Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3801-3900 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅනු. පා: නො ච වත{1} රෙ වත්තබ්බෙ: ‘මාරකායිකා, දෙවතා{2} අරහතො අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලති’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT6. ස. පු: මාරකායිකා දෙවතා අරහතො අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී’ති.
Sinhala BJT6. ස. පු: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මාරකායිකා දෙවතා අත්තනො අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්ති, අඤ්ඤෙසං අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්ති, තස්ස අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී’ති.
Sinhala BJTස. අනු: මාරකායික දෙවියෝ තමන්ගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද? මෙරමාගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද? ඔහුගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT7. ස. පු: මාරකායිකා දෙවතා නෙව අත්තනො න අඤ්ඤෙසං න තස්ස අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී’ති.
Sinhala BJT7. ස. පු: මාරකායික දෙවියෝ තමන්ගේ ශුක්‍රවිසෘෂ්ටි නො එළවාලත් ද? මෙරමාගේ ශුක්‍රවිසෘෂ්ටි නො එළවාලත් ද? ඔහුගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි නො එළවාලත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (නිර්‍මාණ කොට එළවතී යනු සිත තබා පිළින කෙරෙති.)
Pali BJTඅනු. ඨ: හඤ්චි මාරකායිකා දෙවතා නෙව අත්තනො න අඤ්ඤෙසං න තස්ස අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්ති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් මාරකායික දෙවියෝ තමන්ගේ ශුක්‍ර නො එළවත් නම් මෙරමාගේ ශුක්‍ර නො එළවත් නම් ඔහුගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි නො එළවත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “මාරකායිකා දෙවතා අරහතො අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලති’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT8. ස. පු: මාරකායිකා දෙවතා අරහතො අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී’ති.
Sinhala BJT8. ස. පූ: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොමකූපෙහි උපසංහරන්තී’ති.
Sinhala BJTස. අනු: ලෝමකූපයෙන් එළවාලත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT9. ස. පු: මාරකායිකා දෙවතා අරහතො අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී’ති.
Sinhala BJT9. ස. පු: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: කිං කාරණා’ති.
Sinhala BJTස. පු: කවර කරුණින.
Pali BJTප. වි: හන්ද හි විමතිං ගාහයිස්සාමා’ති.
Sinhala BJTප. වි: ‘විමති ගන්වම්හ’ යි.
Pali BJTස. අනු: අත්ථී අරහතො විමතී’ති.
Sinhala BJTස. අනු: රහත්හට විමති ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT10. ස. පු: අත්ථී අරහතො විමතී’ති.
Sinhala BJT10. ස. පු: රහත්හට විමති ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො සත්ථරි විමති, ධම්මෙ විමති, සඞ්ඝෙ විමති, සික්ඛාය විමති, පුබ්බන්තෙ විමති, අපරන්තෙ විමති, පුබ්බන්තාපරන්තෙ විමති, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු විමතී’ති.
Sinhala BJTස. අනු: රහත්හට ශාස්තෲන් කෙරෙහි විමති ඇද්ද? දහමෙහි විමති ඇද්ද? සඟුන් කෙරෙහි විමති ඇද්ද? ශික්‍ෂායෙහි විමති ඇද්ද? පූර්‍වාන්තයෙහි විමති ඇද්ද? අපරාන්තයෙහි විමති ඇද්ද? පූර්‍වාන්තාපරාන්තයෙහි විමති ඇද්ද? ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි විමති ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT11. ස. පු: නත්ථී අරහතො සත්ථරි විමති, ධම්මෙ විමති, සඞ්ඝෙ විමති, සික්ඛාය විමති, පුබ්බන්තෙ විමති, අපරන්තෙ විමති, පුබ්බන්තාපරන්තෙ විමති, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු විමතී’ති.
Sinhala BJT11. ස. පු: රහත්හට ශාස්තෲන් කෙරෙහි විමති නැද්ද? දහමෙහි විමති නැද්ද? සඟුන් කෙරෙහි විමති නැද්ද? ශික්‍ෂායෙහි විමති නැද්ද? පූර්‍වාන්තයෙහි විමති නැද්ද? අපරාන්තයෙහි විමති නැද්ද? පූර්‍වාන්තාපරාන්තයෙහි විමති නැද්ද? ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි විමති නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නත්ථී අරහතො සත්ථරි විමති -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු විමති.
