Pali BJT96. ස. පු: සමයවිමුත්තස්ස අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො, පරිහායති සමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJT96. ස. පු: සමයවිමුක්ත රහත්හු විසින් රාගප්‍රහාණයට මාර්‍ගය භාවිත යැ. සමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසමයවිමුත්තස්ස අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො, පරිහායති අසමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: අසමයවිමුක්ත රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ. අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT97. ස. පු: සමයවිමුත්තස්ස අරහතො රාගප්පහානාය සතිපට්ඨානා භාවිතා -පෙ- සම්මප්පධානා භාවිතා -පෙ- ඉද්ධිපාදා භාවිතා -පෙ- ඉන්ද්රියා භාවිතා -පෙ- බලා භාවිතා -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා, පරිහායති සමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJT97. ස. පු: සමයවිමුක්ත රහත්හු විසින් රාගප්‍රහාණයට සතිපට්ඨානයෝ භාවිතයහ. … සම්‍යක්ප්‍රධානයෝ භාවිතයහ … ඍද්ධිපාදයෝ භාවිතයහ. … බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. සමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසමයවිමුත්තස්ස අරහතො රාගප්පහානාය සතිපට්ඨානා භාවිතා -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා, පරිහායති අසමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: අසමයවිමුක්ත රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT98. ස. පු: සමයවිමුත්තස්ස අරහතො දොසප්පහානාය -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා, පරිහායති සමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJT98. ස. පු: සමයවිමුක්ත අර්‍හත්හු විසින් ද්වේෂප්‍රහාණය පිණිස … අනපත්‍රපා ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙති. සමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසමයවිමුත්තස්ස අරහතො අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා, පරිහායති අසමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: අසමයවිමුක්ත රහත්හු විසින් අනපත්‍රපා ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වෙයි. … බෝධඞ්ගයෝ භාවිත වෙති. අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT99. ස. පු: සමයවිමුත්තො අරහා වීතරාගො වීතදොසො වීතමොහො කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤාවිමුත්තො උක්ඛිත්තපලිඝො සඞ්කිණ්ණ පරිඛො අබ්බුළ්හෙසිකො නිරග්ගලො අරියො පන්නද්ධජො පන්නභාරො විසඤ්ඤුත්තො සුවිජිතවිජයො. දුක්ඛං තස්ස පරිඤ්ඤාතං, සමුදයො පහීනො, නිරොධො සච්ඡිකතො, මග්ගො භාවිතො, අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං, පරිඤ්ඤෙය්යං පරිඤ්ඤාතං, පහාතබ්බං පහීනං, භාවෙතබ්බං භාවිතං, සච්ඡිකාතබ්බං සච්ඡිකතං. පරිහායති සමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJT99. ස. පු: සමයවිමුක්ත රහත්හු වීතරාගයහ, වීතදෝසයහ, වීතමෝහයහ, කළ කරණී ඇතියහ, බහාතැබූ කෙලෙස්බර ඇතියහ, ලැබූ ස්වාර්‍ත්‍ථ ඇතියහ, ක්‍ෂය වූ භවසංයෝජන ඇතියහ, මොනොවට දැන මිදුණහ, ඔසවාලූ කෙලෙස් පරිඝ ඇතියහ, විසුරුවා හළ කර්‍මාභිසංස්කාර සඞ්ඛ්‍යාත පරිඛා ඇතියහ, බිඳහළ තෘෂ්ණා සඞ්ඛ්‍යාත ඒෂිකා ඇතියහ, බිඳලූ ඕරම්භාගියසංයෝජන සඞ්ඛ්‍යාත අගුළු ඇත්තාහ, කෙලෙස් රහිතයහ, හෙලූ මානධ්වජ ඇතියහ, පතිත ස්කන්‍ධභාරාදි භාර ඇතියහ, සර්‍වක්ලේශයන් කෙරෙන් විසංයුක්තයහ, මොනොවට දිනූ ක්ලේශවිජය ඇතියහ. ඔහු විසින් දුඃඛය පරිඥාත යැ, සමුදය ප්‍රහීණ යැ, නිරෝධය සාක්‍ෂාත්කෘත යැ, මාර්‍ගය භාවිත යැ, අභිඥෙයධර්‍ම අභිඥාත යැ, පරිඥෙයධර්‍ම පරිඥාත යැ, ප්‍රහාතව්‍යධර්‍ම ප්‍රහීණ යැ, භාවිතව්‍යධර්‍ම භාවිත යැ, සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත යැ. සමයවිමුක්ත ඒ රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසමයවිමුත්තො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං. පරිහායති අසමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: අසමයවිමුක්ත රහත්හු වීතරාගයහ, වීතදෝසයහ, වීතමෝහයහ … සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත යැ. අසමයවිමුක්ත ඒ රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT100. ස. පු: අසමයවිමුත්තස්ස අරහතො රාගො පහීනො, න පරිහායති අසමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJT100. ස. පු: අසමයවිමුක්ත රහත්හට රාගය ප්‍රහීණ යැ, අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමයවිමුත්තස්ස අරහතො රාගො පහීනො, න පරිහායති සමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: සමයවිමුක්ත රහත්හට රාගය ප්‍රහීණ යැ, සමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT101. ස. පු: අසමයවිමුත්තස්ස අරහතො දොසො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං, න පරිහායති අසමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJT101. ස. පු: අසමයවිමුක්ත රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ. අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමයවිමුත්තස්ස අරහතො අනොත්තප්පං පහීනං, න පරිහායති සමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: සමයවිමුක්ත රහත්හට අනපත්‍රපා ප්‍රහීණ යැ, සමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT102. ස. පු: අසමයවිමුත්තස්ස අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා, න පරිහායති අසමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJT102. ස. පු: අසමයවිමුක්ත රහත්හු විසින් රාගප්‍රහාණයට මාර්‍ගය භාවිතා වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙති. අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමයවිමුත්තස්ස අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා, න පරිහායති සමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: සමයවිමුක්ත රහත්හු විසින් රාගප්‍රහාණයට මාර්‍ගය භාවිත වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙති. සමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT103. ස. පු: අසමයවිමුත්තස්ස අරහතො දොසප්පහානාය මග්ගො භාවිතො -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා, න පරිහායති අසමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJT103. ස. පු: අසමයවිමුක්ත රහත්හු විසින් ද්වෙෂප්‍රහාණයට මාර්‍ගය භාවිතා වෙයි … අනපත්‍රපා ප්‍රහාණයට මාර්‍ගය භාවිතා වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙති. අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: සමයවිමුත්තස්ස අරහතො අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා, න පරිහායති සමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: සමයවිමුක්ත රහත්හු විසින් අනපත්‍රපා ප්‍රහාණයට මාර්‍ගය භාවිත වෙයි. … බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙති. සමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT104. ස. පු: අසමයවිමුත්තො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං, න පරිහායති අසමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJT104. ස. පු: අසමයවිමුක්ත රහත්හු වීතරාගයහ, වීතදෝසයහ වීතමෝහයහ … සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: සමයවිමුත්තො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං, න පරිහායති සමයවිමුත්තො අරහා අරහත්තාති.
Sinhala BJTස. අනු: සමයවිමුක්ත රහත්හු වීතරායහ, වීතද්වේෂයහ, වීතමෝහයහ … සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. සමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT105. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT105. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාරිපුත්තො ථෙරො පරිහායිත්ථ අරහත්තා’ති.
