Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3601-3700 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. අනු: චක්ඛායතනං - සති, සතින්ද්රියං, සතිබලං, සම්මාසති, සතිසම්බෙජ්ඣඞ්ගො, එකායනමග්ගො ඛයගාමී බොධගාමී අපචයගාමී අනාසවං අසඤ්ඤොජනියං -පෙ- අසඞ්කිලෙසිකං? චක්ඛායතනං - බුද්ධානුස්සති, ධම්මානුස්සති, සඞ්ඝානුස්සති, සීලානුස්සති චාගානුස්සති, දෙවතානුස්සති, ආනාපානසති{8} මරණානුස්සති, කායගතාසති, උපසමානුස්සතී’ති?
Sinhala BJTස. අනු: චක්‍ඛායතනය – ස්මෘති, ස්මෘතීන්‍ද්‍රිය, ස්මෘතිබල, සම්‍යක්ස්මෘති, ස්මෘතිසම්බොධ්‍යඞ්ග, ඒකායනමාර්‍ග වේ ද? ක්‍ෂයගාමී වේ ද, බෝධගාමී වේ ද, අපචයගාමී වේ ද, අනාස්‍රව වේ ද, සංයෝජනයනට හිත නො වේ ද? සංසාරඝටනා නො කළ යුතු වේ ද, සසරවටහි අවගාහ නො කළයුතු වේ ද, සසරෙහි යුඤ්‍ජන නො කළයුතු වේ ද, නීවරණයට හිත නො වේ ද, පරාමාස රහිත වේ ද, උපාදාන රහිත වේ ද, සංක්ලේශ රහිත වේ ද? චක්‍ඛායතනය බුද්ධානුස්මෘති වේ ද? ධර්‍මානුස්මෘති, සඞ්ඝානුස්මෘති, ශීලානුස්මෘති, ත්‍යාගානුස්මෘති, දේවතානුස්මෘති, ආනාපානස්මෘති, මරණානුස්මෘති, කායගතස්මෘති, උපශමානුස්මෘති වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT4. ස. පු: සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව්හායතනං -පෙ- කායායතනං -පෙ- රූපායතනං -පෙ- සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- මානො -පෙ- දිට්ඨි -පෙ- විචිකිච්ඡා -පෙ- ථිනං -පෙ- උද්ධච්චං -පෙ- අහිරිකං -පෙ- අනොත්තප්පං සතිපට්ඨානන්ති.
Sinhala BJT4. ස. පු: ශ්‍රෝත්‍රායතනය ... ඝ්‍රාණායතනය ... ජිහ්වායතනය ... කායායතනය … රූපායතනය ... ශබ්දායතනය ... ගන්‍ධායතනය ... රසායතනය ... ස්ප්‍රෂ්ටව්‍යායතනය ... රාගය ... ද්වේෂය ... මෝහය ... මානය ... දෘෂ්ටිය ... විචිකිත්සාව ... සත්‍යානය ... ඖද්ධත්‍යය ... අහ්‍රීකය ... අනපත්‍රපාව සතිපට්ඨාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT5. ස. පු: සති සතිපට්ඨානා, සා ච සතී’ති.
Sinhala BJT5. ස. පු: ස්මෘතිය සතිපට්ඨාන වේ ද? හො ද ස්මෘති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛායතනං සතිපට්ඨානං, තඤ්ච සතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ඛායතනය සතිපට්ඨාන වේ ද? එ ද ස්මෘති වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT6. ස. පු: සති සතිපට්ඨානා, සා ච සතී’ති.
Sinhala BJT6. ස. පු: ස්මෘතිය සතිපට්ඨාන වේ ද? එ (ස්මෘති) ද ස්මෘති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව්හායතනං -පෙ- කායායතනං -පෙ- රූපායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- අනොත්තප්පං සතිපට්ඨානං, තඤ්ච සතී’ති.
Sinhala BJTස. අනු: සෝතායතන ... ඝානායතන ... ජිව්හායතන ... කායායතන ... රූපායතන ... ඵොට්ඨබ්බායතන ... රාගය ... දෝසය ... මෝහය ... අනොත්තප්පය සතිපට්ඨාන වේ ද? එ ද ස්මෘති වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT7. ස. පු: චක්ඛායතනං සතිපට්ඨානං, තඤ්ච සතී’ති.
Sinhala BJT7. ස. පු: චක්‍ඛායතන සතිපට්ඨාන වේ ද? එ ද ස්මෘති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සති සතිපට්ඨානා සා ච න සතී’ති.
