Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා අරහත්තා පරිහායමානො කිං පරියුට්ඨිතො පරිහායතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු රහත් බැවින් පිරිහෙන්නාහු කිමෙකින් පර්‍ය්‍යුත්‍ථිත වැ පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: රාගපරියුට්ඨිතො පරිහායතී’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: රාගපර්‍ය්‍යුත්‍ථිත වැ පිරිහෙත්.
Pali BJTස. අනු: පරියුට්ඨානං කිං පටිච්ච උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: පර්‍ය්‍යුත්‍ථානය කුමක් නිසා උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: අනුසයං පටිච්ච උප්පජ්ජතී’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: අනුශය නිසා උපදනේ වෙයි.
Pali BJTස. අනු: අත්ථි අරහතො අනුසයා’ති.
Sinhala BJTස. අනු: රහත්හට අනුශය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: අත්ථි අරහතො අනුසයා’ති.
Sinhala BJTස. පු: රහත්හට අනුශය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (තික්ඛින්‍ද්‍රිය මුදින්‍ද්‍රිය විසින් පිළිකෙව් හා පිළින යි.)
Pali BJTස. අනු: අත්ථි අරහතො කාමරාගානුසයො පටිඝානුසයො මානානුසයො දිට්ඨානුසයො විචිකිච්ඡානුසයො භවරාගානුසයො අවිජ්ජානුසයොති.
Sinhala BJTස. අනු: රහත්හට කාමරාගානුසය පටිඝානුසය මානානුසය දිට්ඨානුසය විචිකිච්ඡානුසය භවරාගානුසය අවිජ්ජානුසය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: අරහා අරහත්තා පරිහායමානො කිං පරියුට්ඨිතො පරිහායතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු රහත් බැවින් පිරිහෙන්නාහු කිමෙකින් පර්‍ය්‍යුත්‍ථිත ව පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: දොසපරියුට්ඨිතො පරිහායති -පෙ- මොහපරියුට්ඨිතො පරිහායතී’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත වැ පිරිහෙත් … මෝහපර්‍ය්‍යුත්‍ථිත වැ පිරිහෙත්.
Pali BJTස. අනු: පරියුට්ඨානං කිං පටිච්ච උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: පර්‍ය්‍යුත්‍ථානය කුමක් නිසා උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: අනුසයං පටිච්ච උප්පජ්ජතී’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: අනුශය නිසා උපදනේ වෙයි.
Pali BJTස. අනු: අත්ථි අරහතො අනුසයා’ති.
Sinhala BJTස. අනු: රහත්හට අනුශය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: අත්ථි අරහතො අනුසයා’ති.
Sinhala BJTස. අනු: රහත්හට අනුශය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි අරහතො කාමරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො’ති.
Sinhala BJTස. අනු: රහත්හට කාමරාගානුශය … අවිද්‍යානුශය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT113. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT113. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො අරහත්තා පරිහායමානස්ස කිං උපචයං ගච්ඡතී’ති, රාගො උපචයං ගච්ඡතී’ති, සක්කායදිට්ඨි උපචයං ගච්ඡතී’ති, විචිකිච්ඡා උපචයං ගච්ඡතී’ති, සීලබ්බතපරාමාසො උපචයං ගච්ඡතී’ති.
Sinhala BJTස. අනු: රහත් බැවින් පිරිහී යන රහත්හට කිමෙක් නම් උපචයට යේ ද? රාගය උපචයට යේ ද? සක්කායදිට්ඨි උපචයට යේ ද? විචිකිච්ඡා උපචයට යේ ද? සීලබ්බතපරාමාස උපචයට යේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: දොසො උපචයං ගච්ඡතී’ති -පෙ- මොහො උපචයං ගච්ඡතී’ති, සක්කායදිට්ඨි උපචයං ගච්ඡතී’ති, විචිකිච්ඡා උපචයං ගච්ඡතී, සීලබ්බතපරාමාසො උපචයං ගච්ඡතී’ති.