Sinhala BJTස. අනු: සැරියුත් තෙරණුවෝ රහත් බැවින් පිරිහුන්හු ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: මොග්ගල්ලානො ථෙරො -පෙ- මහාකස්සපො ථෙරො -පෙ- මහාකච්චායනො ථෙරො -පෙ- මහාකොට්ඨිතො ථෙරො -පෙ- මහාපන්ථකො ථෙරො පරිහායිත්ථ අරහත්තා’ති.
Sinhala BJTස. පු: මුගලන් තෙරණුවෝ … මහසුප් තෙරණුවෝ … මහකසයින් තෙරණුවෝ … මහාකොට්ඨිත තෙරණුවෝ … මහාපන්‍ථක තෙරණුවෝ රහත් බැවින් පිරිහුණු සේක් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: සාරිපුත්තො ථෙරො න පරිහායිත්ථ අරහත්තා’ති.
Sinhala BJTස. අනු: සැරියුත් තෙරණුවෝ රහත් බැවින් නො පිරිහුණු සේක් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සාරිපුත්තො ථෙරො න පරිහායිත්ථ අරහත්තා,
Sinhala BJTඅනු. ඨ: එබැවින් සැරියුත් තෙරණුවෝ රහත් බැවින් නො පිරිහුණුහ.
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “පරිහායති අරහා අරහත්තා”ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත, “රහත්හු රහත් බැවින් පිරිහෙතී” නො කියැයුතු මැ යැ.
Pali BJTස. අනු: මහාමොග්ගල්ලානො ථෙරො -පෙ- මහාකස්සපො ථෙරො -පෙ- මහාකච්චායනො ථෙරො -පෙ- මහාකොට්ඨිතො ථෙරො -පෙ- මහාපන්ථකො ථෙරො න පරිහායිත්ථ අරහත්තා’ති
Sinhala BJTස. අනු: මුගලන් තෙරණුවෝ … මහසුප් තෙරණුවෝ … මහකසයින් තෙරණුවෝ … මහාකොට්ඨිත තෙරණුවෝ … මහාපන්‍ථක තෙරණුවෝ රහත් බැවින් නො පිරිහුණු සේක් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි මහාපන්ථකො ථෙරො න පරිහායිත්ථ අරහත්තා
Sinhala BJTඅනු. ඨ: එබැවින් මහාපන්‍ථක තෙරණුවෝ රහත් බැවින් නො පිරිහුණහ.
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත, “රහත්හු රහත් බැවින් පිරිහෙතී” නො කියැයුතු මැ යැ.
Pali BJTඅරියපුග්ගලසංසන්දනා.
Sinhala BJTආර්‍ය්‍යපුද්ගලසංසන්‍දනා යි.
Pali BJT106. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT106. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භගවත්හු විසින් වදාරන ලද මැ නො?
Pali BJT“උච්චාවචා{1} හි පටිපදා{2} සමණෙන පකාසිතා, න පාරං දිගුණං{3} යන්ති නයිදං එකගුණං මුතන්ති”{a}
Sinhala BJT“බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් උත්තමහීනභේද වශයෙන් උච්චාවච ප්‍රතිපදාවෝ ප්‍රකාශිතයහ. නිර්‍වාණපාරයට ද්වීගුණ කොට නො යෙති. (එක් මගින් දෙවරක් නො යෙති.) මේ පාරය ඒකගුණ කොට ස්පර්‍ශාර්‍හ යයි ද නො දන්නා ලදි. (ක්ලේශප්‍රහාණ මාර්‍ග සතරක් ඇති හෙයින් එකමාර්‍ගයෙන් මැ ස ක්ලේශප්‍රහාණය නො වන හෙයිනි. අර්‍හත්‍වය සිද්ධවන්නේ එක් මාර්‍ගයකිනි)” යි
Pali BJTඅත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTස. නිග: එයින් ‘රහත්හු රහත් බැවින් පිරිහෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT107. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT107. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ඡින්නස්ස ඡෙදියන්ති
Sinhala BJTස. අනු: සුන් කෙලෙස්වට පිළිබඳ නැවැත සිඳියැයුතු කිසිත් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: අත්ථි ඡින්නස්ස ඡෙදියන්ති.
