්ඛිත්තපලිඝො සංකිණ්ණපරිඛො අබ්බූළ්හෙසිකො නිරග්ගළො අරියො පන්නධජො පන්නභාරො විසඤ්ඤුත්තො සුවිජිතවිජයො, දුක්ඛං තස්ස පරිඤ්ඤාතං සමුදයො පහීනො නිරොධො සච්ඡිකතො මග්ගො භාවිතො, අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං පරිඤ්ඤෙය්යං පරිඤ්ඤාතං පහාතබ්බං පහීනං භාවෙතබ්බං භාවිතං සච්ඡිකාතබ්බං සච්ඡිකතන්ති.
Sinhala BJTස. අනු: රහත් වනාහි වීතරාග වූයේ වීතද්වේෂ වූයේ වීතමෝහ වූයේ කළ කරණී ඇතියේ බහාලූ කෙලෙස්බර ඇතියේ පැමිණි රහත්ඵල ඇතියේ පරික්‍ෂීණභවසංයෝජන ඇතියේ මොනොවට දැන මිදී සිටියේ පෙරළු කෙලෙස් කනයම ඇතියේ විසුරුවාලූ කෙලෙස් පිරි ඇතියේ උගුළුවාලූ කෙලෙස් නමැති ඉන්‍ද්‍රකීල ඇතියේ අපගත ක්ලේශාර්‍ගල ඇතියේ ආර්‍ය්‍ය වූයේ හෙළු මානධ්වජ ඇතියේ ගිලිහුණු කෙලෙස්බර ඇතියේ විසංයුක්ත වූයේ මොනවට දුනු කෙලෙස්විජය ඇතියේ නො වේ ද? ඔහු විසින් දුඃඛය පරිඥාත නො වේ ද? සමුදය ප්‍රහීණ නො වේ ද? නිරෝධය සාක්‍ෂාත්කෘත නො වේ ද? මාර්‍ගය භාවිත නො වේ ද? අභිඥෙයධර්‍ම අභිඥාත නො වේ ද? පරිඥෙයධර්‍ම පරිඥාත නො වේ ද? ප්‍රහාතව්‍ය ධර්‍ම ප්‍රහීණ නො වේ ද? භාවිතව්‍යධර්‍ම භාවිත නො නො වේ ද? සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු: ඨ: හඤ්චි අරහා වීතරාගො වීතදොසො වීතමොහො කතකරණීයො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං,
Sinhala BJTඅනු: ඨ: ඉදින් රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ කෘතකරණීය වේ නම් ... (ඔහු විසින්) සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇති’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT28. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJT28. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද් ද?
Pali BJTප. වි: සධම්මකුසලස්ස අරහතො අත්ථී අසුචි සුක්කවිසට්ඨි, පරධම්මකුසලස්ස අරහතො නත්ථී අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJTප. වි: ස්වධර්‍මකුශල (ප්‍රඥාවිමුක්ත) වූ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත. පරධර්‍මකුශල (උභතොභාගවිමුක්ත) වූ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැත.
Pali BJTස. පු: සධම්මකුසලස්ස අරහතො අත්ථී අසුචි සුක්කවිසට්ඨීති.
Sinhala BJTස. පු: ස්වධර්‍මකුශල (තමා සතු රහත්දහම් මතුයෙහි දක්‍ෂ) වූ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො අත්ථී අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල (සිය දහමින් අන්‍ය වූ අෂ්ටසමාපත්ති ධර්‍මයෙහි දක්‍ෂ) රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT29. ස. පු: පරධම්මකුසලස්ස අරහතො නත්ථී අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJT29. ස. පු: පරධර්‍මකුශල රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලස්ස අරහතො නත්ථි අසුචිසුක්කවිසට්ඨී’ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT30. ස. පු: සධම්මකුසලස්ස අරහතො රාගො පහීනො, අත්ථී තස්ස අසුචි සුක්කවිට්ඨි’ති.
Sinhala BJT30. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො රාගො පහීනො, අත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT31. ස. පු: සධම්මකුසලස්ස අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං, අත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJT31. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂ ප්‍රහීණ වෙයි ... මෝහ ප්‍රහීණ වෙයි … අනපත්‍රපා ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො අනොත්තප්පං පහීනං, අත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වෙයි, ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT32. ස. පු: සධම්මකුසලස්ස අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා -පෙ- දොසප්පහානාය -පෙ- මොහප්පහානාය -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා, අත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJT32. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වෙයි ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස ... අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ, ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො අනොත්තප්පප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා, අත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT33. ස. පු: සධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං, අත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJT33. ස. පු: ස්වධර්‍මකුශල රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං, අත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT34. ස. පු: පරධම්මකුසලස්ස අරහතො රාගො පහීනො නත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJT34. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලස්ස අරහතො රාගො පහීනො, නත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත්හට රාගප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT35. ස. පු: පරධම්මකුසලස්ස අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං, නත්ථී තස්ස අසුචි සුක්කවිට්ඨි’ති.