Sinhala BJTස. අනු: ද්වේෂය උපචයට යේ ද? … මෝහය උපචයට යේ ද? සක්කායදිට්ඨි උපචයට යේ ද? විචිකිච්ඡා උපචයට යේ ද? සීලබ්බතපරාමාස උපචයට යේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT114. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT114. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා ආචිනතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු (කුශලාකුශල විපාක) රැස් කෙරෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: අරහා අපචිනතී’ති
Sinhala BJTස. අනු: රහත්හු (ඵලයෙහි සිටි වන බැවින් විපාක) නෙරත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: අරහා පජහතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු ක්ලේශයන් හැරපියත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: අරහා උපාදියතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු (තෘෂ්ණාදීන්) ගනිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: අරහා විසිනෙතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු (තෘෂ්ණා සංසීවන වශයෙන්) බැඳෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: අරහා උස්සිනෙතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු (මාන වශයෙන්) හුවාගනිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: අරහා විධූපෙතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු (ක්ලේශාග්නිය) නිවාපියත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT115. ස. අනු: නනු අරහා නෙවාචිනාති න අපචිනති අපචිනිත්වා ඨිතො’ති.
Sinhala BJT115. ස. අනු: රහත්හු (කුශලාකුශලයන් ප්‍රහීණ බැවින් උන්ගේ විපාක) වළඳ නො කරන්නාහු, (ඵලයෙහි සිටි වන බැවින්) නො නස්නාහු (ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණයෙහි සිටි වන බැවින්) කෙලෙස් නසා සිටියාහු නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා නෙවාචිනාති න අපචිනති අපචිනිත්වා ඨිතො,
Sinhala BJTඅනු: ඨ: එසේ වන බැවින් රහත්හු (කුශලාකුශලයන් ප්‍රහීණ බැවින් උන්ගේ විපාක) වළඳ නො කරන්නාහු, (ඵලයෙහි සිටි වන බැවින්) නො නස්නාහුදු, (ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණයෙහි සිටි වන බැවින්) කෙලෙස් නසා සිටියාහු වෙති.
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හු රහත් බැවින් පිරිහෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT116. ස. අනු: නනු අරහා නෙව පජහති න උපාදියති පජහිත්වා ඨිතො’ති.
Sinhala BJT116. ස. අනු: රහත්හු (ප්‍රහාතව්‍යාභාවයෙන් ක්ලේශයන්) නො හරනාහු, (තෘෂ්ණා මාන දෘෂ්ටීන් ගෘහීතව්‍යාභාවයෙන්) නො ගන්නාහු, හැරපියා සිටියාහු නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා නෙව පජහති න උපාදියති පජහිත්වා ඨිතො,
Sinhala BJTඅනු: ඨ: එබැවින් රහත්හු නො හරනාහු නො ගන්නාහු හැරපියා සිටියාහු වෙති.
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හු රහත් බැවින් පිරිහෙතී’ නො කියැයුතු මැ යැ.
Pali BJT117. ස. අනු: නනු අරහා නෙව විසිනෙති න උස්සිනෙති විසිනිත්වා ඨිතො’ති.
Sinhala BJT117. ස. අනු: රහත්හු තෘෂ්ණා විසින් නො හිවන්නාහු, මාන විසින් නො හුවන්නාහු, විසීවන කොට සිටියාහු නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා නෙව විසිනෙති, න උස්සිනෙති, විසිනිත්වා ඨිතො,
Sinhala BJTඅනු: ඨ: එබැවින් රහත්හු නො හිවන්නාහු නො හුවන්නාහු විසීවන කොට සිටියාහු වෙති.
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හු රහත් බැවින් පිරිහෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT118. ස. අනු: නනු අරහා නෙව විධූපෙති, න සන්ධූපෙති, විධූපෙත්වා ඨිතො’ති.
