Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1901-2000 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. අනු: අරහතො දොසො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං, න පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ, … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT76. ස. පු: සොතාපන්නස්ස විචිකිච්ඡා පහීනා -පෙ- අපායගමනීයො මොහො පහීනො, න පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJT76. ස. පු: සෝවන්හට විචිකිත්සා ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ යැ … සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො රාගො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං, න පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: රහත්හට රාගය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත්බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT77. ස. පු: සකදාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා, න පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJT77. ස. පු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො රාගො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං, න පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: රහත්හට රාගය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT78. ස. පු: සකදාගාමිස්ස විචිකිච්ඡා පහීනා -පෙ- ඔළාරිකො ව්යාපාදො පහීනො, න පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJT78. ස. පු: සෙදගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ. සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො රාගො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං, න පරිහායති, අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: රහත්හට රාගය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත්බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT79. ස. පු: අනාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා, න පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT79. ස. පු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො රාගො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං, න පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: රහත්හට රාගය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT80. ස. පු: අනාගාමිස්ස විචිකිච්ඡා පහීනා -පෙ- අණුසහගතො බ්යාපාදො පහීනො, න පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT80. ස. පු: අනගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො රාගො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං, න පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: රහත්හට රාගය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT81. ස. පු: සොතාපන්නස්ස සක්කායදිට්ඨි පහීනා, න පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJT81. ස. පු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා -පෙ- අණුසහගතො බ්යාපාදො පහීනො, න පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාද ප්‍රහීණ යැ. අනගැමි අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT82. ස. පු: සොතාපන්නස්ස විචිකිච්ඡා පහීනා -පෙ- අපායගමනීයො මොහො පහීනො, න පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJT82. ස. පු: සෝවන්හට විචිකිත්සා ප්‍රහීණ යැ … අපායගමනීය මෝහය ප්‍රහීණ යැ, සොවන්පුඟුල් සෝවන් ඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා -පෙ- අණුසහගතො බ්යාපාදො පහීනො, න පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT83. ස. පු: සකදාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා, න පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJT83. ස. පු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා -පෙ- අණුසහගතො බ්යාපාදො පහීනො, න පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT84. ස. පු: සකදාගාමිස්ස විචිකිච්ඡා පහීනා -පෙ- ඔළාරිකො බ්යාපාදො පහීනො, න පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJT84. ස. පු: සෙදගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාදය ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා -පෙ- අණුසහගතො බ්යාපාදො පහීනො, න පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT85. ස. පු: සොතාපන්නස්ස සක්කායදිට්ඨි පහීනා, න පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJT85. ස. පු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා, -පෙ- ඔළාරිකො බ්යාපාදො පහීනො, න පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … ඖදාරික ව්‍යාපාදය ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT86. ස. පු: සොතාපන්නස්ස විචිකිච්ඡා පහීනා -පෙ- අපායගමනීයො මොහො පහීනො, න පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJT86. ස. පු: සෝවන්හට විචිකිත්සා ප්‍රහීණ යැ … අපායගමනීය මෝහය ප්‍රහීණ යැ. සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා -පෙ- ඔළාරිකො බ්යාපාදො පහීනො, න පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාදය ප්‍රහීණ යැ. සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT87. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT87. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො රාගො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො’ති.
Sinhala BJTස. අනු: රහත්හට රාගය ප්‍රහීණ නො වේ ද? උසුන්මුල් වූයේ මුදුන්සුන් තලක් සේ අවස්තුක වූයේ කළ ආභාව ඇතියේ මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො රාගො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාපධම්මො,
Sinhala BJTඅනු. ඨ: එබැවින් රහත්හට රාගය ප්‍රහීණ යැ, උසුන්මුල් ඇතියේ මුදුන්සුන් තලක් සේ අවස්තුක කරන ලද, අනුභාවය කරන ලද මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ යැ.
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත, ‘රහත්හු රහත්බැවින් පිරිහෙතී’ යි නො කියැයුතු යැ.
