Pali BJTපටි. ඨ: නො චෙ පන නිබ්බානං නො නිබ්බානං, නො නිබ්බානං නිබ්බානන්ති,
Sinhala BJTපටි. ඨ: ඉදින් නිර්‍වාණය නිර්‍වාණ නො වේ නම්, නිර්‍වාණ නො වනුයේත් නිර්‍වාණ නො වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ “නිබ්බාන අත්ථි, අත්ථි සියා නිබ්බානං සියා නො නිබ්බානන්ති”.
Sinhala BJTපටි. පා: භවත, “නිර්‍වාණය අස්ති යැ යි ද, අස්ති නිර්‍වාණත් වන්නේ යැ, නිර්‍වාණ නො වනුයේත් වන්නේ යැ” යි ද නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො නිබ්බානං අත්ථි, අත්ථි සියා නිබ්බානං සියා නො නිබ්බානං, තෙන නිබ්බානං නො නිබ්බානං, නො නිබ්බානං නිබ්බානන්ති මිච්ඡා.
Sinhala BJTපටි. ආ: එහි ලා: “නිර්‍වාණය අස්ති යැ යි ද, අස්ති නිර්‍වාණත් වන්නේ යැ, නිර්‍වාණ නො වනුයේත් වන්නේ යැ, එයින් නිර්‍වාණය නිර්‍වාණ නො වෙයි, නිර්‍වාණ නො වන්නේ නිර්‍වාණ වේ යයි කියැයුතු යැ” යි ද යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.
Pali BJT133. ප. පු: න වත්තබ්බං “අතීතං අත්ථි, අනාගතං අත්ථි”ති
Sinhala BJT133. ප. පු: “අතීතය ඇත, අනාගතය ඇතැ” යි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටි: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “යං කිඤ්චි භික්ඛවෙ රූපා අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා, අයං වුච්චති රූපක්ඛන්ධො. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- කෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා, අයං වුච්චති විඤ්ඤාණක්ඛන්ධො’ති”{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් විසින්: “මහණෙනි, අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රූපයෙක් ඇද්ද, දුරැ වේවයි ළඟ වේවයි යම් රූපයෙකුත් ඇද්ද, මේ ‘රූපස්කන්‍ධ’ යයි කියනු ලැබේ. … යම් කිසි වේදනාවක් … යම් කිසි සංඥාවක් … යම් කිසි සංස්කාර කෙනෙක් … අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි, ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් ඇද්ද, දුරැ වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් ඇද්ද, මේ ‘විඥානස්කන්‍ධ’ යයි කියනු ලැබේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි අතීතං අත්ථි, අනාගතං අත්ථීති.
Sinhala BJTප. නිග: එසේ වී නම් අතීතය ඇත, අනාගතය ඇති.
Pali BJT134. ස. පු: අතීතං අත්ථි, අනාගතං අත්ථි’ති.
