Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2401-2500 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. අනු: එකදෙසං අනාගාමී, එකදෙසං න අනාගාමී -පෙ- එකදෙසං උද්ධංසොතොඅකනිට්ඨගාමී, එකදෙසං න උද්ධංසොතොඅකනිට්ඨගාමී’ති.
Sinhala BJTස. අනු: ඒකදේශයකින් අනාගාමී වූයේ ද? ඒකදේශයකින් අනාගාමී නො වූයේ ද? … ඒකදේශයකින් උද්ධංසෝතඅකනිට්ඨගාමී වූයේ ද? ඒකදේශයකින් උද්ධංසෝතඅකනිට්ඨගාමී නො වූයේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT11. ස. පු: නිරොධදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT11. ස. පු: නිරොධදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
Pali BJTප. වි: අණුසහගතං බ්යාපාදං ජහති, තදෙකට්ඨෙ ච කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.
Sinhala BJTප. වි: අණුසහගත ව්‍යාපාදය හැරපියයි, තදේකස්ථ ක්ලේශෛකදේශයනුදු හැරපියයි.
Pali BJTස. අනු: එකදෙසං අනාගාමී, එකදෙසං න අනාගාමී -පෙ- එකදෙසං උද්ධංසොතො අකනිට්ඨගාමී{1}, එකදෙසං න උද්ධංසොතො අකනිට්ඨගාමී’ති.
Sinhala BJTස. අනු: ඒකදේශයකින් අනාගාමී වූයේ ද? ඒකදේශයකින් අනාගාමී නො වූයේ ද? … ඒකදේශයකින් උද්ධංසෝත අකනිට්ඨගාමී වූයේ ද? ඒකදේශයකින් උද්ධංසෝතඅකනිට්ඨගාමී නො වූයේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT12. ස. පු: මග්ගදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT12. ස. පු: මාර්‍ගදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
Pali BJTප. වි: තදෙකට්ඨෙ ච කිලෙස ජහතී’ති.
Sinhala BJTප. වි: තදේකස්ථ ක්ලේශයනුදු හැරපියයි.
Pali BJTස. අනු: එකදෙසං අනාගාමී, එකදෙසං න අනාගාමී, එකදෙසං අනාගාමිඵලප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසජ්ජජ්ජි විහරති. [එකදෙසං] කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්වා විහරති. එකදෙසං අන්තරාපරිනිබ්බායී -පෙ- උපහච්චපරිනිබ්බායී -පෙ- අසංඛාරපරිනිබ්බායී -පෙ- සසංඛාරපරිනිබ්බායී -පෙ- උද්ධංසොතො අකනිට්ඨගාමී -පෙ- එකදෙසං න උද්ධංසොතො අකනිට්ඨගාමී’ති.
Sinhala BJTස. අනු: ඒකදේශයකින් අනාගාමී වූයේ ද? ඒකදේශයකින් අනාගාමී නො වූයේ ද? ඒකදේශයකින් අනාගාමීඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද? [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ කොට ගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් අන්තරාපරිනිබ්බායී වූයේ ද? ඒකදේශයකින් උපහච්ව පරිනිබ්බායී … අසංඛාර පරිනිබ්බායී … සසංඛාර පරිනිබ්බායී …. උද්ධංසෝතඅකනිට්ඨගාමී වූයේ ද? ඒකදේශයකින් උද්ධංසෝතඅකනිට්ඨගාමී නො වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT13. ස. පු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො දුක්ඛදස්සනෙ කිං ජහතී’ති.
Sinhala BJT13. ස. පු: අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන පිණිස පිළිපන් පුඟුල් දුඃඛ දර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
Pali BJTප. වි: රූපරාගං අරූපරාගං මානං උද්ධච්චං අවිජ්ජං තදෙකට්ඨෙ ච කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.
Sinhala BJTප. වි: රූපරාග යැ අරූපරාග යැ මාන යැ උද්ධච්ච යැ අවිජ්ජා හා තදෙකාර්‍ත්‍ථ වූ ක්ලේශෛකදේශයනුදු හැරපියයි.