Sinhala BJT118. ස. අනු: රහත්හු කෙලෙස් ගිනි නො නිවන්නාහු, කෙලෙස් ගිනි නො දල්වන්නාහු, කෙලෙස් ගිනි නිවාපියා සිටියාහු නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා නෙව විධූපෙති න සන්ධූපෙති විධූපෙත්වා ඨිතො,
Sinhala BJTඅනු: ඨ: එබැවින් රහත්හු නො නිවන්නාහු, නො දල්වන්නාහු, නිවාපියා සිටියාහු වෙති.
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හු රහත් බැවින් පිරිහෙතී’ නො කියැයුතු මැ යැ.
Pali BJTපරිහානිකථා නිට්ඨිතා.
Sinhala BJTපරිහානිකථා නිමි.
Pali BJT1. 3.
Sinhala BJT1. 3.
Pali BJTබ්රහ්මචරියකථා
Sinhala BJTබ්‍රහ්මචරියකථා
Pali BJT1. ස. පු: නත්ථි දෙවෙසු බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJT1. ස. පු: දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මාර්‍ගභාවනා යැ ප්‍රව්‍රජ්‍යා යැ යි බ්‍රහ්මචර්‍ය්‍යවාසයෝ දෙදෙනෙකි. එහි ප්‍රව්‍රජ්‍යාව දෙවියන් කෙරෙහි නැත. මාර්‍ගභාවනාව අසංඥසත්ත්‍වයන් තබා තෙසු දෙවියන් කෙරෙහි ප්‍රතිෂේධ නො වෙයි. එතෙකුදු වුව සම්මිතිය නිකායවාසිහු පරනිර්මිතවශවර්ති දෙවියන් පටන් මතු මතු දෙවියන් කෙරෙහි මාර්‍ගභාවනා බ්‍රහ්මචර්‍ය්‍යවාසය කැමැති නො වෙති. උන්ගේ වාද බිඳුනට බ්‍රහ්මචර්‍ය්‍යකථා එයි.]
Pali BJTස. අනු: සබ්බෙ දෙවා ජළා එලමූගා අවිඤ්ඤූ හත්ථසංවාචිකා න පටිබලා සුභාසිතදුබ්භාසිතානං අත්ථමඤ්ඤාතුං, සබ්බෙ දෙවා න බුද්ධෙ පසන්නා න ධම්මෙ පසන්නා න සඞ්ඝෙ පසන්නා, න බුද්ධං භගවන්තං පයිරුපාසන්ති, න බුද්ධං භගවන්තං පඤ්හං පුච්ඡන්ති, න බුද්ධෙන භගවතා පඤ්හෙ විස්සජ්ජිතෙ අත්තමනා, සබ්බෙ දෙවා කම්මාවරණෙන සමන්නාගතා කිලෙසාවරණෙන සමන්නාගතා විපාකාවරණෙන සමන්නාගතා අස්සද්ධා අච්ඡන්දිකා දුප්පඤ්ඤා අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං, සබ්බෙ දෙවා මාතුඝාතකා පිතුඝාතකා අරහන්තඝාතකා රුහිරුප්පාදකා සඞ්ඝභෙදකා, සබ්බෙ දෙවා පාණාතිපාතිනො අදින්නාදායිනො කාමෙසු මිච්ඡාචාරිනො මුසාවාදිනො පිසුනාවාචා ඵරුසාවාචා සම්ඵප්පලාපිනො අභිජ්ඣාලුනො බ්යාපන්නචිත්තා මිච්ඡාදිට්ඨිකා’ති.
