Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2501-2600 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: (මාර්‍ගත්‍රයාගේ කෘත්‍යස්වභාවය සඳහා පිළින–) එසේ යැ.
Pali BJTස. අනු: අපුබ්බං අචරිමං තීණි සාමඤ්ඤඵලානි සච්ඡිකරොතී’ති.
Sinhala BJTස. අනු: පෙර පසු නො කොට ත්‍රිවිධ ශ්‍රාමණ්‍යඵල පසක් කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT13. ස. පු: අපුබ්බං අචරිමං තීණි සාමඤ්ඤඵලානි සච්ඡිකරොතී’ති.
Sinhala BJT13. ස. පු: පෙර පසු නො කොට ත්‍රිවිධ ශ්‍රාමණ්‍යඵල පසක් කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තිණ්ණං ඵස්සානං තිස්සන්නං{1} වෙදනානං තිස්සන්නං{1} සඤ්ඤානං තිස්සන්නං{1} චෙතනානං තිණ්ණං චිත්තානං තිස්සන්නං{1} සද්ධානං තිණ්ණං විරියානං තිස්සන්නං සතීනං තිණ්ණං සමාධීනං තිස්සන්නං{1} පඤ්ඤානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ත්‍රිවිධ ස්පර්‍ශයන්ගේ ත්‍රිවිධ වේදනාවන්ගේ ත්‍රිවිධ සංඥාවන්ගේ ත්‍රිවිධ චේතනාවන්ගේ ත්‍රිවිධ චිත්තයන්ගේ ත්‍රිවිධ ශ්‍රද්ධාවන්ගේ ත්‍රිවිධ වීර්‍ය්‍යයන්ගේ ත්‍රිවිධ ස්මෘතීන්ගේ ත්‍රිවිධ සමාධීන්ගේ ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ සමෝධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT14. ස. පු: පුථුජ්ජනො කාමෙසු වීතරාගො සහ ධම්මාභිසමයා අනාගාමිඵලෙ සණ්ඨාතී’ති.
Sinhala BJT14. ස. පු: පුහුදුන් පුඟුල් කාමයෙහි වීතරාග වූයේ ධර්‍මාභිසමය කරන්නා හා මැ අනාගාමිඵලයෙහි පිහිටා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපත්තිමග්ගෙනා’ති.
Sinhala BJTස. අනු: ශ්‍රොතාපත්තිමාර්‍ගයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: සකදාගාමිමග්ගෙනා’ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමී මාර්‍ගයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT15. ස. පු: කතමෙන මග්ගෙනා’ති.
Sinhala BJT15. ස. පු: කවර මාර්‍ගයෙකින?
Pali BJTප. වි: අනාගාමිමග්ගොනා’ති.
Sinhala BJTප. වි: අනාගාමී මාර්‍ගයෙනි.
Pali BJTස. අනු: අනාගාමිමග්ගෙන සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං ජහතී’ති.
Sinhala BJTස. අනු: අනාගාමීමාර්‍ගයෙන් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රත පරාමර්‍ශය හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT16. ස. පු: අනාගාමිමග්ගෙන සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං ජහතී’ති.
Sinhala BJT16. ස. පු: අනාගාමීමාර්‍ගයෙන් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රත පරාමර්‍ශය හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු තිණ්ණං සඤ්ඤොජනානං පහානා සොතාපත්තිඵලං වුත්තං භගවතා’ති.
Sinhala BJTස. අනු: තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් ශ්‍රෝතාපත්ති ඵලය භාග්‍යවතුන් විසින් වදාරන ලද නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි තිණ්ණං සඤ්ඤොජනානං පහානා සොතාපත්තිඵලං වුත්තං භගවතා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ‘තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් ශ්‍රෝතාපත්තිඵලය’ භාග්‍යවතුන් විසින් වදාරන ලද වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ අනාගාමිමග්ගෙන සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං ජහතී’ති.