Sinhala BJT134. ස. පු: අතීතය ඇද්ද, අනාගතය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “තයො මෙ භික්ඛවෙ, නිරුත්තිපථා අධිවචනපථා පඤ්ඤත්තිපථා අසඞ්කිණ්ණා අසඞ්කිණ්ණපුබ්බා න සඞ්කීයන්ති න සඞ්කීයිස්සන්ති{1} අප්පතිකුට්ඨා{2} සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. කතමෙ තයො: යං භික්ඛවෙ රූපං අතීතං නිරුද්ධං විගතං විපරිණතං, ‘අහොසී’ති තස්ස සඞ්ඛා, ‘අහොසී’ති තස්ස සමඤ්ඤා, ‘අහොසී’ති තස්ස පඤ්ඤත්ති. න තස්ස සඞ්ඛා ‘අත්ථී’ති, න තස්ස සඞ්ඛා ‘භවිස්සතී’ති. යා වෙදනා -පෙ- යා සඤ්ඤා -පෙ- යෙ සඞ්ඛාරා -පෙ- යං විඤ්ඤාණං අතීතං නිරුද්ධං විගතං විපරිණතං, ‘අහොසී’ති තස්ස සඞ්ඛා, ‘අහොසී’ති තස්ස සමඤ්ඤා, ‘අහොසී’ති තස්ස පඤ්ඤත්තී. න තස්ස සඞ්ඛා ‘අත්ථි’ති, න තස්ස සඞ්ඛා ‘භවිස්සතී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් විසින්: “මහණෙනි, සංකීර්‍ණ නො වූ, සංකීර්‍ණ නො වූ විරූ මේ නිරුක්තිපථයෝ අධිවචනපථයෝ ප්‍රඥප්තිපථයෝ තිදෙනෙක් නුවණැති මහණබමුණන් විසින් සැක නො කරනු ලැබෙත්, සැක නො කරනු ලබන්නාහ, බැහැර නො කරනු ලබන්නාහ. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, යම් රූපයෙක් අතීත වී ද, නිරුද්ධ වී ද, විගත වී ද, විපරිණාම වී ද, ‘වූයේ’ යැ යනු එයට නමෙකි, ‘වූයේ’ යැ යනු එයට සංඥා ය, ‘වූයේ’ යැ යනු එයට ප්‍රඥප්තියෙකි. ‘ඇතැ’ යි එයට නමෙක් නො වෙයි. ‘වන්නේ’ යැයි එයට නමෙක් නො වෙයි. යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් … යම් විඥානයෙක් අතීත වී නම් නිරුද්ධ වී නම් විගත වී නම් විපරිණාම වී නම්, ‘වූයේ’ යැ යනු එයට නමෙකි, ‘වූයේ’ යැ යනු එයට සංඥායෙකි, ‘වූයේ’ යැ යනු එයට ප්‍රඥප්තියෙකි. ‘ඇතැ’ යි එයට නමෙක් නො වෙයි. ‘වන්නේ’ යැයි එයට නමෙක් නො වෙයි.
Pali BJTයං භික්ඛවෙ රූපං අජාතං අපාතුභූතං, ‘භවිස්සතී’ති තස්ස සඞ්ඛා, ‘භවිස්සතී’ති තස්ස සමඤ්ඤා, ‘භවිස්සතී’ති තස්ස පඤ්ඤත්ති. න තස්ස සඞ්ඛා ‘අත්ථී’ති, න තස්ස සඞ්ඛා ‘අහොසී’ති. යා වෙදනා -පෙ- යා සඤ්ඤා -පෙ- යෙ සඞ්ඛාරා -පෙ- යං විඤ්ඤාණං අජාතං අපාතුභූතං, ‘භවිස්සතී’ති තස්ස සඞ්ඛා, ‘භවිස්සතී’ති තස්ස සමඤ්ඤා, ‘භවිස්සතී’ති තස්ස පඤ්ඤාත්ති. න තස්ස සඞ්ඛා’අත්ථි’ති, න තස්ස සඞ්ඛා ‘අහොසී’ති.
Sinhala BJTමහණෙනි, යම් රූපයෙක් නො උපනි ද, නො පහළ වී ද, ‘වන්නේ’ යැ යනු එයට නමෙකි, ‘වන්නේ’ යැ යනු එයට සංඥායෙකි, ‘වන්නේ’ යැ යනු එයට ප්‍රඥප්තියෙකි. ‘ඇත’ යනු එයට නමෙක් නො වෙයි. ‘වූයේ’ යැ යනු එයට නමෙක් නො වෙයි. යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් … යම් විඥානයෙක් නො උපනි ද නො පහළ වී ද, ‘වන්නේ’ යැ යනු එයට නමෙකි, ‘වන්නේ’ යැ යනු එයට සංඥායෙකි, ‘වන්නේ’ යැ යනු එයට ප්‍රඥප්තියෙකි. ‘ඇත’ යනු එයට නමෙක් නො වෙයි, ‘වූයේ’ යැ යනු එයට නමෙක් නො වෙයි.