Pali BJTස. අනු: එකදෙසං අරහා, එකදෙසං න අරහා, එකදෙසං අරහත්තප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසප්පජ්ජ විහරති. [එකදෙසං] කායෙන ඵුසිත්වා විහරති. එකදෙසං වීතරාගො වීතදොසො වීතමොහො කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො උක්ඛිත්තපලිඝො සංකිණ්ණපරිඛො අබ්බුළ්හෙසිකො නිරග්ගලො අරියො පන්නද්ධජො පන්නභාරො විසඤ්ඤුත්තො සුවිජිතවිජයො, දුක්ඛං තස්ස පරිඤ්ඤාතං, සමුදයො පහීනො, නිරොධො සච්ඡිකතො, මග්ගොභාවිතො අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං, පරිඤ්ඤෙය්යං පරිඤ්ඤාතං, පහාතබ්බං පහීනං, භාවෙතබ්බං භාවිතං, සච්ඡිකාතබ්බං සච්ඡිකතං, (එකදෙසං සච්ඡිකාතබ්බං සච්ඡිකතං,) එකදෙසං සච්ඡිකාතබ්බං න සච්ඡිකතන්ති.
Sinhala BJTස. අනු: ඒකදේශයකින් අර්‍හත් වූයේ ද? ඒකදේශයකින් අර්‍හත් නො වූයේ ද? ඒකදේශයකින් අර්‍හත්ඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද? [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ කොටගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද? එකදෙසෙකින් වීතරාග, වීතදෝස වීතමෝහ වේද? ඒකදේශයකින් කළකරණී ඇතියේ බහා තැබූ කෙලෙස් බර ඇතියේ පැමිණි ස්වාර්‍ත්‍ථ ඇතියේ ක්‍ෂය කළ භවසංයෝජන ඇතියේ සම්‍යග්ඥානයෙන් දැන කෙලෙසුන් කෙරෙන් විමුක්ත වූයේ නඟා හළ අවිද්‍යාපරිඝ (අගුළු) ඇතියේ විසුළ (කර්‍මාභිසංස්කාර සඞ්ඛ්‍යාත) ඉන්‍ද්‍රඛීල ඇතියේ ඕරම්භාගිය සංයෝජන සඞ්ඛ්‍යාත අගුළු රහිත වූයේ ආර්‍ය්‍ය වූයේ හෙලූ මානධ්වජ ඇතියේ බහාලූ (ස්කන්‍ධාදි) බර ඇතියේ (යෝගයෙන් හා ක්ලේශයෙන්) විසංයුක්ත වූයේ මොනොවට දිනූ ක්ලේශවිජය ඇතියේ වේ ද? ඔහු විසින් දුඃඛය පරිඥාත යැ, සමුදය ප්‍රහීණ යැ, නිරෝධය සාක්‍ෂාත්කෘත යැ, මාර්‍ග භාවිත ද, අභිඥේයය අභිඥාත යැ, පරිඥේයය පරිඥාත යැ ප්‍රහාතව්‍යය ප්‍රහීණ යැ භාවිතව්‍යය භාවිත ද සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ (සාක්‍ෂාත්කර්‍තව්‍යය ඒකදේශයකින් සාක්‍ෂාත්කෘත වේ ද,) සාක්‍ෂාත්කර්‍තව්‍යය ඒකදේශයෙකින් සාක්‍ෂාත්කෘත නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT14. ස. පු: සමුදයදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT14. ස. පු: සමුදයදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
Pali BJTප. වි: රූපරාගං අරූපරාගං ජහති, මානං උද්ධච්චං අවිජ්ජං තදෙකට්ඨෙ ච කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.
Sinhala BJTප. වි: රූපරාගය අරූපරාගය හැරපියයි. මාන යැ උද්ධච්ච යැ අවිද්‍යා හා තදේකස්ථ ක්ලේශෛකදේශයනුදු හැරපියයි.
Pali BJTස. අනු: එකදෙසං අරහා, එකදෙසං න අරහා -පෙ- එකදෙසං සච්ඡිකාතබ්බං සච්ඡිකතං, එකදෙසං සච්ඡිකාතබ්බං න සච්ඡිකතන්ති.