Sinhala BJTඅනු. පා: භවත ‘අනාගාමිමාර්‍ගයෙන් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රතපරාමර්‍ශය හැරපියන්නේ වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT17. ස. පු: අනාගාමිමග්ගෙන ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්යාපාදං ජහතී’ති.
Sinhala BJT17. ස. පු: අනාගාමීමාර්‍ගයෙන් ඕළාරික කාමරාගය ඕළාරික ව්‍යාපාදය හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: අනාගාමිමග්ගෙන ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්යාපාදං ජහතී’ති.
Sinhala BJTස. පු: අනාගාමීමාර්‍ගයෙන් ඕළාරික කාමරාගය ඕළාරික ව්‍යාපාදය හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු කාමරාගබ්යාපාදානං තනුභාවා සකදාගාමිඵලං වුත්තං භගවතා’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ තුනී වීමෙන් සකෘදාගාමිඵලය’ වදාරන ලද නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි කාමරාගබ්යාපාදානං තනුභාවා සකදාගාමිඵලං වුත්තං භගවතා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ තුනී වීමෙන් සකෘදාගාමිඵලය’ වදාරන ලද වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අනාගාමිමග්ගෙන ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්යාපාදං ජහතී”ති.
Sinhala BJTඅනු. පා: භවත ‘අනාගාමිමාර්‍ගයෙන් ඕළාරික කාමරාගය ඕළාරික ව්‍යාපාදය හැරපියන්නේ වේ’යයි නො කියැයුතු මැ යැ.
Pali BJT18. ස. පු: පුථුජ්ජනො කාමෙසු වීතරාගො සහ ධම්මාභිසමයා අනාගාමිඵලෙ සණ්ඨාතී’ති.
Sinhala BJT18. ස. පු: පුහුදුන් පුඟුල් කාමයෙහි වීතරාග වූයේ ධර්‍මාභිසමය හා සමග අනාගාමි ඵලයෙහි පිහිටා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යෙ කෙචි ධම්මං අභිසමෙන්ති සබ්බෙ තෙ සහ ධම්මාභිසමයා අනාගාමිඵලෙ සණ්ඨහන්තී’ති.
Sinhala BJTස. අනු: යම් කෙනෙක් ධර්‍මය අභිසමය කෙරෙත් ද, එ හැම ධර්‍මාභිසමය කරන්නා හා මැ අනාගාමිඵලයෙහි පිහිටත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT19. ප. පු: න වත්තබ්බං ‘ජහති පුථුජ්ජනො කාමරාගව්යාපාදන්ති’.
Sinhala BJT19. ප. පු: ‘පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියති’ යි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනුයොගො: නනු වුත්තං භගවතා:
Sinhala BJTප. අනු: භගවත්හු විසින් වදාරන ලද්දේ මැ නු:
Pali BJT“අහිංසෙ තෙ{1} අතීතංසෙ ඡ සත්ථාරො යසස්සිනො, නිරාමගන්ධා කරුණෙ විමුත්තා{2} කාමසඤ්ඤොජනාතිගා.{3}
Sinhala BJT“අතීතාංසයෙහි දී ක්‍රෝධාමගන්‍ධයෙන් නිරාමගන්‍ධ වූ, කරුණාධ්‍යාන නිමිත්තෙහි විමුක්ත වූ, කාමසංයෝජන ඉක්ම සිටි, යශස්වී වූ, අහිංසක වූ තෙල ෂට්ශාස්තෘ කෙනෙක් වූහු ද,
Pali BJTකාමරාගං විරාජෙත්වා බ්රහ්මලොකූපගා අහු, අහෙසුං සාවකා තෙසං සාවකානි සතානි’පි.
Sinhala BJTඔහු කාමරාග හැරපියා බ්‍රහ්මලෝකූපග වූහු. උන්ගේ ශතසඞ්ඛ්‍යාත ශ්‍රාවක කෙනෙක් වූහු ද, නිරාමගන්‍ධ වූ කරුණාධ්‍යානයෙහි විමුක්ත වූ කාමසංයෝජන ඉක්ම සිටී ඔහු ද කාමරාග හැරපියා බ්‍රහ්මලෝකොපග වූහ” යි.