Sinhala BJT35. ස. පු: පරධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ වෙයි ... මෝහය ප්‍රහීණ වෙයි … අනපත්‍රපා ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලස්ස අරහතො අනොත්තප්පං පහීනං, නත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පු: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT36. ස. පු: පරධම්මකුසලස්ස අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා -පෙ- දොසප්පහානාය -පෙ- මොහප්පහානාය -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා, නත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJT36. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහයාණය පිණිස ... අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලස්ස අරහතො අනොත්තප්පප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා, නත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත්හට අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT37. ස. පු: පරධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං, නත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJT37. ස. පු: පරධර්‍මකුශල රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතාබ්බං සච්ඡිකතං, නත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත්හට වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT38. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJT38. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “යෙ කෙචි භික්ඛවෙ භික්ඛූ පුථුජ්ජනා සීලසම්පන්නා සතා සම්පජානා නිද්දං ඔක්කමන්ති, තෙසං අසුචි න මුච්චති. යෙ’පි තෙ භික්ඛවෙ, බාහිරකා ඉසයො කාමෙසු වීතරාගා, තෙසම්පි අසුචි න මුච්චති. අට්ඨානමෙතං භික්ඛවෙ, අනවකාසො යං අරහතො අසුචි මුච්චෙය්යා’ති”{a} අත්ථෙ’ව සුත්තන්තොති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, යම් මැ මහණ කෙනෙක් පුහුදුන් වූවාහු සිල් සපන් වූවාහු සිහි ඇතියාහු සම්ප්‍රඥාන ඇත්තාහු නිද්‍රාවට බැසගනිත් ද, උනට අසුචි නො මිදේ. මහණෙනි, කාමයෙහි වීතරාග වූ කාමවිෂයෙහි පැහු රාග ඇති යම් ඒ බාහිර ඍෂීහු වෙත් ද, උනට ද අසුචි නො මිදේ. මහණෙනි, ‘රහත්හට අසුචි මිදේ’ යන යම් කරුණෙක් ඇද්ද, තෙල කරුණ අස්ථාන යැ. වන්නට අවකාශ නැතැ”යි වදාළ සූත්‍රාන්ත ඇත්තේ මැ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇති, යනු නො කියැයුතු යැ.
Pali BJT39. ප. පු: න වත්තබ්බං අත්ථී අරහතො පරූපහාරො’ති.
Sinhala BJT39. ප. පු: ‘රහත්හට පරෝපහාර ඇති’යි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අරහතො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරෙ උපසංහරෙය්යුන්ති,
Sinhala BJTප. අනු: රහත්හට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර අන්හු එළවාලන්නාහු නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරෙ උපසංහරෙය්යුං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර අන්හු එළවාලන්නාහු නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අත්ථී අරහතො පරූපහාරො”ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘රහත්හට පරෝපහාර ඇති’යි කියැයුතු මැ යැ.
Pali BJT40. ස. පු: “අරහතො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරෙ උපසංහරෙය්යුන්ති” අත්ථී අරහතො පරූපහාරො’ති.
Sinhala BJT40. ස. පු: ‘රහත්හට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර අනුන් එළවතී’යි රහත්හට පරෝපහාර ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා පරෙ උපසංහරෙය්යුන්ති.
Sinhala BJTස. අනු: ‘රහත්හට සෝවත්ඵල වේවයි සෙදගැමිඵල වේවයි අනගැමිඵල වේවයි රහත්බව වේවයි පරහු එළවාලත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTපරූපහාරකථා නිට්ඨිතා.
Sinhala BJTපරොපහාරකථා නිමි.
Pali BJT2. 2.
Sinhala BJT2. 2.
Pali BJTඅඤ්ඤාණකථා.
Sinhala BJTඅඤ්ඤාණකථා
Pali BJT1. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJT1. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාසඤ්ඤොජනං අවිජ්ජානීවරණන්ති.
Sinhala BJTස. අනු: රහත්හට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT2. ස. පු: නත්ථී අරහතො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාසඤ්ඤොජනං අවිජ්ජානීවරණන්ති.
Sinhala BJT2. ස. පු: රහත්හට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග, අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු: ඨ: හඤ්චි නත්ථී අරහතො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාසඤ්ඤොජනං අවිජ්ජානීවරණං.
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථී අරහතො අඤ්ඤාණන්ති”.
Sinhala BJTඅනු: පා: භවත, ‘රහත්හට අඥාන ඇති’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අත්ථී පුථුජ්ජනස්ස අඤ්ඤාණං, අත්ථී තස්ස අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජා පරියුට්ඨානං අවිජ්ජාසඤ්ඤොජනං අවිජ්ජානීවරණන්ති,
Sinhala BJT3. ස. පු: පුහුදුන්හට අඥාන ඇත. උහුට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ස්ත්‍රීපුරුෂාදීන්ගේ නාමගෝත්‍රාදියෙහි ඥානප්‍රවෘත්ති නැතියෙන් ‘රහත්නට අඥාන ඇති’යි ගත් පූර්‍වශෛලීයාදී නිකායාන්තරවාසීන්ගේ ලබ්ධි බිඳුනට අඤ්ඤාණකථා එයි.]