Sinhala BJTස. අනු: ඒකදේශයකින් රහත් වූයේ ද? ඒකදේශයකින් රහත් නො වූයේ … පසක් කළ යුතු දැය ඒකදේශයකින් පසක් කෙළේ ද? පසක් කළයුතු දැය ඒකදේශයකින් පසක් නො කෙළේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT15. ස. පු: නිරොධදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT15. ස. පු: නිරොධදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
Pali BJTප. වි: මානං ජහති උද්ධච්චං අවිජ්ජං තදෙකට්ඨෙ ච කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.
Sinhala BJTප. වි: මානය හැරපියයි උද්ධච්ච අවිද්‍යා දෙක හා තදේකස්ථ වැ සිටුනා ඒකදේශක්ලේශයනුදු හැරපියයි.
Pali BJTස. අනු: එකදෙසං අරහා, එකදෙසං න අරහා -පෙ- එකදෙසං සච්ඡිකාතබ්බං සච්ඡිකතං, එකදෙසං සච්ඡිකාතබ්බං න සච්ඡිකතන්ති.
Sinhala BJTස. අනු: ඒකදේශයකින් රහත් වූයේ ද? ඒකදේශයකින් රහත් නො වූයේ ද … පසක් කළ යුතු දැය ඒකදේශයකින් පසක් කළේ ද, පසක් කළයුතු දැය ඒකදේශයකින් පසක් නො කෙළේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT16. ස. පු: මග්ගදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT16. ස. පු: මාර්‍ගදර්‍ශනයෙන් කුමක්, හැරපියන්නේ වේ ද?
Pali BJTප. වි: උද්ධච්චං ජහති, අවිජ්ජං තදෙකට්ඨෙ ච කිලෙසෙ ජහතී’ති.
Sinhala BJTප. වි: උද්ධච්චය හැරපියයි අවිද්‍යාව හා තදෙකාර්‍ත්‍ථ වැ සිටුනා ක්ලේශයනුදු හැරපියයි.
Pali BJTස. අනු: එකදෙසං අරහා, එකදෙසං න අරහා, එකදෙසං අරහත්තප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති. [එකදෙසං] කායෙන ඵුසිත්වා විහරති එකදෙසං, න කායෙන ඵුසිත්වා විහරති. එකදෙසං වීතරාගො වීතදොසො වීතමොහො කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤාවිමුත්තො උක්ඛිත්තපලිඝො සංකිණ්ණපරිඛො අබ්බූළ්හෙසිකො නිරග්ගලො අරියො පන්නද්ධජො පන්නභාරො විසඤ්ඤුත්තො සුවිජිතවිජයො, දුක්ඛං තස්ස පරිඤ්ඤාතං සමුදයො පහීනො නිරොධො සච්ඡිකතො මග්ගො භාවිතො, අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං පරිඤ්ඤෙය්යං පරිඤ්ඤාතං පහාතබ්බං පහීනං භාවෙතබ්බං භාවිතං සච්ඡිකාතබ්බං සච්ඡිකතං, (එකදෙසං සච්ඡිකාතබ්බං සච්ඡිකතං,) එකදෙසං සච්ඡිකාතබ්බං න සච්ඡිකතන්ති.