Pali BJT88. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT88. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- මානො පහීනො -පෙ- දිට්ඨි පහීනා -පෙ- විචිකිච්ඡා පහීනා -පෙ- ථීනං පහීනං -පෙ- උද්ධච්චං පහීනං -පෙ- අහිරිකං පහීනං -පෙ- අනොත්තප්පං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මන්ති.
Sinhala BJTස. අනු: රහත්හට ද්වේෂය ප්‍රහීණ නො වේ ද? … මෝහය ප්‍රහීණ නො වේ ද? … මානය ප්‍රහීණ නො වේ ද? … දෘෂ්ටිය ප්‍රහීණ නො වේ ද? … විචිකිත්සා ප්‍රහීණ නො වේ ද? … ස්ත්‍යානය ප්‍රහීණ නො වේ ද … ඖද්ධත්‍යය ප්‍රහීණ නො වේ ද … අහ්‍රීකය ප්‍රහීණ නො වේ ද … අනපත්‍රපා ප්‍රහීණ නො වේ ද, උසුන්මුල් ඇතියේ මුදුන්සුන් තලක් සේ අවස්තුක කරන ලද්දේ අනුභාවය කරන ලදුයේ මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො අනොත්තප්පං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං,
Sinhala BJTඅනු. ඨ: එබැවින් රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වෙයි, උසුන්මුල් වූයේ මුදුන්සුන් තලක් සේ කළ අවස්තුකභාවය ඇතියේ කළ අනභාව ඇතියේ මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි.
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත, ‘රහත්හු රහත්බැවින් පිරිහෙතී’ නො කියැයුතු මැ යැ.
Pali BJT89. ස. පු. පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT89. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො’ති.
Sinhala BJTස. අනු: රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො,
Sinhala BJTඅනු. ඨ: එබැවින් රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වෙයි.
Pali BJTඅනු. පා: නො ච වත{1} රෙ වත්තබ්බෙ, ‘පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත, ‘රහත්හු රහත්බැවින් පිරිහෙතී’ නො කියැයුතු මැ යැ.
Pali BJT90. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT90. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො රාගප්පහානාය සතිපට්ඨානා භාවිතා -පෙ- සම්මප්පධානා භාවිතා -පෙ- ඉද්ධිපාදා භාවිතා -පෙ- ඉන්ද්රියා භාවිතා -පෙ- බලා භාවිතා -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා’ති.
Sinhala BJTස. අනු: රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස සතර සීවටන්හු භාවිත නො වේ ද? … සම්‍යක්ප්‍රධානයෝ භාවිත නො වේ ද? … ඍද්ධිපාදයෝ භාවිත නො වේ ද? … ඉන්‍ද්‍රියයෝ භාවිත නො වේ ද? … බලයෝ භාවිත නො වේ ද? බෝධ්‍යඞ්ගයෝ භාවිත නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො රාගප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා,
Sinhala BJTඅනු. ඨ: එබැවින් රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙති.
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත, ‘රහත්හු රහත්බැවින් පිරිහෙතී’ නො කියැයුතු මැ යැ.
Pali BJT91. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT91. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො දොසප්පහානාය, -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා’ති.
Sinhala BJTස. අනු: රහත්හු විසින් ද්වේෂප්‍රහාණය පිණිස … අනපත්‍රපා ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත නො වේ ද? … බෝධ්‍යඞ්ගයෝ භාවිත නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො අනොත්තප්පප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා,
Sinhala BJTඅනු. ඨ: එබැවින් රහත්හු විසින් අනපත්‍රපා ප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙති.
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත, ‘රහත්හු රහත්බැවින් පිරිහෙතී’ නො කියැයුතු මැ යැ.
Pali BJT92. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT92. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහා වීතරාගො වීතදොසො වීතමොහො කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤාවිමුත්තො උක්ඛිත්තපලිඝො සංකිණ්ණපරිඛො අබ්බූළ්හෙසිකො නිරග්ගළො අරියො පන්නද්ධජො පන්නාභාරො විසඤ්ඤුත්තො සුවිජිතවිජයො, දුක්ඛංතස්ස පරිඤ්ඤාතං, සමුදයො පහීනො, නිරොධො සච්ඡිකතො, මග්ගො භාවිතො, අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං, පරිඤ්ඤෙය්යං පරිඤ්ඤාතං, පහාතබ්බං පහීනං, භාවෙතබ්බං භාවිතං, සච්ඡිකාතබ්බං සච්ඡිකතන්ති.