Pali BJTනිරාමගන්ධා කරුණෙ විමුත්තා{2} කාමසඤ්ඤොජනාතිගා{3} කාමරාගං විරාජෙත්වා බ්රහ්මලොකූපගා අහූ’ති.”{a}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඅත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි ‘ජහති පුථුජ්ජනො කාමරාගබ්යාපාදන්ති”.
Sinhala BJTප. නිග: එහෙයින් මැ ‘පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියයි.
Pali BJT20. ස. පු: ජහති පුථුජ්ජනො කාමරාගබ්යාපාදන්ති.
Sinhala BJT20. ප. පු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTප. අනු: භගවත්හු විසින් වදාරන ලද්දේ මැ නු:
Pali BJT“සො හි නාම භික්ඛවෙ සුනෙත්තො සත්ථා එවං දීඝායුකො සමානො එවං චිරට්ඨිතිකො අපරිමුත්තො අහොසි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, අපරිමුත්තො දුක්ඛස්මා’ති වදාමි. තං කිස්ස හෙතු?
Sinhala BJT“මහණෙනි, ඒ සුනෙත්‍ර නම් ශාස්තෘ මෙ බඳු දීර්‍ඝායුෂ ඇතියේ මැ මෙ බඳු චිරස්ථිති ඇතියේ මැ ජාති ජරා මරණ ශෝක– පරිදේව– දුඃඛ– දෞර්‍මනස්‍ය උපායාසයෙන් අපරිමුක්ත වී ‘දුකින්’ අපරිමුක්තයහ’යි කියමි. ඒ කවර හෙයින යත්:
Pali BJTචතුන්නං ධම්මානං අනනුබොධා අප්පටිවෙධා. කතමෙසං චතුන්නං? අරියස්ස සීලස්ස අනනුබොධා අප්පටිවෙධා. අරියස්ස සමාධිස්ස අරියාය පඤ්ඤාය අරියාය විමුත්තියා අනනුබොධා අප්පටිවෙධා. තයිදං භික්ඛවෙ අරියං සීලං අනුබුද්ධං පටිවිද්ධං. අරියො සමාධි අනුබුද්ධො පටිවිද්ධො. අරියා පඤ්ඤා අනුබුද්ධා පටිවිද්ධා. අරියා විමුත්ති අනුබුද්ධා පටිවිද්ධා. උච්ඡින්නා භවතණ්හා ඛීණා භවනෙත්ති. නත්ථි දානි පුනබ්භවො”ති.
Sinhala BJTසතර දහමුන් පිළිබඳ අනනුබෝධ හේතුයෙන, අප්‍රතිවේධ හේතුයෙන. කවර සතර දෙනකුන් පිළිබඳ වැ යත්: ආර්‍ය්‍යශීලය පිළිබඳ අනනුබෝධයෙන, අප්‍රතිවේධයෙන. ආර්‍ය්‍යසමාධි යැ ආර්‍ය්‍යප්‍රඥාව යැ ආර්‍ය්‍යවිමුක්ති යැ යන දහමුන් පිළිබඳ අනනුබෝධයෙන, අප්‍රතිවේධයෙන. මහණෙනි, ඒ ආර්‍ය්‍යශීලය අනුබද්ධ වෙයි, ප්‍රතිවිදිත වෙයි. ආර්‍ය්‍යසමාධිය අනුබුද්ධ වෙයි, ප්‍රතිවිදිත වෙයි. ආර්‍ය්‍යප්‍රඥාව අනුබුද්ධ වෙයි, ප්‍රතිවිදිත වෙයි. ආර්‍ය්‍යවිමුක්තිය අනුබුද්ධ වෙයි, ප්‍රතිවිදිත වෙයි. භවතෘෂ්ණා උසුන් විය. භවනෙත්තිය ක්‍ෂීණ විය. දැන් පුනර්‍භවය නැති” යි.