Sinhala BJTස. අනු: ඒකදේශයකින් රහත් වූයේ ද? ඒකදේශයකින් රහත් නො වූයේ ද? ඒකදේශයකින් රහත් බවට පැමිණියේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ කොටගෙන වාස කෙරේ ද, [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද? ඒකදේශයකින් පුහුන් රාග ඇතියේ පුහුන් ද්වේෂ ඇතියේ පුහුන් මෝහ ඇතියේ කළ කරණී ඇතියේ බහා තැබූ කෙලෙස් බර ඇතියේ පැමිණි ස්වාර්‍ත්‍ථ ඇතියේ ක්‍ෂය කළ භවසංයෝජන ඇතියේ මොනොවට දැන මිදුණේ නගාලු අවිද්‍යා පරිඝ ඇතියේ විසුළ කර්‍මාභිසංස්කාර පරිඛා ඇතියේ උපුළ තෘෂ්ණා සඞ්ඛ්‍යාත ඉන්‍ද්‍රඛීල ඇතියේ නෙරැලූ ඕරම්භාගියසංයෝජන නමැති අගුළු ඇතියේ නිෂ්ක්ලේශ වූයේ හෙලූ මානධ්වජ ඇතියේ හෙලූ (ස්කන්‍ධාදි) බර ඇතියේ (යෝගයෙන් හා ක්ලේශයෙන්) විසංයුක්ත වූයේ මොනොවට දිනූ ක්ලේශවිජය ඇතියේ වේ ද? ඔහු විසින් දුඃඛය පරිඥාත යැ, සමුදය ප්‍රහීණ යැ, නිරෝධය සාක්‍ෂාත්කරන ලද යැ, මාර්‍ගය භාවිත යැ, අභිඥේයය අභිඥාත යැ, පරිඥේයය පරිඥාත යැ, ප්‍රහාතව්‍යය ප්‍රහීණ යැ, භාවිතව්‍යය භාවිත යැ, සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ, (සාක්‍ෂාත්කර්‍තව්‍යය ඒකදේශයෙකින් සාක්‍ෂාත්කෘත වේ ද,) සාක්‍ෂාත්කර්‍තව්‍යය ඒකදේශයෙකින් සාක්‍ෂාත්කෘත නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පු: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT17. ප. පු: න වත්තබ්බං ඔධිසො’ධිසො කිලෙසෙ ජහතී’ති.
Sinhala BJT17. ප. පු: ‘එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් විසින් වදාළේ නො වේ ද?
Pali BJT“අනුපුබ්බෙන මෙධාවී ථොක ථොකං ඛණෙ ඛණෙ කම්මාරො රජතස්සෙ’ව නිද්ධමෙ මලමත්තනො’ති.{a}
Sinhala BJT“නුවණැත්තේ රිදියෙහි මලහරනා තරහල්පුතක්හු සෙයින් තමාගේ (රාගාදි කෙලෙස්) මල අනුක්‍රමයෙන් ක්‍ෂණක්‍ෂණයෙහි ටික ටික බැහැර කරන්නේ යයි”
Pali BJTඅත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි වත්තබ්බං.{1} ඔධිසො’ධිසො කිලෙසෙ ජහතී”ති.
Sinhala BJTප. නිග: එයින් ‘එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ’ යයි කියැයුතු මැ යැ.
Pali BJT18. ස. පු: ඔධිසො’ධිසො කිලෙස ජහතී’ති.
Sinhala BJT18. ස. පු: එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා:
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් විසින් වදාරන ලද නො වේ ද?
Pali BJT“සහාවස්ස දස්සනසම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති: සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච සීලබ්බතං වා’පි යදත්ථි කිඤ්චි. චතූහපායෙහි ච විප්පමුත්තො ඡ චාභිඨානානි අභබ්බො කාතුන්ති”{b}
Sinhala BJT“ඒ සෝවත් ඵල පසක් කරනුවට පිළිපන් පුඟුල්හු විසින් ශ්‍රෝත්‍රාපත්තිමාර්‍ගසම්පත්තිය හා සමග මැ සත්කායදෘෂ්ටි ද විචිකිත්සා ද යම් කිසි ශීලව්‍රතයෙක් හෝ ඇත් නම් එ දැ යි තුන් ධර්‍ම කෙනෙක් හැරපියන ලද්දාහු වෙති. සතර අපායෙන් ද මිදුණේ ඕළාරික කරුණු සයක් ද කරන්නට නො නිසි වේ” යයි
Pali BJTඅත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං “ඔධිසො’ධිසො කිලෙසෙ ජහතී”ති.
Sinhala BJTස. නිග: එයින් “එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ” යයි නො කියැයුතු මැ යැ.
Pali BJT19. ස. පු: ඔධිසො’ධිසො කිලෙස ජහතී’ති.