Pali BJTයං භික්ඛවෙ රූපං ජාතං පාතුභූතං, ‘අත්ථි’ති තස්ස සඞ්ඛා, ‘අත්ථි’ති තස්ස සමඤ්ඤා, ‘අත්ථි’ති තස්ස පඤ්ඤත්ති. න තස්ස සඞ්ඛා ‘අහොසී’ති, න තස්ස සඞ්ඛා ‘භවිස්සතී’ති. යා වෙදනා -පෙ- යා සඤ්ඤා -පෙ- යෙ සඞ්ඛාරා -පෙ- යං විඤ්ඤාණං ජාතං පාතුභූතං, ‘අත්ථි’ති තස්ස සඞ්ඛා, ‘අත්ථි’ති තස්ස සමඤ්ඤා ‘අත්ථි’ති තස්ස පඤ්ඤත්ති. න තස්ස සඞ්ඛා ‘අහොසී’ති, න තස්ස සඞ්ඛා ‘භවිස්සතී’ති.
Sinhala BJTමහණෙනි, යම් රූපයෙක් ඉපැද සිටුනේ ද, පහළ වැ සිටුනේ ද, ‘ඇත’ යනු එයට නමෙකි. ‘ඇත’ යනු එයට සංඥායෙකි. ‘ඇත’ යනු එයට ප්‍රඥප්තියෙකි. ‘වූයේ’ යැ යනු එයට නමෙක් නො වෙයි. ‘වන්නේ’ යැ යනු එයට නමෙක් නො වෙයි. යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් … යම් විඥානයෙක් ඉපැද සිටුනේ ද, පහළ වැ සිටුනේ ද, ‘ඇත’ යනු එයට නමෙකි. ‘ඇත’ යනු එයට සංඥායෙකි. ‘ඇත’ යනු එයට ප්‍රඥප්තියෙකි. ‘වූයේ’ය යනු එයට නමෙක් නො වෙයි. ‘වන්නේ’ යැ යනු එයට නමෙක් නො වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවො තයො නිරුත්තිපථා අධිවචනපථා පඤ්ඤත්තිපථා අසඞ්කිණ්ණා අසඞ්කිණ්ණපුබ්බා න සඞ්කීයන්ති න සඞ්කීයිස්සන්ති අප්පතිකුට්ඨා සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. යෙ’පි තෙ භික්ඛවෙ, අහෙසුං උක්කලා වස්සභඤ්ඤා{1} අහෙතුකවාදා අකිරියවාදා{2} නත්ථිකවාදා, තෙපි’මෙ තයො නිරුත්තිපථෙ අධිවචනපථෙ පඤ්ඤත්තිපථෙ න ගරහිතබ්බං න පටික්කොසිතබ්බං අමඤ්ඤිංසු. තං කිස්ස හෙතු: නින්දා බ්යාරොසනා උපාරම්භභයා’ති”{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTමහණෙනි, සංකීර්‍ණ නො වූ, සංකීර්‍ණ නො වූ විරූ මේ තුන් නිරුක්තිපථයෝ අධිවචනපථයෝ ප්‍රඥප්තිපථයෝ නුවණැති මහණබමුණන් විසින් සැක නො කරනු ලැබෙත්, සැක නො කරනු ලබන්නාහ, බැහැර නො කරනු ලබන්නාහ. මහණෙනි, උක්කල දනව්වැසි අහේතුකවාද ඇති අක්‍රියවාද ඇති නාස්තිකවාද ඇති ‘වස්සය’ යැ ‘භඤ්ඤ’ යැ යන යම් (ශාස්තෘ) කෙනෙක් වූහු නම් ඔහු දු මේ තුන් නිරුක්තිපථයන් අධිවචනපථයන් ප්‍රඥප්තිපථයන් නො ගැරහිය යුතු කොට නො පිළිකෙව් කටයුතු කොට සිතූහ. ඒ කවර හෙයින යත්: (තමනට) නින්‍දා-ඝට්ටන-උපවාද බියෙනැයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි “න වත්තබ්බං අතීතං අත්ථි, අනාගතං අත්ථි”ති.
Sinhala BJTස. නිග: එසේ වී නම් ‘අතීතය ඇත, අනාගතය ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT135. ස. පු: අතීතං අත්ථි’ති.