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට ශාස්තෲන් කෙරෙහි විමති නැත් නම් … ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි විමති නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “අත්ථී අරහතො විමතී”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට විමති ඇත’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT12. ස. පු: අත්ථී පුථුජ්ජනස්ස විමති, අත්ථී තස්ස සත්ථරි විමති -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු විමතී’ති.
Sinhala BJT12. ස. පු: පුහුදුනට විමති ඇද්ද? ඔහුට ශාස්තෲන් කෙරෙහි විමති ඇද්ද? ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි විමති ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො විමති, අත්ථී තස්ස සත්ථරි විමති -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු විමතී’ති.
Sinhala BJTස. අනු: රහත්හට විමති ඇද්ද? ඔහුට ශාස්තෲන් කෙරෙහි විමති ඇද්ද? … ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි විමති ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT13. ස. පු: අත්ථී අරහතො විමති, නත්ථී තස්ස සත්ථරි විමති -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධමෙමසු විමතී’ති.
Sinhala BJT13. ස. පු: රහත්හට විමති ඇද්ද? ඔහුට ශාස්තෲන් කෙරෙහි විමති නැද්ද? … ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි විමති නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී පුථුජ්ජනස්ස විමති, නත්ථී තස්ස සත්ථරි විමති -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු විමතී’ති.
Sinhala BJTස. අනු: පුහුදුනට විමති ඇද්ද? ඔහුට ශාස්තෲන් කෙරෙහි විමති නැද්ද? … ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි විමති නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT14. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJT14. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: අරහතො අසුචි සුක්කවිසට්ඨි කිස්ස නිස්සන්දො’ති.
Sinhala BJTස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි කුමක්හුගේ විපාකයෙක් වේ ද?
Pali BJTප. වි: අසිතපීතඛායිතසායිතස්ස නිස්සන්දො’ති.
Sinhala BJTප. වි: අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක යැ.
Pali BJTස. පු: අරහතො අසුචි සුක්කවිසට්ඨි අසිතපීතඛායිතසායිතස්ස නිස්සන්දො’ති.
Sinhala BJTස. පු: රහත්හට වන අශුචි ශුක්‍රවිසෘෂ්ටි අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යෙ කෙචි අසන්ති පිවන්ති ඛාදන්ති{1} සායන්ති, සබ්බෙසඤ්ඤෙව අත්ථී අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJTස. අනු: යම් කෙනෙක් භෝජ්‍ය විසින් වළඳත් ද, පෙය විසින් බොත් ද, ඛාද්‍ය විසින් කත් ද, ලෙය විසින් ආස්වාද කෙරෙත් ද, එ හැමට මැ අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT15. ස. පු: යෙ කෙචි අසන්ති පිවන්ති ඛාදන්ති සායන්ති, සබ්බෙසඤ්ඤෙව අත්ථී අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJT15. ස. පු: යම් කෙනෙක් අසන පිවන ඛාදන සායන කෙරෙත් ද, එ හැමට මැ අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දාරකා අසන්ති පිවන්ති ඛාදන්ති සායන්ති, අත්ථී දාරකානං අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJTස. අනු: දරුවෝ අසන පිවන ඛාදන සායන කෙරෙති, ඒ දරුවනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: පණ්ඩකා අසන්ති පිවන්ති ඛාදන්ති සායන්ති, අත්ථී පණ්ඩකානං අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJTස. අනු: පණ්ඩකයෝ අසන පිවන ඛාදන සායන කෙරෙති, ඒ පණ්ඩකයනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: දෙවා අසන්ති පිවන්ති ඛාදන්ති1 සායන්ති, අත්ථී දෙවානං අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJTස. අනු: දෙවියෝ අසන පිවන ඛාදන සායන කෙරෙත්. ඒ දෙවියනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT16. ස. පු: අරහතො අසුචි සුක්කවිසට්ඨි අසිතපීතඛායිතසායිතස්ස නිස්සන්දො’ති.
Sinhala BJT16. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තස්ස ආසයො’ති.
Sinhala BJTස. අනු: ඒ ශුක්‍රයාගේ ආශයස්ථාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT17. ස. පු: අරහතො උච්චාරපස්සාවො අසිතපීතඛායිතසායිතස්ස නිස්සන්දො, අත්ථි තස්ස ආසයො’ති.