Sinhala BJTස. පු: සුන් කෙලෙස්වට පිළිබඳ නැවැත සිඳියැයුතු කිසිත් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (පුන පුළුවුස්නා ලදු වැ මෘද්වින්‍ද්‍රිය පුද්ගලයා සඳහා පිළින කෙරෙයි.)
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භගවත්හු විසින් වදාරන ලද මැ නො?
Pali BJT“වීතතණ්හො අනාදානො කිච්චං යස්ස න විජ්ජති, ඡින්නස්ස ඡෙදියං නත්ථි ඔඝපාසො සමූහතො”ති.
Sinhala BJT“යම් රහතක්හට (කළ කරණී ඇතියෙන්) සතර මඟ කිස නැද්ද, එහෙයින් තෘෂ්ණා නැතියේ වේ ද, කෙලෙස් විසින් ආදාන (ගැනුම) නැතියේ වේ ද, ක්ලේශෞඝ හා ක්ලේශපාශ සමූහත වේ ද, එබැවින් සුන් කෙලෙස්වට පිළිබඳ නැවැත සිඳියැයුතු කිසිත් ඔහුට නැති” යි
Pali BJTඅත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං ‘අත්ථි ඡින්නස්ස ඡෙදියන්ති.’
Sinhala BJTස. නිග: එයින් සුන් කෙලෙස්වට පිළිබඳ නැවත සිඳියැයුතු කිසිත් ඇතියි නො කියැයුතු මැ යැ.
Pali BJT108. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT108. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කතස්ස පතිචයො’ති.
Sinhala BJTස. අනු: කළ හෙවත් භාවිත මාර්‍ගයාගේ නැවැත ප්‍රතිචයභාවනායෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: අත්ථි කතස්ස පතිචයො’ති.
Sinhala BJTස. පු: භාවිත මාර්‍ගයා ගේ නැවැත භාවනායෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භගවත්හු විසින් වදාරන ලද මැ නු?
Pali BJT“තස්ස සම්මා විමුත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනො, කතස්ස පතිචයො{1} නත්ථි කරණීයං න විජ්ජති”
Sinhala BJTසම්‍යක් විමුක්ත වූ ශාන්ත වූ සිත් ඇති ඒ අර්‍හත් මහණහට භාවිත මාර්‍ගයාගේ නැවැත භාවනායෙක් නැත. එයින් කරණී නැත.
Pali BJTසෙලො යථා එකඝනො වාතෙන න සමීරති, එවං රූපා රසා සද්දා ගන්ධා ඵස්සා ච කෙවලා
Sinhala BJTයම්සේ ඒකඝන ශෛලපර්‍වතයෙක් වයින් නො සැලේ ද, එසේ ඉෂ්ට වූ ත් අනිෂ්ට වූ ත් රූප රස ශබ්ද ගන්‍ධ ස්පර්‍ශ යන හැම අරමුණුහු ද ධර්‍මාලම්බනයෝ ද උහු නො සලත්. ඒ තාදීහුගේ චිත්තය ස්ථිත වෙයි. විප්‍රමුක්ත වෙයි. ව්‍යය ද නුවණින් දක්නේ” යයි
Pali BJTඉට්ඨා ධම්මා අනිට්ඨා ච නප්පවෙධෙන්ති තාදිනො, ඨිතං චිත්තං විප්පමුත්තං වයං චස්සා’නු පස්සතී”ති.{a}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඅත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං අත්ථි කතස්ස පතිචයො’ති.
Sinhala BJTස. නිග: එයින් භාවිතමාර්‍ගයාගේ නැවැත භාවනායෙක් ඇතැ යි නො කියැයුතු මැ යැ.
Pali BJT109. ප. පු: න. වත්තබ්බං පරිහායති ‘අරහා අරහත්තා’ති.