Sinhala BJT135. ස. පු: අතීතය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු ආයස්මා ඵග්ගුණො භගවන්තං එතදවොච: “අත්ථි නු ඛො තං භන්තෙ, චක්ඛුං යෙන චක්ඛුනා අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ{3} සබ්බදුක්ඛවීතිවත්තෙ පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්යා’ති. [අත්ථි නු ඛො තං භන්තෙ, සොතං -පෙ- අත්ථි නු ඛො තං භන්තෙ, ඝානං -පෙ-] අත්ථි නු ඛො සා භන්තෙ ජිව්හා -පෙ- [අත්ථි නු ඛො සො භන්තෙ, කායො -පෙ-] අත්ථි නු ඛො සො භන්තෙ, මනො යෙන මනෙන අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ{3} සබ්බදුක්ඛවීතිවත්තෙ පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්යා’ති.
Sinhala BJTස. අනු: ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළාහු නො: “වහන්ස, සිඳහළ (තෘෂ්ණා මාන දෘෂ්ටි සඞ්ඛ්‍යාත) ප්‍රපඤ්චයන් ඇති, සිඳලූ (කුශලාකුශලකර්‍ම) වර්‍තයන් ඇති, මැඩගත් (සංසාර) වර්‍තයන් ඇති, සියලු (විපාකවර්‍ත සඞ්ඛ්‍යාත) දුඃඛය ඉක්මැ වූ, පිරිනිවි අතීත බුදුවරයන් යම් චක්‍ෂුසෙකින් පනවන්නේ නම් එබඳු චක්‍ෂුසෙක් ඇද්ද? වහන්ස … යම් ශ්‍රෝත්‍රයෙකින් පනවන්නේ නම් එබඳු ශ්‍රෝත්‍රයෙක් ඇද්ද … යම් ඝ්‍රාණයෙකින් පනවන්නේ නම් එබඳු ඝ්‍රාණයෙක් ඇද්ද … යම් ජිහ්වායෙකින් පනවන්නේ නම් එබඳු ජිහ්වායෙක් ඇද්ද … යම කයෙකින් පනවන්නේ නම් එබඳු කයෙක් ඇද්ද … යම් මනසෙකින් පනවන්නේ නම් එබඳු මනසෙක් ඇද්ද?
Pali BJTනත්ථි ඛො තං ඵග්ගුණ, චක්ඛුං යෙන චක්ඛුනා අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය. [නත්ථි ඛො තං ඵග්ගුණ, සොතං -පෙ- නත්ථි ඛො තං ඵග්ගුණ, ඝානං -පෙ-] නත්ථි ඛො සා ඵග්ගුණ, ජිව්හා -පෙ- [නත්ථි ඛො සො ඵග්ගුණ, කායො -පෙ-] නත්ථි ඛො සො ඵග්ගුණ මනො යෙන මනෙන අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්යා”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTඵග්ගුණය, සිඳහළ ප්‍රපඤ්චයන් ඇති, සිඳලූ කර්‍මවර්‍තයන් ඇති, මැඩලූ සංසාරවර්‍තයන් ඇති, සියලු වර්‍තදුඃඛය ඉක්මැ වූ, පිරිනිවි අතීත බුදුවරයන් යම් ඇසෙකින් පනවන්නේ නම් එවන් ඇසෙක් නැත. ඵග්ගුණය, … එවන් ශ්‍රෝත්‍රයෙක් නැත … එවන් ඝ්‍රාණයෙක් නැත … ඵග්ගුණය, එවන් ජිහ්වායෙක් නැත … එවන් කයෙක් නැත … ඵග්ගුණය, සිඳහළ ප්‍රපඤ්චයන් ඇති, සිඳලූ කර්‍මවර්‍තයන් ඇති, මැඩලූ සංසාරවර්‍තයන් ඇති, සියලු වර්‍තදුඃඛය ඉක්මැ වූ, පිරිනිවි අතීත බුදුවරයන් යම් මනෙසෙකින් පනවන්නේ නම් එවන් මනසෙක් නැතැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං{1} ‘අතීතං අත්ථි’ති.
Sinhala BJTස. නිග: එසේ වී නම් ‘අතීතය ඇතැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT136. ස. පු: අතීතං අත්ථිති.