Pali BJT“සීලං සමාධි පඤ්ඤා ච විමුත්ති ච අනුත්තරා, අනුබද්ධා ඉමෙ ධම්මා ගොතමෙන යසස්සිනා.
Sinhala BJT“ශීලයැ සමාධි යැ ප්‍රඥා යැ අනුත්තරවිමුක්ති යැ යි මෙ සතර දහම්හු යශස්වී ගෞතමයන් වහන්සේ විසින් අනුබුද්ධයහ.
Pali BJTඉති බුද්ධො අභිඤ්ඤාය ධම්මමක්ඛාසි භික්ඛූනං, දුක්ඛස්සන්තකරො සත්ථා චක්ඛුමා පරිනිබ්බුතො”ති.{a}
Sinhala BJTමෙසේ ගෞතම සම්බුද්ධයන් වහන්සේ විශිෂ්ටඥානයෙන් අවබෝධ කොටගෙන මහණුනට සිව්සස් දහම් දෙසූසේක. දුඃඛයාගේ අන්තකර වූ පසැසින් චක්‍ෂුර්මත් වූ ඒ ශාස්තෲන් වහන්සේ පිරිනිවිසේකැ” යි
Pali BJTඅත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං “ජහති පුථුජ්ජනො කාමරාගබ්යාපාදන්ති.”
Sinhala BJTප. නිග: ඒ හේතුවින් ‘පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියති’යි නො කියැයුතු යැ.
Pali BJTජහතිකථා නිට්ඨිතා
Sinhala BJTජහතිකථා නිමි.
Pali BJT1. 6.
Sinhala BJT1. 6.
Pali BJTසබ්බමත්ථිකථා
Sinhala BJTසබ්බමත්‍ථිකථා
Pali BJT1. ස. පු: සබ්බමත්ථී’ති.
Sinhala BJT1. ස. පු: හැම ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බත්ථ සබ්බමත්ථී’ති.
Sinhala BJTස. අනු: සර්‍වශරීරයෙහි හැම ඇත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[සර්‍වාස්තිවාදිහු අතීතාදි භේද භින්න හැම දහම්හු ස්කන්‍ධස්වභාවය නො හරිත් ද, ඒ හේතුවින් ‘හැම ඇත් මැ’ යයි ලබ්ධි ගත්හ. උන්ගේ ලබ්ධි විශෝධනය පිණිස සබ්බමත්‍ථිකථා එයි.]
Pali BJT2. ස. පු: සබ්බමත්ථී’ති.
Sinhala BJT2. ස. පු: හැම ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බදා සබ්බමත්ථී’ති.
Sinhala BJTස. අනු: සර්‍වකාලයෙහි හැම ඇත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT3. ස. පු: සබ්බමත්ථී’ති.
Sinhala BJT3. ස. පු: හැම ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බෙන සබ්බං සබ්බමත්ථී’ති.
Sinhala BJTස. අනු: සර්‍වාකාරයෙන් හැම ඇත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT4. ස. පු: සබ්බමත්ථී’ති.
Sinhala BJT4. ස. පු: හැම ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බෙසු සබ්බමත්ථී’ති.
Sinhala BJTස. අනු: සර්‍වධර්‍මයෙහි හැම ඇත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT5. ස. පු: සබ්බමත්ථී’ති.
Sinhala BJT5. ස. පු: හැම ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අයොගන්ති කත්වා සබ්බමත්ථී’ති.
Sinhala BJTස. අනු: (යෝග නම් නානාස්වභාව ධර්‍මයන් සතු වෙයි. එක ස්වභාවධර්‍මයන් සතු නො වෙයි. එයින් මේ ප්‍රශ්නයෙහි ලා ‘රූපය වේදනා හාත් වේදනාව හෝ රූපය හාත් නානාස්වභාව නැත්තේ නු යි’ එකලක්‍ෂණ මැ නු යි කොටගෙන, අසංයුක්ත නු යි කොටගෙන) හැම ඇත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT6. ස. පු: සබ්බමත්ථී’ති.