Sinhala BJTස. අනු: ස්මෘතිය සතිපට්ඨාන වේ ද? හො ද ස්මෘති නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT8. ස. පු: සොතායතනං -පෙ- කායායතනං -පෙ- රූපායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- අනොත්තප්පං සතිපට්ඨානං, තඤ්ච න සතී’ති.
Sinhala BJT8. ස. පු: සෝතායතනය ... කායායතනය ... රූපායතනය ... ඵොට්ඨබ්බායතනය ... රාගය ... දෝසය ... මෝහය ... අනොත්තප්පය සතිපට්ඨාන වේ ද? එ ද ස්මෘති නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සති සතිපට්ඨානා, සා ච න සතී’ති.
Sinhala BJTස. අනු: ස්මෘතිය සතිපට්ඨාන වේ ද? හො ද ස්මෘති නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT9. ප. පු: න වත්තබ්බං “සබ්බෙ ධම්මා සතිපට්ඨානා”ති.
Sinhala BJT9. ප. පු: ‘හැම දහම්හු සතිපට්ඨානහ’යි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු සබ්බෙ ධම්මෙ ආරබ්භ සති සන්තිට්ඨතී’ති.
Sinhala BJTප. අනු: හැම දහමුන් අරභයා ස්මෘතිය පිහිටා සිටුනී නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ
Pali BJTඅනු. ඨ: හඤ්චි සබ්බෙ ධම්මෙ ආරබ්භ සති සන්තිට්ඨති,{1}
Sinhala BJTඅනු. ඨ: ඉදින් හැම දහම් අරභයා ස්මෘතිය එළඹසිටුනී නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සබ්බෙ ධම්මා සතිපට්ඨානා”ති.
Sinhala BJTඅනු. පා: එයින් භවත, ‘හැම දහම්හු සතිපට්ඨානයහ’යි කියැයුතු මැ යැ.
Pali BJT10. ස. පු: “සබ්බං ධම්මං ආරබ්භ සති සන්තිට්ඨතී”ති සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
Sinhala BJT10. ස. පු: ‘හැම දහම් අරභයා සිහි එළඹසිටුනේ යැ’යි ප්‍රමාණ කොට ගෙන හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බං ධම්මං ආරබ්භ ඵස්සො සන්තිට්ඨතී’ති. සබ්බෙ ධම්මා ඵස්සපට්ඨානා’ති.
Sinhala BJTස. අනු: ‘හැම දහම් අරභයා පහස පැහැස සිටුනේ යැ’යි ප්‍රමාණ කොට ගෙන හැම දහම්හු ඵස්සපට්ඨාන වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT11. ස. පු: සබ්බං ධම්මං ආරබ්භ සති සන්තිට්ඨතී’ති සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
Sinhala BJT11. ස. පු: ‘හැම දහම් අරභයා සිහි එළඹසිටුනේ යැ’යි ප්‍රමාණ කොටගෙන හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: “සබ්බං ධම්මං ආරබ්භ වෙදනා සන්තිට්ඨති -පෙ- සඤ්ඤා සන්තිට්ඨති -පෙ- චෙතනා සන්තිට්ඨති -පෙ- චිත්තං සන්තිට්ඨතී”ති සබ්බෙ ධම්මා චිත්තපට්ඨානා’ති.
Sinhala BJTස. අනු: ‘හැම දහම් අරභයා වේදනා වැදසිටුනී යැ ... සංඥා වැදසිටුනී යැ ... චේතනා වැදසිටුනී යැ ... චිත්තය වැදසිටුනේ යැ’යි ප්‍රමාණ කොටගෙන හැම දහම්හු චිත්තපට්ඨාන වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT12. ස. පු: සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
Sinhala BJT12. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බෙ සත්තා උපට්ඨිතසතිනො සතියා සමන්නාගතා සතියා සමාහිතා{2} සබ්බෙසං සත්තානං සති පච්චුපට්ඨිතා’ති.
Sinhala BJTස. අනු: හැම සත්ත්‍වයෝ එළඹසිටි සති ඇත්තාහු සතියෙන් සමන්‍වාගත වූවාහු සතියෙන් සමාහිත වූවාහු යැ. හැම සත්නට සතිය එළඹසිටියා වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT13. ස. පු: සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
Sinhala BJT13. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “අමතන්තෙ භික්ඛවෙ න පරිභුඤ්ජන්ති යෙ කායගතං{1}සතිං න පරිභුඤ්ජන්ති, අමතන්තෙ භික්ඛවෙ පරිභුඤ්ජන්ති යෙ කායගතං සතිං පරිභුඤ්ජන්තී’ති”{a} අත්ථෙ’ව සුත්තන්තොති.