Sinhala BJT17. ස. පු: රහත්හට අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වූ අස්පස් වෙයි. ඒ මලමූත්‍ර දෙදෙනාගේ ආශයස්ථාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො අසුචි සුක්කවිසට්ඨි අසිතපීතඛායිතසායිතස්ස නිස්සන්දො, අත්ථී තස්ස ආසයො’ති.
Sinhala BJTස. අනු: රහත්හට අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වූ අශුචි ශුක්‍රවිසෘෂ්ටි වෙයි. ඒ ශුක්‍රයාගේ ආශයස්ථාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT18. ස. පු: අරහතො අසුචි සුක්කවිසට්ඨි අසිතපීතඛායිතසායිතස්ස නිස්සන්දො, නත්ථී තස්ස ආසයො’ති.
Sinhala BJT18. ස. පු: රහත්හට අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වූ අශුචි ශුක්‍රවිසෘෂ්ටි වෙයි. ශුක්‍රයාගේ ආශයස්ථාන නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො උච්චාරපස්සාවො අසිතපීතඛායිතසායිතස්ස නිස්සන්දො, නත්ථී තස්ස ආසයො’ති.
Sinhala BJTස. අනු: රහත්හට අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වූ අස්පස් වෙයි. ඒ මලමූත්‍ර දෙදෙනාගේ ආශයස්ථාන නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT19. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJT19. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා මෙථුනං ධම්මං පටිසෙවෙය්ය, මෙථුනං ධම්මං උප්පාදෙය්ය, පුත්තසම්බාධසයනං අජ්ඣාවසෙය්ය, කාසිකචන්දනං පච්චනුභවෙය්ය, මාලාගන්ධවිලෙපනං ධාරෙය්ය, ජාතරූපරජතං සාදියෙය්යා’ති.
Sinhala BJTස. අනු: රහත් මෙවුන්දම් සෙවුනේ වේ ද? මෙවුන්දම් උපදවනු වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස කෙරේ ද, කසීසඳුන් වළඳ කෙරේ ද, මල්ගඳවිලෙවුන් දරා ද, රන්රිදී ඉවසා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT20. ස. පු: අත්ථී පුථුජ්ජනස්ස අසුචි සුක්කවිසට්ඨි, පුථුජ්ජනො මෙථුනං ධම්මං පටිසෙවෙය්ය, මෙථුනං ධම්මං උප්පාදෙය්ය, පුත්තසම්බාධසයනං අජ්ඣාවසෙය්ය, කාසිකචන්දනං පච්චනුභවෙය්ය, මාලාගන්ධවිලෙපනං ධාරෙය්ය, ජාතරූපරජතං සාදියෙය්යා’ති.
Sinhala BJT20. ස. පු: පුහුදුනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත, පුහුදුන් මෙවුන්දම් සෙවුනේ වේ ද, මෙවුන්දම් උපදවනු වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස කෙරේ ද, කසීසඳුන් වළඳ කෙරේ ද, මල්ගඳවිලෙවුන් දරා ද, රන්රිදී පිළිගනී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි, අරහා මෙථුනං ධම්මං පටිසෙවෙය්ය, මෙථුනං ධම්මං උප්පාදෙය්ය, පුත්තසම්බාධසයනං අජ්ඣාවසෙය්ය, කායිකචන්දනං පච්චනුභවෙය්ය, මාලාගන්ධවිලෙපනං ධාරෙය්ය, ජාතරූපරජතං සාදියෙය්යා’ති.
Sinhala BJTස. අනු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත. රහත් මෙවුන් දම් සෙවුනේ වේ ද, මෙවුන්දම් උපදවනු වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස කෙරේ ද, කසීසඳුන් වළඳ කෙරේ ද, මල්ගඳවිලෙවුන් දරා ද, රන්රිදී පිළිගනීද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT21. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි, න ච අරහා මෙථුනං ධම්මං පටිසෙවෙය්ය, මෙථුනං ධම්මං උප්පාදෙය්ය, පුත්තසම්බාධසයනං අජ්ඣාවසෙය්ය, කාසිකචන්දනං පච්චනුභවෙය්ය, මාලාගන්ධවිලෙපනං ධාරෙය්ය, ජාතරූපරජතං සාදියෙය්යා’ති.