Sinhala BJT6. ස. පු: හැම ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යම්පි නත්ථි තම්පත්ථි’ති.
Sinhala BJTස. අනු: (සවන සකන්‍ධාදියෙක් හෝ යැ, ශශවිෂාණාදියෙක් හෝ) යම් කිසි දැයෙක් නැති යී සිද්ධ ද, එ ද තොපට ඇත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT7. ස. පු: සබ්බමත්ථී’ති.
Sinhala BJT7. ස. පු: හැම ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බමත්ථී’ති යා දිට්ඨි, සා දිට්ඨි මිච්ඡාදිට්ඨි’ති යා දිට්ඨි, සා දිට්ඨි සම්මාදිට්ඨි’ති හෙවමත්ථි’ති.
Sinhala BJTස. අනු: ‘හැම ඇති’ යි තොපගේ යම් සර්‍වාස්තිදෘෂ්ටියෙක් ඇත් ද, ඒ සර්‍වාස්තිදෘෂ්ටිය යාථාවක නො වනුයෙන් ‘මිසදිටුහ’ යි මෙසේ ගත් යම් අපගේ දෘෂ්ටියෙක් ඇත් ද, ඒ අපගේ දෘෂ්ටිය යාථාවක වනුයෙන් ‘සම්දිටුහ’ යි මෙසේ තොප සමයෙහි ඇත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTවාදයුත්ති.
Sinhala BJTවාදයුක්ති.
Pali BJT8. ස. පු: අතීතං අත්ථි’ති.
Sinhala BJT8. ස. පු: අතීතයෙක් ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අතීතං නිරුද්ධං විගතං විපරිණතං අත්ථඞ්ගතං අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJTස. අනු: අතීතය නිරුද්ධ වූයේ පහවගියේ විපරිණාම වූයේ අස්තයට ගියේ අභ්‍යස්තයට ගියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අතීතං නිරුද්ධං විගතං විපරිණතං අත්ථඞ්ගතං අබ්භත්ථඞ්ගතං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අතීතය නිරුද්ධ වූයේ පහවගියේ විපරිණත වූයේ අස්තයට ගියේ අභ්‍යස්තයට ගියේ වී නම්,
Pali BJTඅනු: පා: නො ච වත රෙ වත්තබ්බෙ “අතීතං අත්ථි”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අතීතය ඇතැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT9. ස. පු: අනාගතං අත්ථි’ති.
Sinhala BJT9. ස. පු: අනාගතයෙක් ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අනාගතං අජාතං අභූතං අසඤ්ජාතං අනිබ්බත්තං අනභිනිබ්බත්තං අපාතුභූතන්ති.
Sinhala BJTස. අනු: අනාගතය නූපන්නේ, නො වූයේ, නො හටගත්තේ, නො නිපන්නේ, අභිනිර්‍වෘත නො වූයේ, නො පහළ වූයේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගතං අජාතං අභූතං අසඤ්ජාතං අනිබ්බත්තං අනභිනිබ්බත්තං අපාතුභූතං.
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනාගතය නූපන්නේ නො වූයේ නො හටගත්තේ නො නිපන්නේ අභිනිර්‍වෘත නො වූයේ නො පහළ වූයේ වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අනාගතං අත්ථි’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අනාගතය ඇතැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT10. ස. පු: පච්චුප්පන්නං අත්ථි, පච්චුප්පන්නං අනිරුද්ධං අවිගතං අවිපරිණතං න අත්ථඞ්ගතං න අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJT10. ස. පු: ප්‍රත්‍යුත්පන්නයෙක් ඇත් ද? ප්‍රත්‍යුත්පන්නය අනිරුද්ධ වූයේ අවිගත වූයේ අවිපරිණත වූයේ අස්තයට නො ගියේ අභ්‍යස්තයට නො ගියේ වේ ද?