Sinhala BJT19. ස. පු: එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “යස්මිං භික්ඛවෙ සමයෙ අරියසාවකස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති. සහ දස්සනුප්පාදා භික්ඛවෙ අරියසාවකස්ස තීණි සඤ්ඤොජනානි පහීයන්ති: සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසො” ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් විසින් වදාළේ නො වේ ද? “මහණෙනි. යම් කලෙකැ ආර්‍ය්‍යශ්‍රාවකහට ‘සමුදය ස්වභාවය ඇති යම් කිසිවක් ඇත් නම් එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි විරජ වූ වීතමල වූ දහම් ඇස උපන්නේ වේ ද, මහණෙනි, මාර්‍ගොත්පාදය හා සමග ආර්‍ය්‍යශ්‍රාවකහට සක්කායදෘෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමාර්‍ශ යැ යන තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං ඔධිසො’ධිසො කිලෙස ජහතී’ති.
Sinhala BJTස. නිග: එයින් “එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ” යයි නො කියැයුතු මැ යැ.
Pali BJTඔධිසො කථා නිට්ඨිතා:
Sinhala BJTඕධිසෝ කථා නිමි.
Pali BJT1. 5.
Sinhala BJT1. 5.
Pali BJTජහතිකථා.
Sinhala BJTජහතිකථා
Pali BJT1. ස. පු: ජහති පුථුජ්ජනො කාමරාගව්යාපාදන්ති.
Sinhala BJT1. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාග ව්‍යාපාද හැරපියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: (ධ්‍යානයෙන් විෂ්කම්භිත ඒ ක්ලේශයන්ගේ පර්‍ය්‍යුත්‍ථානය නො දක්මින් කරන පිළින–) එසේ යැ.
Pali BJTස. අනු: අච්චන්තං ජහති, අනවසෙසං ජහති, අප්පටිසන්ධියං ජහති, සමූලං ජහති, සතණ්හං ජහති, සානුසයං ජහති, අරියෙන ඤාණෙන ජහති, අරියෙන මග්ගෙන ජහති, අකුප්පං පටිවිජ්ඣන්තො ජහති, අනාගාමිඵලං සච්ඡිකරොන්තො ජහතී’ති.
Sinhala BJTස. අනු: (ධ්‍යානවිෂ්කම්භිත ඒ ක්ලේශයන්ගේ අනාගාමිමාර්‍ගයෙන් මැ අත්‍යන්තප්‍රහාණ වේ ද, එහෙයින් නඟන අනුයෝග–) අත්‍යන්ත කොට හැරපියා ද? අනවශේෂ කොට හැරපියා ද? අප්‍රතිසන්‍ධික කොට හැරපියා ද? මූල සහිත කොට හැරපියා ද? තෘෂ්ණා සහිත කොට හැරපියා ද? අනුශය සහිත කොට හැරපියා ද? ආර්‍ය්‍යඥානයෙන් හැරපියා ද? ආර්‍ය්‍යමාර්‍ගයෙන් හැරපියා ද? අකෝපන කොට පිළිවිදුමින් හැරපියා ද? අනාගාමිඵලය පසක්කරනුයේ හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[දැහැන් ලද පුහුදුන් පුඟුල් සත්‍යාභිසමය කරන්නා හා මැ අනගැමි නම් වෙයි. ‘පුහුදුන් කල්හි මැ උහුගේ කාමරාගව්‍යාපාදයෝ ප්‍රහීණයහ’ යි ලබ්ධි ගත් සම්මිතියනිකායවාසීන්ගේ විවාද බිඳුනට ජහතිකථා එයි.]
Pali BJT2. ස. පු: වික්ඛම්භෙති පුථුජ්ජනො කාමරාගව්යාපාදන්ති.
Sinhala BJT2. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාග ව්‍යාපාද (අත්‍යන්තවිෂ්කම්භණයෙන් විෂ්කම්භණ කෙරේ ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අච්චන්තං වික්ඛම්භෙති, අනවසෙසං වික්ඛම්භෙති, අප්පටිසන්ධියං වික්ඛම්භෙති, සමූලං වික්ඛම්භෙති, සතණ්හං වික්ඛම්භෙති, සානුසයං වික්ඛම්භෙති, අරියෙන ඤාණෙන වික්ඛම්භෙති, අරියෙන මග්ගෙන වික්ඛම්භෙති, අකුප්පං පටිවිජ්ඣන්තො වික්ඛම්භෙති, අනාගාමිඵලං සච්ඡිකරොන්තො වික්ඛම්භෙතී’ති.