Sinhala BJT136. ස. පු: අතීතය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු ආයස්මා නන්දකො එතදවොච: අහු පුබ්බෙ ලොභො. තදහු අකුසලං. සො එතරහි නත්ථි. ඉච්චෙතං කුසලං. අහු පුබ්බෙ දොසො -පෙ- අහු පුබ්බෙ මොහො. තදහු අකුසලං. සො එතරහි නත්ථි. ඉච්චෙතං කුසලං”න්ති.{b} අත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTස. අනු: ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ තෙල වදාළාහු නො: “පෙර ලෝභ වී, එ අකුසල් වී, එ ලෝභ දැන් නැති. මෙසේ මේ මැනැවි. පෙර ද්වේෂ වී … පෙර මෝහ වී. එ අකුසල් වී. එ මෝහය දැන් නැති. මෙසේ මේ මැනැවැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං අතීතං අත්ථිති.
Sinhala BJTස. නිග: එහෙයින් ‘අතීතය ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT137. ප. පු: න වත්තබ්බං අනාගතං අත්ථීති.
Sinhala BJT137. ප. පු: ‘අනාගතය ඇතැ’ යි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “කබළීකාරෙ{2} චෙ භික්ඛවෙ, ආහාරෙ අත්ථි රාගො, අත්ථි නන්දි, අත්ථි තණ්හා. පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරූළ්හං. යත්ථ පතිට්ඨිතං විඤ්ඤාණං විරූළ්හං, අත්ථි තත්ථ නාමරූපස්ස අවක්කන්ති. යත්ථ අත්ථි නාමරූපස්ස අවක්කන්ති, අත්ථි තත්ථ සඞ්ඛාරානං වුද්ධි.{3} යත්ථ අත්ථි සඞ්ඛාරානං වුද්ධි, අත්ථි තත්ථ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති. යත්ථ අත්ථි ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති. අත්ථි තත්ථ ආයතිං ජාතිජරාමරණං. යත්ථ අත්ථි ආයතිං ජාතිජරාමරණං, සසොකං තං භික්ඛවෙ සදරං{4} සඋපායාසන්ති වදාමි.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් විසින් වදාරන ලද නො: “මහණෙනි, ඉදින් කවලීකාරාහාරයෙහි රාගය ඇද්ද, නන්‍දිය ඇද්ද, තෘෂ්ණාව ඇද්ද, එහි විඥානය විරූඪ වැ (මුල්බැස) පිහිටියේ වෙයි. යම් තැනෙක විඥානය විරූඪ වැ පිහිටියේ වේ ද, එහි නාමරූපයාගේ බැසගැනීම ඇත. යම් තැනෙක නාමරූපයාගේ බැසගැනීම ඇද්ද, එහි සංස්කාරයන්ගේ වෘද්ධිය ඇත. යම් තැනෙක සංස්කාරයන්ගේ වෘද්ධිය ඇද්ද, එහි ආයතිපුනර්‍භවාභිනිර්‍වෘති ඇත. යම් තැනෙක ආයතිපුනර්‍භවාභිනිර්‍වෘති ඇද්ද, එහි ආයතිජාතිජරාමරණ ඇත. යම් තැනෙක ආයති ජාතිජරාමරණ ඇද්ද, මහණෙනි එය ශෝක සහිත යැ දරථ සහිත යැ උපායාස සහිත යැ යි කියමි.
Pali BJTඵස්සෙ චෙ භික්ඛවෙ ආහාරෙ -පෙ- මනොසඤ්චෙතනාය චෙ භික්ඛවෙ ආහාරෙ -පෙ- විඤ්ඤාණෙ චෙ භික්ඛවෙ ආහාරෙ අත්ථි රාගො, අත්ථි නන්දි අත්ථි තණ්හා -පෙ- සසොකං තං භික්ඛවෙ සදරං සඋපායාසන්ති වදාමී”තිa අත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTමහණෙනි, ඉදින් ස්පර්‍ශාහාරයෙහි … මහණෙනි, ඉදින් මනෝ සඤ්චේතානාහාරයෙහි … මහණෙනි, ඉදින් විඥානාහාරයෙහි රාගය ඇද්ද, නන්‍දිය ඇද්ද, තෘෂ්ණාව ඇද්ද … මහණෙනි, එය ශෝක සහිත යැ දරථ සහිත යැ උපායාස සහිත යැ යි කියමි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි අනාගතං අත්ථීති.