Sinhala BJTස. අනු: හැම දෙවියෝ ජඩ වෙත් ද? වහතොලු වෙත් ද? අවිඥ වෙත් ද? හස්තමුද්‍රායෙන් බණනාහු වෙත් ද? සුභාෂිතදුර්‍භාෂිතයන්ගේ අර්‍ත්‍ථ දන්නට ප්‍රතිබල නො වෙත් ද? හැම දෙවියෝ බුදුන් කෙරෙහි අප්‍රසන්න වෙත් ද? ධර්‍මය කෙරෙහි අප්‍රසන්න වෙත් ද? සඞ්ඝයා කෙරෙහි අප්‍රසන්න වෙත් ද? භාග්‍යවත් සම්බුද්ධයන් වහන්සේ පර්‍ය්‍යුපාසනා නො කෙරෙත් ද? භාග්‍යවත් සම්බුද්ධයන් වහන්සේ අතින් පැන නො පුළුවුසිත් ද? භාග්‍යවත් සම්බුද්ධයන් වහන්සේ විසින් පැන විසඳු කල සියමන් නො වෙත් ද? හැම දෙවියෝ කර්‍මාවරණයෙන් සමන්‍වාගත වෙත් ද? ක්ලේශාවරණයෙන් සමන්‍වාගත වෙත් ද? විපාකාවරණයෙන් සමන්‍වාගත වෙත් ද? අශ්‍රද්ධ වෙත් ද? අච්ඡන්‍දික වෙත් ද? දුෂ්ප්‍රාඥ වෙත් ද? කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත මාර්‍ගනියාමයට බැසගන්නට අභව්‍ය වෙත් ද? හැම දෙවියෝ මාතෘඝාතක පිතෘඝාතක අර්‍හත්ඝාතක රුධිරොත්පාදක සඞ්ඝභේදක වෙත් ද? හැම දෙවියෝ පණිවා කරන්නාහු අයිනාදන් ගන්නාහු කාමයෙහි මිසහසර ඇතියාහු මුසවා බණන්නාහු පෙහෙසුන් වචන ඇතියාහු පරොස්බස් ඇතියාහු පලප් බණන්නාහු ලොබ බිහිලු වූවාහු ව්‍යාපන්නසිත් ඇතියාහු මිසදිටු ඇතියාහු වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: නනු අත්ථි දෙවා අජළා අනෙලමූගා විඤ්ඤූ න හත්ථසංවාචිකා පටිබලා සුභාසිතදුබ්භාසිතානං අත්ථමඤ්ඤාතුං, අත්ථි දෙවා බුද්ධෙ පසන්නා ධම්මෙ පසන්නා සඞ්ඝෙ පසන්නා, බුද්ධං භගවන්තං පයිරුපාසන්ති, බුද්ධං භගවන්තං පඤ්හං පුච්ඡන්ති, බුද්ධෙන භගවතා පඤ්හෙ විස්සජ්ජිතෙ අත්තමනා හොන්ති, අත්ථි දෙවා න කම්මාවරණෙන සමන්නාගතා, න කිලෙසාවරණෙන සමන්නාගතා, න විපාකාවරණෙන සමන්නාගතා, සද්ධාඡන්දිකා පඤ්ඤාවන්තො භබ්බා නියාමං ධම්මං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං, අත්ථි දෙවා න මාතුඝාතකා න පිතුඝාතකා න අරහන්තඝාතකා න රුහිරුප්පාදකා න සඞ්ඝභෙදකා. අත්ථි දෙවා න පාණාතිපාතිනො න අදින්නාදායිනො න කාමෙසු මිච්ඡාචාරිනො න මුසාවාදිනො න පිසුනාවාචා න ඵරුසාවාචා න සම්ඵප්පලාපිනො න අභිජ්ඣාලුනො න අව්යාපන්නචිත්තා සම්මාදිට්ඨිකා’ති.