Pali BJTස. අනු: අත්ථී අරහතො අඤ්ඤාණං, අත්ථී තස්ස අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාසඤ්ඤොජනං අවිජ්ජජානීවරණන්ති.
Sinhala BJTස. අනු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. උහුට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT4. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණං, නත්ථි තස්ස අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාසඤ්ඤොජනං අවිජ්ජානීවරණන්ති.
Sinhala BJT4. ස. පු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. ඔහුට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී පුථුජ්ජනස්ස අඤ්ඤාණං, නත්ථී තස්ස අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාසඤ්ඤොජනං අවිජ්ජානීවරණන්ති.
Sinhala BJTස. අනු: පුහුදුන්හට අඥාන ඇත. ඔහුට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT5. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJT5. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා “අඤ්ඤාණාපකතො පාණං හනෙය්ය, අදින්නං ආදියෙය්ය, මුසා භණෙය්ය, පිසුණං භණෙය්ය, ඵරුසං භණෙය්ය, සම්ඵං පලපෙය්ය{1} සන්ධිං ඡින්දෙය්ය, නිල්ලොපං හරෙය්ය, එකාගාරිකං කරෙය්ය, පරිපන්ථෙ තිට්ඨෙය්ය, පරදාරං ගච්ඡෙය්ය, ගාමඝාතං කරෙය්ය, නිගමඝාතං කරෙය්යා” ති.
Sinhala BJTස. අනු: රහත් අඥානයෙන් උපද්‍රැත වූයේ පණ නසන්නේ වේ ද, අයිනාදන් ගන්නේ වේ ද, මුසවා බණන්නේ වේ ද, පෙහෙසුන් බණන්නේ වේ ද, පරොස්බස් බණන්නේ වේ ද, පලප් බණන්නේ වේ ද, ගෘහසන්‍ධි සිඳුනේ වේ ද, ගම් වොලොගන්නේ වේ ද, ඒකාගාරික කම් කරන්නේ වේ ද, කඩපලාසොරකම්හි සිටුනේ වේ ද, පරදාරයට යේ ද, ගාමඝාත කෙරේ ද, නිගමඝාත කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT6. ස. පු: අත්ථී පුථුජ්ජනස්ස අඤ්ඤාණං, පුථුජ්ජනො අඤ්ඤාණාපකතො පාණං, හනෙය්ය අදින්නං ආදියෙය්ය, මුසා භණෙය්ය -පෙ- ගාමඝාතං කරෙය්ය, නිගමඝාතං කාරෙය්යා’ති.
Sinhala BJT6. ස. පු: පුහුදුනට අඥාන ඇත. පුහුදුන් අඥානයෙන් මඩනා ලදුයේ පණ නසා ද, අයිනාදන් කෙරේ ද, මුසවා බෙණේ ද ... ගාමඝාත කම් කෙරේ ද, නිගමඝාත කම් කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො අඤ්ඤාණං, අරහා අඤ්ඤාණාපකතො පාණං හනෙය්ය, අදින්නං ආදියෙය්ය -පෙ- ගාමඝාතං කරෙය්ය, නිගමඝාතං කරෙය්යා’ති.
Sinhala BJTස. අනු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. රහත් අඥානයෙන් මඩනා ලදුයේ පණ නසා ද, අයිනාදන් ගනී ද, ගම් පැහැරීම් කෙරේ ද, නියම්ගම් පැහැරීම් කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT7. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණං, න ච අරහා අඤ්ඤාණාපකතො පාණං හනෙය්ය, අදින්නං ආදියෙය්ය -පෙ- ගාමඝාතං කරෙය්ය, නිගමඝාතං කරෙය්යා’ති.
Sinhala BJT7. ස. පු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. රහත් අඥානයෙන් උපද්‍රැත වූයේ පණ නො නසන්නේ වේ ද, අයිනාදන් නො ගන්නේ වේ ද, ... ගම් පැහැරීම් නො කරන්නේ වේ ද, නියම්ගම් පැහැරීම් නො කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී පුථුජ්ජනස්ස අඤ්ඤාණං, න ච පුථුජ්ජනො අඤ්ඤාණාපකතො පාණං හනෙය්ය, අදින්නං ආදියෙය්ය -පෙ- ගාමඝාතං කරෙය්ය, නිගමඝාතං කරෙය්යා’ති.
Sinhala BJTස. අනු: පුහුදුනට අඥාන ඇත. පුහුදුන් අඥානයෙන් උපද්‍රැත වූයේ පණ නො නසන්නේ වේ ද, අයිනාදන් නො ගන්නේ වේ ද, ... ගාමඝාතකර්‍ම නො කරන්නේ වේ ද, නිගමඝාතකර්‍ම නො කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...