Sinhala BJT109. ප. පු: රහත්හු ‘රහත්බැවින් පිරිහෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටි: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච: කම්මාරාමතා භස්සාරාමතා නිද්දාරාමතා සඞ්ගණිකාරාමාතා යථා විමුත්තං චිත්තං න පච්චවෙක්ඛති. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්තීති”{b} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භගවත්හු විසින් තෙල වදාරන ලද මැ නො? “මහණෙනි, සමයවිමුක්ත මහණහුගේ පරිහාණි පිණිස මේ දහම්හු පස්දෙනෙක් ඇත. කවර පස්දෙනෙක යත්: කම්මාරාමතා යැ, භස්සාරාමතා යැ, නිද්දාරාමතා යැ, සඞ්ගණිකාරාමතා යැ, යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා නො කරන්නේ යැ යි. මහණෙනි, සමයවිමුක්ත මහණහුගේ පරිහාණි පිණිස මේ දහම්හු පස්දෙනෙක් ඇති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTප. නිග: එයින් රහත්හු රහත් බැවින් පිරිහෙත් මැ යැ.
Pali BJT110. ස. පු: අත්ථි අරහතො කම්මාරාමතා’ති.
Sinhala BJT110. ස. පු: රහත්හට කම්මාරාමතා ඇද්ද? (පරවාදියා අළ සූත්‍රයෙහි එන පඤ්චධර්‍මයෝ අප්‍රාප්ති පරිහාණිය පිණිසත් ලෞකිකසමාපත්ති පරිහාණිය පිණිසත් වැටෙති. ඒ වනාහි ප්‍රාප්ත අර්‍හත් ඵලයාගේ පරිහාණිය පිණිස යයි සලකයි. එයින් තෙල ප්‍රශ්නය නඟයි.)
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ … (අසමයවිමුක්තයා සඳහා ප්‍රතික්‍ෂේප යි.)
Pali BJTස. පු: අත්ථි අරහතො කම්මාරාමතා’ති.
Sinhala BJTස. පු: රහත්හට කම්මාරාමතා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ (සමයවිමුක්තයා සඳහා පිළින යි.)
Pali BJTස. අනු: අත්ථි අරහතො රාගො කාමරාගො කාමරාගපරියුට්ඨානං කාමරාගසංයොජනං කාමොඝො කාමයොගො කාමච්ඡන්දනීවරණන්ති.
Sinhala BJTස. අනු: රහත්හට රාගයෙක් කාමරාගයෙක් කාමරාග – පර්‍ය්‍යුත්‍ථානයෙක් කාමරාගසංයෝජනයෙක් කාමෞඝයෙක් කාමයෝගයෙක් කාමච්ඡන්‍ද නීවරණයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: අත්ථි අරහතො භස්සාරාමතා, අත්ථි අරහතො නිද්දාරාමතා, අත්ථි අරහතො සඞ්ගණිකාරාමතා’ති.
Sinhala BJTස. අනු: රහත්හට භස්සාරාමතා ඇද්ද? රහත්හට නිද්දාරාමතා ඇද්ද? රහත්හට සඞ්ගණිකාරාමතා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT111. ස. පු: අත්ථී අරහතො සඞ්ගණිකාරාමතා’ති.
Sinhala BJT111. ස. පු: රහත්හට සඞ්ගණිකාරාමතා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි අරහතො රාගො කාමරාගො කාමරාගපරියුට්ඨානං කාමරාගසංයොජනං කාමොඝො කාමයොගො කාමච්ඡන්දනීවරණන්ති.
Sinhala BJTස. අනු: රහත්හට රාගයෙක් කාමරාගයෙක් කාමරාග – පර්‍ය්‍යුත්‍ථානයෙක් කාමරාගසංයෝජනයෙක් කාමෞඝයෙක් කාමයෝගයෙක් කාමච්ඡන්‍දනීවරණයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT112. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT112. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?