Sinhala BJTස. අනු: ජඩ නො වූ වහතොලු නො වූ විඥ වූ හස්තමුද්‍රායෙන් නො බණන්නා වූ සුභාෂිතදුර්‍භාෂිතයන්ගේ අර්‍ත්‍ථ දන්නට ප්‍රතිබල වූ දෙවියෝ ඇත්තාහු නො වේ ද? බුදුවරුන්හි පසන්, ධමුරුවන්හි පසන්, සඟුරුවන්හි පසන්, භගවත් සම්බුද්ධයන් පර්‍ය්‍යුපාසනා කරන, භගවත් සම්බුද්ධයන් පැන පුළුවුස්නා, භගවත් සම්බුද්ධයන් විසින් පැන විසඳු කල සතුටු වන දෙවියෝ ඇත්තාහු නො වේ ද? කර්‍මාවරණයෙන් සමන්‍වාගත නො වූ ක්ලේශාවරණයෙන් සමන්‍වාගත නො වූ විපාකාවරණයෙන් සමන්‍වාගත නො වූ සැදැහැ ඇති, කුසලච්ඡන්‍ද ඇති, ප්‍රඥා ඇති, කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත මාර්‍ගනියාමධර්‍මයට බැසගන්නට භව්‍ය වූ දෙවියෝ ඇත්තාහු නො වේ ද? මාතෘඝාතක නො වූ, පිතෘඝාතක නො වූ, අර්‍හත්ඝාතක නො වූ, රුධිරොත්පාදක නො වූ, සඞ්ඝභේදක නො වූ, දෙවියෝ ඇත්තාහු නො වේ ද? පණිවා නො කරන, අයිනාදන් නො ගන්නා, කාමයෙහි මිසහසර නැති, මුසවා නො බණන, පිසුනුබස් නැති, පරොස් බස් නැති, පලප් නො බණන, ලොබ බිහිලි නො වූ ව්‍යාපන්නසිත් නැති දෙවියෝ ඇත්තාහු නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථි දෙවා අජළා අනෙලමූගා විඤ්ඤූ න හත්ථසංවාචිකා පටිබලා සුභාසිතදුබ්භාසිතානං අත්ථමඤ්ඤාතුං -පෙ- අත්ථි දෙවා බුද්ධෙ පසන්නා -පෙ- සම්මාදිට්ඨිකා,
Sinhala BJTඅනු. ඨ: එ බැවින් ජඩ නො වූ වහතොලු නො වූ නුවණැති, හස්තමුද්‍රායෙන් නො බණන, සුභාෂිතදුර්‍භාෂිතයන්ගේ අර්‍ත්‍ථ දන්නට ප්‍රතිබල වූ … දෙවියෝ ඇත. බුදුරුවන්හි පහන් … සම්දිටු ඇති දෙවියෝ ඇත.
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “නත්ථි දෙවෙසු බ්රහ්මචරියවාසො”ති.
Sinhala BJTඅනු. පා: භවත, දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැති’ යි නො කියැයුතු මැ යැ ….
Pali BJT2. ප. පු: අත්ථි දෙවෙසු බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJT2. ප. පු: දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇත් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අත්ථි තත්ථ පබ්බජ්ජා මුණ්ඩියං කාසාවධාරණා පත්තධාරණා. දෙවෙසු සම්මාසම්බුද්ධා උප්පජ්ජන්ති, පච්චෙකසම්බුද්ධා උප්පජ්ජන්ති, සාවකයුගං උප්පජ්ජතී’ති.
Sinhala BJTප. අනු: එහි පැවිද්ද, හිසමුඬු කිරීම, කහවත් ධැරීම්, පාත්‍ර ධැරීම් ඇත් ද? දෙවියන් කෙරෙහි සම්‍යක් සම්බුද්ධයෝ උපදනාහු වෙත් ද? පසේබුදුහු උපදනාහු වෙත් ද? ශ්‍රාවකයුග්ම උපදනේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT3. ස. පු: දෙවෙසු පබ්බජ්ජා නත්ථි’ති නත්ථි දෙවෙසු බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJT3. ස. පු: දෙවියන් කෙරෙහි පැවිද්ද නැති’ යි යන හේතුයෙන් දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යත්ථ අත්ථි පබ්බජ්ජා තත්ථෙව බ්රහ්මචරියවාසො, යත්ථ නත්ථි පබ්බජ්ජා නත්ථි තත්ථ බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: යම් තැනෙක පැවිද්ද ඇත් ද එහි මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස වේ ද? යම් තැනෙක පැවිද්ද නැත් ද එහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: යත්ථ අත්ථි පබ්බජ්ජා තත්ථෙව බ්රහ්මචරියවාසො, යත්ථ නත්ථි පබ්බජ්ජා නත්ථි තත්ථ බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: යම් තැනෙක පැවිද්ද ඇද්ද එහි මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස වේ ද? යම් තැනෙක පැවිද්ද නැත් ද එහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ. (පසල්වැස්සන් හා අසංඥසත්ත්‍වයන් සඳහා ප්‍රතිඥා යි.)
