Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3101-3200 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතො කායො පග්ගහනිග්ගහූපගො, ඡෙදනභෙදනූපගො, කාකෙහි ගිජ්ඣෙහි කුලලෙහි සාධාරණො’ති.
Sinhala BJTස. අනු: අතීත වූ කය ප්‍රග්‍රහ නිග්‍රහ දෙකට පැමිණියේ, ඡේදනභේදනූපගත වූයේ, කවුඩු ගිජුලිහිණි කුරර පක්‍ෂීන් හා සාධාරණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: අතීතෙ කායෙ විසං කමෙය්ය, සත්ථං කමෙය්ය, අග්ගි කමෙය්යා’ති.
Sinhala BJTස. අනු: අතීත වූ කයෙහි විෂ වැදගනී ද? ශස්ත්‍ර වැදගනී ද? ගිනි වැදගනී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: ලබ්භා අතීතො කායො අන්දුබන්ධනෙන{1} බන්ධිතුං, රජ්ජුබන්ධනෙන බන්ධිතුං, සඞ්ඛලිකබන්ධනෙන බන්ධිතුං, ගාමබන්ධනෙන බන්ධිතුං, නිගමබන්ධනෙන බන්ධිතුං, නගරබන්ධනෙන බන්ධිතුං, ජනපද බන්ධනෙන බන්ධිතුං, කණ්ඨබන්ධනෙන බන්ධිතුන්ති.
Sinhala BJTස. අනු: අතීත වූ කය අන්‍දුබන්‍ධනයෙන් බඳින්නට, රජ්ජුබන්‍ධනයෙන් බඳින්නට, ශෘඞ්ඛලබන්‍ධනයෙන් බඳින්නට, ග්‍රාමබන්‍ධනයෙන් බඳින්නට, නිගමබන්‍ධනයෙන් බඳින්නට, නගරබන්‍ධනයෙන් බඳින්නට, ජනපද බන්‍ධනයෙන් බඳින්නට, කණ්ඨබන්‍ධනයෙන් බඳින්නට ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT119. ස. පු: අතීතො ආපො අත්ථි’ති.
Sinhala BJT119. ස. පු: අතීත වූ ආපය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තෙන ආපෙන ආපකරණීයං කරොතී’ති.
Sinhala BJTස. අනු: ඒ ආපයෙන් අප්කරණී කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: අතීතො තෙජො අත්ථී’ති.
Sinhala BJTස. පු: අතීත වූ තේජස් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තෙන තෙජෙන තෙජකරණීයං කරොතී’ති.
Sinhala BJTස. අනු: ඒ තේජසින් තෙදකරණී කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: අතීතො වායො අත්ථී’ති.
Sinhala BJTස. පු: අතීත වූ වායු ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තෙන වායෙන වායකරණීයං කරොතී’ති.
Sinhala BJTස. අනු: ඒ වායුවෙන් වායුකරණී කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT120. ස. පු: අතීතො රූපක්ඛන්ධො අත්ථී, අනාගතො රූපක්ඛන්ධො අත්ථි පච්චුප්පන්නො රූපක්ඛන්ධො අත්ථී’ති.
Sinhala BJT120. ස. පු: අතීත වූ රූපස්කන්‍ධ ඇද්ද, අනාගත වූ රූපස්කන්‍ධ ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ රූපස්කන්‍ධ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තයො රූපක්ඛන්ධා’ති.
Sinhala BJTස. අනු: රූපස්කන්‍ධයෝ තිදෙනෙක් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: අතීතා පඤ්චක්ඛන්ධා අත්ථී, අනාගතා පඤ්චක්ඛන්ධා අත්ථී, පච්චුප්පන්නා පඤ්චක්ඛන්ධා අත්ථී’ති.
Sinhala BJTස. අනු: අතීත වූ පඤ්චස්කන්‍ධයෝ ඇද්ද, අනාගත වූ පඤ්චස්කන්‍ධයෝ ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ පඤ්චස්කන්‍ධයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පණ්ණරසක්ඛන්ධා’ති.
Sinhala BJTස. අනු: පසළොස් ස්කන්‍ධ කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT121. ස. පු: අතීතං චක්ඛායතනං අත්ථී, අනාගතං චක්ඛායතනං අත්ථි, පච්චුප්පන්නං චක්ඛායතනං අත්ථී’ති.
Sinhala BJT121. ස. පු: අතීත වූ චක්‍ෂුරායතනය ඇද්ද, අනාගත වූ චක්‍ෂුරායතනය ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ චක්‍ෂුරායතනය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තීණි චක්ඛායතනානී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුරායතනයෝ තිදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT122. ස. පු: අතීතානි ද්වාදසායතනානි අත්ථි, අනාගතානි ද්වාදසායතනානි අත්ථි, පච්චුප්පන්නානි ද්වාදසායතනානි අත්ථී’ති.
Sinhala BJT122. ස. පු: අතීත වූ ද්වාදශායතනයෝ ඇද්ද, අනාගත වූ ද්වාදශායතනයෝ ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ ද්වාදශායතනයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඡත්තිංසායතනානී’ති.
Sinhala BJTස. අනු: ආයතනයෝ සතිස්දෙනෙක් වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT123. ස. පු: අතීතා චක්ඛුධාතු අත්ථි, අනාගතා චක්ඛුධාතු අත්ථි, පච්චුප්පන්නා චක්ඛුධාතු අත්ථි’ති.
Sinhala BJT123. ස. පු: අතීත වූ චක්ඛුධාතු ඇද්ද, අනාගත වූ චක්ඛුධාතු ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ චක්ඛුධාතු ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තිස්සො චක්ඛුධාතුයො’ති.
Sinhala BJTස. අනු: චක්ඛුධාතුහු තිදෙනෙක් වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT124. ස. පු: අතීතා අට්ඨාරසධාතුයො අත්ථි, අනාගතා අට්ඨාරසධාතුයො අත්ථි, පච්චුප්පන්නා අට්ඨාරසධාතුයො අත්ථී’ති.
Sinhala BJT124. ස. පු: අතීත වූ අටළොස්ධාතුහු ඇද්ද, අනාගත වූ අටළොස්ධාතුහු ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ අටළොස්ධාතුහු ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චතුපණ්ණාසධාතුයො’ති.
Sinhala BJTස. අනු: සිව්පනස් ධාතු කෙනෙක් වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT125. ස. පු: අතීතං චක්ඛුන්ද්රියං අත්ථි, අනාගතං චක්ඛුන්ද්රියං අත්ථි, පච්චුප්පන්නං චක්ඛුන්ද්රියං අත්ථි’ති.
Sinhala BJT125. ස. පු: අතීත වූ චක්‍ෂුරින්‍ද්‍රිය ඇද්ද, අනාගත වූ චක්‍ෂුරින්‍ද්‍රිය ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ චක්‍ෂුරින්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තීණි චක්ඛුන්ද්රියානී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT126. ස. පු: අතීතානි බාවීසතින්ද්රියානි අත්ථී, අනාගතානි බාවීසතින්ද්රියානි අත්ථි, පච්චුප්පන්නානි බාවීසතින්ද්රියානි අත්ථී’ති.
Sinhala BJT126. ස. පු: අතීත වූ දෙවිසි ඉන්‍ද්‍රියයෝ ඇද්ද, අනාගත වූ දෙවිසි ඉන්‍ද්‍රියයෝ ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ දෙවිසි ඉන්‍ද්‍රියයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඡසට්ඨින්ද්රියානී’ති.
Sinhala BJTස. අනු: සසැට ඉන්‍ද්‍රිය කෙනෙක් වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT127. ස. පු: අතීතො රාජා චක්කවත්තී අත්ථි, අනාගතො රාජා චක්කවත්තී අත්ථී, පච්චුප්පන්නො රාජා චක්කවත්තී අත්ථි’ති.
Sinhala BJT127. ස. පු: අතීත වූ සක්විති රජ ඇද්ද, අනාගත වූ සක්විති රජ ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ සක්විති රජ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තිණ්ණං{1} රාජූනං{2} චක්කවත්තීනං සම්මූඛීභාවො හොතී’ති.
Sinhala BJTස. අනු: තුන් සක්විති රජුන්ගේ හමුවීමෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT128. ස. පු: අතීතො සම්මාසම්බුද්ධො අත්ථි, අනාගතො සම්මාසම්බුද්ධො අත්ථි, පච්චුප්පන්නො සම්මාසම්බුද්ධො අත්ථී’ති.
Sinhala BJT128. ස. පු: අතීත වූ සම්‍යක්සම්බුද්ධයෝ ඇද්ද, අනාගත වූ සම්‍යක්සම්බුද්ධයෝ ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ සම්‍යක්සම්බුද්ධයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තිණ්ණං{1} සම්මාසම්බුද්ධානං සම්මූඛීභාවො හොතී’ති.
Sinhala BJTස. අනු: තුන් සම්‍යක්සම්බුද්ධයන්ගේ හමුවීමෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT129. ස. පු: අතීතං අත්ථී’ති.
Sinhala BJT129. ස. පු: අතීතය ඇත්තේ (අස්ති) වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි අතීතන්ති.
Sinhala BJTස. අනු: ‘අස්ති’ අතීත වේ ද?
Pali BJTප. වි: අත්ථි සියා අතීතං සියා න්වාතීතන්ති.
Sinhala BJTප. වි: ‘අස්ති’ අතීත ද වන්නේ යැ, අනතීත ද වන්නේ යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: නිග්‍රහය දැනගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි අතීතං අත්ථි, අත්ථි සියා අතීතං සියා න්වාතීතං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අතීතය අස්ති වේ නම්, අස්ති අතීතත් වන්නේ නම්, අනතීතත් වන්නේ නම්,
Pali BJTඅනු. පා: තෙනාතීතං න්වාතීතං, න්වාතීතං අතීතන්ති.
Sinhala BJTඅනු: පා: ඉදින් අතීතය අනතීත වෙයි, අනතීතය අතීත වෙයි.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො අතීතං අත්ථි, අත්ථි සියා අතීතං සියා න්වාතීතං, තෙනාතීතං න්වාතීතං, න්වාතීතං අතීතන්ති මිච්ඡා.
Sinhala BJTඅනු: ආ: එහි ලා: “අතීතය අස්ති යැ, අස්ති අතීතත් වන්නේ යැ, අනතීතත් වන්නේ යැ. එයින් අතීතය අනතීත ද, අනතීතය අතීත ද වේ යැ යි කියැයුතු යැ” යි යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යැ.
Pali BJTපටි. ඨ: නො චෙ පනාතීතං න්වාතීතං, න්වාතීතං අතීතන්ති,
Sinhala BJTපටි. ඨ: තවද, ඉදින් අතීතය අනතීතත්, අනතීතය අතීතත් නො වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අතීතං අත්ථි, අත්ථි සියා අතීතං සියා න්වාතීතන්ති.”
Sinhala BJTපටි. පා: භවත, ‘අතීතය අස්ති යැ, අස්ති අතීතත් වන්නේ යැ, අනතීතත් වන්නේ යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො අතීතං අත්ථී, අත්ථි සියා අතීතං සියා න්වාතීතං, තෙනාතීතං න්වාතීතං, න්වාතීතං අතීතන්ති මිච්ඡා.
Sinhala BJTපටි. ආ: එහි ලා: “අතීතය අස්ති යැ, අස්ති අතීතත් වන්නේ යැ, අනතීතත් වන්නේ යැ. එයින් අතීතය අනතීත වෙයි, අනතීතය අතීත වේ යයි කියැයුතු යැ” යි යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.
Pali BJT130. ස. පු: අනාගතං අත්ථී’ති.
Sinhala BJT130. ස. පු: අනාගතය අස්ති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි අනාගතන්ති.
Sinhala BJTස. අනු: අස්ති අනාගත වේ ද?
Pali BJTප. වි: අත්ථි සියා අනාගතං සියා න්වානාගතන්ති.
Sinhala BJTප. වි: අස්ති අනාගතත වන්නේ යැ, අනාගත නො වන්නේත් වන්නේ ය.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: නිග්‍රහය දනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගතං අත්ථි, අත්ථි සියා අනාගතං සියා න්වානාගතං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනාගතය අස්ති වේ නම්, අස්ති අනාගතත් වී නම්, අනාගත නො වන්නේත් වී නම්,
Pali BJTඅනු. පා: තෙනානාගතං න්වානාගතං, න්වානාගතං අනාගතන්ති.
Sinhala BJTඅනු: පා: එයින් අනාගතය න්‍වාගත වෙයි, න්‍වානාගතය අනාගත වෙයි.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො අනාගතං අත්ථි, අත්ථි සියා අනාගතං සියා න්වානාගතං, තෙනානාගතං න්වානාගතං, න්වානාගතං අනාගතන්ති මිච්ඡා.
Sinhala BJTඅනු: ආ: එහි ලා: “අනාගතය අස්ති වෙයි, අස්ති අනාගතත් වන්නේ යැ, න්‍වානාගතත් වන්නේ යැ, එයින් අනාගතය න්‍වානාගත වෙයි, න්‍වානාගතය අනාගත වේයයි කියැයුතු යැ” යි. යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.
Pali BJTපටි. ඨ: නො චෙ පනානාගතං න්වානාගතං, න්වානාගතං අනාගතන්ති,
Sinhala BJTපටි. ඨ: ඉදින් අනාගතය න්‍වානාගත ද, න්‍වානාගතය අනාගත ද නො වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අනාගතං අත්ථි, අත්ථි සියා අනාගතං සියා න්වානාගතන්ති.
Sinhala BJTපටි. පා: භවත, “අනාගතය අස්ති යැ, අස්ති අනාගතත් වන්නේ යැ, න්‍වානාගතත් වන්නේ යැ” යි නො ද කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො අනාගතං අත්ථි, අත්ථි සියා අනාගතං සියා න්වානාගතං, තෙනානාගතං න්වානාගතං න්වානාගතං, අනාගතන්ති මිච්ඡා.
Sinhala BJTපටි. ආ: එහි ලා: “අනාගතය අස්ති යැ, අස්ති අනාගතත් වන්නේ යැ, න්‍වානාගතත් වන්නේ යැ, එයින් අනාගතය න්‍වානාගත වෙයි, න්‍වානාගතය අනාගත වේ යයි කියැයුතු යැ” යි යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.
Pali BJT131. ස. පු: පච්චුප්පන්නං අත්ථී’ති.
Sinhala BJT131. ස. පු: ප්‍රත්‍යුත්පන්නය අස්ති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි පච්චුප්පන්නන්ති.
Sinhala BJTස. අනු: අස්ති ප්‍රත්‍යුත්පන්න වේ ද?
Pali BJTප. වි: අත්ථි සියා පච්චුප්පන්නං සියා නො පච්චුප්පන්නන්ති.
Sinhala BJTප. වි: අස්ති ප්‍රත්‍යුත්පන්න වන්නේ යැ, ප්‍රත්‍යුත්පන්න නො වනුයේත් වන්නේ යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: නිග්‍රහය දනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි පච්චුප්පන්නං අත්ථි, අත්ථි සියා පච්චුප්පන්නං සියා නො පච්චුප්පන්නං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ප්‍රත්‍යුත්පන්නය අස්ති වී නම්, අස්ති ප්‍රත්‍යුත්පන්නත් වී නම්, ප්‍රත්‍යුත්පන්න නො වන්නේත් වී නම්,
Pali BJTඅනු. පා: තෙන පච්චුප්පන්නං නො පච්චුප්පන්නං, නො පච්චුප්පන්නං පච්චුප්පන්නන්ති.
Sinhala BJTඅනු: පා: එයින් ප්‍රත්‍යුත්පන්නය ප්‍රත්‍යුත්පන්න නො වෙයි, ප්‍රත්‍යුත්පන්න නො වන්නේ ප්‍රත්‍යුත්පන්න වෙයි.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පච්චුප්පන්නං අත්ථි, අත්ථි සියා පච්චුප්පන්නං සියා නො පච්චුප්පන්නං, තෙන පච්චුප්පන්නං නො පච්චුප්පන්නං, නො පච්චුප්පන්නං පච්චුප්පන්නන්ති මිච්ඡා.
Sinhala BJTඅනු: ආ: එහි ලා: “ප්‍රත්‍යුත්පන්නය අස්ති යැ, අස්ති ප්‍රත්‍යුත්පන්නත් වන්නේ යැ, ප්‍රත්‍යුත්පන්න නො වන්නේත් වන්නේ යැ, එයින් ප්‍රත්‍යුත්පන්නය ප්‍රත්‍යුත්පන්න නො වෙයි, ප්‍රත්‍යුත්පන්න නො වන්නේ ප්‍රත්‍යුත්පන්න වේ යයි කියැයුතු යැ” යි යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.