Sinhala BJTස. අනු: වදාරන ලද්දේ මැ නු බුදුන් විසින්: “මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය වළඳ නො කෙරෙත් ද, ඔහු අමෘතය වළඳ නො කෙරෙති. මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය වළඳ කෙරෙත් ද, ඔහු අමෘතය වළඳ කෙරෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො.
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බෙ සත්තා කායගතං සතිං පරිභුඤ්ජන්ති, පටිලභන්ති, ආසෙවන්ති භාවෙන්ති බහුලීකරොන්තීති.
Sinhala BJTස. අනු: හැම සත්ත්‍වයෝ කායගතාසතිය වළඳ කෙරෙත් ද, ලබත් ද, ආසෙවනා කෙරෙත් ද, භාවනා කෙරෙත් ද, බිහිලි කෙරෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පු: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT14. ස. පු: සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
Sinhala BJT14. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං{2} සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා’ති”{b} අත්ථෙ ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: වදාරනලද්දේ මැ නු බුදුන් විසින්: “මහණෙනි, සත්ත්‍වයන්ගේ විශුද්ධියට ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණයට දුඃඛදෞර්‍මනස්‍යන්ගේ අස්තඞ්ගමයට න්‍යායධර්‍මයාගේ අධිගමයට නිර්‍වාණයාගේ සාක්‍ෂාත්කරණයට මේ ඒකායනමාර්‍ග යි, ඒ කිමෙක: සතරසීවටනී” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බෙ ධම්මා එකායනමග්ගො’ති.
Sinhala BJTස. පු: හැම දහම්හු ඒකායනමාර්‍ග වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT15. ස. පු: සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
Sinhala BJT15. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “රඤ්ඤො භික්ඛවෙ චක්කවත්තිස්ස පාතුභාවා සත්තන්නං රතනානං පාතුභාවො හොති. කතමෙසං සත්තන්නං: චක්කරතනස්ස පාතුභාවො හොති, හත්ථිරතනස්ස පාතුභාවො හොති, අස්සරතනස්ස -පෙ- මණිරතනස්ස -පෙ- ඉත්ථිරතනස්ස -පෙ- ගහපතිරතනස්ස -පෙ- පරිනායකරතනස්ස පාතුභාවො හොති. රඤ්ඤො භික්ඛවෙ චක්කවත්තිස්ස පාතුභාවා ඉමෙසං සත්තන්නං රතනානං පාතුභාවො හොති.
Sinhala BJTස. අනු: වදාරන ලද්දේ මැ නු බුදුන් විසින්: “මහණෙනි, සක්විති රජක්හු පහළ වීමෙන් රත්නයන් සත්‍ දෙනකුන්ගේ පහළවීම් වෙයි. කවර සත් දෙනකුන්ගේ යැ යත්: චක්‍රරත්න පහළ වෙයි, හස්තිරත්න පහළ වෙයි, අශ්වරත්න ... මණිරත්න ... ස්ත්‍රීරත්න ... ගෘහපතිරත්න ... පරිනායකරත්න පහළ වෙයි. මහණෙනි, සක්විති රජක්හුගේ පහළ වීමෙන් මේ සත්රුවන් පහළ වෙයි.