Sinhala BJTස. අනු: අත්‍යන්ත කොට විෂ්කම්භණ කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ කෙරේ ද? අප්‍රතිසන්‍ධික කොට විෂ්කම්භණ කෙරේ ද? මූල සහිත කොට විෂ්කම්භණ කෙරේ ද? තෘෂ්ණා සහිත කොට විෂ්කම්භණ කෙරේ ද? අනුශය සහිත කොට විෂ්කම්භණ කෙරේ ද? ආර්‍ය්‍යඥානයෙන් විෂ්කම්භණ කෙරේ ද? ආර්‍ය්‍යමාර්‍ගයෙන් විෂ්කම්භණ කෙරේ ද? අකෝපන කොට පිළිවිදුනේ විෂ්කම්භණ කෙරේ ද? අනගැමිඵල පසක් කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT3. ස. පු: ජහති අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො කාමරාගව්යාපාදං, සො ච අච්චන්තං ජහති, අනවසෙසං ජහති -පෙ- අනාගාමිඵලං සච්ඡිකරොන්තො ජහතී’ති.
Sinhala BJT3. ස. පු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් කාමරාග ව්‍යාපාද හැරපියා ද? හෙ ද අත්‍යන්ත කොට හැරපියා ද? අනවශේෂ කොට හැරපියා ද? … අනාගාමිඵල පසක් කරනුයේ හැරපියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ජහති පුථුජ්ජනො කාමරාගව්යාපාදං, සො ච අච්චන්තං ජහති, අනවසෙසං ජහති -පෙ- අනාගාමිඵලං සච්ඡිකරොන්තො ජහතී’ති.
Sinhala BJTස. අනු: පුහුදුන් පුඟුල් කාමරාග ව්‍යාපාද හැරපියා ද? හෙ ද අත්‍යන්ත කොට හැරපියා ද, අනවශේෂ කොට හැරපියා ද … අනාගාමිඵල පසක් කරනුයේ හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT4. ස. පු: වික්ඛම්භෙති අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො කාමරාගව්යාපාදං, සො ච අච්චන්තං වික්ඛම්භෙති අනවසෙසං වික්ඛම්භෙති -පෙ- අනාගාමිඵලං සච්ඡිකරොන්තො වික්ඛම්භෙති’ති.
Sinhala BJT4. ස. පු: අනාගාමීඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් කාමරාගව්‍යාපාද විෂ්කම්භණ කෙරේ ද? හෙ ද අත්‍යන්ත කොට විෂ්කම්භණ කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ කෙරේ ද? … අනාගාමිඵල පසක් කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වික්ඛම්භෙති පුථුජ්ජනො කාමරාගව්යාපාදං, සො ච අච්චන්තං වික්ඛම්භෙති, අනවසෙසං වික්ඛම්භෙති -පෙ- අනාගාමිඵලං සච්ඡිකරොන්තො වික්ඛම්භෙතී’ති.
Sinhala BJTස. අනු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද විෂ්කම්භණ කෙරේ ද? හෙ ද අත්‍යන්ත කොට විෂ්කම්භණ කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ කෙරේ ද? … අනාගාමිඵල පසක් කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT5. ස. පු: ජහති පුථුජ්ජනො කාමරාගව්යාපාදං, සො ච න අච්චන්තං ජහති, න අනවසෙසං ජහති -පෙ- න අනාගාමිඵලං සච්ඡිකරොන්තො ජහතී’ති.
Sinhala BJT5. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියා ද? හෙ ද අත්‍යන්ත නො කොට හැරපියා ද? අනවශේෂ නො කොට හැරපියා ද? … අනාගාමිඵල පසක් නො කරනුයේ හැරපියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ජහති අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො කාමරාගව්යාපාදං, සො ච න අච්චන්තං ජහති -පෙ- න අනාගාමිඵලං සච්ඡිකරොන්තො ජහතී’ති.