Sinhala BJT21. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත, රහත් මෙවුන්දම් නො සෙවුනේ වේ ද, මෙවුන්දම් නො උපදවනු වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස නො කරනු වේ ද, කසීසඳුන් වළඳ නො කරනු වේ ද, මල්ගඳවිලෙවුන් නො ධරනු වේ ද, රන්රිදී නො පිළිගනු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී පුථුජ්ජනස්ස අසුචි සුක්කවිසට්ඨි, න ච පුථුජ්ජනො මෙථුනං ධම්මං පටිසෙවෙය්ය, මෙථුනං ධම්මං උප්පාදෙය්ය, පුත්තසම්බාධසයනං අජ්ඣාවසෙය්ය, කාසිකචන්දනං පච්චනුභවෙය්ය, මාලාගන්ධවිලෙපනං ධාරෙය්ය, ජාතරූපරජතං සාදියෙය්යා’ති.
Sinhala BJTස. අනු: පුහුදුනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත, පුහුදුන් මෙවුන්දම් නො සෙවුනේ වේ ද, මෙවුන්දම් නො උපදවනු වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස නො කෙරේ ද, කසීසඳුන් වළඳ නො කරනු වේ ද, මල්ගඳවිලෙවුන් නො දරනු වේ ද, රන්රිදී නො පිළිගනු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT22. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJT22. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො රාගො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො’ති.
Sinhala BJTස. අනු: රහත්හට රාගය ප්‍රහීණ නො වේ ද, උසුන්මුල් නො වේ ද, මුදුන්සුන් තලක් සෙයින් කළ අවස්තුකභාව ඇති නො වේ ද, කළ අභාව ඇති නො වේ ද, මතු නූපදනා සැහැවි ඇති නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො රාගො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො,
Sinhala BJTඅනු ඨ: ඉදින් රහත්හට රාගය ප්‍රහීණ වේ නම්, තාලවස්තු කෘත වේ නම්, අභාවකෘත වේ නම්, මතුයෙහි අනුත්පාදධර්‍ම වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇති’ යනු නො කියැයුතු මැ යැ ...
Pali BJT23. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJT23. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- මානො පහීනො -පෙ- දිට්ඨී පහීනා -පෙ- විචිකිච්ඡා පහීනා -පෙ- ථිනං පහීනං -පෙ- මිද්ධං පහීනං -පෙ- උද්ධච්චං පහීනං -පෙ- අහිරිකං පහීනං -පෙ- අනොත්තප්පං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මන්ති.
Sinhala BJTස. අනු: රහත්හට ද්වේෂය ප්‍රහීණ නො වේ ද ... මෝහය ප්‍රහීණ නො වේ ද ... මානය ප්‍රහීණ නො වේ ද ... දෘෂ්ටි ප්‍රහීණ නො වේ ද ... විචිකිත්සා ප්‍රහීණ නො වේ ද ... සත්‍යාන ප්‍රහීණ නො වේ ද ... මිද්ධය ප්‍රහීණ නො වේ ද ... ඖද්ධත්‍ය ප්‍රහීණ නො වේ ද ... අහ්‍රීක ප්‍රහීණ නො වේ ද ... අනපත්‍රපා ප්‍රහීණ නො වේ ද උසුන්මුල් නො වේ ද, තාලාවස්තුකෘත නො වේ ද, අභාවකෘත නො වේ ද, මතුයෙහි අනුත්පාදධර්‍ම නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො අනොත්තප්පං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං.
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වේ නම්, උසුන්මුල් වේ නම්, මුදුන්සුන් තලක් සෙයින් කළ අවස්තුකභාව ඇත් නම්, පුනපුනා කළ අභාව ඇත් නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇති’යි නො කියැයුතු යැ.
Pali BJT24. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJT24. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො’ති.
Sinhala BJTස. අනු: රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය ඇති’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT25. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJT25. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො රාගප්පහානාය සතිපට්ඨානං භාවිතා -පෙ- සම්මප්පධානා භාවිතා -පෙ- ඉද්ධිපාදා භාවිතා -පෙ- ඉන්ද්රියා භාවිතා -පෙ- බලා භාවිතා -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා’ති.
Sinhala BJTස. අනු: රහත්හට රාගප්‍රහාණය පිණිස සීවටන්හු භාවිත නො? ... සම්‍යක්ප්‍රධානයෝ භාවිත නො? ... ඍද්ධිපාදයෝ භාවිත නො? ... ඉන්‍ද්‍රියයෝ භාවිත නො? ... බල භාවිත නො? ... බෝධ්‍යඞ්ගයෝ භාවිත නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො රාගප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට රාගප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT26. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJT26. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?