Pali BJTතථාගතස්ස භික්ඛවෙ පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස සත්තන්නං බොජ්ඣඞ්ගරතනානං පාතුභාවො හොති. කතමෙසං සත්තන්නං: සතිසම්බොජ්ඣඞ්ගරතනස්ස පාතුභාවො හොති, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගරතනස්ස පාතුභාවො හොති, විරියසම්බොජ්ඣඞ්ගරතනස්ස පාතුභාවො හොති, පීතිසම්බොජ්ඣඞ්ගරතනස්ස පාතුභාවො හොති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගරතනස්ස පාතුභාවො හොති, සමාධිසම්බොජ්ඣඞ්ගරතනස්ස පාතුභාවො හොති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගරතනස්ස පාතුභාවො හොති, තථාගතස්ස භික්ඛවෙ පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙසං සත්තන්නං බොජ්ඣඞ්ගරතනානං පාතුභාවො හොති”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් බෝධ්‍යඞ්ගරත්නයන් සත් දෙනකුන්ගේ පහළවීම් වෙයි. කවර සත් දෙනකුන්ගේ යැ යත්: ස්මෘතිසම්බොධ්‍යඞ්ගරත්න පහළ වෙයි, ධර්‍මවිචය සම්බොධ්‍යඞ්ගරත්න පහළ වෙයි, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගරත්න පහළ වෙයි, ප්‍රීතිසම්බොධ්‍යඞ්ගරත්න පහළ වෙයි, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගරත්න පහළ වෙයි, සමාධිසම්බොධ්‍යඞ්ගරත්න පහළ වෙයි, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගරත්න පහළ වෙයි. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළ වීමෙන් මේ සත් බොධ්‍යඞ්ගරත්නයන්ගේ පහළවීම වේය” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස සබ්බෙ ධම්මා සතිසම්බොජ්ඣඞ්ගරතනා’ව හොන්තී’ති.{1}
Sinhala BJTස. අනු: අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් හැම දහම්හු ස්මෘතිසම්බොධ්‍යඞ්ගරත්නයෝ මැ වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT16. ස. පු: සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
Sinhala BJT16. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බෙ ධම්මා සම්මප්පධානා, ඉද්ධිපාදා, ඉන්ද්රියා, බලා, බොජ්ඣඞ්ගා’ති.
Sinhala BJTස. අනු: හැම දහම්හු සම්‍යක්ප්‍රධාන – ඍද්ධිපාද – ඉන්‍ද්‍රිය – බල – බෝධ්‍යඞ්ගයෝ වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTසතිපට්ඨානකථා නිට්ඨිතා.
Sinhala BJTසතිපට්ඨානකථා නිමි.
Pali BJT1. 10.
Sinhala BJT1. 10.
Pali BJTහෙවත්ථීකථා
Sinhala BJTහේවත්‍ථිකථා
Pali BJT1. ස. පු: අතීතං අත්ථී’ති.
Sinhala BJT1. ස. පු: අතීතය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: හෙවත්ථී හෙව නත්ථී’ති.
Sinhala BJTප. වි: මෙසේ ඇත, මෙසේ නැත.
Pali BJTස. අනු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJTස. අනු: (ඉදින් අතීතය මැ ‘මෙසේ ඇත, මෙසේ නැතැ’යි ලබ්‍ධි ඇත් නම් එසේ වත් මැ) එය මැ ඇද්ද? එය මැ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT2. ස. පු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJT2. ස. පු: එය මැ ඇද්ද, එය මැ නැද්ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථට්ඨො නත්ථට්ඨො, නත්ථට්ඨො අත්ථට්ඨො, අත්ථීභාවො නත්ථීභාවො, නත්ථීභාවො අත්ථීභාවො, අත්ථී’ති වා නත්ථී’ති වා, නත්ථී’ති වා අත්ථී’ති වා, එසෙසෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJTස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? නාස්‍ත්‍යත්‍ථිය අස්‍ත්‍යත්‍ථිය වේ ද? අස්‍තිස්‍වභාවය නාස්‍තිස්‍වභාව වේ ද? නාස්‍තිස්‍වභාවය අස්‍තිස්‍වභාව වේ ද? අස්‍තිධර්‍ම හෝ නාස්‍තිධර්‍ම හෝ වේ ද, නාස්‍තිධර්‍ම හෝ අස්‍තිධර්‍ම හෝ වේ ද, තෙලෙ මැ හෙ වේ ද? (එයින් මැ) එකාත්‍ථි වේ ද, සම වේ ද, සමභාග වේ ද, එයින් මැ උපනු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[අතීතාදි භෙදභින්‍න වූ හැම දහම්හු රූපාදි වශයෙන් ඇත. අනාගත ප්‍රත්‍යුත්‍පන්‍න වශයෙන් අතීතයත්, අතීතාදි වශයෙන් අනාගත ප්‍රත්‍යුත්‍පන්‍නයෝත් නැත. එකරුණින් මෙ හැම ‘මෙසේ’ ඇත. මෙසේ නැතැ’යි විවාද කරන අන්‍ධකයන්ගේ විවාද බිඳුනට හේවත්‍ථි කථා එයි.]
Pali BJT3. ස. පු: අනාගතං අත්ථී’ති.
Sinhala BJT3. ස. පු: අනාගතය ඇද්ද?