Sinhala BJTස. අනු: රහත්හු වීතරාග වීතදෝස වීතමෝහ වූවාහු කළ කරණී ඇතියාහු බහාතැබූ කෙලෙස්බර ඇතියාහු පැමිණි ස්වාර්‍ත්‍ථ ඇතියාහු ක්‍ෂය කළ භවසංයෝජන ඇතියාහු සම්‍යග්ඥානයෙන් දැන විමුක්ත වූවාහු නඟාහළ කෙලෙස්කණයම ඇත්තාහු විසුළ පරිඛා ඇතියාහු උපුළ ඉන්‍ද්‍රකීල ඇතියාහු අගුළු රහිත වූවාහු නික්ලේශ වූවාහු පතිත වූ මානධ්වජ ඇතියාහු පතිත වූ (ස්කන්‍ධාදි) බර ඇතියාහු (සතර යෝගයෙන්) විසංයුක්ත වූවාහු මොනොවට දිනනලද (මාර) විජය ඇතියාහු නො වෙත් ද? ඔබ විසින් දුඃඛය පරිඥාත නො වේ ද? සමුදය ප්‍රහීණ නො වේ ද? නිරෝධය සාක්‍ෂාත්කෘත නො වේ ද? මාර්‍ගය භාවිත නො වේ ද? ස්වලක්‍ෂණ විසින් දතයුත්ත ස්වලක්‍ෂණ විසින් දන්නා ලද නො වේ ද? සාමාන්‍ය ලක්‍ෂණ විසින් දතයුත්ත සාමාන්‍ය ලක්‍ෂණ විසින් දන්නා ලද නො වේ ද? ප්‍රහීණ කළයුත්ත ප්‍රහීණ නො වේ ද? භාවනා කළයුත්ත භාවිත නො වේ ද? ප්‍රත්‍යක්‍ෂ කළයුත්ත ප්‍රත්‍යක්‍ෂ කරන ලද නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු: ඨ: හඤ්චි අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං,
Sinhala BJTඅනු. ඨ: එබැවින් රහත්හු වීතරාගයහ වීතද්වේෂයහ වීතමෝහයහ … සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ.
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත, ‘රහත්හු රහත් බැවින් පිරිහෙතී’ නො කියැයුතු මැ යැ.
Pali BJT93. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT93. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: සමයවිමුත්තො අරහා අරහත්තා පරිහායති, අසමය විමුත්තො අරහා අරහත්තා න පරිහායතී’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: සමයවිමුක්ත රහත්හු (මෘදවින්‍ද්‍රිය හෙයින්,) රහත් බැවින් පිරිහෙති, අසමයවිමුක්ත රහත්හු (තීක්‍ෂෙණන්‍ද්‍රිය හෙයින්), රහත් බැවින් නො පිරිහෙති.{1}
Pali BJTස. පු: සමයවිමුත්තො අරහං අරහත්තා පරිහායතී’ති.
Sinhala BJTස. පු: සමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසමයවිමුත්තො අරහා අරහත්තා පරිහායතී’ති.
Sinhala BJTස. අනු: අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: අසමයවිමුත්තො අරහා අරහත්තා පරිහායතී’ති.
Sinhala BJTස. පු: අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමයවිමුත්තො අරහං අරහත්තා පරිහායතී’ති.
Sinhala BJTස. අනු: සමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT94. ස. පු: සමයවිමුත්තස්ස අරහතො රාගො පහීනො, පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT94. ස. පු: සමයවිමුක්ත රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසමයවිමුත්තස්ස අරහතො රාගො පහීනො, පරිහායති අසමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: අසමයවිමුක්ත රහත්හට රාගය ප්‍රහීණ යැ. අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT95. ස. පු: සමයවිමුත්තස්ස අරහතො දොසො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං, පරිහායති සමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJT95. ස. පු: සමයවිමුක්ත රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, සමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසමයවිමුත්තස්ස අරහතො දොසො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං, පරිහායති අසමයවිමුත්තො අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: අසමයවිමුක්ත රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …