Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2601-2700 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං අත්ථි, අතීතං අනිරුද්ධං අවිගතං අවිපරිණතං න අත්ථඞ්ගතං න අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJTස. අනු: අතීතයෙක් ඇත් ද? අතීතය අනිරුද්ධ වූයේ අවිගත වූයේ අවිපරිණත වූයේ අස්තයට නො ගියේ අභ්‍යස්තයට නො ගියේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT11. ස. පු: පච්චුප්පන්නං අත්ථි, පච්චුප්පන්නං ජාතං භූතං සඤ්ජාතං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතන්ති.
Sinhala BJT11. ස. පු: ප්‍රත්‍යුත්පන්නයෙක් ඇත් ද? ප්‍රත්‍යුත්පන්නය ජාත භූත සඤ්ජාත නිර්‍වෘත්ත අභිනිර්‍වෘත්ත ප්‍රාදුර්භූත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතං අත්ථි, අනාගතං ජාතං භූතං සඤ්ජාතං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතන්ති.
Sinhala BJTස. අනු: අනාගතයෙක් ඇද්ද? අනාගතය ජාත භූත සඤ්ජාත නිර්‍වෘත්ත අභිනිර්‍වෘත්ත ප්‍රාදුර්භූත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT12. ස. පු: අතීතං අත්ථි, අතීතං නිරුද්ධං විගතං විපරිණතං අත්ථඞ්ගතං අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJT12. ස. පු: අතීතය ඇත් ද? අතීතය නිරුද්ධ වේ ද? විගත වේ ද? පෙරළී යේ ද? අස්තඞ්ගත වේ ද? නිශ්ශේෂයෙන් අස්තඞ්ගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං අත්ථි, පච්චුප්පන්නං නිරුද්ධං විගතං විපරිණතං අත්ථඞ්ගතං අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නය නිරුද්ධ වේ ද? විගත වේ ද? පෙරැළි යේ ද? අස්තඞ්ගත වේ ද? නිශ්ශේෂයෙන් අස්තඞ්ගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT13. ස. පු: අනාගතං අත්ථි, අනාගතං අජාතං අභූතං අසංඤ්ජාතං අනිබ්බත්තං අනභිනිබ්බත්තං අපාතුභූතන්ති.
Sinhala BJT13. ස. පු: අනාගතය ඇත් ද? අනාගතය නො දිනි ද? නොවී ද? නො හටගැනි ද? නො නිපනි ද? සාකල්‍යයෙන් නො නිපනි ද? නො පහළ වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං අත්ථි, පච්චුප්පන්නං අජාතං අභූතං අසඤ්ජාතං අනිබ්බත්තං අනභිනිබ්බත්තං අපාතුභූතන්ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නය නො දිනි ද? නො වී ද? නො හටගැනි ද? නො නිපනි ද? සාකල්‍යයෙන් නො නිපනි ද? නො පාළ වී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT14. ස. පු: අතීතං රූපං අත්ථි’ති.
Sinhala BJT14. ස. පු: අතීත වූ රූප ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අතීතං රූපං නිරුද්ධං විගතං විපරිණතං අත්ථඞ්ගතං අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJTස. අනු: අතීත රූප නිරුද්ධ වූයේ නො වේ ද? විගත වූයේ විපරිණත වූයේ අස්තඞ්ගත වූයේ සාකල්‍යයෙන් අස්තඞ්ගත වූයේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අතීතං රූපං නිරුද්ධං -පෙ- අබ්භත්ථඞ්ගතං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අතීතරූපය නිරුද්ධ වේ නම් … සාකල්‍යයෙන් අස්තඞ්ගත වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අතීතං රූපං අත්ථි”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අතීතරූප ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT15. ස. පු: අනාගතං රූපං අත්ථි’ති.
Sinhala BJT15. ස. පු: අනාගතරූප ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අනාගතං රූපං අජාතං අභූතං අසංඤ්ජාතං අනිබ්බත්තං අනභිනිබ්බත්තං අපාතුභූතන්ති.
Sinhala BJTස. අනු: අනාගතරූපය, අජාත වූයේ අභූත වූයේ අසඤ්ජාත වූයේ නිර්‍වෘත නො වූයේ සාකල්‍යයෙන් නිර්‍වෘත නො වූයේ ප්‍රාදුර්භූත නො වූයේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගතං රූපං අජාතං -පෙ- අපාතුභූතං.
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනාගතරූපය, අජාත වූයේ … ප්‍රාදුර්භූත නො වූයේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අනාගතං රූපං අත්ථි”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අනාගතරූප ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT16. ස. පු: පච්චුප්පන්නං රූපං අත්ථි, පච්චුප්පන්නං රූපං අනිරුද්ධං අවිගතං අවිපරිණතං න අත්ථඞ්ගතං න අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJT16. ස. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නරූපය නිරුද්ධ නො වී ද? විගත නො වී ද? නො පෙරැළිණි ද? අස්තඞ්ගත නො වී ද? සාකල්‍යයෙන් අස්තඞ්ගත නො වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං රූපං අත්ථි, අතීතං රූපං අනිරුද්ධං අවිගතං අවිපරිණතං න අත්ථඞ්ගතං න අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJTස. අනු: අතීතරූපය ඇත් ද? අතීතරූපය නිරුද්ධ නො වී ද? විගත නො වී ද? විපරිණත නො වී ද? අස්තඞ්ගත නො වී ද? සාකල්‍යයෙන් අස්තඞ්ගත නො වී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT17. ස. පු: පච්චුප්පන්නං රූපං අත්ථි, පච්චුප්පන්නං රූපං ජාතං භූතං සඤ්ජාතං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතන්ති.
Sinhala BJT17. ස. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නරූපය දිනි ද? වී ද? හටගැනි ද? නිපනි ද? සාකල්‍යයෙන් නිපනි ද? පාළ වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතං රූපං අත්ථි, අනාගතං රූපං ජාතං භූතං සඤ්ජාතං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතන්ති.
Sinhala BJTස. අනු: අනාගතරූපය ඇත් ද? අනාගතරූපය දිනි ද? වී ද? හටගැනි ද? නිපනි ද? සාකල්‍යයෙන් නිපනි ද? පහළ වී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT18. ස. පු: අතීතං රූපං අත්ථි, අතීතං රූපං නිරුද්ධං විගතං විපරිණතං අත්ථඞ්ගතං අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJT18. ස. පු: අතීතරූපය ඇත් ද? අතීතරූපය නිරුද්ධ වී ද? විගත වී ද? පෙරැළිණි ද? අස්තඞ්ගත වී ද? සාකල්‍යයෙන් අස්තඞ්ගත වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං රූපං අත්ථි, පච්චුප්පන්නං රූපං නිරුද්ධං විගතං විපරිණතං අත්ථඞ්ගතං අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නරූපය නිරුද්ධ වී ද? විගත වී ද? විපරිණත වී ද? අස්තයට ගියේ ද? සාකල්‍යයෙන් අස්තයට ගියේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT19. ස. පු: අනාගතං රූපං අත්ථි, අනාගතං රූපං අජාතං අභූතං අසඤ්ජාතං අනිබ්බත්තං අනභිනිබ්බත්තං අපාතුභූතන්ති.
Sinhala BJT19. ස. පු: අනාගතරූපය ඇත් ද? අනාගතරූපය නො දිනි ද? නො වී ද? නො හටගැනි ද? නො නිපනි ද? සාකල්‍යයෙන් නො නිපනි ද? නො පහළ වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං රූපං අත්ථි, පච්චුප්පන්නං රූපං අජාතං අභූතං අසඤ්ජාතං අනිබ්බත්තං අනභිනිබ්බත්තං අපාතුභූතන්ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නරූපය නො දිනි ද? නො වී ද? නො හැටී ද? නො නිපනි ද? සාකල්‍යයෙන් නො නිපනි ද? නො පහළ වී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT20. ස. පු: අතීතා වෙදනා අත්ථි -පෙ- සඤ්ඤා අත්ථි -පෙ- සඞ්ඛාරා අත්ථි -පෙ- විඤ්ඤාණං අත්ථි’ති.
Sinhala BJT20. ස. පු: අතීතවේදනා ඇත් ද? … සංඥා ඇත් ද? … සංස්කාරයෝ ඇත් ද? … විඥානය ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අතීතං විඤ්ඤාණං නිරුද්ධං විගතං විපරිණතං අත්ථඞ්ගතං අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJTස. අනු: අතීතවිඥානය නිරුද්ධ වී නො? විගත වී නො? විපරිණත වී නො? අස්තඞ්ගත වී නො? නිශ්ශේෂයෙන් අස්තඞ්ගත වී නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අතීතං විඤ්ඤාණං නිරුද්ධං -පෙ- අබ්භත්ථඞ්ගතං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අතීත විඥානය නිරුද්ධ වී නම් … නිශ්ශේෂයෙන් අස්තඞ්ගත වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අතීතං විඤ්ඤාණං අත්ථි”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අතීතවිඥානය ඇතියි නො කියැයුතු යැ.
Pali BJT21. ස. පු: අනාගතං විඤ්ඤාණං අත්ථි’ති.
Sinhala BJT21. ස. පු: අනාගත විඥානය ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අනාගතං විඤ්ඤාණං අජාතං අභූතං අසංඤ්ජාතං අනිබ්බත්තං අනභිනිබ්බත්තං අපාතුභූතන්ති.
Sinhala BJTස. අනු: අනාගතවිඥානය නො දිනි නො? නො වී නො? නො හටගැනි නො? නො නිපනි නො? නිශ්ශේෂයෙන් නො නිපනි නො? නො පහළ වී නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගතං විඤ්ඤාණං අජාතං -පෙ- අපාතුභූතං.
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනාගතවිඥානය නො දිනි නම් … නො පහළ වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අනාගතං විඤ්ඤාණං අත්ථි”ති.
Sinhala BJTඅනු. පා: භවත, අනාගතවිඥානය ඇතියි නො කියැයුතු යැ.
Pali BJT22. ස. පු: පච්චුප්පන්නං විඤ්ඤාණං අත්ථි, පච්චුප්පන්නං විඤ්ඤාණං අනිරුද්ධං, -පෙ- න අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJT22. ස. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නවිඥානය නිරුද්ධ නො වී ද? ... සාකල්‍යයෙන් අස්තඞ්ගත නො වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං විඤ්ඤාණං අත්ථි, අතීතං විඤ්ඤාණං අනිරුද්ධං -පෙ- න අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJTස. අනු: අතීතවිඥානය ඇත් ද? අතීතවිඥානය නිරුද්ධ නො වී ද? … නිශ්ශේෂයෙන් අස්තඞ්ගත නො වී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT23. ස. පු: පච්චුප්පන්නං විඤ්ඤාණං අත්ථි, පච්චුප්පන්නං විඤ්ඤාණං ජාතං -පෙ- පාතුභූතන්ති.
Sinhala BJT23. ස. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නවිඥානය දිනි ද? … පහළ වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතං විඤ්ඤාණං අත්ථි, අනාගතං විඤ්ඤාණං ජාතං -පෙ- පාතුභූතන්ති.
Sinhala BJTස. අනු: අනාගතවිඥානය ඇත් ද? අනාගතවිඥානය දිනි ද? … පහළ වී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT24. ස. පු: අතීතං විඤ්ඤාණං අත්ථි, අතීතං විඤ්ඤාණං නිරුද්ධං -පෙ- අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJT24. ස. පු: අතීතවිඥාන ඇත් ද? අතීතවිඥානය නිරුද්ධ වී ද … නිශ්ශේෂයෙන් අස්තඞ්ගත වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං විඤ්ඤාණං අත්ථි, පච්චුප්පන්නං විඤ්ඤාණං නිරුද්ධං -පෙ- අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නවිඥානය නිරුද්ධ වී ද? … නිශ්ශේෂයෙන් අස්තඞ්ගත වී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT25. ස. පු: අනාගතං විඤ්ඤාණං අත්ථ, අනාගතං විඤ්ඤාණං අජාතං -පෙ- අභූතං අපාතුභූතන්ති.
Sinhala BJT25. ස. පු: අනාගතවිඥානය ඇත් ද? අනාගතවිඥානය නො දිනි ද? … නො වී ද? නො පහළ වී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං විඤ්ඤාණං අත්ථි, පච්චුප්පන්නං අජාතං -පෙ- අපාතුභූතන්ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නවිඥානය නො දිනි ද? … නො පහළ වී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJT26. ස. පු: පච්චුප්පන්නන්ති වා රූපන්ති වා, රූපන්ති වා පච්චුප්පන්නන්ති වා පච්චුප්පන්නං රූපං අප්පියං කරිත්වා එසෙසෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJT26. ස. පු: ‘ප්‍රත්‍යුත්පන්න’ යයි හෝ ‘රූප’ යයි හෝ, ‘රූප’ යයි හෝ ‘ප්‍රත්‍යුත්පන්න’ යයි හෝ ප්‍රත්‍යුත්පන්න වූ රූපය අර්‍පණ කළයුතු (නො බෙදියයුතු) කොට තෙල හෙ මැ වේ ද? ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං රූපං නිරුජ්ඣමානං පච්චුප්පන්නභාවං ජහතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය නිරුද්ධ වනුයේ ප්‍රත්‍යුත්පන්නභාවය හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපභාවං ජහතී’ති.
Sinhala BJTස. අනු: රූපභාවය හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT27. ස. පු: පච්චුප්පන්නන්ති වා රූපන්ති වා, රූපන්ති වා පච්චුප්පන්නන්ති වා පච්චුප්පන්නං රූපං අප්පියං කරිත්වා එසෙසෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJT27. ස. පු: ‘ප්‍රත්‍යුත්පන්න’ යයි හෝ ‘රූප’ යයි හෝ, ‘රූප’ යයි හෝ ‘ප්‍රත්‍යුත්පන්න’ යයි හෝ ප්‍රත්‍යුත්පන්නරූපය අර්‍පණ කළයුතු කොට තෙල හෙ මැ වේ ද? ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාත (එයින් උපන්නේ) වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං රූපං නිරුජ්ඣමානං රූපභාවං න ජහතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය නිරුද්ධ වනුයේ රූපභාවය නො හැරපියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නභාවං න ජහතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නභාවය නො හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT28. ප. පු: ඔදාතන්ති වා වත්ථන්ති වා, වත්ථන්ති වා ඔදාතන්ති වා, ඔදාතං වත්ථං අප්පියං කරිත්වා එසෙසෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJT28. ප. පු: ‘අවදාත’ (සුදුපැහැ) යයි හෝ ‘වස්ත්‍ර’ යයි හෝ, ‘වස්ත්‍ර’ යයි හෝ ‘අවදාත’ යයි හෝ අවදාතවස්ත්‍රය නො බෙදියයුතු කොට තෙල හෙ මැ වේ ද? ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාත වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පු: එසේ යැ.
Pali BJTප. අනු: ඔදාතං වත්ථං රජමානං ඔදාතභාවං ජහතී’ති.
Sinhala BJTප. අනු: අවදාත වස්ත්‍රය රඳනු ලබන්නේ අවදාතභාවය හැරපියා ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: වත්ථභාවං ජහතී’ති.
Sinhala BJTප. අනු: වස්ත්‍රභාවය හැරපියා ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT29. ප. පු: ඔදාතන්ති වත්ථන්ති වා, වත්ථන්ති වා ඔදාතන්ති වා ඔදාතං වත්ථං අප්පියං කරිත්වා එසෙසෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJT29. ප. පු: ‘අවදාත’ යයි හෝ ‘වස්ත්‍ර’ යයි හෝ, ‘වස්ත්‍ර’ යයි හෝ ‘අවදාත’ යයි හෝ අවදාතවස්ත්‍රය නො බෙදියයුතු කොට තෙල හෙ මැ වේ ද? ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාත වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ඔදාතං වත්ථං රජමානං වත්ථභාවං න ජහතී’ති.
Sinhala BJTප. අනු: අවදාතවස්ත්‍රය රඳනු ලබන්නේ වස්ත්‍රභාවය නො හැරපියා ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ඔදාතභාවං න ජහතී’ති.
Sinhala BJTප. අනු: අවදාත භාවය නො හැරපියා ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT30. ස. පු: රූපං රූපභාවං න ජහතී’ති.
Sinhala BJT30. ස. පු: රූපය රූපභාවය නො හැරපියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති.
Sinhala BJTස. අනු: රූපය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: නනු රූපං රූප භාවං න ජහතී’ති. රූපං අනිච්චං අධුවං අසස්සතං විපරිණාමධම්මන්ති.
Sinhala BJTස. අනු: රූපය රූපභාවය නො හැරපියන්නේ නො වේ ද? රූපය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාම ස්වභාව ඇත්තේ නො වේ ද?