Pali BJTපටි. ඨ: නො චෙ පන පච්චුප්පන්නං නො පච්චුප්පන්නං, නො පච්චුප්පන්නං පච්චුප්පන්නන්ති,
Sinhala BJTපටි. ඨ: ඉදින් ප්‍රත්‍යුත්පන්නය ප්‍රත්‍යුත්පන්න නො වන්නේත්, ප්‍රත්‍යුත්පන්න නො වන්නේ ප්‍රත්‍යුත්පන්න වන්නේත් නො වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ: පච්චුප්පන්නං අත්ථි, අත්ථි සියා පච්චුප්පන්නං සියා නො පච්චුප්පන්නන්ති.
Sinhala BJTපටි. පා: භවත, “ප්‍රත්‍යුත්පන්නය අස්ති යැයි ද, අස්ති ප්‍රත්‍යුත්පන්නත් වන්නේ යැයි ද, ප්‍රත්‍යුත්පන්න නො වන්නේත් වන්නේ යැ” යි නො කියැයුතු මැ යැ.
Pali BJTපටි: ආ: යං තත්ථ වදෙසි: “වත්තබ්බෙ ඛො පච්චුප්පන්නං අත්ථි, අත්ථි සියා පච්චුප්පන්නං සියා නො පච්චුප්පන්නං, තෙන පච්චුප්පන්නං නො පච්චුප්පන්නං, නො පච්චුප්පන්නං පච්චුප්පන්නන්ති මිච්ඡා.
Sinhala BJTපටි. ආ: එහි ලා: “ප්‍රත්‍යුත්පන්නය අස්ති යැයි ද, අස්ති ප්‍රත්‍යුත්පන්නත් වන්නේ යැ, ප්‍රත්‍යුත්පන්න නො වන්නේත් වන්නේ යැ, එයින් ප්‍රත්‍යුත්පන්නය ප්‍රත්‍යුත්පන්න නො වෙයි, ප්‍රත්‍යුත්පන්න නො වන්නේ ප්‍රත්‍යුත්පන්න වේ යැයි ද කියැයුතු යැ” යි යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.
Pali BJT132. ස. පු: නිබ්බානං අත්ථි’ති.
Sinhala BJT132. ස. පු: නිර්‍වාණය අස්ති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි නිබ්බානන්ති{1}.
Sinhala BJTස. අනු: අස්ති නිර්‍වාණ වේ ද?
Pali BJTප. වි: අත්ථි සියා නිබ්බානං සියා නො නිබ්බානන්ති.
Sinhala BJTප. වි: අස්ති නිර්‍වාණත් වන්නේ ය, නිර්‍වාණ නො වන්නේත් වන්නේ යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: නිග්‍රහය දැනගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි නිබ්බානං අත්ථි, අත්ථි සියා නිබ්බානං සියා නො නිබ්බානං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් නිර්‍වාණය අස්ති වී නම්, අස්ති නිර්‍වාණත් වී නම්, නිර්‍වාණ නො වන්නේත් වී නම්,
Pali BJTඅනු. පා: තෙන නිබ්බානං නො නිබ්බානං, නෙ නිබ්බානං නිබ්බානන්ති.
Sinhala BJTඅනු: පා: එයින් නිර්‍වාණය නිර්‍වාණ නො වන්නේත් නිර්‍වාණ නො වන්නේ නිර්‍වාණත් වෙයි.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො නිබ්බානං අත්ථි, අත්ථි සියා නිබ්බානං සියා නො නිබ්බානං, තෙන නිබ්බානං නො නිබ්බානං, නො නිබ්බානං නිබ්බානන්ති මිච්ඡා.
Sinhala BJTඅනු: ආ: එහි ලා: “නිර්‍වාණ අස්ති යැයි ද, අස්ති නිර්‍වාණත් වන්නේ යැ, නිර්‍වාණ නොවන්නේත් වන්නේ යැ, එයින් නිර්‍වාණය නිර්‍වාණ නො වෙයි, නිර්‍වාණ නො වන්නේ නිර්‍වාණ වේ යයි ද කියැයුතු යැ” යි යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.