Sinhala BJTස. අනු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියා ද? හෙ ද අත්‍යන්ත නො කොට හැරපියා ද? … අනාගාමිඵල පසක් නො කරනුයේ හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT6. ස. පු: වික්ඛම්භෙති පුථුජ්ජනො කාමරාගව්යාපාදං, සො ච න අච්චන්තං වික්ඛම්භෙති, න අනවසෙසං වික්ඛම්භෙති -පෙ- න අනාගාමිඵලං සච්ඡිකරොන්තො වික්ඛම්භෙතී’ති.
Sinhala BJT6. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද විෂ්කම්භණ කෙරේ ද, හෙ ද අත්‍යන්ත කොට විෂ්කම්භණ නො කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ නො කෙරේ ද? … අනාගාමිඵල පසක් නො කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වික්ඛම්භෙති අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො කාමරාගව්යාපාදං, සො ච න අච්චන්තං වික්ඛම්භෙති න අනවසෙසං වික්ඛම්භෙති -පෙ- න අනාගාමිඵලං සච්ඡිකරොන්තො වික්ඛම්භෙතී’ති.
Sinhala BJTස. අනු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් කාමරාග ව්‍යාපාද විෂ්කම්භණ කෙරේ ද? හෙ ද අත්‍යන්ත කොට විෂ්කම්භණ නො කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ නො කෙරේ ද … අනාගාමිඵල පසක් නො කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT7. ස. පු: ජහති පුථුජ්ජනො කාමරාගව්යාපාදන්ති.
Sinhala BJT7. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: කතමෙන මග්ගෙනා’ති.
Sinhala BJTස. පු: කවර මඟෙකින?
Pali BJTප. වි: රූපාවචරෙන මග්ගෙනා’ති.
Sinhala BJTප. වි: රූපාවචර මගිනි.
Pali BJTස. අනු: රූපාවචරො මග්ගො නිය්යානිකො ඛයගාමී බොධගාමී අපචයගාමී අනාසවො අසඤ්ඤොජනියො අගන්ථනීයො{1} අනොඝනීයො{2} අයොගනීයො{3} අනීවරණියො{4} අපරාමට්ඨො අනුපාදානියො අසංකිලෙසියො’ති.
Sinhala BJTස. අනු: රූපාවචර මාර්‍ගය නෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී වේ ද, බෝධගාමී වේ ද, අපචයගාමී වේ ද, අනාස්‍රව වේ ද, අසඤ්ඤෝජනිය වේ ද, අගත්‍ථනීය වේ ද, අනෝඝනීය වේ ද, අයෝගනීය වේ ද, අනීවරණිය වේ ද, අපරාමර්‍ශ වේ ද, අනුපාදානිය වේ ද, අසංකිලෙසිය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: නනු රූපාවචරො මග්ගො අනිය්යානිකො න ඛයගාමී න බොධගාමී න අපචයගාමී සාසවො සඤ්ඤොජනියො -පෙ- සංකිලෙසියො’ති.
Sinhala BJTස. අනු: රූපාවචර මාර්‍ගය අනෛර්‍ය්‍යාණික නො වේ ද, ක්‍ෂයගාමී නො වනු නො වේ ද, බෝධගාමී නො වනු නො වේ ද, අපචයගාමී නො වනු නො වේ ද, සාස්‍රව, සඤ්ඤොජනිය … සංකිලේසිය නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි රූපාවචරො මග්ගො අනිය්යානිකො න ඛයගාමී -පෙ- සංකිලෙසියො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රූපාවචර මාර්‍ගය අනෛර්‍ය්‍යාණික වේ නම්, ක්‍ෂයගාමී නො වනු වේ නම් … සංකිලේසිය වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “ජහති පුථුජ්ජනො රූපාවචරෙන මග්ගෙන කාමරාගව්යාපාදන්ති.”
Sinhala BJTඅනු. පා: භවත,‘පුහුදුන් පුඟුල් රූපාවචර මාර්‍ගයෙන් කාමරාගව්‍යාපාද හැරපියති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT8. ස. පු: ජහති අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො අනාගාමිමග්ගෙන කාමරාගව්යාපාදං, සො ච මග්ගො නිය්යානිකො ඛයගාමී බොධගාමී අපචයගාමී අනාසවො -පෙ- අසංකිලෙසියො’ති.