Sinhala BJTප. නිග: එහෙයින් අනාගතය ඇත.
Pali BJT138. ස. පු: අනාගතං අත්ථීති.
Sinhala BJT138. ස. පු: අනාගතය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “කබළීකාරෙ චෙ භික්ඛවෙ ආහාරෙ නත්ථි රාගො නත්ථි නන්දි, නත්ථි තණ්හා, අප්පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං අවිරූළ්හං. යත්ථ විඤ්ඤාණං අප්පතිට්ඨිතං අවිරූළ්හං, නත්ථි තත්ථ නාමරූපස්ස අවක්කන්ති. යත්ථ නත්ථි නාමරූපස්ස අවක්කන්ති, නත්ථි තත්ථ සඞ්ඛාරානං වුද්ධි. යත්ථ නත්ථි සඞ්ඛාරානං වුද්ධි, නත්ථි තත්ථ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති. යත්ථ නත්ථි ආයතිං පුනබ්භවා’භිනිබ්බත්ති, නත්ථි තත්ථ ආයතිං ජාතිජරාමරණං. යත්ථ නත්ථි ආයතිං ජාතිජරාමරණං, අසොකං තං භික්ඛවෙ අජරං අනුපායාසන්ති වදාමි. ඵස්සෙ චෙ භික්ඛවෙ ආහාරෙ -පෙ- මනොසඤ්චෙතනාය චෙ භික්ඛවෙ ආහාරෙ -පෙ- විඤ්ඤාණෙ චෙ භික්ඛවෙ, ආහාරෙ නත්ථි රාගො, නත්ථි නන්දි, නත්ථි තණ්හා, අසොකං තං භික්ඛවෙ අජරං අනුපායාසන්ති වදාමී”ති{a} අත්ථෙව සුත්තන්තො’ති?
Sinhala BJTස. අනු: බුදුන් විසින් වදාළේ මැ නො: “මහණෙනි, ඉදින් කවලීකාරාහාරයෙහි රාග නැද්ද, නන්‍දි නැද්ද, තෘෂ්ණා නැද්ද, එහි විඥානය නොපිහිටියේ විරූඪ නො වූයේ වෙයි. යම් තැනෙක විඥානය නො පිහිටියේ විරූඪ නො වූයේ වේ ද, එහි නාමරූපයාගේ අවක්‍රාන්ති නැත. යම් තැනෙක නාමරූප දෙදෙනාගේ අවක්‍රාන්ති නැද්ද, එහි සංස්කාරයන්ගේ වෘද්ධි නැත. යම් තැනෙක සංස්කාරයන්ගේ වෘද්ධි නැද්ද, එහි ආයතිපුනර්‍භවාභිනිර්‍වෘති නැත. යම් තැනෙක ආයතිපුනර්‍භවාභිනිර්‍වෘති නැද්ද, එහි ආයති ජාතිජරාමරණ නැත. යම් තැනෙක ආයති ජාතිජරාමරණ නැද්ද, මහණෙනි, එය අශෝක යැ අජර යැ අනුපායාස යැ යි කියමි. මහණෙනි, ඉදින් ස්පර්‍ශාහාරයෙහි … මහණෙනි, ඉදින් මනෝ සඤ්චේතානාහාරයෙහි … මහණෙනි, ඉදින් විඥානාහාරයෙහි රාගය නැද්ද, නන්‍දිය නැද්ද, තෘෂ්ණා නැද්ද, මහණෙනි, එය අශෝක යැ අජර යැ අනුපායාස යැ යි කියමි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං “අනාගතං අත්ථි”ති.
Sinhala BJTස. නිග: එහෙයින් අනාගතය ඇතැයි නො කියැයුතු මැ යැ.
Pali BJTසම්බමත්ථිකථා නිට්ඨිතා.
Sinhala BJTසබ්බමත්‍ථිකථා නිමි.
Pali BJT1. 7.
Sinhala BJT1. 7.
Pali BJTඅතීතඛන්ධාදිකථා
Sinhala BJTඅතීතඛන්‍ධාදිකථා
Pali BJT1. ප. පු: අතීතං ඛන්ධා’ති.