Pali BJTප. වි: හෙවත්ථී හෙව නත්ථීති.
Sinhala BJTප. වි: මෙසේ ඇත, මෙසේ නැත.
Pali BJTස. අනු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJTස. අනු: එය මැ ඇද්ද, එය මැ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT4. ස. පු: සෙවත්ථී, සෙව නත්ථී’ති.
Sinhala BJT4. ස. පු: එය මැ ඇද්ද, එය මැ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථට්ඨො නත්ථට්ඨො, නත්ථට්ඨො අත්ථට්ඨො, අත්ථීභාවො නත්ථීභාවො, නත්ථීභාවො අත්ථීභාවො, අත්ථී’ති වා නත්ථී’ති වා, නත්ථී’ති වා අත්ථී’ති වා, එසෙසෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJTස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? නාස්‍ත්‍යත්‍ථිය අස්‍ත්‍යත්‍ථි වේ ද? අස්‍තිස්‍වභාවය නාස්‍තිස්‍වභාව වේ ද? නාස්‍තිස්‍වභාවය අස්‍තිස්‍වභාව වේ ද? අස්‍තිධර්‍ම හෝ වේ ද? නාස්‍තිධර්‍ම හෝ අස්‍තිධර්‍ම හෝ වේ ද? තෙලෙ මැ හෙ වේ ද? (එයින් මැ) ඒකාත්‍ථි වේ ද, සම වේ ද, සමභාග වේ ද, එයින් මැ උපනු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT5. ස. පු: පච්චුප්පන්නං අත්ථී’ති.
Sinhala BJT5. ස. පු: ප්‍රත්‍යුත්‍පන්‍නය ඇද්ද?
Pali BJTප. වි: හෙවත්ථී හෙව නත්ථී’ති.
Sinhala BJTප. වි: මෙසේ ඇත, මෙසේ නැත.
Pali BJTස. අනු: සෙවත්ථී සෙවනත්ථී’ති.
Sinhala BJTස. අනු: එය මැ ඇද්ද, එය මැ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT6. ස. පු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJT6. ස. පු: එය මැ ඇද්ද? එය මැ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථට්ඨො නත්ථට්ඨො -පෙ- සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJTස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? ... සම වේ ද? සමභාග වේ ද? එයින් මැ උපනු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT7. ස. පු: අතීතං හෙවත්ථී හෙව නත්ථී’ති.
Sinhala BJT7. ස. පු: අතීතය මෙසේ ඇද්ද, මෙසේ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: කින්තත්ථී කින්ති නත්ථී’ති.
Sinhala BJTස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?
Pali BJTප. වි: අතීතං අතීතන්ති හෙවත්ථී, අතීතං අනාගතන්ති හෙව නත්ථී අතීතං පච්චුප්පන්නන්ති හෙව නත්ථී’ති.
Sinhala BJTප. වි: අතීතය අතීත කොට ගෙන මෙසෙයින් ඇත. අතීතය අනාගත කොට ගෙන මෙසෙයින් නැත. අතීතය ප්‍රත්‍යුත්‍පන්‍න කොට ගෙන මෙසෙයින් නැත.
Pali BJTස. අනු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJTස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT8. ස. පු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJT8. ස. පු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු අත්ථට්ඨො නත්ථට්ඨො, නත්ථට්ඨො අත්ථට්ඨො, අත්ථීභාවො නත්ථීභාවො, නත්ථීභාවො අත්ථීභාවො, අත්ථී’ති වා නත්ථී’ති වා, නත්ථී’ති වා අත්ථී’ති වා, එසෙසෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJTස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද, නාස්‍ත්‍යත්‍ථිය අස්‍ත්‍යත්‍ථි වේ ද, අස්‍තිභාවය නාස්‍තිභාව වේ ද, නාස්‍තිභාවය අස්‍තිභාව වේ ද, අස්‍තිධර්‍ම හෝ නාස්‍තිධර්‍ම හෝ වේ ද, නාස්‍තිධර්‍ම හෝ අස්‍තිධර්‍ම හෝ වේ ද, තෙලෙ මැ හෙ වේ ද, (එයින් මැ) ඒකාත්‍ථි වේ ද, සම වේ ද, සමභාග වේ ද, එයින් මැ උපනු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT9. ස. පු: අනාගතං හෙවත්ථී හෙව නත්ථී’ති.
Sinhala BJT9. ස. පු: අනාගතය මෙසේ ඇද්ද, මෙසේ නැද්ද?