Sinhala BJT8. ස. පු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනාගාමී මාර්‍ගයෙන් කාමරාගව්‍යාපාද හැරපියා ද, එ මඟ ද නෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී වේ ද, බෝධගාමී වේ ද, අපචයගාමී වේ ද, අනාස්‍රව වේ ද … අසංක්ලිෂ්ට වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ජහති පුථුජ්ජනො රූපාවචරෙන මග්ගෙන කාමරාගව්යාපාදං, සො ච මග්ගො නිය්යානිකො ඛයගාමී බොධගාමී අපචයගාමී අනාසවො -පෙ- අසංකිලෙසියො’ති.
Sinhala BJTස. අනු: පුහුදුන් පුඟුල් රූපාවචරමාර්‍ගයෙන් කාමරාගව්‍යාපාද හැරපියා ද, ඒ මාර්‍ගයත් නෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී වේ ද, බෝධගාමී වේ ද, අපචයගාමී වේ ද, අනාස්‍රව වේ ද … අසංක්ලිෂ්ට වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT9. ස. පු: ජහති පුථුජ්ජනො රූපාවචරෙන මග්ගෙන කාමරාගව්යාපාදං, සො ච මග්ගො අනිය්යානිකො න ඛයගාමී න බොධගාමී න අපචයගාමී සාසවො -පෙ- සංකිලෙසියො’ති.
Sinhala BJT9. ස. පු: පුහුදුන් රූපාවචරමාර්‍ගයෙන් කාමරාගව්‍යාපාද හැරපියා ද, ඒ මඟත් අනෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී නො වනු වේ ද, බෝධගාමී නො වනු වේ ද, අපචයගාමී නො වනු වේ ද, සාස්‍රව වේ ද … සංක්ලිෂ්ට වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ජහති අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො අනාගාමිමග්ගෙන කාමරාගව්යාපාදං, සො ච මග්ගො අනිය්යානිකො න ඛයගාමී න බොධගාමී න අපචයගාමී සාසවො -පෙ- සංකිලෙසියො’ති.
Sinhala BJTස. අනු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමි මගින් කාමරාගව්‍යාපාද හැරපියා ද, එ මගත් අනෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී නො වනු වේ ද, බෝධගාමී නො වනු වේ ද, අපචයගාමී නො වේ ද, සාස්‍රව වේ ද … සංක්ලිෂ්ට වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT10. ස. පු: පුථුජ්ජනො කාමෙසු වීතරාගො සහ ධම්මාභිසමයා අනාගාමිඵලෙ සණ්ඨාතී’ති.
Sinhala BJT10. ස. පු: පුහුදුන් පුඟුල් කාමයෙහි වීතරාග වූයෙ ධර්‍මාභිසමය කරන්නා හා මැ අනාගාමි ඵලයෙහි පිහිටා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: (ධ්‍යානානාගමිත්‍වය සඳහා පිළින යි.) එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තෙ සණ්ඨාතී’ති.
Sinhala BJTස. අනු: අර්‍හත්‍වයෙහි පිහිටා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: (දර්‍ශන මාර්‍ගයෙන් උද්ධම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණ නැතියෙන් කරන පිළිකෙව්– ) එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT11. ස. පු: පුථුජ්ජනො කාමෙසු වීතරාගො සහ ධම්මාභිසමයා අනාගාමිඵලෙ සණ්ඨාතී’ති.
Sinhala BJT11. ස. පු: පුහුදුන් පුඟුල් කාමයෙහි වීතරාග වූයෙ ධර්‍මාභිසමය කරන්නා හා මැ අනාගාමිඵලයෙහි පිහිටා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අපුබ්බං අචරිමං තයො මග්ගෙ භාවෙතීති.
Sinhala BJTස. අනු: පෙර පසු නො කොට තුන්මඟ වඩා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT12. ස. පු: අපුබ්බං අචරිමං තයො මග්ගෙ භාවෙතී’ති.
Sinhala BJT12. ස. පු: පෙර පසු නො කොට තුන්මඟ වඩා ද?