Pali BJTස. අනු: යො පබ්බජති{1} තස්සෙව බ්රහ්මචරියවාසො, යො න පබ්බජති නත්ථි තස්ස බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: යමෙක් පැවිදි වේ නම් ඔහුට මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස වේ ද? යමෙක් පැවිදි නො වේ නම් ඔහුට බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT4. ස. පු: ‘දෙවෙසු මුණ්ඩියං නත්ථි’ති නත්ථි දෙවෙසු බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJT4. ස. පු: දෙවියන් කෙරෙහි හිස මුඬු කිරීම නැතියි යන හේතුයෙන් දෙවියන් කෙරෙහි බඹසරවස් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යත්ථ අත්ථි මුණ්ඩියං තත්ථෙ’ව බ්රහ්මචරියවාසො, යත්ථ නත්ථි මුණ්ඩියං නත්ථි තත්ථ බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: යම් තැනෙක හිස මුඬු කිරීම ඇත් නම් එහි මැ බඹසරවස් ඇද්ද? යම් තැනෙක හිස මුඬු කිරීම නැත් නම් එහි බඹසරවස් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: යත්ථ අත්ථි මුණ්ඩියං තත්ථෙ’ව බ්රහ්මචරියවාසො, යත්ථ නත්ථි මුණ්ඩියං නත්ථි තත්ථ බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: යම් තැනෙක හිස මුඬු කිරීම ඇති නම් එහි මැ බඹසරවස් ඇද්ද? යම් තැනෙක හිස මුඬු කිරීම නැති නම් එහි බඹසරවස් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: යො මුණ්ඩො හොති තස්සෙ’ව බ්රහ්මචරියවාසො, යො මුණ්ඩො න හොති නත්ථි තස්ස බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: යමෙක් මුණ්ඩ වේ නම් ඔහුට මැ බඹසරවස් වේ ද? යමෙක් මුණ්ඩ නො වේ නම් ඔහුට බඹසරවස් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT5. ස. පු: “දෙවෙසු කාසාවධාරණා නත්ථි’ති” නත්ථි දෙවෙසු බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJT5. ස. පු: දෙවියන් කෙරෙහි කසාවත් ධැරීම නැතියි යන හේතුවින් දෙවියන් කෙරෙහි බඹසරවස් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යත්ථ අත්ථි කාසාවධාරණා තත්ථෙව බ්රහ්මචරියවාසො, යත්ථ නත්ථි කාසාවධාරණා නත්ථි තත්ථ බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: යම් තැනෙක කහවත් ධැරීම ඇති නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක කහවත් ධැරීම නැති නම් එහි බඹසරවස් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: යත්ථ අත්ථි කාසාවධාරණා තත්ථෙ’ව බ්රහ්මචරියවාසො, යත්ථ නත්ථි කාසාවධාරණා නත්ථි තත්ථ බ්රහ්මචරිය වාසො’ති.
Sinhala BJTස. අනු: යම් තැනෙක කහවත් ධැරීම ඇති නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක කහවත් ධැරීම නැති නම් එහි බඹසරවස් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යො කාසාවං ධාරෙති තස්සෙව බ්රහ්මචරියවාසො, යො කාසාවං න ධාරෙති නත්ථි තස්ස බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: යමෙක් කහවත් ධරා නම් ඔහුට මැ බඹසරවස් වේ ද? යමෙක් කහවත් නො ධරා නම් ඔහුට බඹසරවස් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT6. ස. පු: ‘දෙවෙසු පත්තධාරණා නත්ථි’ති නත්ථි දෙවෙසු බ්රහ්මචරියවාසො’ති
Sinhala BJT6. ස. පු: ‘දෙවියන් කෙරෙහි පාත්‍ර ධැරීම් නැති’යි යන හේතුවින් දෙවියන් කෙරෙහි බඹසරවස් නැද්ද?