Sinhala BJT1. ප. පු: අතීතය ස්කන්‍ධ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං අත්ථි’ති.
Sinhala BJTප. අනු: අතීතය ඇත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: අතීතං ආයතනන්ති.
Sinhala BJTප. පු: අතීතය ආයතන ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ස්කන්‍ධාදිභාවය නො හරනෙන් අතීතානාගතයත් ඇති සේ කැමැති වන පරවාදිහුගේ පෘච්ඡා වශයෙන් ‘අතීතං ඛන්‍ධාති’ ආදි කථා එයි]
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං අත්ථි’ති.
Sinhala BJTප. අනු: අතීතය ඇත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: අතීතං ධාතූ’ති.
Sinhala BJTප. පු: අතීතය ධාතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං අත්ථි’ති.
Sinhala BJTප. අනු: අතීතය ඇත් ද?.
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: අතීතං ඛන්ධා ධාතු ආයතනන්ති.
Sinhala BJTප. පු: අතීතය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං අත්ථි’ති.
Sinhala BJTප. අනු: අතීතය ඇත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ..
Pali BJT2. ප. පු: අනාගතං ඛන්ධා’ති.
Sinhala BJT2. ප. පු: අනාගතය ස්කන්‍ධ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනාගතං අත්ථි’ති.
Sinhala BJTප. අනු: අනාගතය ඇත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ..
Pali BJTප. පු: අනාගතං ආයතනන්ති.
Sinhala BJTප. පු: අනාගතය ආයතන ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනාගතං අත්ථි’ති.
Sinhala BJTප. අනු: අනාගතය ඇත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: අනාගතං ධාතු’ති.
Sinhala BJTප. පු: අනාගතය ධාතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනාගතං අත්ථි’ති.
Sinhala BJTප. අනු: අනාගතය ඇත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: අනාගතං ඛන්ධා ධාතු ආයතනන්ති.
Sinhala BJTප. පු: අනාගතය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනාගතං අත්ථි’ති.
Sinhala BJTප. අනු: අනාගතය ඇත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT3. ප. පු: පච්චුප්පන්නං ඛන්ධා, පච්චුප්පන්නං අත්ථී’ති.
Sinhala BJT3. ප. පු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං ඛන්ධා, අතීතං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අතීතය ස්කන්‍ධ යැ, අතීතය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: පච්චුප්පන්නං ආයතනං, පච්චුප්පන්නං අත්ථි’ති.
Sinhala BJTප. පු: ප්‍රත්‍යුත්පන්නය ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං ආයතනං, අතීතං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අතීතය ආයතන යැ, අතීතය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: පච්චුප්පන්නං ධාතු, පච්චුප්පන්නං අත්ථි’ති.
Sinhala BJTප. පු: ප්‍රත්‍යුත්පන්නය ධාතු යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං ධාතු, අතීතං අත්ථි’ති.
Sinhala BJTප. අනු: අතීතය ධාතු යැ, අතීතය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: පච්චුප්පන්නං ඛන්ධා ධාතු ආයතනං, පච්චුප්පන්නං අත්ථි’ති.
Sinhala BJTප. පු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං ඛන්ධා ධාතු ආයතනං, අතීතං අත්ථි’ති.
Sinhala BJTප. අනු: අතීතය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අතීතය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT4. ප. පු: පච්චුප්පන්නං ඛන්ධා, පච්චුප්පන්නං අත්ථි’ති.
Sinhala BJT4. ප. පු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනාගතං ඛන්ධා, අනාගතං අත්ථි’ති.
Sinhala BJTප. අනු: අනාගතය ස්කන්‍ධ යැ, අනාගතය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: පච්චුප්පන්නං ආයතනං, පච්චුප්පන්නං අත්ථි’ති.
Sinhala BJTප. පු: ප්‍රත්‍යුත්පන්නය ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනාගතං ඛන්ධා, අනාගතං අත්ථි’ති.
Sinhala BJTප. අනු: අනාගතය ස්කන්‍ධ යැ, අනාගතය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: පච්චුප්පන්නං ධාතු, පච්චුප්පන්නං අත්ථි’ති.
Sinhala BJTප. පු: ප්‍රත්‍යුත්පන්නය ධාතු යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.